9/11 මගඩි නැටුම – සයිට්ගයිස්ට් ව්‍යාපාරයේ ඇසින්.. – 1

හැඳින්වීම

ලෝකයේ විවිධ රටවල ජනතාවෝ, විවිධ කරුණු කාරණා නිසා සමූහයන් ලෙස මරණයට මුහුණ දෙති…එකී අවස්ථා අතුරින්, ස්වභාවික විපත්ති නිසා සිදුවන එවැනි සමූහ මරණයන් අතැර කථා කළහොත්, සෙසු මරණයන්ට වගකිව යුත්තේ මිනිස් ක්‍රියාකාරකම්ය…එවැනි මරණයන්ට ගොදුරු වන්නට සිදුවන්නෝද, එවැනි දේට ගොදුරු වීමෙන් පවුල් වල සාමාජිකයන් අහිමි වූ අයද ඉමහත් අවාසනාවන්තයෝය….නමුත්, බොහෝ අවස්ථා වලදි යම් මිනිස් සමූහයක් එලෙස මිය යන්නේ, සතුරු වූ රාජ්‍යයන්, සතුරු වූ ජාතීන්, ජන වර්ගයන්, ආගමික විශ්වාසයන් සහිත වූවන්, හා පාර්ශ්වයන් කරන ක්‍රියා කාරකම් නිසාය…නමුත්, එවැනි අයගේ අවාසනාව අබිබවා ගිය අවාසනාවන්තයෝ පිරිසක් මෙලොව වෙති…ඔවුහු වූ කලී, තමන් රකින්නට දිවුරා, තමන්ගේම අනුග්‍රහයෙන් ( ඡන්දයෙන් හෝ වෙනත් යම් කිසි එකඟතාවයක්, සම්මුතියක් මත ) බලයට පත්වන, හෝ රැකවරණය පිණිස තමන්ව බාර ගන්නා පාර්ශ්ව විසින්ම, වෙනත් දුෂ්ඨ යටි අරමුණු උදෙසා පාවා දෙනු ලදුව, ඒ අයම විසින් කපන්නා වූ බොරු වළවල් වල වැටී, තමන්ව රකින්නට ඉන්නා අයගේම ක්‍රියාකාරකම් නිසා ජීවිතයෙන් සමුගන්නට සිදුවන ඇත්තන්ය…ලෝකයේ සෑම රටකම, සෑම ශිෂ්ඨාචාරයකම මෙවැනි පිරිස් අපට ඉතිහාසය පුරාවටම දැක ගන්නට හැක…අනුන්ගේ පව් සඳහා “බිළි පූජා එළුවන්” හෙවත් “ස්කේප් ගෝට්” තත්වයට පත්ව, නො එසේ නම් පාලන අධිකාරීන් විසින් කරගෙන යනු ලබන පරීක්ෂණ සඳහා “පර්යේෂණාගාර මූසිකයන්” බවට පත්ව, නැතිනම් “ගිනි පිග්” වරුන් බවට පත්ව, ස්ව-පාර්ශවයෙන්ම මරා දැමෙන්නෝ සෑම  කාළ වකවානුවක දකින්නට ලැබිණි… මොන ආකරයේ ඇවතුම්, පැවතුම් තිබුණත්, ලොව කිසිදු රාජ්‍යයක ජනතාවට එබඳු විපතක් සිදුවීම ඉතාම කණගාටු දායක දෙයක් ලෙස, නරුමයන් නොවන ඕනෑම කෙනෙකු වටහා ගනු ඇත….

මෑත ඉතිහාසයේ සිදුවූ එවන් අවාසනාවන්ත සිදුවීමක් නිසා අදටත් නිශ්චිත අගයක් කිව නොහැකි ඇමරිකානුවන් පිරිසකට සිය ජීවිත “අන්‍ය වූ අරමුණු සහ ලාභ ප්‍රයෝජන” උදෙසා බිලි දෙන්නට සිදුවිය…. එහිදී වෛරය යොමු වූ පාර්ශවය වූයේ, එම ක්‍රියාදාමයට සෘජුව වගකිව යුතු බවට හඳුන්වා දුන් එතෙර සිට ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධානයක් වන අල්-කයිඩා සංවිධානයත්, සහ තලෙයිබාන් ත්‍රස්ත රජයත් වුවත්, ක්‍රමානුකූල පර්යේෂණ රැසකින් අනතුරුව, ඒ සතුරු ප්‍රහාරය පිටුපස ඉන්නා සතුරන් කවුරුන්දැයි දැන් ඇමරිකානුවන්ට නිවැරදිව වටහා ගත හැකිව තිබේ….

දැන් අපි එම පරීක්ෂණයන් සහ විග්‍රහයන් පෙළ ගැස්වූ “සයිට්ගයිස්ට්” ව්‍යාපාරයේ දෘෂ්ඨි කෝණය වෙත යොමු වෙමු….

මොකක්ද මේ සයිට්ගයිස්ට් ව්‍යාපාරය? ..

ඇමරිකානු 9/11 මගඩි නාටකය ගැන කථාබස් කරන්නට පෙර අප මේ සයිට්ගයිස්ට් ව්‍යාපාරය යනු කවරේද යන්න ගැන යමක් දැනගෙන ඉමු….

සයිට්ගයිස්ට් ව්‍යාපාරය කියන්නේ “වීනස් ව්‍යාපෘතියේ” ( Venus Project) සන්නිවේදන සහ ක්‍රියාකාරී බාහුව…සැකෙවින් හඳුන්වමු මොකක්ද මේ වීනස් ව්‍යාපෘතිය කියන්නෙ කියලා…අනාගත වාදී දාර්ශණිකයෙකු, විද්‍යාඥයෙකු හා ප්‍රකට චින්තකයෙකු වන ජැක් ෆ්‍රෙස්කෝ විසින් 1972 වර්ෂයේදී ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඔකිචෝබී නම් විල් තෙරේ, “වීනස්” ස්ථානයේදී ආරම්භ කරන ව්‍යාපෘතිය තමයි වීනස් ව්‍යාපෘතිය ලෙස හඳුන්වන්නේ…මෙම ව්‍යාපෘතියේ අරමුණු මොනවාද කියන එක, එම ව්‍යාපෘතියේම නිල වෙබ් අඩවියෙන් උකහා ගමු…

//…The Venus Project advocates an alternative vision for a sustainable new world civilization unlike any socio-economic system that has gone before. It calls for a straightforward redesign of a culture, in which the age-old inadequacies of war, poverty, hunger, debt, and unnecessary human suffering are viewed not only as avoidable, but totally unacceptable…//

( Quoted from : http://www.thevenusproject.com/)

