Category Archives: Uncategorized

ලොව සංකීර්ණම ජනාධිපතිවරණය වන ඇමරිකානු ජනාධිපතිවරණය තේරුම් ගමු

ලෝකයේ සංකීර්ණම ජනාධිපතිවරණ ක්‍රියාදාමය හෙවත් ඇමරිකානු ජනාධිපතිවරණය තේරුම් ගනිමු – 01

( පළමු සහ දෙවැනි කොටස් සඳහා සබැඳි පහත කමෙන්ටු අතර ඇත )

අපේ රටේ වගේ ඇමරිකාවේ ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් ප්‍රධාන ජාතික දේශපාලන පක්ෂ දෙකෙන් ඉදිරිපත්වන අපේක්ෂයන් දෙදෙනා තීරණය කරනු ලබන්නේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවක් මගින් වත්, පක්ෂයේ නායකයාගේ කැමැත්ත අනුවවත් නෙමෙයි…ඇමරිකාවේ ප්‍රධාන ජාතික දේශපාලන පක්ෂ වල ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයාව තෝරන්නත්, විවිධ දේශපාලන නායකයන් අතරේ පක්ෂ අභ්‍යන්තරයේ ජාතික මට්ටමේ ඡන්ද පැවැත්වෙනවා….ඒ ඒ පක්ෂ වල පාක්ෂිකයන්, සහ පොදුවේ ඇමරිකානු මහ ජනතාව තම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීමේ ඡන්දයකට සහභාගී වෙනවා…මේ දිනවල පැවැත්වෙන්නෙ ඒක….

මේ ඡන්දය කෙරෙන ආකාරය ගැන තමයි මෙතැන් සිට ලිපි මාලවක් මගින් ඔබට කියා දෙනු ලබන්නේ…මේක ඉතාම සංකීර්ණ දේශපාලනික ක්‍රියාවලියක්….

අද අපි එහි පළමු පියවර වශයෙන් “Caucus” ගැන කියවමු…..

“Caucus” එකක් යනු කුමක්ද? –

හුඟක් ඇමරිකානු ප්‍රාන්ත වල මේ පක්ෂයේ අපේක්ෂකයා තෝරන්නේ “ප්‍රයිමරි” ( Primary ) මගින්….මේ “ප්‍රයිමරි” කියන්නෙ මොකක්ද කියන එක මෙම ලිපි මාලාවේ ඉදිරියට පැහැදිලි කරනවා…..ප්‍රයිමරි වර්ග දෙකක් තියෙනවා….එකක් තමයි Open Primary … අනික තමයි Closed Primary ( ඉදිරියෙදි විස්තර කරන්නම් ) ….මේවයෙදි කරන්නෙ රහස්‍ය ඡන්දයක් පවත්වලා ඒ ඒ පක්ෂ වල අපේක්ෂකයා තෝරන එක….

නමුත් සමහර ප්‍රාන්තවල සංවිධාන ගොඩනැගිලි, රජයේ රැස්වීම් ශාලා, ක්‍රීඩාංගණ, පාසැල් ආදියට ඒ ඒ පක්ෂ වල සංවිධායකයන් විසින් පාක්ෂිකයන් රැස් කරවලා, ඒ අය අතරින් ඡන්දයක් තියලා අපේක්ෂකයා තෝරා ගැනීම කරන්න පිහිටුවන ඒකකයන්ට කියනවා “Caucus” කියලා….

මේ තමා ඇමරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද දායක ඒකක අරගෙන බැලුවොත් කුඩාම ඒකකය…දැන් අපේ තියෙනවනේ ග්‍රාම සේවක වසම් මට්ටමෙන්, ආසන මට්ටමෙන්, දිස්ත්‍රික් මට්ටමෙන් එහෙම කුඩා ප්‍රමාණයේ රැස්වීම් ( “පොකට් මීටින්ග්ස්” කියන්නෙ…ගෙවල් වල මිදුලවල් වල, ග්‍රාම සංවර්ධන සමිති ශාලා වල, බණ මඩුවල එහෙම කරන රැස්වීම් ) වළ ඉඳලා මහා පරිමාණයේ දිස්ත්‍රික් මට්ටමේ රැළි එහෙම තියෙන්නෙ….අන්න ඒ වගේ ඇමරිකාවෙ තියෙන කුඩාම ඒකකය….මෙතන ඒ ගොල්ලන්ගෙ වෙනසක් තියෙනවා…ඒ වෙනස තමයි ඇමරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ වල, පක්ෂය වෙනුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා තෝරන්න පක්ෂ අභ්‍යන්තරයෙන් ඡන්දයක් පැවැත්වෙනවා….ඒ ඡන්දයට සහභාගී වෙන්නෙ ඒ ඒ පක්ෂ වල පාක්ෂිකයන්…ඇමරිකාව කියන්නේ වර්ග කිලෝමීටර් මිලියන 9.7 ක් තියෙන ඉතාම දැවැන්ත රටක්….ඉතින් අතීතයේදි මේ විශාල භූමි වපසරිය තුළ තමන්ගේ පක්ෂ වල බිම් මට්ටම සංවිධානය කරගන්න තමයි මේ “Caucus” කියන ඒකකයන් හඳුන්වා දෙන්නෙ…

මේ Caucus වලදි ඡන්දය භාවිතා කරන පාක්ෂිකයන් ඇත්ත වශයෙන්ම තෝරන්නෙ තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නෙමෙයි….ඒ අපේක්ෂකයාව තෝරන Delegate හෙවත් “නියෝජිතයා” … මේ Delegate හෙවත් “නියෝජිතයා” කවුදැයි ඉදිරියෙදි විස්තර කරන්නම් …

ප්‍රධාන පක්ෂ දෙක වන ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය මේ “කෝකස්” මට්ටමේදි තම තමන්ගේ පක්ෂවල අපේක්ෂකයා තෝරන ඡන්දය සංවිධානය කරන්නේ වෙනස් ක්‍රමවේද වලට….උදා: රිපබ්ලිකන් පක්ෂය කෝකස් එකේදි පවත්වන්නේ තමන්ගේ අපේක්ෂකයා තෝරන රහස් ඡන්දයක්….ඒකෙන් ජයග්‍රහණය කරන කෙනාට අදාළ කෝකස් එකට වෙන් වෙච්ච ඩෙලිගේට් හෝ ඩෙලිගේට්ස්ලා හිමිවෙනවා..( සමහර ප්‍රාන්ත වලදි ජයග්‍රාහකයා කෝකස් එකේ නියෝජිතයන් සියල්ලම ලබා ගන්නවා….සමහර ප්‍රාන්ත වලදි සමානුපාතික ඡන්ද ක්‍රමයට ඒ නියෝජිතයන් බෙදා දෙනු ලබනවා )…ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා වෙන්න බලාපොරොත්තු වෙන උදවිය ඒ ඒ කෝකස් එකේ සමස්ථ සහභාගීත්වයෙන්, සහභාගී වූ පාක්ෂිකයන් සංඛ්‍යාවෙන්, එක්තරා නියම කරන ලද අවම ප්‍රතිශතයක් ලබා ගත යුතුයි…ඒ ප්‍රතිශතයට ඉහළින් ඡන්ද ලබා ගන්න අයට ඒ කෝකස් එකට අනුකූල නියෝජිතයන් යම් ප්‍රමාණයක්, තමන් ලබා ගත්තු ඡන්ද ප්‍රමාණයට අනුව හිමිවෙනවා….

මේ කෝකස් සටන් වලදී “අයෝවා” ( Iowa ) කියන ප්‍රාන්තයෙ කෝකසස් උපාය මාර්ගිකව ඉතාම වැදගත් වෙනවා….අයෝවා ප්‍රාන්තයෙදි සාර්ථක වෙන දේශපාලකයන් බොහෝ විට ජාතික මට්ටමේදිත් සාර්ථක වන බවට පොදු විශ්වාසයක් පවතිනවා…ඒකට හේතුවෙච්ච දේශපාලනික සාධක බොහොමයක් තියෙනවා….මේ විශ්වාසය සමාජගත වුනේ ජාතික මට්ටමෙන් එතරම් ප්‍රකට චරිතයක් නොවන ජෝජියාව කියන ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාර ජේම්ස් අර්ල් කාටර් හෙවත් “ජිමී” කාටර් 1977 වසරෙදි අයෝවා ප්‍රාන්තයෙන් සාර්ථකව අරඹපු ජනපතිවරණ සටන ඔහුට ජනාධිපති ධුරය කරාම යන්නට රුකුළ් දීපු නිසා….අයෝවා වලදි යම් නායකයෙක් සාර්ථක වුනොත්, ඔහුට ඉතාම පහසුවෙන් ජාතික ප්‍රතිරූපයක් ගොඩ නගා ගන්න පුලුවන් කියලා ඇමරිකානුවන් විශ්වාස කරනවා…

මෙලෙස ජාතික දේශපාලන පක්ෂවල ජනාධිපතිවරණැ අපේක්ෂකයා “කෝකස්” මගින් තෝරන ප්‍රාන්ත පහත පරිදියි :

“අයෝවා, මිනසෝටා, කොළරාඩෝ, නෙවාඩා, හවායි, මේයෙන්, අයිඩහෝ, කැන්සාස්, ඇලස්කා, වයෝමිං, නෙබ්‍රාස්කා, වොෂිංටන් ( ඩී.සී අගනුවර නොවේ…ප්‍රාන්තය ), ෆ්ලොරිඩා, උතුරු ඩැකෝටා, සැමෝවා ප්‍රාදේශිකය, සහ එක්සත් ජනපද “වර්ජින් අයිලන්ඩ්” කළාපය….

තව පොඩි දෙයක් කියල දෙන්නම් මේක අවසන් කරන්න කළින් …. මේ රිපබ්ලිකන් පක්ෂයට”GOP” කියලා කියන්නෙ ඇයි….?….

GOP කියන එකේ තේරුම “Grand Old Party” කියන එක…මේ ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය දෙකම ඉස්සර එහි නිර්මාතෘවරුන් වන “තෝමස් ජෙෆර්සන්” සහ “ජේම්ස් මැඩිසන්” කියන නායකයන් දෙදෙනා යටතේ තිබුණේ තනි පක්ෂයක් විදියට….1792 ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්ගේ “ෆෙඩරලිස්ට් පක්ෂයට” එරෙහිව තමයි මේ පක්ෂය නිර්මාණය කලේ….එවකට පැවති පැරණි රිපබ්ලිකන් පක්ෂය “ඩිමොක්‍රටික් – රිපබ්ලිකන්” පක්ෂය ලෙස ප්‍රති සංවිධානය වුනා වඩා ශක්තිමත් මධ්‍යම රජයක පාලනයක් පිළිබඳව විශ්වාස කරපු හැමිල්ටන්ට සහ ජෝන් ඇඩම්ස්ට එරෙහිව….

පසු කළෙක 1828 දී, එතෙක් ජනපති ලෙස හිටපු ජේම්ස් මොන්‍රෝගෙන් පසුව ඇන්ඩෘ ජැක්සන් කියන දේශපාලකයාට ජනාධිපති ධූරය හිමිවෙනවාට එරෙහි වෙච්ච ජෝන් ක්වින්සි ඇඩම්ස් සහ හෙන්-රි ක්ලේ කියන දේශපාලකයන් දෙදෙනා විසින් ඇන්ඩෘ ජැක්සන් විරෝධීන් එකතු කරගෙන, මේ තනි පක්ෂය කඩාගෙන ගිහින් “ජාතික රිපබ්ලිකන් පක්ෂය” කියලා එකක් හදා ගන්නවා….මෙතන තිබුණේ ප්‍රතිපත්තිමය ගැටුමකට වඩා පෞද්ගලික දේශපාලන විසංවාදයක්….එම 1828 වසරේදීම ඇන්ඩෘ ජැක්සන් ජනාධිපතිවරයා “ඩිමොක්‍රටික් පක්ෂය” තනි පක්ෂයක් ලෙස ප්‍රති නිර්මාණය කරනවා…..මෙන්න මෙහෙමයි වත්මනේදි ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන ප්‍රධානතම ජාතික දේශපාලන පක්ෂ දෙක බිහිවෙන්නෙ….

( මේ කථාව කියෙව්වාම වෙන රටක් සහ ඒ රටේ ප්‍රධාන ජාතික දේශපාලන පක්ෂ දෙක බිහිවෙච්ච හැටි මතක් වෙන්නෙ නැද්ද? )

ඉතින් මේ රිපබ්ලිකන් පාක්ෂිකයන් අර පැරණි රිපබ්ලිකන් පක්ෂය සිහිවෙන්න තමන්ගේ පක්ෂයට ආමන්ත්‍රණය කරන්නෙ Grand Old Party ( GOP) කියලා….ඔන්න ඕකයි හේතුව…

දැන් බලමු මොනවද මේ “ප්‍රයිමරි” ( Primary) කියන්නෙ කියලා…..

අද උදේ පළවෙනි පාඩමෙන් අපි කථා කළා “කෝකසස්” ගැන…සමහර ප්‍රාන්ත වල මේ “කෝකසස්” කියන මැතිවරණ ඒකක හරහා තමයි ඇමරිකාවේ ප්‍රධාන ජාතික පක්ෂ දෙකේ අභ්‍යන්තර ඡන්ද විමසීමක් කරලා, ඒකෙන් ඒ ඒ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝර ගන්නෙ….මේ දිනවල ඒ වගේ පක්ෂ අභ්‍යන්තර ඡන්ද විමසීමක් කෙරෙනවා 2016 නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයන් තෝරන්න…ප්‍රධාන වශයෙන්ම ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙකේ ජනපති අපේක්ෂකත්වය බලාපොරොත්තුව වෙනුවෙන් මේ වෙන විට ඒ අභ්‍යන්තර ඡන්ද විමසීම් වල ඉදිරියෙන්ම ඉන්නෙ හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ෆ් කියන දෙපළ….

මේ ප්‍රයිමරියක් කියන්නෙ කෝකස් එකකට වඩා තරමක් විධිමත් ඡන්දයක් පවත්වන ඒකකයක්……ඒක සාමාන්‍යයෙන් ජනපතිවරණයකදී හෝ කොංග්‍රස් සභික නිළවරණයකදි ඡන්දය පාවිච්චි කරන නිළ ඡන්ද මධ්‍යස්ථානයක පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමක්….මේකෙදි, ඡන්ද මධ්‍යස්ථානය වශයෙන් තෝර ගන්නේ බොහෝ විට ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයෙදි ඡන්ද මධ්‍යස්ථානයක් විය හැකි තැනක් තමයි….

ප්‍රයිමරියක ඡන්ද විමසීම දෙ-ආකාරයකින් කරනවා….එකක් තමයි

– ක්ලෝස්ඩ් ප්‍රයිමරි ( Closed Primary ) – මේකෙදි යම් කිසි ප්‍රයිමරියක් සහිත ප්‍රාදේශිකයක ඒ ප්‍රයිමරියේ තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරන්න ඡන්ද විමසීම කැඳවන පක්ෂයේ ලියාපදිංචි සාමාජිකයන්ට හෝ සාමාජිකාවන්ට විතරයි ඡන්දය ප්‍රකාශ කරන්න පුලුවන්….නමුත් මේ වගේ ප්‍රයිමරියකදි ඡන්ද විමසීමට කළින් කිසියම් පක්ෂයක ලියාපදිංචි උනු අයට විතරයි ඡන්දය පාවිච්චි කරන්න ලැබෙන්නෙ….ඡන්ද විමසීම සිදුකෙරෙන දවසට තමන්ගේ පක්ෂයේ ලියාපදිංචියේ කිසිදු වෙනස් කිරීමක් කරන්න අවසරයක් ලැබෙන්නෙ නෑ….මේ වගේ ප්‍රයිමරි තියෙන ප්‍රාන්ත වලට උදාහරණ තමයි :

නමුත් මේ වගේ ප්‍රයිමරියකදි ඡන්ද විමසීමට කළින් කිසියම් පක්ෂයක ලියාපදිංචි උනු අයට විතරයි ඡන්දය පාවිච්චි කරන්න ලැබෙන්නෙ….ඡන්ද විමසීම සිදුකෙරෙන දවසට තමන්ගේ පක්ෂයේ ලියාපදිංචියේ කිසිදු වෙනස් කිරීමක් කරන්න අවසරයක් ලැබෙන්නෙ නෑ….මේ වගේ ප්‍රයිමරි ඔබට හමුවන්නේ පහත සඳහන් ප්‍රාන්ත 11 දි :

“ඩෙලවෙයා, ෆ්ලොරීඩා, කැන්සාස්, කෙන්ටකි ( කෙන්චුකි ), මේයෙන්, නෙබ්‍රාස්කා, නිව් ජර්සි, නිව් මෙක්සිකෝ, නිව් යෝක්, පෙන්සිල්වේනියා, සහ වයෝමිං….

මේ ක්ලෝස්ඩ් ප්‍රයිමරි වල තව උප විශේෂයක් තියෙනවා….ඒ තමයි “සෙමි-ක්ලෝස්ඩ් ප්‍රයිමරීස්” ( Semi-Closed Primary ) – ඒවයේ තියෙන විශේෂ ලක්ෂණය තමයි ඡන්දය සඳහා යම් කිසි පක්ෂයක් සමග ලියාපදිංචි වෙච්ච ඡන්ද දායකයන්ට ඡන්දය දවසේ උනත්, එතනදිම උනත්, පක්ෂය මාරු කරලා, වෙනත් පක්ෂයක් සමග ලියාපදිංචි වෙලා, ඒ පක්ෂයේ කවුරු හරි කෙනෙකුට ජනාධිපතිවරණ අපේක්ෂකයා වෙන්න ඡන්දය පාවිච්චි කරන්න පුලුවන් වීම….ඒ වගේම කළින් කිසිදු පක්ෂයක් එක්ක රෙජිස්ටර් නොවිච්ච කෙනෙකුට උනත්, එදා දවසෙ එතනට ඇවිල්ලා කිසියම් පක්ෂයක් එක්ක රෙජිස්ටර් වෙලා ( හෝ ඒ ප්‍රයිමරියේ තමන්ගේ අපේක්ෂකයා තෝරන ඡන්දය කැඳවන්නෙ එක පක්ෂයක් පමණක් නම් ඒ පක්ෂයට කැමති අයට ඒකත් එක්ක ) ඒ පක්ෂයේ තමන් කැමති තරඟ කරුවෙකුට හෝ තරඟ කාරියකට ඡන්දය ප්‍රකාශ කළ හැකි වීම….ඒ වගේ සෙමි-ක්ලෝස්ඩ් ප්‍රයිමරි තියෙන ප්‍රාන්ත 12 ක් අපට හමුවෙනවා :

” ඇලස්කාව, ඇරිසෝනා, කොළරාඩෝ, අයෝවා, කැන්සාස්, මැසචුසෙට්ස්, නිව් හැම්ප්ෂයර්, උතුරු කැරොලයිනාව, රෝඩ්ස් අයිලන්ඩ්, යුටාහ් සහ වෙස්ට් වර්ජිනියා….

දැන් අහගන්න….ඊළඟ ප්‍රයිමරි වර්ගය තමයි ඕපන් ප්‍රයිමරි ( Open Primary ) කියන්නෙ….මේකෙ තියෙන විශේෂ ලක්ෂණය තමයි, පක්ෂයකට ලියාපදිංචි නොවිච්ච කෙනෙකුට උනත්, රටේ පුරවැසි භාවය හිමි නම්, එවේලෙට ඇවිල්ලා ඡන්දය ප්‍රකාශ කරන්න පුලුවන් වීම…ඒ කියන්නෙ ඔයා ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් පක්ෂ වලට පාක්ෂිකයෙක් හැටියට ලියාපදිංචි නොවීත්, පුලුවන් තමන් කැමති පක්ෂයක ජනාධිපතිවරණයේ අපේක්ෂකයා තෝරල දෙන්න සහභාගි වෙන්න….

මේ ඕපන් ප්‍රයිමරි ක්‍රමයෙ තියෙන තවත් විශේෂත්වයක් තමයි එක් කොංග්‍රස් එක තෝරන මහ මැතිවරණයකදි පක්ෂයක අපේක්ෂකයා තෝරන්න ඡන්දය පාවිච්චි කරපු අයට පුලුවන්, අනිත් පක්ෂයේ ප්‍රයිමරියකටත් පැනලා ඒ පක්ෂයේ අපේක්ෂකයා තෝරල දෙන්නත් ඡන්දය පාවිච්චි කරන්න….මේකට අපි කියනවා “රේඩිං” ( Raiding ) කියලා….එතනදි බොහෝ විට වෙන්නෙ තමන්ගෙ පක්ෂයට විරුද්ධ පක්ෂයේ දුර්වලම තරඟකරුවා ඒ පක්ෂයේ අපේක්ෂකයා කරන්න මේ පක්ෂයේ අය ඡන්දය පාවිච්චි කරන එක….එතකොට මේ සියල්ලගෙන් පසුව පැවැත්වෙන කොංග්‍රස් සභික නිළවරණයෙදි මේ ගොල්ලන්ට දිනාගන්න ලේසියිනේ……ඔව්…එහෙමත් ඒවා වෙනවා මේ සංකීර්ණ අපේක්ෂක තේරීමේදී….උදාහරණයක් හැටියට ඩිමොක්‍රටික් අපේක්ෂකයා වෙන්න බලාපොරොත්තු වෙන අය ලැයිස්තුවෙ ඉන්න දුර්වලමය කියලා හිතෙන තරඟ කරුවන්ට රිපබ්ලිකන් කාරයො ටික ඩිමොක්‍රටික් ප්‍රයිමරි වලට පැනලා ඡන්දය දෙනවා….එතකොට එයාලා ඩිමොක්‍රටික් එකෙන් ආවොත්, ප්‍රධාන මැතිවරණයෙදි තමන්ගේ අපේක්ෂකයටනෙ දිනන්න ලේසි….එහෙම….හැබැයි ජනාධිපතිවරණයෙ අපේක්ෂකයන් තේරීමේදී නම් මේ ඕපන් ප්‍රයිමරියට ලියාපදිංචියකින් තොරව එන කෙනෙකුට උනත් දෙන්න පුලුවන් එක පක්ෂයක, එක අපේක්ෂකයෙක්ට පමණයි….

