ගේබ්‍රියෙල් බලනු….! කුරුසිය මත නැවත ලේ…. උණු, උණු නව ලේ සළකුණු…. ඔහුගේ නොවේ…ඔහුටය කියා මැරූවන්ගේ…. මිනිසුන්, සතුන්, සහසින්, සත සහසින්…. ඔහු වඩා පිළිකෙව් කළවුන්…. ඔහුගේ වත සදා දෙන`යුරු….උන්ගේ වතින්… ඔහුව යළි, යළි මරා දැමෙන…දෙසැම්බර් සාදය…. ඔහුට පෙර හා පසුව ආ…ඔහු වන් සියල්ලෝ… හොඳපිට නොපිට හරවා…නොපිට හොඳපිට කොට විකිණූ… කළු කුහරයට ඔහුත් බිලිවිය… පූජනීය සියල්ල කෙළෙසිණි….. [...]