සවුදිය……….

සවුදිය කියන මූසල ගුබ්බෑයමේ දුප්පත් ගෑණු කෙනෙකුට ගල් ගහන්න නියම වෙලා….ඒ මනුස්සයගෙ නම ගම වාසගම, පදිංචි ලිපිනය (ලංකාවේ) දන්නව උනාට ඒවා කියන්න යන්නෙ නෑ, මොකද ඒක ඒ මනුස්සයට කරන අතිරේක පීඩාවක් විතරයි….

මැදපෙරදිග ඉතා පොහොසත් මටසිළුටු ශිෂ්ඨාචාරයන් තිබුණා….මිනිස් වර්ගයාගේ කලාව, සාහිත්‍ය, විද්‍යාව, ගණිතය, තාක්ෂණය යන සියළු ක්ෂේත්‍රයන්ට අනගිභවනීය මෙහෙවරක් කරපු ඇසිරියානු, බැබිලෝනියානු, සහ පර්සියානු ශිෂ්ඨාචාරයන් පැවතියෙත් ඔය අද අපි “මැද පෙරදිග” කියලා හඳුන්වනු ලබන කළාපයේම තමයි…ඒ ශිෂ්ඨාචාර පැවතියේ මැද පෙරදිග උනත් ජලය තිබෙන, සම්පත් තිබෙන සරුසාරවත් රටවල…ඒවා අමු සුදුවැලි කාන්තාර නෙමෙයි….කාන්තාර සහිත ප්‍රදේශ තිබුණත්, නිල් කැටේට වතුර බහින විශාල ගංගා ( යුප්‍රටීස්, ටයිග්‍රීස්, මේ ගංගා දෙක මුහුවෙලා හැදෙන අර්වාන්දු රුද් හෙවත් ෂාද් අල් අරාබ් නම් සුවිශාල ගංගාව ), ඇළ දොළ, නිල් කඳු සහිත මිටියාවත් වලින් මේ ශිෂ්ඨාචාරයන් පැවති භූමිය සමන්විතයි…කන්නෙයි, බොන්නෙයි, රෙන්නෙයි, හැමිනෙන්නෙයි කොහොමද කියලා දහ අතේ කල්පනා කරනවට වඩා දියුණු, සුමට දේවල් කරන්න අවශ්‍ය පාරිසරික සහනය සහ අවකාශය ඒ අයට තිබුණා…සැනසිල්ලෙ ඉන්න මිනිස්සුන්ගෙන් තමයි සංකීර්ණ ප්‍රබල නිර්මාණ බිහිවෙන්නෙ…

මේ රටවල තත්වය එහෙම උනාට මේ වර්ථමාන සවුදි අරාබිය කියන මූසල රටේ ඓතිහාසික ශිෂ්ඨාචාර බිහිවීමේ පසුබිම් කථාව මේ වගේ නෙමෙයි…

සවුදිය කියන කාළකණ්නි ගුහාවේ පීතෘ ශිෂ්ඨාචාරය හැදුණේ ඉර ගින්නේ තැම්බෙන කාන්තාර වල අන්තිම දුෂ්කර ශාපලත් ජීවිත ගෙවපු ගෝත්‍ර ගණනාවක් එකතුවෙලා….ඒ ගෝත්‍ර ආන්තික පාරිසරික තත්වයන් සහ සීමිත සම්පත් උදෙසා ඔවුනොවුන් අතර ඇති කරගත් යුද ගැටුම්, සිවිල් අරගල සහ වඩා බලවත් ශිෂ්ඨාචාර වලින් පැමිණි ආක්‍රමණ නිසා පරිපීඩිත වෙලා හිටියෙ….ඔවුන්ගෙන් අති බහුතරය අන්තිම නූගතුන්…යම්තම් හරි සාක්ෂරතාවයක් සහිත වූ අය එක්කෝ අක්ෂර වින්‍යාසය දියුණු කරන, සාහිත්‍යයක් යම් පමණකින් හෝ බිහිකරන, යම් තාක් දුරකට දර්ශණයකට රුකුළ් දෙන පඬිවරුන් වුනා…මේ පඬිවරු සමකාළීන භාරතය සහ චීනය බිහිකළ පඬිවරුන්ගේ චින්තනය සමග සසඳන විට හාල්මැස්සෝ උනාට, මේ කළාපයට මහා පුරුෂයන් ලෙස පෙණුනා….ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක් නෙ..ලියන්න කියන්න නොදන්න තැන්වල පත්තරේ හ්ඩිම කියවගන්න පුළුවන් කෙනාත් දළ පොරක්….