මේ ක්‍රමයට ප්‍රයිමරි පැවැත්වෙන ප්‍රාන්ත 22 ක හමුවෙනවා :

“ඇලබාමා, ආකන්සාස්, කැලිෆෝනියා, ජෝජියා, අයිඩාහෝ, ඉලිනොයි, ඉන්දියානා, මිචිගන්, මිනෙසෝටා, මිසිසිපි, මිසුරි, මොන්ටෑනා, උතුරු ඩැකෝටා, ඔහයෝ, දකුණු කැරොලයිනා, ටෙනීස්, ටෙක්සාස්, යුටාහ්, වමොන්ට්, වර්ජිනියා, වොෂිංටන්, විස්කොන්සින්….”

මේ ඕපන් ප්‍රයිමරි වල තව අනු ප්‍රභේදයක් තියෙනවා “සෙමි-ඕපන් ප්‍රයිමරිස්” ( Semi-Open Primaries) කියලා….ඒවයෙදි තමන් ඡන්දය ප්‍රකාශ කරන්නට පැමිණි පසුව ඡන්දය ප්‍රකාශ කරන්නේ කුමන පක්ෂයටද කියන එක එතනදි හෙළිකරන්න ඕන….ඒ වගේ ප්‍රයිමරීස් වල සුවිශේෂි ලක්ෂණ වෙන මොනවත් නැති නිසා, ඒක එච්චර හිතන්න අවශ්‍ය දෙයක් නෙමෙයි….

මේ ඇරෙන්න තව තියෙනවා බ්ලැන්කට් ප්‍රයිමර් ( Blanket Primary) , නන් පාටිසන් බ්ලැන්කට් ප්‍රයිමරි ( Non Partisan Blanket Primary) කියලා ප්‍රභේද … නමුත් ජනාධිපතිවරණයෙදි ඒවා එතරම් දුරට වැදගත් වෙන්නෙ නෑ…

දැන් මේ ළමයි දකින්න ඇති, මෙතන කෝකසස් තියෙන ප්‍රාන්ත වල ප්‍රයිමරිත් තියෙනවා…ඕපන් ප්‍රයිමරි තියෙන ප්‍රාන්ත වල ක්ලෝස්ඩ් ඒවත් තියෙනවා….එහෙම වෙන්න පුලුවන්….එකම ප්‍රාන්තයේ ඔය සියල්ල තියෙන්න පුලුවන්….ඒක ඒ ඒ පක්ෂය එක් එක් ප්‍රාන්තය ගැන ගන්න තීරණ තීන්දු අනුව තමයි…..

දැන් මේ ප්‍රයිමරි සහ කෝකසස් සියල්ලන්ගෙන්ම කෙරෙන්නෙ අපි අද උදේ පාඩමේ ඉගෙන ගත්තා වගේ ජනාධිපතිවරණයට ඒ ඒ පක්ෂ වල ප්‍රධාන අපේක්ෂකයා තෝරන අවස්ථාව හෙවත් පක්ෂයේ “මහා සමුළුවෙදි” ( Party Convention ) එක් එක් අපේක්ෂකයන් දිනාගත් නියෝජිතයන් ( Delegates ) ගාන තෝරල දෙන එක….අන්න ඒ Delegates ලා තමයි අවසානයෙදි සමුළුවෙදි ජනාධිපතිවරණය සඳහා තමන්ගෙ පක්ෂය නියෝජනය කරන අපේක්ෂයා කවුද කියන එක තීරණය කරන්නෙ…..

දැන් ප්රයිමරි සහ කෝකසස් වලින් යන සියල්ලගෙන්ම සිදුකෙරෙන්නේ පක්ෂවල මහා සම්මේලන වලදි ඒ ඒ පක්ෂයේ අපේක්ෂකයා කවුදැයි තීරණය කරන “ඩෙලිගට්ස්” ලා, එහෙමත් නැත්නම් ජනතා ඡන්දයෙන් බලය ලත් නියෝජිතයන් කවුද, ඒ අයගේ සංයුතිය කෙබඳුද කියලා තීරණය කරන එක…..

දැන් එතකොට කවුද මේ ඩෙලිගට්ස්ලා කියන්නේ ….

මේ ගොල්ල බොහෝ විට ඒ ඒ පක්ෂයේ පළපුරුදු පැරණි පක්ෂ ක්රියාකාරීන්, ඒ ඒ පක්ෂ විසින් පිහිටුවන ලද සිවිල් සංවිධාන වල නියෝජිතයන්, ඒ වගේම පක්ෂ වල තනතුරු ලාභීන්, නිළධාරීන් එක් එක් පක්ෂ ප්රයිමරි සහ කෝකසස් වල පවත්වනු ලබන මූලික වටයේ අපේක්ෂකයා තීරණය කිරීමේ ඡන්ද විමසීම් වලදි, රිපබ්ලිකන් හෝ ඩිමොක්රටික් පක්ෂ වල අපේක්ෂකයන් වීමට බලාපොරොත්තුවෙන් සිටින තරඟකරුවන් හෝ තරඟකාරියන් ලබාගන්නා ඡන්ද ප්රමාණය අනුව, මේ ඩෙලිගට්ස්ලා ඔහුට හෝ ඇයට ලැබෙන ප්රමාණය තීරණය වෙනවා…..

ඩෙලිගට්ස්ලා හෙවත් වරලත් නියෝජිතයන් වර්ග දෙකක් ඉන්නවා….

01. Pledged Delegates හෝ Committed Delegates හෙවත් පක්ෂ දෙකේ අපේක්ෂකයන් වීමට බලාපොරොත්තුවෙන් තරඟ වදින එක් එක් තරඟකරුවාට හෝ තරඟකාරියට, ලබාගන්නා ඡන්ද ප්රමාණයට අනුපාතිකව එක් එක් කෝකසස් වලින් සහ ප්රයිමරි වලින් ඔහුගේ හො ඇයගේ නාමයට පවරා දෙනු ලබන නියෝජිතයන්

02. මේ සුපර්ඩෙලිගට්ස් කියන සංකල්පය අපට දකින්න පුළුවන් ඩිමොක්රටික් පක්ෂයේ පමණයි……Superdelegates හෙවත් Unpledged delegates ( Uncommitted delegates) …. ඒ කියන්නේ කිසිදු අපේක්ෂකයෙකු සඳහා පවර නොදෙනු ලබන සුපිරි නියෝජිතයන්….බොහෝ විට ඩිමොක්රටික් පක්ෂයේ xහිටපු නායකයන්, ඉතාම ඉහළ නිළතල දරන්නන් සහ අතිශය ජ්යේෂ්ඨ වැදගත් සාමාජිකයන් මෙන්ම සාමාජීය වශයෙන් ඒ පක්ෂය වෙනුවෙන් හඬ නගන සුප්රකට ක්රියාකාරීන් තමයි මේ සුපර් ඩෙලිගට්ස්ලා වෙන්නේ…. ( උදා: ජෙසී ජැක්සන්, ජෙරල්ඩ් හඩ්සන් )… මේ අය පක්ෂයේ අපේක්ෂකයා තෝරන අවසන් මහා සමුළුවට සහභාගී වෙන්න යන්නෙ කිසිදු පක්ෂ අභ්යන්තර තරඟකරුවෙකුට හෝ තරඟකාරියකට සිය පක්ෂපාතීත්වය හෙළිදරව් නොකර…..එහෙම ගිහිල්ලා, එතනදි තමයි කරුණු කාරණා සහිතව, තමන් විසින් අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව වශයෙන් තෝරනු ලබන්නේ කවුද කියන එක හෙළිදරව් කරන්නෙ…… නැවතත් ඔබ මතක තබාගත යුතු කරුණ තමයි, මේ සුපර්ඩෙලිගට්ස්ලා ඉන්නෙ ඩිමොක්රටික් පක්ෂය සඳහා පමණයි කියන එක….රිපබ්ලිකන් පක්ෂය සුපර්ඩෙලිගට්ස් වරයන් දෙන්නේ නැහැ….

දැන් මේ ඩෙලිගට්ස්ලාගේ කාර්ය භාරය තමයි, ඇමරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් තෝරන මූලික වටයේ පෂ අභ්යන්තර කෝකසස් සහ ප්රයිමරි ඡන්ද විමසීම් අවසානයේ පවත්වනු ලබන පක්ෂ දෙකේ ජාතික මහා සමුළු වලදි ඒ ඒ තරඟකරුවා හෝ තරඟකාරිය තමන්ගේ අපේක්ෂකයා ය කියලා නියෝජිත ඡන්දය භාවිතා කරන එක…..

රිපබ්ලිකන් සහ ඩිමොක්රටික් පක්ෂ දෙකේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් වීම සඳහා ලබාගත යුතු “කඩඉම්” නියෝජිත ඡන්ද සංඛ්යාව එකිනෙකින් වෙනස්….

2016 වසර වන විට පැවති තත්වය අනුව නම් –

රිපබ්ලිකන් පක්ෂයේ තරඟකරුවෙකු පක්ෂයේ මහා සමුළුවෙදි ජනාධිපති ධුර අපේක්ෂකත්වය තම පක්ෂයෙන් දිනාගන්න නම් මේ ඩෙලිගට්ස්ලා 2,472 කින් 1,237 ක මනාපය මහා සමුළුවෙදි තමන්ගේ නමට දිනාගත යුතුයි….

ඩිමොක්රටික් පක්ෂයේ නම් 4,763 නියෝජිතයන් ගෙන් 2,382 ක මනාප සීමාව ඉක්මවා ලබාගත යුතුයි……

මෙවර පැවති මූලික වටයේ තරඟ වලින් පසුව

ඩිමොක්රටික් පක්ෂය නියෝජනය කරමින් තරඟ කරන්න ඉදිරිපත් වෙච්ච හිලරි ක්ලින්ටන් මහත්මිය ඔවුන්ගේ පක්ෂයේ ක්රමයට අනුව ඩෙලිගේට්ස්ලා 2,219 ක් සහ සුපර්ඩෙලිගේට්ස්ලා 581 සමග සමස්ථය 2800 ක් ලබාගනිමින් මේ 2,382 සීමාව ඉක්මවා ගොස් අපේක්ෂකත්වය ජයග්රහණය කළා….

රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්රම්ෆ් ඩෙලිගේට්ස්ලා 1,542 කගේ මනාපය දිනාගනිමින් තමන් තරණය කළ යුතු 1,237 සීමාව පසු කළා…..

ඒ නිසා අපේක්ෂකත්වය තීරණය කිරීමේදි මෙවර එතරම් න්යායික ගැටළුවක් ඇතිවුනේ නැහැ……

යම් හෙයකින් මේ පක්ෂ දෙකේ මහා සමුළුවලදී කිසිදු තරඟකරුවෙකුට අදාළ අවම මනාප අගය ලබාගන්න බැරි වුනොත්, ඊළඟට පක්ෂ අභ්යන්තරයේ සම්මුතියක් මගින් අපේක්ෂකත්වය තීරණය කිරීමේ සමුළුවක් පවත්වනු ලබනවා…..මේ සමුළුවට අපි කියනවා Brokered Convention කියලා……මේකෙදි අදාළ බෙන්ච්මාක් එකට ගොඩක් පසුපසින් ඉන්න සමහර තරඟකරුවන්ට පුළුවන් ඉල්ලා අස්වෙලා, තමන්ගේ නමට දිනාගත් නියෝජිතයන්ගෙත් සහාය ඉදිරියෙන් සිටින යම් තරඟකරුවෙකුට හෝ කාරියකට දෙන බව ප්රකාශ කරලා ප්රශ්ණයට සම්මුතිවාදී විසඳුමකට එන්න…..

දැන් ඔන්න අපි එන්නේ ඊළඟ අදියරට ඒ තමයි ජනාධිපතිවරණ දිනය…..

දැන් පක්ෂ අභ්යන්තරයේ ඡන්ද විමසීම් අවසන්……මීළඟට තියෙන්නේ මහජන ඡන්දය විමසීමේ කූඨප්රාප්තිය හෙවත් ජනාධිපතිවරණය……

ඇමරිකානු ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ සෑම වසර 4 ක වාරයක් සඳහාම වසර 4 ඉකුත්වන වසරේ නොවැම්බර් මාසයේ 8 වැනිදා…..

ඇමරිකා එක්සත් ජනපදයේ නෛතික සංග්රහය ( The Code of Laws of the United States of America ) හෙවත් දාතම අභිධානයන් 52 ක්, ඒ සඳහා වෙළුම් 52 ක් යටතේ සංග්රහ නියාමනය කරන ලද නිත්ය සහ පොදු ෆෙඩරල් ව්යවස්ථක හෝ සම්පූර්ණ, අනුමත, ( General or Permanent Federal Statutes ) ප්රවේශ, ප්රතිග්රහ හෝ අනුපූරණය කරන ලද සුවිශාල නීති සංග්රහය අනුව ඇමරිකා එක්සත් ජනපදයේ රජයේ තනතුරු සඳහා නිළධාරීන් ( ජනපති, උපජනපති, ප්රාන්ත ආණ්ඩුකාර, කොංග්රස් සභික ආදිය ) පත් කිරීම සඳහා සර්ව ජනමතය කැඳවන ඡන්ද පැවත්විය යුත්තේ ඒ අදාළ වර්ෂයේ නොවැම්බර් 2 වනිදා සිට නොවැම්බර් 10 වෙනිදා දක්වා දින 8 ක කාළය තුළ, ඇමරිකානු ශ්රේෂ්ඨාධිකරණය මගින් අනුදැන වදාරණ ඕනම දිනයකදී……ඒ අනුව සාම්ප්රදායිකව ජනාධිපතිවරණය එන්නේ නොවැම්බර් 8 වෙනිදාවකට……

ඇමරිකානු ජනාධිපතිවරණයක ජයග්රාහකයා තීරණය කරන්නේ එක් එක් අපේක්ෂකයා ලබාගත් ඡන්ද සංඛ්යාවේ ප්රතිශතාත්මක අගයකින් පමණක් නොවේ……ඒ ඒ අපේක්ෂකයා ලබාගත් පොපියුලර් වෝට් එකේ සංඛ්යාත්මක අගය කුමක් වුනත්,
ඒ ඒ ප්රාන්තය සඳහා වෙන් කරන ලද “ඉලෙක්ටෝරල් කොලේජස්” ( Electoral Colleges ) නම් වූ මැතිවරණයේ ජයග්රාහක තීරණ ක්රියාවලියේ නියෝජිතයන් 538 ක් විසින් භාවිතා කරනු ලබන ඡන්ද වලින් හරි අඩක් ඉක්මවා යෑම හෙවත් 270 ක කඩ ඉම ඉක්මවා යන අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව ජනාධිපතිවරණයෙන් තේරීපත් වූ ජනපති ( President Elect ) ලෙස ප්රකාශයට පත්කරනු ලබනවා….

මේ ක්රමය හඳුන්වා දීමේ පුරෝගාමීන් දෙදෙනෙකු වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ නිර්මාතෘවරුන්ගෙන් දෙදෙනෙකු වන ජේම්ස් මැඩිසන් සහ ඇලෙක්සැන්ඩර් හැමිලට්න් නම් වූ විද්වත් දේශපාලකයන් සහ න්යායාචාර්යවරුන් දෙදෙනා….

ඇමරිකානු ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 2 වන වගන්තියේ මේ ක්රමවේදය මේ ලෙස බලාත්මක කරනු ලබනවා….

//…. Article II
Section 1. The executive Power shall be vested in a President of the United States of America. He shall hold his Office during the Term of four Years, and, together with the Vice President, chosen for the same Term, be elected, as follows

Each State shall appoint, in such Manner as the Legislature thereof may direct, a Number of Electors, equal to the whole Number of Senators and Representatives to which the State may be entitled in the Congress: but no Senator or Representative, or Person holding an Office of Trust or Profit under the United States, shall be appointed an Elector ………//

මේ ඉලෙක්ටෝරල් කොලේජස් නම් වූ ක්රියාවලියට සම්බන්ධ තීරකයන් එක් එක් ප්රාන්තය වෙනුවෙන් තෝරාගනු ලබන්නේ පහත සඳහන් ආකාරයේ පියවර දෙකකින් සමන්විත ක්රියාවලියකින්

මෙසේ ඉදිපත් කරනු ලබන පුද්ගලයන් ලබා දෙන ඡන්දය අපි Electoral Votes ලෙස හඳුන්වනු ලබනවා…..-

01. පළමු පියවරේදි ඒ ඒ පක්ෂ විසින් මේ ඉලෙක්ටෝරල් කොලේජස් ක්රියාන්විතයට සම්බන්ධ වීමේ සුදුසුකම් සහිත පුද්ගලයන්ව ( The Electors ) එක්කෝ පක්ෂ සම්මේලනයෙදි පොදු සම්මුතියකින් හෝ නැතිනම් එක් එක් පක්ෂයේ මධ්යම කාරක සභාවක පවත්වනු ලබන ඡන්ද විමසීමකින් හෝ තීරණය කරනු ලබනවා…..එසේ තීරණය කර, ඒ ඒ පක්ෂයේ ජනපති සහ උප ජනපති නාම යෝජනා සමග නීතිපති දෙපාර්තමේන්තුවට සහ ශ්රේෂ්ඨාධිකරණයට භාර දෙනු ලබනවා…..ඒ නම් සඳහන් අයවලුන් එසේ තීරක නියෝජිතයන් ලෙස ඉදිරිපත් කරනු ලැබීමට එරෙහි ප්රතිවිරෝධතා දැක්වීමට සතියක කාළයක් ලබා දෙනවා….

උදා: අපි “ජෝන් ඩෝ ” ව මේ ලැයිස්තුවට කැලිෆෝනියා ප්රාන්තය සඳහා ඩිමොක්රටික් පක්ෂයෙන් ලැයිස්තු ගත කළොත්, ඔහුගේ නම හිලරි ක්ලින්ටන් ගේ Potential Electors නම් ලැයිස්තුව සමග මැතිවරණයට ඉදිරිපත් කෙරෙනවා….

02. දෙවනි පියවර එන්නෙ මැතිවරණ දිනයෙදි……යම් අපේක්ෂකයෙක් යම් ප්රාන්තයක් ජයග්රහණය කළොත්, අර ලැයිස්තුවෙ ඉන්න නම් සඳහන් අය ඉලෙක්ටෝලර්ල් කොලෝජස් සඳහා ඉලෙක්ටර්ස්ලා බවට පත්වෙනවා…..උදා: ඉහත උදාහරණයම ගත්තොත්, හිලරි ක්ලින්ටන් කැලිෆෝනියා ප්රාන්තය ජයග්රහණය කළොත්, එහි ඉලෙක්ටෝරල් වෝට්ස්
55 ම ඇයගේ නමට පැවරෙනවා…..එතනදි ඇයගේ ලැයිස්තුවේ සිටි “ජෝන් ඩෝ”ඉලෙක්ටර් කෙනෙක් බවට නිළ වශයෙන් පත්වෙනවා…..හිලරි කැලිෆෝනියාව පරාජය වුවොත්, ජෝන් ඩෝට සහභාගීත්වය සඳහා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ……එතකොට ඉලෙක්ටර්ස්ලා වෙන්නෙ ට්රම්ෆ්ගේ ලැයිස්තුවේ අය…..

මේ ඉලෙක්ටෝරල් කොලේජස් සඳහා ඉලෙක්ටෝරල් වෝට්ස් එක් එක් ප්රාන්තයට වෙන් වන්නේ, එම ප්රාන්තය නියෝජනය කරමින් සෙනෙට් සහ කොංග්රස් සභිකයන් කොපමණ ප්රමාණයක් සිටිනවාද යන පදනම මත….

මේ අනුව තමා, මේ දිනවල ඔබට අසන්නට ලැබෙන පරිද්දෙන් විශාල ජනගහණයක් නියෝජනය කිරීම සඳහා විශාල නියෝජිත සංඛ්යාවක් හිමි ප්රාන්ත සඳහා බොහෝ උණුසුම් ඡන්ද සටන් දියත්වෙලා තියෙන්නෙ…..මොකද ඒ වගේ ප්රාන්ත ජයග්රහණය කිරීම සමස්ථ ප්රතිඵලය කෙරෙහි සෘජුවම බලපානවා….

ඒ අනුව එක් එක් ප්රාන්තය සඳහා වෙන්ව ඇති ඉලෙක්ටෝරල් වෝට්ස් ප්රමාණය පහත පරිදියි –

ඇලබෑමා – 9
ඇලස්කා – 3
ඇරිසෝනා – 11
ආකන්සාස් – 6
කැලිෆෝනියා – 55 ( විශාලතම ඉලෙක්ටෝරල් වෝට්ස් ප්රමාණයක් හිමි ප්රාන්තය )
කොළරාඩෝ – 9
කනෙක්ටිකට් – 7
ඩෙලවෙයා – 3
ඩිස්ට්රික්ට් ඔෆ් කොළොම්බියා ( වොෂිංටන් අගනගරය පිහිටුවා ඇති පරිපාලන දිස්ත්රික්කය …..වොෂිංටන් ඩී.සී යන්නෙහි ඩී.සී අකුරු යුගලයෙන් ඩිස්ට්රික්ට් ඔෆ් කොළොම්බියා යන්න අදහස් කෙරේ ) -03
ෆ්ලොරීඩා – 29
ජෝජියා – 16
හවායි – 04
ඉඩෑහෝ – 04
ඉලිනොයිස් – 20
ඉන්දියැනා – 11
අයෝවා – 6
කැන්සාස් – 6
කෙන්ටකි / වල්ක්රී කෙන්චුකි – 8
ලුසියානා – 8
මේයින් – 4
මේරිලන්ඩ් – 10
මැසචුසෙට්ස් – 11
මිචිගන් – 16
මිනසෝටා – 10
මිසිසිපි – 06
මිසුරි – 10
මොන්ටෑනා – 3
නෙබ්රාස්කා – 5
නෙවාඩා – 6
නිව් හැම්ෂයර් – 4
නිව් ජර්සි – 14
නිව් මෙක්සිකෝ – 5
නිව් යෝර්ක් – 29
උතුරු කැරොලයිනා – 15
දකුණු කැරොලයිනා – 9
උතුරු ඩැකෝටා – 3
දකුණු ඩැකෝටා – 3
ඔහායෝ – 18
ඔක්ලහෝමා – 7
ඔරිගන් – 7
පෙන්සිල්වේනියා – 20
රෝඩ් අයිලන්ඩ් – 4
ටෙනීස් – 11
ටෙක්සාස් – 38
යුටා – 6
වර්මොන්ට් – 3
වර්ජීනියා – 13
වොෂින්ටන් ( මේ වනාහි බස්නාහිර වෙරළ තීරයේ වොෂින්ටන් ප්රාන්තය විනා නැගෙනහිර වෙරළ තීරයට සමීපව පිහිටි ඇමරිකාවේ අගනුවර වන කොළොම්බියා දිස්ත්රික්කයේ වොෂින්ටන් අගනුවර නොවේ ) – 12
වෙස්ට් වර්ජිනියා – 5
විස්කොන්සින් – 10
වයෝමිං – 3

ඔතනින් ඩිස්ට්රික්ට් ඔෆ් කොළොම්බියා හෙවත් වොෂිංටන් අගනුවර පරිපාලන ෆෙඩරල් දිස්ත්රික්කයට ඇමරිකානු ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 23 වැනි සංශෝධනය හරහා තමයි සම්පූර්ණ ප්රාන්ත බලතල සමග කොංග්රස් නියෝජනය ලබා දුන්නේ…..

