Category Archives: විද්‍යාවේ නොදන්න මඟුල්

කවි බණ 1 – සූර්ය රාජ ජාතකය

කිතු වස් එක් දහස් – නමසිය විසි නවයේ….
එඩ්වින් හබ්ල් විදුදුරු – මන කළ පොඹයේ….
චක්‍රාවාට දුර දිළෙමින් –  රත් පැහැයේ…
පොළවට දිස් වුනා – බලයෙන් දුර දැකියේ….

ළං වෙන යමක් කෙනෙකුට –  වෙයි නිලට හුරු….
ඉන් රතු පැහැය එයි – යන විට කෙරෙන් දුරු….
ඩොප්ලර් ආචරණෙ මෙය – හිතවතුනි ගරු….
මින් පැහැදිලිය –  මහ පිපුරුම නොමැත බොරු….

දහස් නමසිය විසි හතේදී  – බෙල්ජියම් දෙස සසොබනා….
ජෝජ් ලෙමයර් විදු ඇදුරු සඳ – මෙබඳු පිපිරුම හඟවනා…
එයින් බෝ කළ ගෙවුණු පසුවයි – විදු නැණින එය ඔපවනා….
සෝල් පෙර්මුට්, බ්‍රයන්, රේයිස් – තිදෙන හවුලක එසවුනා….

බිලියන පහළොවක් අවුරුදු එපිට අනේ….
උණු ඝණ ගුරුත්වය තුන එක තැනක වුනේ….
අන්තර් ශක්ති පුපුරා විසිරුවන දිනේ….
එහෙමයි හිතවතුනි විශ්වය පහළ වුනේ….

උපන් පැටි විශ්වය මහළු වී – වසක් බිලියන ගත වුණා….
ලවන් කම් ඇති සක්ව තළයන් – දහස් ගණනක් මුළු දෙනා….
බලන් “වර්ජෝ සුපර් ක්ලස්ටර්” – නමින් කොටසක් නම් වුනා….
එයින් එක් සර්පිලෙක හිතවත – හපන් තරුවක් ඉප දුණා…..

විසිරී අවකාශ මහ පිපුරුම ගාවා…..
බිලියන එකොළහක් අවුරුදු ගත වූවා…
කොස්මික් නෙබියුලාවක දුහුවිලි නාවා…
හිරු වත ඇරඹුමෙහි සළකුණු බිහි වූවා….

වලා පටලයක් සේ දුහුවිල්ලයි – මුල් අවදියෙ ඈතට පෙනුනේ…
හයිඩ්‍රජන් සහ හිලියම් විතරයි – වායව සංඝටකව තිබුනේ…
කුඩා න්‍යෂ්ඨියක් කළ ඇරයුම් ගෙන – අංශු භ්‍රමණයකි දිග හැරුණේ…
මේකයි හිතවත සැකසුම ඇරඹුම – සෞර ග්‍රහ මණ්ඩල වරුණේ….

එළි වස් හැට පහක අරයෙන් යුතුව එදා….
වායව වළාකුළ මැද හරියෙනුදු මුදා…
ඇතුළත ගුරුත්වය ගත්තෙන් අංශු බදා….
මහ තරුවකට සැලසුම නිම කෙරුණි සදා…..

වායු පීඩනයෙ චාලක ශක්තිය – ගුරුත්වයට ඇති සමව තුරා…
ආයු තිබෙනු ඇත මෙවැනි වළාවක – ප්‍රසාරණය වන වෙහෙස දරා….
“ජීන්ස්” ස්කන්ධය අරය ලැබුණු විට – ගුරුත්ව විභවය දිනුම අරා…
අභ්‍යන්තරයට කඩා වැටෙනු ඇත – ලිහිල් බවින් යයි බැඳුම කරා….

ඕනම දෙයක හොඳ තැන එහි හරි මැදය….
මේකය දහම හිරු දෙවිටත් මෙය පොදුය….
මැද මැද අංශු සහ තහවුරු බන්ධනය ….
කැරකෙයි සෙසු අංශු මෙතැනින් ගෙන බලය…

“හයිඩ්‍රො ස්තථිකයෙ” තුලනය බිඳිනට – අරය බලය ප්‍රතිලෝම සකී….
තෙරපුම අරයෙන් සිදුවෙයි බෙදුමට – ගුරුත්ව නියතිය සමව සකී…
පිටතින් සවි බල රැගෙන ඇදෙන විට – පරම අරය පසු කරත හැකී…
මෙනයින් දනු මැන අංශු ප්‍රවාහය – “පෙර තරුවක්” ලෙස ගුවන දකී…

බලෙන් උපන් කුමරුගෙ නම කුමක් වැනී…
“ප්‍රෝටෝස්ටාර්” තරු පැටියා උපන් වැනී…
එකළට ළදරු තරුවේ හැඩ කුමක් වැනී…
මුණින් අතට නැමු තේ පීරිසිය වැනී…

එදා යට ගිය දවස වායව  – ප්‍රවාහයෙ බිඳු අරගෙනා…..
සදා ගෙන ගෝලීය රූපය – ගුරුත්වජ මැද යෙදෙමිනා …..
විදා ගෙන සිටි දූලි බාහුද – හකුළමින් ඝන කරමිනා…
උදා විය හිරු දෙවිගෙ උපතය – ඔබට කවියෙන් පවසනා….ආ…ආ..ආ..ආ….ඔබට කවියෙන් පවසනා….

පෙරයම තරුව වෙන විට තව තවද කුඩා….
මැද ඇති කොටස උණු විය නිරයකට වඩා….
මිලියන දහය අංශක අබිබවන සැඩා….
තරුවක විලයනයෙ ක්‍රම ඇත එකට වඩා….

“ප්‍රෝටෝන ප්‍රෝටෝන” දාමය – එකකි තරුවක ගිනි තැබූ…..
කාබනය ඔක්සිජන් සමගින් – දෙවැනි ක්‍රමයය එළි එබූ….
හිරු සදිසි මැද පෙළේ තරුවක – පළමු ක්‍රමයය මුළ තිබූ…
සමය විලයන ඇරඹුමය මෙය – දකිනු කවි වරමින් ලැබූ….

හයිඩ්‍රජන් ගැටුමට ඇති යොදන වැර …
විකර්ෂක බලය මැද ඇත අහිත කර…
අබිබැවුමට ඇවැසි වේගය සමග වර….
ලැබ දුන්නේය තාපය වැට කඩුළු හැර….

හයිඩ්‍රජන් ගැටුමෙන් පසු – පොසිට්‍රෝන පිට වෙලා…
ඩියුටිරියම් අණුවක් ඇත – නියුට්‍රිනෝ සල සලා….
ගැටුම ශක්ති විමෝචකය – ගැමා කිරණ යනු බලා….
මෙවැනි දෙකක් සිදුවුනු තැන – හිලියම් ඇත බිහි වෙලා…

මැදින් උණුසුම වැඩිව අවුදින් – විලයනය ලෙස අරඹනා….
දාම පෙරැයුම හයිඩ්‍රජන් අණු – හීලියම් වෙස පෙරැළුණා….
එයින් පිටවූ සවියෙ බලයෙන් – මුදුන ගිනි ගෙන දිදුළනා….
බලන් පින්වත රැය නිමා වෙනු – හිරුගෙ මෙහෙවර ඇරඹුනා…..

තප්පරයට මිලියන හත්සීයක් – හයිඩ්‍රජන් ටොන් වැයවෙනා….
හයසිය පණහක් මිලියනයෙන් ටොන් – හීලියම් නම් ඉපයෙනා….
මැද්ද සෙල්සියස් මිලියන විස්සයි – මතුපිට හය දහසක් වෙනා….
අරය කිලෝමීටර හත් ලක්ෂය – හිරු පිරියෙසුමකි මනි මිනා…..

මැද්ද බැලුව විටක පෙනෙයි – ශක්ති ජනන න්‍යෂ්ඨි රාජ…
එයට ඉහළ තලවල ඇත – “කිරණ” “සංවහන” දෙ රාජ…
අපට පෙනෙන එළිය දිලෙන – මුදුන ප්‍රභා ගෝල රාජ…
මෙ සිවු තලෙන් නිති සැදුනයි – අඳුර විදින සූර්ය රාජ….

ඉතිරිය වළාවේ තැන තැන ඝණ වෙච්චී….
පිටතට පවුල, මැද ලොකු තැන කැරකෙච්චී…
පෙරයම ලෙසට දිලි එළියෙන් නැහැවෙච්චී…
මේ ලෙස පහළ වුණි අපෙ හිරු අප්පොච්චී…..

Sun-worship-Shutterstock-800x430

නොපෙනෙන මානය සහ පෙනෙන අවමානය

දෙරණ රූපවාහිනි නාළිකාව මගින් සෑම පසළොස්වක පොහෝ දිනකම උදෑසන පෙන්වනු ලබන ඊනියා නොපෙනන මානය නම් වැඩසටහන සමග බැඳෙයි….

නිවේදක මහතාගේ හිස් මැදිහත් වීම 

මෙම වැඩසටහන මෙහෙයවනු ලබන නිවේදක මහතාට ඉතාම පැහැදිලිව ප්‍රේක්ෂක අපටත් දක්නට ලැබෙන පරිදි, එතැන කථා කරන දේවල් පිළිබඳව ( ගුප්ත සහ විද්‍යා දෙපාර්ශවයම ඉදිරිපත් කරනු ලබන ) මේ ලෝකේ දැනුමක් නැත…අවම වශයෙන් මනෝ විද්‍යාඥයන්, වෛද්‍යවරුන්, හෝ පාරම්පරික ගුප්ත ඇදුරන් ( කියා ගන්නා ) අයවළුන් නොවන අප මේ ක්ෂේත්‍රයන් ගැන කියවා ඇති ප්‍රමාණයවත් මෙවැනි වැඩසටහනක රිංග් මාස්ටර් තනතුර දිගටම හොබවන්නට බලාපොරොත්තු වන එම නිවේදක මහතා කියවා නැත…කොටින්ම කිව්වොත් අසා වත් නැත..( ඒ මහතාගේ අධ්‍යාපනික පසුබිම ගැන මෙම ලියුම්කරුවා කිසිවක් නොදනිතත්, ඒ මහතා මේ වැඩසටහන මෙහෙයවන ආකාරයෙන් මෙකී විවේචනයට පදනම් වන හැසිරීම ප්‍රකට වෙයි…)..එසේ හෙයින් වැඩසටහන පුරාවටම “පොල්ලෙන් ගහලා, කරකවලා අතෑරලා” බඳු හැසිරීමක් පෙන්වයි…වඩාත් තියුණු සහ දියුණු සංවාදයක් සඳහා දෙපාර්ශවයෙන්ම ඇසිය යුතු ප්‍රශ්ණ මොනවා දැයි ඒ මහතාට කිසිදු සදිසි අවබෝධයක් නැතැයි සිතුවත් වැරදි නැත….යම් සංවාදයක් සාරවත් වන්නේ එය මෙහෙයවන්නාත් “මේ කථා කරන්නේ මොනවා ගැනදැයි ” ප්‍රාමාණික දැනුවත් භාවයකින් යුක්ත නම් පමණි….එවන් වෘත්තිකයන් නිවේදකයන් වී මෙහෙයවනු ලබන සංවාද කෙතරම් ඵලදායීදැයි දැන ගැනීමට රිචඩ් ඩෝකින්ස්, ක්‍රිස්ටෝෆර් හිචන්ස්, පීටර් හිචන්ස්, රොබට් හොවෙල්, රූපට් ෂෙල්ඩ්‍රේක් වැනි විද්වතුන් සහභාගී වන සංවාද මෙහෙයවන නිවේදකයන් දෙස බැලීමෙන් දැන ගැනීමට පිළිවන…සංවාදයේ ගලා යාම හරවත් දිශානතියකට වීම උදෙසා නිවේදකයන් කළ යුතු මැදිහත් වීම ගැන දන්නා නිවේදක මහතෙකුට එම සංවාදය සඳහා වැයවන කාළයෙන් මෙයට වඩා ප්‍රයෝජනයක් ගත හැක….

ගල් කරන්නට ගොස් ඇණ ගැනීම සහ ඉක්බිතව අවලාද නැගීම 

භාරතීය සමාජය වෛදික ඝණ අන්ධකාරයෙන් වැසී තිබුණු යුගයක, එම අඳුර දුරලන්නට අතිශය දුෂ්කර සටනක නිරත වූ ශ්‍රේෂ්ඨ තර්ක ශාස්ත්‍රඥයාණන් වහන්සේ කෙනෙකුගේ චර්යා, ක්‍රියා, දේශිතයන් අනුගමනය කරන අයෙකු ලෙස තමන් හඳුන්වා ගන්නා පැවිදි උතුමෙකු මෙරට ගිළගෙන පවතින වංචනික, ප්‍රෝඪාකාරී, අගතිගාමී, අතීතයේම වළලා දැමිය යුතු මිථ්‍යාවන් රකින්නට වක්‍රාකාරව උත්සාහ දරන්නේ මන්දැයි අප නොදනිමු….( අප දන්නා දෙය නම් උන් වහන්සේ මේ විහිළු වලින් ආර්ථික වාසි ලබා නොගන්නා සඟරුවණක් බවය …එසේ හෙයින් උන් වහන්සේට මෙවැනි සමාජ පිළිල රකින්නට වෙහෙසෙන්නට සිතෙන්නේ ඇයිද? යන්න අපට ගැටළුවකි…)…තමන් වහන්සේගේ පරිශ්‍රමය මේ මිථ්‍යා බහුබූත ආරක්ෂා කිරීමට නොවන බව උන් වහන්සේ මගින් මගටම කීවත්, විද්‍යාවාදීන්ගෙන් උක්ථ මිථ්‍යාවන්ට, පට්ටපල් කෙබර වලට පහර වදින විට උන් වහන්සේගේ ස්වරය සහ හැසිරීම දැඩිවන, රළු වන  ආකාරය නිරීක්ෂණය කිරීමෙන් අපට උන් වහන්සේ උත්සාහ දරන්නේ ඒවා රැක දීමට බව තේරුම් ගැනීම අපහසු නැත….අවසානයේදී “ඇඟම වෙලා ගත් ඊනියා යකෙකු” සහිත රෝගියෙක් නුඹලාට පවරන්නේ නම් සුව කළ හැකිදැයි හේතුවාදීන්ගෙන් අසන තැනට උන් වහන්සේ පත්වීමත් සමග ඒ ස්වාමීන් වහන්සේගෙත්, ස්වකීය ප්‍රෝඪාකාරී බඩ රස්සාව රැක ගැනීමේ මරු විකල්ලෙන් දඟලන කට්ටඩි රාළගේත් අභියෝගයන් සමපාත වීමේ අවාසනාව බලා සිටින්නට අපට සිදුවිය….අනෙක් පසින් පැමිණ සිටි වෛද්‍යාවරයාට “නුඹේ ආගමික ස්ථාවරය හෙළි කරනු” යැයි ඝෝරනාඩු කරන්නට මත්තෙන් තමන් වහන්සේ ඊනියා ගුප්ත විද්‍යා ප්‍රෝඪාකාරයන් වෙනුවෙන් මෙතෙක් කරන ලද වක්‍ර පෙනී සිටීම සෘජු නියෝජනයක් බවට පත් කර ගැනීමට උන් වහන්සේට ධෛර්යයක් ඇතිදැයි ප්‍රේක්ෂක අපට ගැටළුවක් මතුවේ….

මෙවැනි අවස්ථා වලදී බුදුන් වහන්සේගේ දේශණය කුමක්දැයි විතාරණ බොහෝ දෙනා ඒ සඳහා නිදසුන් වශයෙන් ගනුයේ “කාළාම සූත්‍රය” යි…එනමුත් මෙවැනි අවස්ථාවකදී පිවිසීමට වඩාත් සුදුසුතම කියවීම වනුයේ දීඝ නිකායේ සීලක්ඛන්ධ වග්ග පාළියෙහි එන බ්‍රහ්මජාල සූත්‍රයයි…එම සූත්‍රයෙහිදී බුදුන් වහන්සේ තමන් වහන්සේවම නිදර්ශණයක් ලෙස ගෙන පාමින්, “ළාමක පහත්” ආජීවයන් ( එනම් රක්ෂා කර්මයන් ) ලෙස සැළකෙන දෑ වල ගිහියන්ගෙන් දානමානාදිය ප්‍රතිග්‍රහණය කරන ඇතැම් පැවිද්දෝ නියුතු වුවද, තමන් වහන්සේ ඒවායෙහි නොයෙදුණු බව ප්‍රකට කරන සේක…එයින්ම උන් වහන්සේගේ උත්තරීතරත්වය සමාජයට හුවා දක්වන සේක…මෙකී මිසදිටු, පහත්, ළාමක ආජීවයන්ට අද මේ ස්වාමින් වහන්සේ වක්‍රව ආරක්ෂාව සපයන, සහ කට්ටඩි රාළ බඩ රස්සාව කරගෙන සිටින සියල්ල අයත්ය…එහිදී කට්ටඩි රාළ නම් ගිහියාගේ ස්ථාන ගත වීමට ඒවා කෙසේ ගැළපුණත් ස්වාමින් වහන්සේ නමකට නොගැළපෙන බව මෙය දකින්නෝ අවබෝධ කරති….බුදු රජාණන් වහන්සේ වෙන අනෙකක් නොව, වෙද වෛද්‍ය කර්මයන්ද දානාදියෙන් වෙසෙන පැවිදි උතුමන්ට ළාමක සහ පහත් ආජීවයන්ය යනුවෙන් එකී සූත්‍රයේම දේශනා කර තිබෙන විට, මෙම ස්වාමින් වහන්සේ “ඇඟට වැසුණු යකුන් පන්නා දැමීම” නම් මනෝ විකාරයෙන් බඩවඩා ගන්නා අය සමග එකම පෙරමුණක හිඳිමින් හේතුවාදීන්ට “යකුන් පන්නා ලෙඩුන් සුව කරන්නැයි” අභියෝග කිරීම කෙතරම් ඛේදජනකද?

කෙසේ වෙතත් මිනිසුන් “ගල් කරන්නට” දරන ලද උත්සාහයෙන් මෙම වැඩසටහනට සහභාගී වන භික්ෂූන් වහන්සේ පැහැදිලිවම පරාජය වූ සේක…ඒ මේ සතියේදී එම භික්ෂූන් වහන්සේ මැදිහත්ව කළ ඊනියා මන්ත්‍ර ශාස්ත්‍රිත ගල් කිරීම ඒ අයුරෙන්ම වෛද්‍යවරයෙකු විසින් රෙදි පෙරෙදි, ඊනියා පිරිත් නූල් කිසිවක් නැතුව අමු අමුවේ කර පෙන්වූ නිසාය….අපේ ගමේ ගොඩේ ව්‍යවහාර භාෂාවෙන් මේකට කියන්නේ “ඇණ ගන්නවා” කියලාය…ඒ උනාට “ඇණ” ගත් පසුවත්, ඇණ ගත්තා ‍යැයි කියා පිළිගන්නා සිරිතක් අපේ සමාජයේ නැති නිසා මෙවර වැඩසටහන වන විට ඒ ඇණ ගැනීම වචන හරඹ වලින් ආවරණය කර ගැනීමේ නිරර්ථක උත්සාහයක නිරත වෙමින් සිටිනු දක්නට ලැබිණි….

සුපුරුදු පරිදි චීවරයේ ගරුත්වයට, ආගමික පූජක වරයට, සංස්කෘතියට, රටට, ජාතියට, ආගමට, බුදු හිමියන්ට මුවා වෙමින් ප්‍රතිවාදීන්ට ගෝරනාඩු කර, තර්කයට පණ දෙන්නට වෙර දරන විද්වතුන් මේ රටේ නූගත් ආධානග්‍රාහී ආගමිකයන් ඉදිරියේ “කුමන්ත්‍රණකාරී ද්‍රෝහීන්” ලෙස හංවඩු ගැසීමේ නිග්‍රහවාදය අවසානයේ මුදාහරින ලදී….

ඕනෑම අතාර්කික විකාර රූපී දෙයක් කරන්නට ගොස් ඇණ ගත් පසුව “බෞද්ධ කමට, සිංහල කමට” මුවා වීමෙන් ඒ පරාමිතීන් තුළ ඇස් බැඳගෙන සිටින නූගත් ජන සමූහයන් විසින් තමන්ට ආරක්ෂාව සපයනු ඇත යන “අවසාන වාසිය” යෙදූ පළමුවැනියා උන් වහන්සේ නොවේ…අඳුරු යුගයේ පටන් යුරෝපයේත්, වර්ථමානය දක්වා මැද පෙරදිග සහ උතුරු, නැගෙනහිර අප්‍රිකානු කළාප වලත්, ඊනියා කොමියුනිස්ට් දර්ශණයට වහල්ව සිටින රටවලත්, ප්‍රති-තර්ක හමුවේ පරාජය ලබාගෙන එනවිට ” මෙන්න මූ සාතන් වැහුණු කුමන්ත්‍රණ කාරයා, මූ ක්‍රිස්තු විරෝධියා, මූ යක්ෂයා වැහී සිටින්නා, මූ මිසදිටු ද්‍රෝහියා, මූ අල්ලාහ්ට අපහාස කරන්නා, මූ නිර්ධන පන්තිය පාවා දෙන්නා, බුෂුවා කුමන්ත්‍රණකාර කොම්ප්‍රදෝරුවා” යන ළාමක සමූහයා “කුළප්පු කරවන” කෑ කොස්සන් ගැහීම් වලට මුවා වී, එයින් කුපිත වන නූගත් පරිවාර ජනයා ලවා තමා පරාජය කිරීමට එන ප්‍රතිමත දාරියා විනාශ කොට, ඒ කුළප්පුවෙන්ම තම බඩවියතට, කීර්තියට හෝ තනතුරු තානාන්තර වලට හානිකර ප්‍රවාහයන් පීළි පන්නවා ගැනීමේ වාසිය සුලභව භාවිතයට ගැනිණි….දර්ශණයන් ආගමික සංස්ථා ලෙසින් විකසනය වූ ඕනෑම තැනක, ඒ සංස්ථාපිත තනතුරු දරන්නෝ තම තත්වයට එල්ල වන සබුද්ධික අභියෝග හමුවේ මෙසේ හැසිරුණාහුය…ඒ නිසා ඒ ගැන අප විමතියෙන් තොරය….

“මහණෙනි අසව් ! මා නුඹලා අමතමි ! සියළු සංස්කාර ධර්මයෝ නැසෙන සුළු වෙත් ! අප්‍රමාදව මෙයින් ගැළවී ලබන සදාතනික සැනසීම සම්පාදනය කර ගනුව! “ යන්න අන්තිම බුද්ධ වචනයයි….සියල්ලෙන් අත් මිදී පරි-නිර්වාණ සැපතට පැමිණෙමින් සිටි සිය නායකයාණන්ගේ අවසන් වදන් කෙසේ වෙතත්, රට, දැය සමය රැකීම, භාෂාව සුරැකීම, ජාතියේ මුරදේවතාවන් ලෙස කටයුතු කිරීම, ගිහියන්ගේ දේශපාලනයට රුකුල් දීම, හවුල් වීම, බාධා කිරීම යනාදි මෙකී නොකී දහසකුත් එකක් කටයුතු චිරාත් කාළයක සිට ලාංකික සංඝ ශාසනය විසින් ස්වේච්ඡාවෙන් තමන් වෙතම පවරාගෙන තිබෙන බැවින් උන් වහන්සේලා ඒවායේ නිරත වීම අපට ගැටළුවක් නොවන නිසා “මහණ දම් පිරීම සඳහා අවතීර්ණ වන්නේ කිසියම් ජාතියක මුර දේවතාවුන් වන්නටද?” යන පැණය අප උන් වහන්සේලාගෙන් නො-අසමු…ඕනෑම දෘඪ දර්ශණයක් කාළයත් සමග ආගමක් වන හෙයිනුත්, ඒ ආගම වටා යම් ජාතියක හෝ ජාතීන්ගේ ශිෂ්ඨාචාරයක් සැකසෙන හෙයිනුත් ඒ ලෝක ධර්මතාවය දන්නා ලියුම්කරුවා මෙය ගැටළුවක් කර නොගනියි…

එහෙත් අතීතයේ වළලා දැමිය යුතු, කම්මැලි කාළකණ්නියන්ගේ සහ පට්ටපල් හොරුන්ගේ බඩවියත රකින මිථ්‍යා දෘෂ්ඨීන් “සිංහල කම, අපේ කම හෝ අපේ සංස්කෘතිය” රකින මුවාවෙන් රකින්නට ඉදිරිපත් නොවන ලෙසට අදාළ ස්වාමින් වහන්සේලාගෙන් ඉමහත් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි…

උත්තරීතර තර්ක ශාස්ත්‍රඥයාණන් වන ගෞතම බුදුන් වහන්සේම පැහැදිලිව දෙසා වදාළ තර්කයේ ශ්‍රේෂ්ඨත්වයට පිටුපා, තක්කඩි හොරුන්ට බඩවියත සපයන බහුබූත විකාර වල රැකවරණය උදෙසා වක්‍රව පෙනී සිටින්නට ගොස් එම ස්වාමින් වහන්සේ මේ වනවිට පැහැදිලිවම පරාජයට පත්ව සිටියත්, උන් වහන්සේද බොහෝ දාර්ශණික උගත් කම් සහිත, රට තුල කීර්තිමත් ධර්ම කථිකයන් වහන්සේ නමක් ලෙස විශාල සමාජ මෙහෙවරක් සිදුකරන හෙයින් අප උන් වහන්සේ  ගැන කථාව මෙතෙකින් අත් හිටුවමු….තමන් වහන්සේ පැවිදි වූයේ කුමන අරමුණකින්ද, තමන් වහන්සේට පැවිද්ද ලබා දුන් ඒ ගුරු හාමුදුරුවරුන් එසේ පැවිද්ද ලබා දෙන මොහොතේ සිහි කරන්නට යැයි කීවේ මොනවාද, තමන් වහන්සේ දරා සිටින වස්ත්‍රය මින් පෙර දරන ලද්දේ කෙතරම් ශ්‍රේෂ්ඨයන්ද, එම නිසා තමන් වහන්සේ විසින් සමාජයේ සකසා ගත යුතු තැන, නාමය, කීර්තිය, පැවැත්ම කෙබඳුද යන්න තීරණය කර ගැනීම අප ඒ ව්‍යක්ථ ධර්ම කථිකයාණන් වහන්සේට භාර කරමු….ඒවාට අවවාද දෙන්නට යාමට අප සේවූ නොමේරූවන්ට කැප නොවන හෙයිනි….

කට්ටඩි රාළ රඟන ජෝකර්ගේ භූමිකාව 

මෙකී සභාවෙහි වාසළ කවටයාගේ චරිතය නිරූපණය කරන්නේ පාරම්පරික මාර පොරක් යැයි තමන්වම හඳුන්වා ගන්නා කට්ටඩි රාළය…

කට්ටඩි රාළගේ හැසිරීම දුටුවිට සිහිවන්නේ බුද්ධ කාළයේ විසූ ඊනියා ෂට් ශාස්තෘන්ගෙන් එක් අයෙකුගේ හැසිරීම් රටාවය…

සැවැත් නුවර සිටුවරයෙකු සැබෑ සෘද්ධිමතුන් සෙවීම සඳහා සිරස්ව පොළවේ සිටවූ උණ ගසක මුදුනේ සඳුන් දැවයෙන් කරවූ පාත්‍රයක් තැබූ කථාව ඔබ දන්නවා ඇතැයි සිතමි… මේ පාත්‍රය ගන්නට සෘද්ධිමතුන්ට අභියෝග කරන ලද අතර, සෘද්ධිමත් යැයි තමන්ව සම්මත කරවාගෙන සිටි බොහෝ දෙනෙකුගේ රෙදි පෙරෙදි මේ නිසා ගැළවිණි….සමහරු එම අභියෝගයට මුහුණ නොදී ගැළවීම සඳහා විවිධ ක්‍රමවේදයන් භාවිතා කරන ලදී…එයින් අපූරුම එක කළේ නිගණ්ඨනාථ පුත්තයන්ය…සෙනඟ බලා සිටියදී මොහු “මා මේ දැන් අහසට නැග පාත්‍රය ගනිමි” යි “පෙළහර පාමින් ” අහසට නගින්නට සැරසේ.. එවිට කළින් කථිකා කරගෙන සූදානම් කර තුබූ පරිද්දෙන් මොහුගේම ගෝළ පිරිස දිවවිත් ඒ නිගණ්ඨ ශාස්තෘවරයාගේ ඇඟේ එල්ලී “අනේ ස්වාමිනි, පාත්‍රයක් බඳු ස්වල්ප වස්තුවක් විෂයෙහි කුමක් පිණිස ඔබ වහන්සේගේ මහා ප්‍රාතිහාර්ය ශක්තිය ප්‍රදර්ශණය කරන්නෝද? අනේ ස්වාමිනි, පෙළහර නොපා මේ අඳ බාලයන්ට ඉවසුව මැනව” යැයි කියමින් හඬති….ඉතින් මෙසේ තමන්ගේ ගෝල පිරිස ඇඟේ එල්ලී සිටින විට නිගණ්ඨ නාථ පුත්ත තෙමේ ” ඉදින් මුන් මා වළකන හෙයින් අදට මෙහි පෙළහර නොපාම් ! හෙද යළිත් දිනෙක අපට අභියෝග කළොත් බලාගත හැක!” කියමින් සිංහ නාද කර සෙනඟ අතරින් පිටව යයි….

උක්ථ කවට කට්ටඩි රාළගේ හැසිරීමත් මෙබඳුය….එක එක දවසට එක එක විකාර රූපවාහිනි මැදිරියට ගෙන එයි…කරන ඉටි ගෙඩියක් නැත ! එක දවසක් මැරිච්ච වඳුරු මොටෙකුගේ හිස් කබළ උස්සාගෙන ඇවිත්, M – 16 රයිෆලයක් උස්සාගෙන ආවා සේ එය ලොවටම පෙන්වමින් “මෙය මහා භයානක දෙයක්” යැයි කීවේය….“ඉතින් ඒකෙන් මොනවා හරි කර පෙන්වන්නැයි” හේතුවාදීහු අභියෝග කළ විට උන්නැහේ ලොවෙත් නැතිය….තව දවසක් මොකක්ද පීරිසියක් වැනි යමක්, මල් බළියක්, තව ඉරටු කෝටු කෑලි වගේ බහු භූත රාශියක්, කොටින්ම කියතොත් ඉවත දැමිය යුතු කසළ ගබඩාවක් උස්සාගෙන ආවේය….මේ ලිපිය ලියන දිනය, එනම් අගෝස්තු 29 වැනි සෙනසුරාදා දිනයේ යෂ්ඨියක් සමග තව භාජනයක් සහ ඉරටු කෝටු කෑලි වගයක් උස්සාගෙන ආවේය….

හැමදාම වැඩසටහන පටන් ගන්නට සැරසෙද්දී “ඔන්න අද මම කොරලා පෙන්නන්ඤ්ඤං…. අද තමයි ඔප්පු වෙන්නෙ මගෙ බලේ”  යනාදි වහසි බස් දොඩයි…ඒත් වැඩසටහන මැදක් දුර යද්දී මිථ්‍යා දෘෂ්ඨීන් හෙළි වීම වැළැක්වීමට මේ අය සංවාදය පීළි පන්නන අතර, ඒ නිසා මාතෘකාවට අදාළ නොවන විකාර සාකච්ඡාවට ගැනෙද්දී මේ කට්ටඩි රාළ “ෂේප් එකේ” සිටින අතර, හෙතෙම වැඩසටහන අවසන් කරන්නේ ” මම ලබන පෝය දවසේ අම්බානක වැඩ කෑල්ලක් දාලා පෙන්නන්ඤං”  කියාගෙනය….ආයෙත් ලබන පෝය දවසටත් එච්චරය….කරපු බක්කක් නොමැති අතර, නූගත් මෝඩයන් රැවටීම මිස කරන්නට පුලුවන් බක්කක්ද ඇතැයි මෙම ලියුම් කරුවාට සිතෙන්නේ නැත…..උන්නැහේගෙ පරම්පරාවම කට්ටඩියන්ය කියයි නම්, ඒ පරම්පරාවේද තරම අපට සිතාගත හැක….මෙවර වැඩසටහනේදී “යක්කු දහ දෙනෙක් ඕන නම් හොඳ කරලා දෙන්නම්” යැයි හේතුවාදීන්ගේ සභාපති වරයා කී විට මහත් ආවේගයට පැමිණි කට්ටඩි රාළ “මගේ ඉවසීමේ සීමාව පන්න ගන්න එපා ! මේ මනුස්ස කමයි, සංවාදෙයි නිසයි ඉවසලා ඉන්නෙ” යනාදි වශයෙන් හිස් තර්ජන ගොන්නක් හේතුවාදීන්ට කරන තැනට පිරිහී ගියේය…..( යකුන්, නොමිනිසුන් “වැහීම”  වනාහි හිස්ටීරියා විශ්ලේෂණයන් සහිත මානසික රෝගී තත්වයන්ය….මෙලෙස රෝගී තත්වයට පත්ව සිටි බොහෝ දෙනෙක් ඔබ අප හොඳින් දන්නා හඳුනන අභාවප්‍රාප්ත මනෝ වෛද්‍යාචාර්ය ඩී.වී.ජේ හරිශ්චන්ද්‍ර මහතා ගාල්ල රජයේ රෝහල් වලදීත්, ගාල්ල සදර්න් පෞද්ගලික රෝහලේදීත් නිෂ්ඨාවටම සුවපත් කර ඇත…ඒ සඳහා Case Studies බොහොමයකි…)

නැවත නැවත සිහිවන්නේ නිගණ්ඨනාථ පුත්තගේ “පාන්නම් පෙළහර” ය….“ඔන්න වැඩ පෙන්නුවා ! මෙන්න වැඩ පෙන්නුවා ! ඔන්න මම දැන් වැඩ පෙන්නන්නයි යන්නේ !”  යනාදි නිගණ්ඨ වැඩ නොකොට කරනා දෙයක් රටටම කර පෙන්වන ලෙස මේ කට්ටඩි රාළගෙන් ප්‍රේක්ෂකයන් ඉල්ලා සිටිය යුතුය….

ඉහත නිගණ්ඨනාථ පුත්ත උදාහරණ කථාවේදී අහසින් ගොස් එකී සඳුන් පාත්‍රය ගත් පිණ්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේ අරභයා බුදුන් වහන්සේ ගිහියන් විෂයෙහි ප්‍රාතිහාර්ය පෑම තහනම් කොට එය “දුකුළා” ඇවැතක් ලෙසට නියම කළ සේක….එදා රහතුන් පෑ ප්‍රාතිහාර්යයත් බුදුන් වහන්සේ තහනම් කළ නිසා, අද දින මේ ප්‍රෝඪාකාරී ගිහියන් රකින්නට සංඝ ශාසනය තුළින්ම නියෝජනයන් පැමිණීම ගැන බලවත් කණගාටුවක් උපදී…..

ගුප්ත විද්‍යාව නම් වූ පතුලක් රහිත බැරලය 

ඊනියා “ගුප්ත විද්‍යාව” සහ ඊනියා “අපේ ශාස්ත්‍ර, මන්ත්‍ර ශාස්ත්‍ර” ආදිය සතු හර පද්ධතීන් සහ න්‍යෂ්ඨීන් හැම විටම පවතින්නේ මනුෂ්‍ය පංචේන්ද්‍රියට ගෝචර පරාසයෙන් ඔබ්බේ බැවින්ද, ඒවා පංචේන්ද්‍රිය ගෝචර කරගෙන මිනිසුන්ට “අනුභූතීන්” සහ ඒ අනුභූතිගත සංකල්ප පදනම් කරගත් විද්‍යාත්මක දැනුමක් සකසා ගත නොහැක….කොටින්ම කිව්වොත් විෂය බද්ධ දැනුම කෙසේ වෙතත්, නිවැරදි සාමාන්‍ය දැනුමක් හෙවත් ප්‍රකෘති දැනුමක් වත් ඇති කරගත නොහැක…..ඒ වගේ දැනුමක් නොමැති තැන ඇත්තේ “තාර්කික සීමාවන්ගෙන් තොර, නිශ්චිත දිශානතියක් හෝ පාලනයක් නොමැති” කයි කතන්දර ගොන්නක එකතුවකි…කවුරුන් හෝ කිසිදු පාරදෘෂ්‍ය ගවේෂණ ක්‍රමයකින් තොරව ඔහේ දොඩවන මොකක් හෝ විකාරයක් මත පදනම් වන කතන්දර එකතුවකි…එවැනි ඊනියා ශාස්ත්‍ර හැදෑරූ බව කියන ශාස්ත්‍රඥයන්ට ඔප්පු කරන ලද, පාර දෘෂ්‍ය යම් කොටසක් වෙතොත් ඒ “සංකල්ප” කොටස සහ ඔප්පු නොකරන ලද අදිසි, ගුප්ත පරාසය හුදු “ආකල්ප” වලින්ද තමන්ට රිසි සේ හසුරුවා ගත හැක…ඔවුන්ව පාලනය කරන්නට කිසිදු ඥාණ සභාවක් හෝ ශාස්ත්‍රාලගත ඥාණ විමංසාවක් නැත….බලාධිකාරිය වන්නේ ඔවුන්ගේ කට වචනයම පමණි….