ඉංග්‍රීසි භාෂාවෙන් කරන ලද ඒ උපුටා ගැනීම කියවන්න පුලුවන් අයට පැහැදිලි ඇති දැන් එම ව්‍යාපාරය කුමක්ද කියලා….නමුත්, එය තේරුම් ගන්න අසීරු අය වෙනුවෙන් අපි මේ සරල පරිවර්තනය කරමු…

“වීනස් ව්‍යාපෘතිය දේශනා කරන්නේ දරා ගත හැකි, සහ නොනවත්වා දිවෙන, අලුත් ලෝක ශිෂ්ඨාචාරයක්, මින් පෙර කිසිදු සමාජ-ආර්ථික පද්ධතියකට යන්න බැරි වෙච්ච…( සරලව උදාහරණ සඳහන් කළොත්, සමාජවාදී  / කොමියුනිස්ට් වාදී සමාජයන් , ලිබරල් වාදී, දක්ෂිණාංශික ධනවාදී සමාජයන් හෝ ඊනියා මිශ්‍ර ආර්ථික රටාවන්ට අනුගත වූ සමාජයන් යන මේ කිසිවකට Sustainability යන මාවතේ දිගටම යන්න බැරි වුණා…වර්ථමානයෙහි සාර්වසර ආර්ථික ප්‍රතිපත්ති පැත්තෙන් මේ සියල්ල අසාර්ථක වෙලා තියෙන්නෙ…) එයින් සෘජු ආමන්ත්‍රණයක් කරනවා, සමස්ථ සාමාජීය සංස්කෘතියම ප්‍රති නිර්මාණය කිරීමක් කරන්න….යුද්ධය, දරිද්‍රතාවය, කුසගින්න, ණයබර, අනිසි මානව හිංසනය සහ දුක් විඳීම් යන මේ සියල්ල, වැළැක්විය හැකි දේ ලෙස පමණක් නොව, කිසි සේත්ම පිළිගත නොහැකි දේ ලෙසත් එමඟින් හඳුන්වනු ලබනවා…

මේ වීනස් ව්‍යාපෘතිය මෙසේ 1974 වර්ෂයේදී ආරම්භ වූවත්, එහි ක්‍රියාකාරීත්වය ඉතාම සීමිත පරාසයක සිරවී තිබුණා…එයට ක්‍රියාකාරී සහ සන්නිවේදන බාහුවක් ලැබෙන්න වසර 24 ක පමණ කාළයක් ගත වුණා…එය ලැබුණේ 2008 වසරෙදි…ඒ තමයි “සයිට්ගයිස්ට්” ව්‍යාපාරය…අද මේ වනවිට සයිට්ගයිස්ට් ව්‍යාපාරය විශාල පෙරමුණක් වශයෙන් ලෝකයේ සියළුම රටවල, පරිච්ඡේදයන් 1100 ක් තරම් විශාල ප්‍රමාණයකින් යුතුව ක්‍රියාත්මක වෙනවා….”සම්පත්-පදනම වූ ආර්ථික ආකෘතියක්” කෙරෙහි විශ්වාසය තබන සයිට්ගයිස්ට් ව්‍යාපාරය, මූල්‍ය හෝ දේශපාලනික නොවන ලෙස ඉතාම සෘජුව තාක්ෂණික වශයෙන් සමාජ කළමණාකරණයට පිවිසීම උනන්දු කරවනවා…එය ලොව කිසිදු රටකට, පාර්ශවයකට, හෝ කඳවුරකට බැඳී නොසිටින අතර, කිසිදු රාජ්‍යයක දේශපාලන ඇජෙන්ඩාවන් ක්‍රියාත්මක කිරීමටද බැඳී නොසිටිනවා….එම නිසා එම සංවිධානයට “පොදුවේ” ලෝකයේ සැමට සුබ සෙත සැලසෙන දේ ගැන, එවැනි තාක්ෂණය ගැන සිතන්න පුළුවන්…නිරවුල්ව, ජාති, ආගම්, කුල , ගෝත්‍ර භේදයෙන් තොරව, ලෝක ප්‍රජාවම ජයග්‍රහණයන් කරා මෙහෙයැවීම තමයි ඔවුන්ගේ අවසාන ඉලක්කය…එමෙන්ම වත්මනෙහි පවතින ක්‍රම වේදයන්ගේ අඩුපාඩු නිසා, මානව ශිෂ්ඨාචාරය සහ මුලින්ම වැනසී යාම වළක්වා ගෙන විද්‍යාවේ සහ තාක්ෂණයේ ලද දියුණුව උපයෝගී කරගෙන, දිගු කල් පවතින ශිෂ්ඨාචාරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය ඔවුන්ට තදින් දැනී තිබෙනවා…

දැන් මෙය කියවන ඔබට මේ සයිට්ගයිස්ට් ව්‍යාපාරය ගැන දළ අදහසක් ලැබෙන්නට ඇතැයි සිතනවා…මින් ඉදිරියට අපි නැවතත් අපේ ප්‍රස්තුතය වන 9/11 ඇමරිකානු මගඩි නැටුම වෙත යොමුවෙමු….

සයිට්ගයිස්ට් ව්‍යාපාරය, මෙම 9/11 සිද්ධිය සඳහා ඔවුන්ගේ විශ්ලේෂණයන් ඇතුළත් චිත්‍රපටියක් 2007 වසරේදී නිර්මාණය කරනු ලැබුවා….ස්වාධීන සිනමාවේදී පීටර් ජෝසෆ් මහතා විසින් තිර රචනය, අධ්‍යක්ෂණය, සංගීතය, නිෂ්පාදනය සහ සංස්කරණය යන සියල්ල තම ප්‍රමුඛත්වයෙන් යුතුව සිදු කොට මුදා හරින ලද මේ සිනමා කෘතියේ දෙවනි අදියරෙන්, 2001 වසරේ සැප්තැම්බර් 11 වෙනි දින ඇමරිකා එක්සත් ජනපදයට එල්ල වූවා යැයි කියන ඊනියා “ත්‍රස්ත ප්‍රහාරයේ” රාජ්‍ය ත්‍රස්තවාදී නිරුවත, ඔබ හමුවේ ගෙන හැර දක්වයි….අප විසින් මෙම විශ්ලේෂණය සඳහා එම චිත්‍රපටයද යොදා ගැනීමට තීරණය කලේ, වඩාත් විචිත්‍රවත්ව ඔබට එම විග්‍රහය ඉදිරිපත් කිරීම සඳහාය…ලෝක ඉතිහාසයේ සිදුවූ මහා පරිමාණ රැවටීම් සියල්ල ගෙන බලන කළ, ඒ ලැයිස්තුවේ ඉහළම තැනක් ඇමරිකා එක්සත් ජනපදයේ සැප්තැම්බර් 11 මගඩි නැටුමට හිමිවෙන බව, මෙය කියවීමෙන් පසුව ඔබට වැටහෙනු ඇත…