මෙතන මුළු එකතුව 538…. මේ 538 අතුරින් 270+ පිරිසකගේ ඡන්දය දිනාගන්නා අපේක්ෂකයා තමයි ජයග්රාහකයා වෙන්නේ…..ඒ නිසා මුළු ඡන්ද ප්රමාණය කොහොම උනත්, මේ Key States වල බලය තහවුරු කරගන්න කෙනා තමයි දිනන්නෙ……

මෙවර 2016 වසරේ පැවැත්වෙන්නේ 58 වැනි ඇමරිකානු ජනාධිපතිවරණ මත විමසුමයි…..

යම් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කළ මොහොතේම ඇමරිකානු ජනාධිපතිවරයා වෙනස් වන්නේ නැත……

නොවැම්බර් 8 වැනිදා ජනාධිපතිවරණයෙන් පසුව ඊළඟට එන වසරේ ( එනම් මෙවරට අනුව 2017 වසරේ ජනවාරි 6 වෙනිදා ) ජනවාරි 6 වැනිදා දහවල් 12 ට ඒ මොහොත වෙනතුරු බලයේ සිටින උප-ජනාධිපතිවරයා ( ඔබාමා ජනපතිගේ පාලනය පවතින මේ මොහොතේ සිටින උප ජනපති වන්නේ ජෝ බිඩෙන්ය… ) මේ ඉලෙක්ටෝරල් කොලේජස් ක්‍රමය ක්‍රියාත්මක කොට ඡන්දයක් කැඳවනු ලබයි…..එවිට අදාළ ප්‍රාන්ත වලින් තේරී පත් වී ආ නියෝජිත ප්‍රජාව අදාළ පරිදි ඡන්දය වාචිකව සහ ලිඛිතව ප්‍රකාශයට පත් කිරීම ( වත්මනේදී නම් ඩිජිටල් ක්‍රමයකට ) මගින් නව ජනාධිපතිවරයා නිළ වශයෙන් හඳුනා ගනු ලබයි….

මේ ඉලෙක්ටෝරල් කොලේජස් වල ඉන්න ඉලෙක්ටර්ස්ලාට තමන්ගේ නාම යෝජනා දුන් පාර්ශවයටම ඡන්දය ප්‍රකාශ කළ යුතුයි කියල ඇමරිකානු ව්‍යවස්ථාවේ කොතනකවත් සඳහන් වෙන්නෙ නැහැ…..ඒ උනත්, ඒ ඒ ප්‍රාන්ත වල ප්‍රාන්ත ව්‍යවස්ථා සහ නීති සංග්‍රහ අනුව ඔවුන් තමන්ගේ නම ඒ සඳහා ලැයිස්තු ගත කර ඉදිරිපත් කළ පක්ෂයේ අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට බැඳී සිටිනවා……නමුත් මුද්‍රිතව ප්‍රකාශ වන පරිදි ඔවුන්ගේ ඡන්දය ස්වාධීන චින්තනයෙන් හොඳින් සිතා බලා ප්‍රකාශ කරනු ලබන ඡන්දයක් ලෙසයි හැඳින්වෙන්නෙ…….

නව ජනාධිපතිවරයාගේ ධුර කාළය ඇරඹෙන්නේ ඒ ජනවාරියේම, ජනවාරි 20 වැනිදා දහවල් 12 ටය….ඔහු හෝ ඇය පදවියේ දිවුරුම් දෙනු ලබන්නේ ඒ මොහොතටය…..

නව ජනපති දිවුරුම් දෙන අපූරු මොහොත මේ වගෙයි –

දිවුරුම් දීම සිදුවන්නේ ඇමරිකානු කොංග්‍රසය සහිත වොෂිංටන් අගනුවර, කැපිටල් හිල් හි පිහිටි “කැපිටල් බිල්ඩින්” නම් ගොඩනැගිල්ලේ ප්‍රධාන බරාඳයේ පිවිසුම මත…..

මුලින්ම පිටතට එනු ලබන්නේ ඒ මොහොත වෙනතුරු පදවියේ රැඳී සිටි ජනාධිපතිවරයා…..ඔහු එනවිට ඇමරිකානු නාවික හමුදාවේ මැරීන් සේනාංකයේ තූර්ය වාදක කණ්ඩායමක් මගින් “හේයිල් ද චීෆ්” ( Hail the Chief ) නම් ඇමරිකානු ජනපතිගේ නිළ ගීතය වාදනය කරනු ලබනවා…..ඒ ධුරයෙන් ඉවත්ව යන එම ජනපති සඳහා අවසන් වතාවට…..

ඉන් පසුව මුලින්ම උප ජනපති ලෙස තේරී පත් වූ තැනැත්තා දිවුරුම් දෙනු ලබනවා…..එවිට ඉහත කී තූර්ය වාදක කණ්ඩායම විසින් සාම්ප්‍රදායිකව ඇමරිකානු උප – ජනපතිගේ නිළ ගීය ලෙස හඳුන්වනු ලබන “හේයිල් කොළොම්බියා” ( Hail Columbia ) ගීය වාදනය කරනු ලබනවා……

ඉනපසුව හරියටම මධ්‍යහ්න 12 එළඹෙනවිට ඇමරිකානු ජනාධිපති ධූරයෙහි අභිනව ජනපතිවරයා හෝ වරිය අග්‍ර විනිශ්ච්‍යකාරවරයා හෝ වරිය ඉදිරියේ දිවුරුම් දෙනු ලබනවා…..ඒ මොහොතේ තූර්ය වාදක කණ්ඩායම “හේයිල් ද චීෆ්” ( Hail the Chief ) අභිනව ජනපති සඳහා පළමු වරට වාදනය කරනු ලබනවා…..

ඉන් පසුව කාළතුවක්කු වෙඩි මුර 21 ක උත්තමාචාර දෙකක් පැවැත්වෙනවා…..ඒ නව ජනපති පිළිගැනීමට සහ ධුරයෙන් ඉවත්ව ගිය හිටපු ජනපතිගේ නික්ම යෑමේ අවස්ථාවේදී ඔහුට සමුදීමට….. ( Inauguration Salute and Farewell Salute )

එයින් පසුව හරියටම දෙපැයක කාළයක් වෙන් වන්නේ හිටපු ජනාධිපතිවරයාට ධවල මන්දිරයේ සේවක කාර්ය මණ්ඩලයට සමුදීමේ සාදය වෙනුවෙන්……

ඉන් පසුව ධුරයෙන් ඉවත්ව යන ජනාධිපතිවරයා සිය පවුල සමග ධවල මන්දිරයේ මිදුලට පැමිණෙනවා…..ඒ පිටුපසින් ආචාරමය ලීලාවකින් නව ජනපති සහ ඔහුගේ පවුල පැමිණෙනවා…..ඉන් පසුව හිටපු ජනාධිපතිවරයා සහ ඒ පවුලේ ඇත්තන් ඇමරිකානු ජනාධිපතිවරුන්ගේ නිළ හෙලිකොප්ටර් රථය වන “මැරීන් – 01 ” / Marine – 01 ( ” රොටර් ෆෝස් – 01 ” ) නම් හෙලිකොප්ටරයේ නැගී ධවල මන්දිරයෙන් පිටත්ව තමන්ගේ වාසය සඳහා තෝරාගත් පෞද්ගලික නවාතැන බලා පිටත්ව යනවා……

ආදරවන්තයන්ගේ දිනය….

තමන්ගේ කුළුදුල් ප්‍රේමය තමන්ගෙ එකම ප්‍රේමය කරගෙන මුළු ජීවිත කාළය පුරාවටම ඒ අමුතු උණුසුම් හැඟීම ඇය වෙනුවෙන් පමණක් ඉපැද්දූ අය ඇති….

නමුත් බහුතරයක් කොල්ලො එහෙම නෑ…බහුතරයක් කොල්ලන්ගෙ ජීවිත වල පෙම්වතියන් කිහිප දෙනෙක් ඉඳලා තියෙනවා….ජීවිත ගමනේ විවිධ අපූරු කඩ-ඉම් වෙච්ච, මග සළකුණු වෙච්ච, කොටස් වශයෙන් රඟ දැක්වුණු මාලා නාටකයක අමුතු කොටස් වෙච්ච පෙම්වතියන්….ජීවිතයේ ඒ ඒ අවස්ථා වලදි තමන්ව අර්ථ නිරූපණය කරගන්න පුළුවන් මේ අයව මතකයට නගා ගත්තොත්…”මේ කාළෙදි මම මේ වගේ මෙයා එක්ක….මේ කාළෙදි මම මේ වගේ මෙයා එක්ක…”

මේ අය එක්ක ගෙවපු ජීවිතයේ කොටස් ආවර්ජනය කරන්න සමහරු සුදුසුම වෙලාව කර ගන්නේ ජීවන ගමනේ ගමනාන්තයේ ආසන්නය…එහෙමත් නැත්නම් ජීවිතයේ සැඳෑ සමය…ඒත් මට හිතෙන විදියට ඒ සඳහා සුදුසුම අවස්ථාව තමයි තමන්ගේ “යෞවනයේ සැඳෑ සමය”…

තමන්ගෙ තරුණ වයස ගෙවී යන්න ආසන්න මොහොත, තරුණ යැයි සම්මත වයස් කාළයේ අවසාන පරිච්ඡේදයෙදි ආපහු හැරිලා ගෙවී ගිය ජීවිතයේ වටිනාම කාළය, ලස්සනම කාළය, ජනිත වන්නාවූ කිසිදු හැඟීමක් ආපහු කෙතරම් ධනයක් වැය කරලාවත් ඒ තරම් දීප්තියෙන් සහ උණුසුමෙන් යුතුව ගන්න බැරි කාළය තමන් ගත කලේ කොහොමද කියලා ආවර්ජනය කරන්න කදිම අවස්ථාවක්….

ඒ පෙම්වතියන්ගෙන් එක්කෙනෙක් ජීවිතාවසානය තෙක් එකට ඉන්න ඔබේ ජීවිතයට ඇතුල් වෙලා ඇති….අනිත් අය “වෙන අයට බිරියන්” වෙලා ඇති….නමුත් ඒ අපූරු කාළඡේද සිහිවීමෙන් දැනෙන නොස්ටැල්ජියාවට ප්‍රතිකාර වශයෙන් කවුරු හරි පස්වෙනි මානයක සිටින ජීවියෙක් ඔබට ඒ එක් එක් පෙම්වතිය සමග එක නිමේෂයක් ගත කරන්න අවස්ථාවක් දුන්නොත් ( ඒ ඒ කාළවල හිටිය ඔබ වෙලා ) ඔබට ඇති ඒ හැම කෙනෙක් එක්කම ගයන්න විශේෂ ගීයක්….ලියන්න විශේෂ කවියක්….ඒ ඒ වකවානුවල ඔබේ ජීවිතය පවත්වා දීම වෙනුවෙන් ඇයට දෙන්න තෑග්ගක්….කරන්න බැරි වෙච්ච, එහෙත් කරොත් හිත සැහැල්ලු කරගන්න පුළුවන් අවසාන ස්තූතියක්….ඇතැම් විටෙක හදිසියේ හෝ කාළයත් සමග දියාරු වී යෑමෙන් අවසාන වුණු ප්‍රේමයක පෙම්වතිය සමග එක නිමේෂයක් ඒ කාළයේ ඔබ වෙලා ගත කරලා, ඒ ප්‍රේමයට ගෞරවනීය අවසානයක් දෙන්න ලැබුණොත්….?…..

මට තියෙනවා මගේ ජීවිතයේ හිටපු හැම පෙම්වතියක් සමගම ගයපු ඇයට අනන්‍ය වූ විශේෂ ගීයක්….ඒ ගීය සමග මතක් වෙන යුගයක්…ඒ යුගයේ හිටපු මම….මගේ ජය හෝ පරාජය, ශක්තිය හෝ සෙවළකම, නුවණක්කාරකම හෝ මෝඩකම….

අද අනුන්ට බිරියන් වී සිටින ඔවුන් තමයි දුර ගමනක් වාහනයක නිහඬව යනවිට මේ රටේ ගම්, නගර පසු වෙද්දි, කැලැන්ඩරයේ දින කැපි කැපී වසරක් ගෙවෙද්දි, මම ජීවත් වෙච්ච බව මට මතක් කරල දෙන්නෙ….මගේ ජීවිතේ මම කැමැත්තෙන් ජීවත් වෙච්ච බව මතක් කරලා දෙන්නෙ…

“ඇය සමග කථාබස් කළ තැන්, ඇය බසයෙන් බසින තුරු සිටි තැන්, ඇයව ගෙනත් ඇරලූ තැන්, ඇයට මුල්ම තෑග්ග අරන් දුන්න සාප්පුව, ඇයගේ උපන් දිනය ” යනාදි වශයෙන් ජීවිතයේ අතීතය නැමති මීදුම මැද්දෙන් විවිධ වර්ණවත් ඇඳුම් ඇඳගෙන, විවිධ තාලෙට මම ආස කරන කොණ්ඩ මෝස්තර දාගෙන, මතුවෙන මේ අතීත පෙම්වතියෝ, එදා පුරුදු හිනාවෙන් මට සංග්‍රහ කරලා, මම ජීවත් වුනා කියන සහතිකය මට දීලා ආයෙත් ඒ මීදුම ඇතුළටම නොපෙනී යනවා….

ඔබ ප්‍රභාමත් අහසක් සහිත ඔබේ තරුණ වයසට සමුදීලා ක්‍රමයෙන් අවපැහැ ගැන්වෙන අහසක් සහිත මාවතක යන්න සූදානම් වෙන විට, ඔබේ තරුණ වයස අරක් ගෙන සිටි ඒ අතීත පෙම්වතියො ඔබේ තරුණ විය අවසන් වෙන “දේශ සීමාවට” ඇවිත් ඔබට අත වනාවි….”ඔව් ඔබ ඔබේ තරුණ වයස සම්පූර්ණයෙන්ම ජීවත් වුනා…දැන් සතුටින් මැදිවිය සහ මහළුවිය බාර ගන්න” කියලා ඔවුන් එදා ඔබ පිස්සුවෙන් වගේ අහන්න ආසා කරපු කට හඬවල් වලින් කියාවි…. ඒ දිහා හැරිලා බලලා ඔවුන්ට අත වනන්න…ඔවුන් ආයෙත් හැරිලා ඔබේ අතීතය නැමති මීදුම තුළට අතුරුදහන් වෙයි….

Melancholia චිත්‍රපටියේ මම නැවත නැවතත් මතක් කරන දෙබසකට ගියොත් “Life on Earth is Evil”….ඒක එහෙමයි…අපි මේ ආදරය කරනව කියලා බදාගෙන රඟන්නේ ජෛව රසායනික සංකීර්ණතාවයක්….එතනින් එහා ගිය කිසිවක් ඒකෙ නෑ….ඔය මොන කෙහෙල්මලෙනුත් අවසානයේ ජෛව ගෝලය අපිට කියලා කරවගන්න හදන දේ එකයි….

ඒත් ඒ නොදැමුණු, පාලනයෙන් තොර ලෝකයේ ලැබෙන පොඩි විවේකයක් ආදරය කියලා අපිට ඇතිවෙන කෙහෙල්මල්, දඟකාර, මරිමෝඩ හැඟීම….

ඔවුන් සමග ගැයූ ඒ එක් එක් ගීත සියල්ල එකතු කරලා, අවසානයේ “ජූලියෝ ඉග්ලෙසියස් සහ විලී නෙල්සන්” කියන ස්පාඤ්ඤ සහ ඇමරිකානු ගායකයන්ගේ “To All The Girls I’ve Loved Before” නැමැති ගීයේ පද පෙළින් ඔවුන්ට ආචාර කරන්න කැමතියි…

To all the girls I’ve loved before,
Who traveled in and out my door
I’m glad they came along,
I dedicate this song
To all the girls I’ve loved before

To all the girls I once caressed,
And may I say, I’ve held the best,
For helping me to grow, I owe a lot, I know,
To all the girls I’ve loved before

The winds of change are always blowing
And ev’ry time I tried to stay
The winds of change continued blowing,
And they just carried me a way

To all the girls who shared my life,
Who now are someone else’s wife;
I’m glad they came along,
I dedicate this song
To all the girls I’ve loved before

To all the girls who cared for me,
Who filled my nights with ecstacy;
They live within my heart;
I’ll always be a part
Of all the girls I’ve loved before

The winds of change are always blowing
And ev’ry time I tried to stay
The winds of change continued blowing,
And they just carried me way

To all the girls we’ve loved before,
Who traveled in and out our door;
We’re glad they came along
We dedicate this song
To all the girls we’ve loved before

To all the girls we’ve loved before,
Who traveled in and out our doors;
We’re glad they came along
We dedicate this song
To all the girls we’ve loved, before…

Alien Abductions ….!

ඔන්න එක විවාහක කාන්තාවක් දවසක් රෑ නාගෙන පිරිසිදු වෙලා එහෙම ඇවිල්ලා නිදාගන්න ඇඳේ හාන්සි උනා….එහෙම ඉන්නකොට අධික දීප්තියක් සහිත ආලෝකයක් විහිදුවමින් අද්භූත ජීවීන් කිහිප දෙනෙක් මෙයා ළඟට ඇවිත්, මෙයාව අහසට අරගෙන යනවා….අරගෙන යන්නෙ මේ ගොල්ලන්ගෙ අභ්‍යවකාශ යානයක පිහිටි විද්‍යාගාරයකට….ඒක අධි තාක්ෂණික විද්‍යාගාරයක්….ඒ තාක්ෂණය මේ කාන්තාව අයත් මහපොළවේ මිනිස් ශිෂ්ඨාචාරයට ආලෝක වර්ෂ ගණනක් ඉදිරියෙන් තියෙන ඉතාම Advanced Civilization එකක තාක්ෂණය….මේ ගොල්ල මේ කාන්තාව Extra-Terrestrial Chemical Compounds සහිත Pool එකක බස්සවලා ඒ කෙමිකල්ස් වලින් නාවලා Chemical Quarantine කරනවා පෘතුවියේ ක්ෂුද්‍රජෛව බලපෑම නැති කරන්න….ඊට පස්සෙ මේ අය මේ කාන්තාවගේ Ovum එකකට ඒ ජීවීන්ගේ යම් ධාතුවක් introduce කරලා යුක්තාණුවක් සාදලා එය මෙම කාන්තාවගේ ගර්භාෂයේ තැන්පත් කරනවා….කරලා ඇයව යළිත් පෘතුවියේ ඇගේ නිවහනින් ගෙනත් තියනවා…මේ සියල්ලට ගත වෙන්නේ පැය කිහිපයක කාළයක්….නම්ත් ඇයව මේ කාළය තුල තබන්නෙ Coma එකක….මේ පමණක් නෙමෙයි neurotransmitters manipulate කරලා ඇයට දෘෂ්ටි මායා පේන්න සලස්වලා තියෙන්නෙ…ඇය එදින තුළ නිවසට එද්දී අතර මග දුටු සතෙකු පිළිබඳව දෘෂ්ටි මායා (Hallucinations ) ඒ මොහොතේ දකිමින් සිටිනවා….ඒකත් මේ පිටසක්වළ ජීවීන් කන්ට්‍රෝල් කරලා මොනිටර් කරනවා…සියල්ල සිදුවන්නේ ඔවුන්ගේ පර්යේෂණාගාර තත්වයන් තුල….

මේ Hybrid දරුවා සාමාන්‍ය මිනිස් දරුවෙක් උපදින කාළයම ගන්නවා උපදින්න….මොකද Hybrid Genome Assembly එකේ Human පදනම නිසා….නමුත් මේ දරුව අසාමාන්‍ය ජානමය සංයුතියක් නිසා සැකසුණු අසාමාන්‍ය සිරුරක් ඇති දරුවෙක් නිසා උපතේදී සිදුවන අධික රුධිර වහනය නිසා ඇතිවන Hypovolemic Shock එකෙන්ම මෙම කාන්තාව දින කිහිපයකට පසුව මිය යනවා….දරුවා ජීවත් වෙනවා….

