ඊශ්‍රායෙල් පලස්තීන් අර්බුදයේ යථාරූප කථනය – 1

මුලින්ම කිව යුත්තේ මෙම ලිපියේ අරමුණ වන්නේ නූතන ඊශ්‍රායෙල් – පලස්තීන ගැටුමේ සත්‍ය තත්වයන් නිර්පාක්ෂික ඇසකින් ඔබ වෙත ගෙන ඒම බවය. අපට සැතපුම් දහස් ගණනක් ඈතින් ඇවිළෙමින් පවතින ප්‍රශ්ණයක බිම් මට්ටමේ යථාර්තය පිළිබඳව භෞතික ගවේෂණයක් සිදුකර ප්‍රථමක තොරතුරු ලබාගැනීමට අපට හැකියාවක් නැත. එම නිසා ශ්‍රී ලංකාවේ වාසය කරන අප මේ අර්බුදය ගැන කවර ආකාරයේ විචාරයක් කළත්, කවර ඇසකින් බැලුවත්, ඒ පිටුපස ඇති දෘෂ්ඨි සංකලනය නිර්මාණය වන්නේ “අනෙක් අය කරන ලද ගවේෂණ සහ වාර්ථා කරන තොරතුරු” සහ ඒ ඇසුරෙන් අප සාදාගන්නා මතවාද වලට සාපේක්ෂව බව ඔබ දත යුතුය. ඒ නිසා ගැටුම් භූමියට බොහෝ ඈත රටක සිටිනවුන් හැටියට අපේ වගකීම වන්නේ, ඌණ තොරතුරු මැද සකසාගත් මුග්ධ පක්ෂපාතීත්වයන්ගෙන් තොරව සත්‍ය කුමක්ද යන්න ගැන අපට හැකි පමණින් තොරතුරු බෙදාහදා ගැනීමය.

දැනට මේ වනවිට ජීවිත දස දහස් ගණනක් බිළිගෙන ඇති ඊශ්‍රායෙල් – පලස්තීන ගැටුම ආරම්භ වූයේ 2023 වසරේ ඔක්තෝම්බර් 7 වැනිදා බව ඔබ සැවොම දනිති. හමාස් සංවිධානය විසින් එදින ගාසා තීරයත් – ඊශ්‍රායලයත් වෙන් කරන පවුරු, කම්බි වළලු ආදී බාධක මැඩගෙන, දියෙන් ගොඩින් සහ ග්ලයිඩර් යානා, පැරචූට් ආදිය යොදාගෙන ගුවනින්ද ඊශ්‍රායල තුළට ඇතුළු වී, බටහිර ඊශ්‍රායලය පුරා ඉලක්ක රාශියක යුද සහ සිවිල් ගොඩනැගිලි, පොලිස් ස්ථාන සහ පොදු ස්ථාන ඉලක්ක කරගෙන ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර, එයට සමගාමීව රොකට් 7,000 කින් පමණ සමන්විත රොකට් ප්‍රහාරයක්ද ඊශ්‍රායලට හමාස් පාර්ශවයෙන් එල්ල කෙරිණි.

ඔක්තෝම්බර් 7 හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ බහු ඉලක්ක ත්‍රස්ත ප්‍රහාරයේ මනුෂ්‍ය ඝාතන සිදුවූ ස්ථාන

( ඊශ්‍රායලයේ සහ ලන්ඩනයේ සිට ක්‍රියාත්මක ස්වේච්ඡා සංවිධානයක් විසින් “ඔක්ටෝබර් 7 මැපින්” යනුවෙන් පිහිටුවාගෙන ඇති ක්‍රියාන්විතයකින් ඉහත දක්වා ඇති හමාස් ප්‍රහාරයේ සිතියම සකස් කර ඇති අතර, ඔබ එහි දකින සෑම රතු තිතක්ම එදින ප්‍රහාරයෙන් ජීවිතය අහිමිවූ පුද්ගලයෙකු නිරූපණය කරයි )

හමාස් සංවිධානයේ විවිධ තොරතුරු මූලාශ්‍ර ජාත්‍යන්තර මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්ණ වලට දුන් පිළිතුරු සම්පිණ්ඩනය කළහොත්, මෙම ප්‍රහාරය මාස 4 සිට වසර 2 කට පෙර දක්වා කාළයක සිට සැළසුම් කරන ලද ප්‍රහාරයකි.

හමාස් ප්‍රහාරයේ වැදගත් තොරතුරු සැකෙවින්

හමාස් සටන් කරුවන් පෙරමුණට ඇවිත් එල්ල කළ ප්‍රහාරය ඊශ්‍රායලය තුළට කිලෝමීටර් 26 ක පමණ දුරක් යන්නට ඇති බව සැළකේ. (Maximum Penetrating Distance ) ඉහත සිතියමේ හමාස් ප්‍රහාර වලින් දුරම ප්‍රහාරය සළකුණු වී ඇත්තේ “ඔෆාකිම්” නම් ඊශ්‍රායෙල් ජනාවාසයෙහි වන අතර, එම ජනාවාසය ඇත්තේ ගාසා-ඊශ්‍රායෙල් දේශ සීමාවේ සිට කිලෝමීටර් 25.8 ක් පමණ ඈතිනි. එනිසා, හමාස් සංවිධානයේ සටන් ප්‍රහාරකයන් ඊශ්‍රායලය අභ්‍යන්තරයේ වැඩිම දුරක් ගිය ගමන එය බව අපට සිතාගත හැක.

ප්‍රහාරයට සන්නද්ධ සටන්කරුවන් 1,500 ක් පමණ සහභාගී වන්නට ඇතැයි ඊශ්‍රායල් ප්‍රතිප්‍රහාර වලින් මියගිය හමාස් සාමාජිකයන්ගේ මෘත ශරීර 1,293 ක් ගණන් කර අවසානයේ, බොහෝ විශේෂඥයෝ අනුමාන කරති. ඔවුන් දකුණු දිග ඊශ්‍රායලය සහ ගාසා තීරය අතර කිලෝමීටර් 60 ක් පමණ දිග සීමා මායිම 30 පළකින් විනාශ කර ඊශ්‍රායලයට ඇතුළු වූහ.

ජනාවාස ටික දැනගමු Get to know the Settlements

මෙතැන් සිට මේ කථාව ඉදිරියට ගෙන යන්නට පෙර, ඊශ්‍රායෙල් යුදෙව් ජනතාවගේ සහ පලස්තීන ජනතාවගේ ජනාවාස මෙකී භූමිය පුරා වත්මනේදී විසිරී ඇති ආකාරය සහ,

මේ සමස්ථ භූමියේම ජනපද ව්‍යාප්තියේ ඉතිහාසය ගැන ඔබට ඉතාම කෙටියෙන් පැහැදිලි කර දිය යුතුය. මේ සියල්ල ගැන මෙම ලිපි පෙළෙහි ඉදිරියට පූර්ණ විශ්ලේෂණයක කෙරෙනු ඇත. නමුත් මේ ගැන කෙටි හෝ හැඳින්වීමකින් තොරව මෙම ලිපිය ඉදිරියට ගියොත්, මෙතැන් සිට කියන්නට යන කරුණු ගැන ඔබට එතරම් පැහැදිලි අවබෝධයක් ලැබෙන්නේ නැත.

වත්මන් ඊශ්‍රායෙල් රාජ්‍ය දෙපස – බටහිරින් සිහින් පටු බිම්කඩක් වන ගාසා තීරය සහ නැගෙනහිරින් ජෙරුසලමට මායිම්ව තරමක් පුළුල්ව පැතිර ඇති “බටහිර ඉවුර” පිහිටා ඇති ආකාරය

ඊශ්‍රායෙල් – පලස්තීන් ජනාවාස ( වසර 2021 හි ඊශ්‍රායෙල් Israel Central Bureau of Statistics හි Israel Ministry of Interior යන ආයතන දෙක, Palestine Central Bureau of Statistics සහ වසර 2020 දී ඇමරිකානු මධ්‍යම බුද්ධි සේවය විසින් ඒකරාශී කරගන්නා ලද දත්ත සහ තොරතුරු පරිදි )

ඊශ්‍රායෙල් රාජ්‍යය ලෙස වත්මනේදි හඳුනාගත් රාජ්‍යයේ

යුදෙව් ජනතාව – මිලියන 5.8
ඊශ්‍රායලයේ පුරවැසි භාවය සහිත අරාබි සම්භවයක් ඇති පලස්තීන ජනතාව – මිලියන 1.6

ගාසා තීරය

අරාබි සම්භවයක් ඇති පලස්තීන ජනතාව – මිලියන 2.1

බටහිර ඉවුර

යුදෙව් ජනතාව – 468,000+
අරාබි සම්භවයක් ඇති පලස්තීන ජනතාව – මිලියන 2.7

බටහිර ඉවුරට ඒ නම වැටී ඇත්තේ, මෙන්න මේ සිතියමේ පෙන්වන පරිදි ජෝර්දාන් නදියේ සහ “මළ මුහුදේ” යන දෙකේම බටහිර ඉවුරේ එම ජනාවාස පිහිටි හෙයිනි.

ජෙරුසලම

ජෙරුසලම තරම් ආගමික සහ වාර්ගික පළහිලව් නිසා දැවැන්ත මනුෂ්‍ය ඝාතන දාමයකට මුල් පුරුකක් වන්නට සිදුවූ ලේ වැකුණු වෙනත් නගරයක් මෙලොව නැති තරම්ය. වසර 2,300 ක පමණ කාළයක් තිස්සේ මේ නගරය දේශපාලනික, ආගමික, සාමාජීය, වාර්ගික හේතු නිසා මිලියන ගණනක් මිනිසුන්ගේ මරණ වලට හේතුව බවට පත්විය. ජුදා, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් තුනේම අතිශයින්ම වැදගත් සිද්ධස්ථාන වලින් පිරීගත් මේ නගරය, “ඒබ්‍රහමික ආගම්” ලෙස හඳුන්වන එම ආගම් තුනේම ආඛ්‍යානයන්ට අනුව ඇදහිල්ලේ කේන්ද්‍රස්ථානයක් වීම, එම නගරයේ පාලනය උදෙසා උනුන් යුද වැදීමට බළවත්ම හේතුව විය. එයට පෙර ග්‍රීක, ඇසිරියානු, පර්සියානු, බැබිලෝනියානු සහ රෝම අධිරාජ්‍යයන් විසින්ද වරින් වර මෙම නගරය සහ එහි නගරයක් බිහිවීමට පෙර පැවති ජනාවාස අත්පත් කරගැනීමට යුද වැදුණු අතර, ඉතිහාස ග්‍රන්ථ වලද, යුදෙව්වන්ගේ ටැල්මුද්, ටෝරා ටීකාවලද, ක්‍රිස්තියානි බයිබලයේද, ඉස්ලාම් කුර්-ආණයේද, ඒ ඓතිහාසික තොරතුරු බොහොමයක් සඳහන්ය.

1949 දී ඊශ්‍රායලය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කළ පසුව මේ දක්වා ජෙරුසලම “නැගෙනහිර ජෙරුසලම සහ බටහිර ජෙරුසලම” ලෙස පරිපාලන ඒකක දෙකකට කඩා පාලනය කෙරෙන නමුත්, මෙහි මෑත ඉතිහාසයද, එහි ගැඹුරු අතීතය සේම දාර අවුලකි.

( ජෙරුසලම ගැන පුළුල් විස්තරයක් ඉදිරි ලිපි වළදී )

නැගෙනහිර ජෙරුසලම –

යුදෙව් ජනතාව – 220,200

අරාබි සම්භවයක් සහිත පලස්තීන ජනතාව – 345,000

බටහිර ජෙරුසලම –

යුදෙව් ජනතාව – 351,800

අරාබි සම්භවයක් සහිත පලස්තීන ජනතාව – 4,500

සමස්ථය

මේ අනුව මෙකී භූමි සියල්ලගේම යුදෙව් ජනතාවගේ එකතුව ගත් විට එය – මිලියන 6.2

මෙකී භූමි සියල්ලගේම අරාබි සම්භවයක් සහිත පලස්තීන ජනතාවගේ එකතුව ගත්විට එය – මිලියන 6.8

මා මෙහිදී පලස්තීන ජනතාව හඳුන්වන්නට “අරාබි සම්භවයක් සහිත” යන විශේෂණ පද යෙදුවේ ඇයි? “පලස්තීන” කී විටම ඔබට මතකයට එන්නේ මුස්ලිම් පමණි. එම නිසාම බොහෝ විශ්ලේෂකයන් මේ ජනාවාස වල ජන සංයුතිය හඳුන්වද්දී “පලස්තීන මුස්ලිම් ජනතාව” කියා යොදති. එය වැරදි යෙදුමකි. පලස්තීනුවන්ගෙන් 6% – 10% අතර ප්‍රමාණයක් ක්‍රිස්තියානි / කතෝලික සහ භායී ආගමික ඇදහිලිකරුවන්ය. එම නිසා ඒ ජන සංයුතිය හඳුන්වද්දී “පලස්තීන මුස්ලිම්” කියා යොදනවාට වඩා නිවැරදි වන්නේ අරාබි සම්භවයක් සහිත පලස්තීන කියා හැඳින්වීමය. අරාබි සම්භවයක් නැති පලස්තීනුවන් මෙහි දැන් සොයාගන්නට නැත. මෙම භූමිය අරාබිකරණයට ලක්වූ පසුව එහි සිටි “ෆිලිස්තීන” අතීතයක් සහිත ස්වදේශිකයන්ද අරාබි ගෝත්‍ර සහ සංස්කෘතීන් තුළට කුළවැදී සිටින බැවිනුත්, ඔටෝමාන් අධිරාජ්‍යය ඔවුන් සියල්ලෝම “අරාබි” බ්‍රැකට් එක දමා පිළිගෙන ඇති බැවිනුත්, දැන් “අරාබි නොවන” මුල් සොයන්නට යෑමේ තේරුමක් නැත.

අතීත ගලීලය / යෙහුදාව / ජුදයාව – Map from Encyclopedia Britannica

වත්මනේදී මේ ඊශ්‍රායලය සහ පලස්තීනය පිහිටි සමස්ථ භූමිය, අතීතයේදී කානාව, යෙහුදාව, ජුදයාව, ගලීලය යනාදී වශයෙන් විවිධ නම් යොදා හැඳින්වූ අතර, ඒ කාළයේ මෙහි මුල් ජනාවාස කරුවන් අතර,

  • පර්සියානුවන් ( වත්මන් ඉරාන )
  • බැබිලොන්වරුන් ( වත්මන් ඉරාක )
  • ඇසිරියානුවන් ( වත්මන් සිරියාව, ටියුනීසියාව වැනි රටවල් )
  • මිසරයන් ( වත්මන් ඊජිප්තුව )
  • ජුදා ( යුදෙව් ) ජනතාව – යුදෙව්වෝ ඉහත කී සියළු රටවල සම්භවය සහිත ගෝත්‍ර 10 – 12 අතර ප්‍රමාණයකට ජානමය පදනමෙන්ම බෙදිය හැකි බව විශේෂඥයෝ කියති.

බොහෝ දෙනා සිට ඇත. වත්මනේදී යුදෙව්වන් හැර අනෙක් අයගේ ජානමය මුල් සොයන්නට දරන උත්සාහයන්ද බොහොම ඇත.

අවසාන වශයෙන් මේ භූමියේ වත්මන් දේශපාලනික තත්වය සහ බලාධිකාරයන් සම්පිණ්ඩනය කරන ලද මේ සිතියම හොඳින් කියවාගන්න. – සිතියම – වොෂින්ටන් පෝස්ට් මාධ්‍යවේදිනියකගේ වාර්ථාවකින්

තාප්ප – The Walls

දැන් ඔබ මේ භූමිය පුරා වත්මනේදී ජනාවාස විසිරී ඇති ආකාරය ගැන පැහැදිලි අදහසක් ඇතිකරගෙන ඇති.

නැවත මතක් කරගත්තොත්, පලස්තීන ජනයා සහ යුදෙව්වන් ගණනින් බොහෝ සෙයින් සමාන වන අතර, පලස්තීන ජනයා සාතිශය බහුතරයක් වන ජනාවාස ලෙස පවතින්නේ

  1. බටහිර ඉවුර
  2. ගාසා තීරය

මේ ජනාවාස දෙකේ, ඊශ්‍රායෙල් රාජ්‍යයෙන් වෙන් කර බඳින ලද පවුරු දාම දෙකකි.

බටහිර ඉවුර වෙන් කළ පවුර

පහතින් දැක්වෙන්නේ පලස්තීන ජනයා බහුලව වෙසෙන බටහිර ඉවුරේ කළාප, ඊශ්‍රායෙල් යුදෙව් ජනයා ජීවත් වෙන කළාප වලින් සහමුලින්ම වෙන් කර ඉදිකර ඇති කිලෝමීටර් 708 ක් පමණ දිග පවුරයි.

ඊශ්‍රායලය සහ බටහිර ඉවුර වෙන් කෙරෙන පවුර

මේ පවුර ගොඩනැගීමට හේතු වශයෙන් ඊශ්‍රායෙලය හඳුන්වන්නේ බටහිර ඉවුරේ යුදෙව් ජනාවාස වල දේශපාලනික ප්‍රචණ්ඩත්වය සහ වාර්ගික වෛරය යන දෙකෙන් යුදෙව් ජනතාව බේරාගැනීමට එසේ කළ බවය. පලස්තීනුවෝ එය අසාධාරණයේ සහ වාර්ගික බෙදුම්වාදයේ පවුරක් ලෙස හඳුන්වති.

The Iron Wall – ගාසාව වෙන් කළ අයෝමය පවුර

බටහිර ඉවුර සහ ඊශ්‍රායලය අතර සාමාන්‍ය සංහිඳියාවක් පවතින අතර, සන්නද්ධ පලස්තීන් සටන් කණ්ඩායම් බටහිර ඉවුරේද සිටින නමුත්, ඔවුන්ගේ බළය එහි පවතින්නේ සාපේක්ෂව ඉතා අඩුවෙනි. හමාස් ප්‍රමුඛ සන්නද්ධ සටන් කණ්ඩායම් වල බළකොටුව වන්නේ ගාසා තීරයයි. එම නිසා ගාසා තීරය සහ ඊශ්‍රායලය වෙන් කර ගසා ඇති බාධක පරය වනාහි මීට වඩා බෙහෙවින්ම සංකීර්ණ ආරක්ෂක පවුරු දාමයකි. කටු කම්බි, මීටර් 12 ක් පමණ ඝණකම, මීටර් 6 ක් පමණ උස කොන්ක්‍රීට්, මුර කපොළු, මුර කුටි, විවිධ ප්‍රමාණ වල හමුදා කඳවුරු, ඊශ්‍රායෙල් මිලිටරි මධ්‍යස්ථාන ආදියෙන් ගහණ වූ එම පවුර, පැය 24 පුරාම කැමරා, චන්ද්‍රිකා සේයාරූ සහ බිම් සහ ගුවන් ඩ්‍රෝන යොදාගෙන නිරීක්ෂණය කරනු ලබති.

1967 වසරේ ඊශ්‍රායලය ගාසා තීරය සම්පූර්ණයෙන්ම අත්පත් කරගත් අවස්ථාවේ පටන් මේ දක්වා විවිධ ස්වරූප ගෙන වැඩුණු මේ ගාසාව වෙන් කරන පවුර, වත්මනේදී තිබෙන ආකාරය පහතින් දැක්වේ. මෙකී රූපසටහන් උපුටාගත්තේ “මිඩ්ල් ඊස්ට් අයි” ලෙස හැඳින්වෙන එක්සත් රාජධානියේ සිට ක්‍රියාත්මක මාධ්‍ය ආයතනයක වෙබ් පිටුවෙනි. ඒ ගෞරවය ඔවුන්ට හිමිය. මේ වනාහි 2021 වසර වනවිට ගාසා තීරය වෙන් කළ පවුරේ තත්වයයි. යකඩ සහ වානේ ටොන් 140,000 ක් මෙය තැනීමට වැයවුණු බව ඔවුහු කියති. මෙය Iron Wall යන නමින් හැඳින්වේ

The Iron wall in 2021 – Image courtesy – Middle East Eye

සැකමුසු තැන සහ හෙළිදරව්ව – The Doubt & The Revelation

ඉහත සඳහන් පරිදි, කෝඳුරුවෙකුටවත් පණපිටින් රිංගන්නට නොහැකි තරම් දුර්ගී කරන ලද ගාසාව සහ ඊශ්‍රායලය වෙන් කෙරෙන පවුර මැඩගෙන හමාස් සටන්කරුවන් 2023 ඔක්තෝම්බර් මාසයේ 7 වැනිදා ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළහ.

එම ප්‍රහාරය එල්ල කිරීමට හමාස් භාවිතා කරන ලද ක්‍රමවේදයන් කිහිපයක් වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් සහ ග්‍රැෆික්ස් නිර්මාණකරුවන් වන සමුවෙල් ග්‍රාන්දෝස්, රූබි මෙලන්, ලෝරෙන් ෂර්නි, ආතර් ගලූකා, කේට් බ්‍රවුන්, ආරොන් ෂෙකල්බර්ග් යන කණ්ඩායම විසින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය මෙහෙයුම් ආයතනය සහ ඊශ්‍රායෙල් රජය, ඇමරිකානු ගුවන් හමුදාව ආදිය ලබාදුන් තොරතුරු මත පදනම්ව පහත පරිදි ග්‍රැෆික්ස් මඟින් ඉදිරිපත් කරන ලද අතර, මම ඒවා ඔවුන්ට පූර්ණ ගෞරවය සහිතව උපුටා දක්වමි.

ගාසා තීරය සහ ඊශ්‍රායලය වෙන් කෙරුණු යකඩ පවුර සහ එහි දෙපස තත්වය පිළිබඳව තිරස් කඩ රූප සටහනක්

මේ තියෙන්නේ ප්‍රහාරයට පෙර පැවති යකඩ පවුරේ ශක්තිය නිරූපණය කෙරෙන දළ රූප සටහනකි. සෑම අඩි 500 කටම මුර කුළුණ බැගින් ඊශ්‍රායලය පිහිටුවා තිබිණි. මේ මුර කුළුණු වල ඊශ්‍රායෙල් හමුදා සහ ඊශ්‍රායෙල් විශේෂ බළකායන්ගේ සෙබළුන් රඳවා තිබිණි. මෙම කුළුණු වලට අමතරව

  • අංශක 270 ක පමණ ක්ෂේත්‍ර දෘෂ්ඨි සහිත කැමරා
  • ඩ්‍රෝන යන්ත්‍ර
  • අධෝරක්ත කිරණ තාක්ෂණිකව යොදාගත් සෙන්සර් ( සංවේදක පද්ධති )
  • ස්වයංක්‍රීය අවි සහ රොබොටික්, මිකැට්‍රොනික් තාක්ෂණය

මෙකී පවුරු වළල්ල නිරීක්ෂණයට යොදා තිබිණි. පැය 12 න් 12 ට ඇමරිකානු සහ ඊශ්‍රායෙල් නිරීක්ෂණ චන්ද්‍රිකා මඟින් සමස්ථ කළාපයේම නවතම සේයාරූ ලබාදීමේ ක්‍රමවේදයක්ද සකසා තිබිණි. මේ පිළිබඳව තොරතුරු ලබාගත්තේ විසින් අමීර් බොහ්බුත් විසින් රචිත The Weapon Wizards: How Israel Became a High-Tech Military Superpower නම් කෘතියෙනි.

දැන් මෙතරම් අධි තාක්ෂණික ආරක්ෂාවක් යොදා තිබුණු පවුර හමාස් විසින් බිඳ හෙළන ලද බව කියන්නේ පහත දැක්වෙන ක්‍රමවේදයන් යොදාගෙනය.

  1. ඩ්‍රෝන් වලින් පුපුරන ද්‍රව්‍ය / බෝම්බ දමා ඊශ්‍රායෙල් මුරකුටි විනාශ කිරීම මුලින්ම සිදුවූ බව කියති. මේ ප්‍රහාරය සඳහා හමාස් සංවිධානය භාවිතා කරන ලද්දේ එම සංවිධානය විසින්ම ගාසා තීරයේදී නිපදවනු ලබන “සුවාරි” නම් ඩ්‍රෝන් බව ඇතැම් මූලාශ්‍ර සඳහන් කරති ( මෙම ඩ්‍රෝන වලට ඒ නම ලබා දී තිබෙන්නේ හමාස් ඩ්‍රෝන ව්‍යාපෘතියේ පියා ලෙස හැඳින්වෙන ටියුනීසියානු ජාතික මුහම්මද් සුවාරි නම් ඉන්ජිනේරුවාට ගෞරව පිණිසය. 2016 වසරේ දෙසැම්බර් 15 වෙනිදා ටියුනීසියාවේ ඔහුගේ උපන් ගම වන ශුවාක්ස් හිදී, නාඳුනන තුවක්කු කරුවෙකුගේ වෙඩි පහරින් සුවාරි මියගිය අතර, එම ප්‍රහාරය එල්ල කළේ මෝසාඩ් ඒජන්තයන් විසින් බව හමාස් චෝදනා කරති )

මේ ප්‍රහාරයට හමාස් යොදාගන්නට ඇත්තේ ඉරානයේ නිෂ්පාදිත “අබාබිල් 1 ” නම් ඩ්‍රෝන විශේෂය බවට ඇතැම් මූලාශ්‍ර සඳහන් කරති.

