අනේ මේ…. ! වඩිවේල් අන්කල්….!

ගොන් පාට් දාන්න එපා අන්කල්…!…භූමිතෙල් කෑන් දෙකක් අරන් පාර්ලිමේන්තුවට ඇතුලු වෙනකොට අන්කල් දන්නවා අන්කල්ට ගිනි තියාගන්න තියා චේම්බර් එක අහළකටවත් ඕක අරගෙන යන්න ලැබෙන්නෙ නෑ කියන එක…..ඒක ඩොම්බ ෂුවර් නිසා තමයි සිංහ පුරුසයා සේ භූමිතෙල් කෑන් දෙක දොක්කගෙන දොරෙන් ඇතුල් වෙන්න හැදුවෙ….බැරිවෙලාවත් ඔය පාර්ලිමේන්තු පොලිස් ආරක්ෂකයින් දෙපැත්තට වෙලා, පාර්ලිමේන්තුවේ අනිත් මන්ත්‍රී ගොල්ල, සේවක සේවිකාවනුත් ඈත් වෙලා “හා එහෙනන් ගිනි තියා ගන්න!” කිව්වා නම් අන්කල්ගෙ සරම කහපාට වෙන හැටි බලාගන්න තිබ්බා….නිකන් මාර වැඩද අන්කල් මේවා?….හිතුවද තමිල්නාඩුවෙ ගොබ්බ ගොජබි චිත්‍රපටියක රඟපානවා කියලා….අර රැජිණි කාන්ත් වගේ නූගත් ගොන් හරකුන්ට ආතල් දෙන ගොබිලෙක් සරම නමාගෙන “ඩිංග ඩකට, ඩිංග ඩකට” සද්දෙ බැක්ග්‍රවුන්ඩ් එකෙන් එද්දි කරණම් ගහනකොට ගැලරියෙ ඉන්න උණහපුළුවො වකුගඩු විකුණලා ටිකට් අරන් ගිහින් ඌට විසිල් ගහනවා වගේ අන්කල්ටත් දිය සීරාවට විසිල් පාර වදියි කියලා හිතුවද?….

නිකන් එම්.ජී.ආර් වගේ රැවුල වවලා, ඇහි බැම උස් පහත් කරලා භූමිතෙල් කෑන් දෙක අරගෙන එනකොට මිනිස්සු “අඩි අයියර්, අඩි” කිය කිය හුරේ දායි කියලා හිතුවද?….

සිරාවට වතුකරේ ජනතාවගේ බුද්ධිය ඔය හැටියට හෑල්ලු කරන්න එපා අන්කල්…!..තමුසෙ ඒ මිනිස්සුන්ගෙ නියෝජිතයෙක් කියනවා නේද…?….ඒ මිනිස්සු දැන් වේගෙන් අධ්‍යාපනය ලබාගෙන ඉදිරියට එන මිනිස්සු….ඉස්සර වගේ තොණ්ඩමන් ගොබිලට, බොලාට ඒ මිනිස්සුන්ව බුරුතු පිටින් අන්දලා, ඒ මිනිස්සුන්ගෙ ඡන්දෙ වෙන්දේසියෙ දාන්න බැරි උනාම මේ වගේ ගොන් පාට් දාන්නේ තමුසේ හිතුවද ඕයි උන් රෙද්ද කපලා මහලා ඇඳගෙන “ලස්සනද? ” කියලත් අහයි කියලා….?…පාරේ යන ගමන් ජනේලයක් අස්සෙන් වත් ටී.වී එකක් බලපු, කාණුවෙ ගහගෙන යන පත්තර කෑල්ලක් හරි කියවපු ඕන පොඩි එකෙක් දන්නවා අන්කල් අන්කල්ලා කරන්නෙ මේ තනිකර අමු ප්‍රෝඪාවක් කියලා….තමුසෙලා තමයි අන්කල් ඒ මිනිස්සු අද ඉන්න තත්වෙට වගකියන්න ඕන…පෙරියදොරේලගේ දේශපාලුවො එක්ක ඩීල් දාගෙන උන්ට ඒ මිනිස්සුන්ගෙ කතිරෙ වෙන්දේසි කර කර මැද කඳුකරේට රජ කම් කරපු එක තමයි අන්කල්ලා කරපු එකම දේ…..සිරාවට අන්කල්, අන්කල් වගේ සැන්ඩෝ කෙනෙක් එන්නම උනා මේ වගේ ලෝක ඉතිහාස ගත වෙන ගොන් පාට් එකක් දාන්න…..!….පාර්ලිමේන්තුවකට ඇවිත් ගිනි තියාගන්න හදපු එකම මන්ත්‍රී අන්කල් වෙන්න ඇති අන්කල්…!…අම්මපා මම හිටියා නම් ගිනි තියාගන්න අවශ්‍ය පහසුකම් සලසලා දෙනවා…..පාර්ලිමේන්තු සභා ගර්භෙක ගිනි තියාගත්තු එකම මන්ත්‍රී අපේ රටෙන් බිහිවුණා කිව්වම මොන තරම් ආඩම්බරයක්ද අන්කල්….අපිට එදයින් පස්සෙ රෙදි එහෙමත් ඕන් නෑ….හුළං වැදි වැදි යන්න පුලුහන්…..