මේ දරුවා Alien-Human Hybrid දරුවෙක් නිසා මිනිස් කයක් සමග මිනිස් වර්ගයාට ෆැන්ටසියක් පමණක් වූ අසාමාන්‍ය දේවල් කරන්න හැකියාව තියෙන දරුවෙක්…ඒ වගේම මොහුගේ ධාරණ ශක්තිය, පරිකල්පනය, සහ අවබෝධය සාමාන්‍ය මනුෂ්‍යයන්ව ගව් ගණනක් අබිබවා තිබෙනවා …..කුඩා කාළයේ පටන්ම වෙනත් මනුෂ්‍ය දරුවන්ට කළ නොහැකි දේ ඉතාම අද්භූත ජනක ලෙස කිරීමේ හැකියාවක් මේ දරුවාගේ කය සතුව තිබෙනවා….

abduction

තවත් නිවසක අවිවාහක දැරියක් ඉන්නවා කාමරයක….මේ දැරිය එක පාරට දකිනවා අතිශය දීප්තිමත් ආලෝක ධාරාවක් තමන් දෙසට ජනෙල් කවුළුව අතුරින් එනවා….ඒ එළිය සමග එන අතිශය දියුණු සංකීර්ණ, අපෙන් ආලෝක වර්ෂ ලක්ෂ ගණනක් ඈතින් වූ මන්දාකිණියක ජීවියෙක් මේ දැරියට කථා කරනවා…මේ ග්‍රහ ලෝකයේ කළින් ඉකුත් වූ ශබ්ද තරංග විශ්වයෙහි නිමා නොවෙන ගමනක යෙදෙමින් තිබියදී ඔවුන් Intercept කරලා Patterns Interpret කර නිසා ඔවුන්ට මේ දැරියට කථා කරන්න ප්‍රමාණවත් භාෂා ඥාණයක් තිබෙනවා….ඔවුන් ඇයට කියනවා උසස් තාක්ෂණය යටතේ කෘත්‍රිමව සංසේචනය කර සකසා ගන්නා ලද යුක්තාණුවක් ඇගේ ගර්භාෂයේ තැන්පත් කරන බව….වෙන කරන්න දෙයක් නැති නිසාත්, මේ බළවත් පිට සක්වළ ජීවීන්ට බැහැ කියන්න තිබුණු නොහැකියාව නිසාත් ඇය මෙයට යටත් වෙනවා….

ඇයගේ දරුවා පසු කළෙක බිහිවෙන්න සූදානම් වෙනකොට ඔවුන් ඇයව මිනිස් වාසයෙන් තරමක් බැහැර තැනකට ගෙනියනවා….මේ ඔවුන්ගේ වර්ගයේ සහ මිනිස් වර්ගයේ DNA Sequencing Data code එක දරන දරුවා බිහිවන මොහොත සජීවීව රූපගත කර, සිය මව් ග්‍රහ ලොවට විසුරුවා හරින බලාපොරොත්තුවෙන් ඔවුන්ගේ අභ්‍යවකාශ යානයක් දරුවා බිහිවන තැනට ඉහළින් රැඳී සිටිනවා….හාත්පස කලුවර මොහොතක් නිසා එකී අභ්‍යවකාශ යානය අධි දීප්ත වළිගයක් බඳු වූ ආලෝක දහරාවක් මගින් දරුවා උපදින තැන ප්‍රභාමත් කරනවා…

මේ දරුවා උපදිද්දි මව මිය යන්නෙ නැත්තෙ මෙතන ඒ පිට සක්වළ ජීවී විද්‍යාඥයන්ම විවිධ තැන්වල හිඳිමින් දරුවාගේ උපතේදී එයට අවශ්‍ය වෛද්‍ය තාක්ෂණික සහාය ලබා දෙන නිසා…එයින් එක් විද්‍යාඥයෙක් යාබද කාන්තාරයේ විවිධ රාත්‍රී රක්ෂා කරමින් සිටි පිරිස් වෙත ගිහින් මේ දරුවා ගැන කියනවා, මොකද ඔවුන් තව සුළු මොහොතකින් පෘතුවි වායුගෝලයෙන් බැහර වූ පසුව, ඒ අයගෙන් දරුවාට ආරක්ෂාවක් සැළසෙන නිසා….

trucker-ufo-640x384

මේ Hybrid දරුවාටත් සුවිශේෂී හැකියාවන් ලැබෙනවා….මිනිස් ප්‍රජාවගේ Congenital Disorders හඳුනාගෙන ඒවා ඒ මොහොතේම Matter exploit කරලා correct කරන්න ඔහුට පුළුවන්….ඔහුට Matter Bend කරන්න පුලුවන්…ඒ නිසා Liquid properties & composition වෙනස් කරන්න පුලුවන් ..එවැනි දේ…Liquid වල (Specially Water) Surface Tension එක ආරක්ෂා වෙන තරම් මෘදුව මෞල අතර දීර්ඝ විස්ථාපනයකින් යුතු ස්කන්ධයක් සිය දෙපතුළට දීමට ඔහුට පුළුවන්…

දැන් රෑ බෝ වෙලා නිසා කතන්දර මෙතනින් නවත්තනවා….මේවා මේ පෘතුවියේ කාන්තාවන් දෙදෙනෙකු පිළිබඳව මන්ංකල්පිත කථාවක් කිව්වෙ………

දැන් ඔයගොල්ලොත් නිදා ගන්නකො….මේක කියවද්දි මේ වෙන වෙන  කථා මතක් වෙලා බයක් චකිතයක් ආවොත් තමන්ගෙ ආගමික ශාස්තෘවරයගේ ගුණ සිහි කරලා නිදාගන්නකො…..

කෙල්ලද? කාර් එකද?…

( මේක පොඩි සමාජ පරීක්ෂණයක්…ඒ නිසා මේ ප්‍රශ්ණයේ සදාචාරාත්මක පැත්ත ගැන විවේචනය කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා…උදා: කාන්තාව වාස්තවීකරණය (Objectification), මනුෂ්‍ය ජීවිතයක පර්යාය වටිනාකම වාහනයක් හා සැසඳීම වගේ අතිශය සංවේදී පැති අදින්න එපා….හුදු පිරිමි සමාජයේ ඇතුලාන්තය සමග කරන පරීක්ෂණයක් පමණයි….ඒ නිසා ශිෂ්ඨත්වය පසෙකලා මේ අශිෂ්ඨ, නොදැමුණු පිරිමි ෆැන්ටසිය තුළ සෘජුව අමු උත්තර දෙන්න…ඔබේ උත්තරයට හේතුවත් කියන්න…)

ford-mustang-rear-view-mary.jpg

පින්තූරෙ තියෙන දේ පේනවනෙ?

රයිට් මෙන්න චැලේන්ජ් එකක්.

දැන් නිකමට හිතන්න ඔබ ගැන පැහැදුණු වෘක්ෂ දේවතාවෙක් ඔබව මෙතනට රැගෙන යනවා….දැන් ඔන්න මේ කාර් එක සහ කෙල්ල ඔබ ඉදිරියේ….වෘක්ෂ දේවතාවා ඔබට දෙනවා වරමක්….

හැබැයි දැන් ඔබ ඉදිරියේ තියෙන මේ දෙකෙන් දෙකම ලබාගන්න ඔබට බැහැ….දෙකෙන් එකයි තෝරගන්න පුලුවන්….ඒක කරන්නත් ඕන ක්‍රමවේදයක් තියෙනවා…

වෘක්ෂ දේවතාවා ඔබට දිගු කරනවා ට්‍රේ එකක තියලා පිස්තෝලෙකුයි, යතුරකුයි…මේ යතුර එතනම ඈතින් නවත්තලා තියෙන කැටපිලර් යන්ත්‍රයක යතුර….ඔබ එක්කෝ පිස්තෝලය තෝරාගෙන කෙල්ලට වෙඩි තබා මැරිය යුතුයි…නැත්තන් ඔබ යතුරෙන් කැටපිලර යන්ත්‍රය පණ ගන්වාගෙන ඇවිත් කාර් එක කුඩු පට්ටම් කරලා, තලලා දැමිය යුතුයි….ඒ දෙකෙන් ඉතිරි වෙන එක තමයි ඔබට ලැබෙන්නෙ….

පිස්තෝලෙ අරගෙන කෙල්ලව මැරුවොත් කාර් එක දෙනවා. හැබැයි වෙඩි තැබීමට පෙර කෙල්ලට මොනවත් කරන්න, ඇඟට අතක්වත් තියන්න බෑ, අඩුම ගාණේ ළඟට වත් යන්න බෑ… වචනයක් වත් නොදොඩා කෙළින්ම ඇයට වෙඩි තියලා දාන්නයි තියෙන්නෙ.. කාර් එක ඒ මොහොතෙම ඔබේ සම්පූර්ණ අයිතියට ලැබෙනවා…. (මිනීමැරුම් නඩු නෑ…ඔබට කිසිදු චෝදනාවක් එල්ල වන්නේ නෑ… අපි හිතමු ආගමික විඥාණයන් අනුව “පව්” සිද්ද වෙනවා කියලා දේකුත් නැහැ කියලා….කිසි ගින්නක් නෑ…කාර් එක ඔබේ…අරගෙන 100 ට පාගන්නයි තියෙන්නෙ )……( නොදන්න උන්ට : මේ තියෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත ෆෝඩ් මස්ටෑන්ග් (2012) එකක්. 5000 cc V8 එන්ජිම. අශ්ව බළ 400. Shaker 1000W Sound System, HD display, reverse cam .. තප්පර 6 න් 0 – 100 ට ගන්න පුලුවන් ..උපරිම වේගය පැයට කිලෝමීටර් 230කට පමණ පහසුවෙන්ම ළඟාවිය හැකියි…..වාර්ථාගත ජවයක් සහ සුඛෝපභෝගීත්වයක් ඇති මෙවැනි රථයන් බොහෝ විට පවතින්නේ ලොව ධනවත්ම මිනිසුන්ගේ ගරාජයන්හි….පොප්, රැප් සහ සිනමා සුපිරි තරු මේ රථයේ පෞර්ෂයට දැඩි ඇල්මක් දක්වනවා…)

කැටපිලර් එක අරගෙන කාර් එක කුඩු පට්ටම් කරල දැම්මොත් කෙල්ල පණ තියෙන කල් ඔබේ. ඇය එක්ක ඕන ෆන් එකක් ගන්න පුළුවන්. හිතේ හැටියට ඔබගේ ඔක්කොම Sexual ෆැන්ටසි ඇය එක්ක කරන්න පුලුවන්. Bondage, BDSM, Anal, Positions අරවද මේවද ඕන එකක් කරන්න පුළුවන්. දවසට ඔබට ඇති කියලා හිතෙන ඕනම වාර ගණනක් ලිංගිකව එක් වෙන්න පුලුවන්….ඔබ කියන ඕනම දේකට ඇය නිහඬවම කීකරු වෙනවා….ඇය “Miss USA”වශයෙන් තේරුණේ මේ මෝටර් ර්ථය නිපදවපු 2012 වසරේදි… දැන් වසර 4 ක් ගතවෙලා උනත්, තවමත් ඇය ඇමරිකා එක්සත් ජනපදයේ සරාගීම කතුන් 10 දෙනා අතර සිටින ඉතාම නිරෝගී යෞවණියක්….හැබැයි කාර් එක කුඩු පට්ටම් කරල දාන්න ඕන. චැසියවත් ඉතුරු නොවෙන්න තලලා පොඩි කරන්න ඕන…පොඩි කරලා විනාශ වුණු මෝටර් රථය මතින් කැටපිලර් යන්ත්‍රය ධාවනය කරන්න ඕන… ඔබට එක වතාවක් වත් කාර් එකට ගොඩවෙන්නත් බෑ, එළවන්නත් බෑ, අඩුම ගානේ සයිඩ් කණ්නාඩියවත් අල්ලන්න  බෑ….කෙළින්ම කුඩු පට්ටම් කරන්න පටන් ගන්නයි තියෙන්නෙ.

 

මහත්වරුණි….

කාර් එකද? කෙල්ලද?…කෙල්ලද? කාර් එකද?….

මෙයා……..

මට මෙයාලා තුන් දෙනෙක්ව මතක් උනා…..

පළවෙනි මෙයා….

මෙයා ඉපදුණේ ධනවත් පවුලකට…..හැම සැප සම්පතක්ම තිබුණා….
මෙයා පුංචිම කාළෙදිම මෙයාගේ දෙමාපියන්ගෙන් එක් කෙනෙක් මිය ගියා…..
තරුණ වයසෙදිම මෙයා දැනුම සහ ඥාණය සොයාගෙන ගියා…..
පස්සෙ මෙයාට විශාල අවබෝධයක් ඇති උනා….
දැන් මෙයාට ඕන අනිත් අයටත් ඒ අවබෝධය දෙන්න….
මෙයා ඒ අවබෝධය ලබාගන්න හැකියාව තියෙන අනුගාමිකයන්ව හොය හොයා එයාගෙ කණ්ඩායමට බඳව ගත්තා….
ඒ හැම කෙනෙකුටම පොදු නමක් ලැබුනා…..
ඒ හැම කෙනෙකුටම මෙයා ළඟට එන්න කළින් තිබුණු පුද්ගලික නමත් වෙනස් කරලා, මෙයාගෙ කණ්ඩායමේ ඉන්නකොට ලැබෙන්නෙ වෙන නමක්….
මෙයාටත්, ඒ හැම කෙනෙකුටමත් ඒ අරමුණු වලට යන්න ගොඩක් දුක් හිරිහැර, නින්දා අපහාස විඳින්න සිද්ද උනා….
හොඳ පවුල් වල දරුවො, බුද්ධිමත්තු, උගත්තු  වගේම, හොරු, තක්කඩි, මං පහරන්නො, ගණිකාවෝ, මිනී මරුවොත් මෙයාගෙ කණ්ඩායමට කිසිම භේදයක් නැතුව ඇතුළු කරගත්තා….ඒ හැම කෙනෙක්ම ඊට පස්සෙ වීරයෙක් බවට පත්වුනා…..
මෙයා ශ්‍රේෂ්ඨ ප්‍රාඥයෙක් හැටියට ප්‍රකටයි….මෙයාගේ දැනුම අවබෝධය මිනිස් වර්ගයාට විශාල සේවයක් කළා….
මෙයාට අනුන්ගෙ සිත් දැකීමේ සහ සිතිවිලි දැන ගැනීමේ හැකියාවක් තියෙනවා….ඒ වගේම වෙන කෙනෙකුගේ මනසට ඇතුලු වෙලා, ලෝකයේ ඒ කෙනා ඉන්න ඕනම තැනකින් හොයාගන්න හැකියාවත් තියෙනවා….
ජීවිත කාළය පුරාවටම මෙයාට වරින් වර ඉස්මතු වෙන රෝගාබාධයක් තිබුණා….

මම මේ කියන්නෙ මහාචාර්ය චාර්ල්ස් ෆ්‍රැන්සිස් ෂේවියර් (“Professor X “of X-Men) ගැන …හරිද?….වැරදියට හිතාගෙන“අඩෝ මොකද අඩෝ “එයා මෙයා” ගාන්නෙ?..ගරු කරලා කථා කරපන් ඩෝ “ කියාගෙන රෙද්ද උස්සගෙන ආවට වගකියන්නෙ නෑ……

Charles-Xavier-professor-charles-francis-xavier-19703850-1024-768
Professor X ( Charles Xavier)

දෙවනි මෙයා…

මෙයා මේ ලෝකෙට එව්වෙ විශේෂ හේතුවකට….මෙයා ලෝකෙට පිටින් ආපු කෙනෙක්……මෙයාට මේ ලෝකෙ අති විශාල රසිකයන් පිරිසක් ඉන්නවා….කොටින්ම කිව්වොත් මෙතන කථා වෙන තුන්දෙනාගෙන් වැඩිම රසිකයන් පිරිසක් ඉන්නෙ මෙයාට…

මෙයාගෙ තාත්තා මුළු විශ්වයටම මහ බලවතෙක්…..
මෙයාට අහසින් යන්න, ජලය මත ඇවිදින්න පුලුහන්…..
මෙයාට විශාල ශක්තියක් තියෙනවා….විශාල බලයන් රාශියක් තියෙනවා….මහ අරුම පුදුම දේවල් කරන්න පුලුවන්….ඒවා කරපු නිසා මිනිස්සු මෙයා වටේ රොක් වෙනකොට මෙයා හිටපු රටේ ආණ්ඩුව මෙයාට මාර විදියට බය උනා….
මෙයා ආපු දවසෙ ඉඳන් කැපවුනේ මිනිස් වර්ගයා ගළවා ගැනීම වෙනුවෙන්…..
එක් අවස්ථාවකදි මෙයා එහෙම කැප වෙච්ච, ආදරය කරපු, මිනිස් වර්ගයාම මෙයාට ද්‍රෝහී උනා….
මෙයාට එකම එක දෙයක් ළඟට ගෙනිච්චාම බොහොම ශාරිරික දුක් වධ හිංසා විඳින්න සිද්ද වෙනවා….
ඒත් මෙයා ඒකෙන් ගැළවිලා ආපහු ශක්තිමත් වෙනවා….මෙයාව මරන්නත් බෑ, මැරෙන්නෙත් නෑ, සදාකාළිකව ජීවත් වෙනවා කියලා සමහරු විශ්වාස කරනවා….
මෙයාගේ හුඟක් පින්තූරවල ඉන්නෙ අත් බාහු දෙක දෙපැත්තට විහිදගෙන ඉන්න ආකාරයට….
මෙයාගෙ ගැන නාට්‍ය, චිත්‍රපටි, චිත්‍ර කථා, පොත් පත් ගොඩක් ලියවිලා තියෙනවා….

මම මේ කියන්නෙ “ක්ලාක් කෙන්ට්” හෙවත්  “සුපර්මෑන්” ගැන …හරිද?…. වැරදියට හිතාගෙන “අඩෝ “මෙයා මෙයා” කියන්නෙ මොකද ඩෝ?..ගරු කරලා කථා කරපන් ඩෝ “” කියාගෙන රෙද්ද උස්සගෙන ආවොත් වගකියන්නෙ නෑ….

superman_flight_wallpaper_by_samuraiminister-d5wyfv5
Clark Kent (Superman)

තුන්වෙනි මෙයා….

මෙයාට රසිකයො අති විශාල පිරිසක් ඉන්නව තමයි… ඒ උනාට පුද්ගලිකව මට නම් මෙයා අර අනිත් දෙන්න එක්ක බලනකොට එතරම් පොරක් නෙමෙයි….ඇත්ත කියන්න එපැයි….තරහ වෙන්න එපා….ඒක මගේ පුද්ගලික අදහස….

මෙයාගෙ දෙමව්පියෝ වෙළඳාමෙන් උපයගත්තු විශාල ධනයක් මෙයාට උරුම වුණා….දෙමව්පියෝ මෙයා පුංචි සන්දියෙදිම නැති උනා….
මෙයාගෙ ජීවිතේ ගල් ගුහාවක් සමග විශේෂ සබඳතාවයක් තියෙනවා…..ඒක මෙයාට සුවිශේෂී තැනක්…….
මෙයා ජීවිතයේ යම් කාළයක් සෙසු සමාජයෙන් ඈත් වෙලා හිටියා….යළිත් සමාජගත උනාට පස්සෙ මෙයාගෙ ක්‍රියාදාමය ඇරඹුවේ ඒ වෙන්වෙලා හිටපු කාළයේදි ලබාගත් දේවලුත් එකතු කරගෙනයි….
මෙයා හොඳ සටන් කරුවෙක්….සටන් වලට සහභාගි උනා…මෙයාගේ පවුලේ සතුරො මෙයාට එරෙහිව විවිධ සටන් ආරම්භ කළා…..
මෙයාගෙ සංකේත බොහොමයක කළු ලෝගුවක් සහ අඳුරු අපැහැදිලි සටහන් තිබෙනවා…..
මෙයාගෙ ළඟින්ම මෙයා එක්ක හැම තැනකම හිටපු ප්‍රබල අනුගාමිකයෙක් සහ ප්‍රබල අනුගාමික කාන්තාවක් ගැන මෙයාගෙ ජීවිත කථාව පුරාම කියවෙනවා…..
විශාල ධනයක් නොතිබුණා නම්, සහ ව්‍යාපාරික නායකත්වයක් නොතිබුණා නම් මෙයාගෙ ඇති කිසිම සුවිශේෂීතාවයක් නෑ කියලා සමහරු කියනවා….මම දන්නෙ නෑ ඒක ගැන නම්…..
මෙයා එයා ඉපදුණු කළාපයේ නම් මිනිස්සු සංවිධානය කරලා උපද්‍රව රැසකින් ගලවා ගත්තා කියලා කියනවා…..

මම මේ කියන්නෙ  “බෘස් වේන්” හෙවත් “බැට්මෑන්” ගැන …හරිද?…. වැරදියට හිතාගෙන “අඩෝ “මෙයා මෙයා” කියන්නෙ මොකද ඩෝ?..ගරු කරලා කථා කරපන් ඩෝ “” කියාගෙන රෙද්ද උස්සගෙන ආවොත් වගකියන්නෙ නෑ….

4897645-batman
Bruce Wayne (Batman)

මම මේ කථා කරන්නෙ DC universe එකේ සහ Marvel Universe එකේ ඉන්න ප්‍රබල මනංකල්පිත චරිත තුනක් ගැන….හරිද?….Comic Fans විතරක් මේක ගැන කථා කරන්න….වෙන අය රෙද්ද උස්සගෙන එන්න එපා මොනව හරි මතක් උනා කියාගෙන……

සවුදිය……….

සවුදිය කියන මූසල ගුබ්බෑයමේ දුප්පත් ගෑණු කෙනෙකුට ගල් ගහන්න නියම වෙලා….ඒ මනුස්සයගෙ නම ගම වාසගම, පදිංචි ලිපිනය (ලංකාවේ) දන්නව උනාට ඒවා කියන්න යන්නෙ නෑ, මොකද ඒක ඒ මනුස්සයට කරන අතිරේක පීඩාවක් විතරයි….