2001 සැප්තැම්බර් මස 11 වෙනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7 ට පමණ හෙවත්, ඇමරිකා එක්සත් ජනපදයේ වේලාවෙන් උදෑසන 8.46 ට, ඇමරිකන් ගුවන් සේවයට අයත් 11 වැනි පියාසැරි අංකය දරන ගුවන් යානය, නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු කුලුණට කඩා වදින ලදී…ඊට විනාඩි 17 කට පසුව, එනම් නැගෙනහිර වෙරළ කාළ රේඛාවෙන් උදෑසන 9.03 ට, ඇමරිකානු ගුවන් සේවා පියාසැරි අංක 175 දරන යානය දකුණු කුළුණේ ගැටෙන ලදී…

 

ඉන් පසුව ඊනියා “නිදහස්” ජන මාධ්‍යයන් ඔස්සේ පහත දසුන ඔබට දැක ගන්නට ලැබිණි….

දැන් මේ කරුණු ස්වල්පය හෙවත් සාධක සහිතව ඔප්පු කරන ලද දේ ලෙස අපිට පිළිගත හැක….එය එසේ වන්නේ මිලියන ගණනක් දෙනා පියවි ඇසින්ද, බිලියන ගණනක් දෙනා විදු ඇසින්ද මේ හරිය දැක බලා ගත් නිසාය…නමුත්, මේ සම්බන්ධයෙන් ඇමරිකානු රජය ඔබ වෙත කළ නිළ නිවේදනයෙන්, මෙහි මිථ්‍යාව ඇරඹේ…දැන් ඔබ “වුණ දේ” ලෙස සිතාගෙන සිටින්නේ ඒ මිථ්‍යාවයි….ඔබ “දන්නවා”‍යැයි සිතන සිද්ධිය පහත පරිදිය….

එම මිථ්‍යාව සැකෙවින් : ” ඔසාමා බින් ලේඩන්ගේ මග පෙන්වීම යටතේ, ගුවන් අපහාරකයන් 19 දෙනෙකු විසින්, මගී ගුවන් යානා 4 ක්, කටර් අඬු ආදි සුලු දෑ පෙන්වා පැහැර ගෙන, ලොව අතිශයින්ම සංකීර්ණ සහ තාක්ෂණිකව අනඝිභවණීය වූ “උතුරු ඇමරිකානු ගගන අවකාශ ආරක්ෂක ආඥාපතීත්වය” හෙවත් “නොරාඩ්” ( North American Aerospace Defence Command) ආයතනයේ ගුවන් ආරක්ෂණ පද්ධතිද මඟහැර, ඔවුන්ගේ ඉලක්කයන්ගේ 75% කට ( ධවල මන්දිරයද එක ඉලක්කයක් බව කියති. එම ඉලක්කය අසාර්ථක වූ බැවින් ) සාර්ථකව පහර දී ඇත. එම නිසා, ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැඟිලි අංක 1, 2, සහ 7 ( පරිබාහිර පර්යන්තය ) අභ්‍යන්තර සැකිල්ලට ගින්නෙන් සිදුවූ හානියක් නිසා, “පෑන් කේක්” ගෙඩියක ආකාරයෙන් ( මෙනයින් හැඳින්වෙන්නේ ගොඩනැඟිල්ලක් “ඇතුලට” කඩා වැටීමය…බොහෝ අහස උස ගොඩනැඟිලි සකසා ඇත්තේ හදිසියකදී වත් පිටතට කඩා නොවැටී, හානිය අවම වන පරිදි කඩා වැටීමටය..), කඩා වැටී ඇති අතර, ගුවන් යානා දෙක ගැටීමේදීම වාෂ්ප බවට පත්ව තිබේ…ෂැන්ක්ස්විල් ප්‍රදේශයට කඩා වැටුණු ගුවන් යානයද එලෙසම විය…මෙම ත්‍රස්ත ක්‍රියාව සම්බන්ධයෙන් පෙර අනතුරු ඇඟවීම් කිසිවක් නොලැබුණු අතර, බහුවිධ රාජ්‍ය අසාර්ථක වීම් නිසා රජයට අවශ්‍ය පරිදි ආරක්ෂක පියවරයන් ගත නොහැකි විය…”

2.0……නොරාඩ් (N.O.R.A.D) ඇන්දේ මොකාටද?….

2.1 ….ගුවන් සරඹ වත….

2011 සැප්තැම්බර් 11 වෙනි දින, හෙවත් මෙම ගුවන් යානා ගොඩනැඟිලි වලට කඩා වැදුණු දිනයේම උදෑසන, එක්තරා විශේෂ ගුවන් ආරක්ෂණ සරඹයක් සිදු කිරීමට ඇමරිකානු බුද්ධි ඒජනිසය සහ ජාතික පිරික්සුම් කාර්යාලය සූදානමෙන් සිට ඇත…මෙම ගුවන් සරඹය ගැන අවදානය යොමු කරන්න: “මෙම ගුවන් සරඹයේදී පෙන්ටගනය ආශ්‍රිත තමන්ගේ ගොඩනැඟිල්ලකට පැහැර ගත් ගුවන් යානයක් කඩා වදින අවස්ථාවක් අනුරූපණය කොට, එවැනි අවස්ථාවක කරන දෙය සරඹයක් ලෙස කරන්නට සූදානම්” ව සිට ඇත…සරඹය ආරම්භ කරන්නට සිට ඇත්තේද, හරියටම උදෑසන 9.00 ටය…උදෑසන 9 වන විට මෙම ලෝක වෙළඳ මධ්‍යස්ථාන නාටකය දිග හැරෙමින් පැවතිණි….

(Source Link : http://www.usatoday.com/news/nation/2002-08-22-sept-11-plane-drill-_x.htm)

මෙයට සමගාමීව තවත් ගුවන් සරඹ හතරක් පළමු ගුවන් යානය ලෝක වෙළඳ මධ්‍යස්ථානය වෙත කඩා වදින මොහොත වන විටත් සිදු වෙමින් පැවතිණි….