මේ විදියට සාක්ෂරතාවයක් තිබුණු වෙනත් අය වෙළෙන්දො බවට පත් වුනා….ආන්තික ලෙස පීඩාකාරි සීමිත සම්පත් පරිසරයන් වල ජීවත් වෙනකොට රුකුම් අනුපාතිකය / උත්වන / ප්‍රවර්තන අනුපාතිකය (Survival Rate) ඉහළ මට්ටමක පවත්වා ගැනීමට නම් ඉතාම සූක්ෂම සහ ඉතාම කපටි කෛරාටික විය යුතුයි…ඉතින් මේක මේ ගෝත්‍ර වල අයට සහජයෙන් කාළානුරූපීව පරිණාමයෙන් ලැබුණු දෙයක්….මේ වෙළෙන්දෝ සාක්ෂරතාවය ලැබීමෙන් පසුව ගණිතය සහ වෙළඳාම ඉගෙන ගෙන, සහජයෙන් ලැබෙන කපටි කම සහ ප්‍රයෝග ශූරත්වයත් ඒ වෙළඳාමට මුසු කරලා, ක්‍රමයෙන් ධනවතුන් බවට පත්වුනා…ධනය ලැබුණාම ඊළඟට ඕන බලය….ඒ නිසා ධනවත් වෙළෙන්දෝ බලය ලබාගන්න විවිධ බළ ව්‍යාපෘතීන් වල නිරත වුනා…මේ කාන්තාරවල කූඩාරම් ගහගෙන තැන, තැන යන, ලෝකය දැක නැති, දැනීමක් නැති මොට්ට මෝලුන් මේ බළ ව්‍යාපෘතීන් වල ඉත්තො බවට පත් කරගෙන මේ අය මිනි මරා ගත්තා….අවසානයේදී අර ඉහත කී ඒවාට අමතරව මේ මිනිස්සුන්ට සාහසිකත්වය ජානගත වුනා…ඒවා ඇසුරෙන් මේ අයගේ සම්මුතීන්, ශිෂ්ඨාචාරය, සංස්කෘතිය නිර්මාණය වුනා….

සංකීර්ණ ඉතිහාසයක් ගොඩ නොනැඟුණු මේ කළාපයේ මොකක් හරි ඔටු බෙට්ටකට, නැත්තන් වතුර බාල්දියකට කාළකණ්නි රැහැවල් දෙක තුනක තක්කඩි මිනි මරා ගත්තාම ඒවා නිකන් මාර දේවල්, මහා දේවල් විදියට ඉතිහාස ගත වුනා….ඒ නැතුව දේශපාලන අර්ථ ශාස්ත්‍ර මත රාජ්‍ය පාලනය කරපු, අර්ථ විග්‍රහයන් හරහා බිහිවුණු ක්ෂේත්‍ර ගණනාවක පැතිරුණු බළ ව්‍යාපෘති නෙමෙයි මේවයේ තිබුණේ….

ඕක තමයි සවුදි අරාබිය කියන ගුබ්බෑයමේ උප්පත්ති කථාව…ඉවසීම, කරුණාව, ආදරය, මෛත්‍රිය වගේම ලස්සන සියළු දේත් මුන්ට වහකදුරු තමයි…”හිඩුවෙ බලෙයි, කඩුවෙ බලෙයි” තමයි ඉතින් දන්නෙ…ඕකට සල්ලි බලෙත් ආවාම ඉතින් නරකාදියක් තමයි….නරකාදියට පිටින් ගිහින් බලන අයට ඒකෙ විඳින දුක් දැකලා ඇඟ කිළිපොලා ගියාට, නරකාදියෙ උපදින නිරි සත්තුන්ට ඕකෙ ගාණක් නෑනේ….

ඔහොම ශතවර්ෂ ගණනක් යනකොට මිනිස් වර්ගයා බොර තෙල් ශිෂ්ඨාචාරය බිහිකළා…ඊට පස්සෙ දැන් ඔය පෙට්‍රෝලියම් හයිඩ්‍රොකාබන බොහෝ විට ජෛව හෙවත් ඉන්ද්‍රිය ද්‍රව්‍ය වලින් නෙ නිපදවෙන්නෙ….අවුරුදු මිලියන 300 කට පමණ ඉහතදී පැන්ජියාවෙන් වෙන් වුනු දක්ෂිණ පථයට කිව්වෙ “ගොඩ්වානාලන්තය” කියලා නොවැ….ඔය ගොඩ්වානාලන්තයේ උතුරුදිග සීමාවේ ඔය අද මැද පෙරදිග පර්සියන් ගල්ෆ් කළාපයේ කාන්තාර රටවල් පිහිටන කොටසෙ තිබුණා “ටෙතිස්” මුහුද කියලා මුහුදක්…කාළානුරූපීව මේ මුහුද සිඳී ගොස් ප්‍රධාන මහාද්වීප එකට ගැටෙද්දි බිහිවුණු කාන්තාර කළාපයන් මත තමයි අද ඔය සවුදි අරාබිය, එමිරේටය, ජෝර්දානය, කුවේටය ආදී අපි හඳුන්වන පර්සියන් ගල්ෆ් රාජ්‍යයන් පිහිටා තිබෙන්නෙ…ඉතින් මේ ටෙතිස් මුහුදේ ජෛව ද්‍රව්‍ය සහ රසායනිකයන් රාශියක් මේ වැළි කතරට යටින් භූ ස්ථර අතර ෆොසිලකරණය උනා…විශේෂයෙන්ම ගොඩ්වානාලන්තයේ මහාද්වීපික මායිම සවුදි අරාබිය ආශ්‍රිත නිසා එහි වඩාත් මේ ෆොසිල වර්ග අතින් පොහොසත් කළාපයක් තිබෙනවා….( මෙවැනි බොහෝ කළාප ලොව පුරා තිබුණත්, ඒවායින් බහුතරය තිබෙන්නේ පෙට්‍රෝලියම් කැණීම් කරනු තබා ගවේෂණය කිරීමට පවා අපහසු ගැඹුරු ජල ස්ථරයන් යට….එහෙමත් නැත්නම් ඝණ, උස්, ශිඛර කළාපයන්ට යටින්….නමුත් මේ සවුදි අරාබිය ප්‍රමුඛ මැද පෙරදිග මේ භූ ස්ථරයන්ට ළඟාවී ඛණිජ කැණීම් කරන්න සාපේක්ෂව ඉතාම පහසුයි…ඒ නිසා මිනිසා පෙට්‍රෝලියම් ශිෂ්ඨාචාරය බිහි කිරීමත් සමගම මේ කළාපයට ආශිර්වාදය සහ ශාපය යන දෙකම මුසුවුනු කාළයක් උදා වුනා…..