කෙසේ වෙතත් රුසියාව විසින් යුක්‍රේනයේදී මෙම ඩ්‍රෝන වර්ග දෙකම යුක්‍රේන ඉලක්ක වෙත පහරදීමට යොදාගත් බවට තොරතුරු ඇත. සුවාරි ඩ්‍රෝන සටන් පෙරමුණේදී යොදාගෙන තිබෙන්නේ ව්ලැද්මිර් පූටින්ට පක්ෂපාතී චෙච්නියාවේ “වෝ ලෝඩ්” ලෙස හැඳින්වෙන රම්සාන් කදීරොෆ්ගේ සටන් කරුවන් විසින්ය. අබාබිල් ඩ්‍රෝන යොදාගන්නා ලද්දේ රුසියානු හමුදාවන් විසින්ය. මේ ඩ්‍රෝන දෙවර්ගයම ඊශ්‍රායලය විසින් තනා ඇති මුර කුළුණු අක්‍රීය කර, එහි රැකවළට යොදා තිබෙන සෙබළුන් මැරීමට ප්‍රමාණවත් තරම් විශාල පුපුරණ ද්‍රව්‍ය බරක් ඉසිලීමේ හැකියාවක් තිබෙන ඩ්‍රෝනද යන්න සැක සහිත වන අතර, පොළව යටට මීටර් 14 ක් සිට අහස දක්වා ස්කෑන් කිරීමේ හැකියාවක් ඇති ඊශ්‍රායෙල් ලේසර් ස්කෑනර් පද්ධති සහ සෙන්සර්, කැමරා සහ අටෝරාසියක් නිරීක්ෂණ උපකරණ වල ඇස් වසා මේ කිලෝමීටර් 5 ක පමණ දුරක් නිරුපද්‍රිතව පැමිණෙන්නට තරම් “ස්ටෙල්ත් ” තාක්ෂණයක් ඒවාට නැති බව පැහැදිලිය.

හමාස් ඩ්‍රෝන් යොදාගෙන ඊශ්‍රායෙල් මුරකුටි විනාශ කිරීම
ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ ඊශ්‍රායෙල් මුරකුටියක බව කියන සේයාරුවක් – සේයාරුව ගත්තේ ඒ.එෆ්.පී කැමරාකරුවෙකු

ප්‍රහාරයේ මීළඟ අදියර ලෙස ඊශ්‍රායලයට රොකට් 7,000 කින් පමණ සමන්විත දැවැන්ත ප්‍රහාරයක් එල්ලවූඅ අතර, ඒ සමඟම යාත්‍රක ග්ලයිඩර් ( Hang Glider ) සහ පැරචුට් ග්ලයිඩර් ( Para Glider ) උපයෝගී කරගෙන පවුරට උඩින් ඊශ්‍රායලයට පැන ගන්නට හමාස් කාරයන් පහත පරිදි කටයුතු කර ඇත.

රොකට් වෙඩි ආවරණය මැද හමාස් ග්ලයිඩර් භාවිතා කර පවුරට උඩින් ඊශ්‍රායලයට පැනීම

මේ සඳහා ඔවුන් භාවිතා කර තිබෙන බව කියනුයේ 30 පොළකදී පමණ විනාශ කරන ලද මුරකුටි වලට ඉහළින් තිබෙන අවකාශයයි. හෙවත් ඒ වනවිට ඊශ්‍රායෙල් ආරක්ෂක හමුදා පැත්තෙන් බැලුවොත් “Blind Corridors”

ඉන් පසුව මහ දවාලේ මැෂින් තුවක්කු සහිත මුරකුටි යායක් පෙනි පෙනීම යතුරු පැදි වලින් පැමිණි හමාස් සංවිධානයේ ධාවකයින් වහා කටු කම්බි සහ කොන්ක්‍රීට් වලින් ගහන පවුරට පැන, ඒවායේ කොටස් පුපුරවා හැර ඊශ්‍රායලයට පිවිසෙන්නට විවර සාදාගත් බව සඳහන්ය.

හමාස් යතුරු පැදි විහිදුම් බළකායන් විසින් කටු කම්බි සහිත ප්‍රාකාර පුපුරුවා හැරීම

මීළඟට පැමිණි බව කියන්නේ මේ බුල්ඩෝසර් බළකායයි. බුල්ඩෝසර් යොදාගෙන කම්බි සහ බිඳුණු කොන්ක්‍රීට් පවුරු තල්ලු කර ඉවතට දමා, ඉක්බිතිව ජීප් සහ පිකප් ට්‍රක් භාවිතා කරමින් විශාල හමාස් සාමාජිකයන් පිරිසක් ඊශ්‍රායලය තුළට පිවිසියහ. පවුර බිඳුණු පසු පලස්තීන ජනතාවද බුල්ඩෝසර් යොදාගනිමින් ඊශ්‍රායෙල් වීදි වලට පිවිසිණු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කියති.

ඔක්තෝම්බර් 7 – 8 දෙදින තුළ මේ සමස්ථය දිග හැරෙද්දී මෙම ලියුම්කරුට මතුවුන පළමු ගැටළුව, සැකය සහ කුකුස ගැන මෙතැන් සිට විස්තර කරමි.

සැලසුම් අවකාශයේ විශාලත්වය – Planning Space / Plan Occupation

ජාත්‍යන්තර අධ්‍යයනයන් ( International Studies / Studies related to International Relations) විධිමත්ව කරන ලද අය මේ ලිපිය කියවන ඔබ අතර ඇති. එසේ නම් ඒ අයට නමින් Defense & Strategic Studies විෂයක් සහ International Strategic Studies යනුවෙන් විෂය පථයක් හමුවී තිබෙනවාට සැක නැත. විධිමත්ව ජාත්‍යන්තර අධ්‍යයනයන් කරන ලද මෙම ලියුම්කරුටද ඒවා හමුවී තිබේ.

ජාත්‍යන්තර ත්‍රස්තවාදය ගැන එහෙම උගන්වන විට, එම විෂය පථයේ පුළුල්ව විග්‍රහ කෙරෙන කරුණක් වන්නේ “සැලසුම් අවකාශය හෙවත්” ( Planning Space ) යම් කිසි ප්‍රහාරයක් හෝ අර්බුදයක් නිර්මාණය කරන ක්‍රියා පටිපාටියක් සැලසුම් කිරීමේදී එයට භාවිතයට ගැනීමට අවශ්‍ය වෙන අවකාශය පිළිබඳවය. එම අවකාශය විශාල වන්නට, විශාල වන්නට, එකී දුෂ් ප්‍රයත්නය ප්‍රතිවාදී පාර්ශවයේ බුද්ධි ප්‍රජාවට / බුද්ධි අංශ වලට ( Intelligence Communities ) සහ ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන, බුද්ධි තොරතුරු හුවමාරු කරගනු ලබන වෙනත් පාර්ශව වලට “චෙක් වීම” / ” නෝට්වීම” හෙවත් හසුවීමේ ප්‍රවණතාවයද ඊට අනුලෝමව එන්න එන්නම වැඩිවේ. මෙය ජාත්‍යන්තරව පිළිගත් සත්‍යයකි. එම විෂය පථය හදාරන ඔබ දන්නවා විය යුතුය.

එමෙන්ම ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳව සහ ත්‍රස්තවාදය පිළිබඳව කෙරෙන අධ්‍යයනයන් වල තවත් විෂය මූලික සත්‍යයක් වන්නේ “එකී සැලසුම් අවකාශය” පිහිටුවිය හැකි වපසරිය කුඩාවනවිට, සැලසුම් අවකාශය විශාල වන්නේ නම්, එම සැලසුම “මාට්ටු” වීමේ හැකියාව තවත් ඉහළ යන බවයි. වපසරිය සහ මාට්ටුවීමේ හැකියාව ඒ අනුව ප්‍රතිලෝමව සමානුපාතිකය. ඇමරිකාව යනු වර්ග කිලෝමීටර් මිලියන 9.7 ක් පමණ භූමිය ඇති යෝධ දේශයකි. එවැනි රටක විශාල කඳුකර, කාන්තාර සහ වනාන්තර ප්‍රදේශ ඇති නිසා, හුඟක් දේ රහසිගතව සැලසුම් කරන්නට පිළිවන. ගාසා යනු එවැනි විශාල විෂමතා සහිත වපසරියකින් යුත් භූමියක් නොවේ.

ගාසා තීරය යනු ලෝකයේ ජනගහණ ඝණත්වය අධිකම බිම්කඩ වලින් එකකි. කිලෝමීටර් 41 ක් දිග, කිලෝමීටර් 12 ක උපරිම පළලක් සහිත සහ වර්ග කිලෝමීටර් 367 ක පමණ කුඩා බිම්කඩක් වන මෙහි මිලියන 2.1 ක් ( ලක්ෂ විසි එකක් ) ජීවත් වෙති. එයිනුත් වර්ග කිලෝමීටර් 46. 7 ක් පමණ වන අතිශය ක්ෂුද්‍ර ප්‍රදේශයක් වන “ගාසා නුවර” ( ගාසා සිටි ) 650,000 කට අධික ජනගහණයක් ජීවත් වෙති.

ගාසා පාලන කළාප සහ ඒවායේ ජන ගහණය

විවිධ තොරතුරු මූලාශ්‍ර වලට අනුව මේ ප්‍රහාරයට සහභාගී වූ අය ගණන 1,500 – 1,900 දක්වා බව කියති. එමෙන්ම අතිරේකව 170 ක් පමණ ගාසා භූමියේ සිට ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ රොකට් වෙඩිකරුවන්ද ඊට සහභාගී වී තිබේ.

අප සතු ඉතාම සීමිත දැනුම, හෙවත් “බැලු බැල්මේ දැනුම” භාවිතා කර අපි කුඩා අනුමාන කිරීම් කිහිපයක් කරමු.

  1. හමාස් සටන්කරුවන්ගේ සේයාරූ ඔබ දැක ඇති. ඔවුන් එකෙකු බොහෝවිට ගිනි අවි දෙකක් සටන් බිමට ගෙනයති. පිස්තෝල ආදියද රැගෙන යති. විශේෂයෙන්ම මෙම ප්‍රහාරයට සම්බන්ධ බව කියන හමාස් සාමාජිකයන් ඔවුන්ගේ සංවිධානයේ සන්නද්ධ අංශය වන “ඉෂ් හද්දින් අල් කසාම්” සේනාංක අතුරින් “බ්ලැක් හෑන්ඩ්” ලෙස හැඳින්වෙන විශේෂ බළකායන්ට අයත් බව කියති. ඔවුන් සටනට යන්නේ ගිනි අවි, බෝම්බ රාශියක් රැගෙනය. එම නිසා මොවුන් අවම වශයෙන් විවිධ ප්‍රමාණ වල ගිනි අවි 3,600 ක් පමණ ප්‍රහාරයට ගෙන ආ බවට අනුමාන කළ හැක.
  2. මොවුන් “හැන්ග් ග්ලයිඩර් ” සහ “පැරා ග්ලයිඩර්” 120 ක් පමණ යොදාගත් බව කියති.
  3. පුපුරණ ද්‍රව්‍ය කිලෝ ටොන් 20 ක් පමණද, බුල්ඩෝසර්, පිකප් ට්‍රක්, ජීප් රථ 400 ක් පමණද යොදාගත් බවට අනුමාන තිබේ.

එක මොහොතක ආරම්භ වූ මේ ඉතාම මනාව සංවිධානය කරන ලද ප්‍රහාර මාලාව ( මෑත යුගයේදී දුටු ප්‍රශස්ථම සමායෝජනය ( Coordination ) සහිත ප්‍රහාරය ලෙස ජාත්‍යන්තර විශ්ලේෂකයන් හඳුන්වන ) මේ තරම් සුහුරු ලෙස සතුරන්ගේ ඉලක්ක “නියුට්‍රලයිස්” කර, තමන්ගේ මාවත හදාගන්නට නම් මේ සටන්කරුවන් ඊට පෙර දිනවලදී එකටම වාසය කළ යුතුය.

මේ සා විශාල සේනාවක් ප්‍රහාරයකට සැරසෙන විට ඔවුන්ව ප්‍රතිවාදී බුද්ධි අංශ වලට “චෙක්” වෙන්න තිබෙන අවස්ථා වන

  1. ආයුද සඳහා “වෙයා හවුසස් ” ( ගබඩා ), සහ පුද්ගලයන් සඳහා “සේෆ් හවුසස් ” ( ආරක්ෂණ නිවාස ) රාශියක් පැවතිය යුතු අතර, ගාසා වැනි ඉතාම කුඩා බිම්කඩක එවැනි ඉඩපහසුකම් ලබාගන්නට යෑමේදී හෝ දැනටම පවතින හමාස් උමං මාර්ග ආදිය වැඩි දියුණු කිරීමේදී
  2. එකවර එල්ල කරන සමායෝජිත ප්‍රහාරයක් සඳහා මෙතරම් ආයුද, වාහන, පුද්ගලයන් “ගෙන යෑම” ( Mass Moving ) හෙවත් වලදී

ඔවුන්ව හසුවන්නට තියෙන ඉඩකඩ ඉතාම විශාලය.

ඊශ්‍රායලය යනු කිසි සේත්ම “බුද්ධි ඌණිත” රටක් නොවේ….ඊශ්‍රායෙල් ඉන්ටෙලිජන්සි කමියුනිටිය හෙවත් බුද්ධි ප්‍රජාව, ලෝකයේ අග්‍ර ගණ්‍ය ගේම් කාරයන් ලෙස හඳුනාගනු ලබන, සිය සම්පත් ප්‍රමාණය මෙන් 20 – 30 ගුණයකට වැඩි ඵලදායීතාවයකින් යුතුව ප්‍රතිඵල ගෙනෙන බව කියන “මොසාඩ්” නම් ජාත්‍යන්තර බුද්ධි ඒකක එකතුවෙන්ද, “අමාන් ” නම් හමුදා බුද්ධි සේවාවෙන්ද, ඊට අනුයුක්ත “යුනිට් 8200 ” නම් අතිශය ප්‍රබල සයිබර් සහ ඉලෙක්ට්‍රොනික් යුද සේනාවෙන්ද, “ෂබාක්” නම් අභ්‍යන්තර බුද්ධි මණ්ඩලයෙන්ද සමන්විතය. එමෙන්ම CIA, MI-6, RAW වැනි ලෝකයේ විශාලතම බුද්ධි ජාල මොසාඩ් සමඟ තොරතුරු, සම්පත් සහ තාක්ෂණය කිසිදු ලෝබකමකින් තොරව හුවමාරු කරගනිති. ( Operational Intelligence Sharing ) ඇමරිකාව ප්‍රමුඛ නේටෝ බලවතුන් ඊශ්‍රායෙල් බුද්ධි ප්‍රජාවගේ තාක්ෂණය සහ සම්පත් නිතර නිතර යාවත්කාළීන කරන අතර, ලෝකයේ “අයි.ටී සහ සයිබර් ආරක්ෂණ අගනුවර” ලෙස හැඳින්වෙන “ටෙල් අවීව්” ( Tel Aviv of Israel ) නගරයේ තිබෙන සමාගම් රැසක්ද, ඉල්ලන පරක්කුවට ඔවුන්ට සහාය දීමට සූදානමින් සිටිති. ( මේවායින් සමාගම් බොහොමයක බහුතරයක් කොටස් හිමිකාරීත්වය ඇත්තේ මොසාඩ් විසින්ම ලියාපදිංචි කරන ලද රහස්‍ය මූල්‍ය සමාගම් සතුවය.)

මොසාඩ් සඳහා ගාසා තීරයේද, බටහිර ඉවුරේද තොරතුරු සපයන්නන්ගෙන් කිසිදු හිඟයක් නැත. කොටින්ම හමාස් සංවිධානයේ නායකයන්ගේ කුඩා දියණියන්ගේ සහ පුතුන්ගේ උපන්දින සාද වලට පැමිණි ආරාධිතයන්ගේ නම් සහ ලිපිනයන් සමඟ ලැයිස්තු සකසා “ඔවුන් සමඟ අපත් ඔබට සුබ පතනවා” කියා පණිවිඩ යවන්නට තරම් මොසාඩ් එකට තොරතුරු ලැබෙයි. විටින් විට ඩ්‍රෝන හෝ ගුවන් ප්‍රහාර යොදාගෙන හමාස් නායකත්වය මරා දමන ඔවුහු, එවිට එම හමාස් නායකයන් ඉන්නා තැන් අවට සැරිසරන අයට අනතුරු ඇඟවීම් යවන්නට තරම් තොරතුරු දනිති. “ගාසා පිදුරු ගොඩේ සැඟවුණු ඕනම ඉඳිකටුවක් මොසාඩ් එකට සොයාගත හැක” යනුවෙන් කියමනක්ද පවතී.

මෙතරම් ප්‍රශස්ථ ඊශ්‍රායෙල් බුද්ධියට, මහ දවාලේ කරන්නට යන මේ සා දැවැන්ත ප්‍රහාරයක තොරතුරු කිසිවක් කළින් ලැබුණේ නැතිද?….මෙය බුද්ධි අසමර්ථකමක ( Intelligence Failure ) ප්‍රතිඵලයක් බවට ඒ දිනවල කියන ලද කථා මේ ලියුම්කරු විමතියක් දැනවූයේ එබැවිනි.

එමෙන්ම හමාස් එකම පවසන අන්දමට ඔවුන් මාස 4 සිට වසර 2 දක්වා අතීතයට දිවෙන කාළයක් පුරා මේ ප්‍රහාරය සැලසුම් කර ඇත. සවුදි අරාබිය මාධ්‍යවේදී යමාල් කෂූගි ඝාතනය කිරීම සඳහා, ඔහු ආගිය තැන් සහ කථා බහ කළ දේ ගැන තොරතුරු දැනගත්තේ ඊශ්‍රායලයේ NSO Group Technologies නම් සමාගම නිෂ්පාදිත “පෙගසස්” නම් චරපුරුෂ මෘදුකාංගය ( Spyware )යොදාගෙනය. එවැනි හෝ ඊටත් වඩා බලවත් දැනට හෙළි නොකරන ලද මෘදුකාංග වල සහාය ලබන ඊශ්‍රායල් බුද්ධි ප්‍රජාවන්ට මේ කාළය තුළ ප්‍රහාරය ගැන හාංකවිසියක් දැනගන්නට ලැබුණේ නැතිද?

මගේ මතය – Mein Idee

විදෙස් තොරතුරු විචාරකයෙකු ලෙස මෙම ලියුම් කරු ප්‍රහාරයේ මුල් දින කිහිපයේදීම නැඹුරු වුනේ ඊශ්‍රායලය තමන්ට එල්ලවන ප්‍රහාරය කළින් දැන සිටින්නට බෙහෙවින්ම ඉඩ ඇති බවත්, යම්කිසි දිගු කාළීන අරමුණක් නිසා එම ප්‍රහාරය එල්ලවන්නට ඉඩ හැරිය බවත් පිළිගන්නා මතයටය.

පාලකයන්ගේ ආර්ථික සහ දේශපාලනික දිගු කාළීන අරමුණු සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය පාර කපාගන්නට, තමන්ගේම රටේ ජනතාව බිල්ලට දීම වනාහි අද ඊයේ දකින්නට ලැබෙන දේශපාලන කුප්‍රපංචයක් නොවේ….මෑත යුගයේ සිදුවූ එවැනි සිදුවීම් වලට උදාහරණ අවශ්‍ය නම් පිටරටවල් දෙස බලන්නට උවමනා නැත.

මෑත යුගයේ සිදුවූ එවැනි සිදුවීම් වලට උදාහරණ අවශ්‍ය නම් පිටරටවල් දෙස බලන්නට උවමනා නැත.

ලියුම් කරුගේ සැකයේ පදනම සනාථ කරන ලිපියක් 2023 වසරේ නොවැම්බර් මස 30 වෙනිදා නිව්යෝක් ටයිම්ස් පුවත් පතේ ඵල විය. එහි සිරස්තලය මෙසේ උපුටා දක්වමි.

New York Times Headline

ලිපියට ලින්ක් එක – මේ ලිපිය අනිවාර්යයෙන්ම ගොස් කියවා එන්න : https://www.nytimes.com/2023/11/30/world/middleeast/israel-hamas-attack-intelligence.html#:~:text=A%20blueprint%20reviewed%20by%20The,aspirational%20and%20ignored%20specific%20warnings.&text=Israeli%20officials%20obtained%20Hamas’s%20battle%20plan%20for%20the%20Oct.

එම ලිපියට අනුව පුරා වසරක් තිස්සේ ඊශ්‍රායෙල් බුද්ධි මණ්ඩලයේ සහ මිලිටරියේ ඉහළ නිළධාරීන් අතර මේ හමාස් ප්‍රහාරය වැනි ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට තොරතුරු, එම ප්‍රහාරයන්ගේ සැලසුම් ආදිය සංසරණය වෙමින් පැවතුණත්, හමාස් සංවිධානයට එවැනි ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට “කවුරුත් නොසිතූ” නිසා එය එතරම් ගණන් ගෙන නැත.

( ගහනවා කියලා දැනන් හිටියට මෙහෙම ගහයි කියලා හිතුවෙ නෑ? ?? )

එම නිව්යෝක් ටයිම්ස් ලිපිය අනුව ප්‍රහාරයට මාස තුනකට පෙර, හෙවත් ජූලි මාසයේදී, අර මා ඉහතින් ලියන ලද, ඊශ්‍රායෙල් සයිබර් බුද්ධිය හසුරුවන “යුනිට් 8200 ” ඒකකයේ නිළධාරිනියක් විසින්, හමාස් සංවිධානය ඒ වසරක තිස්සේ සංසරණය වෙන ඔත්තුවේ අඩංගු ප්‍රහාර සැලසුමට අනුව පුහුණු වීම් කටයුතු ආරම්භ කර ඇති බවට අනතුරු ඇඟෙව්වද, ඇයගේ ඉහළ නිළධාරියෙකු එය ගණන් ගෙන නැත.

Quotes from the New York Times Article

අවසානයේදී එසේ සංසරණය වූ බුද්ධි තොරතුරේ තිබූ “ප්‍රහාර සැලැසුමම” ඉතාම ප්‍රශස්ථ ලෙස පිළිපදිමින් හමාස් සංවිධානය මෙම අද්භූත ප්‍රහාරය ඉතාම සාර්ථකව එල්ල කළහ.

New York Times Excerpt

නිව්යෝක් ටයිම්ස් යනු ආවාට ගියාට මත ඵල කරන, නිෂ්ඵල හිතළු හෝ බහුභූත දොඩවන පුවත්පතක් නොවන අතර, ඇමරිකානු ජනාධිපතිවරුන්ට, සෙනෙට් සභිකයන්ට පවා සෘජුව චෝදනා එල්ලවිය යුතු තැනේදි එසේ එල්ල කළ ඉතාම නිර්භීත ගවේෂණාත්මක මාධ්‍යවේදීන් පිරිසක් පරපුරෙන් පරපුරට දායාද කළ මාධ්‍ය දැවැන්තයෙකි.

මෙම වාර්ථාව අනුව නිව්යෝක් ටයිම්ස් මේ තොරතුර හෙළි කරන්නේද රහස්‍ය විද්‍යුත් තැපැල් පණිවිඩ ඔස්සේ ඔවුන්ට පැමිණි බොහෝ තොරතුරු දීර්ඝව විශ්ලේෂණය කිරීමෙන් පසුවය.

Israel Defense Force (IDF) ප්‍රමාද වූ ප්‍රතිචාරය හෙවත් කඩවුනු පොරොන්දුව

ඔබ ඩිස්කවරි වැඩසටහන් සහ යූටියුබ් වැඩසටහන් ආදිය ඔස්සේ ඊශ්‍රායෙල් ආරක්ෂක බළමුළුවේ වැඩකිඩ පිළිබඳව බොහෝ පාරම් බෑම් දැක ඇති. ඔවුන්ගේ සුප්‍රකට “අයන් ඩෝම්” එකේ සිට, තමන්ගේ රටට එල්ලවන ප්‍රහාරයකදී විනාඩි 7 – 21 දක්වා කාළයක් තුළ ක්ෂණික ප්‍රතිචාර දෙන්නට අයි.ඩී.එෆ් කොයි මොහොතේත් උපරිම සූදානමෙන් සිටින ආකාරය ගැන ඒ වැඩසටහන් වල ඕනෑ තරම් දැක ඇති.