මැදපෙරදිග ඉතා පොහොසත් මටසිළුටු ශිෂ්ඨාචාරයන් තිබුණා….මිනිස් වර්ගයාගේ කලාව, සාහිත්‍ය, විද්‍යාව, ගණිතය, තාක්ෂණය යන සියළු ක්ෂේත්‍රයන්ට අනගිභවනීය මෙහෙවරක් කරපු ඇසිරියානු, බැබිලෝනියානු, සහ පර්සියානු ශිෂ්ඨාචාරයන් පැවතියෙත් ඔය අද අපි “මැද පෙරදිග” කියලා හඳුන්වනු ලබන කළාපයේම තමයි…ඒ ශිෂ්ඨාචාර පැවතියේ මැද පෙරදිග උනත් ජලය තිබෙන, සම්පත් තිබෙන සරුසාරවත් රටවල…ඒවා අමු සුදුවැලි කාන්තාර නෙමෙයි….කාන්තාර සහිත ප්‍රදේශ තිබුණත්, නිල් කැටේට වතුර බහින විශාල ගංගා ( යුප්‍රටීස්, ටයිග්‍රීස්, මේ ගංගා දෙක මුහුවෙලා හැදෙන අර්වාන්දු රුද් හෙවත් ෂාද් අල් අරාබ් නම් සුවිශාල ගංගාව ), ඇළ දොළ, නිල් කඳු සහිත මිටියාවත් වලින් මේ ශිෂ්ඨාචාරයන් පැවති භූමිය සමන්විතයි…කන්නෙයි, බොන්නෙයි, රෙන්නෙයි, හැමිනෙන්නෙයි කොහොමද කියලා දහ අතේ කල්පනා කරනවට වඩා දියුණු, සුමට දේවල් කරන්න අවශ්‍ය පාරිසරික සහනය සහ අවකාශය ඒ අයට තිබුණා…සැනසිල්ලෙ ඉන්න මිනිස්සුන්ගෙන් තමයි සංකීර්ණ ප්‍රබල නිර්මාණ බිහිවෙන්නෙ…

මේ රටවල තත්වය එහෙම උනාට මේ වර්ථමාන සවුදි අරාබිය කියන මූසල රටේ ඓතිහාසික ශිෂ්ඨාචාර බිහිවීමේ පසුබිම් කථාව මේ වගේ නෙමෙයි…

සවුදිය කියන කාළකණ්නි ගුහාවේ පීතෘ ශිෂ්ඨාචාරය හැදුණේ ඉර ගින්නේ තැම්බෙන කාන්තාර වල අන්තිම දුෂ්කර ශාපලත් ජීවිත ගෙවපු ගෝත්‍ර ගණනාවක් එකතුවෙලා….ඒ ගෝත්‍ර ආන්තික පාරිසරික තත්වයන් සහ සීමිත සම්පත් උදෙසා ඔවුනොවුන් අතර ඇති කරගත් යුද ගැටුම්, සිවිල් අරගල සහ වඩා බලවත් ශිෂ්ඨාචාර වලින් පැමිණි ආක්‍රමණ නිසා පරිපීඩිත වෙලා හිටියෙ….ඔවුන්ගෙන් අති බහුතරය අන්තිම නූගතුන්…යම්තම් හරි සාක්ෂරතාවයක් සහිත වූ අය එක්කෝ අක්ෂර වින්‍යාසය දියුණු කරන, සාහිත්‍යයක් යම් පමණකින් හෝ බිහිකරන, යම් තාක් දුරකට දර්ශණයකට රුකුළ් දෙන පඬිවරුන් වුනා…මේ පඬිවරු සමකාළීන භාරතය සහ චීනය බිහිකළ පඬිවරුන්ගේ චින්තනය සමග සසඳන විට හාල්මැස්සෝ උනාට, මේ කළාපයට මහා පුරුෂයන් ලෙස පෙණුනා….ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක් නෙ..ලියන්න කියන්න නොදන්න තැන්වල පත්තරේ හ්ඩිම කියවගන්න පුළුවන් කෙනාත් දළ පොරක්….

මේ විදියට සාක්ෂරතාවයක් තිබුණු වෙනත් අය වෙළෙන්දො බවට පත් වුනා….ආන්තික ලෙස පීඩාකාරි සීමිත සම්පත් පරිසරයන් වල ජීවත් වෙනකොට රුකුම් අනුපාතිකය / උත්වන / ප්‍රවර්තන අනුපාතිකය (Survival Rate) ඉහළ මට්ටමක පවත්වා ගැනීමට නම් ඉතාම සූක්ෂම සහ ඉතාම කපටි කෛරාටික විය යුතුයි…ඉතින් මේක මේ ගෝත්‍ර වල අයට සහජයෙන් කාළානුරූපීව පරිණාමයෙන් ලැබුණු දෙයක්….මේ වෙළෙන්දෝ සාක්ෂරතාවය ලැබීමෙන් පසුව ගණිතය සහ වෙළඳාම ඉගෙන ගෙන, සහජයෙන් ලැබෙන කපටි කම සහ ප්‍රයෝග ශූරත්වයත් ඒ වෙළඳාමට මුසු කරලා, ක්‍රමයෙන් ධනවතුන් බවට පත්වුනා…ධනය ලැබුණාම ඊළඟට ඕන බලය….ඒ නිසා ධනවත් වෙළෙන්දෝ බලය ලබාගන්න විවිධ බළ ව්‍යාපෘතීන් වල නිරත වුනා…මේ කාන්තාරවල කූඩාරම් ගහගෙන තැන, තැන යන, ලෝකය දැක නැති, දැනීමක් නැති මොට්ට මෝලුන් මේ බළ ව්‍යාපෘතීන් වල ඉත්තො බවට පත් කරගෙන මේ අය මිනි මරා ගත්තා….අවසානයේදී අර ඉහත කී ඒවාට අමතරව මේ මිනිස්සුන්ට සාහසිකත්වය ජානගත වුනා…ඒවා ඇසුරෙන් මේ අයගේ සම්මුතීන්, ශිෂ්ඨාචාරය, සංස්කෘතිය නිර්මාණය වුනා….

සංකීර්ණ ඉතිහාසයක් ගොඩ නොනැඟුණු මේ කළාපයේ මොකක් හරි ඔටු බෙට්ටකට, නැත්තන් වතුර බාල්දියකට කාළකණ්නි රැහැවල් දෙක තුනක තක්කඩි මිනි මරා ගත්තාම ඒවා නිකන් මාර දේවල්, මහා දේවල් විදියට ඉතිහාස ගත වුනා….ඒ නැතුව දේශපාලන අර්ථ ශාස්ත්‍ර මත රාජ්‍ය පාලනය කරපු, අර්ථ විග්‍රහයන් හරහා බිහිවුණු ක්ෂේත්‍ර ගණනාවක පැතිරුණු බළ ව්‍යාපෘති නෙමෙයි මේවයේ තිබුණේ….

ඕක තමයි සවුදි අරාබිය කියන ගුබ්බෑයමේ උප්පත්ති කථාව…ඉවසීම, කරුණාව, ආදරය, මෛත්‍රිය වගේම ලස්සන සියළු දේත් මුන්ට වහකදුරු තමයි…”හිඩුවෙ බලෙයි, කඩුවෙ බලෙයි” තමයි ඉතින් දන්නෙ…ඕකට සල්ලි බලෙත් ආවාම ඉතින් නරකාදියක් තමයි….නරකාදියට පිටින් ගිහින් බලන අයට ඒකෙ විඳින දුක් දැකලා ඇඟ කිළිපොලා ගියාට, නරකාදියෙ උපදින නිරි සත්තුන්ට ඕකෙ ගාණක් නෑනේ….

ඔහොම ශතවර්ෂ ගණනක් යනකොට මිනිස් වර්ගයා බොර තෙල් ශිෂ්ඨාචාරය බිහිකළා…ඊට පස්සෙ දැන් ඔය පෙට්‍රෝලියම් හයිඩ්‍රොකාබන බොහෝ විට ජෛව හෙවත් ඉන්ද්‍රිය ද්‍රව්‍ය වලින් නෙ නිපදවෙන්නෙ….අවුරුදු මිලියන 300 කට පමණ ඉහතදී පැන්ජියාවෙන් වෙන් වුනු දක්ෂිණ පථයට කිව්වෙ “ගොඩ්වානාලන්තය” කියලා නොවැ….ඔය ගොඩ්වානාලන්තයේ උතුරුදිග සීමාවේ ඔය අද මැද පෙරදිග පර්සියන් ගල්ෆ් කළාපයේ කාන්තාර රටවල් පිහිටන කොටසෙ තිබුණා “ටෙතිස්” මුහුද කියලා මුහුදක්…කාළානුරූපීව මේ මුහුද සිඳී ගොස් ප්‍රධාන මහාද්වීප එකට ගැටෙද්දි බිහිවුණු කාන්තාර කළාපයන් මත තමයි අද ඔය සවුදි අරාබිය, එමිරේටය, ජෝර්දානය, කුවේටය ආදී අපි හඳුන්වන පර්සියන් ගල්ෆ් රාජ්‍යයන් පිහිටා තිබෙන්නෙ…ඉතින් මේ ටෙතිස් මුහුදේ ජෛව ද්‍රව්‍ය සහ රසායනිකයන් රාශියක් මේ වැළි කතරට යටින් භූ ස්ථර අතර ෆොසිලකරණය උනා…විශේෂයෙන්ම ගොඩ්වානාලන්තයේ මහාද්වීපික මායිම සවුදි අරාබිය ආශ්‍රිත නිසා එහි වඩාත් මේ ෆොසිල වර්ග අතින් පොහොසත් කළාපයක් තිබෙනවා….( මෙවැනි බොහෝ කළාප ලොව පුරා තිබුණත්, ඒවායින් බහුතරය තිබෙන්නේ පෙට්‍රෝලියම් කැණීම් කරනු තබා ගවේෂණය කිරීමට පවා අපහසු ගැඹුරු ජල ස්ථරයන් යට….එහෙමත් නැත්නම් ඝණ, උස්, ශිඛර කළාපයන්ට යටින්….නමුත් මේ සවුදි අරාබිය ප්‍රමුඛ මැද පෙරදිග මේ භූ ස්ථරයන්ට ළඟාවී ඛණිජ කැණීම් කරන්න සාපේක්ෂව ඉතාම පහසුයි…ඒ නිසා මිනිසා පෙට්‍රෝලියම් ශිෂ්ඨාචාරය බිහි කිරීමත් සමගම මේ කළාපයට ආශිර්වාදය සහ ශාපය යන දෙකම මුසුවුනු කාළයක් උදා වුනා…..

MiddleEastOilFig_4

ඔයින් පස්සෙ මේ කළාපය සතු භූ විද්‍යාත්මක සහ භෞම දේශපාලනික වැදගත්කම අවබෝධ කරගත්තු ලෝක බලවතුන් මේ කළාපය චෙස් ලෑල්ලක් කරගෙන දැවැන්ත දීර්ඝ කාළීන චෙස් ක්‍රීඩාවක නි‍යැළෙන්න පටන් ගත්තා….එදා මුලින්ම යුරෝපාකරයේ සාම්ප්‍රදායික අධිරාජ්‍යයන් අතර සහ ඉන් අනතුරුව බටහිර බලවේග සහ සෝවියට් සංගමය අතර පැවති මේ චෙස් ක්‍රීඩාවේ නියමු ක්‍රීඩකයන් මේ වනවිට තරමක් දුරට වෙනස් වී සිටිනවා….නමුත් ක්‍රීඩාව එක ලෙසම ඉදිරියට කෙරීගෙන යනවා….මේ ක්‍රීඩාවට ගොදුරු වුනු ප්‍රබල බුද්ධිමත් ශිෂ්ඨාචාරයන්ගෙන් පැවත එන ජනතාව හමුවේ මෙකී බලවතු කලේ වඩා සංකීර්ණ දේශපාලන ක්‍රීඩා ( උදා: බැබිලෝනියාව – ඉරාකය, පර්සියාව – ඉරානය, ඇසිරියන් අධිරාජ්‍යය ආරම්භ වූ කළාපය – සිරියාව / ඉරාකය / ලෙබනනය ) උනත්, මේ පර්සියන් ගල්ෆ් කළාපයේ රටවල ඉන්න වාහෙලාගේ බුද්ධි මට්ටම ඔවුන්ගේ ඉතිහාසයේ ගමන් මග සමඟම දන්න නිසා, චෙස් අදින මහ බලවත්තු මේ කළාපයට අනුගමනය කලේ බොහොම සරල, සිම්පල් ප්ලෑන් එකක්….

ඔටුවයි, කූඩාරමයි, වෙළඳාමයි, ගෑණුයි, කඩුවයි, ඇරෙන්න වෙන කිසි මළදානයක් නොදන්න රැළකට විශාල ධනස්කන්ධයක් ලැබුණාම නිකන් පීල්ලවත්තෙ ජම්බුවාට මහජන සම්පත ඇදුණා වගේ තමයි….පිස්සු කෙළිනවා, කනවා බොනවා, ඉන්ටනැෂනල් බඩු ගහනවා, වියදම් කරනවා, ලොකූවයින් පාටි දානවා…නෙහ්?… මෝඩයින්ට දරා ගන්න බැරි තරම් සල්ලි ලැබුණාම ඔහොම තමයි…සංකීර්ණ ආයෝජන ක්‍රම, ව්‍යාපාර විභවය පරීක්ෂා කිරීම වගේ ඔය ලොකු ලොකු සීන් උන් දන්නෙ නෑ….ලෝක බලවත්තු ටික කලේ මොකක්ද, මේ කළාප වල හිටපු ඔය එක එක ගෝත්‍ර වල ගෝත්‍රික චණ්ඩි පවුල් වලට බලය ගන්න උදව් කරලා, උන්ට හිටු කියලා සල්ලි එක්ක හිතූ පැතූ සම්පත් වැක්කෙරෙන්න සලස්වලා උන් දම්මලා ඒ කළාප වල ජනතාවගේ කටවල් බැඳලා පාලනය කරන ගමන්, තෙල් සම්පත කොල්ල කාගත්තු එක….හරිම සිම්පල් ප්ලෑන් එකක්….

දැන් ඔය සවුදි රජ පවුල, ෂෙයික් අරූ, ෂෙයික් මූ, සුල්තාන් අරූ, සුල්තාන් මූ කියලා ලොකු ලොකු නම්ගම් දාගෙන පොරවල් වගේ ප්‍රයිව්ට් ප්ලේන් වල අහසින් ගියාට, ගෝල්ඩ් ප්ලේට් දාපු රෝල්ස් රොයිස් වල ගියාට ඕකලාගේ සීයලා හිටියේ කාන්තාර ගෝත්‍රික රැහැවල් වල කූඩාරම් අස්සෙ….ඔටුවා තමා එකම සම්පත….මේ වගේ අද මැදපෙරදිග රජකරගෙන ඉන්න එවුන්ගෙ සීයලා, මහප්පලා තමා ඒ ප්‍රාථමික ගෝත්‍ර වලට හිටපු අතපය හයිය හත්ති චණ්ඩි….

ඉතින් මේ නූගත් මොට්ට චණ්ඩින්ට සල්ලි සහ බලය දීලා ලොකු රටවල් ඊළඟට කරේ මුන්ට පෙට්‍රෝලියම් නිෂ්පාදන, අමුතෙල් සහ බොරතෙල් වලින් ගලන සල්ලි ඒ රටවලටම ආපහු ඇදිලා එන ක්‍රමවේදයන් සකස් කරපු එක….

උදා: සවුදි හරකුන්ට තෙල් සල්ලි එනකොට උන් වියදම් කරන්නෙ ඉතාලියෙන්, ප්‍රංශයෙන්, ජර්මනියෙන් කාර් ගෙන්නන්න….බ්‍රිතාන්‍යයෙන් කාර් ගෙන්නන්න…ඇමරිකාවෙන් ගුවන් යානා ගෙන්නන්න….චීනයෙන්, ජපානයෙන්, කොරියාවෙන් තාක්ෂණය සහ විනෝදාස්වාදජනක උපකරණ ගෙන්වන්න…නිකන් කකා ඉන්න තෙල් වාහෙලාට වැඩබැරි නිසා ඉන්දියාවෙන්, චීනයෙන් පුහුණු ශ්‍රමය ගෙන්නන්න….ඉතින් ලෝකයේ බලවත් කාර්මික ශිෂ්ඨාචාරයන් මුන්ගෙ තෙල් වෙනුවෙන් මුන්ට දෙන සල්ලි කන්දරාව හැරෙන තැපෑලෙන් අනිත් පැත්තට උන්ටම ගෙන්න ගන්නවා….උන් දන්නවා මළාට මේ කළාපයේ මෝඩ වාහෙලා මෙලෝ නිෂ්පාදනයක් ලොවෙත් කරන්නෙ නෑ කියන එක… උන් දන්නවා මුන්ට මේ සංකීර්ණ තාක්ෂණික ශිෂ්ඨාචාරයක් ගොඩ නගාගෙන තමන්ගේ නිෂ්පාදනය සහ පුහුණු ශ්‍රමය දියුණු කරගන්නවා කියන එක ලොවෙත් කරන්න බෑ කියන එක….ඒ නිසා උන් මුන්ගෙ රටවල් වල පවුල් කිහිපයක් තෝරගෙන ඒ පවුල් වලට සුරසැප දෙන ගමන් උන් ලව්වා කළාපයේ මහජනතාව පාලනය කරගන්නවා….

දැන් මේ කළාපයේ මිනිස්සු උගත් කමින් සහ බුද්ධියෙන් ඉදිරියට ගියොත්, මානව හිමිකම් ගරු කරන දියුණු නීති රීති සහිත යුගයට ගැළපෙන නීති පද්ධති සකස් කර ගත්තොත්, කාන්තාවන්ට හිතන්න, හැසිරෙන්න නිදහස සහ අයිතිවාසිකම් ලැබුණොත් මොකද වෙන්නෙ?…උන් ඊළඟට තමන්ගෙ දෙපයින් නැගිටින තාක්ෂණික ශිෂ්ඨාචාරයක් හදනවා….හදලා තමන්ගේ නිෂ්පාදනය සහ එයට අවශ්‍ය පුහුණු ශ්‍රමය තම භූමියෙන්ම සපයා ගන්න බලනවා….ප්‍රජාතන්ත්‍රවාදය නිසි පරිදි ඒ රටවල පිහිටෙව්වොත් මිනිස්සු හිතන්න පුරුදු වෙනවා….එහෙම උනොත් එහෙම ඒ කළාපයේ ඇස් බැඳලා කළාපය හොරා කන ලෝක බලවතුන්ට කේස් වෙනවා….ඒ නිසා මෙම කළාපය කිසිදාක පෙරට නොයන බවට වග බලාගැනීම සඳහා දැඩි ආගමික විකෘතියකින් සදහටම ඒ රජ පවුල් හරහා ජනතාවගේ ඇස් වසා තබනවා…මොට්ට මෝල් කාන්තාර ගෝත්‍රිකයන්ගේ ප්‍රාථමික සංස්කෘතික ලක්ෂණ මේ රජ පවුල්, ෂෙයික්වරු, සුල්තාන් වරු හරහා රාජ්‍ය නීති බවට පත් කරලා ඒවායින් මේ ජනතාවන් සදහටම 14 වැනි සියවසේ සිරකරුවන් කර තබනවා….ඒක කිසිදාක වෙනස් නොවෙන බවට ඔවුන් වගබලා ගන්නවා….වෙනස් වේගෙන ආවොත් විවිධ බහුභූත බලවේග නිර්මාණය කරලා ඒ වෙනස පීළි පන්නනවා…..

ඕක තමයි සවුදි අරාබිය කියන අමන ගුබ්බෑයම තවම 14 වැනි සියවසේ පවතින හේතුව…..

මේ රටවල රජ පවුල් ආරක්ෂා කරන ලෝක බලවතුන් තම මිලිටරි බලය ඒ ඒ රටවල උපාය මාර්ගිකව ස්ථාන ගත කරලා තියෙනවා….ඒ මිලිටරි බලය සහ ඒ රටවල් දෙන දියුණු ආයුධ සමග එකී රජදරුවන් ගොඩනගාගෙන සිටින ස්වදේශික ආගමික පොලීසි සහ ආගමික හමුදා ව්‍යුහයන් වල මිලිටරි බලය අබිබවා යෑමේ ශක්තිය, බුද්ධිය හෝ ශක්‍යතාවය මේ ජනතාවන් සතුව නැහැ….ඔවුන් ආගම මගින් අන්ධ කර, නිර්වින්දනය කරනු ලැබ කීකරුව සිටිනවා….අනෙක ඔවුන්ට තම රජදරුවන්ගේ පවුල් සතු බලය අබිබවා යන්නට ගරිල්ලා ආදි සටන් කරන්නට සුදුසු පරිසරයකුත් මේ රටවල නෑ….පැහැදිලිව කිලෝමීටර් ගණන් දුර පෙනෙන, පැතලි කාන්තාර වල මොන ගරිල්ලා සටන්ද?…..ජල මූලාශ්‍ර අන්තිම දරුණු ලෙස සීමිත මරු කතරවල මොන ගරිල්ලා කැරළිද?….

නිදහස් චර්යාවන් තහනම් කර තිබෙන නිසාත්, ඒ තහනම කඩ කරන්නන්ට ලැබෙන දරුණු දඬුවම් නිසාත් වැල්ලේ අඳින ලද ඉරි වලින් එහාට අඩිය තබන්න ඔවුන් බයයි….මේ භීෂණය නිසා බහුතරය නවලෝකය සොයා යන්නේ නෑ….අනික ඔවුන්ගේ දැස් මත පියවිලි පටවන ලද ආගමිකත්වය සහ සාම්ප්‍රදායිකත්වය පරපුරෙන් පරපුරට දුර්දායාදයන් වශයෙන් දෙනු ලබනවා….මේ නිසා මොවුන්ට බුද්ධිය පහළ වීමක් හෝ ශාස්ත්‍රීය පුනරුදයක් පේන තෙක් මානෙක නැහැ…..

ආගම සහ තෙල් සම්පත පවතින තුරු ලැබෙන ධනස්කන්ධය තමයි මේ අයගේ නිර්වින්දකයන් වෙලා තියෙන්නෙ….මේ සිහිනයෙන් ඔවුන් අවදිවන්නේ පෙට්‍රෝලියම් ශිෂ්ඨාචාරය අවසන් වෙලා, වෙනත් ශක්ති ප්‍රභවයකට ගෝලීය ප්‍රවාහනය සහ අනෙකුත් ශක්ති ප්‍රවාහකයන් හුවමාරු වෙන කාළයටයි…එයින් පසුව ඔවුන්ට විශාල සාමාජීය ඛේදවාචකයකට මුහුණ දෙන්න සිදුවෙනවා….මේ තත්වය නිවැරදිව තේරුම් ගත්තේ 1950 තරම් ඈත කාළයේදී දේශපාලනය අත්පොත් තැබූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය එකතුවේ දෙවැනි අග්‍රාමාත්‍ය වරයා බවට පත්වූ “රෂීඩ් බින් සයීඩ් අල් මක්තුම්” කියන දූර දර්ශී නායකයාණන්….එතුමා ඩුබායි, අබුඩාබි, රාස් අල් කයීමා ආදි ප්‍රධාන එමිරේටයන් අනාගතයේ තෙල් සම්පත අවසන් වූ පසුවත් සමෘද්ධිමත්ව රැකෙන සැළසුම් රැසක් ක්‍රියාවේ යෙදවූ ප්‍රාඥයෙක්….

