Archive for the ‘විද්‍යාවේ නොදන්න මඟුල්’ Category

දැන් ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ල්කාර්ස්…අපි කොයි හරියෙද කථා දමාන හිටියේ…? ආහ්…ආලෝකයේ වේගය, එහි ප්‍රභවය කවර වේගයකින් එම දිශාවටම ගියත්, සුළුවෙන් හෝ වෙනසක් වෙන්නේ නෑ කියන තැන නේ හිටියේ….දැන් ඉතින් අපේ අහිංසක නිව්ටොන් උන්නැහේ ගේ චලිතය පිළිබඳව නියමයන් අනුව නම්, මේ අපි කියපු  වාහනේ ප්‍රවේගයත් ආලෝකයේ ප්‍රවේගයත් යන දෙක සාපේක්ෂ ප්‍රවේගය සමීකරණයකට දාලා හදලා බැලුවොත්, ආලෝකයේ රථයට [...]

දැන් ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ල්කාර්ස්… !! අපේ පැරණි සිංහල කියමනක් තියෙනවා “උඩ පැන්නොත් බිම වැටේ” කියලා….උඩ පනින සමහර අය බිම වැටෙන්නෙ ටිකක් කල් ගිහින් තමයි…( ඉවසපන් පපුව…!)…ඒ උනාට, උඩ පැන්නාම කෙළින්ම උඩම නොගොස් බිම වැටෙන්නෙ මොකෑ කියන එක ගැන හිතන්න තරම් වෙන කරන්න වැඩක් නැති වෙච්ච පොරවල් අතර පළමුවැනියා තමයි අපේ අයිසැක් නිව්ටන් සෑර්…එතුමාට උපතින් සෙම් [...]

ආකෘතියක් මත පදනම් වූ යථාර්තය මතු කියැවෙන වැනි ප්‍රශ්ණ සාකච්ඡා කිරීම සඳහා කදිම ආකෘතියක් සපයා දෙනවා : ලෝකය යම්කිසි නිශ්චිත කාළයකට පෙර නිර්මාණය වුනේ නම්, එයට පෙර මොකද වුනේ…? මුල් යුගයේ සිටි ක්‍රිස්තියානි දාර්ශණිකයෙකු වන ශාන්ත ඔගස්ටීන් ( 354 – 430) පළ කල පරිදි, දෙවියන් ලෝකය නිර්මාණයට පෙර , එවැනි ප්‍රශ්ණ අසන අය වෙනුවෙන් නිරය [...]

( අද එතැන් සිට…) ඉතාම ආන්තිකව යථාර්තවාදයෙහි ගැලී ඉන්නා පිරිස් ගෙනහැර පාන තර්කය වන්නේ විද්‍යාත්මක සිද්ධාන්තයන් එහි සාර්ථකත්වය තුළ යථාවාදී වන බවය…නමුත් මෙතනත් යම් ගැටළුවක් පවතී…එකම ප්‍රපංචය ( විද්‍යාමාන වන දෙය … ගෝචර වන දෙය ), විෂම සංකල්පික රාමු හරහා, සාර්ථකව විග්‍රහ කිරීමට විවිධ සිද්ධාන්තයන්ට සාර්ථකව හැකියාව ලැබී ඇත…එවැනි අවස්ථාවක අපි “යථාවාදී” විද්‍යාත්මක සිද්ධාන්තය ලෙස [...]

(..පරිවර්තක ගෙන් පෙර වදනක් : යථාර්තය යන පරිචින්නයෙහි කථා කරන විට, යථාර්තයට වාස්තවිකත්වයක් තිබේද?…ඒ වාස්තවිකත්වය බටහිර හෝ පෙරදිග ලෙස චින්තන ගුරු කුළ වලට ඌනනය කළ හැකිද?..නො එසේ නම්, මේ සියළු ගුරු කුළයන්ගේ හා පොදුවේ ගත් කළ මිනිසාගේ පංචෙන්ද්‍රිය සංවේදන පරාසයෙන් පවා ඔබ්බෙහි පිහිටා ඇති “මහා යථාර්තයක්” වේද?…මෙවැනි ප්‍රශ්න රැසක් පසුගිය කාළ වකවානුව තුළ ශ්‍රී ලංකාවේ [...]

( මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග් යනු ඇල්බට් අයින්ස්ටයින්ට පසුව මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම භෞතික විද්‍යාඥයා ලෙසද, මෑතකදී මිනිසා දුටු විශිෂ්ඨතම විශ්ව න්‍යාය විද්‍යාර්ථයාණන් ලෙසද සැළකේ….එතුමන් විසින්, එතුමන්ගේම පරිඝණක කට හඬ යොදාගෙන සහ බෙනෙඩික්ට් කම්බර්බැච්ගේ ගැඹුරු ස්වරය සහ මාටින් විලියම්ස්ගේ අධ්‍යක්ෂණය යොදාගෙන කරවූ ඩී.වී.ඩී තැටි පෙළක් ඇසුරෙන් ( Stephen Hawking`s Universe – Trio of DVDs) , එතුමන්ගේ [...]