අයි.ඩී.එෆ් හෙවත් ඊශ්‍රායෙල් ආරක්ෂක හමුදාවෝ වසරකට යුද අභ්‍යාස සහ යුද ක්‍රීඩා දුසිම් ගණනක් කරති. එය සාමාන්‍යයෙන් වසරකට වාර 30 ක් පමණ දක්වා වේ. සිදුවිය හැකි ඕනෑම සිදුවීමකට අනුකූලව ප්‍රතිචාර දෙන හැටි අඩංගු යුද ක්‍රීඩා මොවුහු දිනපතා සිදු කරති.

නමුත් ඇත්තටම සතුරා පැමිණි දිනයේ අයි.ඩී.එෆ් ප්‍රතිචාර දැක්වූයේ විනාඩි ගණනකින් නොව වරු ගණන් ප්‍රමාද වීමෙනි. ඇතැම් ඊශ්‍රායෙල් සිවිල් වැසියන්ට සම්පූර්ණයෙන් දිනක් හෝ එකහමාරක් මරණ බියෙන් වෙව්ලමින් කොහේ හෝ සැඟවී ගළවාගැනීමට සිය හමුදා එනතුරු බලා සිටින්නට සිදුවූ අතර, ඇතැම් අයට සිය ආදරණීයයන් ප්‍රාණ ඇපයට ගෙන යද්දී, හමාස් පිරිස් සිය වීදි වල සෙමර කෙළිද්දී, සිය ආදරණීයයන්ගේ මළ කඳන් පෙනි පෙනී පැය විස්සකට අධික කාළයක් බලා සිටින්නට සිදුවිය.

1998 ඊශ්‍රායෙල් සිවිල් ආරක්ෂණ ප්‍රඥප්තිය මඟින් බෙන්ජමින් නෙතන්‍යාහු ගාසා තීරයට සහ බටහිර ඉවුරට මුහුණ ලා ඇති, සහ බටහිර ඉවුරේ ඇති ඊශ්‍රායෙල් යුදෙව් ජනාවාස වල වැසියන්ට ප්‍රතිඥා දුන්නේ, අර්බුදය කවර වෙසකින් පැමිණියද ඊශ්‍රායෙල් ආරක්ෂක හමුදාවෝ ඉතා ඉක්මණින් ඔවුන් වෙත පැමිණෙන බවය.

ඊශ්‍රායලය යනු එහෙම ක්ෂණික ප්‍රතිචාර දක්වන්න බැරි රටක් නොවේ. ඔවුන් සතු හමුදා තාක්ෂණය ලෝකයේ ඉහළම හමුදා තාක්ෂණයකි. ඉලෙක්ට්‍රොනික යුද තාක්ෂණය ලෝකයේ ඉහළම යැයි කිව හැකි තාක්ෂණයකි. එමෙන්ම මේ හමාස් වැනි ලිලිපුට්ටන්ගේ ප්‍රහාර නොව, සමස්ථ අරාබිකරයම එක්වී ලක්ෂ දොළහක පමණ දැවැන්ත හමුදාවක් සාදාගෙන, යුද ටැංකි දහස් ගණනක්, ගුවන් යානා දහසක් පමණ එක් කරගෙන ඊශ්‍රායලය ආක්‍රමණයට ආ “යොම් කිෆූර් ” යුද්දයේදී ( 1973 ඔක්තෝම්බර් 6 ) සතුරු සේනාවන්ට එක පෙරමුණක් සාදන්නට නොදී, ඔවුන් මැදින් කපාගෙන ගොස්, සතුරු පෙරමුණ පිටුපස ක්ෂණික විහිදුම් පා, අරාබි සෙනඟ කාන්තාරයේ නිරුවත් කර දැම්මේ, ගණනින් යාන්තම් ලක්ෂ හතරක් පමණ වන ඊශ්‍රායෙල් ත්‍රිවිධ හමුදාවකි. එදවස, ඒ සටනට එක්වූ සිරියාව, ඉරාකය, ඊජිප්තුව, ජෝර්දානය, සවුදි අරාබිය, ඇල්ජීරියාව, කුවේට්, ලිබියාව වැනි අරාබි මහ බළවතුන්වද, ඔවුන්ට සහායට ගිය කියුබාව වැනි රටවල යුද සේනාංකද හක්කේ තියා සෙම ඇරියේ ගෝල්ඩා මේයර් යකඩ ගැහැණියගේ නායකත්වයෙන් යුතු, මෝෂේ දයාන්, ඊශ්‍රායෙල් ටාල් සහ ඩේවිඩ් එලසාර් වැනි මහ සෙනෙවියන් විසින්ය.

එදා සිට අද වන තුරු ඊශ්‍රායෙල් වැසියන්ගේ ඉහළම සාඩම්බරය වූයේ මේ අයි.ඩී.එෆ් එක වන අතර, අනිවාර්යය යුද සේවයකට මුහුණ දෙන එරට තරුණයන් ( සහ එම පුහුණුව තෝරාගන්නා තරුණියන් ) ඇතුළුව ලක්ෂ පහළොවක් පමණ ඕනෑම මොහොතක, ඕනෑම යුද්දයකට මුහුණ දීම සඳහා උපරිම යුද සූදානමකින් සිටින බවට විශ්වාසය එරට වැසියන් ප්‍රතිවාදී කළාපයන්ට මුහුණ පා සිටින විට නිතර මෙණෙහි කළහ. ඔවුන් ජීවත් කරවූයේ එම විශ්වාසයයි.

එමෙන්ම “සැලසුම්කරණය ” අතින් ඊශ්‍රායලය සිටියේ ඉතාම ඉහළින් බව ලෝකයේ හැමතැනම පිළිගත් මතය වූ අතර, එය ඊශ්‍රායලයේ ප්‍රතිවාදී රාජ්‍යයක් වන ඉරානය පවා පිළිගත් ජාත්‍යන්තර මතයකි. ඊශ්‍රායෙල් කරුවන් සෑම දෙයකටම මුහුණ දෙන්නේ මනා සැලසුමකට අනුව බව මුළු ලොවම පොදුවේ ඇදහූහ.

එවැනි ඉතිහාසයක් තිබුණු ඊශ්‍රායෙල් ත්‍රිවිධ හමුදාව මේ සටනේදී දක්වන ලද ඕලාරික ප්‍රතිචාරයේ තරම බලන්න. මේ ග්‍රැෆික්ස් සටහනද සකස් කර ඇත්තේ නිව්යෝක් ටයිම්ස් පුවත් සඟරාවය.

හමාස් ප්‍රහාරය එල්ල වූ මොහොතේ සිට ප්‍රහාරයට දරුණුවටම මුහුණ පෑ එක් එක් ප්‍රදේශ වල වැසියන් ගළවාගන්නට වැයවූ කාළය – New York Times

“හමුදාව කොහේද? කෝ අයි.ඩී.එෆ් එක?” යන ප්‍රශ්ණය ඔක්තෝම්බර් 7 වැනිදා සිට 10 වැනිදා පමණ වෙනතෙක් ඊශ්‍රායෙල් සිවිල් වැසියන් දෙලක්ෂයකට අධික සංඛ්‍යාවකගේ මුවින් නික්මුණේ 1998 නෙතන්‍යාහුගේ පොරොන්දු නෙතන්‍යාහු යටතේම කඩවුණු පොරොන්දු බවට පත් කරමිනි.

New York Times

අවුරුද්දක පමණ කාළයක් තිස්සේ පටන් මුළු සැලැස්මම දැන දැනම 1,500 ක් පමණ තමන්ගේම රටවැසියන් පිරිසක් මරුමුවට යවා, තව විසි දහසකට ආසන්න පිරිසකට තුවාල සිදු කර, තුන්සීයකට අධික පිරිසක් ප්‍රාණ ඇපයට යන්නට ඉඩ දුන්නේ කාගේ උවමනාවටද?…

අවසානයේ විශාල ජන සංහාරයක් ආරම්භ කර මේ වනවිට, පලස්තීනයේ අහිංසක නිරායුද සිවිල් වැසියන් 25,000 කට ආසන්න පිරිසක් ( 12,000 ක් පමණ කුඩා දරුවන් )

  • ගුවන් ප්‍රහාර මඟින් සහ බෝම්බ හෙළීම මඟින්
  • මිසයිල ප්‍රහාර මඟින්
  • තුවාල ලබා හෝ රෝගී තත්වයේ සිටියදී අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය මඟින්

මරු මුවට යන මේ සියවසේ දරුණුම මානව ඛේදවාචකය ආරම්භ වන්නට ඉඩ හැරියේ කාගේ උවමනාවටද?

අපි ඊළඟ කොටසෙන් බලමු

( මා විසින් මේ සිදු කරනුයේ වෙනත් පාර්ශව විසින් කරන ලද ගවේෂණ ඔස්සේ ලැබෙන තොරතුරු පෙළ ගස්වා අනුමානයන් ඉදිරිපත් කිරීමත්, කල්පිත ඉදිරිපත් කිරීමත් පමණකි. මෙකී අර්බුදයේ අපිකේන්ද්‍රයෙන් සැතපුම් දහස් ගණනක් ඈතින් ඇති රටක වෙසෙන අපට කළ හැකි උපරිම දෙය වන්නේ මෙය පමණි. ඒ නිසා අප වැනි අය මේ සිදුවීම් පිළිබඳව මනස විවෘතව තබාගැනීම වටී. දේශපාලනයේ බොහෝවිට සත්‍ය වශයෙන්ම සිදුවන්නේ ඔබට බැලු බැල්මට පෙනෙන දෙය නොවන බවට ඕනෑ තරම් සාක්ෂි අපේ රටේම තිබේ. ඒ නිසා, තමන් යම්කිසි කරුණක් නිසා ඔලුවට දාගෙන සිටින පක්ෂපාතී කම් අනුව මෙහි පැමිණ නිකරුණේ කුණුහරුප කීමෙන් වළකින්න…ඔබට වෙනස් යමක් පෙනෙන්නේ නම් කරුණු ඇතිව කියන්න )

මීළඟට…..NEXT…..

  • බෙන්ජමින් නෙත්න්‍යාහු සහ හමාස්
  • ඇමරිකානු මැදිහත් වීමේ අමුතු ස්වරූප
  • සැබෑ ඉලක්ක මොනවා විය හැකිද?

ලොව සංකීර්ණම ජනාධිපතිවරණය වන ඇමරිකානු ජනාධිපතිවරණය තේරුම් ගමු

ලෝකයේ සංකීර්ණම ජනාධිපතිවරණ ක්‍රියාදාමය හෙවත් ඇමරිකානු ජනාධිපතිවරණය තේරුම් ගනිමු – 01

( පළමු සහ දෙවැනි කොටස් සඳහා සබැඳි පහත කමෙන්ටු අතර ඇත )

අපේ රටේ වගේ ඇමරිකාවේ ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් ප්‍රධාන ජාතික දේශපාලන පක්ෂ දෙකෙන් ඉදිරිපත්වන අපේක්ෂයන් දෙදෙනා තීරණය කරනු ලබන්නේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවක් මගින් වත්, පක්ෂයේ නායකයාගේ කැමැත්ත අනුවවත් නෙමෙයි…ඇමරිකාවේ ප්‍රධාන ජාතික දේශපාලන පක්ෂ වල ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයාව තෝරන්නත්, විවිධ දේශපාලන නායකයන් අතරේ පක්ෂ අභ්‍යන්තරයේ ජාතික මට්ටමේ ඡන්ද පැවැත්වෙනවා….ඒ ඒ පක්ෂ වල පාක්ෂිකයන්, සහ පොදුවේ ඇමරිකානු මහ ජනතාව තම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීමේ ඡන්දයකට සහභාගී වෙනවා…මේ දිනවල පැවැත්වෙන්නෙ ඒක….

මේ ඡන්දය කෙරෙන ආකාරය ගැන තමයි මෙතැන් සිට ලිපි මාලවක් මගින් ඔබට කියා දෙනු ලබන්නේ…මේක ඉතාම සංකීර්ණ දේශපාලනික ක්‍රියාවලියක්….

අද අපි එහි පළමු පියවර වශයෙන් “Caucus” ගැන කියවමු…..

“Caucus” එකක් යනු කුමක්ද? –

හුඟක් ඇමරිකානු ප්‍රාන්ත වල මේ පක්ෂයේ අපේක්ෂකයා තෝරන්නේ “ප්‍රයිමරි” ( Primary ) මගින්….මේ “ප්‍රයිමරි” කියන්නෙ මොකක්ද කියන එක මෙම ලිපි මාලාවේ ඉදිරියට පැහැදිලි කරනවා…..ප්‍රයිමරි වර්ග දෙකක් තියෙනවා….එකක් තමයි Open Primary … අනික තමයි Closed Primary ( ඉදිරියෙදි විස්තර කරන්නම් ) ….මේවයෙදි කරන්නෙ රහස්‍ය ඡන්දයක් පවත්වලා ඒ ඒ පක්ෂ වල අපේක්ෂකයා තෝරන එක….

නමුත් සමහර ප්‍රාන්තවල සංවිධාන ගොඩනැගිලි, රජයේ රැස්වීම් ශාලා, ක්‍රීඩාංගණ, පාසැල් ආදියට ඒ ඒ පක්ෂ වල සංවිධායකයන් විසින් පාක්ෂිකයන් රැස් කරවලා, ඒ අය අතරින් ඡන්දයක් තියලා අපේක්ෂකයා තෝරා ගැනීම කරන්න පිහිටුවන ඒකකයන්ට කියනවා “Caucus” කියලා….

මේ තමා ඇමරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද දායක ඒකක අරගෙන බැලුවොත් කුඩාම ඒකකය…දැන් අපේ තියෙනවනේ ග්‍රාම සේවක වසම් මට්ටමෙන්, ආසන මට්ටමෙන්, දිස්ත්‍රික් මට්ටමෙන් එහෙම කුඩා ප්‍රමාණයේ රැස්වීම් ( “පොකට් මීටින්ග්ස්” කියන්නෙ…ගෙවල් වල මිදුලවල් වල, ග්‍රාම සංවර්ධන සමිති ශාලා වල, බණ මඩුවල එහෙම කරන රැස්වීම් ) වළ ඉඳලා මහා පරිමාණයේ දිස්ත්‍රික් මට්ටමේ රැළි එහෙම තියෙන්නෙ….අන්න ඒ වගේ ඇමරිකාවෙ තියෙන කුඩාම ඒකකය….මෙතන ඒ ගොල්ලන්ගෙ වෙනසක් තියෙනවා…ඒ වෙනස තමයි ඇමරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ වල, පක්ෂය වෙනුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා තෝරන්න පක්ෂ අභ්‍යන්තරයෙන් ඡන්දයක් පැවැත්වෙනවා….ඒ ඡන්දයට සහභාගී වෙන්නෙ ඒ ඒ පක්ෂ වල පාක්ෂිකයන්…ඇමරිකාව කියන්නේ වර්ග කිලෝමීටර් මිලියන 9.7 ක් තියෙන ඉතාම දැවැන්ත රටක්….ඉතින් අතීතයේදි මේ විශාල භූමි වපසරිය තුළ තමන්ගේ පක්ෂ වල බිම් මට්ටම සංවිධානය කරගන්න තමයි මේ “Caucus” කියන ඒකකයන් හඳුන්වා දෙන්නෙ…

මේ Caucus වලදි ඡන්දය භාවිතා කරන පාක්ෂිකයන් ඇත්ත වශයෙන්ම තෝරන්නෙ තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නෙමෙයි….ඒ අපේක්ෂකයාව තෝරන Delegate හෙවත් “නියෝජිතයා” … මේ Delegate හෙවත් “නියෝජිතයා” කවුදැයි ඉදිරියෙදි විස්තර කරන්නම් …

ප්‍රධාන පක්ෂ දෙක වන ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය මේ “කෝකස්” මට්ටමේදි තම තමන්ගේ පක්ෂවල අපේක්ෂකයා තෝරන ඡන්දය සංවිධානය කරන්නේ වෙනස් ක්‍රමවේද වලට….උදා: රිපබ්ලිකන් පක්ෂය කෝකස් එකේදි පවත්වන්නේ තමන්ගේ අපේක්ෂකයා තෝරන රහස් ඡන්දයක්….ඒකෙන් ජයග්‍රහණය කරන කෙනාට අදාළ කෝකස් එකට වෙන් වෙච්ච ඩෙලිගේට් හෝ ඩෙලිගේට්ස්ලා හිමිවෙනවා..( සමහර ප්‍රාන්ත වලදි ජයග්‍රාහකයා කෝකස් එකේ නියෝජිතයන් සියල්ලම ලබා ගන්නවා….සමහර ප්‍රාන්ත වලදි සමානුපාතික ඡන්ද ක්‍රමයට ඒ නියෝජිතයන් බෙදා දෙනු ලබනවා )…ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා වෙන්න බලාපොරොත්තු වෙන උදවිය ඒ ඒ කෝකස් එකේ සමස්ථ සහභාගීත්වයෙන්, සහභාගී වූ පාක්ෂිකයන් සංඛ්‍යාවෙන්, එක්තරා නියම කරන ලද අවම ප්‍රතිශතයක් ලබා ගත යුතුයි…ඒ ප්‍රතිශතයට ඉහළින් ඡන්ද ලබා ගන්න අයට ඒ කෝකස් එකට අනුකූල නියෝජිතයන් යම් ප්‍රමාණයක්, තමන් ලබා ගත්තු ඡන්ද ප්‍රමාණයට අනුව හිමිවෙනවා….

මේ කෝකස් සටන් වලදී “අයෝවා” ( Iowa ) කියන ප්‍රාන්තයෙ කෝකසස් උපාය මාර්ගිකව ඉතාම වැදගත් වෙනවා….අයෝවා ප්‍රාන්තයෙදි සාර්ථක වෙන දේශපාලකයන් බොහෝ විට ජාතික මට්ටමේදිත් සාර්ථක වන බවට පොදු විශ්වාසයක් පවතිනවා…ඒකට හේතුවෙච්ච දේශපාලනික සාධක බොහොමයක් තියෙනවා….මේ විශ්වාසය සමාජගත වුනේ ජාතික මට්ටමෙන් එතරම් ප්‍රකට චරිතයක් නොවන ජෝජියාව කියන ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාර ජේම්ස් අර්ල් කාටර් හෙවත් “ජිමී” කාටර් 1977 වසරෙදි අයෝවා ප්‍රාන්තයෙන් සාර්ථකව අරඹපු ජනපතිවරණ සටන ඔහුට ජනාධිපති ධුරය කරාම යන්නට රුකුළ් දීපු නිසා….අයෝවා වලදි යම් නායකයෙක් සාර්ථක වුනොත්, ඔහුට ඉතාම පහසුවෙන් ජාතික ප්‍රතිරූපයක් ගොඩ නගා ගන්න පුලුවන් කියලා ඇමරිකානුවන් විශ්වාස කරනවා…

මෙලෙස ජාතික දේශපාලන පක්ෂවල ජනාධිපතිවරණැ අපේක්ෂකයා “කෝකස්” මගින් තෝරන ප්‍රාන්ත පහත පරිදියි :

“අයෝවා, මිනසෝටා, කොළරාඩෝ, නෙවාඩා, හවායි, මේයෙන්, අයිඩහෝ, කැන්සාස්, ඇලස්කා, වයෝමිං, නෙබ්‍රාස්කා, වොෂිංටන් ( ඩී.සී අගනුවර නොවේ…ප්‍රාන්තය ), ෆ්ලොරිඩා, උතුරු ඩැකෝටා, සැමෝවා ප්‍රාදේශිකය, සහ එක්සත් ජනපද “වර්ජින් අයිලන්ඩ්” කළාපය….

තව පොඩි දෙයක් කියල දෙන්නම් මේක අවසන් කරන්න කළින් …. මේ රිපබ්ලිකන් පක්ෂයට”GOP” කියලා කියන්නෙ ඇයි….?….

GOP කියන එකේ තේරුම “Grand Old Party” කියන එක…මේ ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය දෙකම ඉස්සර එහි නිර්මාතෘවරුන් වන “තෝමස් ජෙෆර්සන්” සහ “ජේම්ස් මැඩිසන්” කියන නායකයන් දෙදෙනා යටතේ තිබුණේ තනි පක්ෂයක් විදියට….1792 ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්ගේ “ෆෙඩරලිස්ට් පක්ෂයට” එරෙහිව තමයි මේ පක්ෂය නිර්මාණය කලේ….එවකට පැවති පැරණි රිපබ්ලිකන් පක්ෂය “ඩිමොක්‍රටික් – රිපබ්ලිකන්” පක්ෂය ලෙස ප්‍රති සංවිධානය වුනා වඩා ශක්තිමත් මධ්‍යම රජයක පාලනයක් පිළිබඳව විශ්වාස කරපු හැමිල්ටන්ට සහ ජෝන් ඇඩම්ස්ට එරෙහිව….

පසු කළෙක 1828 දී, එතෙක් ජනපති ලෙස හිටපු ජේම්ස් මොන්‍රෝගෙන් පසුව ඇන්ඩෘ ජැක්සන් කියන දේශපාලකයාට ජනාධිපති ධූරය හිමිවෙනවාට එරෙහි වෙච්ච ජෝන් ක්වින්සි ඇඩම්ස් සහ හෙන්-රි ක්ලේ කියන දේශපාලකයන් දෙදෙනා විසින් ඇන්ඩෘ ජැක්සන් විරෝධීන් එකතු කරගෙන, මේ තනි පක්ෂය කඩාගෙන ගිහින් “ජාතික රිපබ්ලිකන් පක්ෂය” කියලා එකක් හදා ගන්නවා….මෙතන තිබුණේ ප්‍රතිපත්තිමය ගැටුමකට වඩා පෞද්ගලික දේශපාලන විසංවාදයක්….එම 1828 වසරේදීම ඇන්ඩෘ ජැක්සන් ජනාධිපතිවරයා “ඩිමොක්‍රටික් පක්ෂය” තනි පක්ෂයක් ලෙස ප්‍රති නිර්මාණය කරනවා…..මෙන්න මෙහෙමයි වත්මනේදි ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන ප්‍රධානතම ජාතික දේශපාලන පක්ෂ දෙක බිහිවෙන්නෙ….

( මේ කථාව කියෙව්වාම වෙන රටක් සහ ඒ රටේ ප්‍රධාන ජාතික දේශපාලන පක්ෂ දෙක බිහිවෙච්ච හැටි මතක් වෙන්නෙ නැද්ද? )

ඉතින් මේ රිපබ්ලිකන් පාක්ෂිකයන් අර පැරණි රිපබ්ලිකන් පක්ෂය සිහිවෙන්න තමන්ගේ පක්ෂයට ආමන්ත්‍රණය කරන්නෙ Grand Old Party ( GOP) කියලා….ඔන්න ඕකයි හේතුව…

දැන් බලමු මොනවද මේ “ප්‍රයිමරි” ( Primary) කියන්නෙ කියලා…..

අද උදේ පළවෙනි පාඩමෙන් අපි කථා කළා “කෝකසස්” ගැන…සමහර ප්‍රාන්ත වල මේ “කෝකසස්” කියන මැතිවරණ ඒකක හරහා තමයි ඇමරිකාවේ ප්‍රධාන ජාතික පක්ෂ දෙකේ අභ්‍යන්තර ඡන්ද විමසීමක් කරලා, ඒකෙන් ඒ ඒ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝර ගන්නෙ….මේ දිනවල ඒ වගේ පක්ෂ අභ්‍යන්තර ඡන්ද විමසීමක් කෙරෙනවා 2016 නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයන් තෝරන්න…ප්‍රධාන වශයෙන්ම ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙකේ ජනපති අපේක්ෂකත්වය බලාපොරොත්තුව වෙනුවෙන් මේ වෙන විට ඒ අභ්‍යන්තර ඡන්ද විමසීම් වල ඉදිරියෙන්ම ඉන්නෙ හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ෆ් කියන දෙපළ….

මේ ප්‍රයිමරියක් කියන්නෙ කෝකස් එකකට වඩා තරමක් විධිමත් ඡන්දයක් පවත්වන ඒකකයක්……ඒක සාමාන්‍යයෙන් ජනපතිවරණයකදී හෝ කොංග්‍රස් සභික නිළවරණයකදි ඡන්දය පාවිච්චි කරන නිළ ඡන්ද මධ්‍යස්ථානයක පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමක්….මේකෙදි, ඡන්ද මධ්‍යස්ථානය වශයෙන් තෝර ගන්නේ බොහෝ විට ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයෙදි ඡන්ද මධ්‍යස්ථානයක් විය හැකි තැනක් තමයි….