දැන් ඔබ කියාවි අවම වශයෙන් මේවායේ ඉන්න සිටු පවුල් සහ රජ පවුල් ලොව පුරා ආයෝජන කර තිබෙනවා, ඔවුන් ව්‍යාපාර අත්පත් කරගෙන සිටිනවා, ඒ වගෙම මේ ලෝක බලවතුන්ගේ රජයන් සහ නායකයන් මේ අයට බයයි, ඔවුන් ආවාම දෙකට තුනට නැමිලා “Your Majesty, Your Royal Highness, Most Noble Sheikh” කියලා කථා කරනවා, ඒ නිසා මේ අයගේ බලය කවදාවත් ගිලිහෙන්නෙ නෑ නේද කියලා….ඒ සියල්ල ලොව බලවත් ශිෂ්ඨාචාර ඔවුන්ට නිර්මාණය කර දී තිබෙන ෆැන්ටසි….ලෝක බලවතුන් අධ්‍යක්ෂණය කර සවුදිය ප්‍රමුඛ කළාපීය රජුන්ට සහ සිටුන්ට පෙන්වනු ලබන ස්වප්න චිත්‍රපටි….සැබෑ බලය තිබෙන්නේ කොහේද?….මෙය හොඳින් සොයා බලන ලෙස මම ඔබ සැමට ඇරයුම් කරනවා….යම් දිනෙක මොවුන්ගේ කළාපයේ වටිනාකම ගිලිහී යන්නේද, එතැන් සිට එක රැයකින් ඔවුන් ලෝක බලතුලන විෂයෙහි අවලංගු කාසි බවට පත්කොට, ඔවුන්ගේ ශිෂ්ඨාචාරය පිටින්ම කුණු බක්කියට දමන හැටි බලවත් කාර්මික සමාජයන් දන්නවා….ඔවුන්ට එතකල් “තමන් බලවත් බවත්, තම ශිෂ්ඨාචාරය, සංස්කෘතිය සහ සම්මුතීන් බලවත්” බවත් දැනෙන්න ඉඩ හරිනවා….

මිනිස්සු අහනවනෙ සවුදි අරාබිය වගේ අමු ගෝත්‍රික විකාරයක් කොහොමද එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පවතින්නෙ කියලා…..ඒකත් ඒ චිත්‍රපටියේ කොටසක්….ප්‍රතිපක්ෂයට පහර දී ඔහු සතු දෙය උදුරා ගන්නවාට වඩා, ප්‍රතිපක්ෂය නිර්වින්දනය කොට ඔහු සතු දෙය උදුරා ගන්න එක පහසුයි…”තමන් ලොවට වටී….තමන් ලොවට වැදගත්ය” කියන හැඟීම කෙනෙකුගේ මනසට ඇතුලු කිරීම තරම් ඔහු හෝ ඇය නිර්වින්දනය කොට විනාශය කරා යවන වෙන පහසු මගක් නැහැ…..

ප්‍රශ්ණ විසඳන්න සාහසිකත්වය සහ ලේ ඉස්සර කරගන්නේ ප්‍රාථමික මිනිස්සු…..කොටින්ම කිව්වොත් වානර හැසිරීම් වලින් තවම නොමිදුණු මිනිස්සු… වඳුරු රංචුවක මොකෙක් හරි එකෙක් වරදක් කළොත් අනෙක් වඳුරො වටවෙලා ඌව මරා දාලා, දත් විලිස්ස විලිස්ස “චකා බුකු, බුකු” ගගා යනවා…වෛරය සහ පළිගැනීම හැර වෙන හැඟීම් තුළින් තමන්ගේ ජයග්‍රහණය ලබන්න නොදියුණු ජීවීන්ගෙ මොළය සහ ස්නායු පද්ධතීන් සැකසිලා නෑ….

පළිගැනීම කියන්නේ බොහෝ විට ක්ෂණික, ක්‍රියාවට සමාන සහ ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාරයක්….වෛරය සහ පළිගැනීම කියන දෙක යම් කෙනෙකුගේ විනිශ්චය තිමිරයකින් වසනු ලබනවා….එයින් පසුව ඔහුගෙන් හෝ ඇයගෙන් සිදුවන කිසිදු ක්‍රියාවක යහපත් අන්ත ඵලයක් නැහැ…..යහපත් නැති අන්ත ඵලයන් රැසක් සහිත ගමන් මාර්ග එකතු වී යම් සංස්කෘතියක් සෑදෙන්නේද, එකී සංස්කෘතියට කවර කළකවත් “සංවර්ධනයක්” නැහැ…..

සමාජ දෘෂ්ඨිය අනුව “වරදක්” ‍යැයි සම්මත ක්‍රියාවක නිරතවූ පුද්ගලයෙකුගේ ලේ දකින්න, එහෙම නැත්නම් මරා දමන්න බුරුතු පිටින් රොක්වෙන එක යම් සමාජයක නීති රීති වල පටන් පවතිනවා නම්, ඒක ඒ සමාජයේ නොදියුණු, ප්‍රාථමික කම හෙවත් වානර කම ප්‍රදර්ශණයක් කිරීමක්…. සවුදි ජනතාව කියන්නෙ මේ වගේ සියවසක අනුකම්පා කළ යුතු පරිද්දෙන් එවැනි වානර ගති පැවතුම් වල සිර කරනු ලැබූ අසරණ මෝඩ ජනතාවක්…..

මැද පෙරදිග වාලුකා කළාපයට කවදාවත් ඉතිහාස සාධාරණයක් කරලා නැහැ….ඒ වගේම ඒ කළාපයට කවදාවත් ශාන්තියක් උදාවෙන්නෙත් නැහැ….එය ශාපලත් කළාපයක්…..අක්‍රමවත්, පහසුවෙන් ලැබෙන ධනය, අධිරාජ්‍ය බලපෑම් සහ නූගත් වනචාරි ඇවතුම් පැවතුම් සදාකල් දුකේ හෙළා ඇති කළාපයක්….මේ සමස්ථ කළාපයට එහි එක කොණක සිට හෝ ශාන්තියක්, ආලෝකයක් ලබාදෙන්න උත්සාහ දැරුවේ එකම එක ශ්‍රේෂ්ඨයෙකු පමණයි….ඔහුටත් අවසානයේ වනචාරීන්ගේ කුමන්ත්‍රණ සහ පාවාදීම් හමුවේ රෝමන් අධිරාජ්‍යයෙන් මැරුම් කන්න සිද්ද උනා….

“කවර කළකවත් පාපයක් නොකළ තැනැත්තේ පළමු ගල අතට ගනිත්ව!” ” යමෙකු දකුණු කම්මුලට පහරක් ගැසුවොත්, ඔවුනට අනෙක් කම්මුලද හරව!” යනාදි අවවාදයන් ඒ උතුම් පුරුෂයා දුන්නෙ මේ කළාපයට ඒවායේ ඇති බරපතළ වැදගත්කම හොඳින්ම දැනගෙනයි…..

ඔහු ඉහත අවවාද දෙක එම කළාපයට දුන්නේ ආවාට ගියාට නෙමෙයි……ඔවුන්ට වගතුවක් වෙන්න නම් ඔවුන් හදා ගත යුතු ප්‍රධානම දෝෂය කුමක්දැයි ඒ මහා පුරුෂයා දැන සිටියා….

ප්‍රතිකාර මුදළට විකිණීම නවතනු !

එතකොට මාලබේ SAITM එක වහන්න කියලා මුන් බෙරිහන් දෙන්නෙ එතන අධ්‍යාපනයේ ප්‍රමිතියක් නැති නිසා නේ?. ඔව් ඕයි ඒකත් ඇත්ත. හදිස්සියෙ වත් මේකෙන් බිහිවෙන ඩොකෙක් අතින් ලෙඩෙක් මැරුණොත් දෙයියනේ මොන දෙයියන්ට කියන්නද? හදිස්සියෙ වත් මේකෙන් බිහිවෙන ඩොකෙක් අතින් කෙල්ලෙක්ගෙ හොඳට තියෙන අතක් කැපුවොත් එහෙම වැරදිලා මොන දෙයියන්ඩ කියන්ඩද? ඒක ලංකා ඉතිහාසයේ ඩොකෙක්ගෙ අත් වැරදීමකින් හෝ නොදැනුවත් කමක් නිසා ලෙඩෙක් මැරුණ පළවෙනි අවස්ථාව වෙනවා නේද කියලා හිතෙනකොට ඇඟේ මයිල් ඉස්මයිල් වෙනවා. අනේ ඉතින් මේ විස්ස විද්යාල සිස්ස ප්‍රජාව අපිව මෙහෙම රැක බලාගන්න ඉන්න කල් අපිට බය වෙන්න නම් දෙයක් නෑ දෙයියෝ ! මොන තරම් විසාල උපද්‍රව අනතුරු වලින්ද මූලා….සමාවෙන්න….මේ උතුම් මිනිස්සු අපිව බේරගන්නෙ ඈ? නිකන් තුන් හිතකවත් තියාගන්න එපා මේ උතුං මිනිස්සු මේ අරගල කරන්නෙ තමන්ගෙ රස්සාව කුළයක් කරගෙන, ඒකට වෙන අය සෙට්වෙන එක නවත්තන්නය, රටේ ඩොක්කු වැඩි වෙනකොට උදේ පාන්ද හතරෙ ඉඳන් මජ්ජම රාත්තිරිය වෙනකල් හිටු කියලා තැන් තැන්වල ලෙඩ්ඩුන්ගෙ හිතේ හැටියට ගාණ කපන්න තියෙන මාකට් එක බෙදිලා යයි කියලා බයට වගේ අවලම් බලු කථා. හොඳේ?

ඇහුවට තරහා වෙන් නැත්තං පුතාලා, මේ රටේ හැම හන්දියකම, කඩ පිළකම, අගු පිළකම ප්‍රයිවට් හොස්පිටල්, මෙඩිකල් සෙන්ටර්, ලේ හුජ්ජා පරීක්සා ස්ථාන එහෙම තියෙනවනෙ පුතේ !.. එව්වයෙ ප්‍රමිතිය බලලා ඒවයේ ප්‍රමිතිය නැති ඒවා වහන්න කියලා පුතාලා පාරට බහින්නෙ කවදෑ? මං නං ඉන්තේරුවෙන්ම දන්නවා අපේ ආරක්සාව ගැන, අපේ සේවාවන් වල ප්‍රමිතිය ගැන රෑද, දවල්ද කියල බලන්නෙ නැතුව, නොකා නොබී, හුලිජ්ජ බාන්ඩ පිළට වත් යාගන්ඩ වෙලාවක් නැතුව කැපවෙලා ඉන්න පුතාලා ළඟදිම ඒ වැඩේටත් අත ගහනවා කියලා. එදාට පුතාලගෙ පාවිච්චියට ගන්න ඕං මේ ආතා දැම්ම තියලා සටන් පාඨ ටිකක් ලියලා තියඤ්ඤං. අපි වෙනුවෙන් මේ තරම් කැප වෙන මේ දරුවන්ට අපට ඇහැක් හැටියෙන් එහෙමවත් උදව්වක් නොකළොත් අපි වගේ කෙළෙහි ගුණයක් නැති අසමජ්ජාති හැත්තක් තවත් ඉන්නවයැ?

“පෞද්ගලික රෝහල් වසා දමා රජයේ රෝහල් ගණන වැඩි කරනු!”

“ප්‍රමිතියකින් තොර ලෙඩුන් මරණ පෞද්ගලික රෝහල් “ප්‍රතිකාර කඩ” වසා දමව්!”

“නවඕක, හාසිරි, හාසිරි සර්ජිකොල්, ඩුර්ඩාන්ස්, නෝසීස්, ලංකා ඔස්පිටාල්ස් (හැපලෝ), ආසා සැන්ට්‍රොල් රජයට පවරා ගනු !”

“නයින් බෙල්ස් වසා දමා මාතෘ වාට්ටු ගණන, සායන ගණන වැඩි කරනු !”

“සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය නොකරනු !”

“නිදහස් සෞඛ්‍ය සේවය සුරකිනු! සෞඛ්‍ය විකිණීම සඳහා නොවේ!”

“වෛද්‍ය ප්‍රතිකාර මුදළට විකිණීම වහා නවතනු !”

“රුපියල් දෙකේ පෙත්ත රුපියල් අසූවට විකුණන තිරිසන් සමාගම් රෙපාලා පුදන රට සවාරි, තෑගි බෝග, සල්ලි එපා ! සේනක බිබිළේ ඖෂධ ප්‍රතිපත්ති ක්‍රියාවේ යොදවනු !”

පුතාලා ඒ වැඩේට පාරට බහින දාක මේ ආතාවත් සිහි කොරලා මේ හටන් පාඨ වලින් බෝඩ් ලෑලි ලියාගෙන යන්ඩලා. එතකොට මේ ආතාගෙත් ඇහැට කඳුළක් උණයි මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය සුරකින්න ආතාට පුලුහන් හැටියට සම්මාදම් උනාය කියලා හිටං. ආතා ඩොම්බ සුවර් එකටම දන්නවා මේ මාලබේ SAITM වැඩෙන් පස්සෙ පුතාලා දූලා ඊළඟට බහින්නෙ ඒ වැඩේට කියලා. මයෙ රත්තරං පුතාලා දූලා එකතුවෙලා මේ රටේ අපිට පට්ටම නිදහස්, පට්ටම නොමිළේ, පට්ටම පට පට ආරක්ෂිත සෞඛ්‍ය සේවයක් පිහිටුවනවා කියලා මට සාදු සුවර්! ඒ නිසා මේ ඉල්ලීම් ඉටු කරපියව් කියලා කෑ දෙන්න ආතාත් පාරට බහිනවා ඕං. ඊළඟ පාර පුතාලා දූලා සංවිජානය කොරන්ඩ ඕනෑ නවදිල්ලියෙ ඉඳන් කොළඹට පාගමනක් ! මයෙ වයස බලන් නැතුව මං එනවා උඹලා එක්ක පයින් යන්ඩ! පුලුහන් නම් ඉන්දියාවෙ එව්වත් වහගෙන එමු පුතේ ඔයි ගමන්ම !

ඒ නැතුව මේ පිටකොටුවේ මාළු කඩ බක්කියක ඉටි රෙද්දක් ගහලා දුන්නත්, ඒකෙත් වාඩිවෙලා ලෙඩ්ඩුන්ගෙන් ගාණ කපන්න සූජානම්, මෙඩිකල් රෙපාලා කාමර වලට රිංගලා අත පය මසාජ් කරලා, රට යන්න ටිකට් දික්කරලා උන්ගෙ බේත් ලියන්න කිව්වාම ලියන තැනට මයෙ රත්තරං දූලා පුතාලා නම් කවදාවත් වැටෙන්නෙ නෑ කියලා මං දන්නවා.. මෙඩිකල් රෙපාලා එක එක බීච් හෝටල් වල කෑම දීලා, මාසෙකට ලස්ස පහ හය පිදේණි දික් කොරලා, බැංකොක් එකේ රති ක්‍රීඩා කොරන්ඩ යවලා, කාර් බාර් ගෙදෙට්ට එවලා, පුදන්න හදන අලුගුත්තේරු දැකුම් පෙවුම් වලට මයෙ පුතාලා දූලා නම් අනාගතේ පයිම්ම ගහලා දොට්ට දානවා කියලා මං අලි සුවර් පිට දන්නවා. ඒ වගෙම උඹලා අනාගතේ ඔය එක එක හන්දි හන්දි ගානෙ තියෙන “මැඩිකල් සැන්ටර්, ලේ හුජ්ජා ඉස්තාන, පෞජ්ගලික ඉප්පිරිතාල” වගේ ප්‍රමිතියක් නැති ගුබ්බෑයම් වලින් අව්වට වැටෙන හෙවණැල්ලක් වත් පාගන්නෙ නැති වග මං දන්නවා ! ඒ නැතුව එළදෙනට තණකොළ කන්ඩ තියෙන්න ඕන එක කටයි, ඒ උනාට ගොම්පස් ඇහිඳින්ඩ පුකවල් දෙක තුනකුයි, දොවන්ඩ කිරි බුරුලු හත අටකුයි තියෙන්ඩ ඕන කියලා අසමජ්ජාති විදියට මේ රටේ සවුක්ය සේවෙ ගැන හිතන එවුන් නෙමෙයි මයෙ රත්තරං දූලා පුතාලා…!

උඹලා මේ මාලබේ SAITM එක වැහුවට පස්සෙ පෞද්ගලික ඉප්පිරිතාල ඒවාත් අනිවා ඩෙපා වස්සනවා කියලා මට වැටහෙනවා ආයුබොන්ඩ ! කවදා හරි පෞද්ගලික ඉප්පිරිතාල, “ප්‍රතිකාර කඩ” ආණ්ඩු වහන්නෙ නැතුව අකීකෝරු වෙලා උඹලා ඒකට මාරාන්තික හුපවාසයක් එහෙමත් කළොත් ආතා එනවා උඹලා වෙනුවට උපවාසෙ වාඩිවෙන්ඩ ! උඹලා වගේ උතුං අරමුණු තියෙන එවුන් ජීවත් වෙලා, මේ අපි වාගේ අසමජ්ජාති හැත්ත උපවාසෙන් හරි මැරිලා පලකො ඔන්නොහෙ ! මේ ටික ලියනකොටත් ඇහැට කඳුළු සට සට ගාලා එනවා බොලව් උඹලෑ උතුං ක්‍රියා සිහිවෙලා !

උඹලා අනාගතේ ගන්නෙ ආණ්ඩුවෙන් දෙන පඩිය විතරමයි… මෙඩිකල් රෙපෙක්ගෙ හුළඟවත් වදින ඉසව්වක රඳන්නෙ නැතුවා… සියේට සීයක් නොමිළේ ප්‍රමිතිගත ප්‍රතිකාර දෙන්න කැප වෙනවා වෙනවාමයි! ඉර හඳ පල්ලා, පොළෝ මහී කාන්තාව පල්ල, උඹලෑ අර හැරමිට්ටෙ එතිච්ච සර්පයා පල්ලා, හිපොක්‍රටිස්ගෙ අම්මා පල්ලා ඒක නම් සත්තම සත්තයි !

සනි අක්කා එල්ලීම – ඇරිබතෝවේ සිට ලොං ඩැහැගන්වන වාර්ථාකරණය

හවුචාව නම් මනංකල්පිත ග්‍රහ ලෝකයේ ජංගියන් සාගරයේ හුකෑෂ් සමුද්‍ර සන්ධියට දකුණින් පිහිටි ඇරිබතෝව දූපතේ කාන්තා හිංසනය, දූෂණය, අසරණ දරුවන් කෙළෙසීම, කාමාපරාද, ඝාතන දිනෙන් දිනම ශීඝ්‍රයෙන් ඉහළ යන්නට විය….

මේ ග්‍රහලෝකයේ කොම්පර්ජාලය කියා එකක් ඇත….ඒක කොම්පියුටර් ජාල රාශියක් එකතුවීමෙන් සෑදෙන අපූරු මෙව්වා එකකි…සමාජ විජ්ජාව සහ මනෝ විජ්ජාව පැත්තෙන් බැලුවොත් ඒක වර්චුවල් රියැලිටි එකකි..කොටින්ම කිව්වොත් රියැලිටි ෂෝ එකකි…..අනිත් රටවල ජනතාව සමාජයේ ප්‍රගමනයට ඒක පාවිච්චි කරත්, මේ රටේ ජනතාව ඒක පාවිච්චි කරන්නේ වැල අදින්න සහ වැල දමන්නටය….ඒක ඒ අයගේ ජාතික උරුමයන්ගෙන් එකක් නිසා, කොම්පර්ජාලය නම් වර්චුවල් අවකාශයේත් කරන්නේ ඒකමය….ඒකට ඉතින් මොනව කියන්නද නේද?….

ඔන්න දවසක් මේ රටේ හන්දියේ කඩයක් කළ මුදලාලි කෙනෙක්ව කවුරු හරි විසින් ඝාතනය කරන ලදී…පහුවදා උදේ බලනකොට මුදලාලි මිනිය කඩේ පිටිපස්සෙ හරස් අතට වැටිලා තිබුණේය….

මේ එතැන් සිට සිදුවූ සිද්ධි දාමයයි….

ඇරිබතෝ වාසීන් පොලීසිය අවට උද්ඝෝෂණයේ ( සජීවී දර්ශණ ) :

” රටට සඳක් වගේ හිටපු මුදලාලි මාත්තයා මරා ගත්තා…මුන්ට එණ ගානවා…!…මේ පාහර වැඩේ කරපු එවුන් අල්ලපියෝ…!..අල්ලලා එල්ලපියෝ…!…අනේ කැසිල්ලේ රජතුමනි…!…උඹට මුන් එල්ලන්න බැරි නම් දීපිය මං එල්ලන්නම්…!…බාල්කෙකුයි, කඹෙයි තිබ්බම ඇති යකෝ..!…ඔය ලොකු ලොකු පෝරක හද හද ඉන්න වෙලාවක් නෑ…!…අල්ලපියව්…එල්ලපියව්…!”

කැමරාවේ පසු සටහන් වූ උද්ඝෝෂණයට පැමිණි දෙදෙනෙකු අතර කථාබහක්…

“කවුද බං මේ මරලා තියෙන්නෙ?… ”

“දන් නෑ බන්”

“දන් නැත්තන් තෝ පපුවට ගහගෙන ෂර්ට් එකත් ඉරා ගත්තෙ?”

