දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත…..

මේ වන විට 38 වැනි සමාන්තරකය තදින්ම උණුසුම් වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය ජාලයන් සහ ශ්‍රී ලාංකික මාධ්‍ය ජාලයන් සඳහන් කරති…ලංකාවේ මේ ඡන්ද උණුසුම සහ දේශපාලන විපරීතය නොතිබ්බා නම් මෙළහකටත් අපේ සයිබර් ප්‍රජාව මේ යුද්දයේදී තමන් සහාය දෙන පිළත් තෝරාගෙන අවසන්ය….උතුරු දකුණු කොරියාවල් අතර මේ කුකුළන් කෙටවීම දැන් දශක එකහමාරක පමණ කාළයක් තිස්සේ දකින නිසා මේ වතාවෙත් ලෝක විනාශයකට පාර කැපේ යැයි නොසිතමි…

මේ වාගේ සුළු දේශ සීමාන්තර සටන් ( Skirmishes ) කොරියානු අර්ධ ද්වීපයේ යන්නේ අද ඊයේ ඉඳලා නොවේ… මගේ මතකයේ හැටියට මේ රටවල් දෙක අතර සාපේක්ෂව උණුසුම්ම තත්වය හටගන්නේ 1999 වසරේදීය…එම වසරේ ජූනි මාසයේදී උතුරු දකුණු කොරියානු නාවික හමුදා යාත්‍රා ගැටී කහ මුහුදේ උතුරු මායිමේදී උතුරු කොරියානු නාවික හමුදාව දරුණු පරාජයකට ලක් වූ අතර උතුරු කොරියානු යුද සේලරුවන් 40 කගේ පමණ ජීවිත අහිමි විය…එමෙන්ම සංඛ්‍යාත්මක පිම්බීම කෙබඳු වෙතත්, තාක්ෂණිකව උතුරු කොරියානු ආරක්ෂණ යාන්ත්‍රණය කෙතරම් නග්න දැයි ලෝකයා හමුවේ පෙන්වා ගත්හ….

ඒ කාළේ අපි පාසැල් සිසුහුය…ස්මාර්ට් ෆෝන්, ලැප්ටොප් ලොවෙත් නැත…”ඉන්ටර්නෙට්” කියා දෙයක් කොළඹ ලොකු මහත්තුරු පාවිච්චි කරන බව අසා තිබුණත් දැකලා තිබුණේවත් නැත…ඒ නිසා මේ වෙඩි හුවමාරුව ගැන අපිට තොරතුරු ආවේ රූපවාහිනි මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය හරහාය….වර්ථමානයේදී යම් සිදුවීමක් සිදුවීමෙන් විනාඩි 30 ක පමණ Incident Plus කාළයකදී මුළු ලොවෙහිම Subscribers ලාට එම පුවත එහි “අනුමත සහ නිළ” ස්වරූපයෙන් Breaking News එකක් ලෙස යවන්නට අන්තර් ජාතික මාධ්‍ය ජාලයන් සමත්ය…ඒ කාළේ ඒ වගේ හැකියාවන් නොතිබුණු නිසා ගාල්ලේ අපිට වෙඩි තියාගත්තු එකේ තොරතුර ලැබෙන විට කහ මුහුද යළි සමාදාන වෙලාත් ඉවරය…

ඒ උනත් ඒ බව නොදත් අප පාසැලේ ජාත්‍යන්තර පුවත් ඔස්තාර්ලා “මේ වනවිට පවතින” තත්වය යැයි ඔවුන් නිර්මාණය කරගත් හිතලුවක් ලෙලවා කියන්නට සමත් වූහ…ප්‍රතිඵලය වූයේ කළුවැල්ල, මහමෝදර සහ කලේගාන, කරාපිටිය ප්‍රදේශ වලින් දකුණු කොරියාවේ රැකියාවන් සඳහා ගොස් සිටි පියවරුන්, සොයුරු සොයුරියන්, මිතුරන් අයත් සිසු කොටස් බෙහෙවින්ම කලබලයට පත් වී ඒ කාළයේ ගාල්ල වැනි දුරබැහැර ප්‍රදේශයක ඉතාම විරල පහසුකම් ලෙස සැළකුණ IDD දුරකථන පහසුකම සපයා දෙන තැන් වලට පවුල් පිටින් කඩා වැදීමයි…අන්තිමට ඔවුන්ගෙන් 90% කටම කොරියාවේ සිටින සිය ඥාති, මිතුරන්ගෙන් අසන්නට ලැබී ඇත්තේ ” ඒක පොඩි සීන් එකක්…ඇයි මේ කලබල වෙලා” යන වදන් පෙළය….

ජාත්‍යන්තර දේශපාලනය ගැන හසල දැනුමක් තිබුණු අප විදුහලේ උසස් පෙළට සහ සාමාන්‍ය පෙළට ඉගැන්වූ කොකාවල ගුරුතුමන්, විජයවර්ධන ගුරුතුමන් ඇතුළු ගුරු මඩුල්ලේ වියතුන් මුවින් නොබැණ සිටියදී, ළමිස්සියන්ට වැඩ පෙන්නීම සඳහා ටියුෂන් කඩපිල් වල ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂණයන් දියත් කළ “විශේෂඥයන්”  කී ආකාරයට උතුරු සහ දකුණු කොරියාව යුද වැදී, ඇමරිකාව උතුරු කොරියාවට පහර දී, එයට පිළිතුරු ලෙස චීනය ඇමරිකාවට පහර දී, ඇමරිකාවේ සහායට නේටෝ සංවිධානය පැමිණී, චීනයේ සහායට ඉන්දියාව සහ රුසියාව පැමිණී, අවසානයේදී නේටෝව චීනයට න්‍යෂ්ඨික අවි ප්‍රහාර එල්ල කොට, චීනය සහ රුසියාවද පෙරළා ඇමරිකාව ප්‍රමුඛ නේටෝ රාජ්‍යයන්ට න්‍යෂ්ඨික අවි ප්‍රහාර එල්ල කොට, අවසානයේ අප සියල්ලෝම න්‍යෂ්ඨික හිමකර ( Nuclear Winter ) යුගයක ගිලී, විකිරණ කේන්ද්‍රික පිළිකා සෑදී, නිරාහාරව මිය යෑමට ඉතාම ආසන්නව තිබිණි… කොටින්ම කිව්වොත් මේ න්‍යෂ්ඨික ලෝක විනාශය සිදුවීමට පෙර යුවතියක් සමග ලිංගිකව එක්වී සංතෘප්ත මිනිසෙකු ලෙස මිය යෑමට අපේක්ෂා කළවුන්ද එම අපේක්ෂාව ප්‍රසිද්ධ කරන ලද්දාහුය….ලෝක යුද්දය අපේක්ෂා කළ පරිදි සිදු නොවූ අතර, ඒ හේතුවෙන් යළි ජීවිත බලාපොරොත්තු ඇති කරගත් ගාල්ලේ 99-2001 උසස් පෙළ සිසු දැරියන් සිය කන්‍යාභාවය ගැන සැළකිලිමත් වූ හෙයින් අදාළ සිසු මිතුරන්ට ඒ වරම නොලැබුණු බව පසුව වාර්ථා විය…. 😀

කෙසේ වෙතත් මෙවර සිදුව තිබෙන්නේ කුමක්ද?