එම ගුවන් සරඹ ගැන ඉතාම නිර්භීත කොංග්‍රස් සභිකවරියක් වන හරිත පක්ෂයේ “සින්තියා මැක්කෙනි” මහත්මිය විසින් මුල් වර වසර 2003 දී 9/11 විශ්ලේෂක මයික් රූපට් මහතාව දැනුවත් කරන ලදී…අවසානයේ මයික් රූපට් මහතා විසින් ලියන ලද “ක්‍රොසින්ග් ද රූබිකොන්” ( Crossing the Rubicon )  නම් ග්‍රන්ථය නිසා සමස්ථ ඇමරිකානු ප්‍රජාවටම, ඒ අභාග්‍ය සම්පන්න දිනයේ උදෑසන සිදුවූ මෙම අබිරහස් ගුවන් සරඹ හතර ගැන දැන ගැනීමේ අවකාශය උදාවිය….

එතැන් පටන් සින්තියා මහත්මියට එල්ලවූයේ මරණ තර්ජන වැලකි…එහෙත් මරණ තර්ජන කිසිවක් නොතකා ඇය දිගින් දිගටම මෙම කරුණ ජනතාවට හෙළි කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් අසරණ වූ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව 2005 මාර්තු මස 11 වැනිදා පැවති වාරය වෙනුවෙන් ඇමරිකානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් රිචඩ් මයර්ස් ව පෙරට දැම්මාහුය..සින්තියා නිසා කොංග්‍රසයට මෙම සිද්ධිය විභාග කිරීමට “සිදුවූ අතර”, කොංග්‍රසය මෙම සිද්ධිය විභාග කිරීමට ඉදිරිපත්වූයේද “ඒ හැටි කැමැත්තකින්” නොවේ….

(..හරිත පක්ෂයේ කොංග්‍රස් සභිකා සින්තියා මැකෙනි මෙනවිය….)

මාර්තු 11 වැනි දින, කොංග්‍රසය කැඳවූ විභාගය වෙනුවෙන් ඉදිරිපත් වූ මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් මයර්ස් උදෑසන 9.15 ට නිල වශයෙන් ජනමාධ්‍ය ඉදිරියේ “එම යුද සරඹ හතර පැවති බව” පිළිගත්තේය….!!

සින්තියා මීළඟට නගන ලද ප්‍රශ්ණය අප ඉතාම ගැඹුරින් සිතා බැලිය යුතු ප්‍රශ්ණයකි…

“ඒවා පැවතුනා නම්, මෙතෙක් කල් ( ඒ කියන්නේ 2005 ) වෙන තෙක්, ඒවා පැවති බවත්, එම සරඹ පැවැත්වීමේ අරමුණත්, ජනමාධ්‍ය ආයතනයන්ට නිරාවරණය නොකළේ ඇයි…?…මීට පෙර ආරක්ෂක අංශවල නියෝජිතයන් හා වෙනත් මහජනතාවගේ කොටස්, මාධ්‍යවේදීන්, එහෙන්, මෙහෙන් මේ ගැන තොරතුරු සොයාගෙන ප්‍රශ්ණ කරන විටදීවත් මෙලෙස පැවති බව ඔබලා පිළිනොගත්තේ ඇයි…? මෙම යුද සරඹ 4 ඔබලා වහං කරන්නට වෙර දරන්නේ ඇයි…?”

පහත කොටස ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රස් “ආරක්ෂණ අයවැය විවාදය” අංක 06, සින්තියා මැකෙනි එදිරිව ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්, ඒකාබද්ධ මෙහෙයුම් මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් රිචඩ් මයර්ස්, නියෝජ්‍ය ආරක්ෂක ලේකම් ටීනා ජෝන්ස් අතර සංවාදයෙන් උපුටා දක්වමු….

FY-2006,

Budget for the Department of Defense and Military Services.

3/11/2005: WASHINGTON, DC: 2 hr. 5 min.

//….31:25

CMK: The question was, we had four wargames going on on September 11th, and the question that I tried to pose before the Secretary had to go to lunch was whether or not the activities of the four wargames going on on September 11th actually impaired our ability to respond to the attacks.

 

RM: The answer to the question is no, it did not impair our response, in fact General Eberhart who was in the command of the North American Aerospace Defense Command as he testified in front of the 9/11 Commission I believe – I believe he told them that it enhanced our ability to respond, given that NORAD didn’t have the overall responsibility for responding to the attacks that day. That was an FAA responsibility. But they were two CPXs; there was one Department of Justice exercise that didn’t have anything to do with the other three; and there was an actual operation ongoing because there was some Russian bomber activity up near Alaska. So we –

CMK: Let me ask you this, then: who was in charge of managing those wargames?

DH: General, why don’t you give the best answer that you can here in a short a period of time and we’ll – the gentlelady wants to get a written answer anyway, and then we can move on to other folks.

RM: The important thing to realize is that North American Aerospace Defense Command was responsible. These are command post exercises; what that means is that all the battle positions that are normally not filled are indeed filled; so it was an easy transition from an exercise into a real world situation. It actually enhanced the response; otherwise, it would take somewhere between 30 minutes and a couple of hours to fill those positions, those battle stations, with the right staff officers…//

ජෙනරල් මයර්ස් කියන්නේ නල්ල මලේ කථාවකි…ඊනියා යුද සරඹ නිසා තමන්ට සැබෑ හදිසි අවස්ථාවකට මුහුණ දෙන්නට තිබුණු හැකියාව “වැඩි වූ බවත්”, ඉතාම පහසුවෙන් “යුද සේවා ස්ථාන වල සිටි” අයට ව්‍යාජ හදිසියකදී කරන ප්‍රතිචාර දැක්වීම සැබෑ හදිසි අවස්ථාවකට පෙරලා ගන්නට හැකි බවත් ඔහු කියයි….

එහෙනම් ගුවන් යානා පැහැර ගත් බවට ගුවන් තොටුපළ වෙත තොරතුරු ලැබී, එම තොරතුරු නොරාඩ් ආයතනය වෙතත් ලැබී තිබියදී ප්‍රතිචාර නොදැක්වුවේ අහවල් දෙයක් නිසාද…? ඔය දක්වපු “ප්‍රතිචාරයේ” හැටිද…?

සින්තියා හමුවේ වික්ෂිප්තව…ජෙනරල් රිචඩ් මයර්ස් සහ ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්…

සාමාන්‍යයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ මෙවැනි විශේෂිත යුද සරඹ පැවැත්වෙන්නේ විශේෂිත දිනයන්හිදීය…එවැනි දිනයන් National Special Security Events (NSSE) දින ලෙස නම් කරනු ලබයි…එවැනි දිනයක් ලෙස ඇමරිකානු දේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව යම් දිනයක් නම් කරයි නම්, එදිනට පැවැත්වෙන වෙනත් යම් කිසි ජාතික හෝ ජාත්‍යන්තර විශේෂ කටයුත්තක්ද සැළකිල්ලට ගනිති…( මූලාශ්‍ර සඳහා ඇමරිකානු Presidential Decision Directive – 62 ගෙන බලන්න )

මෙම දිනයේද ( 11 – 09 ) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් නුවර මූලස්ථාන ගොඩනැඟිල්ලේ විශේෂ සම්මේලන කිහිපයක්ම සිදුවෙමින් පැවතිනි…එම සිද්ධි නිසාත්, මෙම හදිසි සුවිශේෂී යුද සරඹය නිසාත්, “මෙම දිනය NSSE දිනයක් ලෙස නම් කළාදැයි” සින්තියා විසින් ජෙනරල් මයර්ස්ගෙන් විමසන ලදී…මේ ඒ පැණයට ලැබුණු පිළිතුරයි….

