මෙයා……..

මට මෙයාලා තුන් දෙනෙක්ව මතක් උනා…..

පළවෙනි මෙයා….

මෙයා ඉපදුණේ ධනවත් පවුලකට…..හැම සැප සම්පතක්ම තිබුණා….
මෙයා පුංචිම කාළෙදිම මෙයාගේ දෙමාපියන්ගෙන් එක් කෙනෙක් මිය ගියා…..
තරුණ වයසෙදිම මෙයා දැනුම සහ ඥාණය සොයාගෙන ගියා…..
පස්සෙ මෙයාට විශාල අවබෝධයක් ඇති උනා….
දැන් මෙයාට ඕන අනිත් අයටත් ඒ අවබෝධය දෙන්න….
මෙයා ඒ අවබෝධය ලබාගන්න හැකියාව තියෙන අනුගාමිකයන්ව හොය හොයා එයාගෙ කණ්ඩායමට බඳව ගත්තා….
ඒ හැම කෙනෙකුටම පොදු නමක් ලැබුනා…..
ඒ හැම කෙනෙකුටම මෙයා ළඟට එන්න කළින් තිබුණු පුද්ගලික නමත් වෙනස් කරලා, මෙයාගෙ කණ්ඩායමේ ඉන්නකොට ලැබෙන්නෙ වෙන නමක්….
මෙයාටත්, ඒ හැම කෙනෙකුටමත් ඒ අරමුණු වලට යන්න ගොඩක් දුක් හිරිහැර, නින්දා අපහාස විඳින්න සිද්ද උනා….
හොඳ පවුල් වල දරුවො, බුද්ධිමත්තු, උගත්තු  වගේම, හොරු, තක්කඩි, මං පහරන්නො, ගණිකාවෝ, මිනී මරුවොත් මෙයාගෙ කණ්ඩායමට කිසිම භේදයක් නැතුව ඇතුළු කරගත්තා….ඒ හැම කෙනෙක්ම ඊට පස්සෙ වීරයෙක් බවට පත්වුනා…..
මෙයා ශ්‍රේෂ්ඨ ප්‍රාඥයෙක් හැටියට ප්‍රකටයි….මෙයාගේ දැනුම අවබෝධය මිනිස් වර්ගයාට විශාල සේවයක් කළා….
මෙයාට අනුන්ගෙ සිත් දැකීමේ සහ සිතිවිලි දැන ගැනීමේ හැකියාවක් තියෙනවා….ඒ වගේම වෙන කෙනෙකුගේ මනසට ඇතුලු වෙලා, ලෝකයේ ඒ කෙනා ඉන්න ඕනම තැනකින් හොයාගන්න හැකියාවත් තියෙනවා….
ජීවිත කාළය පුරාවටම මෙයාට වරින් වර ඉස්මතු වෙන රෝගාබාධයක් තිබුණා….

මම මේ කියන්නෙ මහාචාර්ය චාර්ල්ස් ෆ්‍රැන්සිස් ෂේවියර් (“Professor X “of X-Men) ගැන …හරිද?….වැරදියට හිතාගෙන“අඩෝ මොකද අඩෝ “එයා මෙයා” ගාන්නෙ?..ගරු කරලා කථා කරපන් ඩෝ “ කියාගෙන රෙද්ද උස්සගෙන ආවට වගකියන්නෙ නෑ……

Charles-Xavier-professor-charles-francis-xavier-19703850-1024-768
Professor X ( Charles Xavier)

දෙවනි මෙයා…

මෙයා මේ ලෝකෙට එව්වෙ විශේෂ හේතුවකට….මෙයා ලෝකෙට පිටින් ආපු කෙනෙක්……මෙයාට මේ ලෝකෙ අති විශාල රසිකයන් පිරිසක් ඉන්නවා….කොටින්ම කිව්වොත් මෙතන කථා වෙන තුන්දෙනාගෙන් වැඩිම රසිකයන් පිරිසක් ඉන්නෙ මෙයාට…