කෙටියෙන්ම කියතොත් දකුණු කොරියාව උතුරු කොරියානු රෙජීමය ඉලක්ක කරගෙන කරගෙන යනු ලබන ශබ්ද විකාශණ යන්ත්‍ර ප්‍රචාරයන්ට එරෙහිව යැයි කියමින්, පසුගිය බ්‍රහස්පතින්දා, එනම් 2015 අගොස්තු 13 වැනිදා, උතුරු කොරියානු දේශ සීමා ආරක්ෂක බළකායක් විසින් දකුණු කොරියාවේ සීමා මායිමට කාළ තුවක්කු වෙඩි ප්‍රහාරයක් එල්ල කොට තිබේ…එයට ප්‍රතිචාර දැක්වූ දකුණු කොරියානු කාළතුවක්කු සේනාංක උතුරු කොරියාවේ සීමා මායිමට ප්‍රතිප්‍රහාර කිහිපයක් එල්ල කොට තිබේ…කිසිවෙකුටත් මෙයින් හානියක් වී නැතත්, දකුණු කොරියාව දේශ සීමා මායිමේ ජනාවාසයන් කිහිපයක වැසියන් ආරක්ෂිත ස්ථාන කරා ගෙන ගොස් ඇත…

එතැන් සිට සිදුවෙමින් පවතින්නේ උතුරු කොරියාවේ නායකත්වයේ සිටින ළපටි හරකා තප්පුලෑමත්, දකුණු කොරියාව එවැනිම ස්වරයකින් ප්‍රතිචාර දැක්වීමත්, ජපානයට සයනයේ සුළු දිය පහවීමත්, ඇමරිකාව සහ චීනය එක්ව සුපුරුදු පරිදි ” ළමයි සන්සුන් වෙන්න… එන්න හොඳ දරුවො ටික වගේ ඇවිත් ඉඳගන්න” කියමින් ගුරු මණ්ඩලයේ කාර්ය භාරය රඟ දැක්වීමත් පමණි….

උතුරු කොරියාවේ වත්මන් නායක කිම් ජොන්ග් ඌන් වනාහි ඒ පරම්පරාවෙන් රට පාලනය කරන තුන් වැනියාය…පළමු වැනියා හෙවත් මේ ගොන් වස්සාගේ සීයා වනුයේ “කිම්-ඉල්-සුං” නම් නායකයාය…ඔහුගේ අභාවයෙන් පසුව එරට අතට ගත්තේ ඔහුගේ පුතා වන “කිම් ජොංග් ඉල්” ය…2011 වසරේදී සිදුවූ ඔහුගේත් ඇවෑමෙන් පසුව 32 හැවිරිදි, අත්දැකීම් රහිත ගවයා එරට පාලකයාව සිටියි….

උතුරු කොරියාව ලෝක සාමයට, කළාපීය මනුෂ්‍ය ජීවිත මිලියන ගණනකට, නොගිණිය හැකි තරම් වටිනාකමකින් යුත් දේපළ රැසකට සහ සමස්ථයක් ලෙස ජාත්‍යන්තර ආර්ථිකයට බරපතළ තර්ජනයක් බව අවිවාදයෙන්ම පිළිගත යුතු කරුණකි….මෙම තත්වය වඩාත් තීව්‍ර වූයේ එහි වත්මන් නායකයා බලයට පැමිණීමත් සමගය…

38 වැනි සමාන්තරය සහ නිරවි කළාපයන්
38 වැනි සමාන්තරය සහ නිරවි කළාපයන්

උතුරු කොරියානු සමාජය තරම් අනුකම්පා කළ යුතු, අවිචාරවත් සමාජයක් මේ මොහොතේ තොරතුරු තාක්ෂණ විප්ලවයේ පසු කම්පන ලබන නූතන මිනිස් සමාජයට අයත් වෙනත් කිසිදු රටක තිබේදැයි සිතීම සැක සහිතය….උතුරු කොරියාව යනු මිලියන 25 ක් පමණ සිරකරුවන් ගාල් කර ඇති ලෝකයේ විශාලතම එළිමහන් සිර කඳවුර යැයි කීම අතිශයෝක්තියක් නොවේ…

එරට:

1. රාජ්‍ය නායකයාට සහ නායකයාගේ පවුලට, ඔවුන්ගේ ඇසුර ලබන සමාජ ස්ථරයට දේවත්වයෙන් සළකන, දෙවියන්ට සේ වඳින පුදන රාජ්‍යයකි… කොරියානු කම්කරු පක්ෂය හෙවත් කොරියානු කොමියුනිස්ට් පක්ෂයෙන් කැඩී බිහිවුණු ග්‍රාම්‍ය සමාජවාදී ප්‍රවාහය විසින් 1945 වසරේ සිට මේ දක්වා තම පාක්ෂිකයන් සහ තමන්ගේ බලය පවතින ප්‍රදේශය ජනතාවන්ගේ මොළ සේදීමේ සහ ඔවුන්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ප්‍රමුඛ මානුෂීය අයිතිවාසිකම්, පුරවැසි අයිතිවාසිකම්, සිවිල් සහ දේශපාලනික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අවට ලෝකය සමග කිසිදු සබඳතාවයකින් තොර, දේශපාලනික වශයෙන් නිෂ්ක්‍රීය වහල් ප්‍රජාවක් බිහිව සිටිති….ඔවුහු ස්වකීය රාජ්‍ය නායකයාට ෆ්‍රොයිඩියානු විශ්ලේෂණයන්ට අනුව කියතොත් ළදරු වියෙහි ජීවිතයට කවන ටෝටමයන්ට සේ සළකති…සමූහ හිස්ටෙරික තත්වයක ලක්ෂණ ප්‍රකට කරමින් නායකයා අදහති…

උදා: වත්මන් කොරියානු නායකයාගේ පියා වන කිම් – ජොං – ඉල් 2011 වසරේදි මියගිය මොහොතේ බොහෝ පැසුණු මනස් සහිත වැඩිහිටියන් ” දෙවියෙකු මිය යා හැකිද?” යන පැණය අසමින් ළදරුවන් සේ මං මාවත් වල හඬ වැටීම… ( මෙය බොහෝ දෙනා කොරියානු රාජ්‍ය පරිපාලනය කෙරෙහි බියෙන් හෝ හුදෙක් “එක දා ගැනීමට” කරන ලද්දක් බව කීවත්, මෙහි සන්දර්භයෙහි ඇත්තේ දරුණු මනෝ විද්‍යාත්මක ඛේදවාචකයකි )

මෑතකදී කරන ලද සමීක්ෂණයක් හෙළි දරව් කරන අන්දමට උතුරු කොරියානු ජනතාවගෙන් 23% ක් සිය නායකයා ” මළ මූත්‍රා නොකරන්නෙකු” බවට විශ්වාස කරති…එයින්ම ඔහු දේවාත්මයක් බව කියති…( ද්‍රව්‍යවාදී කොමියුනිස්ට්වාදී අධ්‍යාපනය උතුරු කොරියාවේ ස්ථාපිත කිරීමේ “හොඳකම” මෙයින්ම ගම්‍ය වේ )

2. මේ තත්වය තවත් පෝෂණය කරමින් එරට රජය චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කරගන්නා විදේස් මාධ්‍ය ජාලයන්, අන්තර්ජාලය, යනාදි නව යුගයේ තොරතුරු සම්ප්‍රේෂණ ප්‍රවාහ සියල්ලක්ම පාහේ සහමුලින්ම අහුරා ඇත…එරට ජනතාවට ලැබෙන්නේ පියොං යෑං අගනුවර රාජ්‍ය මාධ්‍ය විසින් සකසනු ලබන සත්‍යයෙන් සහ යථාර්තයෙන් බෙහෙවින්ම දුරස්ථ තොරතූ පමණි…

3. මේ සියලු මනෝභාවයන් නිසා එරට ජනතාව සිය නායකයා සහ ඔහුගේ දේශපාලන පක්ෂයේ ඊනියා උත්තරීතර මණ්ඩලය වෙනුවෙන් ඉතා පහසුවෙන් ජීවිත බිලි දීමට තරම් මුළාවක සිටිති….එසේ ඔවුන් වෙනුවෙන් දිවි දීම තුළ තම යුතුකම් ඉටුවන බව ඔවුහු විශ්වාස කරති…තනි තනි පුද්ගලයන් වශයෙන් තමන්ගෙන් කිසිදු වටිනාකමක් නැති බවත්, තමන්ගේ වටිනාකම පවතින්නේ රාජ්‍යයට සහ නායකත්වයේ බළ ව්‍යාපෘතීන්ට කරනු ලබන සේවාවන් මත බවට විශ්වාස තබති….