අවිද්‍යාව නම් පතුළක් රහිත බැරලයකි…එයට වැටෙන්නට ගත්තාම එහි කෙළවරක් නැති නිසා අවම වශයෙන් තමා වැටෙමින් සිටින බවවත් වැටෙන්නාට නොහැඟේ….

මෙහිදී විද්‍යාව නියෝජනය කරන පිරිස හැම විටම අපහසුතාවයට පත්වේ…ඔවුන්ට සිදුවන්නේ “තාර්කික සීමාවන් සහිත, නිශ්චිත පරිමාවන් සහිත, සාමාන්‍ය දැනුම සහ විෂය ගවේෂක දැනුම මගින් සම්මත කරන ලද, ප්‍රශ්ණ කිරීමට බඳුන් කරන ඥාණ සභා, ශාස්ත්‍රාල සහ ඥාණ විමංසා සහිත” ශාස්ත්‍රයන් සමග ගොස්, ඉහත කී “අගෝචර, නිප්‍රකෘති, ඕනෑම මාදිලියක විකෘති, විසංවාදී අදහසක් වචන හරඹයෙන් සාධාරණීකරණය කළ හැකි” ඊනියා ශාස්ත්‍රයන් සමග සටන් වැදීමටය….එහෙම සටන් වලදී ඊනියා ගුප්තවාදීන් ඇස් පනාපිටම පරාජයට පත් වුවද, ජනප්‍රියත්වය සහ බඩගෝස්තරය පතා කරන ලද පට්ටපල් බොරු අතේ පත්තු වුවද, මොකක් හෝ මගුලක් කියා සිය ඇඳිවත රැක ගැනීමේ වරම ඔවුන්ට ඇත….ඒ අපාරදෘෂ්‍ය අවිද්‍යාව යනු අනන්ත අප්‍රමාණ පරාසයක් වන බැවිනි…ඉතින් බොහෝ වෙලාවට මිථ්‍යා ශාස්ත්‍රයන් සමග වාචාල කම මුසු වන්නේ නම් එවැනි අයට විද්‍යාව සහ සත්‍යය වෙනුවෙන් පෙනී සිටින අය “දෘෂ්‍ය පරාජයකට” ( Apparent Defeat ) පත් කළ හැක…බොහෝ විට එවැනි විවාද සිදුවන්නේ බහුතරය නූගත් ප්‍රේක්ෂක ප්‍රජාවන් ඉදිරියේ නම් තත්වය තවත් දරුණු අතර, එවැනි විටෙක අවිද්‍යාවර්ථීන්ට පහසු ජයක් රෙජිස්ටර් කරගත හැක…

උදාහරණයක් ලෙස : වර්ථමානයේ ගම්බද ජනතාවගෙන්, විශේෂයෙන්ම කාන්තාවන් බොහොමයක් දුකට පත් අසරණ මිනිස්සුන්ගේ ඉහමොළ සූරා කන පල් හොරුන්ට ආදායම් මාර්ග ලෙස පෙනී සිටින ඊනියා දෙවි දේවතාවියන් ගැන විශ්වාස තබති… එවැනි දේව ප්‍රජාව ආධානග්‍රහයෙන් ගනිති….මිථ්‍යාවන් අදහන අයගේ පොදු ලක්ෂණයක් වන්නේ තර්කයට ඇති නිසඟ භීතිය සහ තර්ක කරුවා කෙරෙහි ජනිත වන වෛරී සහගත හැඟීමයි…එවැනි විටෙක මිථ්‍යාව අදහන්නෝ පතන්නේ එයට එරෙහිව සාමාන්‍ය දැනුමෙන් තර්ක කරන අය නිග්‍රහයට පත්වීමයි…මිථ්‍යාවට ආදරය කරන තරමට අසරණ වී සිටින ඔවුන්ට මිථ්‍යාවේ නිරුවත පෙන්වන්නන් මහාම කරදරයකි…සමාජයේ නොසිටිය යුත්තෝ වෙති…ගෙදරකට වැද්ද ගත යුත්තෝ නොවෙති…

බොහෝ විට මිථ්‍යාව විකුණාගෙන කන්නෝ, මෙවැනි ඉලක්ක සමාජයන් වල මිනිස්සු හිතන පතන විදිහ, ඒ මිනිස්සුන්ගේ මානසිකත්වයන් මනෝ වෛද්‍ය විද්‍යාඥයන්ටත් වඩා බෙහෙවින්ම හොඳින් අවබෝධ කරගෙන සිටිති…ඒ අවබෝධය ඔවුන්ගේ ආදායම තර කර ගැනීම සඳහා භාවිතා කරන ප්‍රබලතම අවියයි….තමා හමුවට අසරණ වී එන තැනැත්තා දුටු වහාම මේ තැනැත්තාගේ සිත දිනාගෙන ඔහුගේ හෝ ඇයගේ මුදල් සූරා කෑමට යෙදිය යුතු ප්‍රයෝගය ගණනය කර ගැනීමට මිසදිටුවතෙහි වෙළෙන්දෝ දනිති…එහිලා ඔවුන්ගේ මනෝ විශ්ලේෂණයන්ට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ලා, ලැඛාන්ලා පවා පරාදය….

මේවා ගැන සංවාද කෙරෙන රූපවාහිනි වැඩසටහන් ආදිය බලන එවැනි අය සිටිත් නම්, ඒ “ගැලරිය” විසිල් ගහන්නේ මොනවාටදැයි එම වැඩසටහනේ මිථ්‍යාව නියෝජනය කරන්නෝ දනිති…ඒ නිසා සියළු ප්‍රෝඪාවන්ට කෙළ වේගෙන එනවිට ඔවුන් ගැලරියට විසිල් ගසන්නට අවස්ථාවන් ලබා දෙති…ඒ සඳහා ලාබදායීම සටන් පාඨ ලෙස රට, ජාතිය ආගම පෙරට ගනිති….ගෙන සිංහ නාද කරති…..මේ වනවිට මිසදිටුවාදීන්ගේ පරාජය දකිමින් “අනේ අපේ පොරවල් වලට කෙළවේගෙන නේද එන්නේ?” කියමින් විරවා පට්ටන් ගසාගෙන සිටින අඳබාල අනුගාමිකයන් මේ ලාබ තර්ක සහ බාළ ඝර්ජනා දැක “හුරේවා ! ඔය එන්නේ ! ඇර ඇර !” යන්න වෙනත් වචන වලින් කියමින් උඩ පනිති…අවසානයේ එවැන්නෝ බහුතරයක් සිටින රටවල මිසදිටු නියෝජකයන්ට “දෘෂ්‍ය ජයක්” අත්වෙති….

මිථ්‍යාව ‍යැපෙන්නේ :

1. භීෂණය මත – සොබාදහම නම් වූ මහා පරාසය තුල මිනිසාගේ පාලනයට තවමත් හසු නොවූ ප්‍රපංචයන් ඉදිරියේ කයින් සියුමැළි, ලෝම කූප වල ඝණකම සහ දිග අවප්‍රමාණ, පහසුවෙන් බිඳෙන සුළු සිරුරු ඇති මිනිසා අසරණය…බෙහෙවින්ම අනතුරු ඉදිරියේ නිරුවත්ය…අවකාශ- කාළ රීති හමුවේ සංතාපයටත්, ත්‍රාසයටත් පැමිණෙති.. උදා: ඊළඟ නිමේෂයේ වන්නට යන දේ නිවැරදිව කීමට අපොහොසත් හෙයින් මිනිසාට කාළයේ ඉදිරි නිමේෂයන් අවිෂය වේ…තමන්ගේ ඇසට නොපෙනෙන බලවේග යැයි කියන ඒවායේ බලපෑම මිනිසාට ඉන්ද්‍රිය ගෝචර නොවන හෙයින් මිනිසාට දෘෂ්‍ය පරාසයෙන් ඔබ්බෙහි අවකාශය අවිෂය වේ…මේ අවිෂය වීම ඔවුන්ට දරාගත නොහැකි භීෂණයකි…

2. කුතුහලය මත – ඉහත කී සියළු අවිෂය කරුණු කාරණා මිනිසාව දැඩි කුතුහලයකට ලක් කරයි

3. සම්ප්‍රදාය මත / සංස්කෘතිය මත – විද්‍යාත්මක පියවර පෙළකින් මිනිසාට කළ හැකි බොහෝ දේ අතිශය සීමිතව පැවති ප්‍රාථමික යුගයන් වලදී ඇති කරගත් ඇතැම් සම්මුතීන් සහ සම්ප්‍රදායන් මෙන්ම ඒවා පදනම් කරගත් සංස්කෘතීන් අදටත් නොනැසී පැවතීමේ අවාසනාව නිසා මිථ්‍යාවට කදිම වගාබිම් බිහිවේ….ඒවාට එරෙහිව හඬ නගන්නට යන්නෝ අතාර්කිකයන්ගේ ගොදුරු බවට පත්වෙති….කොටින්ම කියතොත් මිථ්‍යාව එහි වින්දිතයන් විසින්ම රකිත්…ඔවුන් ලවා එය රැක්කවීමද ඉතාම පහසුය….

මේ සා විශාල සොබා දහමක, මේසා කුඩා නග්න වානරයෙකු වන මිනිසා හමුවේ මිථ්‍යාව ඉහත පෝෂක ප්‍රභේදයන් මත පහසුවෙන් යැපෙති….

18 ලක්ෂයක් මැද පෙරදිග පිළිකණු වල නිරා දුක් විඳින, වසරකට දහස් ගණනක් පුරවැසියන් මරුවා කිහිළි ගන්නාගෙන බෝට්ටු වලින් විදේශ රටවලට පලා යන තුන්වනි ලෝකයේ හිඟන රටක ජනතාව අවධානය යොමු කළ යුත්තේ “මිනිසුන් ගල් කර පොලු උඩ ගෙන යා හැකිද?” යනාදි මනෝ විකාර ගැටළු වලටද යන්න වෙනම අවධානය යොමු කළ යුතු ප්‍රශ්ණයක් වුවත්, මේ වනවිට මිථ්‍යාවට එරෙහිව විද්‍යාත්මක චින්තනය දරන තරුණ පිරිස් යම් අසංවිධිත ප්‍රහාරයක් දියත් කර තිබීමත්, ඒ ප්‍රහාරයට ඉස්මතු වන්නට මෙවැනි විකාර අවකාශය සපයන නිසාත් මේ මොහොතට ඒ වැදගත් යැයි සිතමි….කෙසේ වෙතත් මේ වැඩසටහනේ ක්‍රියාකාරකම් වල පාරදෘෂ්‍ය බව සහ සාධාරණය රැකෙනු වස්, දෙපාර්ශයවම එකට සිට මිනිසුන් ගල් කිරීමක් කර පෙන්වන්නැයි ඉල්ලා සිටිය යුතුය…එවිට රෙදි වලින් වසා ඊනියා මන්තර මතුරා කරන ලද ප්‍රෝඪාවේ නිරුවත එවෙලේම ප්‍රදර්ශණය කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත…එහෙත් ඒ නිරුවත ඒ මොහොතේම එළි වූවත්, ඒවා නියෝජනය කරන අය ඒ පරාජය පිළිගනිතියි අපේක්ෂා නොකළ යුතුය…මිථ්‍යා ආජීවකයන්ගේ හැටි එහෙමය….අද දින සංවාදයේදී මතු වූ “මෝහණයෙන් සහ ශරීර ශක්තියෙන් යන ක්‍රමවේදයන් දෙකෙන්ම මිනිසෙකු ගල් කර මෙසේ ගෙන යා හැකි නම්, තුන්වෙනි ක්‍රමයක් ලෙස මන්ත්‍ර බලයෙන් ගෙන ගියා යන්න පිළි නොගන්නේ මන්දැයි?” මතු කරන ලද හාස්‍ය ජනක තර්කය එයට කදිම නිදසුනකි…

මෙවැනි දේ ගැන වෙනත් ග්‍රහලෝක Terraforming ක්‍රියාවලියට ලක් කර, පාර-භෞමික ජීවය පිහිටුවන්නට විද්‍යා ප්‍රජාව වෙර දරන මෙවැනි සියවසක, ප්‍රසිද්ධ රූපවාහිනි මාධ්‍යයක් තුළ කථා කර කර ඉන්නට සිදුවීමත් එක්තරා විදිහකට ජාතියක අවාසනාවකි….එනමුත් මෙවැනි යුගයක ප්‍රෝඪාවන් කර මිනිසුන් රවටා තමන්ගේ තත්වය රැකගැනීමට ඉඩ නොතැබිය යුතුය යන තිර අදිටනින් යුතුව පෙරට පැමිණි මෙරට විශේෂඥ වෛද්‍ය ප්‍රජාවට මෙම ලියුම්කරුවාගේ අතිමහත් ගෞරවය හිමිය….

කාලාමයෙනි ඔබ….! ( තෙවැනි පිදුම )

“I am all-powerful Time which destroys all things, and I have come here to slay these men. Even if thou doest not fight, all the warriors facing thee shall die” –  Lord Krishna to Arjun  ( Bhagavad Gita – Chapter 11, Verse 32  – Note: Same misquoted by Oppenheimar )

මම වෙම් සර්ව බලශක්ථ කාළ පුරුෂ කැටිව එන මරණය, මා මොවුහු නැසුමට ආමි…නුඹ සටන් නොවැදුණත්, නුඹට වතපාන සියළු රණ ශූරයෝ මියෙති”  – ක්‍රිෂ්ණ දෙවිඳු අර්ජුන් සෙනෙවියාට රථාචාර්යව සිටිමින් දෙසූවකි.. ( භගවත් ගීතාව, පරිච්ඡේදය 11, පැදි 32  – 1945 මෙලොව පළමු න්‍යෂ්ඨික සහ-අවිකාරකය ජනිත කළ “ට්‍රිනිටි” න්‍යෂ්ඨික පරීක්ෂණය අවසානයේ මහා විදුදර රොබට් ඕපන්හයිමර් මෙයම සාවද්‍ය ඇසුරකින් කියන ලදී )

න්‍යෂ්ඨික යුද ශීර්ෂ යම්තම් හෝ කරළියට සපැමිණියහොත් එතැන සිදුවිය හැකි දේශපාලනික සහ සාමාජීය තැති ගැන්ම කෙතරම්ද යන්න ඉන්දීය රාජ්‍ය පාලකයන්ට අවබෝධ කරවන සිදුවීම් දාමයක් එසේ නිමවිය…

ඉන්දියානුවන්ගේ රැකවරණය තකා බෙංගාල බොක්කට පැමිණි සෝවියට් සබ්මැරීන ගෙන ආවේ යම්තම් TNT කිලෝටොන් 200 ක ශක්තිය ජනනය කරවන න්‍යෂ්ඨික යුද ශීර්ෂ කිහිපයකි…ඒ කුඩා නෞකා නාශක න්‍යෂ්ඨික යුද ශීර්ෂ ඉන්දීය දොරකඩට පැමිණි සුපිරි බලවතුන් කෙතරම් භීෂණයට පත් කළේදැයි ඉන්දිරා ගාන්ධි සියැසින් දුටුවාය…

ඇය වහාම ස්වකීය ආරක්ෂක මණ්ඩලය කැඳවා ඉන්දීය ජන රජයේ අනාගත අභිලාෂයන් සම්පූර්ණ කරගැනීමට එරටට තිබිය යුතු න්‍යෂ්ඨික නිවර්තන ශක්‍යතාවය ලබාගන්නේ කෙසේදැයි තමාට උපදෙස් දෙන ලෙස ඉල්ලා සිටියාය…දෙහෙරාදුන්හි සිට පැමිණි මහාචාර්ය රාජා රාමන්න ඇතුළු පිරිස ඉන්දියාවට “අවි ශ්‍රේණියේ ප්ලූටෝනියම්” (Weapons – grade Plutonium) සපයා ගත හැකි බව පවසා, එවැනි පරීක්ෂණ මට්ටමේ න්‍යෂ්ඨික පිපිරවීමක් සිදුකළ හැකි බවට සහතික කළේය…

මේ අනුව නැවත වතාවක් සියළු ගුණ සහ අගුණ වල බර කිරා බලා 1972 වර්ෂයේ සැප්තැම්බර් Bhaba Atomic Research Center (BARC) මධ්‍යස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යනි ඉන්දිරා ගාන්ධි මැතිණිය, යුදමය කටයුතු සඳහා භාවිතා කළ හැකි න්‍යෂ්ඨික මෙවලමක් අත්හදා බැලීම සඳහා මහාචාර්ය රාජා රාමන්න ඇතුළු පිරිසට අවසරය දුන්නාය…

න්‍යෂ්ඨික යුද ශීර්ෂයක් සඳහා අවශ්‍ය පරීක්ෂණ කටයුතු ඇරඹීමේදී ඉන්දියාව මුහුණ දුන් ප්‍රධානතම දුෂ්කරතාවය වන්නේ ඒ සඳහා අවශ්‍ය පළපුරුද්ද සහ කළ පුරුද්ද සහිත විද්වතෙකු ඔවුන්ගේ ඉංජිනේරු කණ්ඩායමේ නොසිටීමයි…ආචාර්ය රාමන්න මේ සඳහා රුසියානු ජාතික න්‍යෂ්ඨික භෞතික විද්‍යාඥ සුප්‍රකට ඇන්ද්‍රෙ සැකරොෆ්ගෙන් සහාය පැතුවේය…සැකරොෆ් මේ සඳහා යූලි කරිටෝන් ඉන්දියාවට එවුවේය…කරිටෝන් මාස හයක කාළයක් තුල ප්ලූටොනියම් පදනම සහිත න්‍යෂ්ඨික යුද ශීර්ෂයක් නිපදවීම සඳහා ඇවැසි මූලික පුහුණුව ඉන්දීය විශේෂඥයන්ට ලබා දුන්නේය.

මෙම පුහුණුව සමග 75 දෙනෙකුගෙන් සමන්විත න්‍යෂ්ඨික ව්‍යාපෘති සභභාගීත්වය පහත පරිදි කණ්ඩායම් වලට බෙදා වෙන් කරන ලදී:

  • Nuclear System Design Team
  • Detonator Development Team
  • Plutonium Core Fabrication Team
  • Electronic Detonation System Team
  • High Explosives Implosion System Team
  • Neutron Initiator Team
  • System Integration Team

මේ සියළු කණ්ඩායම් වල අධීක්ෂණ නියමුවා ලෙස ඉන්දිරා ගාන්ධි මැතිණියගේ රෙකමදාරුව පරිදි අබ්දුල් කලාම්යන් පත් කෙරිනි….

යුදමය සන්නද්ධ අරමුණක් සඳහා න්‍යෂ්ඨික දාම ප්‍රතික්‍රියා ජනනය කරන බල ශක්තිය යොදා ගැනීමේ වැඩසටහනකට අබ්දුල් කලාම් බඳු සාමකාමී මිනිසෙකු තම උගත්කම මෙහෙවරෙහි යෙදවූ හෙයින් ඔහු ශ්‍රේෂ්ඨ මිනිසෙකු ලෙස සැළකිය හැකිදැයි මෙය කියවන ඔබට ගැටළුවක් මතුවනු ඇත….

මෙම ගැටළුවට පිළිතුරක් වශයෙන් කිව යුත්තේ කාලාමයන් යනු ” රාජ්‍ය ඒකකය” නම් සමාජ ව්‍යුහය ගැන දෙන අප්‍රායෝගික ජාත්‍යන්තරවාදී දාර්ශණික “ටෝක්ස්” වලට සීමා වුනු “ටෝක්” කාරයෙකු නොවී, රාජ්‍ය, මාතෘ භූමිය, මව් බිමෙහි උරුමය යන පාර-භෞතික වුවද අත්‍යාවශ්‍ය ජීවන සාධක වලට මුල් තැන දුන් අයෙකු බවය…

සාමය, නිරවිකරණය, ජාත්‍යන්තරකරණය, දේශ සීමා අතික්‍රමණය කරන මානව දයාව යනාදි මේවාට ආදරය කරන බව පෙන්වමින් ඒවායේ දේශකයෙකු වන්නට ඕනෑම ප්‍රාමාණික උගතෙකුට හැකියාවක් තිබේ…නමුත් පියවි ලෝකය තුළ දේශ සීමා මායිම්, ඒවා මත ඇතිවන ගැටුම්, ජාතික පැවැත්ම සහ ජාතික නිපැත්ම නිසා ඇතිවන ගැටුම්, මහ පොළවේ යථාර්තය නිර්මාණය කිරීමට දායක වෙයි….සංවාසය, සහවාසය, සහයෝගය පමණක් නොව ඝට්ටනයද යථාර්තයේම කොටස් ලෙස ඉස්මතු වනවිට, ඒවාට මෙල්ල කිරීම සඳහා නිසි පියවර ගන්නා මිනිසුන් අතරද ශ්‍රේෂ්ඨයෝ වෙති….මෙනයින් ඊනියා දේශ සීමා විරහිත චින්තනයක් ඇත්තන්ට හෝ විදේශිකයන්ට කාලාමයන්ගේ මෙකී දායකත්වය උත්තරීතර ලෙස දකින්නට නොහැකි වුවත්, ඉන්දීයයන්ගේ ඇසින් එය එරට රැකවරණයට කරන ලද ගෞරවාර්හ සේවාවක් ලෙස හැඳින්විය හැකිය…..

යුද සැළසුමකදී වඩාත් වැදගත් වනුයේ තමාට ඉදිරියෙන් තිබෙන දෙය නොව, පිටුපසින් තිබෙන දෙයයි…තම දේශයත්, ජනතාවත් තර්ජිතව සිටින මොහොතක, මේ පිටුපසින් තිබෙන දේ රැක ගැනීම සඳහා ඉදිරියෙන් එන දෙය කවර ආකාරයක හෝ දණ්ඩනයකින්, තර්ජනයකින් හික්මවීමට සිදුවේ…

එබඳු සේවාවකට කැප වූ මිනිසෙකුට සතුරා මෙල්ල කර ගැනීමට යෙදිය යුතු කවර පරිමාවක උපක්‍රමයක් වුවද යෙදීමට සිදුවේ…අවි තැනීම සහ රැස් කිරීම වනාහි නිතරම හිංසාව හෝ ප්‍රචණ්ඩත්වයට් දිය හැකි පසුබිම් තේමාවන් පමණක් නොවේ…හිංසකයන්ගෙන් අහිංසකයන් රැක ගැනීම සඳහාද අවි තැනීමට සිදුවේ…අවි පරීක්ෂණ පැවැත්වීමට සිදුවෙයි…ලෝකය මේ අවි තැනීමෙහිලා යම් පරාමිතීන් වෙත ගොස් ඇත්නම් ඒ සා විශාල තර්ජනයන්ගෙන් ගැළවීම පිණිස එකී පරාමිතීන් තම දේශයටත් ගෙන ඒමට අවි පිරියෙසුවන්ට සිදුවෙයි….

කාලාමයෝ මෙ සමයෙහි ඉන්දියාවට ඉටු කළ සේවය එයයි….

බුදුන් සිනාසුණු දා …..( The “Smiling Buddha Test” – Pokran – Rajasthan) 

ඉන්දියාව මෙසේ සැරසුණු සිය පළමු න්‍යෂ්ඨික ඒකක පිපිරවීමේ පරීක්ෂණයට “සිනාසෙන බුදුන්” යන නම තබන ලදී…මෙයට පරස්පර විරෝධී හේතු දක්වන්නෝ වෙති…ඇතැම් අයට අනුව මේ නම තබන ලද්දේ “පරමාණුව” නම් සංකල්පය ග්‍රීසියේ ඩිමොක්‍රිටස්ටත් පෙර මුල් වරට ලොවට හඳුන්වා දෙන ලද්දේ භාරතීය දාර්ශණික ගෞතම බුදුන් වහන්සේ යැයි සැළකෙන හෙයින් උන් වහන්සේට කරන ගෞරවයක් ලෙස භාරත භූමියේ පළමු වරට සිදුකෙරෙන මෙම පිපිරුම් පරීක්ෂණය එනමින් හැඳින් වූ බවය…මෙහිලා තවත් ජනප්‍රිය මතයක් වන්නේ මෙම පරීක්ෂණ මාලාවේ ප්‍රධාන නියමුවා වන මහාචාර්ය රාජා රාමන්න තරමක බෞද්ධ නැඹුරුවක් සහිත අයෙකු හෙයින් මෙවැනි නමක් යොදා ගන්නට ඇති බවය…එමෙන්ම තවත් කතන්දරයක් වන්නේ 1974 මැයි මාසයේ වෙසක් පොහෝ දිනයට සමගාමීව මෙම පිරියෙසුම සිදුකළ හෙයින් එයට මේ නාමකරණය යෙදුනු බවයි….

( An Interview with Dr. Raja Ramanna where he expresses his understandings & views on Buddhism : An Interview with Dr. Ramanna

)

1974 මැයි මාසයේ පළමුවැනිදා රාජස්ථාන් ප්‍රාන්තයේ මෙම න්‍යෂ්ඨික අවි පරීක්ෂණය සිදු කෙරෙන පොක්-රාන් කාන්තාරයට ජෝදාපුර් සිට පැමිණි ඉන්දීය හමුදාවේ 61 වැනි ඉංජිනේරු රෙජිමේන්තුව විසින් මීටර් 107 ක් ගැඹුරු භූගත කුටීරයක් ඉදිකරන ලදී….

අනතුරුව අබ්දුල් කලාමයන්ගේ, මහාචාර්ය රාජා රාමන්නයන්ගේ, ඉන්දීය හමුදා ඉංජිනේරු කර්නල් සුබ්‍රෙවාල්ගේ, සහ අයියනගර්, බාළක්‍රිෂ්ණන් යන රුසියාවේ විශේෂ පුහුණුවක් ලැබූ විද්‍යාඥයන්ගේ දැඩි අධීක්ෂණය යටතේ අධි පීඩක තත්වයේ ප්ලූටෝනියම් අඩංගු කිලෝග්‍රෑම් 1400 බර, මීටර් 1.25 ක විෂ්කම්භයකින් යුතු ෂඩාස්‍රාකාර පරීක්ෂක උපාංගය එම කුටීරයට බහාලන ලදී….මේ බහාලීම සිදුවූයේ 1974 මැයි මාසයේ 15 වැනිදාය…මෙහිදී බාලක්‍රිෂ්ණන් නම් විදුදරයා විකිරණශීලී කුටීරයක ඇතිවිය හැකි අවදානමද නොතකා එම කුටීරයට බැස අදාළ බහාලුම් ක්‍රියාවලිය නිරවද්‍ය ද යන්නත්, පරීක්ෂණය ආරක්ෂිතව සිදු කළ හැකිද යන්නත් විමසා බලන ලදී… අනතුරුව එම කුටීරය කොන්ක්‍රීට් යොදා සීල් තබන ලදී….

මේ මොහොතේදී අදාළ උපාංගය එකළස් කල කුටිය පාලක මැදිරියක් කරගෙන එහි සිටි මහාචාර්ය රාජා රාමන්නට දුරකථනයෙන් ඇමතූ අබ්දුල් කාලාමයෝ “යකා කූඩුවට දමන ලදී” යන වදන් වලින් පරීක්ෂණය සඳහා සියල්ල සූදානම් බව දැනුම් දුන්නේය….

මෙතැන් සිට මේ පිරියෙසුමේ උද්වේගකර කථාව රාජ් චෙන්ගප්පා  ගේ Weapons of Peace (2000) ග්‍රන්ථය සහ චිදම්බරම් සහ රාජා රාමන්න ප්‍රධාන විදුදරයන්ගේ Some Studies on India`s Peaceful Nuclear Explosion (1975) යන වාර්ථා ග්‍රන්ථය පදනම් කරගෙන කියමි…

දිනය : 1974 මැයි 18
ස්ථානය: පොක්‍රාන් – ථාර් කාන්තාරය – රාජස්ථාන් ප්‍රාන්තය – ඉන්දීය ජන රජය
( ස්ථානීය ඛණ්ඩාංක : අක්ෂාංශ අංශක 27.09 දේශාංශ අංශක : 71.57 )

වේලාව උදෑසන 7.55 ය… මේ මොහොත වනවිට මහාචාර්ය රාජා රාමන්නයන්, ආචාර්ය ප්‍රනාබ් දස්තිදාර් යන මහත්වරු අදාළ පිරියෙසුම් අඩවියෙන් කිලෝමීටර් 5 ක් ඔබ්බෙන් වූ නිරීක්ෂක බංකරය වෙත යමින් සිටියහ….අබ්දුල් කලාමයන් පරීක්ෂණය සිදුවූ වහාම එහි තොරතුරු දිල්ලි අගනුවර “රතු බළකොටුවෙහි” රැඳී සිටි ඉන්දීය අග්‍රාමාත්‍යනී ඉන්දිරා ගාන්ධි මැතිණිය වෙත දැනුම් දීම සඳහා සූදානමින් සිටියේය…මේ මොහොත ආචාර්ය රාජ්ගෝපාල චිදම්බරම්ගේ මතකය ඇසුරෙන් ගතහොත්:

“..ඔබ දන්නවා ඉන්දියාවේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්නේ උදේ 8 ට.. ඒ වගේ සිරකරුවෙක්ව පෝරකයට ගෙනියන මොහොතට සම්බන්ධ වෙන බන්ධනාගාර නිලධාරීන්ට ඇතිවන හැඟීම වගේ එකක් තමයි අපි කාටත් ඇතිවෙලා තිබුණෙ මගේ විශ්වාසයෙ හැටියට…. මොකද මේ පරීක්ෂණය සඳහා බොත්තම ඔබන්න නියමිත වෙලා තිබුණේ උදේ 8 ට….මොන තරම් සාමකාමී උපාංගයක් කිව්වත්, මේ කුමක් සඳහාද කියන එක රාමන්න මහතාත්, මමත් දැනගෙන හිටියා….නමුත් අපිට සුළු ප්‍රමාදයක් උනා…පරීක්ෂණ අඩවියට එල්ල කර තිබුණු අධි වේගි උපග්‍රහණයන් සහිත කැමරා පරීක්ෂා කරන්න ගිය සෙත් කියන ඉංජිනේරු මහත්මයා, ජීප් රථයේ කාර්මික දෝෂයක් නිසා එම ප්‍රදේශයෙන් ඉවත් වීම ප්‍රමාද උනා… කොහොම උනත් අන්තිමට අපි මේ බොත්තම එබීමේ ගෞරවය, ජීවිත අවදානම නොතකා මෙම උපාංගය සහ එයට අවශ්‍ය විකිරණශීලී මූලද්‍රව්‍ය මෙන්ම බැර ජලයත් කැනඩාවෙන් මේ ස්ථානයට ප්‍රවාහනය කෙරවූ ප්‍රනාබ් දස්තිදාර්ට හිමිවිය යුතු යැයි තීරණය කළා…”

උදෑසන 8.05 ට ප්‍රනාබ් දස්තිදාර්හු පිපිරුම සක්‍රීය කරවන බොත්තම ඔබන ලදී…ඉන් නිමේෂයකට පසුව මිහිකත කම්පාව ගැජුම් පෑවාය….

රීච්ස්ටර් මාපකයේ 5.5 ක භූමිකම්පාවක් සනිටුහන් කරමින් ලොවට අණුක ඥාණය හඳුන්වා දුන් රාෂ්ඨ්‍ර පෙළපතෙහි පළමු අණුක ඥාණ ගර්ජනය පොළවට මීටර් 107 ක් ගැඹුරෙහි මුදාහැරිණි….එක්වරම ඉහළ පොලා පැමිණි ශක්තිය විසින් ඔසවන ලද පොළව පළමුව මෙසේද,

SBuddhaHill640c20

දෙවැනුව හෑරී ගිය ආවාටය මෙසේද,

තෙවැනුව නිර්මිත ආවාට ගර්භය මෙසේද,

යනාදි වශයෙන් ශක්ති සංසරණයව විසිරී ගියේය…

මෙමගින් හෑරී ගිය ආවාටයේ දෘෂ්‍ය අරය මීටර් 50 ක් පමණද, දෘෂ්‍ය ගැඹුර මීටර් 20 ක් පමණද වන ලෙසට ගණන් බැලිනි….මූලික වශයෙන් මෙම පිපිරුම හේතුවෙන් භූ ගර්භයට හෑරී ගිය ආවාටයේ සත්‍ය අරය හෝ සත්‍ය ගැඹුර මිනිය නොහැකි වුවත්, 2012 වසරේ ගන්නා ලද අධි සුසර සහ අධි දීප්ත චන්ද්‍රිකා ඡායාරූප මගින් එහි සත්‍ය අරය මීටර් 105 ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ….

භූගත න්‍යෂ්ඨික පරීක්ෂණයක හරස්කඩක් මෙම දෘෂ්‍ය ගැඹුර සහ සත්‍ය ගැඹුරද, දෘෂ්‍ය අරය සහ සත්‍ය අරයද වටහා ගනු වස් මෙහි දමමි…දෛවෝපගත ලෙස මෙම “සිනාසෙන බුදුන්” පරීක්ෂණයෙහි මෙවැනි හරස් කඩක් සොයාගන්නට නොමැති වූ හෙයින් මෙම ලියුම් කරුවා මෙහි දමන්නේ, මේ ඉන්දීය අවි පරීක්ෂණයට පිළිතුරු ලෙස ඉන්දීය ප්‍රතිමල්ලව පාකිස්ථානය විසින් සිදු කළ “කගායි – 1” න්‍යෂ්ඨික අවි පරීක්ෂණයෙහි හරස් කඩය…එම න්‍යෂ්ඨික අවි පරීක්ෂණය Nuclear Yield ( Nuclear Yield – The Accumulation of Energy volume / volumes discharged with the explosion of the nuclear device ) සහ කුටීර ගැඹුර ආදිය අතින් ඉන්දීය පරීක්ෂණයට බෙහෙවින්ම සමානය….