ප්‍රයිමරියක ඡන්ද විමසීම දෙ-ආකාරයකින් කරනවා….එකක් තමයි

– ක්ලෝස්ඩ් ප්‍රයිමරි ( Closed Primary ) – මේකෙදි යම් කිසි ප්‍රයිමරියක් සහිත ප්‍රාදේශිකයක ඒ ප්‍රයිමරියේ තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරන්න ඡන්ද විමසීම කැඳවන පක්ෂයේ ලියාපදිංචි සාමාජිකයන්ට හෝ සාමාජිකාවන්ට විතරයි ඡන්දය ප්‍රකාශ කරන්න පුලුවන්….නමුත් මේ වගේ ප්‍රයිමරියකදි ඡන්ද විමසීමට කළින් කිසියම් පක්ෂයක ලියාපදිංචි උනු අයට විතරයි ඡන්දය පාවිච්චි කරන්න ලැබෙන්නෙ….ඡන්ද විමසීම සිදුකෙරෙන දවසට තමන්ගේ පක්ෂයේ ලියාපදිංචියේ කිසිදු වෙනස් කිරීමක් කරන්න අවසරයක් ලැබෙන්නෙ නෑ….මේ වගේ ප්‍රයිමරි තියෙන ප්‍රාන්ත වලට උදාහරණ තමයි :

නමුත් මේ වගේ ප්‍රයිමරියකදි ඡන්ද විමසීමට කළින් කිසියම් පක්ෂයක ලියාපදිංචි උනු අයට විතරයි ඡන්දය පාවිච්චි කරන්න ලැබෙන්නෙ….ඡන්ද විමසීම සිදුකෙරෙන දවසට තමන්ගේ පක්ෂයේ ලියාපදිංචියේ කිසිදු වෙනස් කිරීමක් කරන්න අවසරයක් ලැබෙන්නෙ නෑ….මේ වගේ ප්‍රයිමරි ඔබට හමුවන්නේ පහත සඳහන් ප්‍රාන්ත 11 දි :

“ඩෙලවෙයා, ෆ්ලොරීඩා, කැන්සාස්, කෙන්ටකි ( කෙන්චුකි ), මේයෙන්, නෙබ්‍රාස්කා, නිව් ජර්සි, නිව් මෙක්සිකෝ, නිව් යෝක්, පෙන්සිල්වේනියා, සහ වයෝමිං….

මේ ක්ලෝස්ඩ් ප්‍රයිමරි වල තව උප විශේෂයක් තියෙනවා….ඒ තමයි “සෙමි-ක්ලෝස්ඩ් ප්‍රයිමරීස්” ( Semi-Closed Primary ) – ඒවයේ තියෙන විශේෂ ලක්ෂණය තමයි ඡන්දය සඳහා යම් කිසි පක්ෂයක් සමග ලියාපදිංචි වෙච්ච ඡන්ද දායකයන්ට ඡන්දය දවසේ උනත්, එතනදිම උනත්, පක්ෂය මාරු කරලා, වෙනත් පක්ෂයක් සමග ලියාපදිංචි වෙලා, ඒ පක්ෂයේ කවුරු හරි කෙනෙකුට ජනාධිපතිවරණ අපේක්ෂකයා වෙන්න ඡන්දය පාවිච්චි කරන්න පුලුවන් වීම….ඒ වගේම කළින් කිසිදු පක්ෂයක් එක්ක රෙජිස්ටර් නොවිච්ච කෙනෙකුට උනත්, එදා දවසෙ එතනට ඇවිල්ලා කිසියම් පක්ෂයක් එක්ක රෙජිස්ටර් වෙලා ( හෝ ඒ ප්‍රයිමරියේ තමන්ගේ අපේක්ෂකයා තෝරන ඡන්දය කැඳවන්නෙ එක පක්ෂයක් පමණක් නම් ඒ පක්ෂයට කැමති අයට ඒකත් එක්ක ) ඒ පක්ෂයේ තමන් කැමති තරඟ කරුවෙකුට හෝ තරඟ කාරියකට ඡන්දය ප්‍රකාශ කළ හැකි වීම….ඒ වගේ සෙමි-ක්ලෝස්ඩ් ප්‍රයිමරි තියෙන ප්‍රාන්ත 12 ක් අපට හමුවෙනවා :

” ඇලස්කාව, ඇරිසෝනා, කොළරාඩෝ, අයෝවා, කැන්සාස්, මැසචුසෙට්ස්, නිව් හැම්ප්ෂයර්, උතුරු කැරොලයිනාව, රෝඩ්ස් අයිලන්ඩ්, යුටාහ් සහ වෙස්ට් වර්ජිනියා….

දැන් අහගන්න….ඊළඟ ප්‍රයිමරි වර්ගය තමයි ඕපන් ප්‍රයිමරි ( Open Primary ) කියන්නෙ….මේකෙ තියෙන විශේෂ ලක්ෂණය තමයි, පක්ෂයකට ලියාපදිංචි නොවිච්ච කෙනෙකුට උනත්, රටේ පුරවැසි භාවය හිමි නම්, එවේලෙට ඇවිල්ලා ඡන්දය ප්‍රකාශ කරන්න පුලුවන් වීම…ඒ කියන්නෙ ඔයා ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් පක්ෂ වලට පාක්ෂිකයෙක් හැටියට ලියාපදිංචි නොවීත්, පුලුවන් තමන් කැමති පක්ෂයක ජනාධිපතිවරණයේ අපේක්ෂකයා තෝරල දෙන්න සහභාගි වෙන්න….

මේ ඕපන් ප්‍රයිමරි ක්‍රමයෙ තියෙන තවත් විශේෂත්වයක් තමයි එක් කොංග්‍රස් එක තෝරන මහ මැතිවරණයකදි පක්ෂයක අපේක්ෂකයා තෝරන්න ඡන්දය පාවිච්චි කරපු අයට පුලුවන්, අනිත් පක්ෂයේ ප්‍රයිමරියකටත් පැනලා ඒ පක්ෂයේ අපේක්ෂකයා තෝරල දෙන්නත් ඡන්දය පාවිච්චි කරන්න….මේකට අපි කියනවා “රේඩිං” ( Raiding ) කියලා….එතනදි බොහෝ විට වෙන්නෙ තමන්ගෙ පක්ෂයට විරුද්ධ පක්ෂයේ දුර්වලම තරඟකරුවා ඒ පක්ෂයේ අපේක්ෂකයා කරන්න මේ පක්ෂයේ අය ඡන්දය පාවිච්චි කරන එක….එතකොට මේ සියල්ලගෙන් පසුව පැවැත්වෙන කොංග්‍රස් සභික නිළවරණයෙදි මේ ගොල්ලන්ට දිනාගන්න ලේසියිනේ……ඔව්…එහෙමත් ඒවා වෙනවා මේ සංකීර්ණ අපේක්ෂක තේරීමේදී….උදාහරණයක් හැටියට ඩිමොක්‍රටික් අපේක්ෂකයා වෙන්න බලාපොරොත්තු වෙන අය ලැයිස්තුවෙ ඉන්න දුර්වලමය කියලා හිතෙන තරඟ කරුවන්ට රිපබ්ලිකන් කාරයො ටික ඩිමොක්‍රටික් ප්‍රයිමරි වලට පැනලා ඡන්දය දෙනවා….එතකොට එයාලා ඩිමොක්‍රටික් එකෙන් ආවොත්, ප්‍රධාන මැතිවරණයෙදි තමන්ගේ අපේක්ෂකයටනෙ දිනන්න ලේසි….එහෙම….හැබැයි ජනාධිපතිවරණයෙ අපේක්ෂකයන් තේරීමේදී නම් මේ ඕපන් ප්‍රයිමරියට ලියාපදිංචියකින් තොරව එන කෙනෙකුට උනත් දෙන්න පුලුවන් එක පක්ෂයක, එක අපේක්ෂකයෙක්ට පමණයි….

මේ ක්‍රමයට ප්‍රයිමරි පැවැත්වෙන ප්‍රාන්ත 22 ක හමුවෙනවා :

“ඇලබාමා, ආකන්සාස්, කැලිෆෝනියා, ජෝජියා, අයිඩාහෝ, ඉලිනොයි, ඉන්දියානා, මිචිගන්, මිනෙසෝටා, මිසිසිපි, මිසුරි, මොන්ටෑනා, උතුරු ඩැකෝටා, ඔහයෝ, දකුණු කැරොලයිනා, ටෙනීස්, ටෙක්සාස්, යුටාහ්, වමොන්ට්, වර්ජිනියා, වොෂිංටන්, විස්කොන්සින්….”

මේ ඕපන් ප්‍රයිමරි වල තව අනු ප්‍රභේදයක් තියෙනවා “සෙමි-ඕපන් ප්‍රයිමරිස්” ( Semi-Open Primaries) කියලා….ඒවයෙදි තමන් ඡන්දය ප්‍රකාශ කරන්නට පැමිණි පසුව ඡන්දය ප්‍රකාශ කරන්නේ කුමන පක්ෂයටද කියන එක එතනදි හෙළිකරන්න ඕන….ඒ වගේ ප්‍රයිමරීස් වල සුවිශේෂි ලක්ෂණ වෙන මොනවත් නැති නිසා, ඒක එච්චර හිතන්න අවශ්‍ය දෙයක් නෙමෙයි….

මේ ඇරෙන්න තව තියෙනවා බ්ලැන්කට් ප්‍රයිමර් ( Blanket Primary) , නන් පාටිසන් බ්ලැන්කට් ප්‍රයිමරි ( Non Partisan Blanket Primary) කියලා ප්‍රභේද … නමුත් ජනාධිපතිවරණයෙදි ඒවා එතරම් දුරට වැදගත් වෙන්නෙ නෑ…

දැන් මේ ළමයි දකින්න ඇති, මෙතන කෝකසස් තියෙන ප්‍රාන්ත වල ප්‍රයිමරිත් තියෙනවා…ඕපන් ප්‍රයිමරි තියෙන ප්‍රාන්ත වල ක්ලෝස්ඩ් ඒවත් තියෙනවා….එහෙම වෙන්න පුලුවන්….එකම ප්‍රාන්තයේ ඔය සියල්ල තියෙන්න පුලුවන්….ඒක ඒ ඒ පක්ෂය එක් එක් ප්‍රාන්තය ගැන ගන්න තීරණ තීන්දු අනුව තමයි…..

දැන් මේ ප්‍රයිමරි සහ කෝකසස් සියල්ලන්ගෙන්ම කෙරෙන්නෙ අපි අද උදේ පාඩමේ ඉගෙන ගත්තා වගේ ජනාධිපතිවරණයට ඒ ඒ පක්ෂ වල ප්‍රධාන අපේක්ෂකයා තෝරන අවස්ථාව හෙවත් පක්ෂයේ “මහා සමුළුවෙදි” ( Party Convention ) එක් එක් අපේක්ෂකයන් දිනාගත් නියෝජිතයන් ( Delegates ) ගාන තෝරල දෙන එක….අන්න ඒ Delegates ලා තමයි අවසානයෙදි සමුළුවෙදි ජනාධිපතිවරණය සඳහා තමන්ගෙ පක්ෂය නියෝජනය කරන අපේක්ෂයා කවුද කියන එක තීරණය කරන්නෙ…..

දැන් ප්රයිමරි සහ කෝකසස් වලින් යන සියල්ලගෙන්ම සිදුකෙරෙන්නේ පක්ෂවල මහා සම්මේලන වලදි ඒ ඒ පක්ෂයේ අපේක්ෂකයා කවුදැයි තීරණය කරන “ඩෙලිගට්ස්” ලා, එහෙමත් නැත්නම් ජනතා ඡන්දයෙන් බලය ලත් නියෝජිතයන් කවුද, ඒ අයගේ සංයුතිය කෙබඳුද කියලා තීරණය කරන එක…..

දැන් එතකොට කවුද මේ ඩෙලිගට්ස්ලා කියන්නේ ….

මේ ගොල්ල බොහෝ විට ඒ ඒ පක්ෂයේ පළපුරුදු පැරණි පක්ෂ ක්රියාකාරීන්, ඒ ඒ පක්ෂ විසින් පිහිටුවන ලද සිවිල් සංවිධාන වල නියෝජිතයන්, ඒ වගේම පක්ෂ වල තනතුරු ලාභීන්, නිළධාරීන් එක් එක් පක්ෂ ප්රයිමරි සහ කෝකසස් වල පවත්වනු ලබන මූලික වටයේ අපේක්ෂකයා තීරණය කිරීමේ ඡන්ද විමසීම් වලදි, රිපබ්ලිකන් හෝ ඩිමොක්රටික් පක්ෂ වල අපේක්ෂකයන් වීමට බලාපොරොත්තුවෙන් සිටින තරඟකරුවන් හෝ තරඟකාරියන් ලබාගන්නා ඡන්ද ප්රමාණය අනුව, මේ ඩෙලිගට්ස්ලා ඔහුට හෝ ඇයට ලැබෙන ප්රමාණය තීරණය වෙනවා…..

ඩෙලිගට්ස්ලා හෙවත් වරලත් නියෝජිතයන් වර්ග දෙකක් ඉන්නවා….

01. Pledged Delegates හෝ Committed Delegates හෙවත් පක්ෂ දෙකේ අපේක්ෂකයන් වීමට බලාපොරොත්තුවෙන් තරඟ වදින එක් එක් තරඟකරුවාට හෝ තරඟකාරියට, ලබාගන්නා ඡන්ද ප්රමාණයට අනුපාතිකව එක් එක් කෝකසස් වලින් සහ ප්රයිමරි වලින් ඔහුගේ හො ඇයගේ නාමයට පවරා දෙනු ලබන නියෝජිතයන්

02. මේ සුපර්ඩෙලිගට්ස් කියන සංකල්පය අපට දකින්න පුළුවන් ඩිමොක්රටික් පක්ෂයේ පමණයි……Superdelegates හෙවත් Unpledged delegates ( Uncommitted delegates) …. ඒ කියන්නේ කිසිදු අපේක්ෂකයෙකු සඳහා පවර නොදෙනු ලබන සුපිරි නියෝජිතයන්….බොහෝ විට ඩිමොක්රටික් පක්ෂයේ xහිටපු නායකයන්, ඉතාම ඉහළ නිළතල දරන්නන් සහ අතිශය ජ්යේෂ්ඨ වැදගත් සාමාජිකයන් මෙන්ම සාමාජීය වශයෙන් ඒ පක්ෂය වෙනුවෙන් හඬ නගන සුප්රකට ක්රියාකාරීන් තමයි මේ සුපර් ඩෙලිගට්ස්ලා වෙන්නේ…. ( උදා: ජෙසී ජැක්සන්, ජෙරල්ඩ් හඩ්සන් )… මේ අය පක්ෂයේ අපේක්ෂකයා තෝරන අවසන් මහා සමුළුවට සහභාගී වෙන්න යන්නෙ කිසිදු පක්ෂ අභ්යන්තර තරඟකරුවෙකුට හෝ තරඟකාරියකට සිය පක්ෂපාතීත්වය හෙළිදරව් නොකර…..එහෙම ගිහිල්ලා, එතනදි තමයි කරුණු කාරණා සහිතව, තමන් විසින් අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව වශයෙන් තෝරනු ලබන්නේ කවුද කියන එක හෙළිදරව් කරන්නෙ…… නැවතත් ඔබ මතක තබාගත යුතු කරුණ තමයි, මේ සුපර්ඩෙලිගට්ස්ලා ඉන්නෙ ඩිමොක්රටික් පක්ෂය සඳහා පමණයි කියන එක….රිපබ්ලිකන් පක්ෂය සුපර්ඩෙලිගට්ස් වරයන් දෙන්නේ නැහැ….

දැන් මේ ඩෙලිගට්ස්ලාගේ කාර්ය භාරය තමයි, ඇමරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් තෝරන මූලික වටයේ පෂ අභ්යන්තර කෝකසස් සහ ප්රයිමරි ඡන්ද විමසීම් අවසානයේ පවත්වනු ලබන පක්ෂ දෙකේ ජාතික මහා සමුළු වලදි ඒ ඒ තරඟකරුවා හෝ තරඟකාරිය තමන්ගේ අපේක්ෂකයා ය කියලා නියෝජිත ඡන්දය භාවිතා කරන එක…..

රිපබ්ලිකන් සහ ඩිමොක්රටික් පක්ෂ දෙකේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් වීම සඳහා ලබාගත යුතු “කඩඉම්” නියෝජිත ඡන්ද සංඛ්යාව එකිනෙකින් වෙනස්….

2016 වසර වන විට පැවති තත්වය අනුව නම් –

රිපබ්ලිකන් පක්ෂයේ තරඟකරුවෙකු පක්ෂයේ මහා සමුළුවෙදි ජනාධිපති ධුර අපේක්ෂකත්වය තම පක්ෂයෙන් දිනාගන්න නම් මේ ඩෙලිගට්ස්ලා 2,472 කින් 1,237 ක මනාපය මහා සමුළුවෙදි තමන්ගේ නමට දිනාගත යුතුයි….

ඩිමොක්රටික් පක්ෂයේ නම් 4,763 නියෝජිතයන් ගෙන් 2,382 ක මනාප සීමාව ඉක්මවා ලබාගත යුතුයි……

මෙවර පැවති මූලික වටයේ තරඟ වලින් පසුව

ඩිමොක්රටික් පක්ෂය නියෝජනය කරමින් තරඟ කරන්න ඉදිරිපත් වෙච්ච හිලරි ක්ලින්ටන් මහත්මිය ඔවුන්ගේ පක්ෂයේ ක්රමයට අනුව ඩෙලිගේට්ස්ලා 2,219 ක් සහ සුපර්ඩෙලිගේට්ස්ලා 581 සමග සමස්ථය 2800 ක් ලබාගනිමින් මේ 2,382 සීමාව ඉක්මවා ගොස් අපේක්ෂකත්වය ජයග්රහණය කළා….

රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්රම්ෆ් ඩෙලිගේට්ස්ලා 1,542 කගේ මනාපය දිනාගනිමින් තමන් තරණය කළ යුතු 1,237 සීමාව පසු කළා…..

ඒ නිසා අපේක්ෂකත්වය තීරණය කිරීමේදි මෙවර එතරම් න්යායික ගැටළුවක් ඇතිවුනේ නැහැ……

යම් හෙයකින් මේ පක්ෂ දෙකේ මහා සමුළුවලදී කිසිදු තරඟකරුවෙකුට අදාළ අවම මනාප අගය ලබාගන්න බැරි වුනොත්, ඊළඟට පක්ෂ අභ්යන්තරයේ සම්මුතියක් මගින් අපේක්ෂකත්වය තීරණය කිරීමේ සමුළුවක් පවත්වනු ලබනවා…..මේ සමුළුවට අපි කියනවා Brokered Convention කියලා……මේකෙදි අදාළ බෙන්ච්මාක් එකට ගොඩක් පසුපසින් ඉන්න සමහර තරඟකරුවන්ට පුළුවන් ඉල්ලා අස්වෙලා, තමන්ගේ නමට දිනාගත් නියෝජිතයන්ගෙත් සහාය ඉදිරියෙන් සිටින යම් තරඟකරුවෙකුට හෝ කාරියකට දෙන බව ප්රකාශ කරලා ප්රශ්ණයට සම්මුතිවාදී විසඳුමකට එන්න…..

දැන් ඔන්න අපි එන්නේ ඊළඟ අදියරට ඒ තමයි ජනාධිපතිවරණ දිනය…..

දැන් පක්ෂ අභ්යන්තරයේ ඡන්ද විමසීම් අවසන්……මීළඟට තියෙන්නේ මහජන ඡන්දය විමසීමේ කූඨප්රාප්තිය හෙවත් ජනාධිපතිවරණය……

ඇමරිකානු ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ සෑම වසර 4 ක වාරයක් සඳහාම වසර 4 ඉකුත්වන වසරේ නොවැම්බර් මාසයේ 8 වැනිදා…..

ඇමරිකා එක්සත් ජනපදයේ නෛතික සංග්රහය ( The Code of Laws of the United States of America ) හෙවත් දාතම අභිධානයන් 52 ක්, ඒ සඳහා වෙළුම් 52 ක් යටතේ සංග්රහ නියාමනය කරන ලද නිත්ය සහ පොදු ෆෙඩරල් ව්යවස්ථක හෝ සම්පූර්ණ, අනුමත, ( General or Permanent Federal Statutes ) ප්රවේශ, ප්රතිග්රහ හෝ අනුපූරණය කරන ලද සුවිශාල නීති සංග්රහය අනුව ඇමරිකා එක්සත් ජනපදයේ රජයේ තනතුරු සඳහා නිළධාරීන් ( ජනපති, උපජනපති, ප්රාන්ත ආණ්ඩුකාර, කොංග්රස් සභික ආදිය ) පත් කිරීම සඳහා සර්ව ජනමතය කැඳවන ඡන්ද පැවත්විය යුත්තේ ඒ අදාළ වර්ෂයේ නොවැම්බර් 2 වනිදා සිට නොවැම්බර් 10 වෙනිදා දක්වා දින 8 ක කාළය තුළ, ඇමරිකානු ශ්රේෂ්ඨාධිකරණය මගින් අනුදැන වදාරණ ඕනම දිනයකදී……ඒ අනුව සාම්ප්රදායිකව ජනාධිපතිවරණය එන්නේ නොවැම්බර් 8 වෙනිදාවකට……

ඇමරිකානු ජනාධිපතිවරණයක ජයග්රාහකයා තීරණය කරන්නේ එක් එක් අපේක්ෂකයා ලබාගත් ඡන්ද සංඛ්යාවේ ප්රතිශතාත්මක අගයකින් පමණක් නොවේ……ඒ ඒ අපේක්ෂකයා ලබාගත් පොපියුලර් වෝට් එකේ සංඛ්යාත්මක අගය කුමක් වුනත්,
ඒ ඒ ප්රාන්තය සඳහා වෙන් කරන ලද “ඉලෙක්ටෝරල් කොලේජස්” ( Electoral Colleges ) නම් වූ මැතිවරණයේ ජයග්රාහක තීරණ ක්රියාවලියේ නියෝජිතයන් 538 ක් විසින් භාවිතා කරනු ලබන ඡන්ද වලින් හරි අඩක් ඉක්මවා යෑම හෙවත් 270 ක කඩ ඉම ඉක්මවා යන අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව ජනාධිපතිවරණයෙන් තේරීපත් වූ ජනපති ( President Elect ) ලෙස ප්රකාශයට පත්කරනු ලබනවා….

මේ ක්රමය හඳුන්වා දීමේ පුරෝගාමීන් දෙදෙනෙකු වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ නිර්මාතෘවරුන්ගෙන් දෙදෙනෙකු වන ජේම්ස් මැඩිසන් සහ ඇලෙක්සැන්ඩර් හැමිලට්න් නම් වූ විද්වත් දේශපාලකයන් සහ න්යායාචාර්යවරුන් දෙදෙනා….

ඇමරිකානු ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 2 වන වගන්තියේ මේ ක්රමවේදය මේ ලෙස බලාත්මක කරනු ලබනවා….

//…. Article II
Section 1. The executive Power shall be vested in a President of the United States of America. He shall hold his Office during the Term of four Years, and, together with the Vice President, chosen for the same Term, be elected, as follows

Each State shall appoint, in such Manner as the Legislature thereof may direct, a Number of Electors, equal to the whole Number of Senators and Representatives to which the State may be entitled in the Congress: but no Senator or Representative, or Person holding an Office of Trust or Profit under the United States, shall be appointed an Elector ………//

මේ ඉලෙක්ටෝරල් කොලේජස් නම් වූ ක්රියාවලියට සම්බන්ධ තීරකයන් එක් එක් ප්රාන්තය වෙනුවෙන් තෝරාගනු ලබන්නේ පහත සඳහන් ආකාරයේ පියවර දෙකකින් සමන්විත ක්රියාවලියකින්

මෙසේ ඉදිපත් කරනු ලබන පුද්ගලයන් ලබා දෙන ඡන්දය අපි Electoral Votes ලෙස හඳුන්වනු ලබනවා…..-

01. පළමු පියවරේදි ඒ ඒ පක්ෂ විසින් මේ ඉලෙක්ටෝරල් කොලේජස් ක්රියාන්විතයට සම්බන්ධ වීමේ සුදුසුකම් සහිත පුද්ගලයන්ව ( The Electors ) එක්කෝ පක්ෂ සම්මේලනයෙදි පොදු සම්මුතියකින් හෝ නැතිනම් එක් එක් පක්ෂයේ මධ්යම කාරක සභාවක පවත්වනු ලබන ඡන්ද විමසීමකින් හෝ තීරණය කරනු ලබනවා…..එසේ තීරණය කර, ඒ ඒ පක්ෂයේ ජනපති සහ උප ජනපති නාම යෝජනා සමග නීතිපති දෙපාර්තමේන්තුවට සහ ශ්රේෂ්ඨාධිකරණයට භාර දෙනු ලබනවා…..ඒ නම් සඳහන් අයවලුන් එසේ තීරක නියෝජිතයන් ලෙස ඉදිරිපත් කරනු ලැබීමට එරෙහි ප්රතිවිරෝධතා දැක්වීමට සතියක කාළයක් ලබා දෙනවා….