4. රජය විසින් ගෙන යන ප්‍රචාරයන්ට මුළා වූ ජනයා, සිය දේශය වන උතුරු කොරියාව ඇමරිකා එක්සත් ජනපදය පවා පහසුවෙන් විනාශ කළ හැකි තාක්ෂණයක් සහ පිරිස් බළයක් ඇති සුපිරි බලවත් දේශයක් බවට විශ්වාස කරති…ලෝකයේ අනෙක් රටවල හමුදාවෝ ස්වකීය හමුදා ශක්තිය හමුවේ වෙව්ළන බවත්, ස්වකීය පාලකයන්ගේ ශිෂ්ඨ සම්පන්න පාලනය කෙරෙහි ඇමරිකාව ප්‍රමුඛ බොහෝ රටවල නායකයන් ඊර්ෂ්‍යාවෙන් පෙළෙන බවත් කිසිදු සැකයකින් තොරව අදහති…

බහු පක්ෂ ක්‍රමයේ මොන තරම් දුර්වලතා තිබුණත්, සංවර්ධනය වෙමින් පවතින රටවලට ඒවා හරහා ඉස්මතු වන දේශපාලනික බෙදීම් බාධක විය හැකි බව කීවත්, බහු පක්ෂ ක්‍රමය පවතින රටවල මෙවැනි මාරාන්තික ප්‍රහසනයන් නිර්මාණය වන්නේ නැත…ඒක පක්ෂ ක්‍රමයක් යම් රටක පවතින්නේ නම් හෝ ඒකාධිපති පාලන ක්‍රමයක් පවතින්නේ නම්, ඕනෑම නිමේෂයක එවැනි ජන සමාජයන් මෙවැනි අමන මරි මෝඩ දිශානතීන් කරා යන ගමනක් ඇරඹීමේ අවදානමක සිටී….උතුරු කොරියානු ජනතාව වනාහි මුළු ලොවෙන්ම අනුකම්පාව ලැබිය යුතු පිරිසකි….බහු පාර්ශ්වික ප්‍රජාතන්ත්‍රවාදයෙහි වටිනාකම තේරුම් ගැනීමට උතුරු කොරියානු ජනතාව කදිම නිදර්ශණයකි…

තත්වය එසේ තිබියදී උතුරු – දකුණු දෙකොරියාවන්ගේ හමුදා ශක්තිය සැකෙවින් සැසඳුවහොත්, පිරිස් බලය අතින් ඒ දෙපිරිසෙහි එතරම් විශාල වෙනසක් නොමැති වුවත්, සන්නාහ තාක්ෂණය, අවි තාක්ෂණය, සහ නිරීක්ෂණ තාක්ෂණය යනාදි කරුණු සැළකිල්ලට ගෙන බලන විට දකුණු කොරියාව සිටින්නේ උතුරු කොරියාවට වඩා ගව් ගණනක් ඉදිරියෙනි…උතුරු කොරියාවේ හමුදා ශක්තියෙන් 80% දශක ගණනකින් යල් පැනගිය ආම්පන්න සහ සන්නාහ වලින් සමන්විත වන අතර, හුදු අංක ගණිතයෙන් පමණක් ඔවුහු ඉදිරියෙන් සිටිනා බවක් පෙන්වති….සාමාන්‍ය සරල රාමුවක සිදු කරනු ලබන සටනකදී අධි තාක්ෂණයෙන් අනූන දකුණු කොරියානු හමුදාවන්ට පහර දෙනවා තබා, තමන්ගේ ආධි කල්පික අවි රැගත් රථවල එන්ජින් කීයක් පණ ගන්නවන්න ලැබේද යන්නත් උතුරු කොරියාව විෂයෙහි සැක සහිතය….එසේ හෙයින් එවැනි සටනකදී දකුණු කොරියාවට ඇමරිකානු ආධාර වලින් තොරව වුවත් පහසු ජයක් ලැබිය හැකි අතර, එවැනි සටනකදී උතුරු කොරියානු යුද යාන්ත්‍රණය සමූල ඝාතනය වීමක් අපේක්ෂා කළ හැක….

නමුත් එරට යුද යාන්ත්‍රණය ලොව ශ්‍රේණිගත කිරීම් වලදී ඉහළට ඔසවා තබන ප්‍රධානතම සාධකය වන්නේත්, ඔවුන්ට යාබද අනෙකුත් අසල් වැසි රටවල භීෂණය වන්නේත් එරට විසින් මේ වනවිට කරන ලද න්‍යෂ්ඨික අවි පරීක්ෂණ මගින් තනා ගෙන ඇතැයි කියන TNT Equivalent කිලෝටොන් 30 ක් පමණ වන යුද ශීර්ෂ 10 ක පමණ ගබඩාවයි…

න්‍යෂ්ඨික යුද ශීර්ෂ තිබුණාට ඒවා සඳහා ප්‍රහාර ප්‍රවාහක මාධ්‍යයක් නොමැති නම් එම යුද ශීර්ෂයන්ගෙන් හදිසි යුදමය තත්වයකදී ප්‍රායෝගික ප්‍රයෝජනයක් නොමැත…උතුරු කොරියාව සතු නවතම මධ්‍යම දුර ප්‍රමාණයේ මිසයිල පද්ධතිය වන ඔවුන්ගේ “ටේපෝ ඩොන්ග් ( ගිනි මකරා ) (Taepo Dong 2 ) ” මිසයිල පද්ධතියේ යන නවතම ඛාණ්ඩයට මෙම ප්‍රමාණයේ යුද ශීර්ෂයක් කිලෝමීටර් 4700 ක් පමණ දුරක් ගෙන යා හැකිය.

North Korean Payload projection Range
North Korean Payload projection Range

මේ අනුව උතුරු කොරියාවට තවමත් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන භූමියට සෘජු ප්‍රහාරයක් එල්ල කිරීමේ ශක්‍යතාවය නැතත්, උතුරු කොරියාව අවට තිබෙන තාක්ෂණ – සංවේදී සමාජයන් සහ ලෝක ආර්ථිකය විෂයෙහි මර්මස්ථානයන්ට දැඩි හානියක් කිරීමේ හැකියාව තිබේ….

එනමුත් මේ සියල්ලට වඩා වැදගත් සාධකයක් නිසා මෙවරද එවැනි විනාශයක් සිදු නොවනු ඇතැයි සිතිය හැකිය….