Effects_of_Nuclear_Weapons_Cross_Section_of_Crater

( Watch the test from 1:25 – 1:31 here :

)

පිපුරුම සමග මුදාහළ ශක්ති ප්‍රමාණය (Nuclear Yield) ට්‍රයිනයිට්‍රොටොලුයින් (TNT) කිලෝ ටොන් 8 ක පිපුරුමකින් මුදාහරින ශක්ති ප්‍රමාණයට සමාන ලෙස ගණනය කෙරිණි…මූලික වශයෙන් ඉන්දියාව සැලසුම් කර තිබුණේ කිලෝ ටොන් 20 ක ශක්ති ඵලදාවක් ලබාගැනීමට හෙයින්, මෙම අවගණනය උපහාසයට ලක් කිරීමට බොහෝ පසමිතුරු රටවල් ඉදිරිපත් වූවත්, ඉන්දිරා මැතිණිය ප්‍රමුඛ රජය සහ ඉන්දීය විපක්ෂය එක හඬින් තම දේශය සිදුකළ පරීක්ෂණයේ ගරුත්වය වෙනුවෙන් පෙනී සිටියහ…

( හිරෝෂිමාව මතට හෙළන ලද “පුංචි කොලුවා” කිලෝටොන් 15 ක පමණ ශක්ති ඵලයක්ද, නාගසාකිය මතට වැටුණු “ස්ථුල මිනිසා” කිලෝටොන් 20 ක පමණ ශක්තිමය ඵලයක්ද ජනිත කළ නිසා එවකට ඉන්දීය පසමිතුරු පිළේ සිටි එක්සත් ජනපදය මේ මුල් පිරියෙසුම ප්‍රහසනයට බඳුන් කළද, ඉන්දියාව න්‍යෂ්ඨික පරීක්ෂණයක් කරන්නට පෙළඹීම දැඩි දෝෂ දර්ශණයකට ලක් කරන ලදී )

අත්හදා බැලීමෙන් පසුව පොක්‍රාන් හි එම පෙදෙසට සංචාරයක් සඳහා පැමිණි ඉන්දිරා ගාන්ධි මැතිණිය ( අබ්දුල් කලාමයන් පිටුපසින් )
අත්හදා බැලීමෙන් පසුව පොක්‍රාන් හි එම පෙදෙසට සංචාරයක් සඳහා පැමිණි ඉන්දිරා ගාන්ධි මැතිණිය ( අබ්දුල් කලාමයන් පිටුපසින් )

1974 වෛශාඛ්‍ය මහෝත්සවය සහගාමීව “බුදුන් සිනාසුණු” පුවත පළමුව චිදම්බරම් අතින් රාජා රාමන්නයන් අතටත්, ඔහු අතින් අබ්දුල් කලාමයන් අතටත්, ඔහු වෙතින් රතු බළකොටුවටත්, එයින් ඉන්දිරා මැතිණිය සවනටත් ලැබිණි…

මේ සියල්ලට මූලොත්පාද සිද්ධිය ආවේ 1971 වසරෙන් බව මින් පෙර ලිපියෙන් සහ මේ ලිපියේ හැඳින්වීමෙන් මා කියා ඇත්තෙමි….බංග්ලාදේශ නිදහස් සටනට ඉන්දියාව දැක්වූ අනුග්‍රහයට එරෙහිව පාකිස්ථානය පසගෙන 1971 වසරේදී කළාපයට පිටින් පැමිණි සතුරන් අබිමුඛයෙහි ආරක්ෂාවේ නිරුවත පෙනී ලද අවමානය නිසා පෑරුණු ගර්වය සහිත ඉන්දියානුවන්ගෙන් බහුතරයට මේ පුවත මහාර්ඝයක් විය…රට පුරා ප්‍රීතිය පළකිරීම් මැද ඉන්දිරා මැතිණිය අතින් රාජා රාමන්නයන් හට “පද්ම ශ්‍රී” සම්මානයත්, කාලාමයන් ප්‍රමුඛ අනෙක් විදුදරයන්ට “පද්ම භූෂණ” සම්මානයත් පිදවුම් කරැවිණි….

ඇත්තෙන්ම ඉන්දියානුවෝ වූ කළී ස්වකීය දේශ රාමුව තුළ කවර ඌණතාවයන්ගෙන් පෙළෙන්නෝ වුවද, හෙළෙනික මහා කිවිසුරු හෝමර්ගේ “ඉලියඩ්” වීර කාව්‍යයෙහි එන අකිලීසයන්ගේ “මර්මද” ජනතාවෝ මෙන් කළාපීය බලවතාය යන ගර්වය දිවි හිමියෙන් සුරකින්නෝ වෙති….ඉන්දීය බලය තුලනය කළ හෝ අතික්‍රමණය කළ හැකි අනෙකුත් බලවතෙකුගෙන් කළාපයට යම් බලපෑමක් ලැබෙන විට ඔවුහු අපරිමිත කෝපයටත්, ශෝකයටත් පත්වෙති…

පසුකළක රාෂ්ට්‍රපති භවාන් හි චක්‍ර උද්‍යානයේ සිට නැවත 1974 දෙස හැරී බැලූ කාලාමයෝ එදවස විදුසුරු විරුවන් වූ රාජා රාමන්නයන් ප්‍රමුඛ ඔහුටත් ජ්‍යේෂ්ඨයන් වූ න්‍යෂ්ටික විද්වතුන් පිරිවර “මහා භාරත්, මංගලම්” වැනි වීර කාව්‍යයක බහා අනාගතයට කියවන්නට ඉතිරි කළ යුතු බව සටහන් කර තැබුවේය….

තමා යම් දිනෙක නැවත මෙයටත් වඩා බලවත් බිළින්දෙකුගේ ප්‍රසූතිය සඳහා ථාර් කතරට පැමිණෙන බව 1974 දි කාලාමයන්ට හැඟුණේ මෙම පරීක්ෂණයට එරෙහිව පාකිස්ථානය සහ චීනය දෙසින් ආ ඝෝරනාඩුවත්, යුරෝපය සහ ඇමරිකාව දෙසින් ආ අවඥා – පරවශ තර්ජනයත් කියවා ගැනීමෙන් පසුවය….

මෙවැනි දැවැන්ත විද්වතුන් අතින් මෙළොව එළිය දුටු ඉන්දීය සහ-අවි පරමාර්ථ න්‍යෂ්ඨික බිළින්දා රකුසෙකු කොට භාරත මාතාවගේ සතුරන්ගේ හිස්ගෙඩි වෙත යවන ආකාරය අබ්දුල් කලාමයෝ එවක් පටන් කල්පනා කළේය…..

මේ චින්තන අරගලයේ ප්‍රතිඵලය ලෙස කාලාමයන්ගේ මනැසේ “ගින්නෙන් උපන් කුමරු” ජනිත විය……

ගිනි දියෙන් දොවා “අග්නි” කුමරු දොරට වැඩූ හැටි මීළඟ ලිපියෙන් ……..

කාලාමයෙනි ඔබ …! ( දෙවැනි පිදුම )

යළිත් වතාවක් ජාතික අරමුණ හඹා යෑම ඇරඹූ ආචාර්ය අබ්දුල් කාලාම්, එතැනින් වසර 10 ක් ඉක්ම යන තුරු දෙස් විදෙස් විදු සක්විතියන්ගේ දැනුම සහ උපදෙස් ද පරිශීලණය කොට ඉන්දීය අභ්‍යවකාශ ඉලක්කයන් හඹා යෑම ඇරඹුවේය.

SLV – 3 – Initial Test Flight 

1979 අගෝස්තු මස 10 වැනිදා  ආන්ද්‍රා ප්‍රදේශයෙන් නැගෙනහිරට පිහිටි ශ්‍රී හරිකොත දූවෙහි චන්ද්‍රිකා ගුවන් ගත කරන මධ්‍යස්ථානයේදී SLV – 3 නම් පියවර 4 කින් සමන්විත වන දිගින් මීටර් 22 ක් සහ බරින් ටොන් 17 ක් වන බුහුපිය (Multistage Rocket) රොකට්ටුවක් වූ රොකට්ටුව අත්හදා බලන ලදී…

මේ රොකට්ටුව සමග කිලෝග්‍රෑම් 35 ක් බර පර්යේෂණ මට්ටමේ චන්ද්‍රිකාවක් ගුවන්සැරි බර ලෙස ගුවනට විදිනු ලැබීය…

එහෙත් අවාසනාවකට ගුවන් ගත වී තප්පර 317 ක් ඇතුළත මෙම රොකට් ගුවන් සැරියේ දෙවැනි අදියර අසාර්ථක වූ බවට නිවේදනයක් නිකුත් විය….

පොළවේ සිට කිලෝමීටර් 160 ක් සහ 2,500 ක් අතර වූ Low Earth Orbit (LEO) කක්ෂය වෙත සිය බර යෙදුම ගෙන යාම එම රොකට්ටුවේ අරමුණ විය.

GEO v LEO orbits
GEO v LEO – එනමුත් මෙහි උන්නතාංශ පැහැදිලි කිරීම එතරම් නිරවද්‍ය නොවේ…අදාළ කක්ෂයන් සහ ඒවාට සුසර කෙරෙන චන්ද්‍රිකාවන් ගැන දළ අදහසක් ගැනීම සඳහා පමණි…

එනමුත් භාරතය සිය අභ්‍යවකාශ සැලසුම කෙරෙන් බලාපොරොත්තු වූ සියල්ල තප්පර 317 ක් ඇතුළත සුන් කරමින් එම පියාසැරිය බෙංගාල බොක්කෙන් කෙළවර විය…

අභ්‍යවකාශ පියාසැරි සහ අභ්‍යවකාශ පද්ධති ( Space Flights & Space Systems ) යනු අතිශය සංකීර්ණ මෙහෙයුම් රැසක එකතුවකි…එවැන්නක් කිරීමේදී නැනෝමීටරයට නිරවද්‍යතාවයත්, මිලි තප්පරයට කාර්යක්ෂමතාවයත් රැකීම වූ කළී ඉතාම උසස් ධ්‍යානයක් බලාපොරොත්තුවෙන් අතිශය දුෂ්කර භාවනා අභ්‍යාසයක නිරතවනවා බඳු ක්‍රියාවලියකි….එසේ හෙයින් මේ සා විශාල පිරිසක් දායකව, තත්කාළීන තාක්ෂණයෙහි උවද තරමක් පසුපසින් සිට සීමිත සම්පත් භාවිතයෙන් කරන ලද ගගණ පර්යේෂණයකදී “වැරදුණේ කුමක්දැයි” නිශ්චිතවම කිව හැකි නොවීය….කඩා වැටුණු SLV – 3 චන්ද්‍රිකා ලෝන්චර යානයෙහි සුන්බුන් ඉන්දියන් සාගරයෙන් සොයාගත් පසුවද මේ පිළිබඳව 100% සැකයෙන් තොර කරන ලද නිගමනයන් නොවීය…

නමුත් මේ පිළිබඳව මිලියන සංඛ්‍යාත ඉන්දීය ප්‍රජාව වෙත සාර්ථක විග්‍රහයක් ඉදිරිපත් කිරීම අප්‍රායෝගික වූයේ මහ ජනයා හට මෙවැනි මෙහෙයුම් ගැන පූර්ණ හෝ අවම වශයෙන් සාධනීය විද්‍යාත්මක, ගණිතමය සහ ද්වි-විද්‍යාමය ( භෞතික සහ රසායනික විද්‍යා ) අවබෝධයක් නොවීමයි….එනමුත් එසේය කියා මේ මෙහෙයුම ගැන අභ්‍යවකාශ විද්‍යාවන් පිළිබඳව සුහුණු බිජුවටයක් තරම් වත් නොදැන කෙස් පැළෙන විග්‍රහයන් ඉදිරිපත් කරන්නෝ ඉන්දීය සමාජයේ අඩු නොවූහ….

විශාල ධන නාස්තියක් කාලාමයන් ප්‍රමුඛ කණ්ඩායම විසින් සිදුකරන බවට එවකට මේ ක්‍රියාන්විතයට සහාය දුන් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ දේශපාලන එදිරිවාදීහු චෝදනා කළහ….ඉන්දියාව තමන් සතුව ඇති අඩු පහසුකම් වලින් මෙවැනි සංකීර්ණ කාර්‍යයන් සඳහා පිවිසෙන්නට ‍යෑම කළාපීය ජන ජීවිතයට පවා විශාල තර්ජන ගෙනෙනු ඇතැයි, ඉන්දියාව නුරුස්සන රටවල විශේෂඥයෝ ප්‍රකාශ කළහ…..SLV – 3 වැරදී ගියේ තමන්ගේ සේවය ඉන්දීය රජය ලබා නොගත් නිසා යැයි ඉන්දියාව හැර දමා ගොස් පළමුවැනි ලෝකයේ රටවල සේවයේ නියුතු විශේෂඥයන් පැවසූහ…ඔවුන්ගෙන් ඇතැමෙක් අබ්දුල් කලාමයන්ගේ දැනුමට සෘජුවම අභියෝග කිරීමට පවා මැළි නොවූහ…

මේ සියල්ලටම වඩා හන්දියක් හන්දියක්, කඩ බංකුවක් ගානේම “මේ පර්යේෂණය සාර්ථක වන්නට නම් මෙසේ කළ යුතුව තිබුණා…මෙය අසාර්ථක වූයේ මේ මේ කරුණු කාරණා අබ්දුල් කලාම් ප්‍රමුඛ පරීක්ෂණ මණ්ඩලයට මගහැරී යාම නිසාය…නො-එසේ නම් ඔවුන්ට ඒ ගැන දැනුමක් නොමැති නිසාය” යනාදී වශයෙන් විග්‍රහ කරන “අභ්‍යවකාශ පද්ධති විශේෂඥයන්” ( Space Systems Expert) ලක්ෂ ගණනක් බිහිවූහ…ඔවුන්ගෙන් බහුතරය විරුද්ධ ලිංගිකයන් ඉදිරියේ සිය ව්‍යාජ දැනුම හුවා පෙන්වීම අරමුණු කරගෙන සිටියත්, ඉතා සුළු පිරිසක් ඔවුන්ගේ මේ ඌණ අවබෝධය ජාතික පුවත්පත් තෙක් ගෙන ඒමට සමත් වූහ…පසුකළෙක ඒ අදහස් කියවීමෙන් තමා බෙහෙවින්ම විනෝද වූ බව ආචාර්ය අබ්දුල් කලාම් 2001 වසරේදී පැවසුවේය…..

මේ මොහොතේදී නියම නායකයෙකු ලෙස හැසිරුණු ආචාර්ය සතිෂ් ධාවන් මෙකී අසාර්ථක පරීක්ෂණයේ සමස්ථ අවලාදයම මාධ්‍ය හමුවේදී සිය කරට ගත්තේය….අබ්දුල් කලාම් යනු ආරක්ෂා කළ යුතු වස්තුවක්ය යන නිගමනයේ සිටි එතුමා මාධ්‍ය සාකච්ඡා වලදී කලාම් පසෙකින් තබා, ඔහුට නිහඬව සිටින්නැයි කියා සියළු දෝෂාරෝපණ වලට හුදෙකලාව මුහුණ දෙමින් සිය කණ්ඩායම බේරා හැරියේය….

එමතුද නොව තවත් හරියටම වසරක් යන්නට මත්තෙන් අතිශය සාර්ථක ගගණකරනයක් තුල ඉන්දීය අභ්‍යවකාශ සිහිනය මල් ඵල ගන්වන බවට සතිෂ් ධාවන් ඇදුරු තුමෝ ශපථ කළහ….

1980 ජූලි 18 වැනිදාට හිරු පායා ආවේ මේ සක්වළ මතුයෙහි, යාමය, තුසිතය, නිර්මාණ රතිය, තාවතින්සය, ඔබ්බට ආකනිෂ්ඨ බඹ ලොවාදිය කෙරෙහි ඥාණ විභාගය මෙහෙයැවූ බව කියන ජනතාවක පළමු භෞතිකමය අජටාකාශ සිහිනය සැබෑවක් වනු දකින්නටය….

කිලෝග්‍රෑම් 35 ක් බර Rohini – 1 චන්ද්‍රිකාව දරන SLV -3 රොකට්ටුව අහසට නැගී නිව්ටන්ගේ දෙවැනි සහ තුන්වැනි නියමයන්ට ආචාර කරමින් රෝහිණී චන්ද්‍රිකාවට අනුයුක්ත “භූ සමීපකය” ( Perigee ) ( කක්ෂයේ පෘතුවියට ආසන්නතම ලක්ෂ්‍යය ) කිලෝමීටර් 300 ක් පමණ වන, භූ දුරස්ථය ( කක්ෂයට පෘතුවියට දුරස්ථම ලක්ෂ්‍යය ) ( Apogee) කිලෝමීටර් 900 ක පමණ වන කක්ෂයට සිය ගුවන් අයබර සාර්ථකව ප්‍රක්ෂේපණය කරන ලදී….

රෝහිණී - 1 හෙවත් ඉන්දියානුවන්ගේ පළමුවැනි චන්ද්‍රිකාව
රෝහිණී – 1 හෙවත් ඉන්දියානුවන්ගේ පළමුවැනි චන්ද්‍රිකාව

භාරත දේශය සිය පළමුවැනි සම්ප්‍රේෂණ චන්ද්‍රිකාව එසේ කක්ෂගත කිරීමේ ප්‍රීතියෙන් ඔල්වරසන් නගද්දී, එදා ගල් මුල් දමා ගැසූ ජනමාධ්‍යයන් මල් පොකුරුද රැගෙන, ඔවුනොවුන් පරයමින් ශ්‍රී හරිකොත වෙත දිව ආහ….

එදා අසාර්ථකත්වය හමුවේ ලොවෙන් ආ ගල්මුගුරු වල වේදනාව තනිව විඳදරා ගනිමින්, ඊට හුදෙකලාව මුහුණ පා තමා යටතේ සේවය කළ තරුණ තරුණියන් රැකගත් මහැදුරු සතිෂ් ධාවන්, මෙදා මල් පොකුරු හමුවේ ඊට මුහුණ පෑමට ව්‍යාපෘති අධ්‍යක්ෂක දූරය ලබා සිටි අබ්දුල් කලාමයන්ට ඉඩ සලසා දෙමින් පසෙකට විය…එතුමන් ඒ මොහොතේදී ප්‍රමුඛ විද්‍යාඥයෙකුටත් වඩා සෙනෙහෙබර පියෙකු ලෙස කටයුතු කළ බව පසු කළෙක එතුමන් සිහි කරමින් කාලාමයෝ පැවසූහ….

එදා ඒ ජයෙන් ඇරඹි ක්‍රියාන්විතය ඔස්සේ 1983 අප්‍රේල් 17 වැනිදා දෙවැනි “රෝහිණී” පණිවිඩ චන්ද්‍රිකාවත් කක්ෂගත කෙරිනි….

මෙසේ භාරත දේශයට සිය ස්වදේශික ගගණකරයන් නිර්මාණය කිරීමෙහි ලා මූලික වශයෙන් මග පෙන්වූවන් අතර අබ්දුල් කලාම් නාමය ජනප්‍රිය විය…එවක් පටන් එතුමා අන් අය යටතේ සහ අන් අයගේ නිරීක්ෂණය, ඇගයීම යටතේ සේවය කළ සමයද නිමාවිය…

අණුක පිම්ම…..

1960 සහ 70 දශකයන් වනාහි ඉන්දියාව ජාත්‍යන්තර වශයෙන් ඉතාම ව්‍යාකූල තත්වයන් රැසකට මුහුණ දුන් දශකයන් දෙකක් බව අමුතුවෙන් කිවමනා නොවේ….එය අප මෙයට පෙර කාලාමයෝ උදෙසා ලියන ලද ලිපියෙහි සැකෙවින් දැක්වීමු…

මිනිසා අයත් වන ප්‍රජා ගෝලයෙහි නීති රීති වලට අනුව යම් පෘතුවි පරිසර පද්ධතියක පවතින ආහාර ජාලයෙහි ( සහ එක් එක් ආහාර දාමයන්හි ) ඉහළින්ම සිටින ජීවිහු වෙත්…එබඳු ජීවිහු සතු සූදානම නම් වූ සංවේදනය ආහාර ජාලයෙහි තමන්ට පහළින් සිටින්නා වූ ජීවීන් ගොදුරු කරගැනීමට පමණක් සීමා නොවී, තමන්ට සමයන් සහ තමන්ට වඩා බලවතුන් ගෙන් තමන්ගේ ප්‍රාදේශිකය ආරක්ෂා කර ගැනීම තෙක් විසිර පවතී….

1962 වසරෙහි දේශ සීමා ගැටුමක් දුරදිග යාමෙන් ඉන්දියාව සහ චීනය අතර යුද්දයක් හට ගත්තේය….එම යුද්දය ඉන්දියාව පරාජය වූවා පමණක් නොව අස්කායි ෂින් ප්‍රදේශයද ඔවුන්ට සහමුලින්ම අහිමිවිය..

1971 වසර වනතෙක් පාකිස්ථානය නම් වූ දේශය පැවතියේ ඉන්දීය ජනරජය දෙපසිනි….එයින් එක් පසෙක පාකිස්ථානය ( වත්මන් පාකිස්ථානය ) බටහිර පාකිස්ථානය ලෙසත්, අනෙක් පස පාකිස්ථානය ( වත්මන් බංග්ලාදේශය ) නැගෙනහිර පාකිස්ථානය ලෙසත් හඳුන්වනු ලැබීය…නැගෙනහිර පාකිස්ථානය බටහිර පාකිස්ථානයේ කරච්චි අගනුවර සිට කැරුණු පාලනයෙන් මිදී නිදහස ලබාගැනීම උදෙසා කරන ලද අරගලයේදී මැදිහත් වූ ඉන්දියාවට පාකිස්ථානය සමග යුද්දයකට පැටලෙන්නට සිදුවිය…..

පාකිස්ථානය සමග පැවති යුද්දයේදී එවකට සෝවියට් සමූහාණ්ඩුව සමග තාක්ෂණික සහයෝගීතාවයක සිටි ඉන්දියාවට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර පාකිස්ථානයේ පස ගත් නිසා, එම රටවල තර්ජන සහ ගර්ජන වලට ඉන්දියාවට මුහුණ පෑමට සිදුවිය…එමෙන්ම 1961 වසරේදී ගෝව ප්‍රාන්තයේ ප්‍රතිරාජයන් යටත් කොටගෙන එය ඉන්දියාවට ඈඳා ගැනීමට කරන ලද ආක්‍රමණයේදීද බටහිර ගෙරවුම් බස් ඇසීමට ඉන්දියාවට සිදුවිය….ආහාර දාමයේ ඉහළින් සිටිය යුතු තමන් වැනි දේශයකට එවැනි ස්ථානයකදී හමුවන සතුරන් සංඛ්‍යාත්මකවද, හරයාත්මකවද බෙහෙවින්ම බලවත් බව අවබෝධ කරගත් ඉන්දියාව එතෙක්, මෙතෙක් මිනිසා විසින් සොයාගෙන තිබුණු බලවත්ම සහ තෙදවත්ම අවිය තමා සතු කරගැනීමේ ජාතික ව්‍යාපාරය තවත් තීව්‍ර කරන ලදී…

ඇත්ත වශයෙන්ම ඉන්දීයයන් යනු ස්වකීය ඒකාබද්ධ රාජ්‍ය ව්‍යුහය කළලයක් ලෙසවත් නොපැවති අවදියේ සිටම ලෝක බළ තුලනයට මේ මහළු දැවැන්ත ශිෂ්ඨාචාර එකතුව ලබාදෙන දායකත්වය ගැන සිහින දුටුවෝ වෙති… ඉන්දීය න්‍යෂ්ඨික අවි වැඩසටහනේ මුල් පැළ වන්නේ 1944 වර්ෂයේදීය…ඉන්දීය න්‍යෂ්ඨික වැඩසටහනේ පියා ලෙස විරුදාවලි ලබන ආචාර්ය හෝමි ජෙහාන්ගිරි බාබා 1944 වසරේ මාර්තු මාසයේදී සිය මාමණ්ඩිය වන ශ්‍රීමත් ඩොරාබ් ටාටාගේ පදනමට මේ පිළිබඳව මූලික අදහසක් ඉදිරිපත් කර තිබුණි….මේ අදහසේ ප්‍රතිඵලයක් ලෙස හෝමි බාබාගේ සභාපතීත්වයෙන් යුතු Tata Institute of Fundamental Research (TIFR)  බිහිවීම සිදුවිය…

1947 වසරේ ඉන්දියාව නිදහස ලැබීමත් සමග එහි පළමු අග්‍රාමාත්‍ය ධූරන්දර ජවහල් ලාල් නේරුගේ භාරතාරක්ෂක දර්ශණයේ ඵලයක් ලෙස 1948 අප්‍රේල් 15 වැනිදා “න්‍යෂ්ඨික බලශක්ති පනත” ( Atomic Energy Act ) ලෝක් සභා සම්මත කැරිණි….එමගින් ඉන්දීය පරමාණු බලශක්ති කොමිසම ( Indian Atomic Energy Commission ) බිහිවිය…

මුලදී සාමකාමී අරමුණු සහිත බවක් මෙම වැඩසටහන විද්‍යාමාන කළත්, එම වැඩසටහනේ අනාගත අරමුණු වල ඇත්තේ හුදෙක් සිවිල් වැසියන් සඳහා බල ශක්ති ජනනයම නොවන බව ශ්‍රී නේරු 1948 ජූනි 22 වැනිදා කළ මේ කථාවෙන් පිළිබිඹු වෙයි….

//….We must develop this atomic energy quite apart from war – indeed I think we must develop it for the purpose of using it for peaceful purposes. … Of course, if we are compelled as a nation to use it for other purposes, possibly no pious sentiments of any of us will stop the nation from using it that way.”…//

( “ඇත්ත වශයෙන්ම ජාතියක් ලෙස අප මේ න්‍යෂ්ඨික ශක්තිය වෙනත් අරමුණු සඳහා භාවිත කරන තැනට තල්ලු වුවහොත්, අප විසින් ( නේරු ප්‍රමුඛ ආරම්භක ඉන්දීයයන් ) මොන තරම් ධාර්මිෂ්ඨ හැඟීම් ඵල කළත්, මේ ජාතිය එය ( න්‍යෂ්ඨික බලය ) එලෙස භාවිතා කරනු ලැබීම වැළැක්විය නොහැකි වන්නේය…” )

ඉන්දියාව න්‍යෂ්ඨික අවි පිටුපස හඹා යෑම නිළ වශයෙන් ඇරඹි සන්ධිස්ථානය ලෙස ශ්‍රී නේරු කළ මෙම කථාව ඉතිහාස ගතවන බව බොහෝ විචාරකයන්ගේ මතයයි…

1961 දී ඉන්දියාවේ තාරාපූර් හිදී ඉන්දියාවේ ප්‍රථම න්‍යෂ්ඨික බලාගාර ඉදිකිරීම සඳහා ඇමරිකානු තාක්ෂණික සහාය ලබාගැනීම පිළිබඳව පැවති මූලික සාකච්ඡා වලදී ශ්‍රී නේරු හෝමි බාබා දෙසට හැරී මෙවගක් කී බවට ඇමරිකානු න්‍යෂ්ඨික ඉංජිනේරු කෙනත් නිකොලස් සාක්ෂි දරයි…

( නේරු : ” ඔබට පුළුවන්ද පරමාණු බෝම්බයක් නිපදවන්න?

ජෙහාන්ගිර් බාබා : ” වසරක පමණ කාළයක් ලැබුණොත් හැකිවෙයි….

නේරු : ” මම කියන කල් ඒක කරන්න උත්සාහ කරන්න එපා !” )

බාබා තාරාපූර් හිදී ශ්‍රී නේරු සමග ...
බාබා තාරාපූර් හිදී ශ්‍රී නේරු සමග …

එහෙත් මේ සිවිල් න්‍යෂ්ඨික වැඩසටහන එහි යුදමය ස්වරූපයට පැමිණෙන විට හෝමි බාබා ජීවතුන් අතර සිටියේ නැත….1966 ජනවාරි 24 වැනිදා සිදුවූ අබිරහස් ගුවන් අනතුරකින් බාබා මිය ගියේය…

අප කථානායක අබ්දුල් කලාමයන් මේ වනවිට සිටියේ ඉන්දියාවේ මූලිකම Sounding Rocket ව්‍යාපෘතියට දායකත්වය දෙමිනි….ජෙහාන්ගිර් බාබාගේ මාර්ගෝපදේශකත්වය යටතේ ත්‍රොම්බේ නගරයේ Atomic Energy Establishment ආයතනය මගින් එක්සත් රාජධානියේ සහාය ඇතිව පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙසින් සාදන ලද ඉන්දියාවේ පළමු න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකය වන “අප්සරා” පිළිබඳව පුළුල් අධ්‍යයනයක් කරමිනි….මේ අධ්‍යයනය සඳහා අවශ්‍ය ශිෂ්‍යත්වය සකසා දීමාට ජෙහාන්ගිර් බාබා පුද්ගලික ධනයෙන් දායක වූ අතර, ඒ දීර්ඝ අධ්‍යයන මාලාව සඳහා න්‍යෂ්ඨික සහ අණුක විද්‍යාවන් මූලික වශයෙන් ඉගෙනුම ලැබීමට අබ්දුල් කලාමයන් ඇමරිකාවේ සහ කැනඩාවේ අධ්‍යයන ආයතන කිහිපයක් වෙත පිටත් කර යවනු ලැබීය…

ගගණ ඉංජිනේරු තාක්ෂණය හදාරා ගගණ සහ අජටාකාශ යානා විශේෂඥයෙකුව සිටි අබ්දුල් කලාමයන් න්‍යෂ්ඨික භෞතික විද්‍යාඥයෙකු බවට පත්වන පළමු පියවර කිහිපය මෙහිදී දිග හැරිණි….අද අප හඳුනන කලාම් නම් ගුවන් ඉංජිනේරුවා මෙන්ම පරිපූර්ණ න්‍යෂ්ඨික විද්‍යාඥයා වෙත ජගත් කීර්තියේ හස්තය මෙසේ දිගුවිය……

“අප්සරා” – ආසියාවේ ප්‍රථම න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකය සහ සමරුව …

හෝමි ජෙහාන්ගිර් බාබාට මරු කැඳවූ අබිරහස් ගුවන් අනතුරින් පසුව ඉන්දීය මධ්‍යම රජය විසින් සිය සහ-අවි සහ නිරවි න්‍යෂ්ඨික වැඩ පිළිවෙලවල් සඳහා අධීක්ෂණ කටයුතු පැවරීමට විශේෂඥයෙකු සොයමින් සිටියහ…බාබාගෙන් පසුව ඉන්දියාවට සිටි විශිෂ්ඨතම න්‍යෂ්ඨික විද්‍යාර්ථීන් වන පී.කේ.අයියනගර් සහ රාජා රාමඥ්ඥ යන දෙපළ සෘජුව ඉන්දීය න්‍යෂ්ඨික ව්‍යාපෘතියේ මෙහෙයුම සියතට ගත් නිසා, සමස්ථ අධීක්ෂණයකට අවශ්‍ය විද්‍යාර්ථියෙකු සොයා ගැනීම ගැටළුවක් විය….

කාලාමයන් ඉන්දීය න්‍යෂ්ඨික කරළියට පිවිසෙන්නේ මේ මොහොතේය…

බලය සහ බෝම්බය

එතෙක් කල් පෘථුලව සාමකාමී සිවිල් බලශක්ති ජනන අපේක්ෂාවන් සහ අතිශය සුළුතර සන්නද්ධමය අපේක්ෂාවන් සහිතව පැමිණි ඉන්දීය න්‍යෂ්ඨික වැඩසටහන හදිසියේම හිස ගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස පරමාණු බෝම්බය සොයා ලුහු බඳින තැනට පත් කැරුණු සුවිශේෂී සිද්ධිය 1971 වසරේ දෙසැම්බරයේදී සිදුවිය…

උක්ථව සැකෙවින් කියන ලද බංග්ලාදේශ නිදහස් අරගලය අරඹයා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවූ යුද්දයේදී මේ පිළිමළුන් දෙදෙනාට විවිධ අයුරින් දායක වූ එවකට ලෝක බළ කඳවුරු හෙබැවූ සුපිරි බලවත්හු, ඉන්දියාව සහ පාකිස්ථානය අසබඩ මුහුදේ කළ ක්‍රියාකාරකම් මෙබඳුය….

එවකට ඇමරිකන් හිතවාදී කඳවුරේ සිටි පාකිස්ථානයට දක්වන සහායක් ලෙස, රිචඩ් නික්සන් ජනාධිපතිවරයාගේ අණින් ඇමරිකා එක්සත් ජනපදය නම් ටොන් 75,000 ක් බර USS Enterprise ගුවන් යානා හාරක යුද නෞකාව සහ පරිවාරක සේනාංකය ප්‍රමුඛ “ටොන්කින්” බොක්කේ නැංගුරම් ලා සිටි 7 වැනි ඇමරිකානු නාවික හමුදා නැව් පන්තියම බෙංගාල බොක්ක බලා එවීය…

ඉදිරිපෙළ ජෙට් ප්‍රහාරක යානා 70 කට අධික දැවැන්ත ගුවන් ප්‍රහාරක ශක්තියකින් සමන්විත වන්නාවූද, USS King, USS Decatur, USS Parsons යනාදි පරිවාර නියමු අස්ත්‍ර කෘසර් නෞකා ( Guided Missile Cruiser) සතු අසමසම ගිනි බලය සමන්විත වන්නාවූද ඒ 7 වැනි නැව් පන්තිය හමුවේ ඉන්දියාවට සිය දේශය රැකගැනීමට පෙරමුණට එවීමට තිබුණේ ටොන් 20,000 ක් පමණ බර සැහැල්ලු ගුවන් යානා 20 ක් පමණක් ගෙන යන ගුවන් යානා හාරක නෞකාවක් වන INS Vikrant පමණකි….එම නෞකාව මෙන්ම එම නෞකාව ධජයදාරීත්වය දරන සමස්ථ ඉන්දීය නාවික හමුදා නැගෙනහිර නාවුක බළ පන්තියම උක්ථ ඇමරිකානු නාවික සහ ගුවන් බලය හමුවේ හිරු ඉදිරියේ කදෝ පැණියන් සේ දිස්විය….

දකුණු ආසියාව නම් වූ හිඟන අම්බලමේ අනෙකුත් හිඟන්නන්ට “බජාර් එකේ චණ්ඩියා” රඟ පාමින් සිටි ඉන්දීය ජන රජයේ ඇඳි වත කඩා වැටුණු යථාර්තයේ මොහොත එයයි….සැබෑ ලෝක බලවතුන් සතු අධි තාක්ෂණික ශක්තිය හමුවේ මේ කළාපීය චණ්ඩියාගේ නොණ්ඩිය මුළු ලොවම දැක බලාගත්හ….

මේ අතර එම ඇමරිකානු නාවික හමුදා පන්තියට සහාය පිණිස නම් HMS Eagle නෞකාව නායකත්වය හොබවන බ්‍රිතාන්‍ය රාජකීය නැව් හමුදා පන්තියක්ද ඉන්දියන් සාගරය වෙත සපැමිණෙමින් සිටින බව සැළවිය….

බෙහෙවින්ම කලබලයට පත් වූ ඉන්දීය මධ්‍යම රජය සිය ත්‍රිවිධ හමුදාවන්ම සීරුවෙන් තබා එවකට ඔවුන් විසින් සෝවියට් සමූහාණ්ඩුව සමග අත්සන් කරගෙන සිටි රහසිගත ආරක්ෂණ ගිවිසුමක් ප්‍රකාරව ( Indo – Soviet Security Treaty 1962) වහාම සිය සහායට පැමිණෙන්නැයි සෝවියට් සංගමයට නිහඬ රහසිගත පණිවිඩයක් යවන ලදී….

එයට ප්‍රතිචාර ලෙස ලෝකයේ අනෙක් බල ධ්‍රැවය හෙබැවූ, ඉන්දියාවේ තාක්ෂණික සහකරු සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව න්‍යෂ්ඨික යුද ශීර්ෂ වලින් සන්නද්ධ සබ්මැරීන දෙකක් ඇමරිකානු යුද නැව් පන්තියේ බලය තුලනය කරනු වස් එවීය…දක්ෂ නාවුක සෙනෙවියෙකු වන අද්මිරාල් ව්ලැඩිමිර් කෘග්ලය්කොෆ් යටතේ ව්ලැඩිවොස්ටොක් සිට පැමිණි මේ සබ්මැරීන් යුවළ ඉතාම රහසිගතව සිය නෞකා නාශක මිසයිල පද්ධතියට සවුවන ලද න්‍යෂ්ඨික යුද ශීර්ෂ ඇමරිකානු නැව් පන්තිය දෙසට මානාගත්හ….