//…

CMK: Mr. Chairman, begging your indulgence, was September Eleventh declared a National Security Special Event day?

RM: I have to look back; I do not know. Do you mean after the fact, or

CMK: No. Because of the activities going on that had been scheduled at the United Nations that day.

RM: I’d have to go back and check. I don’t know….//

“බබා පාට්” කියන්නේ මෙන්න මේවාටය…කණගාටුව ලොව බලවත්ම ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියාට බබා පාට් දාන්නට සිදුවීමය…

2.2… ගුවන් විගඩම්….

ඉහත ඡායාරූපය දෙස බලන්න…සැප්තැම්බර් 11 වෙනිදා උදේ, වෙන කවරදාකවත් නොවූ විරූ අන්දමට නොරාඩ් ආයතනයේ සෘජු පරිපාලනය උප ජනාධිපති ඩික් චේනි මහතා අතට ගත්තේය…එවැනි තනතුරක් හොබවන්නෙකු සාමාන්‍යයෙන් එවැන්නක් කරන්නේ නැත…ඩික් චේනිගේ ධූර කාළය තුලත් එලෙස කළ පළවෙනි සහ එකම අවස්ථාවද එයයි…!!…නොරාඩ් විසින් ඔහුගේ නායකත්වය සහ සෘජු මෙහෙයවීම යටතේ සැප්තැම්බර් 11 වෙනිදා උදෑසන කළ යුධ ක්‍රීඩා දාමයෙන් අවම වශයෙන් එකක්, ගොඩනැඟිල්ලකට ගුවන් යානයක් කඩා වදින අවස්ථාවක් ඇතුළත් වටා සැකසී තිබිණි….!!

ඉහතින්ම දක්වා ඇති, ඔබ විසින් දැනට “දන්නවායැයි” සිතා සිටින 9/11 මිථ්‍යාවේ සඳහන් පරිදි රජය විසින් “වැරදීම්” රැසක් සිදුවූ නිසා මෙම ඊනියා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ බව පිළිගෙන තිබේ…නමුත්, වැරදීම් 4 ක්ම සිදුවුණාද???…( ඊනියා ප්‍රහාරය සඳහා යොදා ගැනුණේ ගුවන් යානා 4 කි…4 අවස්ථාවේදීම, මේ ගුවන් යානා පැහැර ගැනීමට ලක්වූ බව, ඒවා පිටත් වූ ගුවන් තොටුපළ වල් වෙතටත්, ඒ ගුවන් තොටුපළවල් වලින් නොරාඩ් ආයතනයටත් සියළු නිරවද්‍ය තොරතුරු කල් වේලා ඇතුව ලැබී තිබිණි…)…

ඒකත් කමක් නෑ කියමුකෝ….පහත සඳහන් කරුණ දෙස සැලකිල්ලෙන් බලන්න…සාමාන්‍යයෙන් ඇමරිකාවේ ගුවන් යානයක් ගුවන් තොටුපළ රේඩාර් මධ්‍යස්ථාන වල නිරීක්ෂණයෙන් ගිලිහී ගිය වහාම එය නොරාඩ් වෙත දැනුම් දීම සිරිතකි… එවිට වහාම නොරාඩ් ආයතනයෙන් ගුවන් ප්‍රහාරක යානා එකක් හෝ කිහිපයක් ගුවන් ගත කර (In English, this is known as “Scrambling” ), එම අතුරු දහන් වූ ගුවන් යානය සෙවීම කරන අතර, එම යානය සොයා ගත හොත්, වහාම එම යානය රැකවල් මැද ළඟම පිහිටි ගුවන් තොටුපළක් වෙත කැන්දාගෙන එයි…These are also known as Interception Missions….එසේ කැන්දාගෙන එන්න බැරි වී, ගුවන් යානය ජනාකීර්ණ ප්‍රදේශයකට හෝ න්‍යෂ්ඨික බලාගාරයකට වැනි අතිශය වැදගත් තැනකට කඩා වැටෙන්නට ගියහොත්, ඊට ගුවනේදීම පහර දී වනසා දැමීමද, එවැනි ගමනක අරමුණකි….

2000 September – 2001 June පුරාවට ඇමරිකානු නොරාඩ් ආයතනය විසින් කරන ලද ගුවන් අන්තර්නිරෝධන මෙහෙයුම් ( Air Interception Missions) 67 ක් සිදු කොට තිබේ…ඒ 67 ම 100% කාර්යක්ෂමතාවයෙන් යුතුව සිදු කර තිබේ…..!!

//…

At a NORAD operations center in Cheyenne Mountain in Colorado Springs, Colo., a noncommissioned officer listens to conversations on the FAA network from all over the United States, said Maj. Douglas Martin, NORAD spokesman.

“If he hears anything that indicates difficulty in the skies, we begin the staff work to scramble,” Martin said. Before Sept. 11, the FAA had to telephone NORAD about any possible hijackings.

From Sept. 11 to June, NORAD scrambled jets or diverted combat air patrols 462 times, almost seven times as often as the 67, conducted at 100% accuracy, scrambles from September 2000 to June 2001, Martin said. …//

2000 වසරේ සැප්තැම්බර් මාසයේ සිට 2001 ජූනි තෙක් 100% නිරවද්‍යතාවය සහ කාර්යක්ෂමතාවය රඳවා ගත් නොරාඩ් ආයතනයට, සැප්තැම්බර් මාසයේ එකම දිනයකදී 4 පාරක්ම වැරදුණාද…???