ඔබ 80 – 90 දශක වල සිය ළමා කාලය ගත කළ කෙනෙක් නම් සෝවියට් සංගමයේ රාදුගා පොත් ප්‍රකාශකයන් ඵල කළ නිකොලායි නෝසව් නම් ලේඛකයා විසින් විරචිත සහ දැදිගම රුද්‍රිගු ශූරීන් විසින් ප්‍රති නිර්මිත “වැඩ බැරි දාසගේ කථා” කියවා ඇතුවාට සැක නැත….එම කෘති පෙළෙහි එක් කෘතියක වැඩ බැරි දාසගේ බුද්ධිය සහ මොළය ගැන මෙසේ කියා තිබිණි…

“වැඩ බැරි දාසගේ ඔලුව පුස්සක් කියලා සමහරු කියනවා….ඒත් එයා සපත්තු දෙක ඔලුවේ දමාගන්නේ නැතුව දෙපයේ දමාගෙන ඉන්නවා… එහෙම නම් කොහොමද කියන්නේ එයාගේ ඔලුව පුස්සක් කියලා? ”

උතුරු කොරියාවේ නායකත්වයේ සිටින කිම් ජොන් ඌන් නම් අමන ගෝතයාගෙන් වුවද මෙවන් සාමාන්‍ය අවබෝධයක් බලාපොරොත්තු විය හැකි අතර, ඔහුට යුද නායකයන් වශයෙන් ක්‍රියා කරන කාළකණ්නියන් අතර මනුෂ්‍යත්වයට හිමි සාමාන්‍ය ප්‍රඥාව මෙහෙයවා තීරණ තීන්දු ගන්නා එක් මිනිසෙකු හෝ සිටිය හැකි බවට අනුමාන කළ හැක…

එසේ නම් එවැනි න්‍යෂ්ඨික ප්‍රහාරයක් ඔවුහු එල්ල කළහොත් ඔවුන්ට එරටට යාබද රටවල් කිහිපයක් ප්‍රධාන නගර කිහිපයක් ( උදා: දකුණු කොරියාවේ, තායිවානයේ සහ ජපානයේ තාක්ෂණ තන්ත්‍රයන් මෙහෙයවන අගනුවර වල් සහ ආර්ථික කළාපයන්) විෂයෙහි දැඩි හානියක් කළ හැකි වුවත් එයින් පසුව එක්සත් ජනපදය සහ නේටෝ බලවේග එක්ව ඔවුන්ට එල්ල කරනු ලබන සමස්ථාපිත ප්‍රතිප්‍රහාරයකදී සිදුවිය හැකි විනාශය උතුරු කොරියාවේ නායකත්වය නොදන්නවා යැයි නොසිතමි….

එබැවින් මෙවරත් ඔවුන් දමන්නේ ඔවුන්ගේ චිරාගත සම්ප්‍රාදායන්ට අනුව දමනු ලබන “හිස් සත්තමකි”… ඒ බව පැහැදිලිය….

මොවුහු මෙලෙස කාළීනව සත්තම් දැමීමේ අරමුණු කිහිපයකි:

1. ආර්ථික වශයෙන් සිඟමනට වැටී තිබෙන උතුරු කොරියාවේ විශාල සාගතයක් සහ දුර්භික්ෂයක් පවතී…චීනයෙන් ලැබෙන අල්ප වූ මූල්‍යමය ආධාරයන්ද කිම් ජොන් ඌන් නම් මෝඩයාගේ ළාමක ෆැන්ටසි සැබෑකර ගැනීමට දරන උත්සාහයටම යෙදේ….මෙවැනි විටෙක කොරියානු නායකත්වයට සිය ජනතාවගේ කුස ගිනි නිවීම යම්තමකටවත් කළ හැක්කේ දකුණු කොරියාව සහ ජපානය විසින් එරටට ලබා දෙන සහල් සහ අනෙකුත් ආහාරමය ආධාර නිසාය…..ඉඳ හිට තමන් මේ යවන ආධාර වෙනුවෙන් ජපානය, දකුණු කොරියාව යම් යම් කොන්දේසි ( පාරදෘෂ්‍ය භාවයේ අත්‍යාවශ්‍ය වීම, ප්‍රජාතන්ත්‍රවාදය අගයන මානව හිමිකම් ගරු කරන සමාජයක් බවට උතුරු කොරියාව පත් කිරීමෙහි ලා නිර්දේශ ) ආදිය පනවා සිය ආධාර ප්‍රමාණයන් අඩු කරති…ඇතැම් විටෙක එවැනි අඩු කිරීම් ආශ්‍රිත සමයන් වලදී උතුරු කොරියාව යුද තර්ජනයක් මවා පෙන්වා, සිය යුද ශීර්ෂ ගබඩා පෙන්වා අසල්වැසි රටවල් බිය වද්දවා සත්තමයක් දමති….එයට බියවන අසල් වැසි රටවල් උතුරු කොරියාවේ “නැති වන්නට කිසිවක් නැති” රෙජීමය සහ ජනතාව තම තමන්ගේ සංකීර්ණ දියුණු සමාජයන්ට එරෙහිව විනාශය දියත් කරනු ඇතැයි බියෙන් බියට පත්ව උතුරු කොරියාව යළි සනසා තබන්නට “කප්පම්” වශයෙන් උක්ථ ආධාර නැවතත් වැඩි වැඩියෙන් ලබා දෙති…මේ සඳහා මෙවැනි න්‍යෂ්ඨික හෝ සහ- සමූල ඝාතක අවි මගින් සිදු කෙරෙන යුද්දයක් සිය එළිපත්තේ සිදුවෙනවා දකින්නට අකමැතිව සිටින චීනයද ඒවාට එක් කොට උතුරු කොරියාවට කප්පම් පිණිස සාගත මලු යවති..කිම් ජොන් ඌන් උන් හිටියේම යුද සරඹ පාමින් කරන විගඩම මෙයින් වටහා ගත හැක.

2. ආර්ථික වශයෙන් අභ්‍යන්තරව දැන් දැන් උතුරු කොරියානු ජන සමාජය තුළ ඉතාම ඉතාම සුළුතරයකට හෝ තමන් විඳිනු ලබන දුක් ගැහැට පිළිබඳව විරෝධාකල්ප මතුවෙමින් පවති….එමෙන්ම කිම් ජොන් ඌන් විසින් ඝාතනය කරන ලද ඉහළ පැලැන්තියට අයත් ජනතා ආදරය දිනූ චරිත කිහිපයක මතකයන්ද මේ වනවිට ඔහුගෙන් ජනතාව ඈත් කරමින් ඇත… ( ඌන් ගේ ) .මෙවැනි ව්‍යාකූලත්වයන් හරහා සමාජයන් අර්බුදයන් ඉස්මතු වීමෙන් තොරව පවත්වා ගැනීමට ඔවුන්ට දිය යුතු කදිම අනුපානය වන්නේ ජාතික ආරක්ෂාව සහ දේශය සතු යුද ශක්තිය ඉස්මතු කිරීමයි….නො-එසේ නම් දේශ ප්‍රේමය සමග බැඳුණු දේශ ප්‍රේමියෙකු ඉස්මතු කිරීමයි..”සතුරන් අප ආක්‍රමණය කිරීමට ඉතාම ආසන්නය” කියමින් සතුරු ක්‍රියාකාරකම් කරන බලවත් සතුරන් ලෙස යම් පිරිසකට හංවඩු ගසයි ….වාර්ෂිකව නටන උතුරු කොරියානු සළු පාලියේ තවත් එක හේතු කාරකයක් වන්නේ මෙම සාධකයයි..

එම නිසා මෙම තත්වය අවි යුද තත්වයක්, කළාපීය යුද්දයක්, සංකීර්ණ ලෝක බලවතුන්ගේ කල්ප විනාශ ගැටුමක් ලෙස පරිණාමය නොවනු ඇති බවට වගකීමෙන් ප්‍රකාශ කළ හැක….මේ මොහොත වනවිට සිදුවෙමින් පවතින සම්මුතිවාදී උත්සාහයන්ට උතුරු කොරියාවේ ළාමක ගොනා ප්‍රමුඛ පාලකයන් දක්වන ප්‍රතිචාර කෙබඳු වෙතත්, උතුරු කොරියාව අරමුණු කරගෙන “මහ රටවල්” එනම් රුසියාව, චීනය, ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝව උනුන් හා යුද වදින තත්වයකට එන්නේ නැති බවට සහතික විය හැක….උතුරු කොරියාව රුසියාව සහ චීනය යන රටවල් ද්විත්වයටම මායිම්ව තිබුණත්, උතුරු කොරියානු නායකයන් මේ රටවල් දෙකම සමග සුභ සබඳතා පැවැත්වුවත්, උතුරු කොරියානු රෙජීමය සිය “කඳවුරු මිතුරෙකු” ලෙස සළකාගෙන ඔවුන් වෙනුවෙන් ඇමරිකාවට එරෙහිව යුද වදින තරම් මුග්ධ තැනකට ඒ රටවල් දෙකම පිරීහෙන්නේ නැත….එනිසා මෙය ගෝලීය අර්බුදයක් වීමේ අවදානම අවමය….එනමුත් මෙම කළාපීයව ඇතිවන යම් යුද්දයකදී භාවිතා වෙන අවි ආයුධ වල අතුරු ප්‍රතිපල නිසා ලෝකයේ අනික් කළාප වල මිනිසුන් යම් යම් ආපදා වලට මුහුණ පෑමේ අවදානමක් ඇත….උදා: Radioactive Fallout

Korea North ( Democratic People`s Republic of Korea )
Korea North ( Democratic People`s Republic of Korea )

එසේ හෙයින් ඒ ගැන විශ්වසනීයත්වයෙන් තොර මූලාශ්‍ර වෙතින් ලැබෙන වාර්ථා දැක තැතිගෙන තමන්ද ඇතුළු බොහෝ දෙනෙකු අපහසුතාවයට පත් කළ යුතු නැත….