මෙම ඇමරිකානු නෞකා ශක්තිය මේ කළාපයට එවන ලද්දේ නැගෙනහිර පාකිස්ථානයේ හෙවත් වත්මන් බංග්ලාදේශයේ සිරවී, කොටුවී සිටි ලක්ෂයක (100,000) ක තරම් වූ පාකිස්ථාන හමුදාවන්ට සහාය දීම පිණිසය…ඒ වනවිට එම පාකිස්ථාන හමුදාව ගොඩබිම එක් පසෙකින් 300,000 ක පමණ ඉන්දීය හමුදාවකටත්, අනෙක් පසින් බංග්ලාදේශ නිදහස් සටන් කරුවන්ටත් මැදිවී පරාජයේ මුව විටයට තල්ලු වී සිටියෝ වෙති…

සෝවියට් සබ්මැරීන පන්තිය සතුව නෞකා නාශක න්‍යෂ්ඨික මිසයිල තිබෙන බව බුද්ධි අංශ වාර්ථා මගින් දැනගත් ඇමරිකානු නෞකාවෝ, එබඳු සෝවියට් සබ්මැරීන සමග ඇතිකරගන්නා ගැටුමකින් හටගත හැකි බිහිසුණු න්‍යෂ්ඨික ප්‍රහාර හුවමාරුවක ප්‍රති විපාක විශ්ලේෂණය කොට, පාකිස්ථානයට තමන්ගේ ඇති පක්ෂපාතීත්වය අමතක කොට, උද්ගතව ඇති තත්වය ඉන්දියාවට රිසි පරිදි නිමවන්නට ඉඩ දී නිහඬ වූහ…

“න්‍යෂ්ඨික නිවර්තනය” (Nuclear Deterrence)  නම් වූ ( දෙපසටම න්‍යෂ්ඨික අවි තිබෙනවිට එයින් සිදුවිය හැකි සාර්වසර විනාශය සළකා බලා දෙපසම ඔවුනොවුන්ට රැහැණිව රණාවර්තී නොවී සිටීම ) සුප්‍රකට උපාය යොදාගනිමින් සෝවියට් නායකයන් ඉතා සූක්ෂම ලෙස දකුණු ආසියාතිකර කළාපයේ බලය තුලනය කළ ආකාරය දිල්ලි රතු බළකොටුවේ සිට එවකට ඉන්දීය නායිකා ඉන්දිරා ගාන්ධි ඉමහත් තූෂ්ණිම්භූතව බලා සිටියාය….මේ අන්ත්‍රායකර මොහොතේ තම දේශ ආරක්ෂාව ගෝලීය බල තුලනය අතින් කෙතරම් නිරුවත්දැයි ඇය ප්‍රමුඛ ඉන්දීය මධ්‍යම රජයට මේ තෙදින නාටකයෙන් කදිම අවබෝධයක් ලැබිණි…..එමෙන්ම තම රට අවට මුහුදේ ඇමරිකන් නාවුක බලයට එරෙහිව රුසියානුවන් දක්ෂ ලෙස අදින ලද නාවුක චෙස් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර අර්බුදයකදී “න්‍යෂ්ඨික බෝම්බයක්” සතු කේවල් කිරීමේ බලය කෙතරම් දැයි ඔවුහු අවබෝධ කරගත්හ….

අර්බුදය අවසන් වූ වහාම ඉන්දිරා ගාන්ධි මැතිණිය කළ පළමු ක්‍රියාව වූයේ ඉන්දීය පරමාණු බලශක්ති අධ්‍යයන අංශ වලට සහ ඉන්දීය හමුදාවේ විද්‍යා හා තාක්ෂණ අංශ වලට න්‍යෂ්ඨික යුද ශීර්ෂ තැනීමේ පරීක්ෂණයන් අරඹන ලෙස අණ දීමයි….

1972 වසර වනවිට අණුක න්‍යෂ්ඨික විද්‍යාව පිළිබඳව සිය අධ්‍යයනයන් නිමවා ඒ පිළිබඳව විශේෂඥයෙකුව සිටි ආචාර්ය අබ්දුල් කලාම් හට ඉන්දීය න්‍යෂ්ඨික අවිකරණ ව්‍යාපෘතියේ අධීක්ෂණ අධ්‍යක්ෂ තනතුර හිමි වන්නේ මෙලෙසය…

බුදුන් සිනාසුණු දා මීළඟ ලිපියෙන් …..

කාලාමයෙනි ඔබ….! ( පළමුවන පිදුම )

ආචාර්ය අවොල් පකීර් ජයිනුලබ්දීන් කලාම් පිළිබඳව අටුවා ටීකා ටිප්පණී උවමනා නැත… දකුණු ආසියාවට කිරුළක් වූ ඒ මහා ප්‍රාඥයා පිලිබඳව සරල තොරතුරු බොහොමයක් ඔබ සැමට සයිබර් අවකාශයේත් ඉන් පිටතත් සුලභව හමුවනු ඇත… බොහෝ ශ්‍රේෂ්ඨයන්, බොහෝ ප්‍රවීණයන්, බොහෝ ප්‍රාඥයන් ගැන අප කථා කරන්නට පටන් ගන්නේ ඔවුන් මිය පරළොව ගිය පසු නිසාත්, එසේ කථා කිරීම උක්ථ මරණයෙන් සති කිහිපයක් යනතුරු පවතින සමාජ විලාසිතාවක් වන නිසාත් අබ්දුල් කලාමයන් පිළිබඳව තව බොහෝ තොරතුරු ඉදිරි දින කිහිපය තුළ අධිකව සුලභ වනු ඇත…එසේ හෙයින් ඔහුගේ සාරවත් දිවිපෙවෙත ගැන සිල්ලර විස්තර යළි යළිත් හුවා දැක්වීමට දායක වීම නුවුමනාය…

…
…1931 ඔක්තෝම්බර් 15 වැනි දින තමිල්නාඩුවේ රාමේශ්වරම් හි උපන් අබ්දුල් කලාම් මෙලොව පහළ වූ විද්‍යාර්ථී යුග පුරුෂයන් අතුරින් අඩු වයසින් තැන් තැන් වල පත්තර බෙදා එයින් තමන්ගේත් අනුන්ගේත් කුසගිනි නිවූ දෙවැන්නා විය හැක… පළමුවැන්නා විය හැක්කේ ඇමරිකාවේ මහා විදු මැවිසුරු තෝමස් අල්වා එඩිසන්ය…
…
මිචිගන්වල පෝට් හුරෝන් දුම්-රියපළේ ලාම්පු වලට මෙන්ම තිරුචිරප්පලියේ වීදි පහන් කණු වලටත් ප්‍රඥා පරිමිතයන්ට ජීවය දීමේ හැකියාව ඇති බව ලොවට පෙන්වූ මේ භාරත රත්නය සතු විශ්මිත මොළයට රුධිරය සැපයූ හදවත ඊයේ (2015 ජූලි 27) සදහටම නතර වනවිට එතුමා සතුව පැවති සුදුසුකම් වලින් හුවා දැක්විය හැකි බිඳක් මෙසේය:
…

  • “භාරත රත්න” – ඉන්දියාව ප්‍රධානය කරන උත්තරීතරම ගෞරව සම්මානය
  • “පද්ම භූෂණ්” සහ “පද්ම විභූෂන්”  ඉන්දීය ජන රජය ප්‍රධානය කරන අනුපිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ඉහළම රාජ්‍ය සම්මානයන්
  • විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ආයතනයේ ගෞරව සාමාජිකත්වය
  • ලොව පුරා පිළිගත් සරසවි 42 කින් ගෞරව ආචාර්ය උපාධි ලබා ඇත.
  • තවත් ගෞරව සුදුසුකම් ප්‍රධානයන් සිය ගණනක් සහ ගෞරව සම්මාන 400 කට අධික ප්‍රමාණයක්

ආගමික විශ්වාසයන් ඉතාම දෘඨ සමාජ චර්යා සාදන දීපයක, එවන් දේශයක, එවන් කුළයක, එවන් මවුන්ට දාව උපන්නේ වුවද, අබ්දුල් කාලාමයෝ අංගුත්තර නිකායෙහි තික නිපාතය අප වෙත තබන “කාලාම සූත්‍රයෙහි” එන කාලාම ක්ෂත්‍රියයන් බුදුන් අභිමුඛයෙන් පසුව හැසිරුණු පරිද්දෙන් “අනුශ්‍රව කථායෙනුදු නොගෙන, පරම්පරා කථායෙනුදු නොගෙන”  විමංසාවම සිය ජීවිතය කර ගත්තේය…

පත්තර විකුණන කාළයේ පත්තර පිටු අතරින් ඇරඹි මෙබඳු වූ සීමා විරහිත විමසීම ස්වකීය මාතෘ භූමියේ රක්ෂණය, උන්නතිය යන සියල්ල තහවුරු කොට, එමතු නොව සමස්ථ මානව ප්‍රජාවටම අපරිමිත මතකයන් ගොන්නක් ඉතිරි කළ

මදුරාසි විශ්ව විද්‍යාලය හා අනුබද්ධිත ශාන්ත ජෝශප් යුනිවර්සිටි කොලීජියෙන් ඇරඹි ඒ දැනුම් පිපාසය හුදු ජීවිකාවක් අරමුණු කොටගත් එකක් නොවීය…

ශාන්ත ජෝෂප් කොලිජීයේ සමයන් මැද කාලාමයන්
ශාන්ත ජෝෂප් කොලිජීයේ සමයන් මැද කාලාමයන්

භෞතිකය සියල්ලගේම පදනමය…පාරභෞතික දෑ වනාහි භෞතික විශ්ලේෂණයන්ට යා හැකි සීමාවෙන් ඔබ්බේ සිටිමින් භෞතිකයට උසුළු විසුළු කරන ගොඩනැගීම් වෙති…එය එසේ යැයි වටහා ගන්නා කල මෙලොව සියළු විද්‍යාවන්ගේ පදනම් විද්‍යාව භෞතික විද්‍යාව බවට කරන හැඳින්වීම නිරවද්‍ය බව පෙනෙනු ඇත….කාලාමයෝද භෞතික විද්‍යා උපාධියකින් සිය දීර්ඝ සුවිසැරිය ඇරඹුවේ එබැවින් විය හැක.

කාලාමයෝ භාරත ආරක්ෂාව වෙනුවෙන් පෙරට පැමිණීම 

1947 – 1971 කාළ සීමාව වූ කළී භාරතයේ එක් පසෙක මූඪත්වය උච්ඡයටම පැමිණි, අනෙක් පස බුද්ධියේ සහ ප්‍රඥාවේ නිර්මල ජලධාරා කඩා හැලුණු, එක් පසෙක ව්‍යාකූලත්වය රජකළ, අනෙක් පස ස්ථිසාර දේශපාලනික රාමුවක අනාගත සුපිරි බලවතෙකු වන්නට දුටු සිහින රජුන් උණුසුම් කළ යුගයකි. මේ වූ කළී පරිචයෙන්ම A Tale of Two Cities ග්‍රන්ථයට දෙන

“It was the best of times, it was the worst of times, it was the age of wisdom, it was the age of foolishness, it was the epoch of belief, it was the epoch of incredulity, it was the season of Light, it was the season of Darkness, it was the spring of hope, it was the winter of despair, we had everything before us, we had nothing before us, we were all going direct to Heaven, we were all going direct the other way……..”

නම් ඇරඹුමට උචිත යථාදර්ශයක් සැපයූ කාළයකි.

මෙම කාළය තුල ඉන්දියාව චීනය සහ පාකිස්ථානය සමග ප්‍රධාන යුද්ධ තුනකටද, ගෝව ප්‍රතිකාලය ඉන්දියාවට ඈඳා ගැනීම, තමිල්නාඩුවේ ජාතික අරගලයන්හි අලු යට ගිණි දැකීම, ජම්මු කාශ්මීර කළාපය අනාගතයේ වන්නට යන අන්ත්‍රායක මුල් කළු කොඩිය වැනීම වැනි අභ්‍යන්තර අර්බුද රැසකටද මුහුණ පෑ යුගයක් විය.

ඉන්දීය විද්‍යා කුළලයෙහි කාලාමයෝ පාද ස්පර්ශය තැබූ තැන් අතුරින් මෙම ලියුම්කරුවාගේ සිත් ගත් අවස්ථාවන් අතළොස්සක් සංක්ෂිප්තව දක්වමි…

Nandi Project – “නන්දි” ව්‍යාපෘතිය 

“නන්දි” වෘෂභ යනු ශිව දෙවිඳුන්ගේ වාහනයයි…ශිවට නන්දි මෙන් භාරත නාවුක හමුදාවට බර උසුලාගෙන පාවීමෙහි සමත් ගවයෙකු දීම එවකට ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ධුරයේ සිටි වී.කේ ක්‍රිෂ්ණ මෙනන් මහතාගේ අදහසක් විය. එමෙන්ම ඉන්දීය හමුදාවන් ශක්ති ප්‍රභවයන් අතින් ස්වයං පෝෂිත කිරීමද ඔහුගේ පැතුමක් විය.

එවකට ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශයේ Aeronautical Development Establishment ආයතනයේ සේවයේ නියුතු අබ්දුල් කාලාමයන් සිවු දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක නායකත්වය දරමින් මෙකී ආරක්ෂක ඇමතිවරයාගේ සිහිනය සැබෑ කිරීම සඳහා වෙහෙසීමේ ප්‍රතිඵලයක් ලෙස 1962 වසරේදී ඔවුන් අතින් මිලිමීටර් 40 ක තිල්ලක් මත දුවන කිලෝග්‍රෑම් 550 ක් බර, ඉන්දියාවේ නිෂ්පාදිත පළමු “වායු පා යානය” (Hovercraft)  බිහිවිය…

…

ADE Hovercraft Project "Nandi"
ADE Hovercraft Project “Nandi”

ආරක්ෂක ඇමති ක්‍රිෂ්ණ මෙනන් මෙම රථය පරීක්ෂාවට පැමිණි මොහොතේ විනාඩි 15ක කාළයක් පැයට කිලෝමීටර් 20 ක පමණ වේගයෙන් තමාව රැගෙන මේ රථය පැදවූයේ අනාගත ඉන්දීය ජන රජය පදවන දෑතක හිමිකරුවා බව ආරක්ෂක ඇමතිවරයා නොදැන සිටියේය…

අවාසනාවන්ත දේශපාලන අර්බුදයක් හේතුවෙන් මෙම ව්‍යාපෘතිය අතරමග අතහැර දැමූවත් කාලාමයන් ප්‍රදර්ශණය කළ ප්‍රඥාව සහ දැනුම සැළකිල්ලට ගත් ඉන්දීය මධ්‍යම රජය ඔහුව ඉන්දීය ගගණාරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන Indian Committee for Space Research (INCOSPAR) – ( Later Indian Space Research Organization (ISRO) ආයතනයට සම්බන්ධ කළේය….

කාළාමයන්ට ජාත්‍යන්තර ප්‍රජාව පටබැඳ ඇති අනවර්ථ නාමය “මිසයිල් මිනිසා” ( Missile Man) යන්නය. එහෙත් ඔහු ගගණ පථය පිරික්සීම සහ අභ්‍යවකාශ ක්‍රියාන්විතය මුල් වරට අරඹන්නේ යුදමය චේතනාවන් සිතෙහි තබාගෙන නොවේ…

අහස් ගඟ දඹදිවට 
…

පෘතුවි කක්ෂ ගත කරන අනෙකුත් අයිතමයන් මෙන්ම විවිධ කාර්යයන් සඳහා කක්ෂගත කෙරෙනු ලබන චන්ද්‍රිකාවන්ද පෘතුවි කක්ෂයට ප්‍රවිෂ්ඨ කරනුයේ ප්‍රවාහක යානයක් මගිනි…

ඇමරිකාවේ නාසා ආයතනයට අනුබද්ධිත Langley Research Center හි සහ Goddard Space Flight Center හි කෙටි කාළයක් සේවය කළ අබ්දුල් කලාමයන් යළි 1963 වසරේ සිය රට පැමිණෙන්නේ අත්දැකීම් සම්භාරයක් පොදි බැඳගෙනය…

1963 වසරේ නොවැම්බර් 21 වැනිදා ඉන්දීය ජනරජයේ පළමු රොකට්ටුව ගුවන් ගත කෙරිණි…“Nike – Apache” නම් වූ මෙම ව්‍යාපෘතිය ඉන්දීය න්‍යෂ්ඨික වැඩසටහනෙහි නිර්මාතෘවරයා ලෙස සැළකෙන හෝමි ජෙහාන්ගිරි බාබා සහ ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහනෙහි නිර්මාතෘවරයා ලෙස සැළකෙන ආචාර්ය වික්‍රම් සරභායි යන විදුසක්විතියන් දෙපළගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක විය…

මෙම “නයික්-ඇපාචි” රොකට් වැඩසටහනට සම්බන්ධ වූ කාලාමයන්ට මුළින්ම හිමිවූයේ එහි රොකට් පද්ධති ඒකීකරණය සහ ආරක්ෂාව ( Rocket Systems Integration & Security) සම්බන්ධ වගකීම් සමුදායකි…නොවැම්බර් 21 වැනිදා කරන ලද ගුවන් ගත කිරීම සාර්ථක විය…

(දැන ගැනීමට : “නයික්-ඇපාචි” යනු ඇමරිකාවේ නාසා ආයතනයේ අනුග්‍රහයෙන් සිදු කෙරුණු ප්‍රාථමික සහ පරීක්ෂණ මට්ටමේ Sounding Rocket රොකට් විශේෂයකි…මෙම රොකට්ටු බොහෝ විට “අර්ධ-කක්ෂ” ගතවීම විනා වෙන කිසිවක් සිදු නොකළේය…මෙවැනි රොකට්ටු ගුවන් ගත කිරීමේ  මූලික අරමුණ වූයේ සාපේක්ෂව තරමක් පිටුපසින් සිටින අභ්‍යවකාශ වැඩපිළිවෙලවල් සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීම සහ නාසා ආයතනය මගින් නිර්මාණය කරනු ලබන නව සන්නිවේදන උපකරණ අත්හදා බැලීම පමණි….නාසා ආයතනය මෙම රොකට් ව්‍යාපෘතිය ඉන්දියාව, බ්‍රසීලය, නොර්වේ රාජ්‍යය, පාකිස්ථානය වැනි රටවල් රැසක් සමග අත්හදා බලා ඇත….)

ආචාර්ය සරාභායි මේ වැඩසටහනට අබ්දුල් කලාමයන් දැක්වූ දායකත්වය ගැන බෙහෙවින්ම පැහැදුණු හෙයින් කාලාමයන් කැඳවා ඔහුට සෝවියට් සමූහාණ්ඩුවේ රොකට් විදුදර සර්ජි යෙනොව් යටතේ Rocket Assisted Take – Off ( RATO) හැදෑරීමට අවස්ථාවක් සකස් කර දුන්නේය…

(Assisted Take-off වූ කලී ගුවන් යානාවක් හෝ වෙනත් අයුරක ගගන යාත්‍රාවක් එහිම බලයෙන් සහ ජවයෙන් ගුවන් ගත කරන සාමාන්‍ය ක්‍රමවේදය වෙනුවට යම් කිසි බාහිර ශක්ති ප්‍රභවයක ආධාරයෙන් ගුවන් ගත කිරීමයි .. Rocket Assisted Take-off හෙවත් RATO යනු මෙහි එක් ප්‍රභේදයක් පමණි…වෙනත් ඒවා ගැන කියනවා නම් Catapult Assisted Take-off – CATO සහJet Assisted Take-off – JATO යනුවෙන් ගත හැක… )

අබ්දුල් කාලාමයෝ ආචාර්ය වික්‍රම් සරාභායි හෙවත් ඔහුගේ ආදරණීය "සරාභායි ජී" සමග
අබ්දුල් කාලාමයෝ ආචාර්ය වික්‍රම් සරාභායි හෙවත්  ආදරණීය “සරාභායි ජී” සමග

එයත් නිමකර යළි කාලාමයන් සිය රට පැමිණෙන විට “සර්භායි ජී” ගේ මනැසේ “රෝහිණී පරීක්ෂණ රොකට්ටු “( Rohini Sounding Rockets – RSR) ගැබ්ගෙන තිබිණි…

අබ්දුල් කලාම් ශූරීන්ගේ තියුණු නුවන සහ විචාර බුද්ධියට බෙහෙවින්ම ඇළුම් කළ ආචාර්ය සරභායි ඔහුගේ නවතම ව්‍යාපෘතිය වන Thumba Equatorial Rocket Launching Station (TERLS) හි ඉදිකිරීම සහ සංවර්ධනය සඳහා එතුමන්ට ඇරයුම් කරන ලදී… කෙටි කළකින්ම එහි සහාය අධ්‍යක්ෂකවරයෙකු වීමේ භාග්‍ය කාලාමයෝ උදාකරගත්හ….

37 හැවිරිදි අබ්දුල් කලාම් හි සේවයෙහි නියුතු විද්වත් සගයන්ට දේශණයක් දෙමින් - අසහාය ගගන ඉංජිනේරු මහාචාර්ය සතිෂ් ධාවන් ( ඔහුගේ නමින් මේ මොහොතේ ක්‍රියාත්මක විශාලතම ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය නම්කොට ඇත ) සහ මහාචාර්ය බ්‍රහ්ම ප්‍රකාශ් ඉදිරියෙන් ..
37 හැවිරිදි අබ්දුල් කලාම් හි සේවයෙහි නියුතු විද්වත් සගයන්ට දේශණයක් දෙමින් – අසහාය ගගන ඉංජිනේරු මහාචාර්ය සතිෂ් ධාවන් ( ඔහුගේ නමින් මේ මොහොතේ ක්‍රියාත්මක විශාලතම ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය නම්කොට ඇත ) සහ මහාචාර්ය බ්‍රහ්ම ප්‍රකාශ් ඉදිරියෙන් ..

1967 නොවැම්බර් 20 වැනි දින ඔවුන්ගේ වෙහෙසකර ප්‍රයාමයේ ප්‍රතිඵලය වූ “රෝහිණී – 75” නම් රෝහිණී පවුලේ මුල්ම චන්ද්‍රිකා ගගනකර යාත්‍රාව තුම්බාහි අහස් සලුව ඉරාගෙන ඝණ ඉන්ධන දහන පුළිඟු නංවමින් ඉහළට ඇදිනි…සාර්ථක ලෙස බලාපොරොත්තු වූ කක්ෂයට ළඟාවීමට එම රොකට්ටුව සමත්වීමත් සමග ඉන්දු දේශයේ පඬුවෝ තුඩ තුඩ “අබ්දුල් කලාම්” නම් තරුණ ප්‍රාඥයාගේ නම රැව්දෙන්නට විය…

රෝහිණී – 75 රොකට්ටුවේ බර කිලෝග්‍රෑම් 7.88 ක් වූ අතර, මීටර් 1.63 ක උසකින්ද, මීටර් 0.08 විෂ්කම්භයකින්ද යුතුවිය…එහි භූ දූරස්ථය ( Apogee ) වූයේ කිලෝමීටර් 10 කි.. ( භූ දුරස්ථය වූ කළී පෘතුවිය වටා කක්ෂගත වස්තුවක නම් කක්ෂ පථය මත පෘතුවියට ඇති උපරිම දුරස්ථය වනු ඇත…එසේ නැතහොත් ගුවන් ගත කරන ලද වස්තුවක ප්‍රක්ෂිප්තයෙහි උපරිම උන්නතාංශය වනු ඇත…මෙහිදී දෙවැන්න )

ඉන් වසරකට පසුව අලුතින් නිමැවුණු “ශ්‍රී හරිකොත” අභ්‍යවකාශ අටල්ල මතින් 1970 වසරේ ජනවාරි 01 වැනිදා “රෝහිණී – 125” නම් එම රොකට් පවුලේ දෙවැන්නා ගුවන් ගත කිරීමට ඔවුහු සමත්වූහ…කිලෝග්‍රෑම් 40 ක බරින් යුත්, මීටර් 2.8 ක් උස, විෂ්කම්භය මීටර් 0.12 වූ, තෙරපුම කිලෝනිව්ටන් 7.88 ක් වූ කිලෝමීටර් 20 ක දුරස්ථයක් සහිත එම රොකට්ටුවද සාර්ථක වූයෙන් මීළඟට ගුවන් බරක් (Payload) සහිත උපයෝගීතා තලයේ රොකට්ටුවක් කක්ෂගත කිරීමේ ක්‍රියාන්විතය ඇරඹිණි…

අජඨාකාශයටත් ඔබ්බේ ප්‍රඥාව විහිදවූ ශාස්තෘහු විසූ දඹදිව් භූමියෙහි බුද්ධි ප්‍රජාවගේ අභ්‍යවකාශ සිහිනය අනුක්‍රමිකව සැබෑවක් කෙරෙන මොහොත කෙමෙන් කෙමෙන් එමින් සිටියේය….

ගුරු දෙව් සමුගැන්ම 

මෙසේ වූ සාර්ථකත්වයන් රැසක් අතර වේගයෙන් වෘත්තිමය ඉදිරි ගමනක් ගිය අබ්දුල් කලාමයන් හට 1971 දෙසැම්බර් 20 වැනිදා අසන්නට ලැබෙන්නේ සිය ගුරු දේව තනතුරෙහි ලා සැළකූ මිනිසෙකුගේ වෙන්ව යාම පිළිබඳව අබග්ගයකි.

තමා සමග ඊට පැ‍යකට මත්තෙන් රෝහිණී ව්‍යාපෘතියේ හෙට දවස ගැන සාකච්ඡා කළ සිය ගුරුදේව ආචාර්ය වික්‍රම් සරාභායි කේරළයේදී හදිසියේ හටගත් හෘදයාබාධයකින් මෙලොව හැරගිය පුවත සිය සවනට එනවිට කාලාමයෝ සිටියේ රෝහිණී ස්ථාවර අටල්ලක හිණිපෙළක් මතය…

සරභායි ජී ගේ වෙන්ව යෑමත් සමග ඉන්දීය අභ්‍යවකාශ ව්‍යාපෘතියේ හෙට දවස ගැන සම්පූර්ණ වගකීමම සිය උරහිස් මත වැටුණා සේ අබ්දුල් කලාමයන්ට දැනිණි…

සිය ගුරුවරයාගේ සහ මග පෙන්වන්නාගේ වියෝවෙන් කෙටි කළක් සලිතව සිටි අබ්දුල් කලාමයෝ තමන් හට අහස් රදව්වෙහි අත්පොත් තැබූ ගුරු හට කරන ලොකුම ගෞරවය වන්නේ ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහනෙහි ඔහු දුටු සිහින සැබෑ කරන්නට උපරිම වැර දැරීම බව වටහා ගත්හ…

මේ අනුව හේ දිනකට වෙහෙසෙන පැය ගණන දෙගුණ කළේය…නිදි වර්ජිතව බොහෝ රාත්‍රීන් ඉන්දු දෙස මිනිස් වර්ගයාගේ යකඩ හීසැර පිරිමැවුම් කරන විද්‍යාගාර වල, නිර්මාණාගාර වල, පර්යේෂණාගාර වල කල් ගත කළේය…

ඔහු නව යොවුන් වියේදී යුග දිවියක් පැතූ අයෙකු වුවද, මෙකළ “කළ වයස නිකම්ම ගෙවෙන්නේයැයි” සිය මව් පියන් ඇතුළු නෑ සියෝ නගන මැසිවිල්ල බැහැර කළෙකි…තමාට විවාහ වී බිරියක් සහ දරුවන් සමග ගත කරන්නට කාළයක් නැති බවත්, තමා උපන් අරමුණ වන භාරත මාතාවගේ උන්නතිය උදෙසා කටයුතු කිරීම යන ප්‍රස්තුතයට මුළු දිවියම කැප කරන බවත් ඔහු ඔවුන්ට කීවේය..

වික්‍රම් අතහිත අහිමි වුවත් ස්වයං විවේචනය සහිත යථාර්තවාදී බුද්ධි විශ්ලේෂණයන් මගින් අබ්දුල් කලාමයෝ ව්‍යාපෘති නායකත්වයෙහි රැඳෙමින් මීළඟ අවුරුදු 9 තුළ කිලෝග්‍රෑම් 100 ක් බර, මීටර් 3.678 ක් උස, කිලෝනිව්ටන් 17 ක තෙරපුම් බරයක් සහිත, කිලෝමීටර් 80 ක දුරස්ථයක් සහිත Rohini – 200 නම් රොකට්ටුවක් 1979 ජනවාරි 01 වැනිදා අර්ධ කක්ෂය වෙත යවන ලදී…

සිහිනයක අද්දර  –  “වර්නර් වොන් බ්‍රොන්” හමුව – 

එය වූ කළී, සිය ගුරු වික්‍රම් හෝ ප්‍රවීණයන් වන සතිෂ් ධාවන්, බ්‍රහ්ම ප්‍රකාශ් වැනි කිසිවෙකුත් ළඟපාතක නැති සමයක විදේශයකින් හෝ ප්‍රවීණත්වය සහ උපදෙස් සොයමින් අබ්දුල් කලාම් විද්වතාණෝ සැරිසැරූ සමයකි…ඔහුගේත් ඔහුගේ සගයන්ගේත් සිත්වල ඉච්ඡා භංගත්වය රජ කරමින් පැවතියේය….ප්‍රතිගාමී විකාරරූපී අදහස් දරන බලවේග විසින් මෙන්ම විදේශ නියෝජිතයන් විසින්ද ඉන්දීය අභ්‍යවකාශ වැඩපිලිවෙල “අල කර” දැමීමට උත්සාහ දරමින් සිටි යුගයකි ඒ….

ගගණ මැවිසුරු මෙන්ම සුප්‍රකට වෘතාන්තදර “සැටර්න් 5” රොකට්ටුවේ පිතුවර ජර්මානු ජාතික වර්නර් වොන් බ්‍රොන් ඇමරිකා එක්සත් ජනපදයේදී අබ්දුල් කලාමයන් හමුවන්නේ මේ අතර තුරය…

මේ වනවිට අබ්දුල් කලාමයන් දීර්ඝ ප්‍රයාමයන් මාලාවකින් හෙම්බත්වී සිටි අතර, ඉන්දියාව සොයන ඒ අභ්‍යවකාශ ප්‍රවිෂ්ඨය තමන්ගෙන් බොහෝ දුර ඈත බව හැඟෙන්නේ යැයි හෙතෙම වොන් බ්‍රොන් හමුවේ දුර්මුඛ වූ ලීලාවක් පෑවේය…

මෙයට හේතු විමසා සිටි වොන් බ්‍රොන් ට අවබෝධ වූයේ වික්‍රම් සරභායිගේ මරණයත් සමග ඔහුගේ අඩුව පුරවන්නට ගෙන්වන ලද විදේශ විශේෂඥයන් ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහන “කෝකියන් රැළකගේ විකාර සූපයක්” කරගෙන ඇති බවයි…

“කලාම් මහත්මයා ! මම ඔබට එක අවවාදයක් දෙන්නම්.. ඉන්දියාවේ අභ්‍යවකාශ වැඩ පිළිවෙලට අත්‍යවශ්‍ය සාධක මොනවාද කියන එක දන්න හොඳම මිනිහා විය යුත්තේ ඉන්දියානුවෙකුම පමණයි… ඔබ විදෙස් උපදෙස් සහ තාක්ෂණය පැතුවාට මම ඒකෙ වරදක් දකිනව නෙමෙයි…නමුත් ඉන්දියානුවන් අතුරින්ම කෙනෙක් මේ වැඩපිළිවෙල ජයග්‍රහණය කරා ගෙනියන්න උවමනායි…ඔබගේ දැනුම විශාලයි…මේකට තිබෙන බලාපොරොත්තුවත් එපමණයි”…

කලාම් ඉදිරියටම 

මෙයින් අනතුරුව අබ්දුල් කලාම් නැණසුරුවානෝ IRO හි  Satellite Launch Vehicle Project (SLV) අධ්‍යක්ෂක වරයා වශයෙන් පත් කෙරිනි…

විදේශ විද්වතුන්ගේ මතයන් සහ ඥාණ පරිත්‍යාගයන්ද මනාව කළමණාකරණය කරගනිමින්, ස්වකීය ගමන් මගේ හිස්තැන් පුරවාගැනීම උදෙසා ඉන්දිය ඥාණයද බොහෝ කොට භාවිතා කර ගැනීමට ආචාර්ය අබ්දුල් කලාමයන් සංවිධිත පරිශ්‍රමයක් දැරුවේය…මේ වනවිට රෝගී තත්වයෙන් සුවය ලබා යළි මෙම ප්‍රයත්නය සමග එක්වූ බ්‍රහ්ම ප්‍රකාශ් ද , විදේශ ගත වීමෙන් යළි පැමිණි මහැදුරු සතිෂ් ධාවන්ද සටනට නව පණක් දෙමින් සිටියහ…

ඉතිරිය මීළඟ ලිපියෙන් ………….

 

භූමි කම්පාවක් යනු කුමක්ද? – ලයිෂන් ගැනීම !

මෙම ලිපියෙන් මේ බ්ලොග් අඩවිය බලාපොරොත්තු වෙන්නෙ

1. භූමිකම්පාවක් හටගන්නා ආකාරය
2. එයට අදාළ භූ විද්‍යා සහ භෞතික විද්‍යාත්මක කරුනු කාරණා
3. එයින් සුනාමි තත්වයක් හටගන්නේ කෙසේද

යනාදිය පිළිබඳව කරුණු කීපයක් සරලව විග්‍රහ කිරීමටයි….

මුළින්ම කියන්න ඕන, මේ බ්ලොග් කරුවා වරලත් භූ විද්‍යාඥයෙක් නෙමෙයි….මම වෘත්තියෙන් සන්නිවේදන ඉංජිනේරුවෙක්….

ඒ උනාට මේ බ්ලොග් එක “නොදන්න මගුල් නෙ”…අපි කථා කරන්නෙම නොදන්න, විෂය ක්ෂේත්‍රයට අදාළ නැති මගුල්මයි…භූ විද්‍යාව විෂයානුබද්ධව විධිමත් හැදෑරීමක් කරලා තියෙන අය මේවා කියවලා ගුද මාර්ගයෙන් ප්‍රහසනය පහළ කරනවා ඇති…ඒත් කමක් නෑ ඕයි ඔන්න ඔහේ…!..