උදා: අපි “ජෝන් ඩෝ ” ව මේ ලැයිස්තුවට කැලිෆෝනියා ප්රාන්තය සඳහා ඩිමොක්රටික් පක්ෂයෙන් ලැයිස්තු ගත කළොත්, ඔහුගේ නම හිලරි ක්ලින්ටන් ගේ Potential Electors නම් ලැයිස්තුව සමග මැතිවරණයට ඉදිරිපත් කෙරෙනවා….

02. දෙවනි පියවර එන්නෙ මැතිවරණ දිනයෙදි……යම් අපේක්ෂකයෙක් යම් ප්රාන්තයක් ජයග්රහණය කළොත්, අර ලැයිස්තුවෙ ඉන්න නම් සඳහන් අය ඉලෙක්ටෝලර්ල් කොලෝජස් සඳහා ඉලෙක්ටර්ස්ලා බවට පත්වෙනවා…..උදා: ඉහත උදාහරණයම ගත්තොත්, හිලරි ක්ලින්ටන් කැලිෆෝනියා ප්රාන්තය ජයග්රහණය කළොත්, එහි ඉලෙක්ටෝරල් වෝට්ස්
55 ම ඇයගේ නමට පැවරෙනවා…..එතනදි ඇයගේ ලැයිස්තුවේ සිටි “ජෝන් ඩෝ”ඉලෙක්ටර් කෙනෙක් බවට නිළ වශයෙන් පත්වෙනවා…..හිලරි කැලිෆෝනියාව පරාජය වුවොත්, ජෝන් ඩෝට සහභාගීත්වය සඳහා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ……එතකොට ඉලෙක්ටර්ස්ලා වෙන්නෙ ට්රම්ෆ්ගේ ලැයිස්තුවේ අය…..

මේ ඉලෙක්ටෝරල් කොලේජස් සඳහා ඉලෙක්ටෝරල් වෝට්ස් එක් එක් ප්රාන්තයට වෙන් වන්නේ, එම ප්රාන්තය නියෝජනය කරමින් සෙනෙට් සහ කොංග්රස් සභිකයන් කොපමණ ප්රමාණයක් සිටිනවාද යන පදනම මත….

මේ අනුව තමා, මේ දිනවල ඔබට අසන්නට ලැබෙන පරිද්දෙන් විශාල ජනගහණයක් නියෝජනය කිරීම සඳහා විශාල නියෝජිත සංඛ්යාවක් හිමි ප්රාන්ත සඳහා බොහෝ උණුසුම් ඡන්ද සටන් දියත්වෙලා තියෙන්නෙ…..මොකද ඒ වගේ ප්රාන්ත ජයග්රහණය කිරීම සමස්ථ ප්රතිඵලය කෙරෙහි සෘජුවම බලපානවා….

ඒ අනුව එක් එක් ප්රාන්තය සඳහා වෙන්ව ඇති ඉලෙක්ටෝරල් වෝට්ස් ප්රමාණය පහත පරිදියි –

ඇලබෑමා – 9
ඇලස්කා – 3
ඇරිසෝනා – 11
ආකන්සාස් – 6
කැලිෆෝනියා – 55 ( විශාලතම ඉලෙක්ටෝරල් වෝට්ස් ප්රමාණයක් හිමි ප්රාන්තය )
කොළරාඩෝ – 9
කනෙක්ටිකට් – 7
ඩෙලවෙයා – 3
ඩිස්ට්රික්ට් ඔෆ් කොළොම්බියා ( වොෂිංටන් අගනගරය පිහිටුවා ඇති පරිපාලන දිස්ත්රික්කය …..වොෂිංටන් ඩී.සී යන්නෙහි ඩී.සී අකුරු යුගලයෙන් ඩිස්ට්රික්ට් ඔෆ් කොළොම්බියා යන්න අදහස් කෙරේ ) -03
ෆ්ලොරීඩා – 29
ජෝජියා – 16
හවායි – 04
ඉඩෑහෝ – 04
ඉලිනොයිස් – 20
ඉන්දියැනා – 11
අයෝවා – 6
කැන්සාස් – 6
කෙන්ටකි / වල්ක්රී කෙන්චුකි – 8
ලුසියානා – 8
මේයින් – 4
මේරිලන්ඩ් – 10
මැසචුසෙට්ස් – 11
මිචිගන් – 16
මිනසෝටා – 10
මිසිසිපි – 06
මිසුරි – 10
මොන්ටෑනා – 3
නෙබ්රාස්කා – 5
නෙවාඩා – 6
නිව් හැම්ෂයර් – 4
නිව් ජර්සි – 14
නිව් මෙක්සිකෝ – 5
නිව් යෝර්ක් – 29
උතුරු කැරොලයිනා – 15
දකුණු කැරොලයිනා – 9
උතුරු ඩැකෝටා – 3
දකුණු ඩැකෝටා – 3
ඔහායෝ – 18
ඔක්ලහෝමා – 7
ඔරිගන් – 7
පෙන්සිල්වේනියා – 20
රෝඩ් අයිලන්ඩ් – 4
ටෙනීස් – 11
ටෙක්සාස් – 38
යුටා – 6
වර්මොන්ට් – 3
වර්ජීනියා – 13
වොෂින්ටන් ( මේ වනාහි බස්නාහිර වෙරළ තීරයේ වොෂින්ටන් ප්රාන්තය විනා නැගෙනහිර වෙරළ තීරයට සමීපව පිහිටි ඇමරිකාවේ අගනුවර වන කොළොම්බියා දිස්ත්රික්කයේ වොෂින්ටන් අගනුවර නොවේ ) – 12
වෙස්ට් වර්ජිනියා – 5
විස්කොන්සින් – 10
වයෝමිං – 3

ඔතනින් ඩිස්ට්රික්ට් ඔෆ් කොළොම්බියා හෙවත් වොෂිංටන් අගනුවර පරිපාලන ෆෙඩරල් දිස්ත්රික්කයට ඇමරිකානු ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 23 වැනි සංශෝධනය හරහා තමයි සම්පූර්ණ ප්රාන්ත බලතල සමග කොංග්රස් නියෝජනය ලබා දුන්නේ…..

මෙතන මුළු එකතුව 538…. මේ 538 අතුරින් 270+ පිරිසකගේ ඡන්දය දිනාගන්නා අපේක්ෂකයා තමයි ජයග්රාහකයා වෙන්නේ…..ඒ නිසා මුළු ඡන්ද ප්රමාණය කොහොම උනත්, මේ Key States වල බලය තහවුරු කරගන්න කෙනා තමයි දිනන්නෙ……

මෙවර 2016 වසරේ පැවැත්වෙන්නේ 58 වැනි ඇමරිකානු ජනාධිපතිවරණ මත විමසුමයි…..

යම් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කළ මොහොතේම ඇමරිකානු ජනාධිපතිවරයා වෙනස් වන්නේ නැත……

නොවැම්බර් 8 වැනිදා ජනාධිපතිවරණයෙන් පසුව ඊළඟට එන වසරේ ( එනම් මෙවරට අනුව 2017 වසරේ ජනවාරි 6 වෙනිදා ) ජනවාරි 6 වැනිදා දහවල් 12 ට ඒ මොහොත වෙනතුරු බලයේ සිටින උප-ජනාධිපතිවරයා ( ඔබාමා ජනපතිගේ පාලනය පවතින මේ මොහොතේ සිටින උප ජනපති වන්නේ ජෝ බිඩෙන්ය… ) මේ ඉලෙක්ටෝරල් කොලේජස් ක්‍රමය ක්‍රියාත්මක කොට ඡන්දයක් කැඳවනු ලබයි…..එවිට අදාළ ප්‍රාන්ත වලින් තේරී පත් වී ආ නියෝජිත ප්‍රජාව අදාළ පරිදි ඡන්දය වාචිකව සහ ලිඛිතව ප්‍රකාශයට පත් කිරීම ( වත්මනේදී නම් ඩිජිටල් ක්‍රමයකට ) මගින් නව ජනාධිපතිවරයා නිළ වශයෙන් හඳුනා ගනු ලබයි….

මේ ඉලෙක්ටෝරල් කොලේජස් වල ඉන්න ඉලෙක්ටර්ස්ලාට තමන්ගේ නාම යෝජනා දුන් පාර්ශවයටම ඡන්දය ප්‍රකාශ කළ යුතුයි කියල ඇමරිකානු ව්‍යවස්ථාවේ කොතනකවත් සඳහන් වෙන්නෙ නැහැ…..ඒ උනත්, ඒ ඒ ප්‍රාන්ත වල ප්‍රාන්ත ව්‍යවස්ථා සහ නීති සංග්‍රහ අනුව ඔවුන් තමන්ගේ නම ඒ සඳහා ලැයිස්තු ගත කර ඉදිරිපත් කළ පක්ෂයේ අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට බැඳී සිටිනවා……නමුත් මුද්‍රිතව ප්‍රකාශ වන පරිදි ඔවුන්ගේ ඡන්දය ස්වාධීන චින්තනයෙන් හොඳින් සිතා බලා ප්‍රකාශ කරනු ලබන ඡන්දයක් ලෙසයි හැඳින්වෙන්නෙ…….

නව ජනාධිපතිවරයාගේ ධුර කාළය ඇරඹෙන්නේ ඒ ජනවාරියේම, ජනවාරි 20 වැනිදා දහවල් 12 ටය….ඔහු හෝ ඇය පදවියේ දිවුරුම් දෙනු ලබන්නේ ඒ මොහොතටය…..

නව ජනපති දිවුරුම් දෙන අපූරු මොහොත මේ වගෙයි –

දිවුරුම් දීම සිදුවන්නේ ඇමරිකානු කොංග්‍රසය සහිත වොෂිංටන් අගනුවර, කැපිටල් හිල් හි පිහිටි “කැපිටල් බිල්ඩින්” නම් ගොඩනැගිල්ලේ ප්‍රධාන බරාඳයේ පිවිසුම මත…..

මුලින්ම පිටතට එනු ලබන්නේ ඒ මොහොත වෙනතුරු පදවියේ රැඳී සිටි ජනාධිපතිවරයා…..ඔහු එනවිට ඇමරිකානු නාවික හමුදාවේ මැරීන් සේනාංකයේ තූර්ය වාදක කණ්ඩායමක් මගින් “හේයිල් ද චීෆ්” ( Hail the Chief ) නම් ඇමරිකානු ජනපතිගේ නිළ ගීතය වාදනය කරනු ලබනවා…..ඒ ධුරයෙන් ඉවත්ව යන එම ජනපති සඳහා අවසන් වතාවට…..

ඉන් පසුව මුලින්ම උප ජනපති ලෙස තේරී පත් වූ තැනැත්තා දිවුරුම් දෙනු ලබනවා…..එවිට ඉහත කී තූර්ය වාදක කණ්ඩායම විසින් සාම්ප්‍රදායිකව ඇමරිකානු උප – ජනපතිගේ නිළ ගීය ලෙස හඳුන්වනු ලබන “හේයිල් කොළොම්බියා” ( Hail Columbia ) ගීය වාදනය කරනු ලබනවා……

ඉනපසුව හරියටම මධ්‍යහ්න 12 එළඹෙනවිට ඇමරිකානු ජනාධිපති ධූරයෙහි අභිනව ජනපතිවරයා හෝ වරිය අග්‍ර විනිශ්ච්‍යකාරවරයා හෝ වරිය ඉදිරියේ දිවුරුම් දෙනු ලබනවා…..ඒ මොහොතේ තූර්ය වාදක කණ්ඩායම “හේයිල් ද චීෆ්” ( Hail the Chief ) අභිනව ජනපති සඳහා පළමු වරට වාදනය කරනු ලබනවා…..

ඉන් පසුව කාළතුවක්කු වෙඩි මුර 21 ක උත්තමාචාර දෙකක් පැවැත්වෙනවා…..ඒ නව ජනපති පිළිගැනීමට සහ ධුරයෙන් ඉවත්ව ගිය හිටපු ජනපතිගේ නික්ම යෑමේ අවස්ථාවේදී ඔහුට සමුදීමට….. ( Inauguration Salute and Farewell Salute )

එයින් පසුව හරියටම දෙපැයක කාළයක් වෙන් වන්නේ හිටපු ජනාධිපතිවරයාට ධවල මන්දිරයේ සේවක කාර්ය මණ්ඩලයට සමුදීමේ සාදය වෙනුවෙන්……

ඉන් පසුව ධුරයෙන් ඉවත්ව යන ජනාධිපතිවරයා සිය පවුල සමග ධවල මන්දිරයේ මිදුලට පැමිණෙනවා…..ඒ පිටුපසින් ආචාරමය ලීලාවකින් නව ජනපති සහ ඔහුගේ පවුල පැමිණෙනවා…..ඉන් පසුව හිටපු ජනාධිපතිවරයා සහ ඒ පවුලේ ඇත්තන් ඇමරිකානු ජනාධිපතිවරුන්ගේ නිළ හෙලිකොප්ටර් රථය වන “මැරීන් – 01 ” / Marine – 01 ( ” රොටර් ෆෝස් – 01 ” ) නම් හෙලිකොප්ටරයේ නැගී ධවල මන්දිරයෙන් පිටත්ව තමන්ගේ වාසය සඳහා තෝරාගත් පෞද්ගලික නවාතැන බලා පිටත්ව යනවා……

සිම්බාබ්වේ

ඔය සිම්බාබ්වේ තියෙන්නෙ…..ඉස්සර ඕකට අප්‍රිකාවේ ගෝත්‍රික ස්වදේශිකයන් කියල තියෙන්නෙ “සුඩූ සැම්බෙෂි” කියලා…. ලෝකයේ හතරවෙනි දිගම ගඟ වෙච්ච සැම්බසි ගංගාව ගලා බහින්නේ මේ නූතන සිම්බාබ්වෙ රාජ්‍යය සහ නූතන සැම්බියාව අතර දේශ සීමාව ඔස්සේ….. ඉතින් “සැම්බෙසි ඉවුරේ” කියන අරුතෙන් තමයි මේ කළාපයට ( ඒ කියන්නේ සැම්බියාව සහ සිම්බාබ්වේ අතර කළාපයට ) ගෝත්‍රික ප්‍රජාවන් නම දාලා තිබ්බේ……

පස්සේ ඔය කළාපය සොයාගෙන, ඒක ලෝක සිතියමට ඇතුලු කළේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වෙච්ච “සිසිල් රෝඩ්ස්” කියල මහත්තයෙක්……මේ මහත්තයා තමයි “ඩ බියර්ස්” කියන ලෝක ප්‍රකට දියමන්ති සහ මිනිරන් වෙළඳ සමාගමේ නිර්මාතෘවරයා……

Image result for cecil rhodes
සිසිල් රෝඩ්ස්

සිසිල් රෝඩ්ස් කියන්නෙත් එච්චර හොඳ මිනිහෙක් නෙමෙයි…. ඒ උනත් ඔහු මෙම කළාපයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ බළය තහවුරු කරන්න අධ්‍යාපනය සහ සෞඛ්‍ය මෙවලමක් වශයෙන් යොදා ගත්තු නිසා, ඔහු වැදගත් චරිතයක් වෙනවා…. “දකුණු සැම්බසියාව” කියලා බ්‍රිතාන්‍යයන් මුලින් හඳුනා ගත්තු මෙම කළාපයෙන්, වත්මන් සිම්බාබ්වේ රාජ්‍යය පවතින ප්‍රදේශය “රොඩේසියාව” ලෙස නම් කරලා, එයට නිළ පිළිගැනීමක් අරන් දුන්නෙත්, එරට සහ ඒ අවට රාජ්‍ය ගණනාවක රාජ්‍ය පරිපාලන ආයතන පද්ධතිය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය බ්‍රිතාන්‍ය රජයේ සහ ඇන්ග්ලිකන් මිෂනාරි ක්‍රමවේදයන්ට අනුව පිහිටුවන්න විශාල මෙහෙවරක් කළෙත් ඔහු තමා….

ඔය සිම්බාබ්වේ රාජ්‍යය එයට පෙර හඳුන්වන ලද “රොඩේෂියාව” කියන නම එරටට දැම්මෙත්, මේ සිසිල් රෝඩ්ස් ප්‍රමුඛව සිටි සමයේ තමයි….. ඒ තමයි අප දන්නා වාර්ථා ගත ඉතිහාසය තුළ කෙනෙකුගේ පෙළපත් නාමයෙන් රටක් නම් කළ පළමු අවස්ථාව…..( කාලිදාසයන්ගේ “අභිඥාණ ශාකුන්තලයේ” නම් තියෙනවා දුෂ්මන්ත රජු සහ ශකුන්තලා දේවියට දාව උපන් දෙටු පුතු වන “භරත” අධිරාජ්‍යයා නිසා දඹදිවට “භාරත දේශය” කියන නම වැටුණා කියලා…. ඒවා මිථ්‍යා කථා නෙවැ…. )…. ඒ වැඩ එහෙම තමා ඉතින්…. සුද්දෝ ඔය කොළණි රාජ්‍ය සැළකුවේ තමන්ගෙ පුද්ගලික දේපළ වගේ…… ඔය ඉන්දියන් සාගරයේ තියෙන එක්තරා අපූරු දූපතක නිදහස් දිනය ( පෙබරවාරි 04 ) ඒ රටේ එවකට සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාගේ බිරිඳගෙ උපන් දිනය නිසා, ඒ දවස සිහිවීමට ඇයට දෙන ත්‍යාගයක් ලෙස ඒ දවස ඒ කොළණිය නිදහස් වෙද්දි, නිදහස් දිනය ලෙස නම් කරන්න එරට නව නායකයන් එකඟ උනා කියනවනෙ….. 🙄🙄 ( අහන්න එපා රට මොකක්ද කියලා….. ඒක හරි අභිමානවත්ලු හිටං…. 😎)

රෝඩ්ස්ලාගේ දේශාඨන කණ්ඩායම් මුලින්ම නූතන සිම්බාබ්වෙ පිහිටි ප්‍රදේශය සොයා ගන්නකොට, එහි “එන්ඩිබිලි” කියන බන්ටු වංශයේ ගෝත්‍රික කණ්ඩායම් ජීවත් වූ එක්තරා ප්‍රදේශයක තිබී ඉතාම භයානක, අමුතු ආගමික චාරිත්‍රයක් හමුවී තිබෙනවා…. මේ ගෝත්‍රික කණ්ඩායම් සිංහයන්ව අදහන ගෝත්‍රිකයන්…. ඔවුන්ට අනුව සිංහයන් කියන්නේ දෙවියන් මිහිපිට සැරිසරන්න මවා ගත්තු වේෂයක්……ඉතින් සිංහයන්ගේ අතින් යම් අයෙක් මැරුම් කෑවොත්, ඒ තැනැත්තා දිව්‍ය ලෝකයට යන බවත්, යම් ගමක දුෂ්කර කාළයකදී සිංහයන්ට තරුණියක් බිළි දුන්නොත්, ඒ ගමට ආශිර්වාද ලැබී, දුෂ්කර සමය අවසන් වන බවත්, මේ අය විශ්වාස කළා……

ඉතින් මොවුන් නියඟයක් එහෙම, සාගතයක් එහෙම පවතින විට, තරුණියක් සවානාවට රැගෙන ගොස් ඇයව එහි ගසක ගැට ගසා තබා, සිංහයන්ට බිලි දුන්නා…. ඒ වගේම හිටපු ගමන් සිංහ රංචු ගොදුරු සොයාගෙන ගම් වැදුණොත්, දුවන්නේ නැතුව සිය කැමැත්තෙන් සිංහයන්ට බිළි උනු අයත් මේ අතරෙ සිටියා……

තවත් අපූරු ජන ප්‍රවාදයක් තමයි, මේ රෝඩ්ස් මහතා “බම්බුසි” නම් ප්‍රදේශයට එනවිට, එහි ගම්මානයක ජීවත් වූ දරුවන් පිරිසක්, කපා ඔප මට්ටම් කර එංගලන්තයට ගෙන ගියහොත් පවුම් දහස් ගණනකට විකිණිය හැකි දියමන්ති කැට වලින් සෙල්ලම් කරමින් සිටියදී හමුවුණු බව කියන ප්‍රවාදය…..මේ ගැන සිසිල් රෝඩ්ස් කොතනක හෝ ලියා තැබූ බවකුත් කියනව…. නමුත් මා ඒ ගැන නිශ්චිතවම කියන්න දන්නෙ නෑ……

Image result for zimbabwe diamonds

ඒ කෙසේ වෙතත්, මේ නව කළාපයේ සොයා ගැනීමත් සමග 1871 වසරේදී එංගලන්තයේ “දියමන්ති උමතුවක්” ඇති උනා….. මේකත් අර ඇමරිකා එක්සත් ජනපදය රුසියාවෙන් “ඇලස්කා ” ප්‍රාන්තය අක්කරයට ඩොලර් පහ බැගින් ගෙවා කුණු කොල්ලයට මිළට ගත්තායින් පසුව, එහි යෝධ රත්‍රං නිධි තිබෙන බව සොයා ගැනීමත් සමග, ඇතිවූ “ගෝල්ඩ් රෂ්” එක වගේ එකක්…..රොඩේෂියාවට ගොස් වාසනාව උරඟා බලා, කෝටිපතියන් වීමේ අදහසින්, සිය ගණන් බ්‍රිතාන්‍ය තරුණයන් රොඩේෂියාවට පැමිණෙන්න පටන් ගත්තා……ඒත් සමග ඇරඹුනේ ලෝකයේ මෙතෙක් දුටු කෙටිම කළකින් ව්‍යාප්ත වූ පතල් හෑරීමේ ව්‍යාපෘතිය……

Kimberley Diamond Mines SA.jpg
දකුණු අප්‍රිකාවේ කිම්බර්ලි දියමන්ති ආකරයේ 1872 වසරේදී ගත් සේයාරුවක්

මේ කළාපයට පැමිණි රෝඩ්ස් ගේ හිතවත් ව්‍යාපාරිකයෙකු වන ඇල්ෆ්‍රඩ් බේට්ස් නැමැත්තා වරක් මේ වත්මන් සිම්බාබ්වේ රාජ්‍යයට අයත් ප්‍රදේශයක සංචාරය කරමින් සිටියදී, ඔහු එක් දිනක් විලක් අසබඩ සැඳෑ සිරි නරඹමින් සිටින විට දුටුවලු, ගැමි රොඩේෂියානු තරුණියක් පිරිසක් අමු නිරුවතින් විළට පැමිණ දිය නා යන ආකාරය…..ඒ කාළයේ බෙල්ලේ සිට යටිපතුල තෙක් ආවරණය කර ගත් ඇඳුම් තට්ටු තට්ටු ඇඳ සිටි ක්‍රිස්තියානි යුරෝපයේ ලලනාවන් දැක පුරුදු මේ ඇල්ෆ්‍රඩ් බේට්ස්ට, මෙසේ ප්‍රසිද්ධියේ අමු නිරුවතින් නාන කාන්තාවන් දැක්කාම පිස්සු මඤ්ඤං වෙලා …. අනෙක අප්‍රිකානු කළු තරුණියන් කියන්නෙ හොඳට අඟ පසඟ පිහිටන උදවියනෙ……බේට්ස් ජර්මනියේ සිටි සිය මිතුරෙකුට යැවූ ලිපියක තිබුණලු ” ස්වර්ගය මා සොයා ගත්තා…. එහි යෑමට මරණය තෙක් සිටිය යුතු නෑ” කියලා….