නමුත් දකුණු කොරියාවේ සේවය කරන අපේ මිනිසුන් වන ඔබ සැමට පැවසිය යුතු වැදගත් කරුණක් ඇත…

මා මෙම ලියැවිල්ල ලිව්වේ අතීතයේ ලද අත්දැකීම් පදනම් කරගෙන සහ ජාත්‍යන්තර සබඳතා විෂයෙහි මගේ ඇති දැනුම සහ කියවීම පමණක් පදනම් කරගෙන කරන විශ්ලේෂණයක් ලෙසය….එහෙත් ” මිනිසා තමයි අඳුනාගත නොහැකි සතා” යන ධර්මතාවයද තිබෙන බැවින් මෙවර කුමක් හෝ නපුරු අමුත්තක් සිදු නොවෙතියි සහතික කරම කියන්නට නොහැක…( එවැන්නක් සිදු නොවෙනු ඇතැයි අත්දැකීම් මත පදනම්ව සිටගෙන උපකල්පනය කරනු පමණි ).. මේ සියල්ල තීරණය වන්නේ උතුරු කොරියාව නම් අගතිගාමී රෙජිමයෙහි නායකයන්ගේ මානසික මට්ටම අනුවය…විශාල විනාශයක් සිදු කළ යුතුය කියන උමතු තීරණයේ ඔවුන් එල්බ ගෙන සිටින්නේ නම් හෝ එවැනි විනාශයක් කළ පසු එළඹෙන සටන් මාලාව ඔවුන්ට ජය ගත හැකිය යන අමන තක්සේරුවේ සිටින්නේ නම් ඕනෑම මොහොතක මෙතෙක් අප නුදුටු විරූ විනාශයක් සිදුවීමටද ඉඩක් නැත්තේ නොවේ….

මේ නිසා ඔබ මෙසේ කිරීම නුවණට හුරුය…

1. සෝල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තිබෙන තැන, එය සම්බන්ධ කරගත හැකි අංක, එම කාර්යාලය විසුරුවා හරිනු ලබන ශ්‍රී ලංකා රජයේ හදිසි පණිවිඩ නිසි වෙලාවට ලබාගත හැකි ස්ථානයන් හෝ ක්‍රම වේදයන් අද අදම දැනගෙන සූදානම් කර තබාගන්න…

2. ඔබ තුමන් කොරියානු භාෂාව ප්‍රමාණවත්ව දන්නවා ඇතැයි උපකල්පනය කරමි…එසේ නම් එම භාෂාවෙන් හෝ නො-එසේ නම් ඉංග්‍රීසියෙන් හදිසි පණිවිඩ විසුරුවා හරින මාධ්‍ය ( ෆේස්බුක් මාධ්‍ය නොවේ…ප්‍රධාන දහරාවේ මාධ්‍ය ) මේ දිනවල වැඩියෙන් ඇසුරු කරන්න….

3. හදිසි අවස්ථාවකදී අනුගමනය කළයුතු ක්‍රියා පටිපාටීන් ගැන කොරියානු රජය දැනුවත් කරයි නම් ඒ ක්‍රියාමාලාවන් හොඳින් මතකයේ තබාගන්න….

4. හදිසි අවස්ථාවකදි ඔබ වසන නිවස හෝ බෝඩිම අතහැර යම් තැනකට යාමට සිදුවුවහොත් රැගෙන යාමට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් හෝ ඇතුලත් “හදිසි ගමන් මල්ලක්” සූදානමින් තබා ගැනීම වටී…මෙයට බැන්ඩේජ් කිහිපයක්, ගෝස් කැබලි, ප්ලාස්ටර්, පුළුන්, කතුරක් ආදී ප්‍රථමාධාර ද්‍රව්‍ය කිහිපයක්, දීර්ඝ කල් ඉකුත් වීමේ කාළයක් සහිත ජල බෝතලයක් හෝ කිහිපයක්, විදුලි පන්දමක්, බැටරි කැබලි කිහිපයක්, ජංගම ගුවන් විදුලියක් හෝ ජංගම දුරකථන සඳහා ජංගම බැටරි චාජරයන්, External Battery Packs වැනි දෑ එක්වීම ඔබට විශාල සේවයක් වනු ඇත….

5. ඔබ දිගින් දිගටම බෙහෙත් ගත යුතු යම් රෝගී තත්වයකින් පෙළෙයි නම් ( එසේ නොවේ යැයි පතමි ) ඒ අදාළ රෝගයට අවශ්‍ය ඖෂධ ටිකක් වැඩිපුර මිළට ගෙන ඔබේ වෛද්‍ය උපදෙස් අනුව අත් බෑගයක හෝ සිසිලන බෑගයක බහා ඔබ ලගින්ම තබාගන්න….Ex: Diabetes, Asthma, Blood Pressure etc.

6. ඔබ ජීවත් වන ප්‍රදේශයේ ඇති පොලිස් ස්ථාන, ගිනි නිවන හමුදා ඒකක, ගිලන් රථ සේවා, ප්‍රධාන රෝහල්, ජංගම වෛද්‍ය සේවා, යුද හමුදා ඒකක, එක්සත් ජාතීන් සහ ජාත්‍යන්තර රතු කුරුස සංගමයේ ආදී ආයතන වල ශාඛාව ආදී ආයතන වල

– ලිපිනය සහ එම ස්ථානයට යන හැටි ( මග සටහන් )
-දුරකථන අංක
-සම්බන්ධ කරගත යුතු අයගේ නම් සහ අංක, සහ විද්‍යුත් තැපැල් ලිපින පවා

ඔබේ ජංගම දුරකථනයේ මෙන්ම කඩදාසි සටහන් වල ළඟින් තබා ගන්න….හදිසි යුදමය තත්වයකදී භාවිතා විය හැකි ඇතැම් යුද අවි නිසා

– ජංගම දුරකථන ජාල බිඳ වැටී සන්නිවේදනය අවහිර විය හැක…
– රැහැන් දුරකථන සහ සන්නිවේදනය අවහිර බිඳ වැටිය හැක….
– විදුලිය විසන්ධි වීම් සිදුවිය හැක…
– ඉලෙක්ට්‍රොනික උපාංග පිළිස්සී ක්‍රියා විරහිත විය හැක…

මෙබඳු අවස්ථා වලදී ඉහත සඳහන් වාර්ථා ඔබේ ජංගම දුරකථනයේ හෝ ටැබ් එක වැනි වෙනත් ඉලෙක්ට්‍රොනික් උපාංග වල පමණක් තබා ගතහොත් ඔබ අසරණ වීමේ අවදානමක් ඇත…එනිසා කඩදාසි සටහන් වල මේවා අතින් ලියා තබා ගැනීම වටී….