මාගේ මේ ව්‍යායාමය හුදෙක් පොරක් වීම පිණිස ( පමණක් ) නොව “ජනප්‍රිය විද්‍යාත්මක සංස්කෘතියක්” (Popular Science – Pop Sci) ශ්‍රී ලංකාව තුළ බිහිකර, විද්‍යාත්මක චින්තනය ලංකාවේ චිරස්ථික කරවීම උදෙසාය…ඒක කළින් වතාවේ වෙනින් ආරකින් කරන්න ගිහිල්ලා ලෙසටම ඇණ ගත්තා…මේ ඇවිල්ලා ඒකෙ “Take Two” එක….මේ ජනප්‍රිය විද්‍යාත්මක සංස්කෘතිය අපේ රටේ බොහෝ තුවාල සුවපත් කරාවි කියලා මම හිතනවා….දියුණු රටවල මේක දැන් ඉතාම ජනප්‍රියවෙලාත් දශක තුන හතරක් ගතවෙලත් ඉවරයි…

“ජනප්‍රිය විද්‍යාව” යනු –

භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ඒවා මැදිකරගෙන බිහිවෙන තාක්ෂණ තන්ත්‍රයන් ( ඉංජිනේරු සහ තාක්ෂණ ශිල්පී ක්ෂේත්‍රයන් ) ඒවායේ ඇකඩමික ස්වරූපය සහ යෙදුම අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා… ඒ කොටස් දෙක තමයි

1. සෛද්ධාන්තික විද්‍යාව – Theoretical Science
2. ව්‍යවහාරික විද්‍යාව – Applied Science

සෛද්ධාන්තික විද්‍යාව කරන්නේ සරලවම එහි නම යෙදෙන හැටියටම පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන, ගවේෂණ තුළින් විද්‍යාව පෝෂණය කරන සිද්ධාන්ත ගොඩ නගන එක…දැනුමක් නිර්මාණය කර දීම….ව්‍යවහාරික විද්‍යාව කරන්නේ එසේ ගොඩ නගාදුන් දැනුම නිසා විද්‍යාවේ පවතින සිද්ධාන්තයන් ප්‍රායෝගිකත්වයට හඳුන්වා දෙමින්, එයින් පරීක්ෂණ, ගවේෂණ, කරමින් ප්‍රයෝජ්‍ය වටිනාකමක්, තාක්ෂණයක්, නිරීක්ෂණ මාලාවක් ගොඩ නැගීම…බොහෝ විට සෛද්ධාන්තික විද්‍යාවේ නිර්වචනයන් සත්‍ය බව යථාව තුළ ඔප්පු කර පෙන්වීම හෝ නැත්නම් ඒවා වැරදි බව ඔප්පු කර පෙන්වීම කරන්නෙ මේ ව්‍යවහාරික විද්‍යාඥයන් තමයි…මේ ක්ෂේත්‍ර දෙකටම අයිති දෙන්නෙක්ව උදාහරණ වශයෙන් ඕන නම්, ආන්ඩ්‍රේ ෂැකරොෆ්, රොබර්ට් ඕපන්හයිමාර් වගේ අය ව්‍යවහාරික පාර්ශවයටත්….නෑ එක්කෝ ඕන් නෑ…ඊට වඩා පොදු ජනතාවට සමීප උදාහරණයන් දෙකක් දෙන්නම්…  😀

බලල තියෙනවද “The Big Bang Theory” ? ඒකෙ කාගෙත් ආදරය දිනාගත් “ෂෙල්ඩන් කූපර්” සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්….එයාගේ නිවසේම සිටින ඔහුගේ හොඳම මිතුරා වන “ලෙනාඩ් හොෆ්ස්ටෙඩර්” ව්‍යවහාරික භෞතික විද්‍යාඥයෙක්….දැන් මේක හිතේ තියාගෙන “TBBT” වැඩසටහන් මාලාව තුළ ඔවුන් දෙදෙනා හැසිරෙන හැටි සහ කරන කියන් දේවල් නිරීක්ෂණය කිරීමෙන් ඔබට මේ ක්ෂේත්‍රයන් දෙකේ වෙනස නිවැරදිව අවබෝධ වෙයි…. 😀

මෙකී විද්‍යාත්මක අධ්‍යයන පරාසයන් දෙක තුළ භාවිතා වන “විශේෂඥයන්ගේ භාෂාවන්” තියෙනවා….වෙනත් වචන වලින් කිව්වොත් Technical Jargon / Experts Language කියල කියන්නෙත් ඒකටම තමයි…ඒක මේ සාමාන්‍ය මිනිස්සු නොහොත් Laymen ලට තේරෙන්නෙ නැහැ….ඉතින් බහුතරය ඉන්නෙ සමාන්‍ය මිනිස්සු නෙ ඒ විෂය ක්ෂේත්‍රයන්ගෙ විශේෂඥයන්ගේ දුර්ලභ බව හිතනකොට….ඒ අයව සම්බන්ධ කර නොගෙන කොහොමද විද්‍යාත්මක චින්තනය දියුණු කරන්නෙ…කොහොමද රටක විද්‍යාත්මක කථිකාවතක් ඇති කරන්නෙ?….කොහොමද විද්‍යාව ඉදිරියට ගෙන යෑම සඳහා මිනිස්සු හැම කෙනෙක්ගෙම අදහස් එකතු කරගන්නෙ…?…විද්‍යාව යනු අනෙකුත් ඥාණ මීමංසාවන් ( Epistemology) මෙන් නොව “දහසක් මල් පිපිය යුතු”යි සාර්ථක වන්න නම්…

එහෙම නම් මේ මහා සමාජය තුල ඉන්නවා වෙන්න පුලුවන් විශේෂඥයන්ගේ භාෂාව කථා කරන්න තරම් අධ්‍යාපනයක් නොලැබුණත්, එයටත් එහා ගිය දියුණු අදහස් ඇති, වත්මන් විද්‍යාව විසඳුම් සොයන ගැටලු වලට නිසි පිළිතුරු හිතේ තබාගෙන කියාගන්න ක්‍රමයක් නැතුව ඉන්න “ගොලු ප්‍රාඥයන්”…..ඒ අයව මේවා ගැන කථා කරන්න එළියට ගන්න පාලම තමයි “ජනප්‍රිය විද්‍යාව”….ඒ වගේම මෙතෙක් විද්‍යාව ගැන සැලකිල්ලක් නොදක්වපු අයට, විශේෂයෙන්ම දරුවන්ට එහෙම, ඒ ගැන හොයන්න, ගවේෂණය කරන්න පොළඹවන දේ තමයි ජනප්‍රිය විද්‍යාව කියන්නෙ….

විද්‍යාව “ජනප්‍රිය විද්‍යාව” ලෙස සාමාන්‍ය ජනයා අතරේ එකක් වෙන්න පටන් ගන්නේ 19 වැනි සියවසේ අග භාගයේදී ඇමරිකා එක්සත් ජනපදයෙදි ….. 1872 දි මෙනමින් ( Popular Science) ඇමරිකාවේ මාසික සඟරාවක් පටන් ගන්නවා…එවක් පටන් මේ “Pop Sci” Trade Mark එක ජනප්‍රිය දෙයක් බවට පත්වෙනවා….මෙය අද වන තුරු විවිධ මුහුණුවරින් යුතුව පවතිනවා…. මේ සඟරාවට සමගාමීව තරමක් මේ පැත්තෙන් ප්‍රතිගාමීව හිටපු යුරෝපයත් දැනුම බෙදා හැරීම ක්‍රමයෙන් ලිහිල් කරනවා…ඇකඩමික ඩැහි අඬුවෙන් බොහෝ නිර්මාණශීලීත්වය වසා තබාගැනීම ඉදිරිගමනට අහිතකර බව කියැවෙන චින්තන ප්‍රවාහයක් නිර්මාණය වෙනවා…..

කවුද මේ Layman නොහොත් සාමාන්‍ය මිනිසා කියන්නෙ….?

ලෝකයේ ඕනම විෂය, අවිෂය ක්ෂේත්‍රයක “සාමාන්‍ය මිනිසා” ඉන්නවා….අපි හැම කෙනෙක්ම මොකක් හෝ ක්ෂේත්‍රයක “සාමාන්‍ය මිනිස්සු”…. මේ සාමාන්‍ය මිනිස්සු කියන්නෙ එක් එක් විෂය ක්ෂේත්‍රයෙහි ප්‍රවීණයන්. විශේෂඥයන්, හෝ අවම වශයෙන් විද්වතුන්, දැනුමැත්තන්, ශිල්පීන් නොවන අයට….වෛද්‍යවරයෙකු ඉදිරියෙදි අපි සාමාන්‍ය මිනිස්සු, මූල්‍ය විශ්ලේෂකයෙක් ඉදිරියෙදි වෛද්‍යවරයා සාමාන්‍ය මිනිහෙක්, ඒ විශ්ලේෂකයා පොල් කඩන ගිරිගෝරිස් ඉදිරියේ සාමාන්‍ය මිනිහෙක්, ගිරිගෝරිස් හන්දි කඩේ නාමක්කා ඉදිරියේ සාමාන්‍ය මිනිහෙක්.. ඒ ඒ විෂයට අදාළව වෙනත් ක්ෂේත්‍රයක ප්‍රවීණයෙක්, විශේෂඥයෙක් උනත් “ලේමන්” කෙනෙක් වෙනවා….එතකොට ඒ විෂය පිළිබඳව කථා කරන භාෂාවත් ඒ ඇසුරෙන් Experts Language (Jargon) සහ Laymen`s Language යනුවෙන් දෙකට බෙදෙනවා….

Jargon කියන වචනයට වෙබ්ස්ටරයේ තිබෙන්නෙ පහත අර්ථයන් දෙක:

1. Confused and or unintelligible Language

2. The Technical Terminology or Characteristic idiom of a Special Activity or Group

මාක් ට්වේන් කියන්නෙ 19 වැනි සියවසේ ජීවත් වුණු ශ්‍රේෂ්ඨ ඇමරිකානු දාර්ශණිකයෙක් සහ ලේඛකයෙක්..හක්ල්බෙරි ෆින් ගැන අපි කවුරුත් වගේ අහල ඇති….මෙතුමා තමයි හක්ල්බෙරි ෆින් සහ ඔහුගේ මිත්‍ර සුප්‍රකට ටොම් සෝයර්ගේ පියා…

එතුමා එතුමාගේ “Which was the dream? And other Symbolic Writings of the Later Years” කියන පොතේ “Three Thousand Years Among the Microbes” යන ලේඛණයෙහි මෙසේ සඳහන් කරනවා Academic Jargon ගැන…..

“As concerns this question, our inspired Founder instructs us that the fealty due from the Ultimate in connection with and subjection to the intermediate and the inferential, these being of necessity subordinate to the Auto-Isothermal, and limited subliminally by this contact, which is in all cases sporadic and incandescent, those that ascend to the Abode of the Blest are assimilated in thought and action by the objective influence of the truth which sets us free, otherwise they could not.” ….. 😀 😀 😀  ( පුලුවන් කෙනෙක් තෝරන්න… මට නම් තේරෙන්නෙ නෑ මෙලෝ දෙයක් )

It was just a snow-flurry on a warm day: every flake was distinct and perfect, but they melted before you could grab enough to make a ball out of them. ”

එතුමා Jargon හාස්‍යයට ලක් කළ කෙනෙක්…මේ උපහාසය ගැන එතුමා කියනවා “නීතිය සහ නීතියක් පැවැත්මේ අවශ්‍යතාවය අප සියල්ලන්ටම පොදුවේ දැනේ…එය අපි එසේ කියනවාට නීතිඥයන් කැමැති නැත” කියලා….

ඔය සමහරක් වෙලාවට අපි අපිව විශේෂඥයන් වන මොකක් හරි ක්ෂේත්‍රයක Jargon කථා කරනකොට එතන ඒ ක්ෂේත්‍රයේ සුදුසුකම් හෝ දැනුම නැති කෙනෙක් හිටියොත් එයා කියන්නෙ “In English Please?” කියලා….අන්න ඒ වගේ වෙලාවට අපිට සිද්ද වෙනවා මේ විශේෂඥ භාෂාව නොහොත් සහ අර පුද්ගලයා කථා කරන Laymen`s භාෂාව අතරෙ පාලමක් තනන්න….නොතැනුවොත් වෙන්නෙ අනවබෝධය !.. අනවබෝධය ඇති කෙනෙක් යම් ව්‍යාපෘතියකට සම්බන්ධ වීම ඉතාම භයානක දෙයක්….

මේ ජනප්‍රිය විද්‍යාවෙන් කරන්නෙ අන්න ඒ විදියෙ භයානක කමක් විද්‍යාව නම් වූ විෂය පථයෙහි ඇතිවෙන්න නොදී, ඒ වගේම ඒක “අධ්‍යයන ප්‍රභූන්” කුළයකට සීමා වෙන්න නොදී, මහා සමාජය ඒ කෙරෙහි අවබෝධකට පමුණුවා එහි කථිකාවතක් ඇති කරන එක…

කථිකාව හරහා තමයි දැනුම වැඩි තැන සිට අඩු තැනට සම්ප්‍රේෂණය වෙන්නෙ….එතනින් තමයි දැනුවත් භාවය වගේම චින්තනයේ මිශ්‍රණය ඇතිවෙන්නෙ….

ඕනෑම විද්‍යාවක හෝ ශාස්ත්‍රයක පැවැත්මට Jargon අත්‍යාවශ්‍යයයි තමයි…ඒක තමයි විශේෂඥයන් කථා කරන බස….නමුත් දැන් මේ වනවිට ලෝකය ඔප්පු කර හමාරයි දැනුම බෙදන්න නම් Jargon අත්‍යාවශ්‍ය වෙන්නෙ නෑ කියලා…ඒ කියන්නෙ අනවශ්‍යයි කියන එක නෙමෙයි….සීමිතව යොදාගෙන පුලුවන් කියන එක….

විද්‍යා මාධ්‍යකරණය  – Science Journalism

මෙරට තුල විදුසර ආදී මාසික සඟරා කිහිපයකින් හැර පොදුවේ වැඩිය දකින්නට නොලැබෙන, එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ ඉතාම දීප්තිමත්ව දකින්නට ලැබෙන මාධ්‍යකරණයක් තමයි මේ….

විදුදර ප්‍රජාව සහ ජන ප්‍රජාව ඉවුරු දෑලක් නම්, එය යාකරන පාලම තැනීමේ ලා ඉමහත් මෙහෙවරක් කරන පිරිසක් තමයි විද්‍යාත්මක දැක්ම හදාරා ඔවුන්ගෙන් අසා දැනගෙන මහ ජනතාවට වාර්ථා කරන මේ පිරිස….

දැනුම් සුළි සුළං ලොව පුරා හමන්න උපකාරී වෙච්ච අවපීඩන කළාපයන් ඇති කරපු ශ්‍රේෂ්ඨ ජනප්‍රිය විද්‍යාඥයො ටිකකට උදාහරණ දෙන්නම් දැන්…..

මේ පාර්ශවයන් දෙකටම අයත් වූවත්, සමාජ සේවා අරමුණු, වාණිජ අරමුණු හෝ වෙනත් අරමුණු රාශියක් නිසා “ජනප්‍රිය විද්‍යාව” ගොඩ නගන්න දායක වෙච්ච ශ්‍රේෂ්ඨ මිනිස්සුත් ඉන්නවා…ඒ අයට “ජනප්‍රිය විද්‍යාඥයන්” කියලා හැඳින්වුවත් වරදක් නෑ…නම් වශයෙන් කිව්වොත් කිහිප දෙනෙක්:

1. දැනට මෙලොව ඉන්න ශ්‍රේෂ්ඨතම බුද්ධිමතා වගේම ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා තමයි මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග් (Professor Stephen Hawking)… එතුමා සෛද්ධාන්තික භෞතික විද්‍යාවේ අයින්සටයින්ට පසුව පහළ වූ දැවැන්තයා….මෙතුමා ජනප්‍රිය විද්‍යාවට ලැබුණු දායාදයක්….එතුමා සහ එතුමාගේ දියණිය වන ලූසී හොව්කින්ග් දෙපළ එකතුවෙලා මෙලොව දරුවන්ට, තරුණයන්ට, ගවේෂකයන්ට සුවිශාල දැනුමක් සහිත ග්‍රන්ථ සමුච්ඡයක් දායාද කර තිබෙනවා…. මට මෙතුමා පුද්ගලිකව මුණගැසී තිබෙනවා….

2. මගේ ප්‍රියතම කෙනා තමයි නීල් ඩිග්‍රස් ටයිසන් (Neil Degrasse Tyson)… එතුමාගේ දේශන වලදී කාළය ගතවෙනවා තේරෙන්නෙ නෑ… මට එතුමාවත් පුද්ගලිකව මුණගැසී තිබෙනවා…

3. බ්‍රයන් කොක්ස් (Brian Cox … මෙතුමා සමාන්තර විශ්වයන් පිළිබඳව න්‍යායන් සහ කළු කුහර පිළිබඳව, ස්ට්‍රින්ග් තියරි ( මේකට කියන සිංහල නම මොකක්ද කියලා දන්නෙ නෑ ..) ගැන එහෙම දීර්ඝ ගවේෂණයන් කරලා ඒ විද්‍යාවන්ගේ ගම්භීර බවට හානි නොවෙන විදියට සරල කරලා, සාමාන්‍ය ජනතාව අතරට ගෙනාවා….

4. බ්‍රයන් ග්‍රීන් (Brian Greene) … ඉහත විස්තරයම එතුමාටත් ගැලපෙනවා….

5. රිචඩ් ඩෝකින්ස් (Richard Dawkins)…. මම හිතන්නෙ මෑත යුගයක පහළ වූ අය අතුරින් නිර්-ආගමිකත්වයට, නිදහස් චින්තනයට, ඓහිකවාදයට, නිර්-ප්‍රතිරූප යැපීමට විශාලතම සේවයක් ඉටු කරන බුද්ධිමතා තමයි එතුමා….මට එතුමාවත් පුද්ගලිකව මුණගැසී තිබෙනවා…එතුමාගේ පොත් සිංහලට පරිවර්තනය කරන්න අවසර ඉල්ලන්න ගිහින් ඇණ ගෙනත් තියෙනවා….

6. කාල් සගාන් (Carl Sagan)… එතුමා අපේ පරපුරට වඩා එක් පරපුරකට උඩින් ජගත් කීර්තියට පත්වුණු ජනප්‍රිය තාරකා භෞතික විද්‍යාඥයෙක්….ජනප්‍රිය විද්‍යාව එහි වත්මන් ස්වරූපයෙන් ප්‍රචලිත කරන සුවිශාල මෙහෙවරක් කළ කෙනෙක්….

7. ක්‍රිස්ටෝෆර් හිචන්ස් (Christopher Hitchens) … මේ ගැන කථා කරනකොට මේ නාමය කෙසේ අමතක කරන්නද?… ජනප්‍රිය විද්‍යාව, නිදහස් චින්තනය, නිරවුල් දේශපාලනය යන සියලු ක්ෂේත්‍රයන්ට විශාල මෙහෙවරක් කළ විද්වතෙක්…

8. ශ්‍රීමත් පැට්‍රික් මුවර්  (Sir Patrick Moore) – බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයන්ගේ සංගමයේ සාමාජිකයෙකු ලෙසත්, ජනප්‍රිය තාරකා විද්‍යාඥයන්ගේ සංගමයේ ආරම්භක සභාපති ලෙසත් පාසැල් දරුවන්, සරසවි සිසුන් ඇතුලු සමස්ථ ප්‍රජාවේම තාරකා විද්‍යා දැනුම නගාලීමට විශාල කථිකාවක් නිර්මාණය කළ, ප්‍රබල හඬක් ඇති මාධ්‍ය වේදියෙකු සහ විද්‍යාඥයෙක්…

9. කිප් තෝර්න් (Kip Thorne)… ඔබ කවුරුත් මේ දිනවල දැඩි සාකච්ඡාවට භාජනය කරන, මෙතෙක් නිපදවූ සාර්ථකම විද්‍යා ප්‍රබන්ධ ෆැන්ටසි චිත්‍රපටියක් වන “Interstellar” නම් චිත්‍රපටයට අවශ්‍ය විද්‍යාත්මක දැනුම සහ උපදේශණය නෝලන් සහෝදරවරුන්ට ලබා දුන්නෙ මෙතුමා…එම චිත්‍රපටියෙන් පසුව එතුමා ලියන ලද “The Science of Interstellar” නම් පොත මා සතුව තිබෙනවා….ජනප්‍රිය විද්‍යාව පැත්තෙන් විශාල සේවයක් එතුමා කර තිබෙනවා…

10. මිෂියෝ කාකු හෙවත් මිෂෙල් කකූ (Michelle Kaku) … සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්….සමහර වෙලාවට මොන මගුලක් කියනවාදැයි නොතේරුණත්, ඉතාම විශිෂ්ඨ දේශකයෙක්…

අපේ ආතර්.සී.ක්ලාක් , එතකොට ලොව සුපතල අයිසැක් ඇසිමොව් වගේ අයත් මේ ගණයට දාලා තියෙනවා මම දැක්කා විකිපීඩියා එකේ…ඒක වැරදියි…මේ ගැන අදහසක් ඵල කරමු නිව්යෝක් සරසවියේ මහාචාර්ය ඩේවිඩ් හොග් වතාවක් කිව්වා “විද්‍යා ප්‍රබන්ධ” ලිවීම නෙමෙයි ජනප්‍රිය විද්‍යාව කියන්නෙ කියලා…විද්‍යා ප්‍රබන්ධ කියන්නෙ ෆැන්ටසියක් නිර්මාණය කිරීමක් එක්තරා විදියකට…එය “කලාව” කියනවා මිසක් “ජනප්‍රිය විද්‍යාව” කියන්න පුලුවන්ද කියන්න මම දන්නෙ නෑ…එම්මැනුවෙල් කාන්ට්ගෙන් අහල කියන්නම් හම්බ වෙච්ච වෙලාවට….

මේ සියළු බුද්ධිමතුන් අතර පොදු දෙයක් තමයි, ඔවුන් වර්ථමානයේදී කතිකාවත් ගොඩ නගන්නේ ඔවුන්ගේ ඇකඩමියාවට සම්බන්ධ විෂය ක්ෂේත්‍රයන්හි “පමණක්” නොවීම….උදාහරණයක් හැටියට රිචඩ් ඩෝකින්ස් මහතා විද්‍යාත්මක චින්තනය සහ මානවවාදී දැක්ම ගැන මෙලොව පුළුල්ම කථිකාවත නිර්මාණය කරපු කෙනා උනත් එතුමා ජීව විද්‍යාඥයෙක් පමණයි…නමුත් ඒ කථිකාවත් වලදී එතුමා තාක්ෂණය ගැන, විශ්වවේදය ගැන, දේශපාලනය, ආර්ථිකය, කලාව මේ හැම දෙයක් ගැනම කථා කරනවා…ඒ සාකච්ඡා වලදි එතුමා බොහෝ විට ඒ ඒ විෂය ක්ෂේත්‍රයන් වල විශේෂඥයන් මෙන්ම සාමාන්‍ය පොදු ජනතාව නියෝජනය කරන අපි වගේ අයත් සම්බන්ධ කර ගන්නවා….

බොහෝමයක් ජනප්‍රිය විද්‍යා රචකයන් අවම වශයෙන් ඒ අදාළ ක්ෂේත්‍රයේ වත් ප්‍රබල ඇකඩමික හැදෑරීමක් කර ඇති අය නෙමෙයි….නමුත් ඔවුන් සියල්ලෝම බුද්ධිමතුන්….යමක් කියවා හදාරා වටහා ගන්නත්, ඒ සීමිත පරාසය අන් අයට හොඳින් කියා දෙන්නත් හැකි අය….ඒ අය කරන්නෙත් සේවයක්….ඒ අය ඒ ඒ විද්‍යාවන් වල මහා ප්‍රවීණයන් බිහි නොකළත්, ක්‍රමයෙන් ඒ කෙරෙහි සාමාන්‍ය ජනයාගේ අවධානය යොමු කරවනවා….ඒ අය හැදෑරීමේ පෙරගමන් කරුවෝ කියලා හඳුන්වන්න පුළුවන්….

දර්ශණය / දර්ශණයන් සහ ඒ වටා ගොඩනැගෙන ආගම් / ආගමිකත්වයන් නිසා නිර්මිත ඩොග්මැටික චින්තනය ( “ඩොග්මාව” යනුවෙන් අඳුරු යුගයේ යුරෝපයේ එක් එක් ආගමික කල්ලි වලට අයත් පූජ්‍ය පක්ෂය විසින් පොරවන ලෝගු හඳුන්වනවා)….ඩොග්මැටික චින්තනය යනු චින්තනයේ නිදහසට වැට බැඳ යම් කිසි ආගමික හෝ දාර්ශණික සංස්ථාවක්, ව්‍යුහයක් විසින් අනම්‍ය දාර්ශණික රීති, නීති සහ රෙගුලාසි වලට අනුව හිතන්න පුරුදු කරවන ලද කල්ලියක, ප්‍රජාවක, කණ්ඩායමක චින්තනය.…වත්මනේදී ආගමිකයන් සහ මාක්ස්වාදීන් ( සමාජවාදීන් (?), ලෙනින්වාදීන් (?), ට්‍රොට්ස්කිවාදීන් (?), ග්‍රැම්ස්කිවාදීන් (?)) හරහා මේ හැසිරීම දක්නට ලැබෙනවා…..ඔවුන් ස්වකීය දර්ශණය වෙනස් වීමට ඉඩ නොදී එහි මුල් ආකෘතිය හෝ මුල් ආකෘතිය යැයි ඔවුන්ට කියා ඇති පිටපතේ ලියැවී ඇති අකුරු වලට අනුවම පවත්වා ගන්න උත්සාහ කරන අතර, එහි ප්‍රතිඵලයක් හැටියට ලොව පුරා බොහෝ මත ගැටුම් සහ භෞතික ගැටුම් නිර්මාණය වී තිබෙනවා….මේවා සමූළ ඝාතනයන්, ඉතිහාසයේ සිදුවූ දරුණුතම ලේ වැගිරීම් දක්වා ගිහින් තියෙනවා…..ඒ දර්ශණයන් ඒ නිසා අමූලික බොරු වෙනවා කියන සාහසික කියමන නෙමෙයි මේ කියන්නෙ….ඒවා ආධානග්‍රහයෙන් අනතුරුව සිදුවුණු දේ ගැන කීම පමණයි….ඒ දර්ශණයන්ගෙන් සමහරක් ඒවා කාළාණුරූපිව යල් පැන ගොස් ඇතත්, ලෝකය දකින්න සහ තේරුම් ගන්න අවශ්‍ය කරන දැනුම ඒවායින් උකහාගන්න පුලුවන්….

ජනප්‍රිය විද්‍යාව පෙරටු කරගෙන අද දියුණු රටවල වේගයෙන් පැතිරී යන විද්‍යාත්මක චින්තනය “සාමාන්‍ය ජනයාට” සමීප කරවීම, සහ ඒ හරහා නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, වෙනස් කම් ඉවසීම, මානවවාදය, හරහා චර්යා දියුණුව ගොඩනැගීම ලෝකයේ අනෙක් කළාපයන් ආදර්ශයට ගත යුතුයි කියලා මම හිතනවා… ජනප්‍රිය විද්‍යාව හඳුන්වා දීම හරහා පියවර කිහිපයකින් සමාජයක් ගොඩ දාන්න පුලුවන්…ඒ පියවරවල් පහත පරිදි විය හැක….

1. ජනප්‍රිය විද්‍යාත්මක මාතෘකා සමාජගත කිරීම – විද්‍යාත්මක පරීක්ෂණය, ගවේෂණය, නිරීක්ෂණය, නිගමනයන් හරහා ගොඩනැගෙන අනුභූතික සාක්ෂි (Empirical Evidence) පිළිබඳව මිස සම්පූර්ණයෙන් හෝ පාර්ශ්වික ඔප්පු නොකරන ලද ප්‍රවාද ගැන පවතින “දැඩි” විශ්වාසය ක්ෂීණ කිරීම….

2. ඒ හරහා විචාරාත්මක සහ විවේචනාත්මක චින්තනය (Critical Thinking) ගොඩනැගීමයන් තුළින් නිර්මාණශීලීත්වයට ඉඩහසර ලබා දීම…

3. මිනිසා මූලික කරගත් තාර්කික චින්තන රටාව හෙවත් “මානව වාදය” (Humanism) ගොඩ නැගීම …

4. එසේ මිනිසා මූලික කරගත් සමාජයන් හරහා පුද්ගලානුබද්ධ අයිතිවාසිකම් රැකෙන සමාජයක් නිර්මාණය කිරීම….තාර්කික අවස්ථාවන් වලදී හැර අතාර්කික අනුගාමයන් නිසා පුද්ගල නිදහස නො-ඇහිරෙන ලෙසට කටයුතු කිරීම….

කොටින්ම කිව්වොත්, මේක කරන්නේ මෙන්න මේ හේතුව නිසයි කියලා විචාරයේ ප්‍රාථමික, ද්විතීයක සහ තෘතීයික පරාසයන්ගෙන් එකකට හෝ කිහිපයකට හසුවන හේතුවක් නොදැක්විය හැකි දේවල් මත සිදුකෙරෙන ක්‍රියාකාරකම් අවම කිරීම….මොකද මේ ඉහත කියපු විචාරයට ගෝචර ක්‍රියාකාරකම් වලදී

1. ඒවා වෙනස් විය හැකි බවත්

2. කාළානුරූපී වෙනස් කම් සිදුවිය යුතු බවත්

3. සියල්ලටම වඩා වැදගත් දේ, ඒවා වැරදි විය හැකි බවත්

පිළිගන්න තරම් විවෘත මනස් ඇති අය නිර්මාණය වෙනවා….ඒ අය දර්ශණය හෝ දාර්ශණිකත්වය වෙනුවෙන් ලේ හලන්නෙ නෑ…ලේ බිංදුවක් වත් නොසලා අවශ්‍ය වෙනස් කම කරගෙන පෙන්නනවා….එහෙම අය ගොඩ නගපු දේ දීර්ඝ කාළයක් පවතිනවා….

ජනප්‍රිය විද්‍යාව දැනුම මත පදනම් වෙමින් අනාගත ලෝකයට යමින් සිටි නව ආරේ කුළවාදය විනාශ කර ඇත….

දැනුම කියන එක අද කාළයේදී එක කුළයකට, ගෝත්‍රයකට සීමා වෙච්ච දෙයක් නෙමෙයි….ලෝකයේ අසාර්ථක සමාජයන් සහිත රටවල තවමත් දැනුම ගෝත්‍ර ගත කරන්න උත්සාහ කරනවා….උදා: වෛද්‍යවරු විතරයි වෛද්‍ය විද්‍යාව ගැන කථා කරන්න අවසර ලත්තෝ වන්නෙ, ඉංජිනේරුවෝ තමන්ගේ ක්ෂේත්‍රය ගැන පමණයි… ( මම මේ ළඟදි පෙට්‍රෝලියම් ගැන කථා කරනන් ගිහින් Process Engineer කෙනෙක් මගෙන් ඇහුවා “උඹ ඕවා හදාරලද ඔය කථා කරන්නෙ කියලා”….අන්තිමට Hydraulic Fracturing නොහොත් Fracking ගැන ඇහුවාම මම දන්න ටිකවත් ඌ දන්නෙ නෑ ඒ ගැන….).. අද දැනුම තොරතුරු තාක්ෂණික විප්ලවය හරහා පුපුරා යන යුගයක්….පොඩි ළමයි Bedside Stories වෙනුවට අද කියවන්නෙ “A Brief History of  Time” .. 2040 වනවිට ඉන්න මිනිසුන්ගේ දැනුවත් භාවය ගැන අපිට හිතාගන්නවත් බැරි වෙයි….

ඒ නිසා ජනප්‍රිය විද්‍යාව ගැන කථා කරනකොට, ඒ ඇසුරින් පැහැදිලි කිරීම් කරනකොට අදාළ ක්ෂේත්‍රයේ ප්‍රබල දැනුමක් තිබෙනවා නම්, දීර්ඝ ගවේෂණයක් කර තිබෙනවා නම්, ඒ ක්ෂේත්‍රයට අදාළ සහතික හෝ වරලත් නිළයක් නැතත් ඒ අයට තමන්ගේ අදහස් පැහැදිලි කරන්න ඕනෑ තරම් අවකාශය තියෙනවා…..මම මේ ළඟකදී දැක්කා ඉරාන ජාතික නීතිඥවරියක් Statistically ජනගහණ පාලනය ගැන ප්‍රසිද්ධ දේශනයක් දෙනවා බටහිර රටක ( ඇය ඒ දේශනයෙදි කියපු දේවල් ටෙහෙරානයෙදි කිව්වා නම් ඇය මෙළහකට දොඹකරයක කොක්කේ….! ) , ධනවත් නලුවෙක් මාසයකින් බෝයිං 737 ගුවන් යානයක සමස්ථ නියමුකරණයම ඉගෙන ගන්නවා, අවුරුදු 14 කෙළි පැට්ටියෙක් ( වරලත් සුදුසුකම් නැතුව ) ජාන ඉංජිනේරු තාක්ෂණයේ සිද්ධාන්තයකට කරුණු එකතු කරනවා….

Discrimination 

මේ බ්ලොග් කාරයා දකින විදියට නම්, මිනිසා චිරාත් කාළයක ඉඳලා මේ හෙවත් පරිහාරය නොහොත් යම් කිසිවක් මත පදනම්ව අප ජීවත්වන සමාජයේම යම් කොට්ඨාශයකට කරනවා ආකාර කීපයකින්…

1. Caste Based Discrimination – උප්පත්තියෙන් උරුම වන “කුළය” නම්වූ පාර-භෞතිකයට අනුව කරන පරිහාරය

2. Capital Based Discrimination – ධනය, වත්කම, වස්තුව, සාමාජීය තත්වය නිසා කරන පරිහාරය

3. Race / Ethnicity Based Discrimination – ජාතිය, ජන වර්ගය ආදිය නිසා සිදු කරන පරිහාරය

4. Religion Based Discrimination – ආගම නිසා සිදු කරන පරිහාරය…

දෙයියනේ ඉතින් මේ තියෙන ඒවා මදිවට දැන් ටික කාළෙක ඉඳන් 21 වැනි සියවසට අලුත් Discrimination එකක් උරුම කරල දෙන්න යනවා මිනිස් වර්ගයා…ඒක තමයි Knowledge Based Discrimination 

“දැනුම මත පදනම්වන පරිහාරය” ….දැනුමේ අසමමිතිකතාවය (Knowledge asymetricity ) නිසා සිදුවන පරිහාරය, නොසැළකිල්ල, අඩු සැළකිල්ල, අවස්ථාව අහිමි කිරීම…

අධ්‍යාපනය සහ විෂය-බද්ධ දැනුම සුලභ වනවිට යම් හේතුවක් නිසා එය ලබාගත නොහැකි වූවන් කොන් කර, අවසැලකිලි දැක්වීම තමයි දැන් අලුත්ම පරිහාරය වෙලා තියෙන්නෙ….

ජනප්‍රිය විද්‍යාව නැමති ආයුධය යොදාගෙන මේ දැනුම මත පදනම් පරිහාරය සහමුලින්ම විනාශ කර දැමිය යුතුය…21 වැනි සියවස අවසාන වන විට මිනිසා හැකි තරම් සුන්දර තැනක සිටින දියුණු ජීවියෙකු විය යුතුයි….

ජනප්‍රිය විද්‍යාත්මක හඳුන්වා දීම ඒ වෙනුවෙන් කළ යුතුයි…..

බටහිර ඇත්තෝ ( සහ සාපේක්ෂව දියුණු අනිත් රටවල ඇත්තෝ ) මේ “නොතේරෙන නොදන්න මගුල්” සාමාන්‍ය ජනතාවට සමීප කරන්න පරිශ්‍රමය පටන් අරගෙන හුඟක් කල්….”යුස්ටයින් ගෝඩර්” ( Jostein Gaarder) කියන නෝවීජියානු ලේඛකයගේ “Sophie`s World” කියන පොත කියවල තියෙනවද කට්ටිය?….මේ පොත ඒ පරිශ්‍රමයේ අග්‍රඵලයක් කියලා හඳුන්වන්න පුලුවන්….සමස්ථ බටහිර දාර්ශණික ක්ෂේත්‍රයම එක නව යොවුන් නව කථාවක් තුළින් පාඨකයාට ඉතාම සරල කරලා සමීප කරනවා…සොෆී කියන නවයොවුන් දැරිය වටා ගෙතෙන මේ කථාවෙදි ග්‍රීක දාර්ශණිකයන්ගෙන් ඇරඹිලා, දර්ශණයේ රොමැන්තික යුගය තෙක් විහිදී යන විග්‍රහයන් මාලාවක් කරන අතරේම, හිල්ඩා නම් වූ සැබෑ ලොව ජීවත් වන දැරියකට ඇගේ පියා විසින් ගොඩ නගා දෙන පරිකල්පන ලෝකයක සොෆී ජීවමාන කරවන යථාර්තයේ “ඇඹරුම්” ( Twists in Reality) කිහිපයකුත් ඉදිරිපත් කරනවා…..

දැනුමෙන් නොදැනුවත් අය පෙළීම අරමුණු කර ගත්තු බහුතරයක් ජීවත් වෙන සමාජයන්ට එවැනි දේ ගොඩ නගන්න බෑ….

සමාජයක් දියුණු නොවීම ගැන ඒ සමාජයට පලු යන්න බැණ වදිමින් සිටීම පමණක් නම් යම් රටක විද්වත් සමාජය විසින් කළ යුත්තේ, එය හුදු ආත්මාර්ථකාමී ප්‍රයත්නයක් පමණයි…එතුළින් තමන්ගේ අසමසම බව පවත්වා ගැනීමක් පමණයි අපේක්ෂා කෙරෙන්නෙ…..සමාජය දියුණු වෙන්න නම් ඒ සමාජයට දැනුම සරලව, හැකිතාක් නිවැරදිව සහ පහසුවෙන් සපයන්න ඕන….

ශ්‍රී ලංකාවට ජනප්‍රිය විද්‍යාත්මක රචනය හඳුන්වා දෙන්න උත්සාහ කරපු අය අතළොස්සක් ඉන්නවා….එයින් ප්‍රමුඛයා තමයි අපි පොඩි කාළෙදි ඉතාම ආසාවෙන් කියවපු පොත්පත් ලිපි ලියූ “අනුර සී පෙරේරා” මැතිතුමා…එතුමාට පින් සිද්ද වෙන්න අද තාරකා භෞතිකය, භෞතිකය ගැන එහෙම උනන්දු වෙන ළමා පරපුරක අඩිතාලම වැටී තිබෙනවා…. එතුමාට මේ ලිපිය උත්තමාචාරයක් ලෙස පුද කරනවා….

නෝනාවරුනි, මහත්වරුනි වරදවා වටහා ගන්න එපා….! 

ජනප්‍රිය විද්‍යාව හඳුන්වා දීම යනු හැම එකාටම හැම දේ ගැනම කියවන්න Absolute Authority දෙන එක නෙමෙයි….!…හරිද?….