මෙයාගෙ තාත්තා මුළු විශ්වයටම මහ බලවතෙක්…..
මෙයාට අහසින් යන්න, ජලය මත ඇවිදින්න පුලුහන්…..
මෙයාට විශාල ශක්තියක් තියෙනවා….විශාල බලයන් රාශියක් තියෙනවා….මහ අරුම පුදුම දේවල් කරන්න පුලුවන්….ඒවා කරපු නිසා මිනිස්සු මෙයා වටේ රොක් වෙනකොට මෙයා හිටපු රටේ ආණ්ඩුව මෙයාට මාර විදියට බය උනා….
මෙයා ආපු දවසෙ ඉඳන් කැපවුනේ මිනිස් වර්ගයා ගළවා ගැනීම වෙනුවෙන්…..
එක් අවස්ථාවකදි මෙයා එහෙම කැප වෙච්ච, ආදරය කරපු, මිනිස් වර්ගයාම මෙයාට ද්‍රෝහී උනා….
මෙයාට එකම එක දෙයක් ළඟට ගෙනිච්චාම බොහොම ශාරිරික දුක් වධ හිංසා විඳින්න සිද්ද වෙනවා….
ඒත් මෙයා ඒකෙන් ගැළවිලා ආපහු ශක්තිමත් වෙනවා….මෙයාව මරන්නත් බෑ, මැරෙන්නෙත් නෑ, සදාකාළිකව ජීවත් වෙනවා කියලා සමහරු විශ්වාස කරනවා….
මෙයාගේ හුඟක් පින්තූරවල ඉන්නෙ අත් බාහු දෙක දෙපැත්තට විහිදගෙන ඉන්න ආකාරයට….
මෙයාගෙ ගැන නාට්‍ය, චිත්‍රපටි, චිත්‍ර කථා, පොත් පත් ගොඩක් ලියවිලා තියෙනවා….

මම මේ කියන්නෙ “ක්ලාක් කෙන්ට්” හෙවත්  “සුපර්මෑන්” ගැන …හරිද?…. වැරදියට හිතාගෙන “අඩෝ “මෙයා මෙයා” කියන්නෙ මොකද ඩෝ?..ගරු කරලා කථා කරපන් ඩෝ “” කියාගෙන රෙද්ද උස්සගෙන ආවොත් වගකියන්නෙ නෑ….

superman_flight_wallpaper_by_samuraiminister-d5wyfv5
Clark Kent (Superman)

තුන්වෙනි මෙයා….

මෙයාට රසිකයො අති විශාල පිරිසක් ඉන්නව තමයි… ඒ උනාට පුද්ගලිකව මට නම් මෙයා අර අනිත් දෙන්න එක්ක බලනකොට එතරම් පොරක් නෙමෙයි….ඇත්ත කියන්න එපැයි….තරහ වෙන්න එපා….ඒක මගේ පුද්ගලික අදහස….

මෙයාගෙ දෙමව්පියෝ වෙළඳාමෙන් උපයගත්තු විශාල ධනයක් මෙයාට උරුම වුණා….දෙමව්පියෝ මෙයා පුංචි සන්දියෙදිම නැති උනා….
මෙයාගෙ ජීවිතේ ගල් ගුහාවක් සමග විශේෂ සබඳතාවයක් තියෙනවා…..ඒක මෙයාට සුවිශේෂී තැනක්…….
මෙයා ජීවිතයේ යම් කාළයක් සෙසු සමාජයෙන් ඈත් වෙලා හිටියා….යළිත් සමාජගත උනාට පස්සෙ මෙයාගෙ ක්‍රියාදාමය ඇරඹුවේ ඒ වෙන්වෙලා හිටපු කාළයේදි ලබාගත් දේවලුත් එකතු කරගෙනයි….
මෙයා හොඳ සටන් කරුවෙක්….සටන් වලට සහභාගි උනා…මෙයාගේ පවුලේ සතුරො මෙයාට එරෙහිව විවිධ සටන් ආරම්භ කළා…..
මෙයාගෙ සංකේත බොහොමයක කළු ලෝගුවක් සහ අඳුරු අපැහැදිලි සටහන් තිබෙනවා…..
මෙයාගෙ ළඟින්ම මෙයා එක්ක හැම තැනකම හිටපු ප්‍රබල අනුගාමිකයෙක් සහ ප්‍රබල අනුගාමික කාන්තාවක් ගැන මෙයාගෙ ජීවිත කථාව පුරාම කියවෙනවා…..
විශාල ධනයක් නොතිබුණා නම්, සහ ව්‍යාපාරික නායකත්වයක් නොතිබුණා නම් මෙයාගෙ ඇති කිසිම සුවිශේෂීතාවයක් නෑ කියලා සමහරු කියනවා….මම දන්නෙ නෑ ඒක ගැන නම්…..
මෙයා එයා ඉපදුණු කළාපයේ නම් මිනිස්සු සංවිධානය කරලා උපද්‍රව රැසකින් ගලවා ගත්තා කියලා කියනවා…..