MiddleEastOilFig_4

ඔයින් පස්සෙ මේ කළාපය සතු භූ විද්‍යාත්මක සහ භෞම දේශපාලනික වැදගත්කම අවබෝධ කරගත්තු ලෝක බලවතුන් මේ කළාපය චෙස් ලෑල්ලක් කරගෙන දැවැන්ත දීර්ඝ කාළීන චෙස් ක්‍රීඩාවක නි‍යැළෙන්න පටන් ගත්තා….එදා මුලින්ම යුරෝපාකරයේ සාම්ප්‍රදායික අධිරාජ්‍යයන් අතර සහ ඉන් අනතුරුව බටහිර බලවේග සහ සෝවියට් සංගමය අතර පැවති මේ චෙස් ක්‍රීඩාවේ නියමු ක්‍රීඩකයන් මේ වනවිට තරමක් දුරට වෙනස් වී සිටිනවා….නමුත් ක්‍රීඩාව එක ලෙසම ඉදිරියට කෙරීගෙන යනවා….මේ ක්‍රීඩාවට ගොදුරු වුනු ප්‍රබල බුද්ධිමත් ශිෂ්ඨාචාරයන්ගෙන් පැවත එන ජනතාව හමුවේ මෙකී බලවතු කලේ වඩා සංකීර්ණ දේශපාලන ක්‍රීඩා ( උදා: බැබිලෝනියාව – ඉරාකය, පර්සියාව – ඉරානය, ඇසිරියන් අධිරාජ්‍යය ආරම්භ වූ කළාපය – සිරියාව / ඉරාකය / ලෙබනනය ) උනත්, මේ පර්සියන් ගල්ෆ් කළාපයේ රටවල ඉන්න වාහෙලාගේ බුද්ධි මට්ටම ඔවුන්ගේ ඉතිහාසයේ ගමන් මග සමඟම දන්න නිසා, චෙස් අදින මහ බලවත්තු මේ කළාපයට අනුගමනය කලේ බොහොම සරල, සිම්පල් ප්ලෑන් එකක්….

ඔටුවයි, කූඩාරමයි, වෙළඳාමයි, ගෑණුයි, කඩුවයි, ඇරෙන්න වෙන කිසි මළදානයක් නොදන්න රැළකට විශාල ධනස්කන්ධයක් ලැබුණාම නිකන් පීල්ලවත්තෙ ජම්බුවාට මහජන සම්පත ඇදුණා වගේ තමයි….පිස්සු කෙළිනවා, කනවා බොනවා, ඉන්ටනැෂනල් බඩු ගහනවා, වියදම් කරනවා, ලොකූවයින් පාටි දානවා…නෙහ්?… මෝඩයින්ට දරා ගන්න බැරි තරම් සල්ලි ලැබුණාම ඔහොම තමයි…සංකීර්ණ ආයෝජන ක්‍රම, ව්‍යාපාර විභවය පරීක්ෂා කිරීම වගේ ඔය ලොකු ලොකු සීන් උන් දන්නෙ නෑ….ලෝක බලවත්තු ටික කලේ මොකක්ද, මේ කළාප වල හිටපු ඔය එක එක ගෝත්‍ර වල ගෝත්‍රික චණ්ඩි පවුල් වලට බලය ගන්න උදව් කරලා, උන්ට හිටු කියලා සල්ලි එක්ක හිතූ පැතූ සම්පත් වැක්කෙරෙන්න සලස්වලා උන් දම්මලා ඒ කළාප වල ජනතාවගේ කටවල් බැඳලා පාලනය කරන ගමන්, තෙල් සම්පත කොල්ල කාගත්තු එක….හරිම සිම්පල් ප්ලෑන් එකක්….

