43 ALL OUT

නිවේදකයා : “ඔව් දැන් අපත් සමඟ සිටිනවා ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්..ඔව් ඩිල්ෂාන් ඔබට මේ ලකුණු 43කට සියළුම දෙනා දැවී යාම පැහැදිලි කරන්න පුළුවන්ද…?

ඩිල්ෂාන් : “නෑ..මේක අපි මේ 43 කට දැවී ගියා නෙමෙයි…මේක අපි හිතල මතල 43 ක් ලබා ගත්තේ…දකුණු අප්‍රිකාවෙ පිළ ආගමික පණිවිඩයක් අපට දුන්නෙ ලකුණු 301 ක් ලබාගෙන…ඔය 3 ඉලක්කම සංකේතවත් කරන්නෙ එයාලගෙ ආගමේ ශුද්ධවූ ත්‍රිත්වය…0 න් කියන්නේ ඒ ත්‍රිත්වය නැතිනම් විශ්වයේ ඇති ශූන්‍යතාවය… 1 නියෝජනය කරන්නේ කොහොම උනත් ඉන්නේ එක සර්වබලධාරි දෙවි කෙනෙකි කියන එක…

ඒකට පිළිතුරු හැටියට, මේ ඝෝර වූ සංසාරය දුකයි, එයින් මිදිය යුතුය කියල අවබෝධයක් දෙන්න තමයි අපි මේ ලකුණු 43 ගත්තේ..දැන් ඔය 4 ඉලක්කමෙන් සංකේතවත් වන්නේ චතුරාර්ය සත්‍යය….සසරින් එතෙර වෙන්නට නම් අපි මේ චතුරාර්ය සත්‍යයන් අවබෝධ කර ගන්න ඕන…ඒක කොහොමද කරන්නෙ..? ඒක කරන්න නම් අපි ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවා ගන්න ඕන…ඔය 3 ඉලක්කමෙන් සංකේතවත් වෙන්නෙ ඒක…අන්න එහෙමයි ඒ ලකුණු 43 හැදුනේ…

Advertisements

8 thoughts on “43 ALL OUT”

  1. අන්න කථාව. මේක යවන්න ඕනේ දිල්ශාන්ට. එතකොට ප්‍රසිද්ධියේ ම මේක කියයි නේ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s