ඔය වගේ වීරප්පන් පාට් අපේ කැම්පස් කොල්ලො කෙල්ලොත් දානවා අන්කල්….උන් කොළඹ ඇවිත් පාරවල් හරස් කරගෙන වාඩිවෙනවා… ඇහුවාම කියන්නෙ අපිල ඇත්තන්නේ නිදහස් අධ්‍යාපන පොජ්ජ පටාරින්න හුරාලා සූජානම් වෙන හින්දා වංගදි ඒක ආරක්ෂා කොරන්ඩ කියලා….ශ්‍රී විස්නු දෙයි හාමුදුරුවන් පල්ල අන්කල්, උන් ඔය පාරෙ ඉඳගන්නෙ මේ අපේ නිදහස් අධ්‍යාපනේ වෙනුවෙන්මයි….ආයෙ උන් හුලිජ්ජ බාන්ඩ දොට්ට පිළට යනකොටත් හිතන්නෙ මේ ඇත්තන්නේ කැකුළන්ට, කැකුළියන්ට නිදහස් අජ්ජාපනේ මන්දො කරලා තියන්නෙ කොහොමද කියලමයි….

කොටින්ම කිව්වොත් උන් හැමිනෙන්න අකුළක් අස්සට රිංගුවත් ඒ වැඩේ කරන ගමන් කම්පනා කරන්නෙ නිදහස් අධ්‍යාපනේ ආරක්සා කරන්න මගෙන් ඉටුවිය යුතු යුතුකම් මොනවද කියල…..කොටිම්ම කිව්වොත් උන්ට සුරතාන්තෙදිත් කෑ ගැස්සෙන්නෙ “නිදහස් අජ්ජාපනේ…ඒ…ඒ….ඒ..” කියලා….ඔව් අන්කල්…!…අපි ඕවා විස්සාස කරනවා…..!…ඒ විස්සාස කොරලා මේ ඉන්නෙ…..!