දැන් ඔය සවුදි රජ පවුල, ෂෙයික් අරූ, ෂෙයික් මූ, සුල්තාන් අරූ, සුල්තාන් මූ කියලා ලොකු ලොකු නම්ගම් දාගෙන පොරවල් වගේ ප්‍රයිව්ට් ප්ලේන් වල අහසින් ගියාට, ගෝල්ඩ් ප්ලේට් දාපු රෝල්ස් රොයිස් වල ගියාට ඕකලාගේ සීයලා හිටියේ කාන්තාර ගෝත්‍රික රැහැවල් වල කූඩාරම් අස්සෙ….ඔටුවා තමා එකම සම්පත….මේ වගේ අද මැදපෙරදිග රජකරගෙන ඉන්න එවුන්ගෙ සීයලා, මහප්පලා තමා ඒ ප්‍රාථමික ගෝත්‍ර වලට හිටපු අතපය හයිය හත්ති චණ්ඩි….

ඉතින් මේ නූගත් මොට්ට චණ්ඩින්ට සල්ලි සහ බලය දීලා ලොකු රටවල් ඊළඟට කරේ මුන්ට පෙට්‍රෝලියම් නිෂ්පාදන, අමුතෙල් සහ බොරතෙල් වලින් ගලන සල්ලි ඒ රටවලටම ආපහු ඇදිලා එන ක්‍රමවේදයන් සකස් කරපු එක….

උදා: සවුදි හරකුන්ට තෙල් සල්ලි එනකොට උන් වියදම් කරන්නෙ ඉතාලියෙන්, ප්‍රංශයෙන්, ජර්මනියෙන් කාර් ගෙන්නන්න….බ්‍රිතාන්‍යයෙන් කාර් ගෙන්නන්න…ඇමරිකාවෙන් ගුවන් යානා ගෙන්නන්න….චීනයෙන්, ජපානයෙන්, කොරියාවෙන් තාක්ෂණය සහ විනෝදාස්වාදජනක උපකරණ ගෙන්වන්න…නිකන් කකා ඉන්න තෙල් වාහෙලාට වැඩබැරි නිසා ඉන්දියාවෙන්, චීනයෙන් පුහුණු ශ්‍රමය ගෙන්නන්න….ඉතින් ලෝකයේ බලවත් කාර්මික ශිෂ්ඨාචාරයන් මුන්ගෙ තෙල් වෙනුවෙන් මුන්ට දෙන සල්ලි කන්දරාව හැරෙන තැපෑලෙන් අනිත් පැත්තට උන්ටම ගෙන්න ගන්නවා….උන් දන්නවා මළාට මේ කළාපයේ මෝඩ වාහෙලා මෙලෝ නිෂ්පාදනයක් ලොවෙත් කරන්නෙ නෑ කියන එක… උන් දන්නවා මුන්ට මේ සංකීර්ණ තාක්ෂණික ශිෂ්ඨාචාරයක් ගොඩ නගාගෙන තමන්ගේ නිෂ්පාදනය සහ පුහුණු ශ්‍රමය දියුණු කරගන්නවා කියන එක ලොවෙත් කරන්න බෑ කියන එක….ඒ නිසා උන් මුන්ගෙ රටවල් වල පවුල් කිහිපයක් තෝරගෙන ඒ පවුල් වලට සුරසැප දෙන ගමන් උන් ලව්වා කළාපයේ මහජනතාව පාලනය කරගන්නවා….

දැන් මේ කළාපයේ මිනිස්සු උගත් කමින් සහ බුද්ධියෙන් ඉදිරියට ගියොත්, මානව හිමිකම් ගරු කරන දියුණු නීති රීති සහිත යුගයට ගැළපෙන නීති පද්ධති සකස් කර ගත්තොත්, කාන්තාවන්ට හිතන්න, හැසිරෙන්න නිදහස සහ අයිතිවාසිකම් ලැබුණොත් මොකද වෙන්නෙ?…උන් ඊළඟට තමන්ගෙ දෙපයින් නැගිටින තාක්ෂණික ශිෂ්ඨාචාරයක් හදනවා….හදලා තමන්ගේ නිෂ්පාදනය සහ එයට අවශ්‍ය පුහුණු ශ්‍රමය තම භූමියෙන්ම සපයා ගන්න බලනවා….ප්‍රජාතන්ත්‍රවාදය නිසි පරිදි ඒ රටවල පිහිටෙව්වොත් මිනිස්සු හිතන්න පුරුදු වෙනවා….එහෙම උනොත් එහෙම ඒ කළාපයේ ඇස් බැඳලා කළාපය හොරා කන ලෝක බලවතුන්ට කේස් වෙනවා….ඒ නිසා මෙම කළාපය කිසිදාක පෙරට නොයන බවට වග බලාගැනීම සඳහා දැඩි ආගමික විකෘතියකින් සදහටම ඒ රජ පවුල් හරහා ජනතාවගේ ඇස් වසා තබනවා…මොට්ට මෝල් කාන්තාර ගෝත්‍රිකයන්ගේ ප්‍රාථමික සංස්කෘතික ලක්ෂණ මේ රජ පවුල්, ෂෙයික්වරු, සුල්තාන් වරු හරහා රාජ්‍ය නීති බවට පත් කරලා ඒවායින් මේ ජනතාවන් සදහටම 14 වැනි සියවසේ සිරකරුවන් කර තබනවා….ඒක කිසිදාක වෙනස් නොවෙන බවට ඔවුන් වගබලා ගන්නවා….වෙනස් වේගෙන ආවොත් විවිධ බහුභූත බලවේග නිර්මාණය කරලා ඒ වෙනස පීළි පන්නනවා…..