බ්‍රිතාන්‍යයන් අනෙක් සෑම කළාපයකින්ම වගේම, සිම්බාබ්වේ රාජ්‍යයෙනුත් විශාල ස්වභාවික සම්පත් ප්‍රමාණයක් ගෙනගිය බව ඇත්ත…. ඒත් මතක තියාගන්න “සම්පතක් සම්පතක් වෙන්නෙ, ඒකට වටිනාකමක් දෙන්න දන්න මිනිස්සුන්ට විතරයි….. ඒ කියන්නේ ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් ක්‍රමවේදයක් සකස් කරන්න තරම් මොළයක් තියෙන මිනිස්සුන්ට විතරයි”….. උදාහරණයක් හැටියට මැද පෙරදිග කළාපයේ පොළව යට ෆොසිල ඉන්ධන නිධි තිබුණට වැඩක් නෑ, එහෙම ඉන්ධන දහනයෙන් ආලෝකය හෝ ජවය, බලය ලබාගත හැකි ක්‍රම වේදයන් මිනිසා සකස් කරේ නැත්නම්……අභ්‍යන්තර දහන එන්ජිම නොදන්නා මිනිස් ප්‍රජාවකට, එහි දහන පෝෂකය වන ෆොසිල ඉන්ධන වලින් තියෙන ප්‍රයෝජනය මොකක්ද?….. යුරෝපා ජාතීන් ලෝකය පුරා ස්වදේශිකයන්ගේ “සම්පත් සූරා කෑ” බවට අද අපි චෝදනා කරනවා…. නමුත් ඒ යුරෝපා ජාතීන් එන්න කළින් ඒ රටවල ජනතාව අඩුම තරමේ ඒ ඊනියා සම්පත් වලට වටිනාකමක් තියෙන බව වත්, ඒවායින් ගත හැකි ප්‍රයෝජන තිබෙන බව වත් දැන සිටියාද?….. අනෙක් රටවල තත්වය කෙසේ වෙතත්, මධ්‍යම සහ දකුණු අප්‍රිකානු කළාප වල ජීවත් වූ ස්වදේශිකයන්ට නම් එවැනි දැනුමක් තිබුණේ නෑ…… ඔවුන් වසර දහස් ගණනක් ජීවත් වුනේ එකම තැන…..වයඹ දිග, උතුරු දිග සහ ඊසාන දිග අප්‍රිකානු කළාප වල නම් මිසර, ඇසිරියානු, මොරොක්කෝ ශිෂ්ඨාචාර වලටත්, මැද පෙරදිග සහ යුරෝපා වෙළඳ සංක්‍රමණිකයන්ට සහ ඉස්ලාමික, ක්‍රිස්තියානි ආක්‍රමණිකයන්ටත් පින් සිදුවෙන්න එවැනි ප්‍රාමාණික දියුණුවක් තිබුණා…..

කොහොමින් කොහොම හරි සිම්බාබ්වේ හරි ලස්සන රටක් නිසා, බ්‍රිතාන්‍යයෙන් එහි ගිය බොහෝ සංචාරකයන්, එරටින් ඉඩම් අරගෙන, එහි පදිංචි වෙලා ව්‍යාපාර කරගෙන, එංගලන්තයටත් ගොවිපළ නිෂ්පාදන යවාගෙන හිටියා…. මේ අය ඒ ප්‍රදේශ වල පාරවල් හදලා, පාසැල්, රෝහල් ආදිය හදලා, යම් දියුණුවක් කරා……එහෙම කරේ සිම්බාබ්වේ කලු ජාතිකයන්ට තියෙන ආදරය නිසා නෙමෙයි….. තමන්ගේ පහසුවට….. ඒ උනාට 1965 දි ඇරඹි සිම්බාබ්වේ ඊනියා නිදහස් අරගලය ( සහ සිවිල් යුද්දය ), 1980 දි සිම්බාබ්වේ රාජ්‍යයට නිදහස ලබා දීමෙන් අවසන් උනාට පසුව රජ වෙච්ච පල් හොරු රංචුව එරටට කරපු විනාශයේ හැටියට, ඒ ගොවිපළ හිමි සුද්දෝ යටතේ තිබුණු කාළය හොඳයි කියලා හිතෙනවා……

රොබට් මුගාබේ, බිෂොප් ඒබල් මුෂොරෙව්වා, යොෂුවා කෝමෝ වගේ උන්දැලා අන්තිමට ව්‍යාජ ගෝත්‍ර විමුක්ති කාමයකට මුවා වෙලා, මේ සුදු ගොවිපළ හිමියන් පළවා හැරලා, ඒ සියළු දේපළ උදුරා ගත්තා…බොරුවට “ජනසතු” කරනවාය කිව්වත්, ඔවුන් ඒ දේපළ සැබැවින්ම පෙරළා ජනතාවට බාර දුන්නේ නැහැ…..ඔවුන් කලේ ඒවා තමන් පරිභෝජනයට ගැනීමත්, හිතවතුන්, ඥාතීන් අතරේ බෙදා හැරීමත් පමණයි……….අවසානයේ සුද්දන් කරමින් සිටි කළමණාකරණය හෝ, එක්සත් රාජධානියෙන් පාලනය වන සමයේ එරට නීති පද්ධතියේ සහ රාජ්‍ය ආයතන ව්‍යුහයේ තිබුණු සාධාරණ ස්වභාවයේ තරමටවත් වැඩේ කරගන්න අසමත් වෙච්ච මේ හොරු තක්කඩි, එරට ආර්ථික වශයෙන් කාබාසිනියා කරලා, වාර්ගික වශයෙන් සහ ආගමික වශයෙන් උනුන් මරාගෙන, තව දහස් ගණනක් අමානුෂික ලෙස සමූළ ඝාතනය කරගෙන, තමන්ගේ දූ පුත්තුන්ට සුර සැප දීගෙන, අර තරම් ලස්සන රට ලෝකයේ භයානකම උද්ධමනයක් සහිත, දරුණු ලෙස අවප්‍රමාණ වූ මුදල් ඒකකයක් සහිත රටක් බවට පත් කර, බංකොළොත් කරල දැම්මා……

Mugabe speaks to the press in Geneva in 1976. The following year he was elected president of ZANU-PF and commander-in-chief of the Zimbabwe African National Liberation Army.
මුගාබේ 1976 වසරේදී ජිනීවා හිදී සිම්බාබ්වේ නිදහස් අරගලය ගැන විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්

අවසානයේ 37 වසක මුගාබේ පාලනය ඊයේ නිළ වශයෙන් අවසන් වුනා……ඒ උනත්, මෙතනින් එහාටත් හොඳක් වෙයි කියලා හිතන්න බෑ……මොකද ඊට නොදෙවනි දරුණු මිනිහෙක් තමයි ඊළඟට පාලනය බාර ගන්න ඉන්නෙත්…. ඔහු තමයි එමර්සන් මන්යාවා ..

එමර්සන් මන්යාවාට සිම්බාබ්වේ වැසියන් දමා ඇති ආදරණීය අනවර්ථ නාමය තමයි “කිඹුලා” ….. ඒකෙන්ම ඔහුගේ තරම හිතාගන්න පුලුවන්….. ඔහු දරුණු මිනිහෙක්……මුගාබේ යටතේ ආරක්ෂක ඇමති ධුරය, අධිකරණ ඇමති ධුරය ආදිය දරමින් සිටි ඔහු, සානු පක්ෂයේ මිලීෂියා සහ ඝාතන කල්ලි මෙහෙයවා විශාල පිරිසක් මරා දැමූ සහ අතුරුදහන් කළ කෙනෙක්…… ඔහුගෙන් ප්‍රගතියක් බලාපොරොත්තු වීමේ කිසිදු හැකියාවක් නෑ……

එමර්සන් මන්යාව හෙවත් ” කිඹුලා”

බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසිරී ගියාට පසුව, බොහෝ කොළණි වල ඊනියා ජාතික විමුක්තියේ නාමයෙන් ආපු බොහෝ හොර තක්කඩි ඒ රටවල් පැවතුනාටත් වඩා දරුණු ලෙස විනාශ කර, යුද්ද, සිවිල් අරගල, සමූල ඝාතන කර, දේපළ සොරා කාගෙන, වංචනික ක්‍රම වලින් සුපිරි පොහොසතුන් වුනා මිසක්, අවම වශයෙන් බ්‍රිතාන්‍යයන් ඉතිරි කර ගිය දේවත් රැකගන්න සමත් වුනේ නෑ…….

තත් සවිතුර්

“ඇත්තටම මෙතන තියෙන ප්‍රශ්ණය, මේ ආගම් වලට තේරුම් ගන්න බෑ ජීවය නැමැති සංකීර්ණ පියවර මාලාව……ඔවුන් හැම විටම යන්නේ සමාලෝචනයට…..සමාලෝචනයෙදි අපිට හමුවෙන්නෙ ගව් ගාණක් ඉහළ සිට බලන විට පේන පොදු ස්වරූපය……සාවුල් දන්නවද “පික්සල්” එකක් කියන්නෙ මොකක්ද කියලා?…….” තත් සවිතුර් කීවාය……

“පි……පික්සල් එකක්……ම….මම අහලා තියෙනවා…..පික්සල් කියන්නේ ඡායාරූපකරණය හා සම්බන්ධ දෙයක්……පික්සල් එකක් කියන්නෙ සේයාරුවක තිබෙන ක්ෂුද්‍රම නියෝජනය…….පික්සල් එකක් කියන්නේ….”

“ඇති සාවුල්……ඔබ ඒ ගැන දන්නවා…….දුර සිට දකින නෙතක් කවදා වත් යම් කිසිවක සම්පූර්ණ ස්වරූපය ඩැහැ ගන්නේ නෑ……ඒ නෙතට හසුවන සේයාරුවක පික්සල් එකකින් නියෝජනය වන බිම් ප්‍රමාණය, එහෙමත් නැත්නම් වපසරිය එන්න එන්නම කුඩා ඒකක වලට යනකොට තමයි ඒ සේයාරුවට හසුවන දෘෂ්‍ය කේතුවේ තිබෙන ඉතාම චූටි සියුම්ම දේ පවා ග්‍රහණය කරගන්න ලැබෙන්නෙ…….මීටර් 100 x 100 වපසරියක් හසුවන පික්සල් එකක් තියෙන සේයාරුවකට වඩා, මීටර් 20 x 20 වපසරියක් එක පික්සල් එකකට හසුවන සේයා රුවේ අවකාශ විභේදනය බොහොම ඉහළයි…….ඊටත් වඩා හොඳට සියළුම දේ ගෝචර කර ගන්නවා මීටර් 5 x 5 ප්‍රමාණයක් හසුවන පික්සල් එකක් කුඩාම ඒකකය වන සේයාරුවක්…….අපි ගොඩනැගිලි කිහිපයක්, වීදියක්, නගර මධ්‍යයක් ගත්තොත්……..ඔව් හොඳයි සාවුල්……මම ඔයාට දෙනවා සේයාරූ තුනක්…..මේ සේයාරූ තුනෙන් එකක් ඇසුරෙන් ඔබ නඩු තීන්දුවක් ලබා දෙන්න ඕන………ඒ සේයා රූ තුනේ තියෙන්නෙ අපේ නගරයේ හරි මැද චතුරස්‍රය…….සාවුල්…….අහගෙන ඉන්නකො ඕක පැත්තකට දාලා…….”

සාවුල් සිය ස්මාට් ජංගම දුරකථනය මේසය මතට අත හැරියේය……

“හරි……මම අහගෙන ඉන්නෙ……අහගෙන තමයි හිටියේ…….”

“නෑ සාවුල් ඔයා අහගෙන නෙමෙයි හිටියෙ……පිරිමි අහගෙන ඉන්නෙ නෑ……පිරිමි බලන්නෙත් නෑ……පිරිමි දකින්නෙත් නෑ……පිරිමින්ට ඇහෙන්නෙත් නෑ……..පිරිමි කරනවා විතරයි……අනික් සියළු දේ ගැහැණු…….බලන්න එස්මෙරෙල්ඩා දිහා……එස්මෙරෙල්ඩා මොන තරම් දුර්වල වෙමින්ද ඉන්නෙ…..?…….සාවුල් ඔයාට ඒක තේරෙන්න නම් ඒ වෙනුවෙන් තැන්පත් වෙච්ච බුද්ධියක් තියෙන්න ඕන…….ඇය වෙනුවෙන් සන්සුන් වෙච්ච මනසක් තියෙන්න ඕන…… ඔයා පිරිමියෙක් සාවුල්…….ඔයාට එහෙම මනසක් නෑ……..”

“හරි, හරි……..” සාවුල් දකුණත සිය හිසකේ අතරින් යැව්වේය…….” මොනවද දැන් වෙන්න ඕන කියන්න?”

” මම කියමින් හිටියෙ අපේ නගර මැද චතුරස්‍රයක් ගැන……..සාවුල්……ඔයාට ෆාරුක් චතුරස්‍රය සම්පූර්ණයෙන්ම පේන සේයාරුවක් දෙනවා……ඊළඟට දෙනවා ෆාරුක් චතුරස්‍රය මැද තියෙන අශෝක කුළුණ, සහ ඒ කුළුණ පාමුල ඉඳගෙන ඉන්න ගෑණියෙක් හොඳ පැහැදිලිව තෝරල බේරල ගන්න පුලුවන් විදියේ සේයාරුවක්……ඊළඟට දෙනවා ඒ කුළුණ පාමුල ඉඳගෙන ඉන්න අර ගෑණි බල්ලෙක්ගෙ ඔලුව අතගාන එකත් පැහැදිලිව පේන සේයාරුවක්……..ඊට පස්සෙ ඔයාට කියනවා මේ තුනෙන් එකක් පමණක් තෝරගෙන, අන්න ඒ එක ඇසුරෙන් අර ගෑණිගෙ සත්ව කරුණාව ගැන විනිශ්චය කරන්න කියලා……..ඔයා තෝර ගන්නෙ මොන රූපයද?…..”

” …. මොන තරම් සරල ප්‍රශ්ණයක්ද ඒක…….? ….තත් සවිතුර්…..ඔබ තාම මාව දැකලවත් නැතුව මගේ බුද්ධියට මේ තරම් නිගරු කරන්නෙ ඇයි?……මාව මේ තරම් හෑල්ලුවට ලක් කරන්නෙ ඇයි…..?……..අනිවාර්යෙන්ම මම තෝර ගන්නෙ අර තුන්වෙනි රූපය………ඒ රූපයෙ තමයි……”

“ඔව් සාවුල්…….ඒ රූපය තමයි ගෑණිට ළඟම රූපය………ඒ රූපයෙන් තමයි ගෑණිව හරියට පේන රූපය…….ඒ රූපය තමයි බල්ලව පේන එකම රූපය………අනිත් රූප දෙකම අරන් තියෙන දුර වැඩියි……..ඒ රූප වල එක පික්සල් එකකට අහුවෙන වපසරිය වැඩියි…….ඒ රූපයෙ තමයි සම්පූර්ණ කථාවම තියෙන්නෙ…….”

“මට තේරුණා තත් සවිතුර්…….ඒත් මට නොතේරෙන දේ තමයි, ඔයා මොකක්ද මේකෙන් කියන්න හදන්නෙ කියන එක?”

” සාවුල්…….මම කියන්නෙ දෙවියො ගැන…….දෙවියො බලන්නේ ගොඩාක් උඩ ඉඳලා………ඒ නිසා දෙවියන්ගෙ ඇසට හසුවන රූපයේ පික්සල් එකකට අහුවෙන වර්ග ප්‍රමාණය වැඩියි………ඒ නිසා දෙවියන්ට හැම වෙලාවෙම පේන්නෙ සමස්ථය විතරයි……ඒකයි දෙවියො දෙන දේව භාෂිතය හැම වෙලාවෙම මනුස්සයින්ට, ක්ෂීරපායී සත්තු හැටියට ඉඳගෙන කරන්න බැරි දේවල් වලින්ම පිරිලා තියෙන්නෙ…….දෙවියන්ට ජීවිතයේ හැඩතල පේන්නෙ නෑ………එයා බලනවා ඈත වැඩියි……..”

සාවුල් අන්ද මන්ද වූයේය……..

” ඒත් ඔයා කියන්නේ දෙවියන්ට මේ කුඩාම දේත් දකින්න බෑ කියලද?”

” මම හිතන්නේ බෑ කියලා සාවුල්…….!…..දෙවියන් විසින් මිනිස්සුන්ට දී තිබෙනවාය කියන ඔය දේව භාෂිතය ඔය තරම් පරිසරයට නොගැළපෙන, අස්වාභාවික හැසිරීම් අපේක්ෂා කරන දෙයක් වෙලා තියෙන්නෙ ඒකයි…….ඒකෙන් ලියවිච්ච පොත් ඔය තරම්ම විනාශකාරී වෙලා තියෙන්නෙත් ඒ නිසාමයි……..දෙවියන්ට ගෝමති නදිය පේනවා…….ඒත් ඒ නදිය අසබඩ රාජේශ්වරි පැළයකින් ගිලිහෙන කොළයක්, හුළඟට පාවෙලා ගිහින් ගෝමතියේ කොණක ඇති දිය කොටුවකට වැටුණාම හැදෙන අපූරු තරංග පේන්නෙ නෑ…….ඉතින් දෙවියෝ ගෝමති නදිය ගැන ලියන හෝ ලියවන කිසිම ලියවිල්ලක, අර පුංචි කොළය සහ එයින් නැගුණු දිය රැළි ගැන සඳහන් වෙන්නෙ නෑ……….අපි කොහොමද එතකොට දෙවියන්ගේ ලියවිල්ල ගෝමතියට වැටෙන කොළවලට අදාළ කර ගන්නෙ?…….”

“අම්මෝ තත් සවිතුර්……ඔයා මාව පිස්සු වට්ටනවා…..!”

“මේ අහන්න සාවුල්…..මේකයි ඇත්ත……ඔයා පෑනක් අරගෙන, ඒ පෑන මහපටැඟිල්ලෙන් සහ දබරැඟිල්ලෙන් අල්ලගෙන ලතාවකට ඒක වේගයෙන් හෙලෙව්වොත් ඔයාට පෙනෙයි පෑන් කිහිපයක් ….. එහෙමත් නැත්නම් එකම පෑන ඔයා අල්ලපු තැනින් දියවෙලා ගිහින් වගේ…..එහෙමත් නැත්නම් ඔයාගේ ඇඟිලි තුඩු දෙක අසළින් පෑනේ ඝණ බව නැතිවෙලා ගිහින් වගේ…….පෑනේ ඇසට පේන හරිය රබර් වෙලා වගේ ඔයාට පෙනෙයි…..”

“ඔව්…..මම ඒක කරල තියෙනවා……”

” ඒක ඇසට පේන විදිය විතරයි සාවුල්…….ඇසට චාලක ශක්තිය සහ කාළය සම්බන්ධ කර ගත්ත දෘෂ්ඨි මායාවකට රැවටෙනවා…..ඒත් ඇත්තටම පෑනේ ඝණකම ඒකට අහිමිවෙලාද?…….ඇත්තටම පෑන රබර් වෙලාද?………”

“නෑ……එහෙම වෙලා නෑ……පෑන මම වැනුවා කියලා ඒකට එහි ඝණකම අහිමි වෙලා නෑ…….”

“ඔයා කොහොමද සාවුල් එහෙම කියන්නෙ?……..ඇත්තටම ඒ මොහොතෙ පෑනට ඝණකම අහිමිවෙලා නෑ කියලා ඔයාට හොඳටම විශ්වාසද?”

“ඒක…….ඒක……..හරි එහෙම නම් පෑනට ඝණකම අහිමිවෙලා……”

“ඔයා කොහොමද සාවුල් ඒකත් හරියටම කියන්නෙ?” …..

” අනේ මම දන්නෙ නෑ තත් සවිතුර්……!…….මේ පිස්සු ප්‍රශ්ණ අහන්නෙ නැතිව ඉන්න……!…..දැන් කීයද වෙලාව…..?…..පාන්දර තුනටත් කිට්ටුයි…..”

“සාවුල් ඔයාලා මිරිඟුවට හැම වෙලාවෙම දෘෂ්ඨි මායාවක් කියනවා……”

” ඒ පාර ආයිත් පටන් ගන්නද යන්නෙ?…….මිරිඟුවක් කියන්නෙ දෘෂ්ඨි මායාවක් තමයි……ඒක මේ……”

“සාවුල්……ඔයා කොහොමද දන්නෙ මහා මාර්ගයක ඈතින් ජලාශයක් පේනකොට ඇත්තටම එතන වතුර ජලාශයක් තිබිලා, ඔයාලා එතනට යන ටිකට ඒක වාෂ්ප වෙලා ගිහින් නෙමෙයිද කියලා……”

” මො…..මොනවා…….මොනවද මේ කියන්නෙ?…….කවුරුත් දන්නවා මිරිඟුවක් කියන්නෙ මොකක්ද කියලා…….මිරිඟුවක් කියන්නෙ….”

” සාවුල්…….ඔයාට හොඳටම ෂුවර්ද එතන ඇත්තටම වතුර තිබිලා ඔයාලා එතනට යන ඩිංගට ඒක වාෂ්ප වෙලා තියෙන්න බෑ කියලා”

“අනේ මාව පිස්සෙක් කරන්න එපා තත් සවිතුර් ! …… ප්ලීස්…….කියන තැනකට වඳින්නම්………”

“තමන්ගෙ ඇස්වලින් දකින දේත් ඒ තරමට අවිශ්වාස නම්, දෙවියන්ගේ ඇස්වලින් දැකපු දේය කියලා, කවුරු හරි මිනිහෙක් ලියලා, තවත් මිනිස්සු අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් අතින් අතට ගිහිල්ලා, අන්තිමේදී ඔයා ජීවත් වෙන කාළයේම ජීවත් වෙච්ච කවුරු හරි මිනිහෙක්ගෙ අතට ඇවිල්ලා, ඒ මිනිහා ඒක එයාගෙ ඇස්වලින් දැකලා, ඔයාට ගෙනත් කියන දේ පරම සත්‍ය හැටියට විශ්වාස කරන්නෙ ඇයි?……..එහෙම විශ්වාස කරන ඔයා, ඒ විශ්වාසයෙන් තව කෙනෙකුට එයාගෙ ශරීරයට තියෙන අයිතියට තීන්දුවක් දෙන්නෙ ඇයි?…….කොහොමද ඔයා එහෙම කරන්නෙ…..?”

සාවුල් දින ගණනක් තිස්සේ රාත්‍රියේ තනි නොතනියට තරයේ ගෙන සිටි මධුවිත වීදුරුව පසෙක දැමුවේය…….අනතුරුව ඔහු නැගිට ඔහු හා කුස්සියේ ජල බේසම අතර ඇති සියළු මේස පුටු වල වදිමින් ගොස් මහ හඬින් වමනය කළේය………

“මට ඇත්තටම එස්මෙරෙල්ඩාගේ කුසට එන්න බෑ සාවුල් !….. ගොඩක් දේවල් විනාශ වෙයි……..අසරණ එස්මෙරෙල්ඩා මාව පැතුවෙ නෑ……කොටිම්ම ඇය මගේ අනාගත නිවස කරන්නට උත්සාහ කරන භ්‍රෑණය හටගත් ලිංගික ක්‍රියාවවත් පැතුවේ නෑ…….එස්මෙරෙල්ඩා ගේ හීනය වුනේ ඉහළට ඉගෙන ගන්න එක………ඒ තිරිසනා ඇයව රාජේශ්වරී කැළයට ඇදගෙන යනකොට ඇය හිටියෙ පාසැල් යමින්………එස්මෙරෙල්ඩාගේ කට තද කරල වහගෙන ඒ මිනිහා කරපු දේ ප්‍රතිඵලය මම……මට එළිය දකින්න දෙන්න එපා සාවුල්…..!……මාව දකින දකින මොහොතක් පාසාම එස්මෙරෙල්ඩට අර රාජේශ්වරී කැළයම පෙනෙයි…….!…….ඒ මිනිහගෙ යකඩ අත් දෙකේ හයිය දැනෙයි……..තමන්ගේ ඇඳුම් ඉරෙන සද්දෙ ඇහෙයි…….ඒ දැනිච්ච හැම දේම දැනෙයි……..ඒක මොන තරම් ශාපයක්ද සාවුල්……!……සාවුල්…..මට ඒ ගෙදර එපා……..මම සතුටින් මට දෙන ගෙයක් හොයා ගන්නම්……..!……මාව දකින හැම මොහොතකම ලස්සන අවන්හල් වල ඉඳන් පාර අයිනෙ තෝසෙ කඩ දක්වා සිහිවෙන, අමුතු සුවඳ තියෙන තෑගි බෝග සිහිවෙන, එස්.එම්.එස්, ෆේස්බුක් චැට් සිහිවෙන ලස්සන ගෙයක් මම හොයා ගන්නම්………මම ඒ ගෙදරින් එළියට ඇවිත් ඒ අයට හැම තප්පරයකම සතුට ගැන කියල දෙන්නම්………මං වෙනුවෙන් බලහත්කාරයෙන් එස්මෙරෙල්ඩගේ කුසේ හදපු ගෙදර විනාශ කරන්න ඉඩ දෙන්න සාවුල්……!…….ඒක ශාපයක්……!…….ඒකෙන් කාටවත් හොඳක් වෙන්නෙ නෑ……..ඔයා ප්‍රාණ ඝාතයක් කරන්නෙ නෑ……එතන ජීවයක් නෑ……!…කොටිම්ම ඔයා මේ කථාව ලියනකොට මම කියපු හැම දෙයක්ම “කෙරුවාය, කීවාය” කියලා අවසන් කරයි…….ඒත් ඒ කුසේ හැදෙන්නෙ ගෑණු සිරුරක්ද, පිරිමි සිරුරක්ද කියන නිමිත්ත වත් තාම පහළ වෙලා නෑ………”

” ඔහ්……!” සාවුල් තමන්ටම කියා ගත්තේය………” ජීවය ගැන මේ තරම් සියුම් දේවල් තේරුම් ගන්න ඒ කාලෙ බිහිවෙච්ච ආගම් දුප්පත් වැඩියි…..”……. ” තත් සවිතුර්……පොඩ්ඩක් ඔහොම ඉන්න…….මට තව දේවල් තියෙනව අහගන්න…..”