7. ඔබට හිතවත් කොරියාවේ වෙසෙන යහලුවන්, ඥාතීන්ගේ අංක, ලිපිනයන් මෙන්ම ඔබේ ලංකාවේ වෙසෙන ඥාති මිතුරන්ගේ අංක සහ ලිපිනයන්ද එවැනි කුඩා කඩදාසි සටහන් ගොණුවක ලියා ඔබ ළඟින් තබා ගන්න….

8. ඔබේ හැඳුනුම් පත්, ගමන් බළපත්‍රය ආදිය පහසුවෙන් ඔබේ අතට ගත හැකි තැනක තබාගන්න.. යන එනවිටත් ඔබ සතුවම බෑගයක තබා ගත හැකි නම් වටී….

යම් අවදානමක් හමුවේ මහා කලබගෑනියක් කරනවාට වඩා ඉවසීමෙන් අවදානමකට පෙර සූදානම් වීමෙන් ඔබේත්, ඔබ සමග සිටින අයගේත් ජීවිත බේරා ගත හැකි බව අවබෝධ කරගෙන දැනුවත්ව සිටින්න….

අනතුරක සේයාවක් වැටෙන පළමුවන හෝරා කිහිපය තුල ශ්‍රී ලංකාව සමග සම්බන්ධ වීමට වෙර දරනවාට වඩා ඔබ සහ ඔබේ එරට සේවය කරන මිතුරු මිතුරියන් ආරක්ෂිත ස්ථානයක යෑම බෙහෙවින්ම වැදගත් බව සලකන්න….ශ්‍රී ලංකාවේ ඥාතීන් සමග සම්බන්ධ වී තමන් සුවෙන් සිටින බව දැන්වීම දෙවනුව කළ යුත්තකි….පළමු ප්‍රමුඛතාවය වන්නේ ඔබේ ආරක්ෂාවයි…දෙවැනි ප්‍රමුඛතාවය වන්නේ ඔබ අවට සිටින කාගේ හෝ ආරක්ෂාවට උපකාරී වීමයි….තුන්වැනි ප්‍රමුඛතාවය කොරියාවේම වෙසෙන ඔබේ ඥාති හිතවතුන්ගේ ආරක්ෂාවයි….මේ සියළු ප්‍රමුඛතාවයන් අවසන් වූ විට ඔබ කළ යුත්තේ ශ්‍රී ලංකාවේ වෙසෙන අයට ඔබ සුවසේ වෙසෙන බවත්, නවාතැන් ගෙන සිටින ස්ථානයත් කියා පණිවිඩ ‍යැවීමයි…..අනතුරක පළමු නිමේෂයේදී ඔබ සතු කාළයත්, පහසුකම් සහ මුදල් ලංකාවේ ගෙදරට පණිවිඩ දෙන්න මිඩංගු නොකරන්න….ඒවා ඔබට පසුව ඔබේ ජීවිතාරක්ෂාව සඳහා උවමනා විය හැක…

Advertisements

8 thoughts on “දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත…..”

  1. ස්තූතියි සහෝදරයා මෙවන් ලිපියත් පලකිරීම සම්බන්ධයෙන් .මාත් දැනට දකුණු කොරියාවේ සේවය කරමින් සිටින අතර අප අතරද කුතුහලයක් පවතින්නක් මිිලඟට කුමක් වෙයිද යන්න.දැනට මෙහි පවතින වාතාවරණය නම් උ.කොරියාව සමඟ කල සාකච්ඡා අසාර්ථකවු බවයි.

    1. දැක්වූ ප්‍රතිචාරයට ස්තූතියි මහත්මයා….

      ඔබතුමන් දකුණු කොරියාවේ සේවය කරන නිසාම මේ ටිකත් ඔබ තුමන්ට පවසා තැබිය යුතුයි….

      මා මෙම ලියැවිල්ල ලිව්වේ අතීතයේ ලද අත්දැකීම් පදනම් කරගෙන කරන විශ්ලේෂණයක් ලෙසය….එහෙත් ” මිනිසා තමයි අඳුනාගත නොහැකි සතා” යන ධර්මතාවයද තිබෙන බැවින් මෙවර කුමක් හෝ නපුරු අමුත්තක් සිදු නොවෙතියි සහතික කරම කියන්නට නොහැක…( එවැන්නක් සිදු නොවෙනු ඇතැයි අත්දැකීම් මත පදනම්ව සිටගෙන උපකල්පනය කරනු පමණි ).. මේ සියල්ල තීරණය වන්නේ උතුරු කොරියාව නම් අගතිගාමී රෙජිමයෙහි නායකයන්ගේ මානසික මට්ටම අනුවය…විශාල විනාශයක් සිදු කළ යුතුය කියන උමතු තීරණයේ ඔවුන් එල්බ ගෙන සිටින්නේ නම් හෝ එවැනි විනාශයක් කළ පසු එළඹෙන සටන් මාලාව ඔවුන්ට ජය ගත හැකිය යන අමන තක්සේරුවේ සිටින්නේ නම් ඕනෑම මොහොතක මෙතෙක් අප නුදුටු විරූ විනාශයක් සිදුවීමටද ඉඩක් නැත්තේ නොවේ….

      මේ නිසා ඔබ මෙසේ කිරීම නුවණට හුරුය…

      1. සෝල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තිබෙන තැන, එය සම්බන්ධ කරගත හැකි අංක, එම කාර්යාලය විසුරුවා හරිනු ලබන ශ්‍රී ලංකා රජයේ හදිසි පණිවිඩ නිසි වෙලාවට ලබාගත හැකි ස්ථානයන් හෝ ක්‍රම වේදයන් අද අදම දැනගෙන සූදානම් කර තබාගන්න…

      2. ඔබ තුමන් කොරියානු භාෂාව ප්‍රමාණවත්ව දන්නවා ඇතැයි උපකල්පනය කරමි…එසේ නම් එම භාෂාවෙන් හෝ නො-එසේ නම් ඉංග්‍රීසියෙන් හදිසි පණිවිඩ විසුරුවා හරින මාධ්‍ය ( ෆේස්බුක් මාධ්‍ය නොවේ…ප්‍රධාන දහරාවේ මාධ්‍ය ) මේ දිනවල වැඩියෙන් ඇසුරු කරන්න….

      3. හදිසි අවස්ථාවකදී අනුගමනය කළයුතු ක්‍රියා පටිපාටීන් ගැන කොරියානු රජය දැනුවත් කරයි නම් ඒ ක්‍රියාමාලාවන් හොඳින් මතකයේ තබාගන්න….

      4. හදිසි අවස්ථාවකදි ඔබ වසන නිවස හෝ බෝඩිම අතහැර යම් තැනකට යාමට සිදුවුවහොත් රැගෙන යාමට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් හෝ ඇතුලත් “හදිසි ගමන් මල්ලක්” සූදානමින් තබා ගැනීම වටී…මෙයට බැන්ඩේජ් කිහිපයක්, ගෝස් කැබලි, ප්ලාස්ටර්, පුළුන්, කතුරක් ආදී ප්‍රථමාධාර ද්‍රව්‍ය කිහිපයක්, දීර්ඝ කල් ඉකුත් වීමේ කාළයක් සහිත ජල බෝතලයක් හෝ කිහිපයක්, විදුලි පන්දමක්, බැටරි කැබලි කිහිපයක්, ජංගම ගුවන් විදුලියක් හෝ ජංගම දුරකථන සඳහා ජංගම බැටරි චාජරයන්, External Battery Packs වැනි දෑ එක්වීම ඔබට විශාල සේවයක් වනු ඇත….

      5. ඔබ දිගින් දිගටම බෙහෙත් ගත යුතු යම් රෝගී තත්වයකින් පෙළෙයි නම් ( එසේ නොවේ යැයි පතමි ) ඒ අදාළ රෝගයට අවශ්‍ය ඖෂධ ටිකක් වැඩිපුර මිළට ගෙන ඔබේ වෛද්‍ය උපදෙස් අනුව අත් බෑගයක හෝ සිසිලන බෑගයක බහා ඔබ ලගින්ම තබාගන්න….Ex: Diabetes, Asthma, Blood Pressure etc.

