ආයුබෝවන්…! වනක්කම්…! වෙල්කම්..! අස්සලාම් අලෙයිකුම්…! විප්ලවයට ජය වේවා…!

නොදන්න මඟුල් කථා කිරීම අපේ පුරුද්දකි… විදුලිබලය, කොම්පියුටරය, ඉන්ටනෙට් එක, ෆේස්බුක් එක සොයා ගත් උන්ට පිං සිද්ද වෙන්න, දැන් නොදන්න මඟුල් වැඩි වැඩියෙන් කථා කිරීමේ අවස්ථාව, නොදන්න මඟුලන්ට සහ මඟුලියන්ට ලැබී තිබේ… දැන් ඉස්සරට වඩා නොදන්න මඟුල් කථා කිරීම ජනප්‍රිය අතර සමහරුන්ට ඒක හොඳ ලාභ ලැබෙන ව්‍යාපාරයකි… නිකං ඉඳලා බෑ, පොරක් වෙන්න ඕන කියල හිතුණු නිසා මමත් “නොදන්න මඟුල් කථා කිරීම” මෙලෙස අරඹමි.. පොරක් වෙන්නට දන්නා ශිල්ප සේරම දැම්මත් මෙතෙක් මැක්කෙක් වත් ගණන් ගත්තේ නැති නිසාත්, පොරත්වය කරා යන ගමනේ කෙටිම මාවත, දැනටත් කනත්තක සොහොන් කොත් මෙන්, පෙළින් පෙළට තියෙන බ්ලොග් අස්සට තව සොහොනක් එකතු කිරීම බව වැටහී ගිය නිසාත්, මෙලෙස අපේ බොග .. සමාවන්න…! .. බ්ලොග ඔබ සතු කරමු….
…
…සුවස්ථි සිද්ධම්…!

Advertisements

6 thoughts on “ආයුබෝවන්…! වනක්කම්…! වෙල්කම්..! අස්සලාම් අලෙයිකුම්…! විප්ලවයට ජය වේවා…!”

  1. එනකල් බලාගෙන හිටි බ්ලොග් එකක්… 🙂

    ආයුබෝවන්…! වනක්කම්…! වෙල්කම්..! අස්සලාම් අලෙයිකුම්…!

  2. ඊයේ රෑ බොහෝම අමාරුවෙන් ඇස් දෙකට මුක්කු ගහං අර කාලය හරහා ගමන් කරන ලිපිය කියෙව්වා…ඒත් කමෙන්ට් කරන්න උනේ නැහැ එහෙමම පුටුව උඩම ටිකක් නිදියලා ආයේ නැගිටලා ගිහින් නිදා ගත්තා..දැන් බලනකොට පෝස්ට් කිහිපයක්ම ඇවිත්…

    ඒ හින්දා අන්තිමේදී මං හිතුවා පළවෙනි එකටම කමෙන්ට් කරලා ඉන්න ඕන කියලා…
    මලයට බ්ලොග් එකක් පටන් ගමු කියලා කතා කරලා දැන් හුග කලක්..පරක්කු වෙලා හරි මේක පටන් ගත්ත එක ලොකු දෙයක්… මෙච්චර දවසක් මූනු පොතේ නෝට් වලට සීමා වෙලා තිබුනු උඹේ කියැවීම් පුළුල් පරාසයකට ගලා යන්න ඉඩ සැලැස්වීම ගැන බොහෝමත්ම ස්තූතියි…

    මට උඹව හම්බ උනේ අහම්බෙන්…ඊට පස්සේ දැන හදුන ගත්තා.. ඊටත් පස්සේ මං හැමදාම මූණු පොතට ගිය ගමන් මුලින්ම බලන්නේ උඹ මොනවද කුරුටු ගාලා තියෙන්නේ කියලා…

    දවසින් දවස හැමදාමත් මොනවා හෝ අළුත් දෙයක් උඹ ලියනවා අළුත්ම විදියකට…මං මේ සයිබර් අවකාශේ පුරාම කියවන්න කැමති හොඳම දේශපාලන විචාරකයෝ දෙන්නයි ඉන්නේ..එකෙක් උඹ අනිකා සුජීව… උඹලා දෙන්නගෙම තියෙනවා තමන්ගේ කියලා පැති අල්ලගෙන නොයිද ඕනම තැනකදී ඒ ඒ දේවල් තුන් වෙනි ඇහැකින් බලලා විවේචනය කිරීමේ නියම හැකියාවක්…ඊයේ උදේ උඹෙන් හොඳ අහපු එකාම අද උදේ පළු යන්න බැනුම් අහනවා..ආයෙමත් හවස් වෙද්දී හොදක් දැක්කොත් ඒකත් කියන්න උඹ බල බල ඉන්නේ නැහැ..ආන්න ඒ ගතියට මං කැමතියි.

    ඊ ළග දේ තමා ඉන්න රටෙන් අඩියක්වත් පිටට නොතිබ්බා උනත් හිතිං වෙනත් රටවල් වල ජීවත් වෙමින් උපන්න පොළවට ම ගැරහීම මිස එහි හොඳක් කිසිදා නොදකින් උන් දාහක් අතරේ රටින් පිට ඉඳගෙනත් හැම දේම අසාධාරණයක් නොවන ආකාරයෙන් උඹ කරන විවේචන…

    තව ලියන්න දේවල් දාහක් තිබුනත්..ඒහැමදේම මෙතන ලියන්න ඕන කියලා මං හිතන්නේ නැහැ..හිතන්නේ නැතිවමත් නෙවෙයි..මට ලියන්න කම්මැලියි බං..ඇත්තම කියන්න එපෑ…උඹ මුලින්ම දාපු පෝස්ට් එක දීර්ඝ වීම මත බලන්න ආපු උන් බය වෙලා දිව්වදත් මංදා..:D:D:D

    කොහොම උනත් උඹේ ලිවීමේ සහ සිතීමේ රටාව දන්න හින්දා මං හිතනවා හෙට අනිද්දා වෙනකොට හැම කෙනාම බොහෝම උනන්දුවෙන් කියවන බ්ලොග් අඩවියක් බවට මේක පත් වේවි කියලා…අදට වඩා හෙට දවසේදී උඹ ගැනත් උඹ ලියන දේ ගැනත් මෙයිට වඩා අපිට කතා කරන්න දෙයක් තියේවී.. එහෙනම් සුභ පැතුම්…ඔහොම යමං…

    1. මාරයියා… උඹට බොහොම පිං… මේ බ්ලොග් එක වැඩි දුරක් ගියත් නොගියත් මට උඹ කරපු මේ උදව්ව නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ… මාව බ්ලොග් අවකාශයට හඳුන්වා දුන්නේ උඹ…ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් උනාම අළුතින් එන උන්ට අත දෙන්න ඕන කියන පාඩම උඹෙන් අරගෙන මම මේක ඉදිරියට ගෙනියනවා..

  3. අයියේ අපි නොදන්න ගොඩක් දේවල් ඔය අපිට කියාදෙනවට ගොඩක් ස්තූතියි, අර මරයා කියල තියෙනදේම තමයි මටත් කියන්න හියෙන්නෙ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s