සෝමගේ මොණරා….

මොණර මාක් සෝමක්කගේ වාහිනිය….
වෙලාවකට වැනි රෝහල් මෝචරිය….
මිනී බෙදන එකමය රාජ කාරිය….
ලෙඩක්, දුකක් මිනියක් නැත්නම් බැරිය…

පරණ ළමා ගී රී මික්ස් කරපු යුගේ….
ජපන් පැදුර අද මෙන් මතකයට නැගේ…
ළමුන් ගයන විකුණා මහ පාර දිගේ….
අනුන් වියදමිනි සෝමා නිවන් මගේ…..

… මහ වංසයට ඇරි විජ්ජුත් ටීකාව….
ෆෝම් කළා අගේට හිටි ජැක්කාව…
සිහි කර එයින් නොනැවත බලු මැක්කාව….
ජැක්කා දුටු ගැමුණු කෙරුවා ලොක්කාව….

මුල් පිටු ඇරිය උන් විළ ලඟ ගෙයට පැන…
වල් වැඩ කරනවලු ඇහුවම හිනා එන….
ජිල් බරි කරපු උන් සෝමගේ මිදුල මැන…
ෆුල් සැප විඳිති ලොක්කගෙ ගෙමිදුලට පැන…

උගසට අරන් පොඩි මිනිහගේ දුක් ගින්න…
වත්කම් යා දෙයිද ගිනි පොළියට ගන්න…
කළුතර අර පුතා නදියට බිලි දුන්න…
ඒ දුක නේද ලැබුණේ විකුණා ගන්න…

දෙවියන් දේවාල කපුවන් හොර හැත්ත…
ගණ ගෙඩියන්ද මන්තර ගුරුකම් පැත්ත…
වෙන මහ විපත නොසිතම විකුණා ගත්ත…
චැනලය කුණු වළකි මේකයි හරි ඇත්ත…

තම ඇහැ පිරෙන තඩි කොස් ලී කොටයේ රඟේ…
නොදැකම අනුන්ගේ කුණු රොඩු සොයන අගේ…
දවසේ වැරැද්දට නැති මුත් රෙද්ද උගේ…
ලබ්බද මොණරු පෙන්නන්නේ අනුන් ඇඟේ…?

වරාය ගීතය…

නන්නත්තාරයි දැන් නම් වරාය සුදු අලියෙක් වාගේ….
වාහන ටිකවත් බා ගත්තෝතින් හොඳ වෙයි මේ රෝගේ….
හැදුවත් චීනා තවමත් කළු ගල කඩලා නෑ වාගේ….
බලහත්කාරෙන් බාගෙන වාහන ගෙන එමු අධි වේගේ….//

බොරු අරුමෝසම් රජ සෙල්ලම් දා ඇරියට එහි වතුර…..
නොපෙනෙන අනතුර වැදුණොත් නැවකට බඩුම තමයි මිතුර….
තාවකාළිකව කරපු මෝඩකම් කෙළ වී යන අතර….
සදාකාළෙටම වැඩක් කරන්නට පාඩම ගල් පතුර….

… නන්නත්තාරයි ….//

මාගම්පුර ලස්සන දිස් වූයේ උත්සවයේ විතරයි….
නැවක් එන්නෙ නෑ හදිස්සියෙන් හරි, ඒ ලස්සන ඉවරයි….
වරාය කන්නද? නැව් එන්නේ නැති හින්දා මළ කෙළියයි….
පීනන්නටවත් හදලා දුන්නොත් ඇත්තට හරි ජොලියයි….

( අතුල සිල්වා ගායනා කරන “හිතුවක්කාරයි නුඹ නම් සොඳුර” ගීයත් මේ වගේමය… කතරගම යන ගමං ඒ තාලයට ගැයීමට සුදුසු වුවත්, පොල් මල් ගැසූ සුදු වෑන් වලට, පොල් මල් නැති සුදු වෑන් ඉස්සර කළොත් වග කියනු නොලැබේ… )