      6. ඔබ ජීවත් වන ප්‍රදේශයේ ඇති පොලිස් ස්ථාන, ගිනි නිවන හමුදා ඒකක, ගිලන් රථ සේවා, ප්‍රධාන රෝහල්, ජංගම වෛද්‍ය සේවා, යුද හමුදා ඒකක, එක්සත් ජාතීන් සහ ජාත්‍යන්තර රතු කුරුස සංගමයේ ආදී ආයතන වල ශාඛාව ආදී ආයතන වල

      – ලිපිනය සහ එම ස්ථානයට යන හැටි ( මග සටහන් )
      -දුරකථන අංක
      -සම්බන්ධ කරගත යුතු අයගේ නම් සහ අංක, සහ විද්‍යුත් තැපැල් ලිපින පවා

      ඔබේ ජංගම දුරකථනයේ මෙන්ම කඩදාසි සටහන් වල ළඟින් තබා ගන්න….හදිසි යුදමය තත්වයකදී භාවිතා විය හැකි ඇතැම් යුද අවි නිසා

      – ජංගම දුරකථන ජාල බිඳ වැටී සන්නිවේදනය අවහිර විය හැක…
      – රැහැන් දුරකථන සහ සන්නිවේදනය අවහිර බිඳ වැටිය හැක….
      – විදුලිය විසන්ධි වීම් සිදුවිය හැක…
      – ඉලෙක්ට්‍රොනික උපාංග පිළිස්සී ක්‍රියා විරහිත විය හැක…

      මෙබඳු අවස්ථා වලදී ඉහත සඳහන් වාර්ථා ඔබේ ජංගම දුරකථනයේ හෝ ටැබ් එක වැනි වෙනත් ඉලෙක්ට්‍රොනික් උපාංග වල පමණක් තබා ගතහොත් ඔබ අසරණ වීමේ අවදානමක් ඇත…එනිසා කඩදාසි සටහන් වල මේවා අතින් ලියා තබා ගැනීම වටී….

      7. ඔබට හිතවත් කොරියාවේ වෙසෙන යහලුවන්, ඥාතීන්ගේ අංක, ලිපිනයන් මෙන්ම ඔබේ ලංකාවේ වෙසෙන ඥාති මිතුරන්ගේ අංක සහ ලිපිනයන්ද එවැනි කුඩා කඩදාසි සටහන් ගොණුවක ලියා ඔබ ළඟින් තබා ගන්න….

      8. ඔබේ හැඳුනුම් පත්, ගමන් බළපත්‍රය ආදිය පහසුවෙන් ඔබේ අතට ගත හැකි තැනක තබාගන්න.. යන එනවිටත් ඔබ සතුවම බෑගයක තබා ගත හැකි නම් වටී….

      යම් අවදානමක් හමුවේ මහා කලබගෑනියක් කරනවාට වඩා ඉවසීමෙන් අවදානමකට පෙර සූදානම් වීමෙන් ඔබේත්, ඔබ සමග සිටින අයගේත් ජීවිත බේරා ගත හැකි බව අවබෝධ කරගෙන දැනුවත්ව සිටින්න….

      1. මට මෙන්ම මෙහි සිටින අනෙකුත් සහෝදරයින්ටත් ඔබගේ මේ උපදෙස් ගොඩක් වටිනවා.අද මම කොරියානු ජාතිකයෙකු සමඟ කතාකලවිට ඔහුද පැවසුවෙ මේ දිනවල කොරියානු ජාතිකයන්ද මෙසේ හදිසි අවස්ථාවක අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගනිමින් සිටින බවයි.කොරියානු ජාතිකයින්ද විශේෂ කලබලයක් නැතිවුණත් පෙර සුුදානමක්වන බව පේනවා.
        ඔවුන්ද ඔබ පැවසුවාසේ පෙර අත්දැකිිම් හා සිදුවිිම් මුල්කරගෙන යුධමය වාතාවරණයක් ඇතිනොවේයැයි සිතමින් ඔවුන්ගේ සුපුරුදු දෛනික කාර්යයන්වල යෙදිිි සිටිනවා.
        (ඉහත ලිපියට බාහිරව:මමත් ඔබේ ගම්පලාතේ කෙනෙක්.බද්දේගම .)

  2. කොහේ වුණත් යුද්ධයක් අැති නොවීමයි වැදගත්.. කොහොමත් මේක දරුණු තත්වයකට ගියොත් ලංකාවට ගොඩක් දැනෙයි……

  3. ඉතාම වැදගත් සටහනක් දමිත්.
    මුන්ට පිස්සු. ජාතීන් දෙකක් නං කමක් නෑ කියමුකෝ. මේ දෙගොල්ල එකම ජනවර්ගයේ බුවාල නෙව.
    සංවෘත පරිසරයකදී මිනිස්සුන්ගෙ මනස වැඩකරන්නෙ කොහොමද කියන එක අද්‍යයනය කරන්න හොඳ තැනක් තමයි උ.කොරියාව.

    පොඩි ප්‍රශ්නයක්, උතුරු කොරියාවේ යුධ ශක්තිය ඔය කියන තරම් සුළුවෙන් තකන්න බැහැ නේද? ලෝකය පුරාම තහනම් කර ඇති අල් කයිඩා වගේ සංවිධාන වලටත් නවීන ආයුධ තියන එකේ, රටක් විදියට සන්නද්ධ වෙන්න කියන තරම් අපහසු නැහැ නේද? (චීනය රුසියාව වගේ රටවල වක්‍ර සහයෝගයත් යටතේ?)

    1. රාජ් ඉදිරියේදී ඒ ගැන ප්‍රමාණවත් සැසඳීමක් කරන්න බලාපොරොත්තු වෙනවා..දැනට මෙහෙම කියමු…

      උතුරු කොරියානු යුද, ගුවන් සහ නාවික හමුදාවන් සතුව තිබෙන අවි වලින් 90% ක්ම 1980 දශකය හෝ ඉන් ඉහත සෝවියට් සංගමය සහ චීනය භාවිතා කරන ලද අවි…ඔවුන්ගේ සතුව තිබෙන තවමත් ඉදිරිපෙළ ලෙස සැළකිය හැකි අවි පවා අවම වශයෙන් වසර 20 ක් වත් පැරණියි….

      ඇත්ත, ඒ අවි සතුව තවමත් සෑහෙන ගිනි බළයක් (Fire Power / Brute Force Fire Power) තිබෙනවා…උදා: සෝවියට් සංගමයෙන් කිම් – ඉල් – සුං සහ කිම් ජොන්ග් – ඉල් පාලන සමයන් තුළ ආනයනය කරන ලද යුද අවි සහ යුක්‍රේනය, චෙක් ජනරජය ආදියෙහි සිට අග්නි දිග ආසියාවේ රටවල් හරහා මුහුදින් සහ ගොඩබිමින් හොර පාරේ ගෙන්වන ලද අවි ආදිය අතීත සෝවියට් බර අවි වල ප්‍රධාන ලක්ෂණයක් වන දැඩි විනාශ කාරී ගිනි බලයකින් සමන්විත වීමයි…