සෑම ක්ෂේත්‍රයකම:

1.විධිමත් අධ්‍යාපනයක් ලද

2.විධිමත් හැදෑරීමක් සහිත

3.විෂය මූලික දැනුමෙන් අනූන

වෘත්තික සහ ඇකඩමික, පාර්ශ්වික සහ පූර්ණ විශේෂඥයන් ඉන්නවා….ඒ අයට අපි සැම කෙනෙක්ම සිරස නමා ආචාර කළ යුතුයි…. ඒ විෂය පරාසය තුල ඒ අයගේ දැනුමට යටත් විය යුතුයි…අප විසින් ඵල කරන අදහසක් ඒ අය Override කරනවා නම් වැඩිපුර සටන් නොවැදී ඒ අයගේ මතයට ඉඩ දී අපේ මතය තහවුරු කරගන්න වෙන විශේෂඥයන් සොයා යා යුතුයි….

නමුත්, මෙවැනි දැනුම සුලභ යුගයක, අපි හැම කෙනෙක්ම හැම දෙයක් ගැනම හදාරන්න ඕන…හදාරනවා වගේම අපට ඒ ගැන හිතෙන දේ කියන්නත් ඕන….එසේ කීමේදී සමහර විට ඒ විශේෂඥයන්ට පවා නොපෙනෙන Million Dollar Solution එකක් අපේ මොළයේ තියෙන්න පුලුවන්…..

Teenage Mutant Ninja Turtles එකේ ඉන්න “ඩොනටෙලෝ” ( Donatello )තමයි රූපවාහිනී වැඩසටහන් වල ( සහ සිනමාවේ ) මගේ ප්‍රියතම චරිතය….ඩොනටෙලෝ කියන්නෙ විධිමත් හැදෑරීමක් සහිත මිනිහෙක්… සොරි…කැස්බෑවෙක් නෙමෙයි….ඒත් ඌ හැම දේම දන්නවා….පරිඝණකයක් ජාලයක් හැක් කරන තැන ඉඳලා, ගුවන් යානයක් පදවන ආකාරය දක්වා සියල්ල….අනුර ශ්‍රීනාත් ශූරීන්ගේ කාටූන් දරුවෙකු වන “පිස්සු නැත්තන් ෂෝක් පුතා” එකේ ප්‍රධාන චරිතය තමයි මගේ සිංහල පොත්වල ප්‍රියතම චරිතය…ඒත් ඩොනටෙලෝ වගේ එකෙක්…..

adrenaline__donatello__tmnt_2014_by_bellescooldrawings-d7v6tkw

හරි මදැයි ඉතින් ඔය ලයිෂන් ගත්තා…..

ඊළඟ ලිපියෙන් මම භූමිකම්පාවක් ඇතිවෙන ආකාරය සහ එමගින් සුනාමි තත්වයක් ඇතිවිය හැකි ආකාරය පැහැදිලි කරල දෙන්නම්….මට ඒ ගැන තියෙන්නෙ ඉතාම අවිධිමත් විෂය දැනුමක්….ඒත් ඒ දන්න ටික කියන්නම්….කවුරු හරි භූ විද්‍යාඥයෙක් ඇවිත් කිව්වොත් “අඩෝ මේ බොරු කියන්නෙ නැතුව ඕක අයින් කරපන්!” කියලා මම අයින් කරන්නෙ නෑ….හැබැයි කවුරු හරි භූ විද්‍යාඥයෙක් ඇවිත් කිව්වොත්

“ඕකෙ වැරදි ගොඩයිනේ පුතා ! මෙන්න මේ මේ තැන් වැරදියි ! ඒවා නිවැරදි වෙන්නෙ මෙහෙමයි!” කියලා, එතුමාට වඳින ගාථාවකුත් හදලා ඒ ලිපිය නිවැරදි කරල දානවා…. 😀

is @කන් දෙකේ ඇඟිලි ගහ ගනිමින්  😀

අයින්ස්ටයින් උන්නැහේ නිවැරදි බව ඔප්පු කළ ජයිරස්කෝප්පුවා – 2

දැන් ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ල්කාර්ස්…අපි කොයි හරියෙද කථා දමාන හිටියේ…? ආහ්…ආලෝකයේ වේගය, එහි ප්‍රභවය කවර වේගයකින් එම දිශාවටම ගියත්, සුළුවෙන් හෝ වෙනසක් වෙන්නේ නෑ කියන තැන නේ හිටියේ….දැන් ඉතින් අපේ අහිංසක නිව්ටොන් උන්නැහේ ගේ චලිතය පිළිබඳව නියමයන් අනුව නම්, මේ අපි කියපු  වාහනේ ප්‍රවේගයත් ආලෝකයේ ප්‍රවේගයත් යන දෙක සාපේක්ෂ ප්‍රවේගය සමීකරණයකට දාලා හදලා බැලුවොත්, ආලෝකයේ රථයට සාපේක්ෂ ප්‍රවේගය, දෙකම එක දිසාවට යන නිසා අඩුවෙන්ට ඕනෑ නේද…?

 

එතනදි වෙන්නේ ඩොප්ලර් ආචරණය කියලා මෙව්වා එකක්…රාළහාමි මෙහෙම ඉන්නවා….වාහනේ ලයිට් ගහගෙන ඔහොම එනවා…වාහනය රාළහාමි දෙසට එනවිට, රාළහාමිගේ රේඩාර් ගන් එකෙන් නිකුත් වෙන රේඩාර් කිරණ වාහනයේ වැදී, ඒවා යළිත් බම්ප් වී පැමිණෙනවා…එතකොට ඒ තරංග සංඛ්‍යාතය, ආයාමය මත වාහනයේ වේගය කියන්න රාළාමිට ඉඩකඩ ලැබෙනවා…හැබැයි පොඩි සොරි සීන් එකකට තියෙන්නෙ, එතනදිත් රාළාමිට ආලෝකයේ ලැබෙන්නේ එකම ප්‍රවේගයක්…හරි නම් එතනදි රාළහාමිට ( හෙවත් අපේ නිරීක්ෂකයාට ) සාපේක්ෂව ලැබෙන්න ඕන ආලෝකයේ වැඩි ප්‍රවේගයක්…ඒත් එහෙම වෙන්නෙ නෑ…

 

මේ සාපේක්ෂ ප්‍රවේගය කිව්වාම, දැන් මෙතන පොඩි ලොජික් එකක් තියෙනවා…ඒ ලොජික් එක ගැන පොඩි වාක්‍යයක් දාන්නේ නැතුව ගියොත්, මෙතනින් එහාට ඇලජික් වෙන්න පුළුවන්…ඒක නිසා අපි පොඩ්ඩක් හොර පාරෙ රවුමක් ගිහින් හිටපු තැනටම එමු….

 

දැන් අපි සරලම විදියට ඕක කිව්වොත්, ඔන්න හොඳේ මාළිගාවත්තෙ පිංවතෙක්, විසිල් සද්දයක් ඇහිලා, වෙල් ෆැන්ටා බූලියක් කරේ තියාගෙන දුවනවා එක පැත්තකට…පැයට කිලෝමීටර 50 ක වේගෙන් කියමුකෝ…( මිනිහෙකුට දුවන්න පුළුවන්ද මන්දා…අවුලක් නෑ වෙල් ෆැන්ටා ගහලා ඉන්න නිසා දිව්ව කියමු…)….පිටි පස්සෙන් පන්නගෙන එනවා රාළාමි කෙනෙක් පැයට කිලෝමීටර් 40 ක වේගයෙන්…පොලීසියේ රාළාමිලගේ ඇඟවල් වල තියෙන කොලස්ට්‍රෝල් හැටියට වේගෙන් දුවන්නත් බෑනේ…දැන් දෙන්නම එකම දිහාවට දුවනවා වුනත්, මේ දෙන්නගේ ප්‍රවේගයන් වෙන, වෙනම හඳුන්වන්නේ මොකකට සාපේක්ෂවද…? අර නිව්ටන් උන්නැහේ කිව්වා වගේ “සාපේක්ෂ චලිතයේදි” මෙතෑන සාපේක්ෂ මහ පොළවට….ඉතින්,

 

 

බූලිය වඩම්මන බුවාගේ වේගය, මේ මහපොළවට සාපේක්ෂව සහ අර නිවටෝනියානු ස්ථතික අවකාශයට සාපේක්ෂව තමයි 50 පැ.කි.මී…

රාළාමි 40 ට පාගන්නෙත් මහ පොළවට සාපේක්ෂව, සහ සමස්ථයක් ලෙස නිව්ටන් ලොක්කා දුටු නොසැළෙන අවකාශයට සාපේක්ෂව….

 

 

අතර මඟ ඉන්න පොරක් මේ දෙන්නාගේ සාපේක්ෂ ප්‍රවේගය මැන්නොත්, රාළාමිට සාපේක්ෂව අපේ වෙල් ෆැන්ටා බුවාට පැ.කි.මී 10 ක වේගයක් තිබිය යුතුයි… එහෙම වෙන්නෙ….හොරගේ ප්‍රවේගය Vtg ( Velocity of the theif relative to the ground ) වලිනුත්, රාළාමිගේ ප්‍රවේගය Vpg ( Velocity of Police man relative to the ground) වලිනුත් හැඳින්වුවොත්, අඩුවේගයෙන් දුවන්නේ රාළාමියා නිසා, මේ දෙන්නා අතර සාපේක්ෂ ප්‍රවේගය + රාළාමියාගේ ප්‍රවේගය නේ එතකොට වෙල් ෆැන්ටා බුවාගේ ප්‍රවේගය වෙන්නේ….එහෙම නම් අපි සමීකරණය පහත පරිදි ලියනවා…

 

Vtp = Vtg+Vpg….

i.e. Vtg=Vtp-Vpg

 

දැන් සමීකරණයට සංඛ්‍යා ආදේශ කළොත් අපිට එනව පැයට කිලෝමීටර් 10 ක ප්‍රවේගයක් අපේ පොලිස් ලොක්කාට සාපේක්ෂව වෙල් ෆැන්ටා බුවාගේ ප්‍රවේගය….

 

 

මෙතනදි වෙනස් වෙන්නෙ නැති, අකර්මණ්‍ය අවකාශයකටනේ සාපේක්ෂව මේ සියල්ල මනින්නේ…ඔන්න මේ අය කොහොම දිව්වත්, වටේ ඇති අර අපි කළින් කිව්ව වේදිකාව හෙවත් අවකාශය මුකුත් ක්‍රියාවකින් මේකට දායක වෙන්නේ නෑ…මේ ලොජික් එකම තමයි ආයුබොවන්ඩ, ආලෝකය සහ හෙඩ් ලයිට් ගසාගෙන යන වාහනය සම්බන්ධයෙනුත් නිව්ටන් උන්නැහේ හිටිය නම් යොදා ගන්නේ…ඒ අනුව, අර ඉහත අපේ වෙල් ෆැන්ටා වෙළෙන්දා සහ පොලිස් රාළාමි දෙදෙනා අතර සාපේක්ෂ ප්‍රවේගය හොයපු සීන් කෝන් එකම දාලා හරි නම් ආලෝකයේ, එහි ප්‍රභවයට සාපේක්ෂ ප්‍රවේගය, එහෙමත් නැත්නම් ආලෝකයේ සාමාන්‍ය ප්‍රවේගයට වඩා අඩු ප්‍රවේගයක් සොයා ගන්න පුලුවන් වෙන්න ඕන නේද?…

 

මෙම පරීක්ෂණයේදීත් මිචෙල්සන් ලොක්කාට ආවේ ආලෝකයට තියෙන ( තියෙනවා යැයි සිතන ) ප්‍රවේගයේ අගයම තමයි….

 

ඔන්න ඕකට තමයි මේ “අරයාට සාපේක්ෂව, මෙයාගේ ප්‍රවේගය”, “මෙයාට සාපේක්ෂව අරයාගේ ප්‍රවේගය” කියලා කිව්වෙ…නිව්ටන් උන්නැහේට අනුව නම් මේ හැම එකාගේම ප්‍රවේගය සාපේක්ෂ වෙන්නෙ, අර කළින් කිව්ව නිරපේක්ෂ අවකාශයට…ඒක මේ පොඩ්ඩක් ඕෆ් ට්‍රැක් පැනලා විස්තර කොරලා දුන්නෙ, නිකං ඔළුවෙ තියාගෙන ඉන්න පොඩි මෙව්ව එකක්…ඔය ඒ.ලෙවල් වලට පිසික්ස් කරපු භවතුන් සහ භවතියන් මෙව්වා කජ්ජ වගේ දන්නවා…

 

ඒ කාලේ අපේ ටැපික් රාළහාමිලා අතේ දැන් තියෙනවා වගේ රේඩාර් ගන් තිබ්බෙ නෑ…තිබ්බා නම්

අවම තරමේ අර වාහනයට ස්පීඩෝමීටරයක් අල්ලන ටැපික් රාළාමිගේ මීටරේ ආලෝකයේ වේගයට වඩා වෙනස් වේගයක් සටහන් වෙන්න ඕනනේ…..අඩේ…ඉතින් ඒම උනේ නෑනේ…එතකොට මොකක්ද සීන් එක?…ඇයි මේ අහිංසක නිව්ටන් තුමාගේ ලෝස් ඔෆ් මෝෂන් එකට ආලෝකය ඉදිරියේ ලූස් මෝෂන් හැදෙන්නේ….?..

ඔන්න ඔතන තමයි මෙව්ව එක තියෙන්නෙ…දැන් අපි යන වාහනේ චලනය වීමත්, ආලෝකය චලනය වීමත් සිද්ද වෙන්නෙ, අර නිව්ටන් උන්නැහේ කියපු, කම්මැලි, මුකුත් නොකරන, කුජීතු අවකාශයට සාපේක්ෂව නම්, ඉතින් ආලෝකයට ස්ථතික වේගයක් පවත්වා ගන්ට බෑ….

 

 

ඔන්න ඔතනදි තමයි අපේ ඇල්බට් අයින්ස්ටයින් උන්නැහේ දකුණු පය පෙරට තබා වැඩ පටන් ගත්තෙ….දැන් එතුමා එනවා අපූරු නිගමනයකට…අයිසැක් නිව්ටන් තුමා කියනවා වගේ “ඔන්න අවකාශය තියෙනවා…කාළය කියන්නේ අවකාශය තුළ ගලා යන දෙයක්” කියනවා වෙනුවට, මුන්දැ කියාපි “වේගය කියන්නේ, ඕනෑම වස්තුවක් කාළය හරහා තරණය කරනු ලබන අවකාශය පරිමාව” .. ඒ නිසා “මේ කාළය සහ අවකාශය දෙක එකට වැඩ කරනවා…මොකටද එකට වැඩ කරන්නේ…? ආලෝකයේ වේගයෙහි නියත බව සහ ආලෝක ප්‍රභවයෙහි වේගය මොන තරම් උනත්, ආලෝකයේ වේග සීමාව ආරස්සා කොර ගන්න …”

 

 

දැන් එතුමා එනවා අපූරු නිගමනයකට…අයිසැක් නිව්ටන් තුමා කියනවා වගේ “ඔන්න අවකාශය තියෙනවා…කාළය කියන්නේ අවකාශය තුළ ගලා යන දෙයක්” කියනවා වෙනුවට, මුන්දැ කියාපි “වේගය කියන්නේ, ඕනෑම වස්තුවක් කාළය හරහා තරණය කරනු ලබන අවකාශය පරිමාව” .. ඒ නිසා “මේ කාළය සහ අවකාශය දෙක එකට වැඩ කරනවා…මොකටද එකට වැඩ කරන්නේ…? ආලෝකයේ වේගයෙහි නියත බව සහ ආලෝක ප්‍රභවයෙහි වේගය මොන තරම් උනත්, ආලෝකයේ වේග සීමාව ආරස්සා කොර ගන්න …”

 

තේරුනේ නෑ වගේද?… ඔන්න එහෙනම් ලොන්තම පැහැදිලි කිරීම කරනවා, අහ ගන්ඩ වාඩි වෙලා….

 

 

මේ අපි ඉන්න විශ්වය කියන මෙව්ව එකෙත්, මේ මහ පාරවල් වල, අලුතින් දාපු හයිවේ වල වගේ තියෙනවා “ඉස්පීඩ් ලිමිට්” එකක්…ඒක තමයි ආලෝකයේ වේගය, හෙවත් පැයට කිලෝ මීටර් මිලියන 1073…අයින්ස්ටයින් උන්නැහේට අනුව නම්, ඕක පහු කරලා යන්න පුළුවන් ජගතෙක් මේ තෙදියත තාම ඉපදිලා නෑ…පහු කොරන්නත් බෑ..

 

ඇයි බැරි?…අවකාශය සහ කාළය පොඩි ටීම් වර්ක් එකක් දාලා, ආලෝකයේ උපරිම වේග සීමාව ආරස්ස කොර ගන්නවා…යම් කිසි වස්තුවක් ආලෝකයේ වේගය ආසන්නයට එනවාත් සමඟම, එය විසින් අවකාශයේ ගන්නා ලබන ප්‍රමාණය එන්න, එන්න අඩු වෙනවා..උදාහරණයක් හැටියට, අපි හිතුවොත් නැඩ සයිස් ටුවරිස්ට් බස් එකක් ආලෝකයේ වේගයට ආසන්න වෙනවා කියලා, එලියේ ඉඳන් බස් එක දෙස බලා, එය තම “සංජානනයට” ( පර්ස්පෙක්ටිව්, නැත්තං දෘෂ්ඨිකත්වය කියන්නෙ ) ගන්නා නිරීක්ෂකයාට පේන්නෙ මේක යාන්තම් සෙන්ටිමීටර් ගාණක් දිග, හිබිකිච්චං දෙයක් හැටියට…හැබැයි බය වෙන්න එපා, ඇතුලේ ඉන්න ටුවරිස්ට්ලා ටික තැලී, පොඩිවී පරලෝ සැපත් වෙලා නෑ…ඒ ඇතුලේ ඉන්න බුවාලාගේ පර්ස්පෙක්ටිව් එක අනුව බස් එක නෝමල් විදියට තියෙනවා…උන්ගෙ ඔරලෝසු වල කටුත් නෝමල් එකේ වැඩ කරනවා…හැබැයි බස් එක, පිටත අවකාශයේ ගන්නා ප්‍රමාණය එන්න, එන්නම අඩු වෙනවා…ඇයි අඩු වෙන්නේ…? කාළය සමඟ යන අවකාශය ප්‍රමාණය අඩු කරන්න සහ ත්වරණය හෙවත් “ඇක්සිලරේෂන්” එක පල්ලම් බස්සන්න…එහෙම බස්සන කොට මැක්කැයි වෙන්නේ?…ආලෝකයේ ප්‍රවේගයට ළඟා වෙන එක, අවකාශයම නැමී, තව දුෂ්කර කරනවා….

 

දැන් එහෙමත් අමරම කට්ටක් කාලා කොහොම හරි ආවයි කියමුකෝ ආලෝකයේ වේගයෙන් 99.99% කටම…පුළුවන්ද පැන ගන්න?….බෑ…ඇයි බැරි…එතනට එනකොටම, කාළය ගත වීමේ වේගය අඩු වෙන්න පටන් ගන්නවා…හැබැයි වාහනය ඇතුලේ ඉන්නා අයගේ නෙමෙයි…උන්ගේ ඔරලෝසු නෝමල් එකේ වැඩ…නමුත් බාහිර අවකාශයේ කාලය ගත වීම ( වාහනයට සාපේක්ෂව ) ටික, ටික ස්ලෝ ඩවුන් වෙනවා….දැන් නම් ඉතින් මළාට ආලෝකයේ වේගය ඉක්මවන්ට බෑ…ඉතින් ආලෝකයේ වේග සීමාව රැකෙනවා….ආතල් නේ?…

 

මේ කෙංගෙඩිය කොරන්ට අමාරුයි, කාළය සහ අවකාශය කියන දෙක, නොනැමෙන සුළු, ස්ථතික දේවල් වුණා නම්…ඒ වගේම “පැසිව්” හෙවත් අක්‍රීය්, කිසිවකට සාපේක්ෂ නොවන, නිරපේක්ෂ දේවල් උනා නම්…ඉංගිරිසියෙන් කිව්වොත් “කාළය ඇබ්සොලියුට් හෙවත් නිරපේක්ෂ උනා නම්, අවකාශය ඇබ්සොලියුට් හෙවත් නිරපේක්ෂ උනා නම්” මෙහෙම නැමෙන්නෙ නෑ කිසිවක් ආරක්ෂා කොර ගන්න…නමන්නත් බෑ…

 

මොකෝ අපේ අර කළින් ලිපියේ කිව්ව උදාහරණය වන නෙළුම් පොකුණ ඉස්ටේජ් එක නමන්න පුළුවන්ද?…නැමෙයිද?…අඩු ගාණේ අපේ මහ රජතුමා ගෙහුං “නැමියං නැත්තං තෝ තුන් අවුරුද්දකට ඇතුළට යවනවා ” කිව්වත් නැමෙන්නේ නෑ…අවකාශය කාළය යන දෙක ඒ වගේ ඉස්ටේජ් එකක් උනා නම් කීයටවත් මේ වෙනස් වීම සිද්ද වෙන්නේ නෑ…එහෙනං ඒ දෙකත් සාපේක්ෂ වී, එකිනෙක හා දියවීමෙන්, නම්‍යශීලී වී ආලෝකයේ වේගය ආරස්සා කොර දෙනවා…එහෙනම් ඒවාත් සාපේක්ෂයි….ඔන්න ඕකට තමයි ඇල්බට් උන්නාන්සේ සාපේක්ෂතාවාදය කියලා කිව්වෙ…( ජෙනරල් තියරි ඔෆ් රිලෙටිවිටි ) ..

 

 

 

චලිතය සමඟ අවකාශය සහ කාළය දියවී යාම වාහනය ඇතුලේ ඉන්නා පොරවල් වලට අවටින් සංජානනය වන අයුරු….

 

දැන් ඒ තර්කය තුල එතුමා අලුත් සංකල්පයක් හඳුන්වා දුන්නා…ඒ මොකක්ද?..මේ අවකාශය සහ කාළය කියන දෙක, එකතු වෙලා ක්‍රියා කරන “අවකාශ – කාළ” සංකල්පය…දැන් දෙන්නා එකටමයි වැඩ…ගෑණියි, මිනිහයි වගේ….දෙන්නෙක් තමයි, නමුත් එක යුනිට් එකක් හැටියට ක්‍රියාවෙ යෙදෙන්නෙ….!…( මිනිහා මොකාද? ගෑණි මොකාද? වගේ පුරස්න ඇසීම තහනම්….!!….තාම කවුරුත් දන්නෙ නෑ, කවුද උඩින් ඉඳගෙන වැඩේ කරන්නෙ, කවුද යටින් ඉඳගෙන වැඩේට අහුවෙන්නෙ කියලා…)

 

ඒනං ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ල් කාර්ස්…!

 

අපි පැහැදිලි කිරීම අරඹමු…මේ සාපේක්ෂතාවාදය මෙව්ව එක ඇසුරෙන් අයින්ස්ටයින්ගේ ගුරුත්වාකර්ෂණය පිළිබඳව සංකල්පය…හෙණ වටයක් ගහලානේ දැන් එතනට ආවේ…ආපහු පාරක් පුංචි මතක් කිරීමක් කරමු, ඇයි අපි මේ වටේ ගැහුවෙ කියන එක…මෙන්න මේ පුරස්නෙට පිලිතුරු නිව්ටන් ගොයියා ගාව නොතිබ්බ නිසයි මේ වටේ ගහන්න උනේ…පසුගිය ලිපියෙන්…

 

//….

කන්සෙප්ට් එක එක උනත්, එහෙම ලන්නක් වගේ මොකක් හරි කනෙක්ෂන් එකක් පෘතුවිය සහ හඳ අතරේ නෑ කියලා අපි දන්නවනේ…එහෙනං කොහොමද අප්පේ කිලෝමීටර් ලක්ස හතරක සෙපරේෂන් එකක් ( r ) ඔස්සේ මේ වගේ ආකර්ෂණයක් පවතින්නේ…?

 

පුර සඳ මඩල අපෙන් ඈත් නොවී තියෙන්නෙ කොහොමද පෘතුවියට ඇලිලා….?….

 

ඔන්න කණෝ පිනුම් කිව්වලු….නිව්ටන් උන්නැහේ ජීවතුන් අතර හිටි කාලෙදිත් එක, එක නසරාණි ඔය පුරස්නේ එතුමාගෙන් ඇහුවාම එතුමාටත් ඇඩ්‍රස් නැති වුණා….ඕකට කියන්න දෙයක් උන්නැහැට තිබ්බෙ නෑල්ලු…

 

තව සීන් කෝන් එකක් ඔය අස්සෙ මාට්ටු උනා…දැන් ඔහොම එක්, එක් වස්තූන් ස්කන්ධය සහ ඒවා අතර තියෙන දුරට සමානුපාතික වන බලයකින් ආකර්සණය වෙනවා නම්, ඔව්වා ඔක්කොම එකම කේන්ද්‍රයකට ඇදිලා ගොහිං ආකහේ තරු, ග්‍රහ මණ්ඩල ඔක්කොම එකම කේන්ද්‍රයකට කඩා වැටිලා විශ්වය ප්‍රසාරණය වන්න මහා පිපුරුම් දුන්නු චාලක ශක්තිය අබිබවා මේ කේන්ද්‍රාභිසාරී ගුරුත්වාකර්සන බලය ඉහළ ගිහින්, විශ්වය රිවර්ස් වෙලා හිග්ස් පාටිකල් ( හිග්ස් ලොවෙත් නෑ ඒ කාලේ ) එකක් වෙන්නෙ නැත්තෙ ඇ‍යි….? ….//

 

දැන් මෙන්න සාපේක්ෂතාවාදය ඇසුරෙන් උත්තරේ:

 

දැන් මේ පහත රූප රාමුව දෙස බලන්ඩ….ඔන්න බ්‍රහ්මදත්ත රජතුමාගේ පූල් ටේබල් එක තියෙනවා ( සමහරු ස්නූකර් කියන්නෙත් මේකටමද මන්දා?…මම ඉතින් ගමේ ගොඩේ කොලුවනේ…)…මේ පූල් ටේබල් එකේ තියෙනවා පිංවතුනි, බෝල ගොඩක්…ඒ බෝල තියෙන්නෙ මෙන්න මේ හැඩේට…

 

 

දැන් ඔය ඇත්තො නිකමට හිතලා බලන්න මේ බෝල ටික තමයි අවකාශයේ තියෙන වස්තූන්…එතකොට මේසය තමයි අවකාශය… කාළයත් සමඟම මේවායේ චලිතය හරියට මේ පූල් ටේබල් එක උඩ තියෙන අර සුදු පාට බෝලෙට ඉරට්ටෙන් විද්දාම, ඒක ගිහිල්ලා වැදිලා, අනිත් බෝල ඒ මේ අත යනවා වගේ….

 

 

 

 

දැන් මේ පූල් බෝල් ටික, හෙවත් අවකාශයේ පවතින වස්තූන්, මේ විදියට හැසිරෙන්නේ, අපි අර කළින් කියාපු නිව්ටන් උන්නැහේගේ අවකාශය හෙවත් අචල, ස්ථතික අවකාශ රාමුව ( වේදිකාව ) කියන නිර්ණායකයට අනුව….දැන් අපි හිතාගමු, මේ අවකාශය හෙවත් මේසය සාදා ඇති රෙද්ද, නම්‍යශීලි රෙද්දක් කියලා…නැමෙනවා හොඳට…යමක් ඒක උඩ තිබ්බොත්, ඒක හොඳට, ඒ තියෙන වස්තුවේ ස්කන්ධයට අනුරූපව නැමෙනවා…එහෙම හිතාගමුකෝ…ඔන්න දැන් මේසය මතුපිට නම්‍යශීලියි…

 

ඒ නම්‍යශීලි මේසය මතු පිටින් අපි තියනවා හුඟක් බර, අර පූල් බෝල වලට වඩා විශාල යකඩ බෝලයක්…මෙන්න මේ වගේ…( රූපය බලන්න )

 

 

 

කොහොමද වැඩේ…??…නැමුණ නේද මේසය මතුපිට පහළට…අන්න ස්පේස්-ටයිම් එක කර්ව් එකක් ගැහුනා…වක්‍රතාවයක් ආවා…ඇයි ආවේ…? අර බෝලයේ ස්කන්ධය නිසා, එය පිහිටා තිබෙන අවකාශ-කාළය නැමුණා…එරුණා…වක් වුණා….මාරයි නේ…?

 

දැන් අපේ ස්නූකර් ක්‍රීඩකයා, මේ බර බෝලයට, හෙවත් මේ ඉහත රූපයේ මැද්දෙන් තියාපු “බෝලිං” බෝලය දෙසට විදිනවා අර සුදු පාට චූටි ස්නූකර් බෝලය…

 

 

විද්දාම ඒ බෝලය, මේ බෝලය ළඟට ආවාම අපිට දකින්න ලැබෙන්නෙ මෙන්න මේ වගේ සීන් එකක්….

 

 

අම්මට සිරි…කළින් අර ස්ථතික, නොනැමෙන මේසය තියෙද්දි, දෙකක් එකට හැපුණාම, විවිධ පැති වලට විසි වුණු බෝලනේ දැක්කෙ…දැන් මේ බෝලය ඇවිත්, අර බර බෝලය විසින් ඇති කරන ලද අවකාශ – කාළ ආවාටයේ බෑවුම වටේ රවුමට, රවුමට යනවා….

 

ඔන්න කනෝ කිරිවල පාට කිව්වලු…! දැන් ඔය මැද්දෙන් තියාපු බර “බෝලිං” බෝලය සහ වටේ යන සුදු පාට ස්නූකර් බෝලයට, මම තව දෙන්නෙක්ව ආදේස කොරනවා…ඔන්න මීළඟ කොටුව බලාන්ඩ….

 

 

කොහොමද පිංවත්නි, වැඩේ…??…දැන් තේරුණාද මොකෑ වෙන්නෙ කියලා…??…ලන්නක් දාලා අම්බිලි මාමාව බැඳගෙන ඉන්නෙත් නෑ….අම්බිලි මාමට ඔය තරම් දුරකට අපේ ඉඳන් බලපැවැත්වෙන අමුතු බලයකුත් නෑ….එහෙනං අම්බිලි මාමා කරන්නෙ අවකාශ-කාළයේ අපි විසින් ඇති කරන ලද නැම්මේ, ගැට්ට වටේ රවුමට, රවුමට යන එක…එයාට තියෙන්නෙ නියත වේගයක් නිසාත්, ප්‍රතිරෝධයක් නැති නිසාත්, එයා ස්ලෝ ඩවුන් වෙලා ඇවිත් අපේ ඇඟේ වදින්නෙත් නෑ…හරියට මාරක ළිඳේ මෝටර් සයිකල් එලවනවා වගේ…

 

එහෙනං අපේ සූරිය දිවිය පුත්තරයා, උන්දෑගේ මහා ස්කන්ධයට සහ බරට පිං සිද්ද වෙන්න හදන වක්‍රය වටේ තමයි මේ දුප්පත් අපිත් යන්නෙ….එහෙම ගිහින්, ගැට්ටේ හිටපු තැනට සෙට් වෙනකොට, ඩෝං, පටෝං, චූස්, බූස් ගාලා, “එහෙනං මැණිකෙ ඔය දරුවන්ට කිරිබත් කෑල්ලක් කවල ඉන්ඩකෝ මුලින්ම” කියලා, ඩෙට් පැන්න බිස්කට් පෙට්ටි අරං නෑ ගම් යන්නෙ….තේරුණාද සීන් එක…?

 

 

ගුරුත්වාකර්ෂණය කියන්නෙ එතකොට වෙන මොකක් වත් කෙහෙල් මලක් නෙමෙයි…අවකාශ-කාළයේම හැඩය තමා…එක වස්තුවක් තවත් වස්තුවක් දිහාවට ඇදිලා එන්නෙත් මේ නැම්ම නිසාම තමයි…

 

අපි තව සරල උදාහරණයක් ගමුකෝ….හොඳ ආපිකෝ මෙට්ටෙක ජෝඩුවක් බුදිය ගන්නවා…..මේ ජෝඩුවේ හස්බන්ඩා හුඟක් මහතයි…පොර නිසා මෙට්ටෙ නැම්මක් ඇතිවෙනවා….එතකොට මේ දෙන්නගෙන් වයිෆරේ හීන්දෑරි ගෑණු දරුවෙක්…ඒ ඇත්ති සැතපුණාම, අර නැම්මට තල්ලු වෙලා වැටෙනවනේ…තේරුණාද සීන් එක…?..( ඊට පස්සෙ වෙන ඒවා මගෙන් අහන්න එපා, ඒවා ගිහින් අහගන්නවලා අර “තාඹුගේ ලෝකය” බ්ලොග් එක කරන දොස්තර මහත්තයගෙන්…)

 

ඔන්න දෙයියනේ කියලා දෙවනි කොටස අවසන්…මීළඟ කොටසෙන් අපි එමු, ජයිරස්කෝප්පුවා දෙසට….

අයින්ස්ටයින් උන්නැහේ නිවැරදි බව ඔප්පු කළ ජයිරස්කෝප්පුවා….. – 1

දැන් ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ල්කාර්ස්… !! අපේ පැරණි සිංහල කියමනක් තියෙනවා “උඩ පැන්නොත් බිම වැටේ” කියලා….උඩ පනින සමහර අය බිම වැටෙන්නෙ ටිකක් කල් ගිහින් තමයි…( ඉවසපන් පපුව…!)…ඒ උනාට, උඩ පැන්නාම කෙළින්ම උඩම නොගොස් බිම වැටෙන්නෙ මොකෑ කියන එක ගැන හිතන්න තරම් වෙන කරන්න වැඩක් නැති වෙච්ච පොරවල් අතර පළමුවැනියා තමයි අපේ අයිසැක් නිව්ටන් සෑර්…එතුමාට උපතින් සෙම් කෝපය තිබිච්ච මහත්තැන් කෙනෙක් නිසා, මේ හද්ද හීතල එංගලන්තෙ ඇපල් ගස් යට වාඩිවෙලා ඉඳියි කියලා හිතන්න එපා…ඒක නිකම්ම නිකං මෙටෆර් එකක් විතරයි….

 

නිව්ටෝනියානු ගුරුත්වාකර්සන දර්සනේ දාන්න කළින්, සුටුස් ගාලා බලලා එමුකෝ එතුමාගේ අවකාශය පිළිබඳව පැහැදිලි කිරීම දෙස….

 

එතුමාට මාර උණක් තිබුණා මේ “අවකාශය” කියන එක ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්න….එතුමා ඒ නිසා කල්පනා කරා මේ අප අවට තිබෙන සියල්ල අහක් කොරලා, මුකුත් නැති අවකාශයක් ගැන… ඒත් ඒ මුකුත් නැති තැනත් මොකක් හරි එකක් තියෙනවා… මක්කැයි තියෙන්නෙ?… අවකාශය…

 

“Nothingness is Something” කියලා ඔලුව කස, කස කියපු නිව්ටන් තුමා, එතුමාගේ Principia Mathematica නැමති කෝකටත් තෛලය වූ ග්‍රන්ථ රාජයාගේ මෙහෙම සඳහනක් දැම්මා…

 

” Absolute space, in its own nature, without relation to anything external, remains always similar and immovable. Relative space is some movable dimension or measure of the absolute spaces, which our senses determine by its position to bodies and which is commonly taken for immovable space; such is the dimension of a subterraneous, an aerial, or celestial space, determined by its position in respect of the earth. Absolute and relative space are the same in figure and magnitude, but they do not remain always numerically the same. For if the earth, for instance, moves, a space of our air, which relatively and in respect of the earth remains always the same, will at one time be one part of the absolute space into which the air passes; at another time it will be another part of the same, and so, absolutely understood, it will be continually changed….”