ඇයි අන්කල් අපේ දොස්තර හපුවො ටික….?…උනුත් දීප වියාප්ත වැඩ වර්ජන කොරන්නෙ අපිට මේ ලැබිලා තියෙන සොඳුරු සෞඛ්‍ය සේවයේ නිර්මල භාවය කිළිටි වෙලා, අපිව අඳුරු අගාධයකට වැටෙන එකෙන් බේරගන්න හොඳේ….?….අපිත් ඒක එහෙම වෙනවට හරි බයයි අන්කල්….!…මොකද අපි ලෙඩක් දුකක් වෙලා ඉස්පිරිතාලෙකට යනකොට මුන් අපිව පිළිගන්න විදිය මතක් වෙලා හඳුන්පොත කී ගානවා….ඔන්න මුලින්ම ගේට්ටුව හරියෙ ඉඳල සික්කො අපිට පාවඩ එළනවා…..!…ඊට පස්සෙ මිසියො ටික කළගෙඩි නැටුම් නටනවා….ඇටැන්ඩංලා තමයි වෙස් නැටුම නටන්නෙ….ඩොක්කු පන්තේරු නැටුම…!….අන්තිමට බෙහෙත් කළවම් කරන බුවා තමයි කස්තිරම් අල්ලන්නෙ…!…ඔය විදියට අපිව ඇතුළට එක්කං ගියාම ප්‍රිය වචනමයි අහන්න ලැබෙන්නෙ….!…” මේ පළතුරු කන්න….මේ පැන් බොන්න….අසුන් ගන්න”….හරියට අර සත්තිගුම්භ ජාතකේ තපෝ වනයට වැටුණු ගිරවා වගෙ……!…දොස්තර හපුවලාගේ පපු කැවුතු දාලා යන්නෙ මේ රටේ එහෙව් සුන්දර සෞඛ්‍ය සේවය බඩදරු අම්මලා වැදුම්ගෙයි බෙරිහන් දෙනකොට “කටවහගෙන තටමපිය හු*ති” කියලා ගොරවන තරම් පහත් තැනකට කවද හරි වැටුණොත් “මොන දෙයියන්ට කියන්නද බොලේ”කියලා…..කොටිම්ම කිව්වොත් උන්නැහේලා දිවා රෑ බය සන්නියෙන් පෙළෙන්නෙ කවදා හරි මේ රටේ නිර්මල සෞඛ්‍ය සේවය, චැනල් එකට එන ලෙඩ්ඩුන්ට රුපියල් දෙකේ පෙත්ත රුපියල් අසූවට ලිවීම වෙනුවෙන් මෙඩිකල් රෙප් වේසිගෙ පුතාලා ඩොක්කුන්ව තායිලන්තෙ ගෙනිහින් බඩු ගස්සන තැනට පිරිහෙයිදෝ, පිරිහෙයිදෝ කියලා…..ඒක නිසා අන්කල්, උන්නැහේලා ජනවාරි මාසෙ කොරන ඕනම ඉස්ටැයික් එකකට අපි පූර්ණ ශාය දෙනවා ඈ….?..

ඊළඟ පාර ගිනි තියාගන්න යනකොට අන්කල් මතක ඇතුව ඕකෙ ඉන්න අනිත් එවුන්වත් එකට බදාගෙන ගිනි තියාගන්න ප්ලීස්…!….එතකොට අපි අන්කල්ට බුදුන් දැක නිවන් දකින්න පින් අනුමෝදන් කරඤ්ඤං….!…මේ සැන්ඩෝ පාට් දිගටම දාන්න අන්කල්…..බලන් ඉන්න හරි ආශික්…!…

Advertisements

5 thoughts on “අනේ මේ…. ! වඩිවේල් අන්කල්….!”

  1. අප්පට සිරි සෑමට කියන්ඩ ඕන බඩු ගස්සන්ඩ දොස්තරල එක්ක යනකොට අර වැව් ඉස්මත්තවත් එක්ක යන්ඩ කියල , ඌට #රි වාතේ

  2. බූමීතෙල් ටික පුකට වක්කොරලා ගිනි කූරක් ගැහුවා නම් තමා වටින්නේ.. කස්ටියට හරක් මස් බා බේ කිව් එකක් කන්න තිබුනා…

  3. අර වලත්ත මදුවගේ පෝස්ට් එකෙන් තමයි පාර හොයා ගත්තේ…
    සුපිරි ලිවිල්ල මචෝ…
    ඒ ගෙරි මුසලයා ඕක ඇතුලේ ගිනි තියා ගත්තනම් අර බිම තියෙන කාපට් ගිනි අරගෙන මළ විජ්ජුම්බරයක් වෙනවා, අන්තිමට වෙච්ච හානිය රිකවරි කරන්න කියල ජහමන මුදල් ගෙඩි සුපියල් බිළියන කීපයක් යයි…
    අර තෙල් බෝතල් දෙක අල්ල ගත්තු වෙලාවේ එතනදිම උගේ ඔළුවට ඒ දෙක හලල ගිනි තිබ්බනම් ඉවරයි…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s