Archive for the ‘ජීවිතයේ නොදන්න මඟුල්’ Category

සමස්ථයක් වශයෙන් ගත් කළ, අප දන්නා බව නොදන්නා සහ නොදන්නා බව දන්නා ඉතිහාසය සොඳුරු කවියක් නොවේ…මිනිසා ( සහ ගැහැණිය ) ජාතීන් වශයෙන් හෝ ගෝත්‍රික ප්‍රභේද වශයෙන් පසු කරනු ලැබූයේ ඝෝර වූ ඉතිහාසයකි…එම ඉතිහාස ගමන් මඟ තුළ, බොහෝ නිර්භීත මිනිසුන් කරන ලද නොයෙකුත් ලොමු ඩැහැ ගන්වන කැප කිරීම් නිසා, අපි අද සියළු මිනිසුන්ට මනුෂ්‍යත්වයෙන් සැළකීම ගැන [...]

නිවේදකයා : “ඔව් දැන් අපත් සමඟ සිටිනවා ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්..ඔව් ඩිල්ෂාන් ඔබට මේ ලකුණු 43කට සියළුම දෙනා දැවී යාම පැහැදිලි කරන්න පුළුවන්ද…? ඩිල්ෂාන් : “නෑ..මේක අපි මේ 43 කට දැවී ගියා නෙමෙයි…මේක අපි හිතල මතල 43 ක් ලබා ගත්තේ…දකුණු අප්‍රිකාවෙ පිළ ආගමික පණිවිඩයක් අපට දුන්නෙ ලකුණු 301 ක් ලබාගෙන…ඔය 3 ඉලක්කම සංකේතවත් [...]

ඕනෑම අක්ෂයක වඩාත්ම භයානක සතුරා වෙසෙන්නේ පරිබාහිරයේ නොව අභ්‍යන්තරයේය..මිනිසා ජීවියෙකු ලෙස ගත් කළ, වනයේ සිටින වග,වළස්, සිංහ,කොටි, නා, පොළොං,දළ ඇත් ආදී පරිබාහිරවූ සංකීර්ණ ජීවිහු සතුරන් වුවද, එකී සතුරන් කරන හානිය හා ඒ හානියට මිනිසා ගොදුරු විය හැකි සම්භාවිතාව, මිනිසාගේ අභ්‍යන්තරයෙහි සිට, දේහ සෛල හා රුධිරය මතම පෝෂණයවී, අභ්‍යන්තරයෙන් සිරුර දිරාපත් කරන, ගිලන් කරන, ඇසට නොපෙනෙන [...]

(..මෙම බ්ලොග් අඩවිය ඔබ වෙත ගෙන එන මම, දැනට ජීවත් වන්නේ එක්සත් රාජධානියේ ලන්ඩන් නුවරය…යම් කාළයක් තිස්සේ මෙහි විශ්ව විද්‍යාල වල වාමාංශික අදහස් දරන සිසුන්ගේ අධ්‍යයන තෝතැන්නක්ව පවතින “සමාජවාදී ශිෂ්‍ය එකතුව” විසින් පළ කරනු ලබන පුවත්පත් සහ සඟරා වලට “අර්ධ-කාළීන” මාධ්‍ය වේදියෙකු ලෙස ලිපි පළ කිරීම කරමින් සිටිමි… පහත දැක්වෙන ලිපිය එවැනි එක් ලිපියකි…බ්ලොග්කරණයට පිවිසීමෙන් [...]