ප්‍රතිකාර මුදළට විකිණීම නවතනු !

එතකොට මාලබේ SAITM එක වහන්න කියලා මුන් බෙරිහන් දෙන්නෙ එතන අධ්‍යාපනයේ ප්‍රමිතියක් නැති නිසා නේ?. ඔව් ඕයි ඒකත් ඇත්ත. හදිස්සියෙ වත් මේකෙන් බිහිවෙන ඩොකෙක් අතින් ලෙඩෙක් මැරුණොත් දෙයියනේ මොන දෙයියන්ට කියන්නද? හදිස්සියෙ වත් මේකෙන් බිහිවෙන ඩොකෙක් අතින් කෙල්ලෙක්ගෙ හොඳට තියෙන අතක් කැපුවොත් එහෙම වැරදිලා මොන දෙයියන්ඩ කියන්ඩද? ඒක ලංකා ඉතිහාසයේ ඩොකෙක්ගෙ අත් වැරදීමකින් හෝ නොදැනුවත් කමක් නිසා ලෙඩෙක් මැරුණ පළවෙනි අවස්ථාව වෙනවා නේද කියලා හිතෙනකොට ඇඟේ මයිල් ඉස්මයිල් වෙනවා. අනේ ඉතින් මේ විස්ස විද්යාල සිස්ස ප්‍රජාව අපිව මෙහෙම රැක බලාගන්න ඉන්න කල් අපිට බය වෙන්න නම් දෙයක් නෑ දෙයියෝ ! මොන තරම් විසාල උපද්‍රව අනතුරු වලින්ද මූලා….සමාවෙන්න….මේ උතුම් මිනිස්සු අපිව බේරගන්නෙ ඈ? නිකන් තුන් හිතකවත් තියාගන්න එපා මේ උතුං මිනිස්සු මේ අරගල කරන්නෙ තමන්ගෙ රස්සාව කුළයක් කරගෙන, ඒකට වෙන අය සෙට්වෙන එක නවත්තන්නය, රටේ ඩොක්කු වැඩි වෙනකොට උදේ පාන්ද හතරෙ ඉඳන් මජ්ජම රාත්තිරිය වෙනකල් හිටු කියලා තැන් තැන්වල ලෙඩ්ඩුන්ගෙ හිතේ හැටියට ගාණ කපන්න තියෙන මාකට් එක බෙදිලා යයි කියලා බයට වගේ අවලම් බලු කථා. හොඳේ?

ඇහුවට තරහා වෙන් නැත්තං පුතාලා, මේ රටේ හැම හන්දියකම, කඩ පිළකම, අගු පිළකම ප්‍රයිවට් හොස්පිටල්, මෙඩිකල් සෙන්ටර්, ලේ හුජ්ජා පරීක්සා ස්ථාන එහෙම තියෙනවනෙ පුතේ !.. එව්වයෙ ප්‍රමිතිය බලලා ඒවයේ ප්‍රමිතිය නැති ඒවා වහන්න කියලා පුතාලා පාරට බහින්නෙ කවදෑ? මං නං ඉන්තේරුවෙන්ම දන්නවා අපේ ආරක්සාව ගැන, අපේ සේවාවන් වල ප්‍රමිතිය ගැන රෑද, දවල්ද කියල බලන්නෙ නැතුව, නොකා නොබී, හුලිජ්ජ බාන්ඩ පිළට වත් යාගන්ඩ වෙලාවක් නැතුව කැපවෙලා ඉන්න පුතාලා ළඟදිම ඒ වැඩේටත් අත ගහනවා කියලා. එදාට පුතාලගෙ පාවිච්චියට ගන්න ඕං මේ ආතා දැම්ම තියලා සටන් පාඨ ටිකක් ලියලා තියඤ්ඤං. අපි වෙනුවෙන් මේ තරම් කැප වෙන මේ දරුවන්ට අපට ඇහැක් හැටියෙන් එහෙමවත් උදව්වක් නොකළොත් අපි වගේ කෙළෙහි ගුණයක් නැති අසමජ්ජාති හැත්තක් තවත් ඉන්නවයැ?

“පෞද්ගලික රෝහල් වසා දමා රජයේ රෝහල් ගණන වැඩි කරනු!”