පියාසැරි අංක 11 – බොස්ටන්හි ලෝගන් ගුවන් තොටුපළ

1999 වසරේදී, සුප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ස්ටුවර්ට් පෙයින් ගේ “ලියර් ජෙට්” යානය සුළු මොහොතකට රේඩාර් පද්ධතියෙන් ගිලිහී ගියේය…අතුරු දහන් විය….ක්ෂණිකව ක්‍රියාත්මක වූ නොරාඩ් ආයතනය එෆ්-16 වර්ගයේ ගුවන් ප්‍රහාරක යානා රැසක් යවා “විනාඩි 20 ක් ඇතුලත” එම යානය සොයාගෙන, එම යානය සමඟම රැඳිණි…නමුත් අවාසනාවට ඉන්ධන අවසන් වූ ලියර් යානය කඩා වැටී ස්ටුවර්ට් පෙයින් මහතා ඉන් මිය ගියේය…අපේ අවධානය යොමු විය යුත්තේ එම මරණයට නොව, එෆ්-16 ගුවන් යානා වලට එම යානය සොයා ගන්නට ගත වූ කාළයටය… – විනාඩි 20 .. මේ කාළය ඔබේ මතකයේ තබා ගන්න…

2011 සැප්තැම්බර් මස 11 වෙනි දින පළමු ගුවන් යානය හෙවත් ඇමරිකන් එයාර් ලයින් පියාසැරි අංක 11 දරන යානය, නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු කුලුණට කඩා වැදුනේ, එම යානය “පාලනයෙන් ගිලිහී ගොස්” ඇති බවට නොරාඩ් වෙත ක්ෂණිකව තොරතුරු ලැබී විනාඩි 26 කට පසුවය…!!

පෙයින්ග් මහතාගේ ගුවන් යානය වෙත පියාසර කළ එෆ්-16 ගුවන් යානාවන්ට, ඔහුගේ ගුවන් යානයේ ප්‍රවේගය ත්වරණයෙන් අතික්‍රමණය කොට, එය අල්ලා ගැනීමට යා යුතු දුර, හෙවත් “ටින්ඩල් ගුවන් හමුදා කඳවුරේ” සිට, එම යානය මුල් දර්ශණය කර ගත් තැනට යා යුතු දුරට වඩා, නිව්යෝර්ක් නුවර ළඟම ඇති “ඔටිස්” ගුවන් හමුදා කඳවුරේ සිට, ගුවන් යානා අංක 11 සඳහා බොස්ටන්හි ලෝගන් ගුවන් තොටුපළ සකසා දුන් පියාසැරි පථයට ඇති දුර “බෙහෙවින්ම” අඩුය….!!

අර තරම් ක්ෂණික ප්‍රතිචාර දෙන නොරාඩ් ආයතනයට මෙම විනාඩි 26 ඇතුළත, කිසිදු ගුවන් යානාවක් ඒ අසළකටවත් යවා ගන්නට නොහැකි විය….

තවත් වැදගත් කරුණක් තිබේ…ගුවන් යානය අතුරුදන් වූ බව ක්ෂණිකව නොරාඩ් වෙත දැනුම් දුන් ලෝගන් ගුවන් පිරික්සුම් රේඩාර් මධ්‍යස්ථානය, උදෑසන 8.20 ට, එනම්, මුල් දැනුම් දීමෙන් විනාඩි දෙකකට පසුව, එම ගුවන් යානය සැබවින්ම පැහැර ගෙන ඇති බවට නිශ්චිත නිගමනයකට එළැඹිණි…නමුත්….උදෑසන 8.40 වන තෙක්, එනම් එම මුල් ගුවන් යානය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු කුළුණට වදින්නට විනාඩි 6 කට පෙර තෙක්, නොරාඩ් ආයතනයේ “ගුවන් ප්‍රහාරක නියමු පාලන මැදිරි” වෙත ( “ස්ක්‍රැම්බ්ල්” නියෝග දෙන්නෙ මෙතැනිනි ) එම අතිශය වැදගත් පණිවිඩය දී නැත…!! ( Source : http://www.washingtonpost.com/ac2/wp-dyn?pagename=article&node=&contentId=A34447-2001Sep14&notFound=true)

මෙම ප්‍රමාදය ඉතාම සැක සහිත එකකි…ඒත් කමක් නෑ කියමු…ඒ සැක සහිත ප්‍රමාදී පණිවිඩය ලැබුණු පසුව වත් උදෑසන 8.52 වෙන තෙක්, කිසිදු පියවරක් ගෙන නොමැත….අඩුම තරමේ ගුවන් නියමුවන්ට දැනුම් දීමක් වත් කර නොමැත….මෙසේ සිදුවූයේ ඇයිදැයි විමසූ විට , ඇමරිකානු ගුවන් ජාතික ආරක්ෂක බළමුලුවේ අධ්‍යක්ෂක මේජර් ජෙනරල් පෝල් වීවර් මහතා අපූරු කථාවක් කියා ඇත…” එතකොට ප්‍රමාද වැඩියි…අපිට මුකුත් කරන්න වෙලාවක් තිබුනේ නෑ…”

සාමාන්‍යයෙන් ඔවුන්ට අධි සූදානමේ පවතින ප්‍රහාරක යානයක් ගුවන් ගත කරන්නට යන්නේ විනාඩි පහකි…8.40 ට ලැබුණු පණිවිඩය අනුව අංක 11 යානය පැහැර ගෙන පියාසර කරවනවා නම්, අවම වශයෙන් 8.45 වන විට එක් ප්‍රහාරක යානයක් හෝ අවම වශයෙන් ධාවන පථයෙන් ඉහළට එසවෙමින් පැවතිය යුතු නොවේද…? මේ 11 වෙනි ගුවන් යානය යන්නේ 8.46 ට ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු කුලුනේ හප්පන්නය කියා “දන්නේ කවුද?”…එහෙම නම් “වෙලාව මදි” කියන කීමේ අර්ථය කුමක්ද…??..වෙලාව මදි කුමක් සඳහාද…?

බුෂ්ගේ රූපවාහිනි බැලිල්ල….

ජනාධිපති ජෝජ්.ඩබ්ලිව්.බුෂ් මෙම පළමු ගුවන් යානය ලෝක වෙළඳ මධ්‍යස්ථානය වෙත කඩා වැදෙන මොහොතේ සිටියේ ෆ්ලොරීඩාහි බුකර් ප්‍රාථමික පාසැලේය…

“මම පන්ති කාමරයේ සිටියා….දෙවනි ගුවන් යානය කඩා වදින මොහොතේ මම පළමු ගුවන් යානය කඩා වදිනවා රූපවාහිනියෙන් දැක්කා….”

//…”I was sitting outside the classroom and I saw an airplane hit the tower. The TV was on. When we walked into the classroom, I had seen this plane fly into the first building.” ..// ( Source : http://georgewbush-whitehouse.archives.gov/news/releases/2002/01/20020105-3.html )

පළමු ගුවන් යානය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට කඩා වැදීම, දෙවනි යානය කඩා වදින තුරුම, හෙවත් උදෑසන 9.03 න් පසුව වෙන තුරුම, රූපවාහිනියේ පෙන්වූයේ නැති අතර, බුෂ් ජනාධිපතිවරයා සිටි පන්ති කාමරයේ රූපවාහිනි යන්ත්‍රයක් නොවීය…

ඔහු සිටියේ “මයි ෆේවරිට් ගෝට්” නම් ළමා කථාව දරුවන්ට කියවමිනි…ඔහුටද ආරංචිය කණට කර ලබා දුන්නේ අතර මඟදීය….