මම මේ කියන්නෙ  “බෘස් වේන්” හෙවත් “බැට්මෑන්” ගැන …හරිද?…. වැරදියට හිතාගෙන “අඩෝ “මෙයා මෙයා” කියන්නෙ මොකද ඩෝ?..ගරු කරලා කථා කරපන් ඩෝ “” කියාගෙන රෙද්ද උස්සගෙන ආවොත් වගකියන්නෙ නෑ….

4897645-batman
Bruce Wayne (Batman)

මම මේ කථා කරන්නෙ DC universe එකේ සහ Marvel Universe එකේ ඉන්න ප්‍රබල මනංකල්පිත චරිත තුනක් ගැන….හරිද?….Comic Fans විතරක් මේක ගැන කථා කරන්න….වෙන අය රෙද්ද උස්සගෙන එන්න එපා මොනව හරි මතක් උනා කියාගෙන……

Advertisements

11 thoughts on “මෙයා……..”

    1. ඒදෙන්නා එක යුනිවර්ස්නේ .
      ක්‍රොස් ඔවර් යුනිවර්ස් කොමික් පොත්වලනම් මාවල් හා ඩී සී දෙගොල්ල එකට ඉන්නව

      උදා.Avengers vs Justice League

    1. මන්දා රසික අයියට කාවද මතක් උනේ කියලා. ප්‍රොෆෙසර් එක්ස් නම් පී.එච්.ඩී එක ගත්තෙ වයස අවුරුදු 16 දි. රසික අයියට මතක් උන අවුරුදු විසි නමයක කෙනෙක් ඉන්නව නම් එයත් ඒ කාලෙට සාපේක්ෂව අඩු වයසෙන් ඉහළ දැනුමක් ලබාගත්තු කෙනෙක් හැටියට ගුරුවරු අතරෙ ප්‍රකටව ඉන්න ඇති…අපි ඕන නම් හිරිමල් කෑල්ල හලමුකො… 🙂

  1. “මෙයාට අනුන්ගෙ සිත් දැකීමේ සහ සිතිවිලි දැන ගැනීමේ හැකියාවක් තියෙනවා….ඒ වගේම වෙන කෙනෙකුගේ මනසට ඇතුලු වෙලා, ලෝකයේ ඒ කෙනා ඉන්න ඕනම තැනකින් හොයාගන්න හැකියාවත් තියෙනවා….
    ජීවිත කාළය පුරාවටම මෙයාට වරින් වර ඉස්මතු වෙන රෝගාබාධයක් තිබුණා….”

    එයා ගැන කිසිවක් දැන නොසිටියෙමි. සිරාවටම එහෙම හැකියාවක් තිබුනද?

  2. එහෙනං කියන්න මෙයා කවුද කියලා…

    මෙයාගෙ කොණ්ඩෙ හරියට නීග්‍රෝ ජාතිකයෙකුගෙ වගේ.
    හැබැයි හම රන්වන් පාටයි.
    ඇස් කාන්තාවකගෙ වගේ. දිගටි මාළු හැඩේ. අඩවන්…
    තොල් තද රතුයි.
    බෙල්ල හරිම පළල්. රැළි තුනක් වැටිලා.
    අතපය සැපට හැදිච්ච ගෑල්ළමේකුගෙ වගේ.
    කන් පෙති, උරිස්සට ගෑවෙන්න තරම් දිගයි.
    ගෑණු මූණක් තිබ්බට, මහා පුරුෂයෙක් කියල කියනවා.

  3. //මෙයාට රසිකයො අති විශාල පිරිසක් ඉන්නව තමයි… ඒ උනාට පුද්ගලිකව මට නම් මෙයා අර අනිත් දෙන්න එක්ක බලනකොට එතරම් පොරක් නෙමෙයි

    ඔය prof.X ව නං එච්චර දන්නෙ නෑ. ඔබේ පුද්ගලික මතයට ගරු කරන නමුත් උඩ තියන quote එකනං මට ටිකක් අවුල් වගේ. මම දකින විදියට superhero ල අටෝරාසිය අතුරින් මොලෙයි talent එකයි තියන එකම එකා තමා darkknight. 🙂 🙂 🙂 🙂 🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s