” වීඩියෝ කරනව හු*තෝ! අර බලපන්”

“අම්මට? ඒනන් අපිත් අද “ලයින්ග් ඇට් නයින්” එකේ ඉඳියි පණපිටින් වගේ යකෝ”

ඔය අස්සේ මුදලාලි ඝාතනයේ සී.සී.ටී.වී කැමරා දර්ශණ ලීක් වේ….මුලින්ම දාන්නේ “අම්මපා TV” එකේ නිව්ස් සයිට් එකේ සහ පේස්බුහ් පේජ් එකේය….ඊට නැනෝ-තප්පර දෙකකට පසුව ඒකම “අම්මපා FM” එකේ ගොසිප් සයිට් එකේ සහ එයට අදාළ පේස්බුහ් පේජ් එකේ වැටෙයි….ඊටත් නැනෝ-තප්පර හතරකට පසුව මේ නිව්ස් පෝස්ටර් එක අමුඩෙ පිටින්ම උස්සා එක එක කොළු බච්චලා කරන පේස්බුහ් පේජ්, නිව්ස් සයිට්, ගොසිප් සයිට් වල වැටෙයි….

නිව්ස් එක මුලින් “අම්මපා” මාජ්ජ ජාලයේ ඕක මුලින්ම ගිය එක ගැන “ඔලුව” මාජ්ජ ජාලයේ උන්ට මළය….

“මොන ලබුවක්ද යකෝ? තොපිට මෙච්චර පඩි ගෙවන්නෙ, ආතල් දෙන්නෙ මේකටද? තොපේ පඩියෙන් බාගයක් ගෙවන්නේ නැතුව උන් කොහොම හරි මුලින්ම සී.සී.ටී.වී විෂුවල්ස් ගෙනත් දැම්මා….බලපන් ඒකෙ “රීච්” එක පාලොස් ලක්ෂෙත් පැනලා….ලයික් හතළිස් පන් දාහයි…ෂෙයා විසි එක් දාස් දෙසීයයි… මෙච්චර හරියක් වෙනකල් තොපි ඉස්ටේප්ලර් කටු කාපු රිලව් වගේ ඇණ තියාගෙන හිටියා….මං තොපිට තව පැය බාගයක් දෙනව…ඔය උන් දාපු සී.සී.ටී.වී ඈන්ගල් එකට අනිත් පැත්තේ ඈන්ගල් එකේ කැමරා විෂුවල්ස් මොන ලෝකෙන් හරි හොයාගෙන ගෙනල්ලා අපේ  “කක්කන් FM” එකේ පේස්බුහ් පේජ් එකේ නොදැම්මොත් මං තොපිව ප්ලාස්ටික් බෝතල් උඩ උළ තියනවා…දුවපියව්!”

කෙසේ හෝ මුදලාලිගේ කඩේ අනිත් පැත්තේ ඈන්ගල් එක කවර් කරපු කැමරාවේ දර්ශණ ලබා ගැනීමට “ඔලුව” මාජ්ජ වේදීන් සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඇරිබතෝ පොලීසියේ අයියලාට පගුං පනස් දාහක් සමග විෂ්කි බෝතල් හතළිහක් පගාව දීමට සිදුවිය… ( පගුං යනු ඇරිබතෝවේ මුදල් ඒකකයයි…)

ඇරිබතෝ කොම්පර්ජාල වාසීන් වනාහි සර්ව විශේෂඥයන්ය….සර්පිල මන්දාකිණියක සිට අත්තම්මාගේ රෙද්ද දක්වා ඇති සියල්ල සියළුම ආකාරයෙන් සුපිරියට ඇනලයිස් කිරීමේ හැකියාව ඔවුන් උපතින්ම ගෙන පැමිණ ඇත…ආයෙ ඒවාට ඒ ඒ විෂය ක්ෂේත්‍රයන් වල අධ්‍යාපනය හැදෑරූ ප්‍රවීණයන් නැතුවාට කමක් නැත….විශ්වයේ නොවිසඳුණු අබිරහස් ඕන එකක් ඇරිබතෝ කොම්පර්ජාල වාසීන්ට බාර දුන්නා නම් තුන් වරුවෙන් සහනය ලැබේ….”නොදන්නා දේවල්” කියා දෙයක් ඔවුන් අසාවත් නැත…

පහත දැක්වෙන්නේ ඒ සී.සී.ටීවි කැමරා දර්ශණ පේස්බුහ් පිටුවල ප්‍රචාරය වූ පසුව ඒවා ෂෙයාර් කරමින් දමා තිබුණු විශ්ලේෂණයකි….

“දැන් බලන්න මේ වීඩියෝ එක හොඳ කල්පනාවෙන්…පුළුවන් එකෙක් මේක ඩවුන්ලෝඩ් කරලා, VLC එකේ ප්ලේ කරලා ඉස්ලෝමෝෂන් බලපන්…එතකොට තේරෙයි මංකියන දේ..ඕකෙ 23 වැනි තප්පරේට ඇදපල්ලා….මුදලාලි මැරිලා වැටිලා ඉන්න තැන තිරස් රේඛාවක් ඇන්දොත්, මුදලාලිගේ අතේ දබරැඟිල්ල පිහිටලා තියෙන්නෙ ඒ රේඛාවට අංශ 43 ක් ආනතව… එතකොට සයින් 43 කියන්නෙ -0.8314…ඒ අනුව මට නම් හිතෙන්නේ ඒ දබරැඟිල්ල යොමුවෙලා තියෙන දිහාවෙ හමුවන පළමුවැනි ගෙදර ඉන්න අයගෙ පුංචි අම්මගෙ පුතා තමයි මේ මිනී මැරුම කරන්න ඇත්තෙ”

විශ්ලේෂණයට කොම්පර්ජාලයෙන් සහ ඉන් පිටත සැබෑ ලෝකයෙන් ලැබෙන ප්‍රතිචාර….

( අදාළ ගම ආශ්‍රිතව ජීවත් වුනු උදවිය )

“අඩෝ සිරාවට මචන්! ඔය කියන ගෙදර ඉන්න ගෑණු කෙනාගෙ නංගිගෙ පුතා තමයි ඕක කරන්න ඇත්තෙ…අර හජුශානයා! ඌ තමයි…ඌ මීට අවුරුදු දෙකකට කළින් සාටර්කුළම වැව් බන්ට් එක උඩ සුස්තියක් අදිනවා අපේ මැරිච්ච කිරි අප්පු මුත්තා දැකලා තීනවා….ෂුවර් එකට ඌ තමයි”…

“ඇත්ත..ඇත්ත…හජුශානයට තියෙන්නෙ ඒ වගේ මූණක් මචන්..!.උගේ මූණ දැක්කාම ඌ කවද හරි මිනියක් මරයි කියල හිතෙනවා”…

( යාබද නගරයේ කාර්යාල වල )

“නෑ සොහොන්ශිකා ! මට ඒ ගමේ එක්කෙනෙක්මයි කිව්වෙ….හජුශාන් කියල එකෙක් ඒක කරල තියෙන්නෙ…ඌ වවුල් වෙසක් අරගෙන අහසින් ඇවිත් මුදලාලිගෙ බෙල්ල විදලා ලේ බීලලු…එහෙමයි මරලා තියෙන්නෙ”

“වෙන්න ඇති සුසානි ! මාත් අද උදේ කෝච්චියෙ එද්දි කවුදෝ කියනව ඇහුණා….ඌට ගංජා බොන්න මුදලාලිගෙන් සල්ලි ඉල්ලුවලු…නොදුන්නයි කියල මළෙන් ලු ඉඳල තියෙන්නෙ”

( අගනුවර කාර්යාල වල )

“අඩෝ ණයමල්! උඹ දන්නවද? අර මුදලාලි මරපු සීන් එකේ මිනීමරුවා ඒ ගෙදරට අංශක 43 ක් උතුරින්, මීටර් 23.5 ක් ඈතින් තියෙන ගෙදරක ඉන්න ගෑණු මනුස්සයගේ නංගිගෙ පුතාලු… ඔව් හු*තෝ…!…ඌ තමයි ගේම දීලා තියෙන්නෙ…!…ඌ කුඩු බොන්න පුරුදු වෙච්ච පොරක්….ඌට මාසෙකට පගුං අසූ දාහක කුඩු ඕනලු… ඉතින් මුදලාලිගෙන් සල්ලි ඉල්ලලා තියෙනවා….මුදලාලි 2013 ජනවාරි 23 වෙනිදා දවල් 12:34 ට කඩේ ඉස්සරහ උතුරු දිශාව බලාගෙන කියල තියෙනවා සල්ලි දෙන්න බෑ කියලා…ඊට පස්සෙ මූ සැප්තැම්බර් 27 වෙනිදා රෑ 11:22 ට අඩි 120 ක් උඩ ඉඳලා පහළට පැනලා වවුල් වෙසකින් පියාඹලා ඇවිත් තමයි මුදලාලිට ගේම දීලා තියෙන්නෙ….”

“අම්මට ! මාර සීන්නෙ ප* දැන් වෙන්නෙ…?…කවුද උඹට කිව්වෙ?”

“උබේ අතේ පෝන් එක තියෙනව නේද? ඔහොම්ම පේස්බුහ් ලොග් වෙලා අර “ළපන්වාහිණී ” එකේ පේජ් එකට පලයන්…ඒකෙ තියෙනවා සම්පූර්න ඉස්ටෝරියම….”

“අඩෝ ඔව්මයි ! මූද එතකොට පොර ? අඩෝ මේ හු**ට තියෙන්නෙ මිනීමරු ඩෑල් එකක් බන්…මුන් වගේ කුපාඩින්ව එල්ලන්න ඕන”

“එල්ලලා මදි බන්…! ඕකා එල්ලලා, ලණුව කපලා, බිම වැටුණාම ආයෙ උස්සලා එල්ලන්න ඕන”

දිනකට පසුව ඇරිබතෝ ජනතාව ( සජීවි දර්ශණ ) :

“මහත්තයෝ ! අපි මේ අති උතුං කැසිල්ලේ රජතුමාට කියන්නෙ ! මේවා බල බල ඉන්න එපා ! මේ පාදඩයන්ව එල්ලන්න ඔබ තුමාට බැරි නම් කඹ යාර දුසිමක් එක්ක පොල් පරාලයක් හොයල දෙන්න, අපි එල්ලන්නම් ! අපිට මේ දුක දරාගන්න බෑ…!.. තවත් මේවා වෙන්න දෙන්න එපා !”

කැසිල්ලේ රාජ සභාව :

( දුරකථන පණිවිඩයක් )

“මේ .. මේ කොහෙවත් යන හුයන්නක් නිසා මටත් සවුත්තුව ඕයි…!…කවුද දැන් ඔය කියන්නෙ….?…ගෙනෙන් ඕකා කුදලගෙන….!….දාපන් අර පෝරකේට ලණුව…!…ඔන්න ඕකව එල්ලලා දාමු…!..එතකොට සේරම හරිනෙ..?…..”

( ඔය අස්සේ අදාළ ගමෙන් තවත් ආරංචියකට තටු ලැබේ)

ඇරිබතෝ පොලිෂ් මාජ්ජ ප්‍රකාශක :

“අපට මේ වනවිට කරපු පරීක්ෂණ අනුව හෙළිවෙලා තියෙනවා මේ මුදලාලිගෙ හාමිනේ මුදලාලිගෙ නංගි බැඳපු මහත්තයගෙ අයියගෙ පුතාට ඉන්දියාවෙ හන්දියකදි හම්බ වෙච්ච සරෙයිරාමා කියන මනුස්සයා එක්ක තප්පර තුනක් හිනාවෙලා තියෙන බව….ඒ නිසා මේක අනියං පේම සම්බන්දයක්ද කියලා මේ ඇත්තන්ට සැක පොජ්ජක් මන්දො වෙලා තීනවා”

( එයින් පසුව )

” මං කිව්වද කොහෙන් හරි මේකට මුදලාලිගෙ ගෑණි සම්බන්ධ ඇති කියලා….?…. ඔය ගෑණු විශ්වාස කරන්න පුළුවන්ද යකෝ අද කාලේ? …. පට්ට වේ*යෝ….!….ෂුවර් එකට අර ඉන්දියන් කාරයගෙ පනාවට රැවටිලා ඌ එක්ක පැනල යන්න මුදලාලිට ගේම දෙන්න ඇති…මේක ඇතුළෙ වැඩක් කියලා පට්ට පැහැදිලියිනෙ බං….ගෙදර වටේට තව ගෙවල් ගොඩක් තියෙද්දි, ගෙදර දඩෝරි බල්ලො එකසිය තිහක් ඇති කරද්දි, ගේ වටේට අඩි පනස් තුනක් උස තාප්පයක් තියෙද්දි කොහොමද මේ කාටවත් නොදැනෙන්න මෙහෙම මර්ඩර් එකක් දෙන්නෙ?….අනිවා, ඔය බැල්ලි තමයි ඕක කරන්න ඇත්තෙ….මම ඕක එදා උඹලට කියද්දි උඹලා පිළිගත්තෙ නෑ….ගෑණු කියන්නෙ සල්ලි වලට ඕන කුපාඩි වැඩක් කරන මහ ජරා ජාතියක්…”

“රටක් වටින මුදලාලි මහතා මරාගත් මුදලාලි බිරිය එල්ලා මරනු !”

කැසිල්ලේ රාජ සභාව :

( දුරකථන පණිවිඩයක් )

“මේ .. මේ කොහෙවත් යන හුයන්නක් නිසා මටත් සවුත්තුව ඕයි…!…කවුද දැන් ඔය කියන්නෙ….?…ගෙනෙන් ඕකි කුදලගෙන….!….දාපන් අර පෝරකේට ලණුව…!…ඔන්න ඕකිව එල්ලලා දාමු…!..එතකොට සේරම හරිනෙ..?…..”

( දවසක් දෙකක් ගතවනවිට කොම්පර්ජාල වාසීන් ඇතුළු ඇරිබතෝ ජනයා නොඉවසිලිමත් වේ )

“කෝ අනේ ! එල්ලන්නෙ නැද්ද? අපි දැන් දවස් කීයක් බලන් හිටියද එල්ලන කල්…!….හරි කැතයිනෙ මෙහෙම ජනතාව රවට්ටන එක….!…එල්ලනව නම් මෙළහකට දහ පාරක් එල්ලන්න වෙලාව ….!.. උනුත් එකයි, මුනුත් එකයි….!…දෙගොල්ලම කරන්නෙ අපිව රවට්ටන එක….!…එල්ලන්නෙ නෑ මුන්…!….මොකද මුන් කරල තියෙන වැඩ වල හැටියට එල්ලන්න ගත්තොත් ඉස්සෙල්ලම තමුන් එල්ලෙන්නයි වෙන්නෙ….!…තව මාසයක් මුන්ට කල් දෙනවා…!…එල්ලුවෙ නැත්තන් බලාගමු…”

( එයට පසුව )

ඇරිබතෝ එල්ලනාගාර දෙපාර්තමේන්තුවේ මාජ්ජ ප්‍රකාශක :

“අපි මේ දවස් වල පෝරකේ ඒ.සී කරගෙන යනවා….ඔව්…!…කඹේ ප්ලැටිනම් වලින් හදන්න ඕන….!…නැත්තන් එල්ලන කෙනා ඊළඟ ආත්මෙත් මේ දූපතේමයි උපදින්නෙ….ඒක නිසා අපි කඹයක් ගොබිලාන්තයෙන් ආනයනය කරනවා….ඒ සඳහා ප්‍රතිපාදන සම්පාදනේ කරල තියෙන්නෙ දැනටම….බොරු නම් බලන්න අර එළියෙ තියෙන අලුත්ම BMW එක මගේ…..!…ඔව්…!…මේ පාර නම් දෙයියම්පා එල්ලනවා…!…කැසිල්ලේ රාජ සභාවෙන් නියෝගයක් ආපු ගමන් එල්ලීමට අපි සැදී පැහැදී සිටිනවා….!… මොකක්ද?….අලුගෝසුවද?…ආහ් අලුගෝසුවෙක් නම් නෑ, ඒක වෙනම කථාවක්…!… බඳවා ගත්තු හත්සිය විසිතුන් වෙනියත් ගිය මාසෙ පැනලා ගියා….ඔව්…!…ඒක අවුලක් නෑ….අරහෙන් ඕඩර්ස් ආපු ගමන් කොහොම හරි එල්ලනවා..!”

( මේ අතර, මීට පෙර අත් අඩංගුවට ගත් හජුශාන්ගේ කොම්පිටර් එකේ තිබී සුප්‍රකට වැල රැජිණි “සනි අක්කා” මහත්මිය රඟන වැළ 210 ක් අසුවේ )

එයට සතියකට පසුව නයිටවාහිණියේ “පොරමඩලාව” හරසරණියේදී

“දැන් බලන්න වසන්ත මහත්තයො වෙච්ච දේ ! මේ අහිංසක තරුණයන්ගෙ මල් වගේ හිත් දූෂණය කරන කාම චිත්‍රපටි නිසා තමයි මේ අපරාදෙත් වෙලා තියෙන්නෙ! … මේක දර්ම්ද්වීපය නේද?…. මේ අපේ තරුණ පරපුර කොයිබටද යන්නෙ?….”

පේස්බුහ් පිටුවල

“අපරාදෙ ඕයි අපි අර හජුශාන්ටයි, මුදලාලිගෙ වයිප්ටයි බැන්නෙ….පව් ඕයි උන් දෙන්නා ! කෝමද උන් දෙන්නව එල්ලල තිබ්බ නම් ?… අඩෝ බලපන් මේ හජුශාන් වගේ පොඩි එකෙක් කෝමද මේ වගේ අපරාදයක් කරන්නෙ….?…අනේ උගේ මූණ දැක්කම මට මතක් වෙන්නෙ මම දෙක වසරෙදි ගහපු පොටෝ එකක්”….

අවසානයේ සනි අක්කා මුදලාලි ඝාතනයට වරදකරු කරන කැසිල්ලේ රාජ සභාව සනි අක්කා ඇරිබතෝවට ගෙනවුත්, එහි අගනුවර “ඕල්ඩ් ෆේස්” පිටියේදී ප්‍රසිද්ධියේ එල්ලා මැරීමට තීන්දු කොරයි….

ඇරිබතෝවට යාබදව පිහිටි ජන්ගියාව විසින් සනි අක්කා ඇරිබතෝ බළධාරින්ට බාර දෙනු ලබයි….

( “පොරණ” මාජ්ජ ජාලය )

“සනි අක්කා එල්ලුම් ගස් යෑම සජීව විකාශය ඕල්ඩ් ෆේස් පිටියේ සිට…එයින් පසුව දිවඉනේ සුප්‍රකට ඉස්ටාර්ලා රැසක් “පරලෝ රාත්‍රී” මහා සංගීත ප්‍රසංගය  ”

“Watch “Sunny Hanging” Live at Old Face….DJ Absurd in concert”

( “ඔලුව” මාජ්ජ ජාලය  ) :

“මෙන්න ඔබට පගුං හැට ලක්ෂයක් දිනා ගත හැකි ප්‍රශ්ණය…..!….සනි අක්කා එල්ලූ පසුව මැරෙන්නෙ හරියටම කීවෙනි විනාඩියේද?.…නිවැරදිව පිළිතුර “විනාඩිය හිස්තැනක් Sunny ” යනුවෙන් 88119 ට එස්සෙමෙස් කරන්න …. සනි අක්කා එල්ලූ පසුව ජයග්‍රාහකයා එතනම තෝරනු ලැබේ….”

( “විහින් බයිට්” මාජ්ජ ජාලය )

“හායි මගේ යාලුවනේ ….ඔයාලා උක්කොමලම දන්නවා අපෙ අලුත් සෙග්මන්ට් එක….”සනී වාසනා” දිනුම් ඇදීම….ඔබ කළ යුත්තේ සනි අක්කාගේ අන්තිම වචන හරියටම ගෙස් කරලා 15889 ට ටෙක්ස්ට් කරන එක…නැත්තන් ඌ ගොල්ලාන්ට පුලුහන් අපේ පේස්බුහ් පේජෙ එකේ කමෙන්ට් කරන්න….ප්‍රයිසස් ගැන දන්නවනෙ…මම කලින් කීලා තිනවනෙ….?…උයාලට ලොකුම ලොකු “ටොනෝටා බකමූණාස්” හයිබ්‍රිඩ් කා එකක් දිනාගන්න මේක හොඳම චාන්ස් එක….ඕකේ…?….ඕල් රයිට්…දැන් අපි යමු ඊළඟ සෝන් එකට…”

( “ළපන්වාහිණී” මාජ්ජ ජාලය )

“දුකට පත් අසරණ ඔවුන්ට පිහිටක් වෙන්න මෙන්න ඔබට අවස්ථාවක්…”එල්ලුං සත්කාරය”…සනි අක්කා එල්ලන තැනට අප විසින් ගෙන්වන අසරණ පවුල් 25000 කට අවශ්‍ය වියළි ආහාර, පොත්පත් ආදිය පරිත්‍යාග ඔබට හැකි පමණින් ඔබේ ගමට එන අපේ “ළපන්වාහිණි” කණ්ඩායමට දෙන්න…අපි ඒවා එතනදි ඒ පවුල් වලට බෙදා දී ඒ පින් සනි අක්කාට අනුමෝදන් කරමු…ඒ පින් බලෙන් අපේ වාහිනිය අයිති අක්කාත් එර්දි වේවායි පතමු” ….

(“Lat FM” මාජ්ජ ජාලය )

“Do you want to be in a photo with Sunny at her last moment? ….call us now to register on three double seven three double seven ”

( මේ අතර අගනුවර ප්‍රධාන පෙළේ මාකටින් ආයතන වල සහ ව්‍යාපාරික ආයතන වල “Brain Storming Sessions” )

” මගේ අයිඩියා එක තමයි අපි එයාව බිකිණි එකක් අන්දලා යවමු….බිකිණි එක ස්පොන්සර් කරන්න “මිඩ්නයිට් හුකෑෂ්” කම්පණි එක දැනටම ඔෆර් කරලා තියෙනවා….