 

 

දැන් මේ මහා පතරංගෙ තේරුම මේකයි.. මුන්නැහේ කල්පනා කොරෙව්වා, මේ අවකාශය කියන්නෙ මේ විශ්වයේ සියළු ගලා යෑම්, සිදුවීම් සිදුවන මහා රඟ මඬල කියලා… දැන් අපි ඕක තව විදියකට කම්පනා කොරලා බලමුකෝ…

 

දැන් ඔය අපේ “නෙළුම් පොකුණ” … සමාවෙන්න… මහා රාජොත්තම රංග සාලාව තියෙන්නෙ… ඕකෙ යනවා නාට්ටියක්… අපි හිතමු මනමේ කියලා… මනමේ කුමාරයයි, කුමාරියි, වැද්දයි, වැද්දගෙ අමුඩෙයි, දුන්නයි, මනමෙගෙ සුප්‍රකට කඩුවයි, සංගීත කාරයොයි, කවි කියන එව්වොයි, තිර රෙදියි, බලන් ඉන්න වාහෙලයි, ලයිට්, අනං මනං සේරම අයින් කොළා කියමුකෝ… දැන් මක්කැයි පේන්නෙ..?… මුකුත් නෑ කියල කෙනෙකුට සස් ගාල කියන්න පුළුවන්… වැරදියි… මුකුත් නැත්තෙ නෑ…

 

ඇයි හත් වලාමේ ඉස්ටේජ් එක… ? … අර ඔක්කොම ගියාට පස්සෙ ඉස්ටේජ් එක ඉතිරියි නෙ… අර සේරම සැරසිලි කොරලා සෙල්ලම් පෙන්නුවෙ ඉස්ටේජ් එකේ නේ… ආං ඒ විදියට තමයි අපේ අයිසැක් නිව්ටන් අයියා “අවකාශය” ( Space ) ගත්තෙ… පොර මේකට නමක් එහෙමත් දැම්මා “නිරපේක්ෂ අවකාශය” ( Absolute Space ) කියලා… හැබැයි අපි කවුරුත් පුංචි කාලේ ආකහේ දිහා බලාන ඉඳලා හිතා ගන්නවා වගේම, පොරත් හිතා ගත්තා, “එළ කිරි… මේ නිරපේක්ෂ අවකාශය වෙනස් වෙන්නෙ නෑ… නොවෙනස්, දෘඨ, ස්ථතික ( Static Space ) අවකාශයක්…. ඒ අවකාශය, ඒක තුල සිද්ද වෙන සංගදි වලට සක්‍රීයව දායක වෙන්නෙ නෑ ඕං… ඒක නිකං බලා ඉන්නවා විතරයි… කොටින්ම කිව්වොත් “අක්‍රීය” නොහොත් Passive Space එකක් තියෙන්නෙ කියලා…

 

 

නිව්ටන් අයියා මේ ඇබ්සොලියුට් ස්පේස් එකේ මැජික් පෙනන්න ගත්තා…අප්‍රමාණ වූ අවකාශය නැමති වේදිකාව මත ප්‍රමාණික වූ ක්‍රියා දාමයන් රඟ දැක්වෙනවාය, ඒක නිසා මේක එක්තරා විදියක මැජික් ෂෝ එකක්ය කියන්න උන්නැහේ පටන් ගත්තා….

 

 

උන්නැහේ මේ ඇබ්සොලියුට් ස්පේස් එකේ පැවැත්ම තහවුරු කරන්න ගිහින් බාල්දියකුත් පෙරල ගත්තා….

 

 

දැන් මේ ඉහත කොටුව දෙස බලාන්ඩ…මේ තමයි නිව්ටන් උන්නැහේගේ බාල්දිය…උන්නැහේ කිව්වා මේ නිරපේක්ෂ අවකාසෙ ඇතුලෙ මොකක් හරි මඟුලක් කෙරෙනව නම්, අන්න ඒ කෙරෙන මඟුල  කෙරෙන්නෙ ඒ අවකාශයට සාපේක්ෂව කියල…දැන් ඔය බාල්දියෙ තියෙන වතුර ටික බලන්නකො…බාල්දිය නිසලව තිබෙන විට, ජෝ ටිකත් නිසලය….බාල්දිය ජෝට සාපේක්සව කැරකෙන්නට පටන් ගත් පසුව, ජෝද කැරකෙයි…කැරකි, කැරකි දෛවේ කියා, එය අවසානයේ බාල්දියට සාපේක්සව යළි නිසලය….හැබැයි බාල්දියේ එක ගෙන ඇත….උන්නැහැ මේක තමයි අවකාසය තුල සිදුවන සියළු ජිල්මාට් පැහැදිලි කොරන්ඩ යොදා ගත්තෙ…

 

ඒත් මේ අහිංසක මනුස්සයට ඒම කියලා ඇපල් ගෙඩියක් කාලා පාඩුවෙ ඉන්ඩ තිබ්බෙ නෑ මේ කෲර ලෝකය…. ජෝජ් බර්කලි කියලා පොරක් සෙට් වෙලා දිගට අරහට ගේමම ඉල්ලන්න ගත්තා…අන්තිමට නිව්ටන් තුමාගෙන් ආපු ප්‍රස්ණ කන්දරාවට දෙන්න එතුමට උත්තර නැතුව ගියා…කියන්න දුකයි පිංවතුනි, ඇඬෙනවා තනි ඇහැට….

 

නිව්ටන් තුමාට ටිකට් එක ලැබී සියවසක් ගිය තැන ප්‍රාදූර්භූත වූ අර්න්ස්ට් මැක්, ඊට පස්සෙ ආපු ඕගස්ට් ෆොප්ල් වගේ අය දිගට අරහට ගේම ඉල්ලන්න ගත්තා බාල්දියෙන්…මැක් උන්නැහැ වෙනම බාල්දියක් හදාගෙන පෙරල ගත්තා…උන්නැහැ කිව්වා බාල්දියේ ඝණත්වය ප්‍රමාණිකව වැඩි නම්, ජලයේ අභ්‍යන්තර එය සමඟ කැරකෙද්දි, ජලයේ මතුපිට පෘස්ටය නිසලව පවතිනවාය, අනං මනං…පික්ෂු පීකුදු…කවුරු දනියිද ඕවා….??

 

ඒ උනාට මේ අවකාශය ගැන නිව්ටන් උන්නැහේ හදාගත්තු තියරි ඔල උඩ ඉඳගෙන එතුමාණෝ චලිතය ගැන බොහෝ නියමයන් දෙසා වැදෑරුවා…මේ නිව්ටෝනියානු Laws of Motion අදටත් අපි බොහෝ දේ සඳහා එදිනෙදා ජීවිතයේදී භාවිතා කරනව කියන එක මතක තියාගෙන, ඊළඟ වතාවෙ ඔපිස් එකේ “ලිෆ්ට්” එකට නැගලා බොත්තම ඔබන කොට, අයිසැක් නිව්ටන් තුමා සිහි කොට, දෙව් මිනිස් සැප කෙලෝර එතුමාට අජරාමර නිවන් සම්පත්තිය අවබෝධ වේවා කියලා පිනක් අනුමෝදන් කොරන්ඩ….

 

ඔන්න ඉතින් පනිනවා “ඕෆ් ට්‍රැක්”…. සොරි වෙන්න ඕන ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ල්කාර්ස්…! උපන් ගෙයි ඉඳන් තියෙන කැත පුරුද්දක්…අපි නැවතත් ගුරුත්වාකර්ෂණ සජීවි විකාශයට යොමු වෙමු….

 

අයිසැක් නිව්ටන් තුමාගේ මේ අවකාශය පිළිබඳව නිරපේක්ෂ රාමු තියරිය, මොන තරම් ඇටෑක් එකක් එල්ල උනත් කාගෙන වැඩ හිටියා අවුරුදු 183 ක් විතර කාළයක්…මොකැයි කිව්වොත්, “අවකාශය” ගැන මේ විදියට හිතන එක තමයි අපිට කොහොමත් හුරු…. “අම්මගෙ බඩෙ මං හිටියා, අම්ම ගෙදර ඇතුලේ හිටියා, ගෙදර ගාල්ල දිස්ත්‍රික්කෙ ඇතුලේ හිටියා, ගාල්ල ලංකාව ඇතුලේ හිටියා, ලංකාව ආසියාව ඇතුලේ හිටියා, ආසියාව ලෝකෙ ඇතුලෙ හිටියා…” ඔහොමනේ හිතන්න පුරුදු අපිට…ඉතින් අපිට හරි ආතල් මේ නොසැලෙන, නොවෙනස් රාමුවක් ඇතුලෙ, ඒ රාමුවට සාපේක්ෂව එව්වා , මෙව්වා වෙනව කිව්වම…තේරෙනවා අගේට….

 

“මෙන්න මං ඉන්නවා…මං මේ කාමරෙ ඉන්නවා….කාමරෙ බිත්ති හතරයි, සීලිමයි තියෙනවා…යටින් ෆ්ලෝර් බෝඩ් එක තියෙනවා….මම කාමරේ මැද්දෙ ඩාන්ස් එකක් දැම්මොත්, මම හෙල්ලෙනවා, ඒත් කාමරෙ නෝ හෙල්ලුම්…ඒක නිසා මම කාමරේට සාපේක්සව චලනය වෙනවා….රවුමට කැරකුණොත් මට මගේම කැරකීම පේනවා…පේනවා පමණක් නොවෙයි දැනෙනවා….අත් දෙක දෙපැත්තට වේගයෙන් කේන්ද්‍රාපසාරීව විහිදෙනවා…මොකට සාපේක්සවෙයි…? කාමරේට…”

 

නෙද්දකිං විතරක් අසමත්ජාති… නෝට් එක දිහා බලපියව්…

 

 

මේ චින්තනයට ගුරුත්වාකර්ෂණය කියන එක මීටර් උනෙත් “නිරපේක්ෂ අවකාශය” තුල, ඒ රාමුව අස්සෙ, වස්තූන් දෙකක් අතර ඇති “ආකර්ෂණය” ගුරුත්වාකර්ෂණය ලෙස දකින්න උන්නැහේ ඉගැන්නුවේ…ඒ අනුව උන්නැහේගේ ගුරුත්වාකර්සනේ වර්ෂන් එක උනේ සෑම වස්තුවක්ම අනෙක් වස්තුව, ඒ වස්තූන් දෙකට සංකේන්ද්‍රික වූ රේඛාවක් ඔස්සෙ, ඒවායේ ස්කන්ධයන් අතර ගුණිතයට අනුලෝමවත්, එව්වා අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතික වන බලයකින් ආක්‍ර්සනය වේය කියන එක තමයි…

 

F = G m1*m2 / r^2

 

කියන මහා සමීකරණ රාජයා මේ ලෝකයට දායාද කලේ ඒ නියමය අනුව….

 

හැබැයි පුතේ මේ ඩෙවිනීසොං එකේ පොඩි කොස්සක් හිටියා…. මුන්නැහේගේ චලිතය සම්බන්ධ නියමයන් සේරටමත් ඒ පරහ හිටියා… ( පරහ පරහක් ලෙස හඳුනා ගත්තෙ කොහොමදැයි කියලා අපි ඊගාවට බලමු… ) .. පරහ තමයි මෙයා හැම විටම කියලා කිව්වට, මේ ගුරුත්වාකර්සන වැඩේට අවකාශය / විශ්වය සක්‍රීයව දායක වෙනවා කියන එක අවබෝධ කොරං උන්නෙ නෑ… උන්නැහේට අනුව නම් අවකාශය නිසලයි, අනිත් එව්වා සලයි…අවකාශය ස්ථතික, නොවෙනස් රාමුවක්….

 

දැන් පුරස්නයක් මතු වුනා….මේ කියන මඟුල් සමීකරණය යසට තිබ්බට මේ විශ්වය තුළ එකිනෙකට කිලෝමීටර් ( ආලෝක වරුස කිව්වත්  ) ලක්ස ගාණක් ඈතින් තියෙන වස්තූන් එකිනෙකට ගුරුත්වාකර්ෂණයෙන් බැඳී පවතින්නේ කොහොමද?… මේ තරම් දුරකට ක්‍රියාත්මක වන බලය මොකක්ද…? මොකෝ ලන්නක් දාලා බැඳගෙන කැරකෙනවයැ…? බාල්දියේ සීන් එක ආයෙ මතකයට ගන්නකො…පෘතුවිය භ්‍රමණය වෙනවා….පෘතුවිය භ්‍රමණය වන නිසා, පෘතුවියට සාපේක්සව හඳත් පෘතුවිය වටේ යනවා….අර ඔලිම්පික් වල “හැමර් ත්‍රෝ” සෙල්ලමේ වගේ පෘතුවිය කැරකෙද්දි, ලන්නක් දාලා හඳ බැඳගෙන කැරකෙනවා නෙමෙයි නේ මේ පින්තුරේ තියෙන්නා වගේ….

 

 

කන්සෙප්ට් එක එක උනත්, එහෙම ලන්නක් වගේ මොකක් හරි කනෙක්ෂන් එකක් පෘතුවිය සහ හඳ අතරේ නෑ කියලා අපි දන්නවනේ…එහෙනං කොහොමද අප්පේ කිලෝමීටර් ලක්ස හතරක සෙපරේෂන් එකක් ( r ) ඔස්සේ මේ වගේ ආකර්ෂණයක් පවතින්නේ…?

 

පුර සඳ මඩල අපෙන් ඈත් නොවී තියෙන්නෙ කොහොමද පෘතුවියට ඇලිලා….?….

 

ඔන්න කණෝ පිනුම් කිව්වලු….නිව්ටන් උන්නැහේ ජීවතුන් අතර හිටි කාලෙදිත් එක, එක නසරාණි ඔය පුරස්නේ එතුමාගෙන් ඇහුවාම එතුමාටත් ඇඩ්‍රස් නැති වුණා….ඕකට කියන්න දෙයක් උන්නැහැට තිබ්බෙ නෑල්ලු…

 

තව සීන් කෝන් එකක් ඔය අස්සෙ මාට්ටු උනා…දැන් ඔහොම එක්, එක් වස්තූන් ස්කන්ධය සහ ඒවා අතර තියෙන දුරට සමානුපාතික වන බලයකින් ආකර්සණය වෙනවා නම්, ඔව්වා ඔක්කොම එකම කේන්ද්‍රයකට ඇදිලා ගොහිං ආකහේ තරු, ග්‍රහ මණ්ඩල ඔක්කොම එකම කේන්ද්‍රයකට කඩා වැටිලා විශ්වය ප්‍රසාරණය වන්න මහා පිපුරුම් දුන්නු චාලක ශක්තිය අබිබවා මේ කේන්ද්‍රාභිසාරී ගුරුත්වාකර්සන බලය ඉහළ ගිහින්, විශ්වය රිවර්ස් වෙලා හිග්ස් පාටිකල් ( හිග්ස් ලොවෙත් නෑ ඒ කාලේ ) එකක් වෙන්නෙ නැත්තෙ ඇ‍යි….?

 

ඔන්න ඔය වගේ ප්‍රස්ණ ඔල කස්ටිය පැටලිලා ඉන්න කොට තමයි අපේ කථා නායක ඩයල් එක සීන් එකට එන්ටර් වෙන්නෙ…හරියට හින්දි පිචර් එහෙක ආක්සේ කුමාර් බයික් එකෙන් බැහැලා, හෙල්මට් එක ගලවලා, සනිය සාක්කුවෙ දාගෙන එන්නා වගේ….

 

එන්ටර් ඇල්බට් අයින්ස්ටයින්….

 

අයින්ස්ටයින් තුමාට මීටර් උනා ආලෝකයේ වේගය ගැන අමුතු සීන් එකක්…මීට කළින් අවකාශය, කාළය ආදී මේ සියල්ල ගැන දාර්සණික මෙව්වා දීපු කිසි කෙනෙකුට මීටර් නොවිච්ච අමුතු එකක්….

 

මේ මහා පරිමාණ මීටර් විල්ලට දායක වුණේ අයින්ස්ටයින් ලොක්කාට පෙර සිටි තවත් ඇල්බට් කෙනෙක්…කොටින්ම කිව්වොත් මේ අලුත් තියරිය ඇල්බට්ලා ගහපු ගේමක්…ඇල්බට් මිචෙල්සන් කියන විද්‍යාඥයා සහ භෞතික ගණිතඥයා තමයි මුලින්ම පරීක්සන පවත්වලා සොයා ගත්තෙ , මේ ආලෝකයේ ප්‍රවේගය එහි ප්‍රභවයේ ප්‍රවේගයෙන්ද ස්වාධීනයි කියලා… ඒක අපි ජුංඩක් සරලව පැහැදිලි කළොත්, මෙහෙමයි….ඔන්න දැන් හිතන්නකො අපි වාහනේක යනවා කියලා….වාහනේ ඩ්‍රයිවර් බුවා එකසිය ගාණට තියලා පාගනවා….පාරෙ ඉන්න ටැපික් රාළහාමිගේ අතේ තියෙන “එකෝ රීඩර්” එකට ගාණට වදිනවා යන්නෙ පැයට කිලෝමීටර් 100 කට කියලා….එකෙන්ම දඩ කොළේ ලියනවා….හැබැයි අපි හිතමුකෝ රාළහාමි කාර් එකේ ඉස්පීඩ් අල්ලන්නෙ නැතුව, කාර් එකේ හෙඩ් ලයිට් වලින් එන ආලෝක කිරණ වල ඉස්පීඩ් එක මැන්නා කියලා…දැන් මොකැයි වෙන්නේ…? සාමාන්‍යයෙන් ආලෝකයේ වේගය කීයද?….අපි දන්න පමණින් නම් පැයට කිලෝමීටර් මිලියන 1073 ක් නේ….ඉතින් ඔන්න වාහනය නතර කර තියෙන වෙලාවක එක පාරට හෙඩ් ලයිට් දාලා, අපි ඒ ලයිට් වලින් එන ආලෝක කිරණ වල වේගය මැන්නොත්, ඒ එන්නේ ඔය උඩින් තියෙන කිලෝමීටර් ගාණ…..හැබැයි ඔන්න අපි වාහනේ ඉස්ටාට් කොරගෙන ගමන පිටත් වෙනවා…නිව්ටන්ගේ චලිතය සම්බන්ධ සමීකරණ දාලා ගණන් හැදුවොත් නම්, ඒ වාහනය පිටත් වී ඇති විට, ඒ වාහනයේ හෙඩ් ලයිට් වලින් එන ආලෝක කිරණ වල ප්‍රවේගය වැඩි වෙන්න ඕන නේද….? .. හරි නම් වාහනයේ වේගය ආලෝකයේ වේගයට එකතු වී, ආලෝකයේ වේගය වැඩි කරන්න පොඩි තල්ලුවක් දෙන්න ඕන….එතකොට ආලෝකයේ වේගය කළින් වාහනය නිසලව තියෙන අවස්ථා වලදි ලබා ගත් දත්ත වලට වඩා වැඩි වේගයක් පෙන්නුම් කොරන්ට ඕන නේද…?….අන්න එතන තමයි ඔබ්සර්වේෂන් එකේ කොස්ස තියෙන්නෙ….වාහනය ගමනේ යෙදෙද්දිත් ආලෝකයේ වේගයට එන්නෙ ඉහත අගයමයි…නිරීක්ෂකයාගේ හෝ ආලෝක ප්‍රභවයේ චලිතය ආලෝකයේ වේගයට බලපාලා නෑ…

 

මිචෙල්සන්ගේ පරීක්ෂණ වාර්ථාව අතට ගෙන කල්පනා කරපු අයින්ස්ටයින්ට මොනවද හිතුණේ….? දෙවනි කොටසින්…..

යථාර්තය යනු කුමක්ද? – ස්ටීවන් හොව්කින්ග් – අවසාන කොටස

ආකෘතියක් මත පදනම් වූ යථාර්තය මතු කියැවෙන වැනි ප්‍රශ්ණ සාකච්ඡා කිරීම සඳහා කදිම ආකෘතියක් සපයා දෙනවා : ලෝකය යම්කිසි නිශ්චිත කාළයකට පෙර නිර්මාණය වුනේ නම්, එයට පෙර මොකද වුනේ…? මුල් යුගයේ සිටි ක්‍රිස්තියානි දාර්ශණිකයෙකු වන ශාන්ත ඔගස්ටීන් ( 354 – 430) පළ කල පරිදි, දෙවියන් ලෝකය නිර්මාණයට පෙර , එවැනි ප්‍රශ්ණ අසන අය වෙනුවෙන් නිරය නිර්මාණය කරමින් නොසිටි අතර, “කාළය” යන ලෝක නිර්මාණයත් සමඟ දෙවියන් වහන්සේ විසින් බිහි කළ දෙයක් වන නිසා, එම යුගයට පෙර ( ලෝක නිර්මාණයට පෙර ) කාළය පැවතියේ නැත…මේකත් බයිබලයේ “ජෙනෙසිස්” කොටසින් ලෝකාරම්භය ගැන ලබා දෙන අදහස පිළිගන්නා අය කියන කථාවක් තමයි…එවැනි අයත් ඉන්නවා, ලෝකයේ මොන තරම්, එයටත් වඩා ලෝකය පරණයි කියා කිව හැකි ෆොසිල වර්ග තිබුණා වුනත්…( ඒ ෆොසිල එලෙස දමා ඇත්තේ අපිව නොමඟ යවන්නද? ) යමෙකුට වෙනත් යථාර්ත ආකෘතියක් ආරෝපණය කර ගන්නත් පුළුවන්, කාළය මීට වර්ෂ බිලියන 13.7 කට පෙර මහා පිපුරුමක් තෙක් දිව යන…අපගේ වර්තමාන නිරීක්ෂණයන්, ඓතිහාසික සහ භූගෝලීය සාධකයන්, සියල්ල පැහැදිලි කරන්නට පුළුවන් ආකෘතිය තමයි අපිට අතීතය නියෝජනය කරන්න ගන්න පුළුවන් හොඳම ආකෘතිය…

මේ ඉහත සඳහන් කරපු ආකෘතීන් දෙකෙන් දෙවනි ආකෘතියට තමයි හොඳටම පුළුවන් ෆොසිල සහ විකිරණ වාර්ථා මෙන්ම ආලෝක වර්ෂ මිලියන ගණනක් ඈතින් වූ මන්දාකිණි වෙතින් අපිට ලැබෙන ආලෝකය ගැන පහදන්න, ඒ නිසා එම ආකෘතිය, හෙවත් මහා පිපුරුම් ආකෘතිය, පළමුව කී ආකෘතියට වඩාත් ප්‍රයෝජනවත් වෙන්නේ…නමුත්, මෙහි එක ආකෘතියක් වත්, අනිත් ආකෘතියට වඩා “සැබෑය, යථාර්තවාදීය” කියන්නට නම් බැහැ…

නමුත් එහි ( ස්ටෑන්ඩඩ් මොඩලයේ ) අත්තනෝමතිකව වෙනස් කළ හැකි, නිරීක්ෂණයන්ට ගැළපෙන්නට සකසන ලද  පරාමිතීන් දුසිම් ගණනක් වූ අතර, ඒවා නිශ්චිත සිද්ධාන්ත මඟින් තීරණය වූ ඒවා නොවීය…

සතරවැනි කරුණ ලෙස, විද්‍යාඥයන් බොහෝ විට, විශ්මය ජනක නව අනාවැකි නිවැරදි බව ඔප්පු වෙනවා දැකීමෙන් ඉමහත් සතුටට පත් වෙති. ඒ වගේම එහි අනිත් අතට, යම් ආකෘතියක වැරදි හෝ අඩුපාඩු හෙළි වුවහොත්, පොදු ක්ෂණික ප්‍රතිචාරය

නමුත් එහි ( ස්ටෑන්ඩඩ් මොඩලයේ ) අත්තනෝමතිකව වෙනස් කළ හැකි, නිරීක්ෂණයන්ට ගැළපෙන්නට සකසන ලද  පරාමිතීන් දුසිම් ගණනක් වූ අතර, ඒවා නිශ්චිත සිද්ධාන්ත මඟින් තීරණය වූ ඒවා නොවීය…

සතරවැනි කරුණ ලෙස, විද්‍යාඥයන් බොහෝ විට, විශ්මය ජනක නව අනාවැකි නිවැරදි බව ඔප්පු වෙනවා දැකීමෙන් ඉමහත් සතුටට පත් වෙති. ඒ වගේම එහි අනිත් අතට, යම් ආකෘතියක වැරදි හෝ අඩුපාඩු හෙළි වුවහොත්, පොදු ක්ෂණික ප්‍රතිචාරය

සමහරු සහාය දෙනවා කාළය මහා පිපුරුම් වාදයටත් පෙර යුගයක් දක්වා දිව යන බව කියන ආකෘතියකටත්..මෙවැනි ආකෘතියකට වර්තමානයේ අපිට දකින්නට සහ සොයා ගන්නට ඇති නිරීක්ෂණයන් වඩා හොඳින් පැහැදිලි කරන්න පුළුවන් ද කියන එක නම් දන්නේ නෑ, මොකද පරිණාම වාදයේ සියළු නීති රීතින් මේ මහා පිපුරුම ළඟදි කඩා වැටෙන නිසා…( එතනින් ඔබ්බේ ඇති අතීතයකට බල පැවැත්වෙන්නේ නැති නිසා…) එහෙම වෙනවා නම්, කාළය මහා පිපුරුමටත් පෙර පැවති බව කියැවෙන ආකෘතියක් හදන එක ඵල රහිත ක්‍රියාවක් වෙනවා, මක් නිසාද කියනවා නම්, ඒ ප්‍රාග් – කාළ යුගයේ දකිනු ලබන කිසිදු දෙයකින් හෝ සොයා ගනු ලබන කිසිදු දෙයඉ වත්මන් යුගයට කිසිදු නිරීක්ෂණය කළ හැකි බලපෑමක් නැති නිසා…ඒ නිසා වඩාත් හොඳයි අපි “මහා පිපුරුම් වාදය” විශ්වයේ ආරම්භය ලෙස කරනු ලබන හැඳින්වීමට ඇලී සිටියොත්….

ආකෘතියක් යහපත් ආකෘතියක් වන්නේ එහි,

1. දර්ශණීය / මනරම් බවක් ඇත්නම්

2. ගළපා සැකසිය හැකි හෝ අත්තනෝමතික මූලිකාංග කිහිපයක් ඇත්නම්,

3. පවතින නිරීක්ෂණයන් සියල්ලට එකඟ වී, ඒවා නිවැරදිව විග්‍රහ කරනවා නම්

4. අනාගතයේ මේ ආකෘතිය බොරු හෝ ව්‍යාජ කළ හැකි නිරීක්ෂණයන් පිළිබඳව සවිස්තරාත්මක අනාවැකි පවසනවා නම්…

මෙවැනි ආකෘතියක් පිළිගත හැකි යහපත් ආකෘතියක් වන්නේය…උදාහරණයක් සළකමු: ඇරිස්ටෝටල් ගේ “ලෝකය මූල ද්‍රව්‍ය / මූල ධාතු / මූල භූතයන් සතරකින්, එනම් පෘතුවි ධාතුවෙන්, වායුවෙන්, ගින්නෙන් සහ ජලයෙන් සෑදී ඇත, .. වස්තූන් සියල්ල ඒවායේ කැමැත්ත ඉටු කරනවාය , ඒවායේ අභිමතාර්ථයන් ඉෂ්ඨ කරනවාය,  යන සිද්ධාන්තය ගෙන බලන්න… එහිත් වෙනස් කළ හැකි මූලිකාංග කිසිවක් සඳහන් වූයේ නැත..නමුත් බොහෝ අවස්ථාවන් වලදී ඒවා නිශ්චිත අනාගත වාක්‍යයන් හෝ පුරෝකථනයන් නොකළ අතර, එසේ කළ අවස්ථාවන් වලදීද ඒවා නිරීක්ෂණයන් හා නොගැළපෙන බව හෙළිවිය…මේ පුරෝකථනයන්ගෙන් එකක් වූයේ වඩා බරෙන් වැඩි වස්තු වේගයෙන් පහළ වැටෙන බවත්, එසේ පහළ වැටෙන්නේ ( ඉහළකින් අත් හැරිය විටකදී ) ඒවායේ අරමුණ වන්නේ පහළ වැටීම නිසා බවත්ය…

ගැලීලියෝට පෙර සිටි කිසිම කෙනෙකු, මෙය අත්හදා බැලිය යුතු යැයි කල්පනා කලේ නැති බව පෙනෙයි.. පීසාහි ඇලවෙන කුලුණින් බර කිහිපයක් බිමට අත හැරීමෙන් මෙය ඔහු පරීක්ෂා කරන ලද බවට කථාවක්ද ඇත…මෙය බොහෝ විට අයස්ථාභූත කථාවක් වුවත් ගැලීලියෝ විසින් බෑවුමක වස්තූන් කිහිපයක් පහළට රෝල් කිරීමෙන්, ඒවායේ ත්වරණය සමාන බවත්, එය ඇරිස්ටෝටලියානු නිරීක්ෂණයට පටහැණි බවත් දුටු බව අපි දනිමු…

ඉහත සඳහන් කරන ලද උපමානයන් බොහෝ විට මනෝ මූලික වූ ඒවාය. ( විෂයබද්ධ වූ ඒවාය ) .. ශෝභනත්වය ( අලංකාරය ) යන්න මැනීම ඉතාම දුෂ්කර වේ.. ( අලංකාරය යන්න මනිනුයේ කෙසේද…? )  නමුත් එයට විද්‍යාඥයන් අතරේ ඉතාම ඉහළ වටිනාකමක් ඇත්තේ, ස්වභාවික රීති මඟින් බොහෝ ව්‍යක්තික අවස්ථා රාශියක් එක සමීකරණයකට සම්පිණ්ඩනය කරනු ලබන නිසාය. ( පරිවර්තක පැහැදිලි කිරීම : බහු විධ සමීකරණ හෝ සබැඳුම් තබා ගන්නවාට වඩා එක සමීකරණයකට සම්පිණ්ඩනය කළ හැකි නම් මනා වන්නේ ආර්ථික කරුණු කාරණා නිසාමය…).

අලංකාර භාවය බොහෝ විට බල පැවැත්වෙන්නේ සිද්ධාන්තයක ස්වරූපයට වන නමුත්, එය එම සිද්ධාන්තයේ වෙනස් කළ හැකි අත්තනෝමතික මූලිකාංග නැතිවීමට සමීප සබඳතාවයක් දක්වයි… ( වෙනත් වචන වලින් කිව්වොත්, සිද්ධාන්තයක වෙනස් කළ හැකි මූලිකාංග අවම වීම, හෝ නැතිවීම, කෙරෙහි එම සිද්ධාන්තයේ රූපාලංකරණය සමීපව බැඳී පවතී…) …ප්‍රබන්ධ හා පල් හෑලි නිසා සිරවුණු සිද්ධාන්තයක අලංකාර බවක් නැත…එවෙනුවට එහි ඇත්තේ හුදෙක් විශ්වාසය මත රැඳී පවතින තාර්කික හිස් බවක් පමණි…ඇල්බට් අයින්ස්ටයින්ගේ වචන වලින්ම සඳහන් කළොත්, සිද්ධාන්තයක් හැකිතාක් සරල විය යුතු නමුත්, එයටත් වඩා සරල විය යුතු නැත… ( A theory should be as simple as possible, but not simpler. )

ටොලමි විසින් ආකාශ වස්තූන්ගේ චක්‍රාකාරව වූ කක්ෂයන්ට උපවක්‍රයන් එකතු කලේ, එම ආකෘතිය මඟින් ඒවායේ චලිතයන් නිවැරදිව විග්‍රහ කළ හැකි යැයි සිතා සිටි නිසාය. මෙම ආකෘතිය උපවක්‍රයන්ට, උපවක්‍රයන් සහ තවත් උපවක්‍රයන් එකතු කරා නම් වඩාත් නිරවද්‍ය වන්නටද ඉඩ තිබිණි…එකතු කරන ලද සංකීර්ණත්වය නිසා යම් ආකෘතියක් වඩා නිරවද්‍ය විය හැකි වුවද, විද්‍යාඥයන් කිසියම් නිරීක්ෂණ මාලාවක් සමඟ ගැළපීම සඳහා උවමනාවෙන් විකෘති කරන ලද ආකෘතීන් කෙරෙහි දක්වන්නේ අප්‍රසාදයකි. මෙයට හේතුව එබඳු ආකෘතීන් මඟින් යමක් ප්‍රයෝජනවත් මූලධර්මයන්

සකස් කරනු වෙනුවට, ඒවා නිකම්ම නිකං දත්ත ගබඩා ලෙස පෙනීමයි… ( අවශ්‍ය පරිදි දත්ත ඔබා, කපා, කොටා හැඩ ගස්වන ලද මූල ධර්ම )…

ස්වභාවයේ පවතින මූලික අංශු අතර අන්තර් සබඳතා පවතින අයුරු විග්‍රහ කරන “ප්‍රමිති ආකෘතිය / පරිමිති ආකෘතිය” (The Standard Model), බොහෝ දෙනෙකු විසින් අලංකාර “නොවන” ලෙස දකින අන්දම ගැන අප පස්වැනි පරිච්ඡේදයේදී විග්‍රහ කරමු…එම ආකෘතිය නම් ටොලමිගේ “උපවක්‍රතා” ආකෘතියට වඩා බෙහෙවින්ම සාර්ථක එකකි. එම “ස්ටෑන්ඩඩ් මොඩ්ල්” එක මඟින් නව අංශු වර්ග වල පැවතුම, ඒවා නිරීක්ෂණයටත් පෙර සිටම අනාවැකි ලෙස පළකිරීම සහ දශක ගණනක් තිස්සේ කෙරෙන්නට තිබුණු පරීක්ෂණ රැසක නිරීක්ෂණයන් ගැන ඉතාම නිරවද්‍ය ලෙස අනාවැකි ඵල කිරීම යන මේ දෙවර්ගයම ඉතාම විශිෂ්ඨ අයුරින් සිදු කරන ලදී…

නමුත් එහි ( ස්ටෑන්ඩඩ් මොඩලයේ ) අත්තනෝමතිකව වෙනස් කළ හැකි, නිරීක්ෂණයන්ට ගැළපෙන්නට සකසන ලද  පරාමිතීන් දුසිම් ගණනක් වූ අතර, ඒවා නිශ්චිත සිද්ධාන්ත මඟින් තීරණය වූ ඒවා නොවීය…

සතරවැනි කරුණ ලෙස, විද්‍යාඥයන් බොහෝ විට, විශ්මය ජනක නව අනාවැකි නිවැරදි බව ඔප්පු වෙනවා දැකීමෙන් ඉමහත් සතුටට පත් වෙති. ඒ වගේම එහි අනිත් අතට, යම් ආකෘතියක වැරදි හෝ අඩුපාඩු හෙළි වුවහොත්, පොදු ක්ෂණික ප්‍රතිචාරය වන්නේ එම “පරීක්ෂණය වැරදියි” කීමය…කාරණය එයත් නොවේ යැයි ඔප්පු වුවද ලෙහෙසියෙන් සිද්ධාන්තය අත්හැරීම නම් සිදු නොකරන අතර, අලුත් කිරීම්, නව්‍යතාවයන් හඳුන්වා දීම මඟින් සිද්ධාන්තය බේරා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගනිති…භෞතික විද්‍යාඥයන් බොහෝ විට තමන් ආශා කරන සිද්ධාන්තයන් සහ ආකෘතීන් බේරා ගන්නට උත්සාහ කරන නමුත්, සිද්ධාන්තයන් නව්‍ය කරණය හෝ අලුත්වැඩියා කරණය, ඒ අලුත් වැඩියා කිරීම්, නව වෙනස් කිරීම් හා ගැළපීම් කෘත්‍රිම සහ අශෝභන ලෙස පෙනෙන්නට පටන් ගන්නා තැනේ සිට ක්‍රමයෙන් අත්හැර දැමේ…

යම් සිද්ධාන්තයක, නව නිරීක්ෂණයන් ප්‍රතියෝජනය කිරීම සඳහා අවශ්‍ය විකරණයන් ඉතාම අශෝභන ඒවා බව හැඟුණොත්, එයින් කියන්නේ නව සිද්ධාන්තයක් සහ ආකෘතියක් අවශ්‍ය බවය…( පරණ එකට ඔයටත් වඩා පැළැස්තර ඇළවිය නොහැකි අතර, අලවන්නට ගියහොත් ඉතාම අශෝභන, කෘත්‍රිම, පිළිගත නොහැකි සිද්ධාන්තයක් ලෙස පෙනෙන්නට පටන් ගනී… එවිට එය අත්හැර දැමිය යුතු කාළය එළඹ ඇති බව වටහා ගත යුතුය…).. නව නිරීක්ෂණයන්ගේ බර  නිසා එසේ වළපල්ලට ගිය ආකෘතියක් ලෙස ස්ථතික විශ්ව ( ස්ථතික = නොවෙනස්වන සුළු ) ආකෘතිය හැඳින්විය හැක…( The idea of a Static Universe) ..