ඕක තමයි සවුදි අරාබිය කියන අමන ගුබ්බෑයම තවම 14 වැනි සියවසේ පවතින හේතුව…..

මේ රටවල රජ පවුල් ආරක්ෂා කරන ලෝක බලවතුන් තම මිලිටරි බලය ඒ ඒ රටවල උපාය මාර්ගිකව ස්ථාන ගත කරලා තියෙනවා….ඒ මිලිටරි බලය සහ ඒ රටවල් දෙන දියුණු ආයුධ සමග එකී රජදරුවන් ගොඩනගාගෙන සිටින ස්වදේශික ආගමික පොලීසි සහ ආගමික හමුදා ව්‍යුහයන් වල මිලිටරි බලය අබිබවා යෑමේ ශක්තිය, බුද්ධිය හෝ ශක්‍යතාවය මේ ජනතාවන් සතුව නැහැ….ඔවුන් ආගම මගින් අන්ධ කර, නිර්වින්දනය කරනු ලැබ කීකරුව සිටිනවා….අනෙක ඔවුන්ට තම රජදරුවන්ගේ පවුල් සතු බලය අබිබවා යන්නට ගරිල්ලා ආදි සටන් කරන්නට සුදුසු පරිසරයකුත් මේ රටවල නෑ….පැහැදිලිව කිලෝමීටර් ගණන් දුර පෙනෙන, පැතලි කාන්තාර වල මොන ගරිල්ලා සටන්ද?…..ජල මූලාශ්‍ර අන්තිම දරුණු ලෙස සීමිත මරු කතරවල මොන ගරිල්ලා කැරළිද?….

නිදහස් චර්යාවන් තහනම් කර තිබෙන නිසාත්, ඒ තහනම කඩ කරන්නන්ට ලැබෙන දරුණු දඬුවම් නිසාත් වැල්ලේ අඳින ලද ඉරි වලින් එහාට අඩිය තබන්න ඔවුන් බයයි….මේ භීෂණය නිසා බහුතරය නවලෝකය සොයා යන්නේ නෑ….අනික ඔවුන්ගේ දැස් මත පියවිලි පටවන ලද ආගමිකත්වය සහ සාම්ප්‍රදායිකත්වය පරපුරෙන් පරපුරට දුර්දායාදයන් වශයෙන් දෙනු ලබනවා….මේ නිසා මොවුන්ට බුද්ධිය පහළ වීමක් හෝ ශාස්ත්‍රීය පුනරුදයක් පේන තෙක් මානෙක නැහැ…..

ආගම සහ තෙල් සම්පත පවතින තුරු ලැබෙන ධනස්කන්ධය තමයි මේ අයගේ නිර්වින්දකයන් වෙලා තියෙන්නෙ….මේ සිහිනයෙන් ඔවුන් අවදිවන්නේ පෙට්‍රෝලියම් ශිෂ්ඨාචාරය අවසන් වෙලා, වෙනත් ශක්ති ප්‍රභවයකට ගෝලීය ප්‍රවාහනය සහ අනෙකුත් ශක්ති ප්‍රවාහකයන් හුවමාරු වෙන කාළයටයි…එයින් පසුව ඔවුන්ට විශාල සාමාජීය ඛේදවාචකයකට මුහුණ දෙන්න සිදුවෙනවා….මේ තත්වය නිවැරදිව තේරුම් ගත්තේ 1950 තරම් ඈත කාළයේදී දේශපාලනය අත්පොත් තැබූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය එකතුවේ දෙවැනි අග්‍රාමාත්‍ය වරයා බවට පත්වූ “රෂීඩ් බින් සයීඩ් අල් මක්තුම්” කියන දූර දර්ශී නායකයාණන්….එතුමා ඩුබායි, අබුඩාබි, රාස් අල් කයීමා ආදි ප්‍රධාන එමිරේටයන් අනාගතයේ තෙල් සම්පත අවසන් වූ පසුවත් සමෘද්ධිමත්ව රැකෙන සැළසුම් රැසක් ක්‍රියාවේ යෙදවූ ප්‍රාඥයෙක්….