ඔහු එවැනි සජීවි විකාශයක් දුටුවේ කෙසේද…???

පියාසැරි අංක 175 – බොස්ටන්හි ලෝගන් ගුවන් තොටුපළ

දෙවනි යානය හෙවත් දකුණු කුළුණට කඩා වැදුණු පියාසැරි අංක 175 දරන යානය පසු පස්සේ ලුහුබැඳ යන්නට ඇමරිකානු ගුවන් ජාතික ආරක්ෂක බළමුළුවට අයත් එෆ්-15 ඊගල් ජෙට් ප්‍රහාරක යානා දෙකක් උදෑසන 8.52 ( එනම් එම ගුවන් යානය පැහැර ගැනී විනාඩි 30 කට පසුව ), නිව්යෝර්ක් නුවර ඔටිස් ගුවන් හමුදා කඳවුරේ සිට ගුවන් ගත වේ…

උදෑසන 9.03 ට පියාසැරි අංක 175 ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු කුළුණට කඩා වදී…එනම් ගුවන් ප්‍රහාරක යානා දෙක පිටත්වී විනාඩි 9 කට පසුව….

අංක 175 යානයේ පියාසැරි පථය ඒ වන විට හඳුනාගෙන තිබුණු අතර, ඒ යානය සහ “ඊගල්” ප්‍රහාරක යානා දෙක අතර තිබුණේ සැතපුම් 100 ක දුරක් පමණි…

ගුවන් ජාතික ආරක්ෂක බළමුළුවේ අධ්‍යක්ෂක ජෙනෙරල් පෝල් වීවර් මෙසේ කියයි…”අපිට වෙලාව තිබුනේ නෑ..අපිට තිබුනේ යන්තම් විනාඩි 9 ක කවුළුවක් පමණයි…යානා දෙක පිස්සුවෙන් වගේ පැයට සැතපුම් 500 ක පමණ වේගයෙන් ගියත්, අපිට ඒ 175 යානයට යන්න සැතපුම් 100 ක දුරක් ආවරණය කර යුතුව තිබුණා…කොහෙත්ම කරන්න බෑ…”

//…”We had a nine-minute window, and we had in excess of 100 miles to intercept 175,” Gen. Weaver said. “There was just literally no way.”….//

සාමාන්‍යයෙන් එෆ්.15 ජෙට් ප්‍රහාරක යානයක් පැයට මැච් 2.5 ( ශබ්දයේ වේගය මෙන් 2.5 ගුණයක වේගයක් ) වේගයෙන් පියාසර කරන අතර, එය පැයට සැතපුම් 1875 ක්, හෙවත් විනාඩි 9 සැතපුම් 267.75 ක් වේ…!!!

විනාඩි නමයට සැතපුම් 100 ක දුරක් පහසුවෙන් යාමට තිබුණා නොවේද…?

9/11 මගඩි නැටුමේ හෙළිදරව්ව ඉදිරි කොටස් වලින් තොරතුරු රැසක් බලාපොරොත්තු වන්න…9/11 හි සෙසු ගුවන් යානා දෙකට සිදුවූයේ කුමක්ද…? 9/11 විනාශය සිදුකලේ ඇයි..? කවුද…? කෙළෙසද…? කුමන අරමුණු උදෙසාද…? “සයිට්ගයිස්ට්” ව්‍යාපාරය කරමින් පවතින මහා හෙළිදරව්ව සිංහල පාඨක ඔබට ඉදිරි කොටස් වලින් ගෙන එමි…..

9/11 Flight Paths….

Advertisements

18 thoughts on “9/11 මගඩි නැටුම – සයිට්ගයිස්ට් ව්‍යාපාරයේ ඇසින්.. – 1”

  1. http://zeitgeistmovie.com/

    සයිට්ගයිස්ට් චිත්‍රපට මාලාව ඔබ විසින් බැලිය යුතුමය…ලොමු ඩැහැගන්වන හෙළි දරව් ඒවා තුළ අන්තර්ගතය… ඒවා ඉහත ලින්ක් එකෙන් භාගත කරගත හැක…

  2. දැන් නියමෙට පාර කැපීගෙන එනවා.. ඊ ළග ලිපිය එනතෙක් බලා සිටිමි…

    මල්ලි පෙර ලිපිවලට පහසුවෙන් යන්න විජට්ටුවක් එල්ලන්න බැරිද ‍බ්ලොග් එකේ පැත්තකින්…ඒක ලොකු පහසුවක් වේවි අපිට

    1. මාරෙ අයියා.. විජට් සීන් කෝන් එක පොඩ්ඩක් පැහැදිලි කර දෙනවද..? මෙව්වට අපි තාම කිරි කෝඩු නෙ..

      1. ඔව්වා පැහැදිලි කොරන්ට තිබුනා බං මේක ‍බොලා බ්ලොගර්වලවත් කරං ගියානං..මේ උලව් වර්ඩ්ප්‍රෙස්වල මෙලෝ හූනියමක් මට තේරෙන්නේ නැතුවා..ඒත් මං දන්න තරමින් වර්ඩ්ප්‍රෙස්වල හුගාක් පහසුකම් තියෙනවා වගේම තමුන්ට ඕන විදියට කපලා කොටලා හදා ගතෑකි.

        මං කිව්වේ ඔය වම් පැත්තේ ඉතිරි වෙලා තියෙන තීරුවේ පරණ ලිපිවලට යන්න ඒ ලිපි වල ලින්ක් වැටෙන තීරුවක් ගැන. ඒක ගන්න ඕන වර්ඩ්ප්‍රෙස්වල විජට්ටු කියන පහසුකම යටතේ..පොඩ්ඩක් කරක් ගහලා බලහං මලේ…

  3. ත්‍රාසජනක රoගනයේ ඇතුලාන්තය… විශිෂ්ඨ හෙලිදරව් කිරීමක්.. ස්තුතියි සහෝදරයා…

  4. උදේ පාන්දර ලොමුඩැහැගැන්වෙන ලිපියක් කියෙව්වේ. මම අහලා තිබුනා අර කඩාවැටුනයි කියල කියන 4 වෙනි එක පහර දිලා වැට්ටුවා කියලා. අනිවාර්යයෙන් කියවන්න බලාපොරොත්තු වෙනවා.