      ඒත් අද යුගයේදි යුද ජයග්‍රහණයන් තීරණය වන්නේ හුදු ගිනි බලය හෝ සංඛ්‍යාත්මක ශක්තිය මත පමණක් නොවේ….Smartness සහ Precision කියන ඒවා තමයි පශ්චාත් ගල්ෆ් යුද සමයේ ජයග්‍රාහකයන් තීරණය කරන්නේ …. ඒ අතින් උතුරු කොරියාව ඉන්නේ ආලෝක වර්ෂ ගණනක් පිටුපසින්…දකුණු කොරියාව අත්හදා බලන Smart & Precise Guided Weapons එක්ක උතුරු කොරියානු අවි ආයුධ පෙන්ටියම් 4 පරිඝණකයකට එරෙහිව කැල්කියුලේටර් එකක් වගේ කියන මතය මුලින්ම යුද විශේෂඥයන් කිව්වේ මම ඉහත ලිපියේ ගෙනහැර දක්වපු 1999 නාවික ගැටුම සිදුවූ කාළයෙයි…අද මේ වෙන විට උතුරු කොරියානු බොහෝ විට 1999 හිටපු තැනමයි…දකුණු කොරියාව එදා සිටි තැනෙනුත් ගව් ගාණක් ඉදිරියට ඇවිත්…ඉතින් ඇමරිකාව සමග කරන සටනක් ගැන අමුතුවෙන් කිව යුතු නෑ…

      ඒ වගේම උතුරු කොරියානු හමුදාවන් සතුව මේ වනවිට තිබෙන යුද අවි පවා අමතර කොටස් නොමැතිවීම, ඒවා ප්‍රමාණවත්ව මිළට ගන්නට මගක් හෝ මුදල් ප්‍රතිපාදන නොමැති වීම, ඔවුන්ගේ හමුදා සේනාංක නව යුගයට යාවත්කාළීන කරන ලද සටන් පුහුණු වලින් තොර වීම යනාදි දේවල් වලින් දරුණු ලෙස බැට කනවා…

      ඔබට එකෙන් ඇරඹි 1991 සහ 2003 ගල්ෆ් යුද සටන් මාලාව මතක ඇති…ඇත්ත වශයෙන්ම සංඛ්‍යාත්මකව සහ හුදු Brute Force & Fire Power පැත්තෙන් ගත්තොත් ඉරාක ත්‍රිවිධ හමුදා හොඳටම ප්‍රමාණවත් ඇමරිකානු මිත්‍ර පාක්ෂික හමුදාවන්ට දැඩි හානියක් සිදු කරන්න…ඒත් අවසානයේ සිදුවූයේ ප්‍රාමාණිකව සුවිශාල ඉරාක ජනරජ හමුදා 1991 සමූල ඝාතනයකට ලක් වීම සහ 2003 දී ඒ අතීත පාඩම මතක ඔවුන් අවි ආයුද හැරපියා සටන් නොවැදීම යටත් වීම…

      මේ මොහොතේදී න්‍යෂ්ඨික අවි ගබඩාව පසෙක තබා සටනක් සිදු කළොත් අති විශාල සංඛ්‍යා වලින් හෙබි උතුරු කොරියානු හමුදාවෝ මෑත ඉතිහාසයේ සටනකදී ලෝකයා දුටු දරුණුම සමූල ඝාතනයට ලක් වෙනවා…

      නමුත් ප්‍රශ්ණය තියෙන්නෙ මෙතනයි…උතුරු කොරියාව සතුව න්‍යෂ්ඨික යුද ශීර්ෂ කිහිපයක් තිබෙනවා…ඒවා ඔවුන් පම්පෝරි ගසන තරම් විශිෂ්ඨ නිපැයුම් නොවුණත් අවම වශයෙන් එයින් එක් යුද ශීර්ෂයක් හෝ දෙකක් 38 වන සමාන්තරක්ෂයෙන් කිලෝමීටර් 150 ක පමණ සීමාවේ පවතින සෝල් වැනි දැවැන්ත වෙළඳ නගරයකට හෝ වඩා වැඩි පරිශ්‍රමයක් යෙදුවොත් යාබද ජපානයේ ටෝකියෝ වැනි ලෝක ආර්ථික මර්මස්ථානයකට විද ගැනීමේ හැකියාව උතුරු කොරියාව සතුව තිබෙනවා…

      ජන ගහණය කෝටිය ඉක්මවා යන නගර වන සෝල් හෝ සහ ටෝකියෝ ප්‍රහාරයන්ට ලක් වුනොත් එයින් සිදුවන මානව ඛේදවාචකය ගැන හිතන එක පවා ලොමු ඩැහැගන්වන සුළු නිසා ඒ ගැන කථා නොකරම එහි ආර්ථික බලපෑම විතරක් කිව්වත්, ඔබ දන්නවා රාජ් අද ලෝකයේ ආර්ථික සැකැස්ම මොන තරම් සංකීර්ණද, අන්තර් ප්‍රතිබද්ධ ද, ඒ වගේම සංවේදී ද කියලා…ඇමරිකාවෙ හෝ ජපානයේ සිදුවන සුලු දේශපාලනික වෙනස් කමක් උනත් නිව් යෝර්ක්, චිකාගෝ, ලන්ඩන්, ටෝකියෝ, ෂැංහයි, සිංගප්පූරුව, හොංකොං කොටස් වෙළඳපලවල් ඇතුලු සමස්ථ ලෝක ආර්ථිකයටම, ලෝකයේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට, අලෙවියට, පරිභෝජනයට, වත්කම් ජනනයට, ආදායම් ජනනයට, මේ සියල්ලගේම ප්‍රතිඵල ලෙස සැකසෙන මානව දත්ත සටහන්, ජීවන මට්ටම, ඒක පුද්ගල ආදායම, දළ දේශීය නිෂ්පාදිතයන් යනාදි මේ සියල්ලටම දාම ප්‍රතික්‍රියාවක් ලෙස බලපානවා….එවැනි සංකීර්ණ ලෙස ජාලගත අධි සංවේදී ලෝක ආර්ථිකයට මේ සෝල් හෝ ටෝකියෝ වගේ එක ආර්ථික මර්මස්ථානයක් සහමුලින්ම වැනසෙන ප්‍රහාර එකක් හෝ එල්ල වුනොත් එයින් වෙන හානිය කිව යුතු නෑ….උතුරු කොරියානු ජනතාව සහ ඔවුන්ගේ හමුදා කියන්නේ දශක ගණනාවක මොළ සේදීමේ ප්‍රතිඵල ලෙස සිය ජීවිත ගැන තැකීමක් නොකොට ඒකාධිපති රෙජීමයේ සතුරන්ට ඕනෑම විශාල විනාශයක් කරන්න සැදී පැහැදී සිටින පිරිසක්..යුද්දයකදී ඔවුන් එවැනි පියවරකට අනිවාර්යෙන්ම යයි…අන්න ඒකයි මේ මොහොතේ පවතින ලොකුම අන්ත්‍රාය…Conventional Warfare වලදී උතුරු කොරියානුවන් කොරහත් සුන්නද් දූවිලි කරගෙනම යන යකුන් වෙයි….

  4. අනේ මේ පිම්පියො ඈමරිකාවට පු_ දෙන්න ඵපා.

    තොපේ මහලොකු පොරජාතන්තොරවාදී ඈමරිකාවෙ වෑඩ බලපo.

    ඈමරිකාව සුලුතර කලුජාතිකයන්ට ප්‍රජාතාන්ත්‍රිකව සලකන ලස්සන.
    ඔබාමා කලවම් කල්ලා(ඈමරිකානුවන්ට අනුව ) නමට විතරයි.
    ඔබාමා මේවට විරුද්ද උනොත් කතෝලික කෙනඩිට ඉවන්ජලික ඵකෙන් දුන්න ශොට්ඵකම ඔබාමටත් හම්බවෙනවා.
    ඔබාමත් ඉන්න අවුරුද්ද කට පු_ වහගෙන ඉදලා ගෙදරයන පාටයි.

    මෙන්න ලිබරල් පොජාතන්තරේ……..අනේ හුකේ…….

    1. ඔබේ බුද්ධි මට්ටම සහ වැදගත්කම මෙම අඩවියේ පාඨකයන්ට පෙන්වා දීම අගය කොට සළකනවා.. ලබා දුන් ප්‍රතිචාරයට ස්තූතියි!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s