එහෙත් ඒ වනවිට දින ගණනක් තිස්සේ තම හිස තුළ කථා කරමින් තිබූ තත් සවිතුර්ගේ හඬ නොඇසී ගොස් තිබිණි……….

2017 ක් වූ අගෝස්තු මස විසි අට වැනිදා ගරු අධිකරණයේදී තමාට ලිංගික බලහත්කාර කමක් කළ තැනැත්තා නිසා හටගත් දරුගැබ ගබ්සා කිරීමට අවසර ඉල්ලා පැමිණිලිකාරිය වන එස්මෙරෙල්ඩා මොරායස් විසින් ගොණු කරන ලද පෙත්සමට අදාළව තීන්දුව ප්‍රකාශයට පත් කර මහාධිකරණ විනිසුරු සාවුල් ෆර්නැන්ඩස්, ඇයට ගබ්සාවක් කර ගැනීම සඳහා නීතිමය අවසරය ලබා දෙන ලදී………. ” දෙවියන්ට පේන්නෙ හුඟක් ඈතට විතරයි” … නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර අවසානයේ විනිසුරු සාවුල් තෙපලූ බව නඩු වාර්ථාවට ඇතුළත් විය……..

  • 27-08-2017

aa698a7cc17600a3779be66fc629e6be

ප.ලි –

” තත් සවිතුර්” යනු ගයාත්‍රි මන්ත්‍රයේ වාක්‍ය යුග්මයකි…… “තත්” යනු “එම” යන්නය….. “සවිතුර්” යනු “දෙවියන්ය”

ඇමතිවරුන්ගේ වාහන අවශ්‍යතාවයට ලාභදායී විසඳුමක් යෝජනා කිරීමයි …

“ගරු රාජිත සේනාරත්න,

සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශය,

මහත්මයාණනි,

<<ඇමතිවරුන්ගේ වාහන අවශ්‍යතාවයට ලාභදායී විසඳුමක් යෝජනා කිරීමයි >>

2016 වසරේ ජූනි මස 9 වැනි දින “අද” පුවත්පතේ සිරස්තලය හා බැඳේ….

ඉහත සිරස්තලයේ ඇතුළත් ඔබ විසින් කරන ලද ප්‍රකාශයට අනුවම දැඩි කැපවීමෙන් යුතුව දිවා රෑ ජනතාව වෙනුවෙන් වෙහෙසෙන ඇමතිවරුන් සහ ඇමතිවරියන්ගේ ජනතා සේවය කඩිනම් කිරීම සඳහා හොඳ තත්වයේ වාහන ලබා දිය යුතු බව මා විසින් පිළිගන්නෙමි….එමෙන්ම මේ වනවිට මෙරට ජනතාව සිටින ස්ථානයන් කරා ළඟා වීමට කඳු ශිඛර, දෙගොඩතලා යන ගං වතුර, සැඩ පහර තරණය කර යන ඇමතිවරුන්ට ඒ දුෂ්කර ප්‍රදේශ ජයගත හැකි වාහන තිබිය යුතු බවද තර්කයකින් තොරව පිළිගනිමි….එමෙන්ම එකී වාහන, ජාතික දේහයේ ගැහෙන හදවත වන් ඇමතිවරුන්ගේ ආරක්ෂාව තහවුරු විය යුතු සැකැස්මකින් යුතු විය යුතු බවද අවිවාදයෙන්ම පිළිගන්නෙමි…..

මේ සියළු අවශ්‍යතා සමග සසඳන කළ මේ වාහන සඳහා යන අධික වියදම සාධාරණීකරණය කළ හැකි වෙතත්, මෙරට ජීවත් වන දැන උගත් වගකිව යුතු පුරවැසියෙකු ලෙස මේ සියළු අවශ්‍යතාවයන් ආවරණය වන, මෙයට වඩා ලාභදායී විසඳුමක් ඔබතුමාට යෝජනා කිරීමට අපේක්ෂා කළෙමි….

රුසියාව විසින් 1973 වසරේ නිෂ්පාදිත T-72 යුද්ධ ටැංකිය මේ වනවිට නැගෙනහිර යුරෝපයේ රටවල් පහක අවි සැපයුම් කරුවන් හරහා මිළට ගත හැක. 1973-1975 කාළය තුළ නිෂ්පාදිත T-72 යුද්ධ ටැංකියක මිළ ගණන් පහත පරිදිය:

– චෙක් ජනරජයේ හෝ ජෝජියාවේ අවි වෙළඳපළවල විශේෂඥයන් මගින් “නිර්සන්නද්ධ” කරන ලද 1973 “Collector Version” T-72 ටැංකියක් ඇමරිකානු ඩොලර් 50,000 ක් පමණ වේ.. එය ශ්‍රී ලංකා රුපියල් හැත්තෑ දෙලක්ෂයක් පමණි ( රුපියල් මිලියන 7.2 )

– ප්‍රධාන අවිය සහිත සන්නද්ධ තත්වයේ 1973 ටැංකියක මිළ ඇමරිකානු ඩොලර් 500,000 ක් පමණ වනු ඇත.. එය රුපියල් කෝටි 7 කට මදක් වැඩි මුදළකි.

අශ්ව බළ 840 ක සිලින්ඩර් 12 ක V -46 එන්ජිමකින් සමන්විත මෙම සන්නද්ධ රථයේ මෙහෙයුම් දුර ප්‍රමාණය කිලෝමීටර් 480 කි. ප්‍රධාන මාර්ග වල පැයට කිලෝමීටර් 110 ක පමණ උපරිම වේගයක් සහ දුෂ්කර මාර්ග වල පැ.කි.මී 60-80 අතර උපරිම වේගයක් පවත්වා ගත හැකි නිසා මේ වාහනය මගින් මෙරට ඇමතිවරුන්ගේ “කඩිනම්” ජනතා සේවාවන් ඒ කඩිනමින්ම ඉටු කරගත හැකිවේ යැයි මා හට විශ්වාසය. ලීටර් 1000 ක ධාරිතාවයෙන් යුතු ඉන්ධන ටැංකිය නිසා කිසිදු බියකින් තොරව ඉන්ධන හල් නොමැති ප්‍රදේශ වලටද ගමන්කොට ඒ ජනතාවගේ සුව දුක් විමසිය හැක.

මිලිමීටර් 4700 ඝණකම සහිත ආරක්ෂක තහඩු නිසා මෙම රථයෙන් ඇමතිවරයාට සැපයෙන ආරක්ෂාව පිළිබඳව ඔබතුමා වැනි හසල දැනුමැත්තෙකුට අමුතුවෙන් පැහැදිලි කළ යුතු යැයි නොසිතමි. එමෙන්ම පූර්ණ වශයෙන් බාහිරයෙන් ආවරණය වන මෙම රථය තුළ ජනතාව සොයා දීර්ඝ, වෙහෙසකර ගමනක නොකඩවා නිරතවන ඇමතිවරයාට අවශ්‍ය විවේක පහසුකම්, වෙනත් කායික සහ ලිංගික අවශ්‍යතා සඳහා පෞද්ගලිකත්වය ආරක්ෂා වීම, සහ සනීපාරක්ෂාව වැනි දේ සැපයෙනු ඇත…

මෙම T-72 රථයට මීටර් 5 ක් (අඩි 16) ගැඹුර, කිලෝමීටර් 1 පළල ජල පෘෂ්ඨයන් හරහා පහසුවෙන් ගමන් කළ හැක….එනිසා හදිසි ආපදා අවස්ථාවකදී ජලයෙන් කොටුවී සිටින ජනතාව වෙත ඇමතිවරයාට ඉතා පහසුවෙන් ළඟා විය හැකි අතර, හදිසි ගං වතුර තත්වයකට ඇමතිවරයා කොටුවී ඔහුගේ අභාවය සිදුවීමට ඇති අවදානමද එමගින් වැළකී යනු ඇත…

මෙම රථයට අංශක 30 ක ආනතියකින් යුතු කඳුකර ප්‍රදේශයක් ඉතා පහසුවෙන් නැගිය හැක. එනිසා ඇමතිවරුන්ට කඳු ශිඛර බද ප්‍රදේශ වල වෙසෙන ජනතාව වෙත පහසුවෙන් ළඟාවිය හැක. හදිසි නාය යාමකදි සෙන්ටිමීටරය කිලෝග්‍රෑම් 4 ක පමණ පීඩනයකට මෙම ටැංකිය ඔරොත්තු දෙන නිසා ඇමතිවරයා පස් තට්ටු වලට යටවූවත් පැය දෙකක් පමණ ඇතුළත ( කැබින් ඔක්සිජන් අවසන් වීමට පෙර ) බේරා ගත හැකි නම්, ජීවිතය ආරක්ෂා වනු ඇත…

මෙම ටැංකිය තප්පර 15- 20 ක් තුළ අංශක 180 කින් හැරවිය හැකි නිසා දුර සිට ජනතාව වේගයෙන් ඉදිරියට එන අනාරක්ෂිත තත්වයක් පවතී නම් ඇමතිවරයාව වහාම හරවා ආරක්ෂිත ස්ථානයක් කරා ගෙන යා හැකිය. .

මෙම රථයේ මිලිමීටර් 125 ප්‍රධාන තුවක්කුව ඇමතිවරයාට අවශ්‍ය නොවනු ඇතැයි උපකල්පනය කරමි. මක් නිසාද, ඔබතුමා ප්‍රමුඛ මෙරට ඇමතිවරු ජනතා ගැටළු විසඳන ආකාරයට එය කොහෙත්ම සම්බන්ධ නොවන බව මා දන්නා බැවිනි. ( ඇමතිවරයාගේ ආරක්ෂාවට මේ රථය සමග එන මිලිමීටර් 7.62 කො-ඇක්සියල් මැෂින් තුවක්කුව පමණක් භාවිතා කළ මැනවි….) එබැවින් “නිර්සන්නද්ධ” කරන ලද ඇමරිකානු ඩොලර් 50,000 ක ලාභදායී T-72 Collector Version ටැංකියක් මිළට ගන්නා ලෙස ඉල්ලා සිටිමි.

මෙමගින් ඔබතුමා විසින් සඳහන් කරන ලද ඇමතිවරුන්ගේ අවශ්‍යතා 100% සිතුවාටත් වඩා හොඳින් ආවරණය කරගත හැකි අතර, ඒ සඳහා ඔබතුමන්ලා පාර්ලිමේන්තු අනුමැතියට යොදවන ලද වාහන වලට ගෙවන මිළෙන් 10% ක් තරම් අඩු ප්‍රමාණයකට මේ මාදිලියෙන් 1973 සෝවියට් සමූහාණ්ඩුවේ සාදන ලද T-72 රථයක් මිළට ගත හැක. මේ රථවල “ඒ.එම් ඇලෙක්සි” අකුණු සන්නායක සවි කළ හැකි බැවින් එවැනි රථයක් සොයා මිළට ගැනීමෙන් මෙරට ඔබතුමා ප්‍රමුඛ ඇමති මණ්ඩලයට අතිරේක ආරක්ෂාවක් සහතික වනු ඇත….එවිට මෙරට ඇමතිවරුන්ට තව තවත් එළිමහන් ප්‍රදේශ වල නිදහසේ ගැවසී ජනතාව වෙත කඩිනම් සේවා ලබා දිය හැක..

මේ ලාභදායී විසඳුම ඔබතුමා විසින් තෝරාගනු ඇතැයි උදක් අපේක්ෂා කරමි….

මීට දේශ භක්තික,

ස.ව.උ

ඔබේ අංකය : ( 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ කලුතර දිස්ත්‍රික්කයේ අංකය )

මගේ අංකය: නොදන්න තරමට හොඳයි

පිටපත්: ඇමතිවරුන්ගේ දෙමව්පියන්ට

ප.ලි – අනේ හැ****”

T-72_differences

ඉඳුරු සතුරු රජු ආවයි පින් ගන්ට…..

සොඳුරු තුරු මුදුන් අත නැගුණයි නුබට….
පඳුරු පඳුරු දළු ලා වැඩුණයි යසට….
අඳුරු මැදුරු මග පෙන්වයි එදවසට…..
ඉඳුරු සතුරු රජු ආවයි පින් ගන්ට…..

විහිදා සතර දිග නැගි රොස් පරොස් වැට…..
ලොවිදා දෙවැනි යුද වත වා විමන් පිට….
නොමඳා පිරුණු ගිගුරුම් නද සවන් වට….
දිනිඳා උපන් තැන පෙන්වනු රජුන් හට…..

පලවා නවා මොළවා ගිනි මළින් වනේ…..
“කොලුවා කුඩා” මා තුරුළට පැමිණි දිනේ….
වෙලවා යවා සියොළඟ උන් රජුන් සැනේ….
ලෙලවා කියන් නගතොත් වර ඔවුන් විනේ….

ද්විත්වයෙන් මානතක සිතුම් එක් කොට තියා..
ත්‍රිත්වයෙන් උපන් පුතු පැතුම් කෙළෙසූ නියා…
මත් බවින් ලොව අවට මිදෙම් වා යැයි කියා…..
අත් මුදුන් කොට ඔබට කියම් අපවත ගයා….

පැන් තොටින් දැන් විඩා නිවිය හැකිවෙයි මනා…..
සෙන් බුදුන් දන් පුදන් ඉන් බිඳක් ගනි මිනා…..
කෙන් මිනොන් මොරි පියස සියොත් නද කන් පිනා….
පින් අරන් යන් මෙන්න රජුනි සකුරා සිනා…..

( ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා, ඉතිහාසයේ පළමු වරට “ධුරයේ සිටින ඇමරිකානු ජනපති වරයෙකු” ලෙස හිරෝෂිමාවට මීට පැය කිහිපයකට පෙර පැමිණියේය….)

160527055720-19-obama-japan-0527-exlarge-169

Google Street View එකෙන් ඉදිරියට සිදුවීමට නියමිත දෑ….

Google Street View එකෙන් ඉදිරියට සිදුවීමට නියමිත දෑ….

1.

” මේ පින්තූර අරන් තියෙන්නෙ 2015 දෙසැම්බර් මාසෙ…මම රුවිනි දුව හම්බ වෙන්න හිටිය නිසා අම්මලගෙ ගෙදර ගිහින් හිටිය මාසෙ….මාව බලන්නවත් එන්න වෙලාවක් නෑ වැඩ, වැඩ කියලා කියපු මිනිහගෙ කාර් එක අර පට්ට පඳුරිගෙ ගෙදර ළඟ තියෙන හැටි බලන්න අක්කේ….ඉහි…ඉහි…ඉහි….මම කාළි මෑණියන්ට පොල් ගහනව ඔය බැ** මකබෑවිලා යන්න කියලා…මට ඉඳලා වැඩක් නෑ අක්කේ….ඉහි…ඉහි..ඉහි…ඉහි…”

” මොනවද මිනිහො තව අතටම අහුවෙලත් බොරු කියන්නෙ? තමුසෙ හිතුවද නොම්මරේ මකල තිබ්බත් අපේ කාර් එක අඳුර ගන්න බැරි මම තොත්ත බබෙක් කියලා….මම ඕකිටයි, තමුසෙටයි, මේ විදියට මගුල් නටන්න තියන්නෙ නෑ…මේ දරුවො දෙන්නත් එක්ක මම විඳින දුක දන්නෙ උඩ ඉන්න….මොකක්? .. දෙසැම්බර් මාසෙ..?..දෙසැම්බර් මාසෙ දෙන්නම් මම තමුසෙට…තමුසෙ තාමත් නිවාඩු දවස් වලටත් ඔෆිස් යනව කිය කිය කරන්නෙ මේ සෙල්ලමම තමයි එහෙනම්…”

2.

( ස්කයිප් සංවාදයකි )

” අනේ නෑ සාගර….කකුල් දෙක අල්ලලා වැඳල කියන්නම්, බුදු හාමුදුරුවන් පල්ල ඔය ඉන්නෙ මම නෙමෙයි….”

“නැත්තෙ මොකද ගෑණියෙ….?….මේ උඹ අරූ එක්ක ඉන්නෙ…මේ උගේ බයික් එක….මම හොඳට දන්නවා උගේ බයික් එක…..මම කොරියා එනකල් ඉඳලා උඹ පරණ පෙම්වතා එක්ක ජවුසන් නටන්න…..උඹ මගේ හැටි තාම දන්නෙ නෑ ඉෂිතා…..!”

3.

“ළමයෝ .. මට බොරු කරන්න එපා….!…මම ඔය වයස පහු කරපු කෙනෙක්…!…මට මගේ පන්තියෙ දරුවො කොහේ හිටියත් අඳුරන්න පුලුවන්….මොකක්ද?….මූණ…මූණ බොඳ කරල තිබ්බට ඔය කොණ්ඩ කරල් දෙකෙන්, ඔයා ගෙනියන බෑග් එකෙන් මට කියන්න පුලුවන් ඔතන ඉන්නෙ ඔයාමයි කියලා….හෙට එනකොට අම්මව එක්කගෙන එන්න….මාස තුනක් පරණ සිද්ධියක් උනත් මේක ගැන දෙමව්පියන්ට කියන්න ඕන….”

4.

“ආයි…ආයි…ආයි…බුදු තාත්තේ ගහන්න එපා…අනේ තාත්තෙ ගහන්න එපා….ඒ සිකරට් බොන්නෙ මම නෙමෙයි….ආයි…ආයි….අනේ නෑ තාත්තෙ….ඒ මගේ සයිකලේ නෙමෙයි….ආයි…ආයි….අනේ…”

5.

” දණ ගහපිය හරකි !… තෝව මම මේ තරම් වියදම් කරල ක්ලාස් යවන්නෙ පුළුවන් කමකට නෙමේ…උඹගේ ඇස් පාදන්න….තෝ එක එක හන්දි ගානෙ කොල්ලො එක්ක ජවුසන් නටනවද මී වැස්සියෙ….මොකක් කිව්වා?…උඹ නෙමෙයි….?….මේ දුවේ උඹ එන්න එපා මට සුදුළුුණු පොඩි කරන්න….මම උඹේ තාත්තා…මේකෙ මූණ බොඳ කරල තිබුණට මට උඹව අඳුරන්න අමාරු නෑ….මේ ඉන්නෙ වෙන ළමයෙක් නම් ඒකිටත් තියෙනවද උඹට තියෙන රතු පාට ගවුමම….මේ උඹ ක්ලාස් ගෙනියන බෑග් එකත් තියෙනවද ඒකිට?…උඹගෙ උස?…උඹගෙ කොණ්ඩෙ…?…..තෝ මින් පස්සෙ ගෙයින් එළියට බැහැල තිබුණොත්…”

6.

“විජේරත්න… මම දෙසැම්බර් මාසෙ රොස්ටර් එක බලලයි මේ කථා කරන්නෙ ! තමුසෙ එළවන අපේ වෑන් එක මොකක්ද මේ මීගමුවෙ කරන්නෙ?….මුළු දෙසැම්බර් මාසෙම අපිට මීගමුවට තියා ගම්පහ දිස්ත්‍රික්කෙ කොහේටවත් ඩිලිවරියක් තිබිලා නෑ….මොකක්?….නොම්මරේ මොකටද මනුස්සයො මේ වෑන් එකේ ගහලම තියෙන්නෙ අපේ “සිරිසඳ ඩිලිවරිස්” මාක් එක….මාව තම්බන්න තමුසෙගෙ ලුණු ගොරක මදිවෙයි…මම මේකට ඉන්ක්වයිරියක් කෝල් කරලා, ඕඩිට් එකට දානවා…”

7.

“අඩෝ මේ අර දර්ශිකාගෙ ගෙදර මචන්…ඔය ගහ පැත්තට වෙන්න තියෙන්නෙ ඒකිගෙ රූම් එක….පොඩ්ඩක් සූම් කරල බලහන් ඒකිගෙ රූම් එක ඇතුළ පේනවද කියලා… ඇඳුම් මාරු කරන එකක් හරි වැදිල තිබ්බොත්….”

“මේකෙන් එහෙම පේන් නෑ හුත්තො…අනේ උඹයි මායි දන්න ස්ට්‍රීට් වීව්…”

8.

” ඒ අඩෝ මේක බලපන්කො….සිරා කෑල්ල මචන්…මූණ බොඳ කරල තිබ්බට කෝමද කඳ….?….කොටට ඇඳලා… ගල් දෙක බලපන්කො…මට නිකන් ටොයිං ටොයිං ගානවා යකෝ….පිස්සු හැදෙනව …..ඉමේජ් එක පරණ උනාට ඕකි තාම හවසට ඔතනට බහිනව ඇති….අද හවස ක්ලාස් ඇරිලා එතෙන්ට නිකමට ගීන් එමුද?”

9.

” මේ තියෙන්නෙ දෙසැම්බර් මාසෙ ඔතන ගහපු ස්ට්‍රීට් වීව් ඉමේජ් එක….ඔය කියන පල්ලිය මෙතන තිබිලා නෑ….මෙන්න සාක්ෂි….මේක මේ ඊයෙ පෙරේදා අලුතින් අටවපු පල්ලියක්….කොල්ලනේ වරෙල්ලා…අපේ ජාතිය වෙනුවෙන්…..අපි ශාසනය වෙනුවෙන් ජීවිතේ පුදන්න ලෑස්තියි…..මරාගෙන මැරෙනවා….”

10.

” අපේ දුව ඊයෙ මට මේක පෙන්නන කල් මම දන්නෙ නෑ නංගියෙ වැඩේ….මේ අර ආරියවතී ගෑණි අපේ වත්ත මායිම ඇතුලේ ඉන්නෙ….මට ඕකි අඳුරන්න බැරි කමක් නෑ මූණ වහල තිබුණට….ඔය පරට්ට බැල්ලි එකත් එකටම කොඩිවිනයක්, හූනියමක් වළලා යන්න ආපු ගමනක් වෙන්න ඇති….අපේ දරුවො ඉගෙන ගන්නවට තියෙන ඉරිසියාව….ඒකයි දෙසැම්බර් මාසෙ ඉඳන් අපි කරන කිසි වැඩක් යා දෙන්නෙ නැත්තෙ….හොඳට ඉගෙන ගෙන ආපු බාළයත් දැන් කිසි උනන්දුවක් නෑ…පොතක් අතින් අල්ලන්නෙ නෑ…..මම පොඩි අප්පුහාමි ගුරුන්නාන්සෙට කියලා ඕක කප්පවන්නන් ඕකිගෙ හත්මුතු පරම්පරාවම හැඳි ගෑවිලා යන්න…”

11.

“මේ තියෙන්නෙ ඩැඩාගෙ ජීප් එක…මමීගෙ බෝගන්විලා ගාල…මේක අයියගෙ කා එක…මේ මම ගාඩ්න් එකේ ඉඳන් චැට් කරන තැන…අපිට වයි-ෆයි තියෙනවනෙ….ඉතින් මම හවසට අයිපෑඩ් එකත් අරගෙන ඇවිත් වාඩිවෙන්නෙ මෙතන….මේ පැත්ත කඩල මෙන්න මේ රූම් එක අලුතින් A/C කලා…මේ මෙතන පේන්නෙ කාමරයක්…ඕකෙ බාත්-රූම් එකට අපේ කැනඩාවෙ ඉන්න නැන්දි තමයි ෆිටින්ග්ස් එව්වෙ….”

12.

“දෙයි හාමුදුරුවනේ මේ බලන්න අපේ වැට මායිම තිබිල තියෙන හැටි….ඉතින් මුන් කටින්ද කියන්නෙ මායිම ඇවිදෙව්වෙ නෑ කියලා…..මම අදම ලෝයර් මහත්තය හම්බ වෙන්න යනවා….”

13.

“හරි අපි මේකට යාතිකාවක් කරමු….කවුද.?….කෝ මේ සමන්…සමාන්….මෙහෙට එන්න…පුතේ අන්න අරකෙන් රුහුණු මහා කතරගම දේවාලෙ අරන් පේන්න දාපන්….හරි වැඳගන්න……අවසර පස්වාන් දහසකට බුදුවන්න, නුහුරු අත් හුරු කරවා වැන්දේං….”

ආදරවන්තයන්ගේ දිනය….

තමන්ගේ කුළුදුල් ප්‍රේමය තමන්ගෙ එකම ප්‍රේමය කරගෙන මුළු ජීවිත කාළය පුරාවටම ඒ අමුතු උණුසුම් හැඟීම ඇය වෙනුවෙන් පමණක් ඉපැද්දූ අය ඇති….