“ප්‍රමිතියකින් තොර ලෙඩුන් මරණ පෞද්ගලික රෝහල් “ප්‍රතිකාර කඩ” වසා දමව්!”

“නවඕක, හාසිරි, හාසිරි සර්ජිකොල්, ඩුර්ඩාන්ස්, නෝසීස්, ලංකා ඔස්පිටාල්ස් (හැපලෝ), ආසා සැන්ට්‍රොල් රජයට පවරා ගනු !”

“නයින් බෙල්ස් වසා දමා මාතෘ වාට්ටු ගණන, සායන ගණන වැඩි කරනු !”

“සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය නොකරනු !”

“නිදහස් සෞඛ්‍ය සේවය සුරකිනු! සෞඛ්‍ය විකිණීම සඳහා නොවේ!”

“වෛද්‍ය ප්‍රතිකාර මුදළට විකිණීම වහා නවතනු !”

“රුපියල් දෙකේ පෙත්ත රුපියල් අසූවට විකුණන තිරිසන් සමාගම් රෙපාලා පුදන රට සවාරි, තෑගි බෝග, සල්ලි එපා ! සේනක බිබිළේ ඖෂධ ප්‍රතිපත්ති ක්‍රියාවේ යොදවනු !”

පුතාලා ඒ වැඩේට පාරට බහින දාක මේ ආතාවත් සිහි කොරලා මේ හටන් පාඨ වලින් බෝඩ් ලෑලි ලියාගෙන යන්ඩලා. එතකොට මේ ආතාගෙත් ඇහැට කඳුළක් උණයි මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය සුරකින්න ආතාට පුලුහන් හැටියට සම්මාදම් උනාය කියලා හිටං. ආතා ඩොම්බ සුවර් එකටම දන්නවා මේ මාලබේ SAITM වැඩෙන් පස්සෙ පුතාලා දූලා ඊළඟට බහින්නෙ ඒ වැඩේට කියලා. මයෙ රත්තරං පුතාලා දූලා එකතුවෙලා මේ රටේ අපිට පට්ටම නිදහස්, පට්ටම නොමිළේ, පට්ටම පට පට ආරක්ෂිත සෞඛ්‍ය සේවයක් පිහිටුවනවා කියලා මට සාදු සුවර්! ඒ නිසා මේ ඉල්ලීම් ඉටු කරපියව් කියලා කෑ දෙන්න ආතාත් පාරට බහිනවා ඕං. ඊළඟ පාර පුතාලා දූලා සංවිජානය කොරන්ඩ ඕනෑ නවදිල්ලියෙ ඉඳන් කොළඹට පාගමනක් ! මයෙ වයස බලන් නැතුව මං එනවා උඹලා එක්ක පයින් යන්ඩ! පුලුහන් නම් ඉන්දියාවෙ එව්වත් වහගෙන එමු පුතේ ඔයි ගමන්ම !

ඒ නැතුව මේ පිටකොටුවේ මාළු කඩ බක්කියක ඉටි රෙද්දක් ගහලා දුන්නත්, ඒකෙත් වාඩිවෙලා ලෙඩ්ඩුන්ගෙන් ගාණ කපන්න සූජානම්, මෙඩිකල් රෙපාලා කාමර වලට රිංගලා අත පය මසාජ් කරලා, රට යන්න ටිකට් දික්කරලා උන්ගෙ බේත් ලියන්න කිව්වාම ලියන තැනට මයෙ රත්තරං දූලා පුතාලා නම් කවදාවත් වැටෙන්නෙ නෑ කියලා මං දන්නවා.. මෙඩිකල් රෙපාලා එක එක බීච් හෝටල් වල කෑම දීලා, මාසෙකට ලස්ස පහ හය පිදේණි දික් කොරලා, බැංකොක් එකේ රති ක්‍රීඩා කොරන්ඩ යවලා, කාර් බාර් ගෙදෙට්ට එවලා, පුදන්න හදන අලුගුත්තේරු දැකුම් පෙවුම් වලට මයෙ පුතාලා දූලා නම් අනාගතේ පයිම්ම ගහලා දොට්ට දානවා කියලා මං අලි සුවර් පිට දන්නවා. ඒ වගෙම උඹලා අනාගතේ ඔය එක එක හන්දි හන්දි ගානෙ තියෙන “මැඩිකල් සැන්ටර්, ලේ හුජ්ජා ඉස්තාන, පෞජ්ගලික ඉප්පිරිතාල” වගේ ප්‍රමිතියක් නැති ගුබ්බෑයම් වලින් අව්වට වැටෙන හෙවණැල්ලක් වත් පාගන්නෙ නැති වග මං දන්නවා ! ඒ නැතුව එළදෙනට තණකොළ කන්ඩ තියෙන්න ඕන එක කටයි, ඒ උනාට ගොම්පස් ඇහිඳින්ඩ පුකවල් දෙක තුනකුයි, දොවන්ඩ කිරි බුරුලු හත අටකුයි තියෙන්ඩ ඕන කියලා අසමජ්ජාති විදියට මේ රටේ සවුක්ය සේවෙ ගැන හිතන එවුන් නෙමෙයි මයෙ රත්තරං දූලා පුතාලා…!

