Alien Abductions ….!

ඔන්න එක විවාහක කාන්තාවක් දවසක් රෑ නාගෙන පිරිසිදු වෙලා එහෙම ඇවිල්ලා නිදාගන්න ඇඳේ හාන්සි උනා….එහෙම ඉන්නකොට අධික දීප්තියක් සහිත ආලෝකයක් විහිදුවමින් අද්භූත ජීවීන් කිහිප දෙනෙක් මෙයා ළඟට ඇවිත්, මෙයාව අහසට අරගෙන යනවා….අරගෙන යන්නෙ මේ ගොල්ලන්ගෙ අභ්‍යවකාශ යානයක පිහිටි විද්‍යාගාරයකට….ඒක අධි තාක්ෂණික විද්‍යාගාරයක්….ඒ තාක්ෂණය මේ කාන්තාව අයත් මහපොළවේ මිනිස් ශිෂ්ඨාචාරයට ආලෝක වර්ෂ ගණනක් ඉදිරියෙන් තියෙන ඉතාම Advanced Civilization එකක තාක්ෂණය….මේ ගොල්ල මේ කාන්තාව Extra-Terrestrial Chemical Compounds සහිත Pool එකක බස්සවලා ඒ කෙමිකල්ස් වලින් නාවලා Chemical Quarantine කරනවා පෘතුවියේ ක්ෂුද්‍රජෛව බලපෑම නැති කරන්න….ඊට පස්සෙ මේ අය මේ කාන්තාවගේ Ovum එකකට ඒ ජීවීන්ගේ යම් ධාතුවක් introduce කරලා යුක්තාණුවක් සාදලා එය මෙම කාන්තාවගේ ගර්භාෂයේ තැන්පත් කරනවා….කරලා ඇයව යළිත් පෘතුවියේ ඇගේ නිවහනින් ගෙනත් තියනවා…මේ සියල්ලට ගත වෙන්නේ පැය කිහිපයක කාළයක්….නම්ත් ඇයව මේ කාළය තුල තබන්නෙ Coma එකක….මේ පමණක් නෙමෙයි neurotransmitters manipulate කරලා ඇයට දෘෂ්ටි මායා පේන්න සලස්වලා තියෙන්නෙ…ඇය එදින තුළ නිවසට එද්දී අතර මග දුටු සතෙකු පිළිබඳව දෘෂ්ටි මායා (Hallucinations ) ඒ මොහොතේ දකිමින් සිටිනවා….ඒකත් මේ පිටසක්වළ ජීවීන් කන්ට්‍රෝල් කරලා මොනිටර් කරනවා…සියල්ල සිදුවන්නේ ඔවුන්ගේ පර්යේෂණාගාර තත්වයන් තුල….

මේ Hybrid දරුවා සාමාන්‍ය මිනිස් දරුවෙක් උපදින කාළයම ගන්නවා උපදින්න….මොකද Hybrid Genome Assembly එකේ Human පදනම නිසා….නමුත් මේ දරුව අසාමාන්‍ය ජානමය සංයුතියක් නිසා සැකසුණු අසාමාන්‍ය සිරුරක් ඇති දරුවෙක් නිසා උපතේදී සිදුවන අධික රුධිර වහනය නිසා ඇතිවන Hypovolemic Shock එකෙන්ම මෙම කාන්තාව දින කිහිපයකට පසුව මිය යනවා….දරුවා ජීවත් වෙනවා….

මේ දරුවා Alien-Human Hybrid දරුවෙක් නිසා මිනිස් කයක් සමග මිනිස් වර්ගයාට ෆැන්ටසියක් පමණක් වූ අසාමාන්‍ය දේවල් කරන්න හැකියාව තියෙන දරුවෙක්…ඒ වගේම මොහුගේ ධාරණ ශක්තිය, පරිකල්පනය, සහ අවබෝධය සාමාන්‍ය මනුෂ්‍යයන්ව ගව් ගණනක් අබිබවා තිබෙනවා …..කුඩා කාළයේ පටන්ම වෙනත් මනුෂ්‍ය දරුවන්ට කළ නොහැකි දේ ඉතාම අද්භූත ජනක ලෙස කිරීමේ හැකියාවක් මේ දරුවාගේ කය සතුව තිබෙනවා….

abduction

තවත් නිවසක අවිවාහක දැරියක් ඉන්නවා කාමරයක….මේ දැරිය එක පාරට දකිනවා අතිශය දීප්තිමත් ආලෝක ධාරාවක් තමන් දෙසට ජනෙල් කවුළුව අතුරින් එනවා….ඒ එළිය සමග එන අතිශය දියුණු සංකීර්ණ, අපෙන් ආලෝක වර්ෂ ලක්ෂ ගණනක් ඈතින් වූ මන්දාකිණියක ජීවියෙක් මේ දැරියට කථා කරනවා…මේ ග්‍රහ ලෝකයේ කළින් ඉකුත් වූ ශබ්ද තරංග විශ්වයෙහි නිමා නොවෙන ගමනක යෙදෙමින් තිබියදී ඔවුන් Intercept කරලා Patterns Interpret කර නිසා ඔවුන්ට මේ දැරියට කථා කරන්න ප්‍රමාණවත් භාෂා ඥාණයක් තිබෙනවා….ඔවුන් ඇයට කියනවා උසස් තාක්ෂණය යටතේ කෘත්‍රිමව සංසේචනය කර සකසා ගන්නා ලද යුක්තාණුවක් ඇගේ ගර්භාෂයේ තැන්පත් කරන බව….වෙන කරන්න දෙයක් නැති නිසාත්, මේ බළවත් පිට සක්වළ ජීවීන්ට බැහැ කියන්න තිබුණු නොහැකියාව නිසාත් ඇය මෙයට යටත් වෙනවා….