දැන් ඔබ කියාවි අවම වශයෙන් මේවායේ ඉන්න සිටු පවුල් සහ රජ පවුල් ලොව පුරා ආයෝජන කර තිබෙනවා, ඔවුන් ව්‍යාපාර අත්පත් කරගෙන සිටිනවා, ඒ වගෙම මේ ලෝක බලවතුන්ගේ රජයන් සහ නායකයන් මේ අයට බයයි, ඔවුන් ආවාම දෙකට තුනට නැමිලා “Your Majesty, Your Royal Highness, Most Noble Sheikh” කියලා කථා කරනවා, ඒ නිසා මේ අයගේ බලය කවදාවත් ගිලිහෙන්නෙ නෑ නේද කියලා….ඒ සියල්ල ලොව බලවත් ශිෂ්ඨාචාර ඔවුන්ට නිර්මාණය කර දී තිබෙන ෆැන්ටසි….ලෝක බලවතුන් අධ්‍යක්ෂණය කර සවුදිය ප්‍රමුඛ කළාපීය රජුන්ට සහ සිටුන්ට පෙන්වනු ලබන ස්වප්න චිත්‍රපටි….සැබෑ බලය තිබෙන්නේ කොහේද?….මෙය හොඳින් සොයා බලන ලෙස මම ඔබ සැමට ඇරයුම් කරනවා….යම් දිනෙක මොවුන්ගේ කළාපයේ වටිනාකම ගිලිහී යන්නේද, එතැන් සිට එක රැයකින් ඔවුන් ලෝක බලතුලන විෂයෙහි අවලංගු කාසි බවට පත්කොට, ඔවුන්ගේ ශිෂ්ඨාචාරය පිටින්ම කුණු බක්කියට දමන හැටි බලවත් කාර්මික සමාජයන් දන්නවා….ඔවුන්ට එතකල් “තමන් බලවත් බවත්, තම ශිෂ්ඨාචාරය, සංස්කෘතිය සහ සම්මුතීන් බලවත්” බවත් දැනෙන්න ඉඩ හරිනවා….

මිනිස්සු අහනවනෙ සවුදි අරාබිය වගේ අමු ගෝත්‍රික විකාරයක් කොහොමද එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පවතින්නෙ කියලා…..ඒකත් ඒ චිත්‍රපටියේ කොටසක්….ප්‍රතිපක්ෂයට පහර දී ඔහු සතු දෙය උදුරා ගන්නවාට වඩා, ප්‍රතිපක්ෂය නිර්වින්දනය කොට ඔහු සතු දෙය උදුරා ගන්න එක පහසුයි…”තමන් ලොවට වටී….තමන් ලොවට වැදගත්ය” කියන හැඟීම කෙනෙකුගේ මනසට ඇතුලු කිරීම තරම් ඔහු හෝ ඇය නිර්වින්දනය කොට විනාශය කරා යවන වෙන පහසු මගක් නැහැ…..

ප්‍රශ්ණ විසඳන්න සාහසිකත්වය සහ ලේ ඉස්සර කරගන්නේ ප්‍රාථමික මිනිස්සු…..කොටින්ම කිව්වොත් වානර හැසිරීම් වලින් තවම නොමිදුණු මිනිස්සු… වඳුරු රංචුවක මොකෙක් හරි එකෙක් වරදක් කළොත් අනෙක් වඳුරො වටවෙලා ඌව මරා දාලා, දත් විලිස්ස විලිස්ස “චකා බුකු, බුකු” ගගා යනවා…වෛරය සහ පළිගැනීම හැර වෙන හැඟීම් තුළින් තමන්ගේ ජයග්‍රහණය ලබන්න නොදියුණු ජීවීන්ගෙ මොළය සහ ස්නායු පද්ධතීන් සැකසිලා නෑ….

පළිගැනීම කියන්නේ බොහෝ විට ක්ෂණික, ක්‍රියාවට සමාන සහ ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාරයක්….වෛරය සහ පළිගැනීම කියන දෙක යම් කෙනෙකුගේ විනිශ්චය තිමිරයකින් වසනු ලබනවා….එයින් පසුව ඔහුගෙන් හෝ ඇයගෙන් සිදුවන කිසිදු ක්‍රියාවක යහපත් අන්ත ඵලයක් නැහැ…..යහපත් නැති අන්ත ඵලයන් රැසක් සහිත ගමන් මාර්ග එකතු වී යම් සංස්කෘතියක් සෑදෙන්නේද, එකී සංස්කෘතියට කවර කළකවත් “සංවර්ධනයක්” නැහැ…..

සමාජ දෘෂ්ඨිය අනුව “වරදක්” ‍යැයි සම්මත ක්‍රියාවක නිරතවූ පුද්ගලයෙකුගේ ලේ දකින්න, එහෙම නැත්නම් මරා දමන්න බුරුතු පිටින් රොක්වෙන එක යම් සමාජයක නීති රීති වල පටන් පවතිනවා නම්, ඒක ඒ සමාජයේ නොදියුණු, ප්‍රාථමික කම හෙවත් වානර කම ප්‍රදර්ශණයක් කිරීමක්…. සවුදි ජනතාව කියන්නෙ මේ වගේ සියවසක අනුකම්පා කළ යුතු පරිද්දෙන් එවැනි වානර ගති පැවතුම් වල සිර කරනු ලැබූ අසරණ මෝඩ ජනතාවක්…..