“බෑ බෑ….එයා සාරි එකක් අන්දල යවන්න දැනටම sign කරල තියෙන්නෙ….සාරි එක ස්පොන්සර් කරන්නෙ “සාරි කුන්දීර්”… අන්ඩවෙයාස් Sponsor කරන්නෙ “ගොඩෙල්”….

“ෂැක්…!… කාගේද ඒ අයිඩියා එක?….මම කියපු විදියට කරා නම් අපිට එයාගෙ ඇඟ පුරාම ස්පොන්සර්ෂිප් ස්ටිකර්ස් අලවලා companies දුසිමක විතර offers ගන්න තිබුණා…..දැන් ඉතින් ඉතිරිවෙන්නෙ පිටයි, බඩයි විතරනෙ….”

“එයාගෙ High heels දෙක?”

“සනීගේ ඉවෙන්ට් මැනේජර්ස්ලා අපිට කෝල් කලා….Heels දෙක යූ.ඇස් වලින්….එයා ඒවා නැතුව වෙන ඒවා දාන්නෙ නැතිලු….”

“ආ…ඕකේ…!…මේකප්?”

“මේකප් ස්පොන්සර් කරන්නෙ “ජලාහුටාස්” සලෝන් එක “….

(මේ අතර ඕල් ෆේස් පිටියේ ඉදිවෙන පෝරකය ළඟ තරුණ තරුණියන් “සෙල්ෆි” ගසා පේස්බුහ් අප්ලෝඩ් කරති….)

Kolla rockza : “Near da “ellum tree” broz ! Shit totally rokzzzzzz” ( replies : “ado sira kollaz…..elazzz” )

Pissu Angel : “She`s gonna swing 2moro … totally kool …! ”

( මේ අතර සනි අක්කාද තම පේස්බුහ් Official Fan page එකේ ස්ටේටස් දමයි  )

“2morro I`m gonna die ! Super Koool ! B sure 2 B there !  – Feeling Excited”

( replies : ” yeah you roxxx gal !… yo yo “)

( සනි අක්කා එල්ලුම් ගස් යන දවස උදා වේ ) 

පෝරකය ඉදිරියේ සියළු මාජ්ජ නියෝජනය කරමින් ළපටි නිවේදක නිවේදිකාවන් රැසකි….

සමහරු :

“හායි ! ගුඩ් මෝනින් ! අපි මේ ඇවිල්ලා ඉන්නෙ එක්ස්ම එක්සයිටින් ඉවෙන්ට් එකකට….ඔයාලට තව ටිකකින් බලාගන්න පුලුවන් සනි අක්කා එක්ස්පයර් වෙන හැටි”

තවත් සමහරු :

“ඔව් … මේ පෝරකයේ ඉතිහාසය අවුරුදු එක්දාස් හත්සිය පණහක් පමණ ඈතට යන එකක් කියලා වීපීඩියා එකේ සඳහන් වෙනවා….ඔයාලා නොදන්න කාරණයක් තියෙනවා….”

“ඒ මොකක්ද ගුජිත?”

“සනී තමයි ඇරිබතෝවෙ එල්ලුම් ගස් යන දෙසිය වෙනියා….”

“යේ….ක්ලැප් ක්ලැප්”…..

“ඒයි ඒයි… සනීව ගේනවා…සනීව ගේනවා….ටක් ගාලා දුවල ෆ්‍රන්ට් ලයින් එක අල්ලමු කවර් කරන්න”

“රතු හරකා” ශක්ති ජනක පානයේ වෙළඳ ලාංඡනය ගැසූ, සහ එයින් විශාල කෑන් එකක අනුරුවක් වහළේ පටවා ගත් මෝටර් රියක්, ආරක්ෂක රථ පෙළකට මැදිව එනු පෙනිණි…..කැමරා ෂටර “සට, සට” ගාන නාදයෙන්ද, ඒවායේ ෆ්ලෑෂර දෙන විදුලි ධාරා වලින්ද අවට පරිසරය පිරී යයි…..මෝටර් රථයෙන් බැස ගත් සනී මේකප් තට්ටු පනහක් තවරන ලද මුව පොබයා මුළු ඇරිබතෝවේම සියළු රෝග නිවාරණය කරන සිනාවක් පා ආචාර කරන්නීය….අනතුරුව ඇය “රතු හරකා” කෑනයක් කඩා එය පානය කරන්නීය….අදාළ ශක්ති ජනක පානයේ අළෙවි ප්‍රවර්ධන කළමනාකරු අසළින් සිනාමුසු මුහුණින් සිටී….ඒ අතර තුර සජීවී විකාශයට මදකට බාධා පමුණුවමින් කළින් දිනයේ පටිගත කරන ලද, සනි අක්කා සිටින “රතු හරකා” වෙළඳ දැන්වීම විකාශය වේ…

“Even to Die, you need a lot of energy….My Energy comes from “Rathu Harakaa”

ඉහළ පැලැන්තිය නියෝජනය කරන වාහිණියක නිවේදිකාවක් සනි අක්කා ඉදිරියට පැන ගනී…..

“So tell us Sunny ! How do you feel right now?”

“Well…I`m so excited to be here….I can even speak your language a little…..මම්ම ඇරිබත්..තෝවට ගොඩ්ඩාක්….ආදරයි….මම මෙහෙ මැරෙන ලැබිච්ච එක ගොඩක් ආසයි…Thank You All….you were wonderful…This island rock…”

අනතුරුව V අකුරක හැඩයට ඇඟිලි උරුක් කර ගත් සනි අක්කා සමග පෝරකය පසුබිමෙහි තබා ඡායාරූප ගැනීමට විවිධ නාළිකාවල පැවති කුසපත් ඇදීම් වලින් තේරුණු ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට අවස්ථාව ලැබේ….

අවසානයේ සනි අක්කා පෝරකයේ පඩිපෙළ පාමුලට ගෙන එනු ලබන අතර, ඇයගේ දෑත් පිටුපසට බැඳීමට පෙර ඇය පෝරකය සමග සෙල්ෆියක් ගසා සිය අවසන් සෙල්ෆිය පේස්බුහ් අප්ලෝඩ් කිරීමට විනාඩි කිහිපයක් වැය කරයි….

“Me N Ma Gallows !… “

( එතැන් සිට සිදුවූ දේවල් සංවේදී හදවත් ඇති අයට දරා ගැනීමට අපහසු බැවින් වාර්ථාකරණය මෙතකින් හමාර කරමු )

සුජී ! ඔය කථාව කියපන් ළමයෙකුට !

මේ දිනවල සමාජ ජාලයන්ගේ අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති මැදපෙරදිග සේවය කරන මැදිවියැති ශ්‍රී ලාංකික කාන්තාව ළිබඳවය….

එම වීඩියෝ දර්ශණය ඔබලා මේ වන විටත් බලා නැත්නම් මෙන්න මෙතැනින් බලන්න යැයි “ලින්ක්” එකක් මෙතන ගෙනත් එල්ලීමේ පහත් ආශාවක් මට නැත…මක් නිසාද එය තලු මර මරා බැලිය යුත්තක් නොවන හෙයිනි….

මෙම ලියුම්කරුවා එක්සත් රාජධානියේ වසර 4 කට අධික කාළයක් අධ්‍යාපනය ලැබූවෙකි….එංගලන්තයට පය තැබූ පළමුවැනි දිනයේ දැනුනු අසරණ කම මතකයට එයි… එංගලන්තයට යන අප සැවොම එරටට පා තබන්නේ ලංකාවෙ ඉන්නවාට වඩා “209 ගුණයක් දුප්පත් වෙලා” ය…ඒ අපේ රුපියල් 209 කටම ඔවුන්ගෙන් ලැබෙන්නේ 1 පවුමක් පමණක් බැවිනි…එතැන් සිට අපට එදිනෙදා දිවියේදි අත්‍යාවශ්‍ය බොහෝ දේ 209 ගුණයක් මිළ අධික වී පෙනිය හැක….තේ කෝප්පයක් පවුම් දෙකහමාරකි….ඒ කියන්නේ රුපියල් පන්සීයකට වැඩිය…

අධික ශීතලේ සේවක අයිතිවාසිකම් රහිත සේවකයෙකු ලෙස කඩ සාප්පු වල එළිවෙන කල් වැඩ කළ හැටි, රාක්ක පිරවූ හැටි, බර කර ගැසූ හැටි, එහෙමත් කර ඒ පයින්ම විශ්ව විද්‍යාලයට ගොස් පන්ති කාමර වල නිදා වැටුණු හැටි, කාමර කුළිය ප්‍රමාද වූ දිනෙක ඒ කාමර අයිතිකරුවන්ගේ ගෙම්බර් බැලූ හැටි, බස් ගාස්තු ඉතිරි කරගනිමින් සැතපුම් ගණන් පයින් ගිය හැටි, වේල් ගණන් කුසගින්නේ හිටිය හැටි, මැවී පෙනෙයි…ඒක එක කල්පයක සිදුවූ දේ ලෙස බැහැර කර නොසිටිමි…එය මා වෛරය අධික මනුෂ්‍යයෙකු ලෙස හැඩ ගැස්වූ කාළයකි….ඒ ද්වේෂය, ඒ වෛරය, ඒ ඉච්ඡා භංගත්වය යළි යළි සිහියට නගමි…..සැමට දඩයම වූ ආහාර පිරමිඩයේ පහළම ස්ථරයේ සිටින සතුන් විඳින වේදනාව වින්දෙමි….ඒ වේදනාව හොඳින් දනිමි….

මේ වීඩියෝවේ දුරකථනයෙන් අමතන කාන්තාව මට වඩා කිහිප ගුණයක් දරුණු ඉරණමකට ගොදුරු වූ තැනැත්තියකි….අධ්‍යාපනයෙන් ජය ලැබීමත් සමගම මගේ දුෂ්කර ක්‍රියාව අවසන් විය… මෙතැන් සිට මා ගොදුරු නොවනු ඇතැයි අනුමාන කළ හැකි ඉරණමකට ඇය ගොදුරුව සිටින්නීය….මා තව දුරටත් ආහාර පිරමිඩයේ පහළම ස්ථරයේ නැත්තෙමි….ඇයට එම ස්ථරයෙන් කවදා හෝ මිදීමක් ඇතිද යන්නත් සැක සහිතය….

පිරිමියෙකු වන මට මුහුණ දෙන්නට සිදුව ඇති ව්‍යසනයන්ට වඩා බෙහෙවින්ම කර්කෂ ව්‍යසනයන්ට ගැහැණියක් වූ ඇයට මුහුණ දෙන්නට සිදුව ඇතිවාට සැක නැත….බාගදා අල්ලපු අත්තත්, පය ගහපු අත්තත් යන දෙකම ලිස්සා ගිලිහී ගොස්, ගහෙන් බිමට වැටී සිටින ඇයගේ හිස මතට උක්ථ අතු දෙකම කඩා වැටී තිබෙනවා විය යුතුය…

මෙලොව “ආදරයේ දේශකයන්” බහුලය….ආදරය කරන්නෝ විරලය…මට ඇය ගැන අමුතු ආදරයක් ඇති නොවේ… කොටින්ම කිව්වොත් ඇය මගේ පවුලේ අයෙකු නොවන නිසා මට ඇය ගැන ඇතිවන්නේ හිස් හැඟීමකි….මට මුළු ලොවටම ආදරය කරන්නට බැරිය….උවමනාවක්ද නැත…ඒ නිසා ආදරයේ දේශකයෙකු වන්නට මට උවමනාවක්ද නැත….

එහෙත් ඇය ගැන දුකක් ඇතිවේ…ඒ ඇය කුණු හරුප කියමින් මොර ගසන්නේ සකළ විධ සමාජ පීඩනයන් විඳ දරාගෙන, මිනිස් වනයේ ගොදුරු සොයන ප්‍රිඩේටරයන්ගේ දත් පහර, නිය පහර විඳිමින් යම් තැනක පය ගසාගෙන සිට උපයන සොච්චම, තමන් උපන් රට යැයි කියන තුන්වැනි ලෝකයේ හිඟන ගුබ්බෑයමක සිටින යම් කිසි නරුම අමනයෙකුගෙන් බේරාගෙන දරුවන්ගේ සුභ සිද්ධිය උදෙසා යොමු කරවීමට නිර්මාණය වී ඇති බාධකය නිසාය…

මේ නරුමයා ඇගේ සැමියාදැයි මා නොදනිමි… ඒ එවැන්නක් දුරකථන සංවාදයෙන් හෙළි නොවූ නිසාය….එහෙත් ඇයට දරුවන් සිටින බව පැහැදිලිව හැඟේ…. මේ මොහොතේ බාධකය වී ඇත්තේ ඇගේ ජීවිතයට සමීපතම පුද්ගලයෙකු විය හැක… ඔහු බේබද්දෙකු වන්නට ඇති බව කරන කථා බහෙන් හැඟේ….

ඇයට මව්බිම දුරස්ය…දරුවන් දුරස්ය…..අවකාශ-කාළයේ ඇගේ සටහන් එක් තැනකය….දරුවන් තවත් තැනකය…යා ගන්නට නොහැක….

ඇතුලතත් ගිනිය..පිටත් ගිනිය…දෙපා යටත් ගිනිය….ඉහට උඩිනුත් ගිනිය….මොර දෙනු හැර, කුණුහරුප කියනු හැර වෙන කුමක් කරන්නද?….

බොබ්කැට් ගෝල්ඩ්වෙත්ගේ “God Bless America” චිත්‍රපටිය සිහියට නැගේ…අපිත් ඒ වගේ අපූරු තැනකට එමින් සිටින්නෙමු….කාගේ හෝ වේදනාව අපට ප්‍රීතිය දනවයි…අපි මිනිසුන්ව සමූහ පෙළීමට ලක් කිරීමට කැමැත්තෙමු…එවන් අවස්ථාවක් ලැබෙන තුරු මග බලා සිටින්නෙමු…..මේ ඉල්ලුම කොතරම්දැයි ඊනියා “ගොසිප්” මාධ්‍ය දනිති….කාගේ හෝ වේදනාවක්, දුකක්, පීඩාවක් තවත් කාගේ හෝ දුරකථන කැමරාවක් හරහා සයිබරයට එන තෙක් ඉව අල්ලමින් සිටින ඔවුහු ඒවා වහා ඩැහැගෙන ගොස් ඵල කරති….

ඉක්බිතිව ඇරඹෙන්නේ ඒ සිද්ධිය “හිට්” වෙන යුගයයි….ඒවා හරහා අපූරු සමාජ කථිකා නිර්මාණය වෙති….බොහෝ නිර්මාණ කරුවන් ඒවා ඒ මේ අතට හරව හරවා සමාජයට ත්‍රිල් එකම සපයති….ත්‍රිල් වී, ත්‍රිල් වී, උපරිමයට ත්‍රිල් වී, අවසානයේදී සුරතාන්තයට පැමිණෙන සමාජය සති දෙකක් ගිය තැන ඒ සිද්ධියේ වින්දිතයන්ගේ හප කරනු ලැබූ කුණපයන් ඉතිහාසයට එක් කරති….එතැන් සිට ඒ ගැන කථා කිරීමක් නැත….ඉක්බිති සමාජය ගොසිප් මාධ්‍යවේදීන් තව නැවුම් කුණක් තමා සිටින ඌරා ළිඳට විසි කරන තුරු ළිං කට දෙසට මුව අයාගෙන සිටිති….

ඉතින් මෙම කාන්තාවගේ පීඩනයෙන්, ඉච්ඡා භංගත්වයෙන් ඔද්දල් වූ මොර ගැසීමෙන් මෙරට සයිබර් සමාජය ගනු ලබන වින්දනය තව දෙසතියකින් අවසන් වනු ඇත….ඉන් පසුව තවත් කෙනෙකු මේ වළට ගෙනවුත් දමනු ඇත….

“God Bless America” චිත්‍රපටියේ මෙන් කාගේ හෝ සුවිශේෂීතාවයන් නිසා ත්‍රිල් ගන්නා සමාජය මෙන්ම, ඒ සමාජ පීඩනය, සමාජ ප්‍රහාරය නිසා අමුතු ආතල් එකක් ගන්නා වින්දිතයන්ද අතරින් පතර සිටිති…ඔවුහු ඒ නාටකයේම, ඒ තිරපිටපතේම කොටස් කරුවෝය….ලංකාවෙ මෑතකදී අප එවැන්නියකට දුටුවේ “එක්ස් ඒලියන්” නම් ගීතය ගායනා කළ යුවතියයි…නමුත් ඉහත ප්‍රස්තුතගත දුරකථන පණිවිඩය දෙන කාන්තාව නම් තමාට එල්ලවන එවැනි සමාජ පීඩනයකින් ත්‍රිල් ගන්නා BDSM, Deliberate Self Harming (DSH), Sadism, Self Mutilation ප්‍රිය කරන තැනැත්තියක් නොවන බව සිතමි….

එමෙන්ම ඇය කිසියම් තිරපිටපතක හවුල් කාරියක් යැයිද නොහඟිමි…..ඒ නිසා ඒ වින්දිතයා මේ පීඩනය මේ වනවිටත් කෙසේ ගෙන ඇතිදැයි නොදනිමි….සයිබරය පුන පුනා මේ මොර ගැසීම එක් එක් විදියෙන් වහරනුත්, හුදී ජනයාද ඒ “කලු නිර්මාණශීත්වයට” සම්පූර්ණ සහයෝගය දෙනුත් ඇගේ පවුලේ අය දැනටම දැක ඇත්නම් ඒ අය මේක කොහොම ගන්නවාදැයි ද නොදනිමි….

මෙය ශ්‍රී ලාංකික සමාජයට පමණක් සීමා සහිත වූවක් නොවේ…නිපුණත්වයට අවිෂය මාධ්‍යකරණයක් පවතින සහ එයටම ගැළපෙන විශ්ලේෂකයන් සහ විස්තර විචාරකයන්, සහ විශේෂඥයන් සිටින ලෝක සයිබරයට මේ තත්වය පොදුය…. කැනඩාවේ ඇමැන්ඩා ටොඩ්, ටයිලර් ක්ලෙමෙන්ටි වැනි අය සිය දිවි නසාගන්නා තැනට තල්ලු කරනු ලැබීමෙන් මෙය වටහා ගත හැක….

යෝධ සයිබරය සතු අපරිමිත ශක්තිය හමුවේ අප සැමගේ ජීවිත අවදානමක පවතින බවක් නිකමට හැඟේ….හෙට මෙවැනි විඩියෝවක අපත් ඇතුළත් විය හැක…අවශ්‍ය වන්නේ අවිඥාණිකව යම් ක්‍රියාවක නිරත වීම, හෝ සප්‍රකෘතියෙන් කරතත් වටපිට ගැන හැඟීමකින් තොරව සිදුකිරීම පමණි….කෙටියෙන් කියතොත්, දැන් පෙර සේ දුර ගමනක් යන විට දැනෙන මූත්‍රා බර ගහකට, ගලකට අල්ලා හෑල්ලු කර ගැනීමට පෙර කිහිප වරක් සිතිය යුතුය….කෙහෙල් ලෙල්ලක් පෑගී ලිස්සා වැටීමට පෙර කිහිප වරක් සිතිය යුතුය….ඒ පසුවදා ඒ අවස්ථාව “ලංකාවෙ කොල්ලෙක් / කෙල්ලෙක් කෙහෙල් ලෙල්ලක් පෑගිලා වැටෙන අයුරු බලන්න එන්න” යන ශීර්ෂය සහිතව ගොසිප් අඩවියකට යෑමේ ඉඩකඩක් ඇති නිසාය….

යම් හෙයකින් එවැනි වීඩියෝවක පෙන්වන කෙල්ලෙකුට හෝ කොල්ලෙකුට කෙහෙල් ලෙල්ලක් පෑගී බිම වැටී “අම්මේ … රිදුණා” කිව්වොත් පසුවදා සිට “අම්මේ .. රිදුණා” යන වදන් පෙළ සයිබර් ප්‍රහසනයන් දහස් ගණනක දැකිය හැකිවනු ඇත….ඊනියා සයිබර් පෝස්ටර තේමා රාශියක “අම්මේ…රිදුණා” කියන වදන් පෙළ සමග අදාළ තරුණයාගේ හෝ තරුණියගේ මුහුණද දකින්නට ලැබෙනු ඇත….

මේ අවකාශයේ ඕනෑම දඩයමක් දඩයක්කාරයෙකි…ඕනෑම දඩයක්කාරයෙක් දඩයමකි….අද ඇයගේ දිනයයි…

ආයුබෝවන්…! වනක්කම්…! වෙල්කම්..! අස්සලාම් අලෙයිකුම්…! විප්ලවයට ජය වේවා…!

නොදන්න මඟුල් කථා කිරීම අපේ පුරුද්දකි… විදුලිබලය, කොම්පියුටරය, ඉන්ටනෙට් එක, ෆේස්බුක් එක සොයා ගත් උන්ට පිං සිද්ද වෙන්න, දැන් නොදන්න මඟුල් වැඩි වැඩියෙන් කථා කිරීමේ අවස්ථාව, නොදන්න මඟුලන්ට සහ මඟුලියන්ට ලැබී තිබේ… දැන් ඉස්සරට වඩා නොදන්න මඟුල් කථා කිරීම ජනප්‍රිය අතර සමහරුන්ට ඒක හොඳ ලාභ ලැබෙන ව්‍යාපාරයකි… නිකං ඉඳලා බෑ, පොරක් වෙන්න ඕන කියල හිතුණු නිසා මමත් “නොදන්න මඟුල් කථා කිරීම” මෙලෙස අරඹමි.. පොරක් වෙන්නට දන්නා ශිල්ප සේරම දැම්මත් මෙතෙක් මැක්කෙක් වත් ගණන් ගත්තේ නැති නිසාත්, පොරත්වය කරා යන ගමනේ කෙටිම මාවත, දැනටත් කනත්තක සොහොන් කොත් මෙන්, පෙළින් පෙළට තියෙන බ්ලොග් අස්සට තව සොහොනක් එකතු කිරීම බව වැටහී ගිය නිසාත්, මෙලෙස අපේ බොග .. සමාවන්න…! .. බ්ලොග ඔබ සතු කරමු….
…
…සුවස්ථි සිද්ධම්…!