උඹලා මේ මාලබේ SAITM එක වැහුවට පස්සෙ පෞද්ගලික ඉප්පිරිතාල ඒවාත් අනිවා ඩෙපා වස්සනවා කියලා මට වැටහෙනවා ආයුබොන්ඩ ! කවදා හරි පෞද්ගලික ඉප්පිරිතාල, “ප්‍රතිකාර කඩ” ආණ්ඩු වහන්නෙ නැතුව අකීකෝරු වෙලා උඹලා ඒකට මාරාන්තික හුපවාසයක් එහෙමත් කළොත් ආතා එනවා උඹලා වෙනුවට උපවාසෙ වාඩිවෙන්ඩ ! උඹලා වගේ උතුං අරමුණු තියෙන එවුන් ජීවත් වෙලා, මේ අපි වාගේ අසමජ්ජාති හැත්ත උපවාසෙන් හරි මැරිලා පලකො ඔන්නොහෙ ! මේ ටික ලියනකොටත් ඇහැට කඳුළු සට සට ගාලා එනවා බොලව් උඹලෑ උතුං ක්‍රියා සිහිවෙලා !

උඹලා අනාගතේ ගන්නෙ ආණ්ඩුවෙන් දෙන පඩිය විතරමයි… මෙඩිකල් රෙපෙක්ගෙ හුළඟවත් වදින ඉසව්වක රඳන්නෙ නැතුවා… සියේට සීයක් නොමිළේ ප්‍රමිතිගත ප්‍රතිකාර දෙන්න කැප වෙනවා වෙනවාමයි! ඉර හඳ පල්ලා, පොළෝ මහී කාන්තාව පල්ල, උඹලෑ අර හැරමිට්ටෙ එතිච්ච සර්පයා පල්ලා, හිපොක්‍රටිස්ගෙ අම්මා පල්ලා ඒක නම් සත්තම සත්තයි !

Advertisements

7 thoughts on “ප්‍රතිකාර මුදළට විකිණීම නවතනු !”

  1. අම්මාපල්ල සහතික ඇත්ත..ඔය කිව්ව ටික ඉන්තේරැවෙම වෙනවා..ආය අපේ දොස්තර පුතාල ඔය ටික කොරනවා කොරනවාමයි..ආය බොරැවක් මුසාවක් කියවානම් පාරේ යන එකෙකුට හෙන ගහපිය..මගේ ඉඩමේ වැට මායිම අල්ල ගත්ත එහා වත්තෙ එකාගේ කකුලක් කැඩිය..

  2. ඕකුංගෙ පකුං පාට් අහගෙන සද්ද වහලා ඉන්න හැමෝම වෙනුවෙන් උඹ මේ අවදිකරපු හඬ හරිම රිදෙංට වදිනවා බං කණ් බෙරේටම. ‘දොස්තර කුලය‘. හරියට හරි!
    අකුලෝලම පල කියලා තමා කියංට වෙන්නෙ. දාහෙ කොළවලින් ජීවිතේ ගණින යක්කු!
    මචෝ බ්ලොගර් වලට මාරු වෙයංකො. මේ හත්තිලව්ව එපා වෙන්නැද්ද බං?

  3. මේක පට්ට බං.. ගොඩක් උන් හිපොක්‍රටිස් ගේ නෙවෙයි ෂයිලොක් ගේ පුත්තු.. මදාවියා කියුවා වගේ බ්ලොගර් එකකට සෙට් වෙයන්.. මේක වහක්..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s