මැද පෙරදිග වාලුකා කළාපයට කවදාවත් ඉතිහාස සාධාරණයක් කරලා නැහැ….ඒ වගේම ඒ කළාපයට කවදාවත් ශාන්තියක් උදාවෙන්නෙත් නැහැ….එය ශාපලත් කළාපයක්…..අක්‍රමවත්, පහසුවෙන් ලැබෙන ධනය, අධිරාජ්‍ය බලපෑම් සහ නූගත් වනචාරි ඇවතුම් පැවතුම් සදාකල් දුකේ හෙළා ඇති කළාපයක්….මේ සමස්ථ කළාපයට එහි එක කොණක සිට හෝ ශාන්තියක්, ආලෝකයක් ලබාදෙන්න උත්සාහ දැරුවේ එකම එක ශ්‍රේෂ්ඨයෙකු පමණයි….ඔහුටත් අවසානයේ වනචාරීන්ගේ කුමන්ත්‍රණ සහ පාවාදීම් හමුවේ රෝමන් අධිරාජ්‍යයෙන් මැරුම් කන්න සිද්ද උනා….

“කවර කළකවත් පාපයක් නොකළ තැනැත්තේ පළමු ගල අතට ගනිත්ව!” ” යමෙකු දකුණු කම්මුලට පහරක් ගැසුවොත්, ඔවුනට අනෙක් කම්මුලද හරව!” යනාදි අවවාදයන් ඒ උතුම් පුරුෂයා දුන්නෙ මේ කළාපයට ඒවායේ ඇති බරපතළ වැදගත්කම හොඳින්ම දැනගෙනයි…..

ඔහු ඉහත අවවාද දෙක එම කළාපයට දුන්නේ ආවාට ගියාට නෙමෙයි……ඔවුන්ට වගතුවක් වෙන්න නම් ඔවුන් හදා ගත යුතු ප්‍රධානම දෝෂය කුමක්දැයි ඒ මහා පුරුෂයා දැන සිටියා….

Advertisements

7 thoughts on “සවුදිය……….”

  1. මිනිස්සු ම හදාගත්තු දේවලින් මිනිස්සුම විදවන විදිහ………..

  2. සුපිරිම පැහැදිලි කිරීමක්.
    දමිත්, මේ ගැන කොතනක හෝ කරපු සංවාදයකදී කවුදෝ කියල තිබුන, මේ කලාපය තෙල් අඩුවෙමින් යද්දි උනත් ආර්ථික හැකියාව පවත්වාගෙන යන්න පුළුවන්ය කියල කතාවක්? විශේෂයෙන්ම ඩුබායි වගේ (වෙළඳ නගරවල පිහිටෙන්?)
    මේ හැකියාව කුවේටයට, සෞදියට, ඉරාණයට නැද්ද?

    1. රාජ්… තෙල් සම්පතෙන් පසුව ආර්ථික ශක්තිය ඒ අයුරින්ම පවත්වා ගන්න එක ඉතාම දුෂ්කර වැඩක්…මේ සඳහා ඔවුන් ලෝකයේ වඩාත්ම මුදල් සංසරණය වන ක්ෂේත්‍ර කිහිපයකම මර්මස්ථානයන් බවට එකවර පත්විය යුතුයි…උදා: අබුඩාබි, ඩුබායි දැන් සංචාරක සහ සංචාරක ප්‍රවර්ධන, ආයෝජන ප්‍රවර්ධන, නිදහස් වෙළඳ ආයෝජන, ක්‍රීඩා, විනෝදාස්වාද ක්ෂේත්‍රය පමණක් නොව සිනමාවේ පවා මර්මස්ථානයක් බවට පත්වෙමින් සිටිනවා…එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නගර ඒ පරිවර්ථනය සිදුකරමින් මැද පෙරදිග කළාපයේ යම් හිදැසක් පුරවමින් සිටින අතර, ඔවුන් එකී අනෙකුත් ආයෝජනයන්ට හිතකර ලිබරල් වාදී පසුතළයකුත් නිර්මාණය කර ගන්නවා….මේ සියල්ල සිදුවන අතරේ සවුදි අරාබිය, ඉරානය වැනි රටවල් ආගමික අන්තවාදය තුළ නිමග්න වෙලා පූජ්‍ය පක්ෂය මගින් පාලනය වෙමින් සිටිනවා….යම් කිසි දවසක ඔවුන් මේ සිහිනයෙන් අවදි වෙලා එනකොට ඔවුන් ප්‍රමාද වෙලා වැඩි වෙන්නත් පුලුවන්….

  3. මෙහි සවුදි ඉතිහාසය සහ අරාබි තෙල් ඉතිහාසය ගැන ඔබේ සමහර කරුණු අසම්පූර්ණයි.