    මුණු පොතෙත් බෙදලා දාන්න ඹ්නෙ. මමත් ආවේ මාරයා දාලා තිබුනු ලින්ක් එකකින්.

  5. නියම ලිපියක් අයියා… මේ ගැන අහල තිබුනෙම නැහැ මේ වෙනකල්.
    විජෙට් සීන් එක මෙහෙමයි

    1) වර්ඩ්ප්‍රෙස් ඩෑෂ් බෝර්ඩ් එකේ වම් පැත්තේ මෙනු එකේ ටිකක් පහලට වෙන්න තියනවා Appearance කියලා මෙනු එකක්.ඒක උඩ ක්ලික් කලාම ඒකෙ උප මෙනු අයිටම්ස් එනවා. ඒ සෙට් එකේ දෙවනියට තියනවා widgets කියලා එකක්.ඒක උඩ ක්ලික් කලාම ඒකෙ ඔප්ෂන් ලෝඩ් වෙනවා දකුණු පැත්තේ.

    2) දැන් ඕකෙ කොටස් තුනත් තියේ.එකක් තියනවා Available Widgets කියලා. ඊට පහලින් තියනවා Inactive widgets කියලා.
    අනික තියනවා දකුණු පැත්තේම කෙලවරේ.ඒකෙ තියනවා අයියගේ තීම් එක සපෝට් කරන සයිඩ් බාර්,ෆුටර් බාර් එහෙම.
    මම මතක හැටියට නම් අයියා පාවිච්චි කරන Wu Wei තීම් එකේ තියෙන්නේ ෆුටර් එකට widget Add කරන්න ඔප්ෂන්ස් විතරයි.

    3) දකුණු පැත්තෙම ඇති ,footer left,footer middle, footer right කියලා කොටස් ටිකක්. (නැත්තං primary widget area, side bar ආදී වශයෙන් ඇති.)අවශ්‍ය සයිඩ් බාර් එක ක්ලික් කරලා ඒක දිග ඇරුනාම ඊට වම් පැත්තේ තියන Available widget කියන එකෙන් ඕන Widget ඇදල දැම්මාම හරි. (Drag and drop)

    4) මාරයියා කියන widget එක තියෙන්නේ Archive කියලා….තව කැලැන්ඩර්, recent posts වශයෙන් widget තියනවා දුසිමක් දෙකක් විතර

    🙂

  6. 9/11 කතන්දරේ ඉවර නෑ වගේ ……… හැන්ගි හැන්ගි වෙස් බැන්දත් නටන්න වෙන්නෙ එලියෙ..

  7. මීට අවුරුදු දෙකකට විතර උඩදි බලපු ඩොක්‍යුමන්ට්‍රි එකක්. ඒත් ඒකට සපයපු මේ අ‍ටුවාව බොහොම අපූරුවට පැහැදිලි කරනව. මේ සම්භන්ධව නිපදවපු අටෝරාසියක් ඩොක්‍යුමන්ට්‍රි අතරෙ ඉස්සරහින්ම ඉන්න එකක්. ඒකෙ එකිනෙක කරුණු බිඳදැමීම බොහොම අපුරුයි.

    ඒවගේම සයිට්ගයිට්ස් මූව්මන්ට් එක කරපු “Addendum” “The Movie” මගේ වර්තමාන ලෝක කියවීම සම්පූර්ණයෙන්ම කණපිට හරවන්න සමත් උනා. ඒවගේම “MOVING FORWARD සහ “BEYOND THE PALE” නරඹන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.

    ඩී.කේ ට පුළුවන් ඉඩක් තියනවනම් ඒ දේවල් ගැනත් සිංහලෙන් ලියන්න, ඒක බොහොම වැදගත් කටයුත්තක් වෙයි. මොකද අපේ සමාජයෙ බොහෝ දෙනෙක්ගෙ දැක්ම ලිං මැඩියෙක්ගෙන් වෙනස් නෑ. ඇහැට පේන හැමදෙයකම යථාව ඒකම නෙමෙයි කියල එකෙක් හරි දැනුවත් කිරීම බුද්ධිමය නිරීක්ෂනයක් උරුමකම් කියන ජනසමාජයක මූලාරම්භයක් වෙයි.

  8. දැනට කියපු පොයින්ට්ස් අමාරුවෙන් දිරවගත්තත් මේ කෑල්ල නම් උගුරෙන් පහළට වත් දාගන්න අමාරුයි…

    ///ඔහු එවැනි සජීවි විකාශයක් දුටුවේ කෙසේද…???///

    මේකේ යටි අදහස ඔහු කළින් ඉඳන්ම ඒක දැනගෙන හිටියා කියන එකනේ…

    හරි ඔය විදියට ඇතුළෙන් ඕක කලාම කියමුකෝ… බුෂ්ටත් කියලා කරයිද? (පොර පික්සු මැන්ටල් කේස් එකක් කියලා මම හිතාගෙන ඉන්නේ… )

    1. බීට්ල් ඔබගේ පැණයටත් මෙහි දෙවනි කොටසේ පිළිතුර තිබෙනවා… ඉක්මණින්ම ඒක පළ කරන්නම්…

  9. ඔය දේ ඇමෙරිකාව ප්ලෑන් කරලා කෙරුවත් බින් ලාඩන් කාරයා ඕකෙ වගකීම භාර ගත්තෙ ඇයි ?

    1. ගිහාන්, මෙහි දෙවනි කොටස කියවූ විට ඒ පැණයට පිළිතුරු ලැබෙයි.. ඉක්මණින්ම මෙහි දෙවනි කොටස ලියා දක්වන්න බලාපොරොත්තු වෙනවා..

  10. බින්ලාඩන් කියන්නේ මේ නාටකයේ ප්‍රධාන නළුවෙක් උනත් ඔහුට බොහොම පාඩු සිදුවෙන චරිතයක් තමයි රඟදක්වන්න වෙලා තිබුනේ
    මේ රඟදක්වපු නාටකයේ සුල මුල දැන් ලෝකයේ ගොඩ දෙනෙක් දන්නවා
    ඇමරිකාවට කඩේයන සහ ඇමරිකාවේ සියලු දේ හොඳයයි කියා ගන්න පිරිස ඇරෙන්නට

  11. අද තමයි මේ බ්ලොග් එක ගෑන දෑන ගත්තේ,පිස්ශු හෑදෙන ලිපියක්නේ……

  12. එතකොට මේක වේදිකා ගතවෙලා තියෙන්නේ..පිටපතේ
    “සැලකිය යුතුයි.. මෙම කොටස වේදිකා ගත කිරීම සදහා පමණයි ” කියලා.. සදහන්ව තිබුනු කොටසක් විතරයි. :O

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s