1920 ගණන් වලදී බොහෝ විද්‍යාඥයන් සිතා සිටියේ විශ්වය ස්ථතික බවත්, එහි විශාලත්වය වෙනස් නොවන බවත්ය. නමුත් 1929 දී එඩ්වින් හබ්ල් විසින් මේ විශ්වය ප්‍රසාරණය වන බවට කරන ලද ඔහුගේ නිරීක්ෂණ පළ කරන ලදී…නමුත් හබ්ල් විසින් සෘජුව විශ්වය ප්‍රසාරණය වනු දුටුවේ නැත….ඒ වෙනුවට ඔහු මන්දාකිණි වලින් නිකුත් වන ආලෝකය නිරීක්ෂණය කරන ලදී…මෙම ආලෝකය චරිතාංගමය ලකුණක්, හෝ වර්ණාවලියක් රැගෙන යන අතර, එය එකී මන්දාකිණියේ සංයුතිය මත පදනම් වෙමින්, අපට සාපේක්ෂව චලිතයේ යෙදෙද්දී යම් පරිමාවකට වෙනස් වේ…( වෙනස් වන්නේ වර්ණ සහ වර්ණාවලියයි..) එම නිසා, ඈතින් පිහිටි මන්දාකිණි වල වර්ණාවලිය විශ්ලේෂණය කිරීමෙන්, ඒවායේ ප්‍රවේගය සොයාගැනීමට හබ්ල් සමත් වූ අතර, ඔහු මුලින් සිතා සිටියේ අප දෙසට ( පෘතුවිය දෙසට සහ එය අඩංගු අපේ මන්දාකිණිය වන ක්ෂීර පථය දෙසට ) චලනය වන මන්දාකිණි ගණන, අපෙන් ඉවතට චලනය වන මන්දාකිණි ගණනට සමාන බවය…නමුත් පුදුමයකට මෙන්, අති බහුතරයක් මන්දාකිණි අපෙන් ඉවතට ඇදෙන බවත්, ඒ ඇදෙන තරමට ඒවායේ ඇදී යාමේ වේගයද වැඩි වන බවත් ඔහු නිරීක්ෂණය කර ගන්නා ලදී…

හබ්ල් “විශ්වය ප්‍රසාරණය වීම” යන්න ගැන විනිශ්චයකට එළඹියත්, එයට පූර්වයෙන් පිළිගත් ස්ථතික විශ්ව සංකල්පය සමඟ බැඳී සිටි අනිත් අය, එම මොඩලය රැක ගැනීම සඳහා ස්ථතික විශ්ව සංකල්පය ඇසුරෙන් ඔහුගේ නිරීක්ෂණයන් පැහැදිලි කරන්නට උත්සාහ දැරූහ…උදාහරණයක් ලෙස, කැල්ටෙක් භෞතික විද්‍යාඥ ෆ්‍රිට්ස් ස්විකි යෝජනා කලේ, නොදන්නා හේතු නිසා මෙම ආලෝක කිරණයන් විශාල දුර ප්‍රමාණයන් ගමන් කරන විට, ඒවා සතු ශක්තිය සෙමෙන් අඩුවන බවය…( එනයින් අපට ආලෝක වර්ණාවලිමය වෙනස් කම් දිස් වන බවය ).. මෙම ශක්තියේ අඩුවීම ආලෝක වර්ණාවලි වල වෙනසට හේතු කාරක වීම තුළ හබල් විසින් කරන ලද නිරීක්ෂණයන් මෙම විශ්වයෙහි පාලක රීතීන් සහ නීතින් සොයා ගැනීම සඳහා අප විසින් දරනු ලබන ප්‍රයාමයේදී අප, මූල ද්‍රව්‍ය සතරේ සිද්ධාන්තය, ටොලමිගේ ආකෘතිය, ෆ්ලොගිස්ටන් සිද්ධාන්තය, මහා පිපුරුම් සිද්ධාන්තය, ආදී වූ සිද්ධාන්ත සහ ආකෘතීන් විශාල ප්‍රමාණයක්  නිර්මාණය කොට ඇත්තෙමු…මේ සෑම සිද්ධාන්තයක් සහ ආකෘතියක් සමඟම අපේ යථාර්තය පිළිබඳව වූ සංකල්පයන් සහ විශ්වයේ පදනම් ගැන නිර්මාණය වී ඇති සංකල්පයන්ද වෙනස් වී ඇත. නිදසුන් ලෙස : ආලෝකයේ සිද්ධාන්තය ගෙන බලමු… නිව්ටන් සිතුවේ ආලෝකය කුඩා අංශු වලින් හෝ කලේවරකයන්ගෙන් සෑදී ඇති බවය. මෙමඟින් ආලෝකය සෘජු රේඛීයව ගමන් කරන්නේ ඇ‍යිද යන්න විග්‍රහ කළ හැකි වූ අතර, නිව්ටන් විසින් එයම ආලෝකය, වාතයේ සිට වීදුරුවකට හෝ වාතයේ සිට ජලයට, යනාදි වශයෙන් එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයක් වෙත යන විට ඇතිවන “වර්තනය” පැහැදිලි කිරීම සඳහාද යොදා ගන්නා ලදී… ( වර්තනය යනු ආලෝකය එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයක් වෙත යන විට ඇතිවන දෘෂ්‍ය නැම්මයි..) ..

නමුත් මේ අණුදේහ සිද්ධාන්තය, නිව්ටන් විසින්ම කරන ලද එක්තරා නිරීක්ෂණයක් වන, නිවට්න්ගේ “වළලු” පැහැදිලි කිරීම සඳහා යොදා ගත නොහැකි විය. පරාවර්තන ඇති කළ හැකි පැතලි තැටියක් මත කාචයක් තබා, එය සෝඩියම් ලයිට් එකක් වැනි ඒක වර්ණක ආලෝක මාධ්‍යයක් මඟින් ආලෝකනය කරන්න. උඩින් එය දෙස බලනවිට, කෙනෙකුට එම කාචය, තැටියේ මතුපිට පෘෂ්ඨය ස්පර්ශ කරන තැනට කේන්ද්‍රික වන ප්‍රභාමත් වූ සහ අඳුරු වළලු රාශියක් දැක ගත හැක…ආලෝකය සම්බන්ධ අංශු සිද්ධාන්තයෙන් මෙය පැහැදිලි කිරීම දුෂ්කරය වන නමුත්, “තරංග සිද්ධාන්තයේදී”

මෙයද සැළකිල්ලට ගෙන ඇත.

ආලෝකය පිළිබඳව “තරංග සිද්ධාන්තයේදී” මේ ප්‍රභාමත් සහ අඳුරු වළළු සෑදී ඇත්තේ “නිරෝධනය” නම් ක්‍රියාවලිය නිසාය. ජල තරංගයක් බඳු තරංගයක්, තරංග ශීර්ෂයන් සහ නිම්නයන් පෙළකින් සැකසී ඇත…තරංගයන් ගැටෙන විට, මේ ශීර්ෂ සහ නිම්න අනුරූප වුවහොත්, ඒවා එකිනෙක ශක්තිමත් කරනු ලබන අතර, එමඟින් වඩා විශාල තනි තරංගයක් නිර්මාණය වේ…මෙයට අප කියන්නේ “නිර්මාණාත්මක නිරෝධනය” කියාය…එවැනි අවස්ථාවක තරංග “ප්‍රාවස්ථව” පවතින බව කිව හැක. අනෙත් අන්තයේදී, මෙලෙස තරංග මුණ ගැසෙන විට, එක් තරංගයක ශීර්ෂය, අනෙකේ නිම්නය හා ගැටෙනු ඇත. එවැනි මොහොතක, ඒවා එකිනෙක නිෂේධනය කරනු ලබන තර, එලෙස ගැටෙන තරංග “ප්‍රාවස්ථ නොවන” බව කිව හැක. එවැනි තත්වයකට කියනුයේ “නාශක නිරෝධනය” කියාය…

නිව්ටන්ගේ වළලු තුළ වඩා ප්‍රභාමත් වළලු කේන්ද්‍රයෙන් දුරස්ථව පිහිටා ඇති අතර, එවැනි ස්ථාන වලදී කාචයේ සහ තැටියේ අතර ඇති වෙන්වීම් කෙසේද යත්, කාචයෙන් ප්‍රතිබිම්භනය කෙරෙන තරංග, තැටේයෙන් ප්‍රතිම්භනය කෙරෙන තරංගවලින් වෙනස් වන්නේ නිඛිල තරංග ආයාමයන් සංඛ්‍යාවකින් ( 1,2,3…යනාදි වශයෙන් ) වන අතර, එවිට නිර්මාණාත්මක නිරෝධනය සිදුවීඉ. ( තරංග ආයාමයක් යනු එක තරංගයක ශීර්ෂයේ සිට වෙනත් තරංගයක ශීර්ෂයට ඇති දුරය..) ..අඳුරු වළළු පිහිටා ඇත්තේ, කේන්ද්‍රයේ සිට, ඉහත කී තැටියේ සහ කාචයේ තරංග ප්‍රතිබිම්භයන් අතර වෙනස අර්ධ – නිඛිල තරංග ආයාමයන් වන තරම් දුරකිනි … ( උදා: 1 1/2, 2 1/2, 3 1/2 ආදී වශයෙන් )

මෙමඟින් නාශක නිරෝධනයන් ඇති වී, කාචයෙන් ප්‍රතිබිම්භනය කෙරෙන තරංග මඟින්, තැටියෙන් ප්‍රතිබිම්භනය කෙරෙන තරංග නිශේධනය කෙරේ….

19 වැනි සියවසේදී මෙය ආලෝකයේ තරංග සිද්ධාන්තයෙහි නිරවද්‍ය බව හා අංශුමය සිද්ධාන්තයෙහි සාවද්‍ය බව තහවුරු කිරීම සඳහා යොදා ගැනිණි…නමුත් විසිවැනි සියවසෙහි මුල් කාළයේදී අයින්ස්ටයින් විසින් “ප්‍රකාශ විද්‍යුත් ආචරණය”, අංශු හෝ ආලෝක ක්වන්ටම් මඟින් පරමාණු වලට පහර දී ඉලෙක්ට්‍රෝනයක් විමෝචනය කිරීම

මඟින් විග්‍රහ කර හැකි බව පෙන්වා දෙන ලදී. එම නිසා ආලෝකය තරංග ලෙස සහ අංශු ලෙසත් හැසිරෙන බව හෙළිදරව් විය…

තරංග නම් සංකල්පය මිනිස් මනසට ඇතුළු වූයේ මිනිසුන් මහා සමුද්‍රය දෙස බලන්නට හෝ දිය කඩිති වලට ගල් කැට විසි කර බලන්නට පුරුදු වී සිටි නිසා විය යුතුය. ඇත්ත වශයෙන්ම ඔබ දිය කඩිත්තකට ගල් කැට දෙකක් විසි කළහොත් ඔබට නිරෝධනය දැක බලා ගන්නට ලැබෙනු ඇත. අනෙත් ද්‍රවයන් වෙතින්ද බොහෝ විට සමාන හැසිරීම් නිරීක්ෂණය කළ හැක…

( නමුත් වයින් නම්, ඔබ වැඩිපුර පානය කරන ලද අවස්ථාවන් වලදී මෙයින් බැහැර වේ… ) ..

අංශු ගැන අදහස හුරු පුරුදු එකක් වූයේ ගල්, වැලි සහ කැට කැබිලිති නිසා විය යුතුය. නමුත් මේ අංශු / තරංග ද්වෛතය , හෙවත් යම් වස්තුවක් අංශු ලෙසි හෝ තරංග ලෙසින් විස්තර කළ හැක යන්න, ඔබට වැලිගල් කුට්ටියක් පානය කළ හැකිය යන්න තරමටම ආගන්තුක අදහසක් වෙනු ඇත…

වෙනස් සිද්ධාන්ත දෙකක් යොදා එකම ප්‍රපංචය විග්‍රහ කළ හැකි අවස්ථාවන් වලදී, ඇතිවන මෙවැනි ද්වෛතයන් ආකෘතිය මත යැපෙන යථාර්තය ( ආකෘතික – යැපුම් යථාර්තයට ) සංගත වේ….එක්, එක් සිද්ධාන්තය මඟින් එකම වස්තුවේ විවිධ ලක්ෂණයන් විග්‍රහ කළ හැකි අතර, එක සිද්ධාන්තයක් වත් “අනෙකට වඩා යථාවාදී නොවේ…” .. විශ්වය පාලනය කරන නීති රීති සම්බන්ධයෙන් අපට කිව හැක්කේ මෙයයි : විශ්වයෙහි ඇති සෑම ලක්ෂණයක්ම විග්‍රහ කළ හැකි එක ගණිතමය ආකෘතියක් හෝ සිද්ධාන්තයක් නොමැත. ඒ වෙනුවට, මෙම පරිච්ඡේදය ආරම්භයේදී ප්‍රකාශ කළ අන්දමටම, “එම්-තියරි” ලෙස හඳුන්වනු ලබන සිද්ධාන්ත ජාලයක් පවතී. ඒවායේ පරාසයන් එකිනෙක අතික්‍රමණය කරන විට, මෙම ජාලයේ ජාලගතව පවතින සිද්ධාන්ත එකඟතාවයකට පැමිණෙන බැවින් ඒවා “එකම සිද්ධාන්තයේ ” කොටස් ලෙස හඳුන්වන්නට පුළුවන. මේ එම්-තියරි ජාලයේ ඇති සෑම සිද්ධාන්තයක්ම යම් කිසි පරාසයක් තුළ ඇති ප්‍රපංචයන් විග්‍රහ කිරීමේ හැකියාවෙන් යුක්තවේ. නමුත් විශ්වයෙහි සෑම ලක්ෂණයක්ම හෝ, ඒවාට අනුබද්ධිත ස්වභාවික බලවේග හෝ ඒ බලවේග සංවේදනය කරන අංශු, ඒවා සියල්ල සිදුවන අවකාශ – කාළ රාමුව යන මේ සියල්ලම විග්‍රහ කළ හැකි “තනි සිද්ධාන්තයක්” මෙම ජාලයේ නොමැත….!! ( ඔන්න මෙහෙමයි…කොටින්ම කිව්වොත් යුනිෆයිඩ් තියරි කියා එක තියරියක් නැති අතර, තියරි රැසක් එම්-තියරි සංකීර්ණය ලෙස ජාලගතව තියෙනවා…මෙව්වායේ පරාසයන් එකිනෙක මත ඕවර් ලැප් වෙනකොට, ඒවායින් එකම දේ ඩිස්ක්‍රයිබ් වෙන නිසා ඒවා ඒ මොහොතට එකම තියරියේ කොටස් ලෙස සළකනවා…තේරුණැයි…? )

මේ තත්වය සාම්ප්‍රදායික භෞතික විද්‍යාඥයාගේ “ඒකාබද්ධ සිද්ධාන්ත ” සිහිනය සතුටු නොකරන මුත්, “ආකෘති මත යැපෙන යථාර්තය” නම් රාමුවේදී ඒය පිළිගත හැකි තත්වයකි….

අපි පස්වැනි පරිච්ඡේදයේදී මේ ද්වෛතය සහ එම්-තියරිය ගැන වඩා හොඳින් සාකච්ඡා කරමු…නමුත් අපි ඊට පෙර හැරිය යුතුයි “ක්වන්ටම් සිද්ධාන්තය දෙසට”…..

පරිවර්තකගෙන් – මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග් වියතාණන්ගේ “The Grand Design” නම් කෘතියේ එන නම් “What is Reality” පරිච්ඡේදයේ සිංහල පරිවර්තනය ඔබ හමුවේ තැබීම මෙලෙසින් නිමා කරමි…යළිත් එම වටිනා ග්‍රන්ථයේම වෙනත් පරිච්ඡේදයක් පරිවර්තනය තුළින් හමුවෙමු…….

යථාර්තය යනු කුමක්ද.. ? – 2 – The Grand Design ග්‍රන්ථය ඇසුරෙන් – ස්ටීවන් හොව්කින්ග් සහ ලියොනාර්ඩ් ම්ලොඩිනොව්

( අද එතැන් සිට…)

ඉතාම ආන්තිකව යථාර්තවාදයෙහි ගැලී ඉන්නා පිරිස් ගෙනහැර පාන තර්කය වන්නේ විද්‍යාත්මක සිද්ධාන්තයන් එහි සාර්ථකත්වය තුළ යථාවාදී වන බවය…නමුත් මෙතනත් යම් ගැටළුවක් පවතී…එකම ප්‍රපංචය ( විද්‍යාමාන වන දෙය … ගෝචර වන දෙය ), විෂම සංකල්පික රාමු හරහා, සාර්ථකව විග්‍රහ කිරීමට විවිධ සිද්ධාන්තයන්ට සාර්ථකව හැකියාව ලැබී ඇත…එවැනි අවස්ථාවක අපි “යථාවාදී” විද්‍යාත්මක සිද්ධාන්තය ලෙස ගන්නේ කුමක්ද…?..ඇත්ත වශයෙන්ම සාර්ථක ලෙස ඔප්පු කරවන ලද බොහෝ විද්‍යාත්මක සිද්ධාන්තයන් පසු කළෙක, ඒවාටත් වඩා සාර්ථක විද්‍යාත්මක න්‍යායන් විසින් ඉවත් කර දමන ලදී…

සාම්ප්‍රදායිකව යථාර්තවාදය පිළිනොගත් පුද්ගලයන් “යථාර්ත – විරෝධීන්” ලෙස හැඳින් වූහ…යථාර්ත-විරෝධීන් අනුභූතික දැනුමේ සහ සෛද්ධාන්තික දැනුමේ විශාල වෙනසක් දකිති…ඔවුන් තර්ක කරන්නේ, නිරීක්ෂණය සහ පරීක්ෂණය ඉතාම තේරුම් සහිත වුවත්, සිද්ධාන්තද ඒ තරමටම නිරීක්ෂණයන්ට යටින් සැඟවී ඇති ගැඹුරු කරුණු කාරණා එළිදරව් කර ගැනීමට වැදගත් බවය…

ඇතැම් යථාර්ත- විරෝධීන් විද්‍යාව නිරීක්ෂණයන්ට පමණක් සීමා කරන ලෙස යෝජනා කරන තරමට ආන්තික වූහ…මේ කරුණ නිසා 19 වැනි සියවසේ විසූ බොහෝ දෙනෙකු “පරමාණුව” නම් සංකල්පය, අප කිසිදු දිනක එය නොදකිනු ඇත, යන්න මත පදනම්ව ප්‍රතික්ෂේප කරන ලදී… ( පසු කළෙක් පරමාණු නිරීක්ෂණයට තාක්ෂණික පහසුකම් ලැබිණි…) “ජෝර්ජ් බර්කෙලි” ( 1685 – 1753 ) නම් විද්වතා මනස සහ එහි අදහස් හැර අන් කිසිවක් නොපවතින බව කියන තරම් දුරකට ගියේය…බර්කලිගේ මෙම තර්කය ඛණ්ඩනය කළ නොහැක්කක් බව, යම් මිතුරෙකු විසින් ආචාර්ය සැමුවෙල් ජොන්සන් නම් ඉංග්‍රීසි ජාතික ලේඛකයාට ( 1709 – 1784 ) කියන ලද විටක, ආචාර්ය ජොන්සන් එයට ප්‍රතිචාර දක්වා ඇත්තේ විශාල ගලක් වෙත ගොස් ඊට පා පහරක් දී, “එනයින් මම එය ඛණ්ඩනය කරමි” යනුවෙන් කියමිනි…( පරිවර්තකගෙන් : ගලක පාදය ගැටීමේදී ආචාර්ය ජොන්සන්ට වේදනාවක් දැනේ..එනයින් මනස සහ එහි සිතුවිලි වලට පරිබාහිර වූ දෙයක් ඇත යන්න ඒත්තු ගැන්විය හැකි යැයි ඔහු සිතන්නට ඇත…)..සත්තකින්ම ජොන්සන්ට ඔහුගේ පාදයට දැනුණු වේදනාවද ඔහුගේ මනසේ මැවුණු අදහසක් නිසා ඔහු ඇත්ත වශයෙන්ම බර්කෙලිගේ අදහස ඛණ්ඩනය කරේ නැතැයි අපට කිව හැක…නමුත් ඔහුගේ ක්‍රියාව ඉන් පසු කළක පැමිණි මහා දාර්ශණික ඩේවිඩ් හියුම් ( 1711-1776) ගේ දැක්ම වඩා හොඳින් විග්‍රහ කරයි…ඩෙවිඩ් හියුම් මෙසේ සඳහන් කරන ලදී…” අපිට වාස්තවික යථාර්තයක් ගැන විශ්වාසය තියන්නට කිසිදු බුද්ධිමය ( තාර්කික ) පදනමක් නැතත්, අපට එවැන්නක් සත්‍යයව පවතිනවා සේ රඟ පෑම හැර වෙන විකල්පයක් නැත…” ( ඇත්තෙන්ම වාස්තවික යථාර්තය කියා එකක් තිබෙනවාදැයි “හරියටම” කියන්නට අපට නොහැකි වුවත් එහෙම එකක් තිබෙන බව සිතින් සිතාගෙන රඟ පාන්නට අපට සිදුවී තිබේ…නො එසේ නම් අපට කිසිම වැඩක් කරගන්නට ලැබෙන්නේ නැත…)

“ආකෘතියක් මත යැපෙන යථාර්තය” ( ආකෘතික පදනම් යථාර්තය නොහොත් ආකෘතික යථාර්තය ) මේ සියළු තර්ක සහ යථාවාදී, යථා-විරෝධී චින්තන ශාස්ත්‍රාල අතර ඇති සාකච්ඡා සියල්ල ලුහුවත් කරයි…ආකෘතියක් මත යැපෙන යතාර්ථවාදයට අනුව, කිසියම් ආකෘතියක් “සත්‍යයද, යථාවාදීද” ඇසීම ඵලක් නොවන දෙයක් වන අතර, ඒ ආකෘතිය “නිරීක්ෂණය” හා ගැළපේද? යන්න පමණක් ඇසිය යුතුවේ…ආකෘතීන් දෙකක් යම් නිරීක්ෂණයක් හා එකඟ වේ නම්, ( රන් මාළුවාගේ සහ අපගේ දැක්ම මෙන්) , කිසිවෙකුටත් එයින් එක ආකෘතියක්, අනිත් ආකෘතියට වඩා “යථාර්ත සත්‍යයක්” බව කිව නොහැකිය…යමෙකුට කළ හැක්කේ, එම අවධානයට ලක් වූ අවස්ථාවේදී, වඩා “පහසු” කවර ආකෘතිය යෙදීමදැයි සොයා, එය භාවිතයට ගැනීම පමණි…!!..

උදාහරණයක් ලෙස: යමෙකු රන්මාළුවා සිටින වීදුරු භාජනය ඇතුලේ සිටියේ නම් රන් මාලුවා ලෝකය දකින ආකෘතියද, ඉන් පිටත සිටියේ නම් මිනිසුන් වන අප ලෝකය දකින ආකෘතියද, ප්‍රයෝජනයට ගනු ඇත….

අපි විද්‍යාවේදී ආකෘතීන් සෑදුවත්, අප එදිනෙදා ජීවිතයේදීත් ඒවා සාදමින් සිටිමු…”ආකෘතික-පදනම් වූ යථාර්තවාදය” විද්‍යාත්මක් ආකෘතීන්ට පමණක් නොව, අප එදිනෙදා ලෝකය අර්ථ දක්වා ගැනීම සඳහා භාවිතා කරන විඥානිත සහ උප-විඥානිත මනෝ ආකෘතීන්ටද යෙදේ….නිරීක්ෂකයා හෙවත් “අප” අපගේ ලෝකය පිළිබඳව සංජානනයෙන් ඉවත් කළ නොහැක…මක්නිසාද, ලෝක විෂය කෙරෙහි අපගේ සංජානනය තැනී ඇත්තේ අපගේ ඉන්ද්‍රිය සැකසුම්කරණයෙන් සහ අප සිතන, හේතු දක්වන ආකාරයෙන් වීමය…අපගේ සංජානනය නොහොත් දෘෂ්ඨිය සහ ඒ මත කරන “නිරීක්ෂණයන්”  පදනම් කරගෙන  අප ගොතන සිද්ධාන්ත, සෘජු නොවන අතර, අපගේ මිනිස් මොළයේ අර්ථකතනයන් මඟින් හැඩ ගන්වනු ලැබ ඇත…”ආකෘතික – පදනම් වූ යථාර්තවාදී චින්තනය අප විසින් වස්තූන් සංශය කරගන්නා ආකරයට දායක වෙයි…ඇස් පෙනීමේදී, යම් කෙනෙකුගේ මොළයට දෘෂ්ඨික ස්නායුව හරහා සංඥා මාලාවක් ලැබෙයි…මේ සංඥා මඟින් ඔබේ රූපවාහිනියේ මැවෙනවා බඳු රූප මැවෙන්නේ නෑ…මෙහි තිබෙනවා “අන්ධ බින්දුවක්” ඔබේ දෘෂ්ඨික ස්නායුව, ඔබේ දෘෂ්ඨි විතානයට ( Retina) යා කරන, එමෙන්ම ඔබේ දෘෂ්‍ය පථයේ හොඳ විභේදන බලයක් ( Resolution) සහිත එකම ප්‍රදේශය වන්නේ අංශකයක පමණ ඉතාම කුඩා, ඔබේ මහපටැඟිල්ල අතේ දුරින් බැලූ කල පේන තරම්, කුඩා දෘෂ්ඨිවිතානය මැද පිහිටි ප්‍රදේශයකි….මේ නිසා මොළයට යවන අමු දත්ත හරියට නරක විදියට වර්ණ ගන්වන ලද, මැද්දේ සිදුරක් සහිත රූපයක් ලෙස තමයි පෙනෙන්නේ…වාසනාවට, මිනිස් මොළය එම දත්ත සකස් කර, ඇස් දෙකෙන්ම එන ආදානයන් උපයෝගී කොටගෙන, යාබද ස්ථාන වල “දෘෂ්ඨික ගුණ” සමානය, අන්තර් නිවේෂිතය (Inter-Polating), යන උපකල්පනය මත පදනම්ව, අර අඩුපාඩු පුරවා, පරිපූර්ණ චිත්‍රයක් සකස් කර දෙයි..( පරිවර්තකගෙන් : ඉතාම සරලව කියා දුන්නොත්, අපේ දෘෂ්ඨියෙන් ලැබෙන සංඥා අපට පෙරා සකසා මොළය මඟින් “අනුභූතීන්” කොට දීම මෙයින් කියැවේ…සරලව තේරුම් ගන්න )..

තවදුරටත් කියනවා නම්, එය දෘෂ්ඨි විතානයෙන් ද්වි-මාණික දත්ත වැලක් කියවන අතර, එමඟින් ත්‍රිමාණික උපස්ථිතියක් ( A three dimensional impression) සකසා දෙයි…ඉතාම සරලව කියතොත්, මොළය අපට “මනෝ චිත්‍රයක්” හෝ “මනෝ ආකෘතියක් සකසා දෙයි…මොළය මෙම මනෝ ආකෘතික නිර්මාණයේ කොතරම් නිපුනදැයි කියනවා නම්, මිනිසුන්ට ඇසට පේන දේවල් උඩු යටිකුරු වෙන කණ්ණාඩි සවි කළහොත්, මොළය යම් වේලාවකට පසුව ඒ දේවල් නැවත නිවැරදිව ලෙස පෙනෙන මනෝරූප සකසා දෙනු ඇත….එවිට කණ්ණාඩි ගැලවුවොත්, නැවතත් ටික වෙලාවක් යනතුරු පියවි ඇසට පෙනෙන දේ උඩු යටිකුරු වී තිබෙනු ඇති අතර, යළිත් මඳ වේලාවකින් නිවැරදිව සැකසෙනු ඇත…( මොළය වැඩකරුවෙකි…!) ..මෙයින් ගම්‍ය වන්නේ යමෙකු “මට පුටුවක් පේනවා” කියනවිට, ඒ තැනැත්තා පුටුවෙන් විසිරී යන ආලෝකය එකතු කොට පුටුවේ මනෝ රූපයක් හෝ මනෝ ආකෘතියක් ගොඩ නංවාගෙන ඇති බවය…මෙම ආකෘතිය බැරි වෙලාවත් උඩු යටිකුරු වී තිබුණොත්, ඒක පෙනෙන කෙනා ඒ මත ඉඳගන්නට පෙර, මොළය එය යළිත් නිවැරදි පැත්තට හරවා දෙනු ඇත…

“ආකෘතික-පදනම් වූ යථාර්තවාදය” විසින් විසඳනු ලබන තවත් ගැටළුවක් වන්නේ “පැවැත්මේ අර්ථය” යන්නය. කාමරයේ මාත් සමඟ මේසයක් තිබෙනු මට පෙනේ…නමුත් මම මේ කාමරයෙන් පිටව ගිය පසුත් මේ මේසය “පවතින” බව මම දැන ගන්නේ කොහොමද?..( එය අනුභූතික නැති අතර, බුද්ධිවාදය එය එහි මතකයක් ලෙස රඳවා තබයි..) ..අපට පෙන්නේ නැති ඉලෙක්ට්‍රෝන හෝ “ක්වාක්” නම් මූලික අංශු ( ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සාදන අංශු ) පවතින බව අපි කියන්නේ කොහොමද?…කෙනෙකුට, මා කාමරයේ ඉන්නා විට මේසය පවතින, ඉන් පිටව ගිය පසු මේසය අතුරුදහන් වෙන සහ යළි එනවිට මේසය නැවත මතු වන ආකෘතියක් සාදාගන්නට බැරිද?..ඒක මහා අමනෝඥ ආකෘතියක් වනු ඇත…ඔය අතරේ සිවිලිම කඩා වැටුණොත් මේසය උඩට…? “මා එළියට යනවිට මේසය අතුරුදහන් වෙනවාය” කියන ආකෘතිය මත කොහොමද මම පහදන්නේ, මම ඊළඟ වතාවේ එනකොට මේසය සිවිලිමේ කැබලි යට විනාශවී ගොස් තිබීම…? මෙන්න මේ මා සිටියත්, නැතත් මේසය එතන තිබෙනවා කියන ආකෘතිය විතරයි කෙනෙකුට පහදා ගන්න පුළුවන් ආකෘතිය වෙන්නේ, ඒ නිසා….

අපේ ඇසට නොපෙනෙන අංශු ගැන කථා කරනවා නම්, ඉලෙක්ට්‍රෝන ඉතාම හොඳ ආකෘතියක් “රූපවාහිනි නළයක ආලෝක ලප” වැනි දෑ පැහැදිලි කර ගන්න..1867 වසරේදී බ්‍රිතාන්‍ය භෞතික විද්‍යාඥ ජේ.ජේ තොම්සන් තමයි මේ ඉලෙක්ට්‍රෝන සොයා ගත්තේ, කේම්බ්‍රිජ් සරසවියේ කැවෙන්ඩිෂ් විද්‍යාගාරයේදී….ඔහු හිස් වීදුරු නළ තුල විදුලි දහරා පරික්ෂා කරමින් සිටියේ, “කැතෝඩ්” කිරණ නම් ප්‍රපංචය ගැන යමක් දැන ගන්න…ඔහුගේ පරීක්ෂණ ඔහුව පෙළඹුවා නිභය සමාලෝචනයක් කරන්න මේ කිරණ සෑදී ඇත්තේ පරමාණු පවා සාදන ඉතාම කුඩා අංශු වලින් බව…ඒ කාලේ මේවා ගැන සිතා ගෙන සිටියේ මේ තමයි පදාර්ථයේ තිබෙන තව දුරටත් බෙදිය නොහැකි කුඩාම අංශු කියලා…තොම්සන් ඇත්ත වශයෙන්ම ඉලෙක්ට්‍රෝනයක් දුටුවේ නෑ…ඒ වගේම ඔහුගේ පරීක්ෂණ වලින් වත් සෘජුව “ඉලෙක්ට්‍රෝන” ගැන යමක් පිළිඹිබු උනේ නෑ…නමුත් මෙම ආකෘතිය මූලධාර්මික විද්‍යාවෙන්, ඉංජිනේරු විද්‍යාව තෙක් පරාසයකට ප්‍රයෝජනවත් උනා…අද, සියළුම භෞතික විද්‍යාර්ථීන් පිළිගන්නවා ඉලෙක්ට්‍රෝන පවතින බවට, කවදාවත් කිසි අයුරකින්වත් දකින්නට නොලැබුණත්…

“ක්වාක්ස්” ( Quraks) හෙවත් මූලික අංශු, අපිට පියවි ඇසින් දකින්න බැරි තවත් දෙයක්…මේ ආකෘතියෙනුත් විග්‍රහ වෙනවා, පරමාණුවක න්‍යෂ්ඨියේ තියෙන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන…මේ දෙවර්ගයම සෑදී ඇත්තේ ක්වාක්ස් වලින් කියල කිව්වත්, අපිට කවමදාවකවත් ක්වාක් එකක් දකින්න ලැබෙන එකක් නෑ… ඇයි ඒ?…ක්වාක් අංශු විශේෂයේ “බන්ධන ශක්තිය” ඒවායේ වෙන්වීම සමඟ වැඩිවන නිසා, ඒවාට හුදෙකළා වූ පසුව, නිදහස් ක්වාක් වශයෙන් පවතින්න බෑ සොබා දහම තුළ.. ( මේ නිසා ක්වාක් අංශුවක් හුදෙකළාව නිරීක්ෂණයට ගන්න අපට බෑ…ඒ ගැන උපකල්පන තමයි ගෙනියන්න වෙන්නේ ඉදිරියට…)

මේවා ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ත්‍රිත්වයේ කණ්ඩායම් ලෙස තමයි සැමවිටම තැනෙන්නේ, ඒ වගේම සමහරක් විට ක්වාක් සහ “ප්‍රති-ක්වාක්” ලෙස යුගල ලෙස පවතිනවා..හරියට රබර් බෑන්ඩ් වලින් එකතු කරලා වගේ…

ක්වාක් ආකෘතිය මුල්වරට ඉදිරිපත් කළාට පසුව මහා උභතෝකෝටිකයක් ආවා, මේවා හුදෙකළාව නොපවතින නිසාත්, නිරීක්ෂණය කළ නොහැකි නිසාත්, මේවා ඇත්තටම පවතිනවද කියලා…සමහර අංශු තැනී ඇත්තේ වෙනස් උප-උපන්‍යෂ්ඨික අංශූන්ගෙන්ය කියන අදහස ඉතා සරල සහ පහසු ලෙස ඒවායේ ගුණ දැක්විය හැකි සංවිධායක මූලධර්මයක් උනා…

නමුත් වෙනත් අංශූන් විසිරීමේදී, මතුවන දත්තමය බ්ලිප් වශයෙන් අංශු දකින්න හුරු වෙලා හිටිය භෞතික විද්‍යාඥයන්ට නිරීක්ෂණය කළ නොහැකි අංශුවකට “යථාර්තවාදී බව” ලබා දීම කරන්න අසීරු දෙයක් උනා…නමුත් වසර ගත වෙද්දි, ක්වාක් ආකෘතිය වැඩි, වැඩියෙන් නිවැරදි අනාවැකි වලට මුල් වෙද්දි, එයට එරෙහිව පැවති ප්‍රතිරෝධය අඩුවෙලා ගියා…අපි මේ කරන පරීක්ෂණයම, අත් දා හතක් තියෙන අවලස්සන පිටසක්වළ ජීවියෙකුට කරලා, ක්වාක් වලින් තොරව ප්‍රතිඵලය ලබා දෙන්න පුළුවන් විග්‍රහයකුත් එක්ක… මොකද ඒ පිටසක්වළ ජීවියා “ක්වාක් ආකෘතිය මත පදනම්ව නොවන ගවේෂණ නිසා”…නමුත් “ආකෘති මත පදනම්වන යථාර්ත සිද්ධාන්තයේදී ක්වාක්ස් පවතින බව අපට කියන්න පුළුවන්, මොකද ඒ පැවැත්ම එකඟ වෙනවා අපේ උප-න්‍යෂ්ඨික අංශුවල හැසිරීමට….

( දෙවනි කොටස මෙසේ අවසන් කරමි…)