ඇයගේ දරුවා පසු කළෙක බිහිවෙන්න සූදානම් වෙනකොට ඔවුන් ඇයව මිනිස් වාසයෙන් තරමක් බැහැර තැනකට ගෙනියනවා….මේ ඔවුන්ගේ වර්ගයේ සහ මිනිස් වර්ගයේ DNA Sequencing Data code එක දරන දරුවා බිහිවන මොහොත සජීවීව රූපගත කර, සිය මව් ග්‍රහ ලොවට විසුරුවා හරින බලාපොරොත්තුවෙන් ඔවුන්ගේ අභ්‍යවකාශ යානයක් දරුවා බිහිවන තැනට ඉහළින් රැඳී සිටිනවා….හාත්පස කලුවර මොහොතක් නිසා එකී අභ්‍යවකාශ යානය අධි දීප්ත වළිගයක් බඳු වූ ආලෝක දහරාවක් මගින් දරුවා උපදින තැන ප්‍රභාමත් කරනවා…

මේ දරුවා උපදිද්දි මව මිය යන්නෙ නැත්තෙ මෙතන ඒ පිට සක්වළ ජීවී විද්‍යාඥයන්ම විවිධ තැන්වල හිඳිමින් දරුවාගේ උපතේදී එයට අවශ්‍ය වෛද්‍ය තාක්ෂණික සහාය ලබා දෙන නිසා…එයින් එක් විද්‍යාඥයෙක් යාබද කාන්තාරයේ විවිධ රාත්‍රී රක්ෂා කරමින් සිටි පිරිස් වෙත ගිහින් මේ දරුවා ගැන කියනවා, මොකද ඔවුන් තව සුළු මොහොතකින් පෘතුවි වායුගෝලයෙන් බැහර වූ පසුව, ඒ අයගෙන් දරුවාට ආරක්ෂාවක් සැළසෙන නිසා….

trucker-ufo-640x384

මේ Hybrid දරුවාටත් සුවිශේෂී හැකියාවන් ලැබෙනවා….මිනිස් ප්‍රජාවගේ Congenital Disorders හඳුනාගෙන ඒවා ඒ මොහොතේම Matter exploit කරලා correct කරන්න ඔහුට පුළුවන්….ඔහුට Matter Bend කරන්න පුලුවන්…ඒ නිසා Liquid properties & composition වෙනස් කරන්න පුලුවන් ..එවැනි දේ…Liquid වල (Specially Water) Surface Tension එක ආරක්ෂා වෙන තරම් මෘදුව මෞල අතර දීර්ඝ විස්ථාපනයකින් යුතු ස්කන්ධයක් සිය දෙපතුළට දීමට ඔහුට පුළුවන්…

දැන් රෑ බෝ වෙලා නිසා කතන්දර මෙතනින් නවත්තනවා….මේවා මේ පෘතුවියේ කාන්තාවන් දෙදෙනෙකු පිළිබඳව මන්ංකල්පිත කථාවක් කිව්වෙ………

දැන් ඔයගොල්ලොත් නිදා ගන්නකො….මේක කියවද්දි මේ වෙන වෙන  කථා මතක් වෙලා බයක් චකිතයක් ආවොත් තමන්ගෙ ආගමික ශාස්තෘවරයගේ ගුණ සිහි කරලා නිදාගන්නකො…..

7 thoughts on “Alien Abductions ….!”

  1. අනේ මන්ද අහල පුරුදු වචනත් තියනව ……
    තේරුනා මදිද මන්ද

    1. ඩ්‍රැකියගෙ comment එක දැක්කෙ දැං නෙ! අන්න දැං තමා යන්තං සෙන්ටර් වෙන්න ගත්තෙ

      1. //Liquid වල (Specially Water) Surface Tension එක ආරක්ෂා වෙන තරම් මෘදුව මෞල අතර දීර්ඝ විස්ථාපනයකින් යුතු ස්කන්ධයක් සිය දෙපතුළට දීමට ඔහුට පුළුවන්

        දැං ගිලෙන්න යන මිිනිහව අැදල ගන්නකොට එ් මනුස්සයගෙ බර නිසා surface tension එක ඉක්මවා යන්නැද්ද?

        ඔ්කට කරන්න ඔ්න වතුර ටික solid phase එකකට transform කරල ඊට පස්සෙ ගිලෙන්න යන එක්කෙනාව ගොඩට අැදල අායෙ වතුර ටික liquid phase එකට හරවන්න ඔ්න!

        https://www.scribd.com/fullscreen/103203409?access_key=key-kzgu4xrohu9tbevfpv7

        ශන්න ඔ්කෙ අග හරිය බලන්න නිවාඩු වෙලාවක

        ඔය research team එකෙං එලවපු scientist කෙනෙකුත් ඉන්නව නේ 😀

  2. සිද්ධාර්ථ ගෞතම හා ජේසු ව හිතේ තියාගෙන මේ කතාව ලිව්ව කෙනාගේ පරිකල්පන ශක්තිය අනුව එයත් හයිබ්‍රිඩ් දරුවෙක්ද කියල හිතෙනවා 🙂

Leave a comment