නමුත් බහුතරයක් කොල්ලො එහෙම නෑ…බහුතරයක් කොල්ලන්ගෙ ජීවිත වල පෙම්වතියන් කිහිප දෙනෙක් ඉඳලා තියෙනවා….ජීවිත ගමනේ විවිධ අපූරු කඩ-ඉම් වෙච්ච, මග සළකුණු වෙච්ච, කොටස් වශයෙන් රඟ දැක්වුණු මාලා නාටකයක අමුතු කොටස් වෙච්ච පෙම්වතියන්….ජීවිතයේ ඒ ඒ අවස්ථා වලදි තමන්ව අර්ථ නිරූපණය කරගන්න පුළුවන් මේ අයව මතකයට නගා ගත්තොත්…”මේ කාළෙදි මම මේ වගේ මෙයා එක්ක….මේ කාළෙදි මම මේ වගේ මෙයා එක්ක…”

මේ අය එක්ක ගෙවපු ජීවිතයේ කොටස් ආවර්ජනය කරන්න සමහරු සුදුසුම වෙලාව කර ගන්නේ ජීවන ගමනේ ගමනාන්තයේ ආසන්නය…එහෙමත් නැත්නම් ජීවිතයේ සැඳෑ සමය…ඒත් මට හිතෙන විදියට ඒ සඳහා සුදුසුම අවස්ථාව තමයි තමන්ගේ “යෞවනයේ සැඳෑ සමය”…

තමන්ගෙ තරුණ වයස ගෙවී යන්න ආසන්න මොහොත, තරුණ යැයි සම්මත වයස් කාළයේ අවසාන පරිච්ඡේදයෙදි ආපහු හැරිලා ගෙවී ගිය ජීවිතයේ වටිනාම කාළය, ලස්සනම කාළය, ජනිත වන්නාවූ කිසිදු හැඟීමක් ආපහු කෙතරම් ධනයක් වැය කරලාවත් ඒ තරම් දීප්තියෙන් සහ උණුසුමෙන් යුතුව ගන්න බැරි කාළය තමන් ගත කලේ කොහොමද කියලා ආවර්ජනය කරන්න කදිම අවස්ථාවක්….

ඒ පෙම්වතියන්ගෙන් එක්කෙනෙක් ජීවිතාවසානය තෙක් එකට ඉන්න ඔබේ ජීවිතයට ඇතුල් වෙලා ඇති….අනිත් අය “වෙන අයට බිරියන්” වෙලා ඇති….නමුත් ඒ අපූරු කාළඡේද සිහිවීමෙන් දැනෙන නොස්ටැල්ජියාවට ප්‍රතිකාර වශයෙන් කවුරු හරි පස්වෙනි මානයක සිටින ජීවියෙක් ඔබට ඒ එක් එක් පෙම්වතිය සමග එක නිමේෂයක් ගත කරන්න අවස්ථාවක් දුන්නොත් ( ඒ ඒ කාළවල හිටිය ඔබ වෙලා ) ඔබට ඇති ඒ හැම කෙනෙක් එක්කම ගයන්න විශේෂ ගීයක්….ලියන්න විශේෂ කවියක්….ඒ ඒ වකවානුවල ඔබේ ජීවිතය පවත්වා දීම වෙනුවෙන් ඇයට දෙන්න තෑග්ගක්….කරන්න බැරි වෙච්ච, එහෙත් කරොත් හිත සැහැල්ලු කරගන්න පුළුවන් අවසාන ස්තූතියක්….ඇතැම් විටෙක හදිසියේ හෝ කාළයත් සමග දියාරු වී යෑමෙන් අවසාන වුණු ප්‍රේමයක පෙම්වතිය සමග එක නිමේෂයක් ඒ කාළයේ ඔබ වෙලා ගත කරලා, ඒ ප්‍රේමයට ගෞරවනීය අවසානයක් දෙන්න ලැබුණොත්….?…..

මට තියෙනවා මගේ ජීවිතයේ හිටපු හැම පෙම්වතියක් සමගම ගයපු ඇයට අනන්‍ය වූ විශේෂ ගීයක්….ඒ ගීය සමග මතක් වෙන යුගයක්…ඒ යුගයේ හිටපු මම….මගේ ජය හෝ පරාජය, ශක්තිය හෝ සෙවළකම, නුවණක්කාරකම හෝ මෝඩකම….

අද අනුන්ට බිරියන් වී සිටින ඔවුන් තමයි දුර ගමනක් වාහනයක නිහඬව යනවිට මේ රටේ ගම්, නගර පසු වෙද්දි, කැලැන්ඩරයේ දින කැපි කැපී වසරක් ගෙවෙද්දි, මම ජීවත් වෙච්ච බව මට මතක් කරල දෙන්නෙ….මගේ ජීවිතේ මම කැමැත්තෙන් ජීවත් වෙච්ච බව මතක් කරලා දෙන්නෙ…

“ඇය සමග කථාබස් කළ තැන්, ඇය බසයෙන් බසින තුරු සිටි තැන්, ඇයව ගෙනත් ඇරලූ තැන්, ඇයට මුල්ම තෑග්ග අරන් දුන්න සාප්පුව, ඇයගේ උපන් දිනය ” යනාදි වශයෙන් ජීවිතයේ අතීතය නැමති මීදුම මැද්දෙන් විවිධ වර්ණවත් ඇඳුම් ඇඳගෙන, විවිධ තාලෙට මම ආස කරන කොණ්ඩ මෝස්තර දාගෙන, මතුවෙන මේ අතීත පෙම්වතියෝ, එදා පුරුදු හිනාවෙන් මට සංග්‍රහ කරලා, මම ජීවත් වුනා කියන සහතිකය මට දීලා ආයෙත් ඒ මීදුම ඇතුළටම නොපෙනී යනවා….

ඔබ ප්‍රභාමත් අහසක් සහිත ඔබේ තරුණ වයසට සමුදීලා ක්‍රමයෙන් අවපැහැ ගැන්වෙන අහසක් සහිත මාවතක යන්න සූදානම් වෙන විට, ඔබේ තරුණ වයස අරක් ගෙන සිටි ඒ අතීත පෙම්වතියො ඔබේ තරුණ විය අවසන් වෙන “දේශ සීමාවට” ඇවිත් ඔබට අත වනාවි….”ඔව් ඔබ ඔබේ තරුණ වයස සම්පූර්ණයෙන්ම ජීවත් වුනා…දැන් සතුටින් මැදිවිය සහ මහළුවිය බාර ගන්න” කියලා ඔවුන් එදා ඔබ පිස්සුවෙන් වගේ අහන්න ආසා කරපු කට හඬවල් වලින් කියාවි…. ඒ දිහා හැරිලා බලලා ඔවුන්ට අත වනන්න…ඔවුන් ආයෙත් හැරිලා ඔබේ අතීතය නැමති මීදුම තුළට අතුරුදහන් වෙයි….

Melancholia චිත්‍රපටියේ මම නැවත නැවතත් මතක් කරන දෙබසකට ගියොත් “Life on Earth is Evil”….ඒක එහෙමයි…අපි මේ ආදරය කරනව කියලා බදාගෙන රඟන්නේ ජෛව රසායනික සංකීර්ණතාවයක්….එතනින් එහා ගිය කිසිවක් ඒකෙ නෑ….ඔය මොන කෙහෙල්මලෙනුත් අවසානයේ ජෛව ගෝලය අපිට කියලා කරවගන්න හදන දේ එකයි….

ඒත් ඒ නොදැමුණු, පාලනයෙන් තොර ලෝකයේ ලැබෙන පොඩි විවේකයක් ආදරය කියලා අපිට ඇතිවෙන කෙහෙල්මල්, දඟකාර, මරිමෝඩ හැඟීම….

ඔවුන් සමග ගැයූ ඒ එක් එක් ගීත සියල්ල එකතු කරලා, අවසානයේ “ජූලියෝ ඉග්ලෙසියස් සහ විලී නෙල්සන්” කියන ස්පාඤ්ඤ සහ ඇමරිකානු ගායකයන්ගේ “To All The Girls I’ve Loved Before” නැමැති ගීයේ පද පෙළින් ඔවුන්ට ආචාර කරන්න කැමතියි…

To all the girls I’ve loved before,
Who traveled in and out my door
I’m glad they came along,
I dedicate this song
To all the girls I’ve loved before

To all the girls I once caressed,
And may I say, I’ve held the best,
For helping me to grow, I owe a lot, I know,
To all the girls I’ve loved before

The winds of change are always blowing
And ev’ry time I tried to stay
The winds of change continued blowing,
And they just carried me a way

To all the girls who shared my life,
Who now are someone else’s wife;
I’m glad they came along,
I dedicate this song
To all the girls I’ve loved before

To all the girls who cared for me,
Who filled my nights with ecstacy;
They live within my heart;
I’ll always be a part
Of all the girls I’ve loved before

The winds of change are always blowing
And ev’ry time I tried to stay
The winds of change continued blowing,
And they just carried me way

To all the girls we’ve loved before,
Who traveled in and out our door;
We’re glad they came along
We dedicate this song
To all the girls we’ve loved before

To all the girls we’ve loved before,
Who traveled in and out our doors;
We’re glad they came along
We dedicate this song
To all the girls we’ve loved, before…

Alien Abductions ….!

ඔන්න එක විවාහක කාන්තාවක් දවසක් රෑ නාගෙන පිරිසිදු වෙලා එහෙම ඇවිල්ලා නිදාගන්න ඇඳේ හාන්සි උනා….එහෙම ඉන්නකොට අධික දීප්තියක් සහිත ආලෝකයක් විහිදුවමින් අද්භූත ජීවීන් කිහිප දෙනෙක් මෙයා ළඟට ඇවිත්, මෙයාව අහසට අරගෙන යනවා….අරගෙන යන්නෙ මේ ගොල්ලන්ගෙ අභ්‍යවකාශ යානයක පිහිටි විද්‍යාගාරයකට….ඒක අධි තාක්ෂණික විද්‍යාගාරයක්….ඒ තාක්ෂණය මේ කාන්තාව අයත් මහපොළවේ මිනිස් ශිෂ්ඨාචාරයට ආලෝක වර්ෂ ගණනක් ඉදිරියෙන් තියෙන ඉතාම Advanced Civilization එකක තාක්ෂණය….මේ ගොල්ල මේ කාන්තාව Extra-Terrestrial Chemical Compounds සහිත Pool එකක බස්සවලා ඒ කෙමිකල්ස් වලින් නාවලා Chemical Quarantine කරනවා පෘතුවියේ ක්ෂුද්‍රජෛව බලපෑම නැති කරන්න….ඊට පස්සෙ මේ අය මේ කාන්තාවගේ Ovum එකකට ඒ ජීවීන්ගේ යම් ධාතුවක් introduce කරලා යුක්තාණුවක් සාදලා එය මෙම කාන්තාවගේ ගර්භාෂයේ තැන්පත් කරනවා….කරලා ඇයව යළිත් පෘතුවියේ ඇගේ නිවහනින් ගෙනත් තියනවා…මේ සියල්ලට ගත වෙන්නේ පැය කිහිපයක කාළයක්….නම්ත් ඇයව මේ කාළය තුල තබන්නෙ Coma එකක….මේ පමණක් නෙමෙයි neurotransmitters manipulate කරලා ඇයට දෘෂ්ටි මායා පේන්න සලස්වලා තියෙන්නෙ…ඇය එදින තුළ නිවසට එද්දී අතර මග දුටු සතෙකු පිළිබඳව දෘෂ්ටි මායා (Hallucinations ) ඒ මොහොතේ දකිමින් සිටිනවා….ඒකත් මේ පිටසක්වළ ජීවීන් කන්ට්‍රෝල් කරලා මොනිටර් කරනවා…සියල්ල සිදුවන්නේ ඔවුන්ගේ පර්යේෂණාගාර තත්වයන් තුල….

මේ Hybrid දරුවා සාමාන්‍ය මිනිස් දරුවෙක් උපදින කාළයම ගන්නවා උපදින්න….මොකද Hybrid Genome Assembly එකේ Human පදනම නිසා….නමුත් මේ දරුව අසාමාන්‍ය ජානමය සංයුතියක් නිසා සැකසුණු අසාමාන්‍ය සිරුරක් ඇති දරුවෙක් නිසා උපතේදී සිදුවන අධික රුධිර වහනය නිසා ඇතිවන Hypovolemic Shock එකෙන්ම මෙම කාන්තාව දින කිහිපයකට පසුව මිය යනවා….දරුවා ජීවත් වෙනවා….

මේ දරුවා Alien-Human Hybrid දරුවෙක් නිසා මිනිස් කයක් සමග මිනිස් වර්ගයාට ෆැන්ටසියක් පමණක් වූ අසාමාන්‍ය දේවල් කරන්න හැකියාව තියෙන දරුවෙක්…ඒ වගේම මොහුගේ ධාරණ ශක්තිය, පරිකල්පනය, සහ අවබෝධය සාමාන්‍ය මනුෂ්‍යයන්ව ගව් ගණනක් අබිබවා තිබෙනවා …..කුඩා කාළයේ පටන්ම වෙනත් මනුෂ්‍ය දරුවන්ට කළ නොහැකි දේ ඉතාම අද්භූත ජනක ලෙස කිරීමේ හැකියාවක් මේ දරුවාගේ කය සතුව තිබෙනවා….

abduction

තවත් නිවසක අවිවාහක දැරියක් ඉන්නවා කාමරයක….මේ දැරිය එක පාරට දකිනවා අතිශය දීප්තිමත් ආලෝක ධාරාවක් තමන් දෙසට ජනෙල් කවුළුව අතුරින් එනවා….ඒ එළිය සමග එන අතිශය දියුණු සංකීර්ණ, අපෙන් ආලෝක වර්ෂ ලක්ෂ ගණනක් ඈතින් වූ මන්දාකිණියක ජීවියෙක් මේ දැරියට කථා කරනවා…මේ ග්‍රහ ලෝකයේ කළින් ඉකුත් වූ ශබ්ද තරංග විශ්වයෙහි නිමා නොවෙන ගමනක යෙදෙමින් තිබියදී ඔවුන් Intercept කරලා Patterns Interpret කර නිසා ඔවුන්ට මේ දැරියට කථා කරන්න ප්‍රමාණවත් භාෂා ඥාණයක් තිබෙනවා….ඔවුන් ඇයට කියනවා උසස් තාක්ෂණය යටතේ කෘත්‍රිමව සංසේචනය කර සකසා ගන්නා ලද යුක්තාණුවක් ඇගේ ගර්භාෂයේ තැන්පත් කරන බව….වෙන කරන්න දෙයක් නැති නිසාත්, මේ බළවත් පිට සක්වළ ජීවීන්ට බැහැ කියන්න තිබුණු නොහැකියාව නිසාත් ඇය මෙයට යටත් වෙනවා….

ඇයගේ දරුවා පසු කළෙක බිහිවෙන්න සූදානම් වෙනකොට ඔවුන් ඇයව මිනිස් වාසයෙන් තරමක් බැහැර තැනකට ගෙනියනවා….මේ ඔවුන්ගේ වර්ගයේ සහ මිනිස් වර්ගයේ DNA Sequencing Data code එක දරන දරුවා බිහිවන මොහොත සජීවීව රූපගත කර, සිය මව් ග්‍රහ ලොවට විසුරුවා හරින බලාපොරොත්තුවෙන් ඔවුන්ගේ අභ්‍යවකාශ යානයක් දරුවා බිහිවන තැනට ඉහළින් රැඳී සිටිනවා….හාත්පස කලුවර මොහොතක් නිසා එකී අභ්‍යවකාශ යානය අධි දීප්ත වළිගයක් බඳු වූ ආලෝක දහරාවක් මගින් දරුවා උපදින තැන ප්‍රභාමත් කරනවා…

මේ දරුවා උපදිද්දි මව මිය යන්නෙ නැත්තෙ මෙතන ඒ පිට සක්වළ ජීවී විද්‍යාඥයන්ම විවිධ තැන්වල හිඳිමින් දරුවාගේ උපතේදී එයට අවශ්‍ය වෛද්‍ය තාක්ෂණික සහාය ලබා දෙන නිසා…එයින් එක් විද්‍යාඥයෙක් යාබද කාන්තාරයේ විවිධ රාත්‍රී රක්ෂා කරමින් සිටි පිරිස් වෙත ගිහින් මේ දරුවා ගැන කියනවා, මොකද ඔවුන් තව සුළු මොහොතකින් පෘතුවි වායුගෝලයෙන් බැහර වූ පසුව, ඒ අයගෙන් දරුවාට ආරක්ෂාවක් සැළසෙන නිසා….

trucker-ufo-640x384

මේ Hybrid දරුවාටත් සුවිශේෂී හැකියාවන් ලැබෙනවා….මිනිස් ප්‍රජාවගේ Congenital Disorders හඳුනාගෙන ඒවා ඒ මොහොතේම Matter exploit කරලා correct කරන්න ඔහුට පුළුවන්….ඔහුට Matter Bend කරන්න පුලුවන්…ඒ නිසා Liquid properties & composition වෙනස් කරන්න පුලුවන් ..එවැනි දේ…Liquid වල (Specially Water) Surface Tension එක ආරක්ෂා වෙන තරම් මෘදුව මෞල අතර දීර්ඝ විස්ථාපනයකින් යුතු ස්කන්ධයක් සිය දෙපතුළට දීමට ඔහුට පුළුවන්…

දැන් රෑ බෝ වෙලා නිසා කතන්දර මෙතනින් නවත්තනවා….මේවා මේ පෘතුවියේ කාන්තාවන් දෙදෙනෙකු පිළිබඳව මන්ංකල්පිත කථාවක් කිව්වෙ………

දැන් ඔයගොල්ලොත් නිදා ගන්නකො….මේක කියවද්දි මේ වෙන වෙන  කථා මතක් වෙලා බයක් චකිතයක් ආවොත් තමන්ගෙ ආගමික ශාස්තෘවරයගේ ගුණ සිහි කරලා නිදාගන්නකො…..

කෙල්ලද? කාර් එකද?…

( මේක පොඩි සමාජ පරීක්ෂණයක්…ඒ නිසා මේ ප්‍රශ්ණයේ සදාචාරාත්මක පැත්ත ගැන විවේචනය කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා…උදා: කාන්තාව වාස්තවීකරණය (Objectification), මනුෂ්‍ය ජීවිතයක පර්යාය වටිනාකම වාහනයක් හා සැසඳීම වගේ අතිශය සංවේදී පැති අදින්න එපා….හුදු පිරිමි සමාජයේ ඇතුලාන්තය සමග කරන පරීක්ෂණයක් පමණයි….ඒ නිසා ශිෂ්ඨත්වය පසෙකලා මේ අශිෂ්ඨ, නොදැමුණු පිරිමි ෆැන්ටසිය තුළ සෘජුව අමු උත්තර දෙන්න…ඔබේ උත්තරයට හේතුවත් කියන්න…)

ford-mustang-rear-view-mary.jpg

පින්තූරෙ තියෙන දේ පේනවනෙ?

රයිට් මෙන්න චැලේන්ජ් එකක්.

දැන් නිකමට හිතන්න ඔබ ගැන පැහැදුණු වෘක්ෂ දේවතාවෙක් ඔබව මෙතනට රැගෙන යනවා….දැන් ඔන්න මේ කාර් එක සහ කෙල්ල ඔබ ඉදිරියේ….වෘක්ෂ දේවතාවා ඔබට දෙනවා වරමක්….

හැබැයි දැන් ඔබ ඉදිරියේ තියෙන මේ දෙකෙන් දෙකම ලබාගන්න ඔබට බැහැ….දෙකෙන් එකයි තෝරගන්න පුලුවන්….ඒක කරන්නත් ඕන ක්‍රමවේදයක් තියෙනවා…

වෘක්ෂ දේවතාවා ඔබට දිගු කරනවා ට්‍රේ එකක තියලා පිස්තෝලෙකුයි, යතුරකුයි…මේ යතුර එතනම ඈතින් නවත්තලා තියෙන කැටපිලර් යන්ත්‍රයක යතුර….ඔබ එක්කෝ පිස්තෝලය තෝරාගෙන කෙල්ලට වෙඩි තබා මැරිය යුතුයි…නැත්තන් ඔබ යතුරෙන් කැටපිලර යන්ත්‍රය පණ ගන්වාගෙන ඇවිත් කාර් එක කුඩු පට්ටම් කරලා, තලලා දැමිය යුතුයි….ඒ දෙකෙන් ඉතිරි වෙන එක තමයි ඔබට ලැබෙන්නෙ….

පිස්තෝලෙ අරගෙන කෙල්ලව මැරුවොත් කාර් එක දෙනවා. හැබැයි වෙඩි තැබීමට පෙර කෙල්ලට මොනවත් කරන්න, ඇඟට අතක්වත් තියන්න බෑ, අඩුම ගාණේ ළඟට වත් යන්න බෑ… වචනයක් වත් නොදොඩා කෙළින්ම ඇයට වෙඩි තියලා දාන්නයි තියෙන්නෙ.. කාර් එක ඒ මොහොතෙම ඔබේ සම්පූර්ණ අයිතියට ලැබෙනවා…. (මිනීමැරුම් නඩු නෑ…ඔබට කිසිදු චෝදනාවක් එල්ල වන්නේ නෑ… අපි හිතමු ආගමික විඥාණයන් අනුව “පව්” සිද්ද වෙනවා කියලා දේකුත් නැහැ කියලා….කිසි ගින්නක් නෑ…කාර් එක ඔබේ…අරගෙන 100 ට පාගන්නයි තියෙන්නෙ )……( නොදන්න උන්ට : මේ තියෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත ෆෝඩ් මස්ටෑන්ග් (2012) එකක්. 5000 cc V8 එන්ජිම. අශ්ව බළ 400. Shaker 1000W Sound System, HD display, reverse cam .. තප්පර 6 න් 0 – 100 ට ගන්න පුලුවන් ..උපරිම වේගය පැයට කිලෝමීටර් 230කට පමණ පහසුවෙන්ම ළඟාවිය හැකියි…..වාර්ථාගත ජවයක් සහ සුඛෝපභෝගීත්වයක් ඇති මෙවැනි රථයන් බොහෝ විට පවතින්නේ ලොව ධනවත්ම මිනිසුන්ගේ ගරාජයන්හි….පොප්, රැප් සහ සිනමා සුපිරි තරු මේ රථයේ පෞර්ෂයට දැඩි ඇල්මක් දක්වනවා…)

කැටපිලර් එක අරගෙන කාර් එක කුඩු පට්ටම් කරල දැම්මොත් කෙල්ල පණ තියෙන කල් ඔබේ. ඇය එක්ක ඕන ෆන් එකක් ගන්න පුළුවන්. හිතේ හැටියට ඔබගේ ඔක්කොම Sexual ෆැන්ටසි ඇය එක්ක කරන්න පුලුවන්. Bondage, BDSM, Anal, Positions අරවද මේවද ඕන එකක් කරන්න පුළුවන්. දවසට ඔබට ඇති කියලා හිතෙන ඕනම වාර ගණනක් ලිංගිකව එක් වෙන්න පුලුවන්….ඔබ කියන ඕනම දේකට ඇය නිහඬවම කීකරු වෙනවා….ඇය “Miss USA”වශයෙන් තේරුණේ මේ මෝටර් ර්ථය නිපදවපු 2012 වසරේදි… දැන් වසර 4 ක් ගතවෙලා උනත්, තවමත් ඇය ඇමරිකා එක්සත් ජනපදයේ සරාගීම කතුන් 10 දෙනා අතර සිටින ඉතාම නිරෝගී යෞවණියක්….හැබැයි කාර් එක කුඩු පට්ටම් කරල දාන්න ඕන. චැසියවත් ඉතුරු නොවෙන්න තලලා පොඩි කරන්න ඕන…පොඩි කරලා විනාශ වුණු මෝටර් රථය මතින් කැටපිලර් යන්ත්‍රය ධාවනය කරන්න ඕන… ඔබට එක වතාවක් වත් කාර් එකට ගොඩවෙන්නත් බෑ, එළවන්නත් බෑ, අඩුම ගානේ සයිඩ් කණ්නාඩියවත් අල්ලන්න  බෑ….කෙළින්ම කුඩු පට්ටම් කරන්න පටන් ගන්නයි තියෙන්නෙ.

 

මහත්වරුණි….

කාර් එකද? කෙල්ලද?…කෙල්ලද? කාර් එකද?….

එහෙමත් පුලුවන්ද?

නොදන්න මඟුල් කථා කරමු..

එහෙමත් පුලුවන්ද?

biverseblog

තේරුමක් නැති තහනම් වචන

AngieTrafford

The world of words

Violent metaphors

Thoughts from the intersection of science, pseudoscience, and conflict.

TED Blog

The TED Blog shares news about TED Talks and TED Conferences.

Skeptical Software Tools

Applying the power of the programmable web to the purposes of skepticism.

History Tech

History, technology, and probably some other stuff

Tech

News and reviews from the world of gadgets, gear, apps and the web

තහනම් වචන

සිරගත කළ වචන වල සයිබර් අවකාශීය පලායාම Cyber exodus of censored utterances