    ඉබ්න් සවුද් නම් 6-4 බෙඩුවින් ගෝත්‍රික නායකය 1902 තරම් මෑතකදි තමයි රියාද් නගරය අල්ලාගැනීමීන් තමන්ගෙ ගෝත්‍රික අධිරාජ්‍ය ගොඩනගන්න පටන් ගන්නෙ. මිනිහ දෙවනි ලෝක යුද්ධෙ අග, 1932 වෙනකොට මහා කාන්තාර කලාපෙක නායකය වෙනව. ඒ අතරෙ මක්ක සහ මදීනා නගර දෙකත් තියනව. ඔය මක්ක මදීන නගර දෙක සවුද් අල්ලගන්නෙ ඒවට වන්දනාවෙ එන අයගෙන් බදු එකතු කරල ඒ මුදලින් තම රාජ්‍ය පවත්වාගෙන යන්න. මේඉබ්න් සෞද් අන්තිමට තමන් අල්ලගත්තු මුලු කලාඅපයම සවුද්ගේ අරාබියාව නොහොත් සවුදි අරාබිය විදිහට නම් කරල තමන් ඒකෙ රජු හැටියට ප්‍රකාSඅ කරනව. ඒත් ඒ වෙනකොට මේ ප්‍රදේශයෙ බලය පවත්වාගෙන ඉන්න බ්‍රිතාන්‍ය ආන්ඩුව මේව ගණන් ගන්නෙ නෑ. මොකද ඔවුන්ට ඕන අරාබියෙ මුහුදු කොල්ල කාරයො තමන්ගෙ නැව් වලට කරදර කරන එක නවතන්න විතරයි. ඒ හැර වෙන දේ උන් ගණන් ගන්නෙ නෑ. ඒ නිසා බ්‍රිතාන්‍ය විජිතයන් උනත් ඇතුලෙ පාළනය තනිකර ලෝකල්. ඒ අතරෙ තමා දෙවනි ලෝක යුද්දෙන් පස්සෙ හමුදා සේවයට ආයුබෝවන් කියල තෙල් හොයන්න බැහැපු නවසීලන්ත ජාතික ෆ්‍රෑන්ක් හෝම්ස් 1932දි බහරේනයෙ මුල්ම අරාඅබි තෙල් ලිඳ හාරගන්නෙ. ඉන් පස්සෙ ඒ අල්ලපු වත්තෙ තීන සවුදියෙ දමාම් වලත් මිනිහ තෙල් හොයා ගන්නව. ඒ 1938 දි. ඉන් පස්සෙ ඇමරිකාව බිලියන ගනන් සවුදියෙ හාරල ගොඩගන්න තෙල් වල සල්ලි අරාබි රජ පවුල කෝටිපතියො වෙනව.

    එහෙම නැතුව තෙල් ලැබුනට පස්සෙ රජවරු පත් උනා නෙමෙයි සවුදියෙ සහ බහරේන් වල ( ඒක එහෙම උනා යූ.ඒ.ඊ වල ).

    මෙතන මම දකින එක වැදගත් දෙයක් තීනව. සවුදියෙ වගේම තෙල් ඉන්දුනීසියාවෙ, නයිජීරියාවෙ, වෙනිසියුලාවෙ වගේ රටවලත් ලැබුන. ඒත් උන්ගෙ රටවල් සමස්ථයක් විදිහට ඉන්නෙ සවුදියට ගව් ගාණක් පස්සෙන්. හේතුව සවුදියෙ රජාණ්ඩුව සහ අරවගෙ ප්‍රජාතන්ත්‍රවාදෙ.

    තව එකක්, සවුදි/ බහරේන් රජවරු තමන්ගෙ ඉගෙනගන්න දක්ෂ දරුවො තෙඔරල ඇමරිකාවෙ උගන්නල පස්සෙ 1970 වගේ වෙනකොට අර තෙල් කණින සමාගම් වල අයිතිය පාළනය තමන්ගෙ අතට ගත්ත. ඒව එහෙම කලේ උන්ගෙ තීන ලෝන් ටර්ම් ප්ලෑන් නිසා.

    අවුරුදු ගාණක් මේ කලාපෙ ඉන්න කෙනෙක් හැටියට ලංකාවෙ මිනිස්සුයි අරාබියොයි අතරෙ නව සොයා ගැනීම්, අලුත් තාක්ෂනය දියුණු කරල ස්වෝත්සාහයෙන් නැගිටීම් වගේ දේ ගත්තොත් අපි දෙගොල්ලොම එක මට්ටමේ මිනිස්සු. සවුදියෙ වගේ නිකන් පුරවැසියන්ට සල්ලි දෙන රටවල අර හොඳ දේ නොවෙන්නෙ උන්ව ආණ්ඩුවම කම්මැලි කරන නිසා, නමුත් බහරේන් වගේ ගත්තොත් ලංකාවෙ උන්ට වඩා පරිඝණක සාක්ෂරතාව වැඩියි, තාක්ෂනය යොදාගන්න, අලුත් කරන ස්වදේෂිකයො එහෙම ඉහල ප්‍රතිශතයක් ගන්නව.

    ඒ නිසා, යම් දවසක තෙල් නැති උනොත් වෙන්නෙ මේ අයගෙ අන්තවාදියො ටික ලෝකෙ භාගයක් විනාස කරයි, ඉතුරු භාගෙ වෙළඳ කපටියො, දක්ෂයො සහෙන දුරට තමන්ගෙ බලයට අල්ල ගණියි.

    1. එල!
      මම අහල තියන විදියට තාමත් ගොඩ ඇද්දෙ නැති තෙල් අතින් ඉස්සරහින්ම ඉන්නෙ වෙනිසියුලාව කියල කියනව. ඇත්තද?

  4. හිතේ නැගෙන අප්‍රසාදය නිසා වේගවත් භාෂාවකින් ලියද්දි මේ තරම් ගවේෂණාත්මකව කරුණු පැහැදිලි කරන බ්ලොග් ලිපියක් මේ දැක්කාමයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s